ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවාර්යෙන්ම ඔබ දැනගන්න.
වර්තමාන සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘පේ‍්‍රමය’ නැතහොත් විරුද්ධ ලිංගිකයන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන පිළිබඳ සිත, හැගීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. සම්බුද්ධ දේශනාව ප්‍රතිපත්තිමය ජීවන ප්‍රතිපදාව ලෙස සැලකිය යුතු, මිහිඳු සංස්කෘතියෙන් සදාචාරවත් වූ සිංහල බෞද්ධ සමාජ සන්දර්භය තුළ ගැහැනු පිරිමි සබඳතාව විවිධ වූ විෂම වූ හේතු සාධක මත විසඳා ගත නොහැකි සමාජ ප්‍රශ්නයක් වන තරමටම අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත. ‘පේ‍්‍රමය’ යන වචනය මගින් ආශාව, පී‍්‍රතිය, ආදරය යන මානසික තත්ත්වයන් අදහස් කෙරේ. යමෙක් යමකුට ආදරය කරන්නේය යන ප්‍රකාශයත් සමඟම හැඟෙන අදහස් සමූහයක් පවතී. එනම් රාගය, ආලය, ආශාව , රුචිය, කැමත්ත, වින්දනය, ඇලීම, කාමය යනාදී වශයෙන් එකිනෙකට සියුම්ව අර්ථය වෙනස්වන හඳුනා ගැනීම් සමූහයක් දැක්විය හැක. මනෝ විශ්ලේෂණය අනුව සලකා බැලුවහොත් පේ‍්‍රමය ආදරය යන හැඟීම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමකි. ආදරය කිරීම, පේ‍්‍රම කිරීම යන හැඟීම වේගවත්ව ක්‍රියාකාරී වන කාමෝද්දීපන මානසිකත්වයක් ලෙස හඳුනා ගත හැකිය. විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ආදරය මගින් ගොඩනැගෙන පේ‍්‍රමය පවුල් ජීවිතය, ලිංගික තෘප්තිය මත පදනම් වේ. ජීව විද්‍යානුකූලව එය ජීව රසායනික ක්‍රියාවලියකි. මනෝ විද්‍යානුකූලව මූලික අවශ්‍යතාවන් අතර ප්‍රමුඛතම ප්‍රබලතම වුවමනාවකි. සමාජ හා මානව විද්‍යාවට අනුව සමාජීය පවුල් කුටුම්භයේ සමාරම්භය වුවද සදාචාරමය සීමාවන්, චර්යාත්මක හැසිරීම ආචාර විද්‍යාවෙන් අනුමත කර ඇත.
බුදුදහම සත්ත්වයාගේ කායික, මානසික, තෘප්තියේ මූලික ලක්ෂණයක් ලෙස සැපය කැමැති බව දක්වයි. ‘සුඛ ක්මානි භූතානි’ යනුවෙන් එය හමුවේ. ඒ අනුව ආදරය කිරීම යනු සැප කැමති සත්ත්වයා සැපය සොයා ක්‍රියාකාරී වීමකි. සැපයට ආශා කරන, ඒ හා ඇලෙන ‘කමුපදාන’ කාම ලෝකයක් සංසාරිකව තනනු ලබන ‘කමභවො’ තෘෂ්ණාව නමැති මල පුටුවෙහි බැඳීමකි. සාංසාරික ලෝකයේ පැවත්ම ක්‍රියාකාරි කරවන භවගාමී සංසාර චක්‍රය දිගු කරන්නා වූ බලවත් පෙළඹවීමකි. ‘පේ‍්‍රමය’ ‘ආදරය’ යන සමාජීය ව්‍යවහාරය බුදුදහමේ ඉගැන්වෙන ‘කාමය’ ‘පඤ්චකාම’ යන විග්‍රහයට අදාළව පඤ්ච ඉන්ද්‍රීය සංතෘප්තියෙන් බැහැර නොවන්නක් වන අතරම එහි ඒකාර්ථය නිශේධාත්මක වූවකි. එනම් බුදුදහමේ පඤ්ච සීලයෙහි ‘කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන ශික්ෂා පදය මගින් කාම මිත්‍යාචාරය හෙවත් පර පුරුෂ, පර ස්ත්‍රී සබඳතාවය ප්‍රමුඛව කාමාස්වාදය විරමණ’ හෙවත් වැළකීම් අර්ථයෙන් ගත යුතුය. මෙම හැඳින්වීම අවබෝධාත්මකව අර්ථවත්ව තේරුම් ගත යුතුව පවති. බුදුදහමේ ඉගැන්වෙන ‘කාම’ යන අර්ථ විග්‍රහයන් නිරවුල්ව තේරුම් ගත යුතුවේ. මතුපිට අදහස ගෙන ව්‍යවහාර ලෝකයේ පැවැත්ම සමඟ පටලවා නොගත යුතුය. ලෝකයේ පවතින ලස්සන දේවල් කාමය නොවේ. බුදුදහම එබඳු අගතිගාමි විඤ්ඤාණවාදයක්, ගූඪවාදයක් නොවේ. විචිත්‍රවත් වූ ලොවෙහි පවත්නා වූ කාම ගුණ කාම වස්තූ®න් කාමය නොවේ.
‘නතෙ කාමායානි චිත්‍රාණි ලෝකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රාණි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්හි ඡන්දං
මේ ලෝකයේ පවතින යම් සුන්දරත්වයක් වේද එය ලොව එසේම පවතී. ලෝකයේ ඇති එම ලස්සන සුන්දරත්වය ‘කාම’ නොවේ. ගලක ඇල දොල, වැඩෙන තුරුලතා පිපෙන මල්ගොමු නැගෙන කුරුලු හඬ මෙන්ම වනසතුන් නෙක සොබාදහම් නිමවුම් හි සුන්දරත්වය කාමය නොවේ. ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සිත්හි උපදින ඇලීම බැඳීම හෙවත් සංකල්ප රාගය, මානසික සිතිවිල්ල කාමයයි. මෙම දේශනාව නුවණින් වටහා ගන්නේනම් මුළු ලොවෙහිම අන් කවර ජාතිකයෙකුට, ආගමිකයෙකුට වඩා අර්ථසම්පන්න, නිදහස්, සුන්දර නිවහල්, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බෞද්ධයනට හැකියාව පවතී. සුත්ත නිපාතයේ දේශනාවන් මගින් අසුන්, දෙනුන්, මෙහෙකරුවන්, රන්රුවන් ඥාතීන් හා ස්ත්‍රීන් කාම වස්තූ®න් වශයෙන් හැඳින්වෙන අතර මේවා කෙරෙහි යමෙකුª තුළ යම් ඇලීමක් බැඳීමක් වේනම් එය කාමයයි. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම්වලට අනුව ප්‍රබල මානසික වේදනයක් වන ‘කාමය’ ඉතා සියුම් උපමාවන් ඇසුරෙන් අවබෝධය පහසු කරයි. කාමය ඇටසැකිල්ලකටත්, මහත් වේදනාවකටත් වියළි තණපත් දවාලන ගිනි හුලටත්, දැවෙන අඟුරු වලකටවත්, ගවයන් මරනු ලබන ගව මඩුවකටත්, සර්ප විෂකටත් නිදර්ශනය කිරීම මගින් අධ්‍යාත්මික සැනසිල්ලට කෙතරම් බාධාවක්ද යන්න තේරුම් ගත හැකිය. ස්ත්‍රී රූපය පුරුෂ රූපයටත්, පුරුෂ රූපය ස්ත්‍රී රූපයටත් අන්‍යොන්‍යව බැඳේ. ඔවුනොවුන් තුළ ඇලීම, හැඳීනීම, බැඳීම ගොඩ නැගේ. මෙම ඇලීම, බැදීම ‘කාම රාගය’ ලෙස බුදුදහම අර්ථ දක්වයි. පඤ්ච ඉන්ද්‍රියයන් කාම වස්තූ®න්ගෙන් තෘප්තිමත් කිරීම ආදරය කිරීමේ පේ‍්‍රම කිරීමේ ඉදිරියෙන්ම ඇතිවන සම්බන්ධතාවමැයි. එසේනම් ආදරය, පේ‍්‍රමය, කාමරාගය යනු ඉන්ද්‍රියයන් විෂය ගෝචර වූ ආශාවන්ගෙන් ලබන මානසික සතුටයි. පුද්ගලයා පඤ්ච ඉන්ද්‍රියයන්ගේ සංතෘප්තිය දැඩිව ග්‍රහණය කර ගැනීම ‘පඤ්චකාම ගුණිත රාග‘ යයි. පුද්ගලයා දැකීමෙන් රසාස්වාදය ඇතිවන වස්තූන් ළඟාකර ගැනීමේ, උපන් ආශාවෙන් තෘෂ්ණාවෙන් පෙළඹීම් ඇතිකර ගනී. රූපයට ඇලීම, බැඳීම ඇතිවුවහොත් එය දැක්මෙන්, ස්පර්ශයෙන්, එක්වීමෙන් සහනශීලි මාසිකත්වයට පත්වීමේ වුවමනාව ඔවුන්නොවුන්හට ජනිත වේ. විරුද්ධ ලිංගිකයන් තුළ මෙසේ ඇතිවන ආදරය පේ‍්‍රමය නිසා අයත්කර ගැනීමේ තමා සතුකර ගැනීමේ පිළිබඳ සිත් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළේ. ආදරවන්ත වූ ඔවුනොවුන් හට වෙන්වී සිටිය නොහැකි තෘෂ්ණා යදමින් වෙළී සිටී. තමාගෙන් අනෙකාව වෙන්කොට සිතිය නොහැකි මානසික
කාමයෙහි ඇලීමෙන් වන තෘප්තිය “ කාමරාග ‘’ යයි. කාම සේවනයෙන් ලබන සතුට “ කාමනන්දි ‘’ නම් වේ. කාමයෙහි වෙලීම, බැඳීම “ කාම සිනෙහ” නම් වේ. කාමය මගින් ඇතිවන අසහනය දැවීම “ කාම පරිළාහ” යයි . තවද “ කාමතණ්හා” “කාමමුච්ඡා “ කාම ආසව“ “ කාමඕඝ” යන අර්ථ විග්‍රහයයන් සේම “”කාම උපාදාන” යන්නෙහි අදහස් වනුයේ කාමයෙන් අල්ලා ගැනීම් ස්වභාවය හෙවත් මගේය. මම, කියා ආදරය කිරීම් සිතුවිලි ස්වභාවයයි.
මහනිදාන සූත්‍රයෙහි සත්වයා තුළ තෘෂ්ණාව ක්‍රියාකාරීවන ආකාරය හඳුන්වයි. පුද්ගලයාගේ සංවේදනයන් හේතුවෙන් තෘෂ්ණාව, ආශාව උපදී. පුද්ගල සිතෙහි කාමය රාගය උපදිනුයේ කාමවස්තූන් සහ ඉන්ද්‍රියන් ක්‍රියාකාරී වීමෙනි. තමා බලාපොරොත්තුවන වස්තූන්, අවස්ථාවන් හැඟීම් ඉටු කර ගැනීමෙහිලා වෙහෙස වේ. ඒවා අයත්කර ගැනීම , තමා සතු කර ගැනීම සඳහා අරගල කරනවා සේම අපේක්‍ෂා භංගත්වයක් සිදු වුවහොත් දැඩි චිත්ත පීඩාවකින් අසහනයට පත් වෙයි. ආදරණීය හමුවීමෙහි සබඳතාවයෙහි අරමුණ නිරතුරුවම ආශ්වාදය වින්දනය ලැබීමෙන් පරිබාහිර වූවක් නොවේ.
පුද්ගලයා තම ඉන්ද්‍රියයන් මගින් සහ සමස්ත කායික මානසික පද්ධතීන් ඔස්සේ සුඛාස්වාදය ලබන බව බුදු දහම අවධාරණය කරයි. ව්‍යවහාර ලෝකයේ මිනිස් ප්‍රජාව සැප ලෙස හඳුනා ගනු ලබන මෙබඳු දෙයින් තාවකාලික ඕලාරික සැපයක් පමණක් ලැබිය හැකිය. කාම ලෝකයක ලබන මෙම තාවකාලික සැපය තුළ ක්‍රියාත්මක වන මිථ්‍යාව චක්‍රීය පුරුදු ගොනුවක දුක් රැසක මුලට හේතුවකි. කාමය, ආදරය, පේ‍්‍රමය පිළිබඳ බුදු දහමේ අර්ථ දැක්වීම මිථ්‍යාවෙන් බැහැර වු යථාර්ථයට සමීප වන්නකි.
මිනිසාගේ ජීවි පැවැත්මේ ප්‍රධාන ක්‍රියාවලින් අතර රාගය, ආශාව, ප්‍රබල ලෙස බලපායි. ස්ත්‍රී පුරුෂ ආදරය තුළ ක්‍රියාත්මක වන්නේ රාගික සිතිවිල්ලයි.
සමාජයක් ලෙස දිගුකාලීන මානව සංහතියේ පැවැත්මට එය ප්‍රධාන හේතු සාධයක් බැවින් ලෝක ව්‍යවහාර තුළ බුදුදහම එය ප්‍රතික්‍ෂේප නොකරයි. එහෙත් පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි පවත්නා සරාගී සිතුවිලි විරාගී සිතිවිලිමය ස්වභාවයක් දක්වා උසස් මානසික පෙරළියකට යොමු කිරීමෙන් ලබන සැනසීම අත්විඳිය හැකි බැවින් ආදරය, පේ‍්‍රමය, සම්බන්ධයෙන් යම් ශික්‍ෂණයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතු බව බෞද්ධයනට නිර්දේශිතය , “ අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ උපෝෂථ සීලය ලෙස අනුදත් අෂ්ටාංග සීලයෙහි කුමර බඹසර කුමරි බඹසර රැකීම සේම ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් උපෝෂථ සීලයෙහි පිහිටියවුන් වැළකීම උසස් කාර්යය ලෙසින් දේශනා කළේ එබැවිනි.
සිඟාලෝවාද සූත්‍රයෙහි මව්පිය දූ දරු සබඳතාව විශේෂයෙන්ම අඹුසැමි සබඳතාව යුතුකම් ගරු කිරීම මත ප්‍රතිපත්තිමය, ගිවිසුම් ස්වරූපි දේශනාවක් ලෙස අන්තර්ගත කළේ පුද්ගල ජීවිතය තුළ ප්‍රායෝගිකව අනුගමනය කිරීම සඳහාය. එමගින් යුතුකම් ගරුක ශික්‍ෂණය වූ සමාජ සංස්ථා රැසක පදනම පවුල ම¼ගින් සකස් කරනු ලබයි.
ස්ත්‍රී පුරුෂ ආදරයේ අරමුණ පරමාර්ථය ජීවිතයේ සතුටයි. සැපයයි. තවද පවුල් ඒකකයක් ලෙස සංවිධානය වීම තවත් අරමුණකි. ලෞකික ජීවිතය තුළ “සුඛකාමෝ සැප කැමති,” දුක්ඛ පටික්කූලා දුක පිළිකෙව් කරන සියලු සත්වයා පී‍්‍රතිමත් බව වින්දනය පතති. සොයති. පොදුවේ සත්වයා තුළ පවතින කාම ආශය කිසි දිනෙක තෘප්ත නොවන අසහනකාරී ස්වභාවයයි.
“ඌණො ලොකො අනිත්තො, තණ්හා දාසො” යන මජ්ඣිම නිකායේ රට්ඨාපාල සූත්‍රයේ දේශිතය. සෑම මිනිසෙක්ම කායික මානසික පීඩනයන්ට එරෙහි වෙමින් විඳින්න සිදුවන පීඩාවේ කෙළවර මරණය නම් එය ද පිළිකෙව් කරමින් ජීවත් වීමට කැමති වේ. පුද්ගල මනසෙහි නිරන්තර ස්වභාවය නම් සුව පහසු වේදනා විඳීම් සහිත අරමුණු පසුපස ලුහු බැඳීමයි. ප්‍රේමය, ආදරය මඟින් උත්තේජනය ලබන විට සතුට සැපය සෙවීම මූලික මිනිස් ස්වභාවයකි. පුද්ගලයා තුළ ජනිත වන කාමුකත්වය පිනවීම දැඩි අවශ්‍යතාවයක් වන අතර එම ආශාව නිසාම දැඩි දැවීමක්, අසහනයක් ඔහු අත්විඳිනු ඇත.
නොසංසිඳෙන නොනිත් කාමරාගයෙන් පෙළෙන සිත කායික නොසන්සුන්තාව ඇති කරන බව බුද්ධ දේශනයයි. ආදරය මූලික අංශයක් වන බැවින් ඒ හා බැඳෙන මානසිකමය ක්‍රියාවලියෙහි දී යම් යම් විෂය ප්‍රවේශයන්ට අනුව සාධාරණ පැවැත්මක් වූවද බුදුදහම අවධාරණය කරනුයේ අසංතෘප්ත වූ නොසංසිඳෙන ආශාවේ මානසිකත්වයේ ප්‍රතිවිපාකයයි. පසු ඵලයයි.
ආදරණීය වූ ස්ත්‍රී පුරුෂ බැදීමෙහි විස්තර කළ හැකි එමෙන්ම නොහැකි පැතිකඩ සමූහයක් පවතී. එය නව යොවුන්වියේ දී ඇතිවන ලිංගික පරිණතය මත උපදින කායික මානසික අවශ්‍යතාවක් විය හැකි ය. ජීවි පැවැත්ම තහවුරු කරන පුද්ගලාන්තර සබඳතාවය ලෙසද හැඳින්විය හැකි ය. බුදු දහම මෙම පිළිගැනීම් විග්‍රහයයන් සමස්ත වශයෙන් ම ප්‍රතික්‍ෂේප කරන, ඊට එරෙහි වන චින්තනයකින් හෙබි ධර්මයක් නොවේ. ආශාව, රාගය මුල් වූ ස්ත්‍රී පුරුෂ ආදර බන්ධනය මගින් සමාජමය,සදාචාරමය, ශික්‍ෂණය පුද්ගල පාරිශුද්ධිය මගින් සමාජ පාරිශුද්ධිය, සංවර්ධනය සඳහා කෙරෙන අනුශාසනයකි. ජීවන ප්‍රතිපදාවකි. සමාජ සත්ව ප්‍රජාව තුළ සියල්ලෝම පැවිදි විය යුත්තෝ ය, පැවිද්ද තුළ නිර්මාණාවබෝධය අනිවාර්යයෙන්ම සිදුවේ ය යන ඉගැන්වීම බුදු දහම සඳහන් නොකරයි.
බුද්ධ දේශනාව සමාජ පැවැත්ම සුඛිත මුදිත විය යුතුය යන මඟ පෙන්වීම කරනවා සේම ස්ත්‍රී පුරුෂ සබඳතාවය ඊට අනුබලයක් සපයන ප්‍රතිපත්තිගත රාමුවක් තුළ සංවිධානය කරනු ලබයි. දහමේ සිරකරුවන් වහලුන් බවට පත් කර ජීවි පැවැත්මට, මූලික අවශ්‍යතා මුලිනුපුටා දැමීමට කරන ලද අනුශාසනයක් බෞද්ධ චින්තනයේ හමු නොවේ. භික්‍ෂූන් වහන්සේට පවා ධර්ම ගැටලු විමසා දුන් චිත්ත ගෘහපතියා, සෝවාන් ඵල ලාභී අනේපිඩු සිටුතුමා, බිම්බිසාර මහ රජතුමා දරු මුණුබුරන් සියයක් ලද සෝවාන් වූ විශාඛා මහ උපාසිකාව අනාගාමීව මරණාසන්න අවස්ථාවෙහි රහත් වූ සුද්ධෝදන රජතුමා වැනි චරිත මඟින් බුදුදහමේ පරමාර්ථය සහ සමාජීය පැවැත්ම අතර ගැටුමක් නොවන බව පැහැදිලි ය.
ධර්මානුධර්ම ගත ඔවුනොවුන් කෙරෙහි ගෞරවය විශ්වාසය ගොඩ නැගෙන ස්ත්‍රී පුරුෂ සබඳතාවය තහවුරු වීමට එය අනුබලයක් වේ. පෙරදිග අපරදිග සෑම දේශ දේශාන්තරයකම පාහේ සමාජ දේහය අඹු සැමි විරසකකම , මව අතහැරයාම, පියා වෙන්වීම ආදි වූ අර්බුද රැසකින් ඔද්දල් වී බිඳුණු සමාජීය වාතාවරණයක ගොඩනැගී අවසානය.
අපගේ පැහැදිලි කිරීමට අනුව මෙයට ප්‍රධානතම හේතුව ලෙස ස්ත්‍රී පුරුෂ ආදරය, බැඳීම තුළ ඉලක්ක කරන අවස්ථාවාදීබව, තාවකාලික වින්දනයක් ලැබීම, දැක්විය හැකිය. ඔවුහු, මවක වීමට පියෙකු වීමට දරුවන් හදා වඩා ගැනීමේ රැක බලා ගැනීමේ පවුලක් ලෙස කුටුම්භගතවීමේ බලාපොරොත්තුවෙන් විරහිතය. ඇමරිකානු සමාජය තුළ පියා නොමැති දරුවන් රැක බලා ගැනීම රජයට ප්‍රබල අභියෝගයක්ව පවතී. නීතියෙන් විවාහ නොවුණු හුදු හැඟීම මුල් කරගෙන කටයුතු කරන තරුණ තරුණියන් නිසා උපත ලබන දරුවන්ගේ අනාගතය ඛේදනීයය. හින්දු ආගම විවාහය අනිවාර්ය කරන ලද ආගමික නීතියකි.
ශ්‍රී ලංකා සමාජයේ වුවද විවාහ නොවීම සමාජ විවාදයේ මාතෘකාවකි. අප රටේ වැඩිහිටි කා අතරත් “ පවුල් පන්සල් වීම” “ පරස්තාවක් කරගැනීම “ “ එක්තැන්වීම “ “ දරුමල්ලෝ හැදීම යන ප්‍රස්තුතයන් මගින් ස්ත්‍රී පුරුෂ සබඳතාවයේ සමාජීය පරමාර්ථය අර්ථ දක්වයි.
සංයුක්ත නිකායේ දෙවතා සංයුක්තයේ වත්ථු සූත්‍රයෙහිදී “ පුත්තා වත්ථු මනුස්සානං - භරියාව පරමාසඛා” මිනිසුන්ට දූ පුතුන් වස්තූන් වේ. පුරුෂයාට හොඳම මිතුරිය තම බිරිඳයි යන දේශනාව වටිනා ධර්මෝපදේශයක් වනුයේ සරාගී සිතුවිලි වලට ගිජුවන මුළාවන ආදරවන්තයන්ගේ දිනය දා හමුවන අයහට නොවේ. ඔවුන් තුළ ඇතිවන හැඟීම, රාගය බැවින් එය පල් වූ වතුර රැඳෙන අපවිත්‍ර ජලයකට සමානය.
සැබවින්ම ඔවුන්ගේ ඇස් පෙනුනද නොදැනීම නිසා කාමයෙන් මත්ව අන්ධව ක්‍රියා කරයි. දාර්ශනිකයෙකු ලෙස ලෝක පූජිත බර්ට්‍රන්ඩ් රසල් නම් විද්වතා ඔහු විසින් රචිත ර්චපපඪචඨඥ චදඤ ර්ධපපචත නම් ග්‍රන්ථයෙහි “ තමා අකමැති අයකු හා යමෙකුගේ විවාහය වේදනාවක් ලෙස විග්‍රහ කරනු ලැබීය. මෙම ප්‍රකාශය වැරැදි ලෙස තමාට වාසි ලෙස ආදරවන්තයින් පිළිගෙන තිබෙනවා විය හැක.
විවාහය පුද්ගල ජීවිතයක ඉතාම සුවිශේෂි හමුවීමක් බැවින් රසල්තුමාගේ ප්‍රකාශය නිවැරැදිය. වර්තමාන ලෝකයේ තරුණ තරුණියන් ආදරයෙන් මුසපත්ව හැසිරෙන ක්‍රියාකරන ආකාරයේ බොහෝ ප්‍රතිඵලය වනුයේද වේදනාවමය.
එම වේදනාව අත්විඳීනුයේ දැන හඳුනාගෙන , තමාට ගැලපෙන අයෙකු හා සරණයාම අරමුණු කරගෙන ආදරය කිරීම නිසාද? නැතහොත් ආදරවන්තයින්ගේ හමුවීම පෙර දැන හඳුනා ගැනීමට සොඳුරු අවස්ථාවක් පමණක්ද? යන්න විමසිය යුතුය.
ආදරය කිරීම සෙනෙහස මිනිස් සිතෙහි ඇතිවන මනෝභාවයකි. යමෙක් යමෙකුට ආදරය කිරීම වරදක් නොවේ. ආදරයේ උපරිමය මව්පිය දූදරුවන් අතරද දැකිය හැකිය. ගුරු ශිෂ්‍ය ඔවුනොවුන්ගේ ආදරයද එබඳුය. ආදරය ඇතිවනුයේ මිනිස් හදවත් තුළය. යමෙකුට ආදරය ලැබීම මෙන්ම ආදරය කිරීම කළ හැකිනම් එය ප්‍රශස්ත පෞරුෂ ගුණාංගයකි. එබැවින් යෞවන යෞවනියන් තුළ ආදරය කිරීම වරදක් නොවේ.
එය කිසිදා ආගමික ඉගැන්වීමකින්, විද්‍යාවකින් හෝ විෂයකින් වරදක් ලෙස දක්වා නැත. එහෙත් ආදරවන්තයින්ගේ දිනය (ඍචතඥදබඪදඥඵ ඤචර) තරුණ තරුණියන් තුළ කාම උන්මාද ඇති කරවන, විකෘති කාමස්වාදයකට පොළඹවන දිනයක් බවට පත් කිරීම අතිශය කනගාටුවට කරුණකි.
යෞවන යෞවනියන් තුළ සැබෑ ආදරයක් තිබේනම් දෙමාපියන්ට, ගුරුවරුන්ට , වැඩිහිටියන්ට, නොදන්වා ආදරණීය දවසකට සොර සිතින් එක්වීමේ ඵලය කුමක්ද? යොවුන් වියේ තරුණ තරුණියන්ගේ ආදරය ගැන අපගේ විරෝධයක්, ඊර්ෂ්‍යාවක් , එරෙහිවීමක් නැත. ඔබේ කුණාටුවන වසත් සමය ජීවිතයේ සොඳුරුතම බුද්ධිමත්ම අවධිය වෙත බුදුදහමේ පණිවුඩය එක්කරදීම අපගේ උත්සාහයයි. ජාතියක ජීවය බඳු, කොඳුනාරටිය බඳු තරුණ පරපුරට නිවැරැදි මඟ කියාදීම වැඩිහිටි කාගේත් පරම යුතුකමකි.
තරුණ තරුණියන්ගේ අහිංසක ආදර හැඟීම් විකුණන වාණිජකරණයේ ගුප්ත රැවටීමෙන් බුද්ධිමත් ඔබ මිදිය යුතුය. ඇතැම් විද්‍යුත් මාධ්‍යය මායම්වලින් බොරු ප්‍රෝඩාවන්ගෙන් රැවටීමෙන් සැබවින්ම ඔබ ආරක්ෂා විය යුතුය. ඔබේ අහිංසක සොඳුරු ප්‍රාර්ථනාවන් අලෙවිකරන වෙළෙන්දන්ට හසු නොවී තීරණයක් ගැනීම ක්‍රියාත්මක වීම ඔබ සතු කාර්යයකි. රතු රෝස මලකට, ඔබේ හැඟුම කාඩ් පතක බොළඳ වදන් වලට, අශික්ෂිත දසුන් වලට අලෙවි කිරීමට එරෙහිව ඔබ ක්‍රියාත්මක විය යුතුය. වෙළෙන්දෝ කවදත් කොතනත් බලනුයේ ලාභයයි.
ඔබේ ආදරණීය හැඟීම් විකෘති කරන, ඔබේ දෙමාපියන්ගේ ධනය සූක්‍ෂමව ඔබ මගින් සූරාකන ආදරවන්තයින් මෙදිනට අනිවාර්යයෙන්ම හමුවිය යුතු යැයි කෙරෙන ප්‍රචාරණයට එරෙහි වීමේ ක්‍රියාත්මකභාවය ඔබ විසින්ම කළ යුත්තකි. සෑම වර්ෂයකම සෑම දිනයක්ම සැමකෙනෙකුටම වැදගත්ය.
පෙබරවාරි මස 14 දා ආදරවන්තයන්ගේ දිනය යනුවෙන් බහු ප්‍රචාරයට පත් කිරීම ලේබල් කිරීම මුළාවකි.
මෙම බහු ප්‍රචාරයට ඊනියා දින සැමරුමට නැවතුම තැබීම ඔබගේ සොයුරු සොයුරියන්ට අනාගත දරු පරපුර වෙනුවෙන් අද කළ හැකි ප්‍රමුඛතම ආදරණීය වූ ආයෝජනයයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Saturday, August 27, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment