Monday, August 29, 2016

විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න.

විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න.


මේ වනවිට අපි ඔබගේ යුග දිවියට වඩාත් වැදගත් වන්නා වූ පොරොන්දම් 12 ක්‌ පිළිබඳව ඔබව දැනුවත් කර ඇත්තෙමු. මේ සතියේ අපි තවත් පොරොන්දම් කීපයක්‌ පිළිබඳ විමසා බලමු.

පඤ්ඤ පක්‌ෂි පොරොන්දම

රාජාලියා , බකමූණා, කුක්‌කුට, කාක, මයුර වශයෙන් පක්‌ෂීන් පස්‌ දෙනෙකු ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

යම්කිසි දෙදෙනෙක්‌ උපදින විට නැගෙනහිර ක්‌ෂිතිජයේ දිස්‌වන ලග්නය වගේ ම නැකතකුත් හිමිකර ගනී. (එම නැකත් පිළිබඳ අපි පසුගිය සතිවල කතා කළෙමු) දෙදෙනාගේ නැකත් දෙකට උරුමකම් කියන්නා වූ පක්‌ෂීන් දෙදෙනෙක්‌ වේ. එම නැකැත් දෙකට හිමි පක්‌ෂින් දෙදෙනා සතුරු වේ නම් අශුභයි. මිථ්‍ර නම් ශුභයි. සම නම් මධ්‍යමයි. දෙදෙනාම එකම පක්‌ෂියෙකුට හිමි නම්, ඉතා ශුභයි. මෙයද විවාහ ජීවිතය තුළ සතුට සමාදානය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන පොරොන්දමකි.

රාජාලියාට - බකමූණා ද, මොණරාද, කුකුළා ද සතුරු වෙති.

බකමූණාට - මොණරා ද , කුකුළාද, රාජාලියා ද, කපුටා ද සතුරු වෙති.

මොණරාට - කුකුළා ද, කපුටා ද, මිතුරු වෙති.

කුකුළාට - කපුටා සම වේ

කපුටාට - රාජාලියා සම වේ.

පඤ්ඤ භූත පොරොන්දම

1 පඨවි 2 ආපෝ 3 තේජෝ 4 වායෝ 5 ආකාශ යන පඤ්ච මහා භූතයන්ගේ බලපෑම සෑම ස්‌ත්‍රියකට, පුරුෂයකුට පමණක්‌ නොව මොලොව වෙසෙන සියලුම ප්‍රාණින්ට බල පවත්වන නිසාවෙන් මෙම භූතයන්ගේ ගැලපීම ඉතා ම හොඳට තිබිය යුතුය. මෙම පඤ්ච භූත ශක්‌තිය නොමැතිව මොලොව කිසිදු වස්‌තුවක්‌ තුළ ප්‍රාණයක්‌ නොමැත. එම නිසා මෙම පොරොන්දම වනාහී විවාහ ජීවිතයට ඉතා ම අත්‍යාවශ්‍ය වන්නා වූ පොරොන්දමකි. මෙය හරිහැටි නොගැලපේ නම් දෙදෙනාටම සෑම අතින් ම කායික මානසික විපත්ති ඇති කළ හැකිය.

මේ අනුව ඉතා හොඳටම ගැලපීම ඇත්තේ දෙදෙනා පඨවි සහ ආපෝ යන භූත දෙකෙන් ඉපදී සිටීනම් ය. ස්‌ත්‍රී , පුරුෂ කවුරු වුවද එම භූත දෙකේ නම් ඉතා ශුභයි. එයට හේතුව පොළොවට වතුර වැටීම නිසා වැවෙන ගස කොළ සාරවත් වන්නාක්‌ මෙනි.

පඨවි භූතයට - පඨවි, ආපෝ, වායෝ යන භූත 3 ම ශුභයි.

පඨවි භූතයම වීම ඉතා ම ශූභයි.

ආපෝ භූතයට - වායෝ, ආකාශ යන භූතයන් මධ්‍යම ය.

ආපෝ භූතයට - වායේ, ආකාශ යන භූතයන් මධ්‍යම ය.

ආපෝ භූතයට - තේජෝ භූතය ඉතා අශුභයි. ඒ කෙසේද යත් වතුරයි ගින්දරයි කිසි විට එක්‌ නොවන්නා සේ ය.

තේජෝ භූතයට - වායෝ භූතයන් ආකාශ භූතයන් ශූභයි.

වායෝ භූතයට - ආකාශ භූතය ශුභයි

ගෝත්‍ර පොරොන්දම

මරිචි, අත්‍රි , විශිෂ්ට, අංගිර, පුලස්‌ති, පුලඟ, කෘතු වශයෙන් ගෝත්‍රිකයන් නම් කළ හැක.

පඤ්ඤ භූත පොරොන්දමේ ශක්‌තියෙන් ගෝත්‍ර පොරොන්දමේ ඇති දෝෂ භංග කර දැමිය හැකි අතර පඤ්ච භූත පොරොන්දම ඉතා හොඳින් ගැලපේ නම් මෙම පොරොන්දම ගැලපීම අත්‍යාවශ්‍ය නොවේ.

දෙදෙනා ම එකම ගෝත්‍රයේ නම් - අශුභයි

දෙදෙනා ගෝත්‍ර දෙකක නම් - ශුභයි

දෙදෙනා ම එකම භූතයක නම් ගෝත්‍ර පොරොන්දම අශුභ වේ නම් මධ්‍යමයි

භූත පොරොන්දමත් අශුභ නම් ගෝත්‍රත් අශුභ නම් අශුභයි

වර්ණ පොරොන්දම

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය බ්‍රාහ්මණයන් විසින් නිපදවන ශාස්‌ත්‍රයක්‌ වන බැවින් නැකැත් වලට හිමි වර්ණ බෙදීමේදී බ්‍රාහ්මණ වර්ණය ප්‍රධාන කර ක්‌ෂත්‍රිය වර්ණය දෙවැනි කර තිබේ. බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය , වෛශ්‍ය, ශුද්‍ර, පංචම, සංකර වශයෙන් වර්ණ නම් කළ හැක. දෙදෙනාගේ වර්ණ පොරොන්දම බැලීමේදී,

දෙදෙනා ම එකම වර්ණයකට අයත් නම් - ඉතා ශුභයි

දෙදෙනා වර්ණ දෙකක නම් පුරුෂයා උසස්‌ වර්ණයකත්

ස්‌ත්‍රිය එයට පහත් වර්ණයකත් වීමද - මධ්‍යමයි

දෙදෙනා වර්ණ දෙකක වී1

ග ස්‌ත්‍රිය උසස්‌ වර්ණයකත්, පුරුෂයා පහත් වර්ණයකත් වීම - ඉතා අශූභය.

ලිංග පොරොන්දම

ස්‌ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග වශයෙන් ලිංග කොටස්‌ තුනකට බෙදේ.

ස්‌ත්‍රිය, ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා, පුරුෂ ලිංග වීමත් ඉතා ශුභයි.

දෙදෙනාම පුරුෂ ලිංග වීමද, දෙදෙනා ම නපුංසක ලිංග වීමද, පුරුෂයා ස්‌ත්‍රී ලිංග හා ස්‌ත්‍රිය පුරුෂ ලිංග වීමද, දෙදෙනා පුරුෂ ලිංග හා නපුංසක ලිංග වීමද - ඉතා ම අශුභයි.

මෙම පොරොන්දමද යුග දිවියට ඉතා අත්‍යාවශ්‍ය වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



0 comments:

Post a Comment