Thursday, August 25, 2016

පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න.

පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න.

වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක්‌ ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහසුවෙන් ලබා ගන්නට හැකි පොල්පළා ගස්‌ දෙක තුනක්‌ හොඳින් තම්බා උදේ හවස පානය කිරීමයි. එයින් නිසි සුවයක්‌ ලැබුණු අතරම අද මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ළඟට ගියේ නම් නැහැ.

polpala 2වර්තමානය වනවිට නම් සුළු මුත්‍රා අසාදනයකදී පමණක්‌ නොව, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දුවන්නේද විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟටයි. එසේත් නොමැති නම් හිතුමතේට නොයෙකුත් නම් වලින් භාවිත වන පෙති වර්ග කිහිපයක්‌ ගිල දැමීමයි. එමඟින් තාවකාලික සුවයක්‌ ලැබුණද පසුව විවිධාකාර රෝග බොහොමයකට ගොදුරු වන්නේ ඔබටත් නොදැනීමයි.

ඉතින් එසේ රෝග වැළඳීම අවම කර ගන්නට ස්‌වභාවික ඖෂධවලට යොමුවීම වැදගත් වෙනවා. නමුත් නිතර නිතර ඕනෑම දෙයක්‌ ගුණ නෑ කියලා කියනවා ඔබත් අසා ඇතිනේද? පොල්පළා ඔසුවත් ඒ වගේමයි. නිතර භාවිතයට ගුණ දායක නෑ. මේ නිසා අපි පොල්පළා ඖෂධයේ ගුණ අගුණ දැනගනිමු.

ගෝලාකාර කොළ සහිත කුඩා මල් පොකුරු හටගන්නා පැලෑටියක්‌ වන අතර සෑම කොළයක්‌ අග මල් පොකුරක්‌ දකින්නට පුළුවන්. මෙම සුදුපැහැති පුෂ්ප ශාකය පුරා පැතිර ඇති බැවින් ගැමි ව්‍යවහාරයේ පොල් කුඩු පලා ලෙසට ප්‍රකටයි. මෙහි කුඩා බීජ ප්‍රචාරණය වීම මඟින් පැළ හටගැනීම සිදුවෙයි.

සිංහල නාමයෙන් පොල් කුඩු පළා යනුවෙන් හඳුන්වන මෙය වර්තමානයේ බොහෝ දෙනා හඳුන්වන්නේ පොල්පළා යනුවෙන්. සීත ගුණයෙන් යුතු පොල්පළා සියලුම අංග ආයුර්වේදයේදී ප්‍රයෝජනයට ගනු ලබනවා. මෙහි ගුණය කරල් හැබ ශාකයේ ගුණයට සමාන බවත් ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ආයුර්වේදයේදී පොල්පළා මුත්‍රාකාරක ශාක පදාර්ථ අන්තර්ගතව ඇති බව සඳහන් වන අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව සොයා ගෙන තිබෙන්නේ පොල්පළාවල වැඩි වශයෙන් කබෝහයිඩ්ඩේ්‍රට්‌ අන්තර් ගත බවයි. මීට අමතරව ග්ලුකෝස්‌, ටැනික්‌, ඇල්කලොයිඩ්, ග්ලයිකෝසයිට්‌ වර්ග ආදී විශේෂ පෝෂණ සංඝටක වලින් පොහොසත් වෙයි.

ඔබට මුත්‍රා පිටකිරීම අපහසුනම් ඒ සඳහා ඉතා ගුණ ඔසුවක්‌. මුත්‍රා ආසාදනවලදී මෙය තම්බා උදේ සවස පානය කිරීම ගුණදායක යි.

ඒ වගේම ඇතැම් අය අනේ, මට ඇපැන්ඩිසස්‌ හෙවත් මුත්‍රාශයේ ගල් තිබෙන යෑයි පවසනවා නේද? එමෙන්ම එය සුවකර ගැනීම සඳහා සැත්කම්වලට යොමුවීමටද සිදුවන වාර අනන්තයි. ඉතින් ඔබ මුල් අවස්‌ථාවේදී මෙම රෝගී තත්ත්වය දැනගන්නේ නම් එයට හොඳ ප්‍රතිකාරයක්‌, පොල්පළා කියන්නේ. පොල්පළාවලට මුත්‍රාශයේ ගල් දියකර හැරීමේ බලය හිමියි.

මුත්‍රා රෝග සඳහා පමණක්‌ සුවයක්‌ ලබා දෙනවා යෑයි සිතුවට පොල්පළා ශරීරයේ ඉදිමුණු අවස්‌ථාවලදී භාවිතයට ගනියි. සීත ගුණයෙන් යුතු වුවද කැස්‌ස ආදී සෙම් රෝග සඳහා ගුණදායක මෙය වියළි කොළ සහ මුල් පුළුස්‌සා ගත් දුම ආග්‍රාහණය කිරීමට සෙම් රෝගීන්ට ලබාදෙයි. එයින් ශ්වසන අපහසුතා මඟ හැරී යන බවයි, ආයුර්වේදයේ සඳහන් වන්නේ. ඇඳුම රෝගයටද ගුණදායක ඔසුවක්‌ වෙනවා.polpala 1

සිරුරේ විෂ නැසීමේ ගුණය හිමි වී තිබෙන නිසා මෙය පිරිසිදු කාරක ඖෂධයක්‌ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවත් තිබෙන නිසා සිරුරේ අභ්‍යන්තරය පිරිසිදු කරලීමේ මාහැඥඟි බලය පොල්පළා සතුව පවතියි.

එමෙන්ම හිස කැක්‌කුම ආදී රෝග ඇතිවිට ඔබ කරන්නේ නොයෙක්‌ බාම් වර්ග ආලේප කිරීමයි. නමුත් හිස රුදාව ඇති විට පොල්පළා උපයෝගී කරගෙන පැලැස්‌තරයක්‌ සකසා හිස රුදාවට භාවිත කරන්න පුළුවන්.

උදෑසන සමබර පානයක්‌ ලෙස ඔබ නිවසේ සකස්‌ කර ගන්නා කොළ කැඳවලටද යොදා ගන්නට හැකි පැළෑටියක්‌ වන හා පළාවක්‌ ලෙසටද ආහාරයට එකතු කර ගන්නට පුළුවන්.

ඖෂධ සඳහා තෙල් සිඳීම සිදු කරන අවස්‌ථාවලදී ඒ සඳහා යොදා ගනියි. හිසකෙස්‌ සඳහාද ගුණ දායක බෙහෙත් පැලෑටියක්‌. විවිධ කසාය වර්ග සකස්‌ කිරීමට ගන්නා පොල්පළා අනුපාතයක්‌ විදියටද ආයුර්වේදයේදී භාවිත කරයි.

තව දෙයක්‌ කියන්න ඕනේ, එනම් කොතරම් රෝගවලට ගුණ ස්‌වභාවික පැළෑටියක්‌ වුවද නිතර නිතර හිතුමනාපෙට භාවිත කිරීම සුදුසු නොවන බවයි. මන්ද පුංචි වුණාට මෙය නිතර භාවිත කිරීමෙන් සිරුරේ අස්‌ථි දියකර හැරීමේ බලයක්‌ පොල්පළා හෙවත් පොල් කුඩු පළාවලට ඇති නිසාවෙනි. මේ නිසා වෛද්‍ය උපදෙස්‌ මත භාවිත කිරීම වඩා ඵලදායි වෙයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment