Showing posts with label Entertaining News. Show all posts
Showing posts with label Entertaining News. Show all posts

Sunday, June 17, 2018

කෙල්ලෙක්ට දැනෙන්න ලිප් කිස් එකක් දෙමු. මෙන්න පියවර ටික


“ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්”..‍කියලත් කවුද කියනවාලු….කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක… ඕකමනේ ගොඩක් අය හැම වෙලෙම ඉල්ලන්නේ…වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්න ඇති ඉතිං… කොහොම හරි ඕක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා…සමහරුන්ගේ කෑදරේ වැඩි වෙනවා..
කිස් එකක් කියන්නේ තමන්ගේ තියන ආදරේ අනිකාට පෙන්නන්න පුලුවන් හොදම විදිය. සාමාන්‍යයෙන් අපි කෙල කියන ජාතියට අප්පිරිය කරනවා…නමුත් තමන්ගේ ආදරවන්තියගේ ආදරවන්තයාගේ එහෙම දෙයක් නෑ දෙන්නම එකයි වගේ දෙයක් සහ තමාගේ ඇති ලැදිකම පෙන්නන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔය කියන කිස් එක.
දැන් අපි බලමු මොනවද මේ කිස් වර්ග කියලා… කිස් කිවුවට කිස් වර්ගත් ගොඩක් තියනවා මේ වගේ….
French Kiss
Butterfly Kiss
Single-Lip Kiss
Spider man Kiss
Lip Gloss Kiss
Eskimo Kiss
Cheek Kiss
Hickey Secret
Message Kiss
ඔය ඔක්කොම අතරින් අපේ අය කරන්නේ එකයි. ඒ පලවෙනි එක එ කියන්නේ French කිස් එක.. එක රොමෑන්ටික් වැඩි නිසා ගොඩක් අය කරන්න දන්නෙත් කරන්නෙත් එක විතරයි..
මොන දේ කරන්නනත් කලින් වැදගත් කියලා හිතෙන පොඩි පොඩි ටිප් ටිකක් දෙන්නම්…හරියට කිස් කරන්න නම් එවුවත් සපුරලා ඉන්න ඔනේ…අපි ආවට ගියාට කරාට හරියට දැනෙන්න නම් අපි කරන එ පොඩි පොඩි දෙවල්ගොඩක් වැදගත් වෙනවා…
සාමාන්‍යයෙන් කෙල්ලො කියන්නේ උපතින්ම ලැජ්ජකාර ජාතියක්…සමහරු මිනිස්සු ඉන්න තැන අතිවත් අල්ලනවට කැමති නෑ…සමහරු නම් එහෙම නෑ මොක උනත් සිප ගැනිමකට කලින් නිදහස් තැනක් හොයා ගන්න පුලුවන් නම් වඩා හොදයි මිනිස්සු හිටියට කමක් නෑ…
සිප ගැනිමකට කලින් කරන්න ඔනේ පලවෙනිම හා වැදගත්මදේ…. දත් මදින එක… කට ගඳයි නම් කිස් නෙමෙයි කෙල්ලත් නැති වෙයි….පුලුවන් නම් චුයිනග්ම් එකකුත් කන එක ගොඩක් හොදයි….ඊට සිප ගැනිමට කලින් මොනවා හරි දෙයක් ගැන කතා කරන්න..කොටියා වගේ එක පාරට කඩා පනින්න එපා.. හිමින් සැරේ කලබලයක් නෑ ..
හිමින් හිමින් වේලාව අරගෙන එයාට ලන් වෙන්න…මුලින්ම එයාගේ නලල ඉබින්න පස්සේ කම්බුල…එයාට ඔයාගේ ලගට එන්න දෙන්න..හිමින් සැරේ එයාගේ බෙල්ලේ පිටි පස්සෙන් අත තියා ගන්න අනිත් අත එයාගේ ඉන වටේ දාගන්න…එයාට ඈත් වෙන්න දෙන්න එපා…ඔයා තමයි එයාව පොලබවන්න ඔනේ…
අර බෙල්ලේ පිටි පස්සේ තියන අතින් එයාව ඔයාගේ මුනට හෙමින් ලන් කර ගන්න හිමින් ඉස්සලා කිවුවා වගේ එක පාරට කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කර ගන්න එපා…හිමින් හිමින් කලබල නැතුව………හිමින් සැරේ ඔයාගේ ඔලුව පොඩ්ඩක් දකුනට ඇල කරන්න…
දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා…දැන් තමා චාන්ස් එක… දැන් ඔයත් ඇස්දෙක වහගන්න… නැත්තම් බැරි වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් ඔයා ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි…දැන් ඔයාගේ තොල් එයාගේ තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා….මුලින්ම තොල් දෙකම සිප ගන්න..
ඊට පස්සේ උඩ තොල පොඩ්ඩක් ඊට පස්සේ යටි තොල..හිමිට හැපුවත් කමක් නෑ බොහොම හිමින් වැදගත් විදිහට..ඔය අතර ඔයාගේ ඔලුව එක එක විදිහට හදා ගන්න ට්‍රයි කරන්න..
එයාගේ කොන්ඩේ අත ගාන්න පිට අත ගාන්න..එහෙම නැතුව මල මිනිය වගේ ඉන්න එපා…එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා…කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න..
නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්…එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි…..ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න…කොන්ඩේ අත ගාන්න…අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න…අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි…එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න..

Friday, September 2, 2016

උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උසට හරියන ඔබේ බර දැනගන්නේ මෙහෙමයි.

උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උසට හරියන ඔබේ බර දැනගන්නේ මෙහෙමයි.

මාසයකට කිලෝ 2කට වඩා බර අඩුකර ගැනීම අහිතකරයි
නිතර ලෙඩ රෝග හැදීම දරුවා කෙට්ටු වීමට ප්‍රධාන හේතුවක්
පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස
අධික කෙට්ටු බව එක්
අයකුට ගැටලුවකි. අධික මහත බව තවත් අයකුට ගැටලුවකි. මෙම තත්ත්වයන් දෙකම නිසා මානසිකව මෙන්ම ශාරීරිකව ද පීඩා විඳින අය බොහෝය. එම නිසා අධික කෙට්ටු බවට මෙන්ම අධික මහත බවට හේතු මොනවා ද?

එමඟින් ඇතිවන ගැටලු මොනවා ද? එම තත්ත්වය නැති කරගන්නේ කෙසේ ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අපි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය හමුවීමු.

මොකක්ද මේ කෙට්ටු බව කියන්නෙ?

බොහෝ විට තමන්ගේ දරුවා කෙට්ටුයි කියා මවුවරුන් කියන්නේ දරුවාගේ ශරීරය දෙස පිටතින් බලලා. පිටතින් බැලු විට තම දරුවාගේ ශරීරය සිහින් නම් එම දරුවා කෙට්ටුයි කියා කියනවා.

වැඩිහිටි අයකු පිළිබඳත් එසේමයි. නමුත් විද්‍යාත්මකව දරුවකු හෝ වැඩිහිටියකු කෙට්ටුයි කියා හඳුන්වන්නේ උසට සරිලන ශරීර බරක් නැතිවීමයි.

මොකක්ද මේ උසට සරිලන බර?

කිසියම් පුද්ගලයකුගේ උසට සරිලන බරක් ඇතිදැයි සොයා බලන්නේ උස හා බර අනුව සකසනු ලබන කිසියම් අගයක් අනුවයි. එම අගය BMI අගය ලෙස හඳුන්වනවා. ශරීර ස්කන්ධ දර්ශකය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම BMI අගයයි. මෙහිදී බර කිලෝග්‍රෑම් වලින් ද උස මීටර් වලින් ද ගත යුතු වෙනවා.

මෙහිදී ලැබෙන අගය 19 - 24 ත් අතර නම් එය උසට සරිලන බරක් ලෙස සලකනු ලබනවා. එම අගය 25 ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුල අයකු ලෙස සලකනු ලබනවා. 18 ට අඩු පුද්ගලයින් කෙට්ටු පුද්ගලයින්, බර අඩු පුද්ගලයින් ලෙස සලකනු ලබනවා.

වැඩිහිටි පුද්ගලයින්ගේ එම අගය පිළිබඳව බරපතළ ලෙස සිතුවත්, වයස අවුරුදු 20 ට අඩු නව යොවුන් වියේ පසුවන අයගේ එම අගය වෙනස් වීම එතරම් බරපතළ කාරණයක් ලෙස සලකන්නේ නෑ.

කෙට්ටු බව ගැටලුවක් ද?

ඔව් ගැටලුවක්. විශේෂයෙන්ම හැදෙන වයසේ පසුවන දරුවන්ට එය ගැටලුවක්. යමෙකුට උසට සරිලන ශරීර බරක් තිබුණේ නැතිනම්, එමඟින් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙනවා. විශේෂයෙන්ම දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන්නේ මුල් අවුරුදු 4 ඇතුළත. එම වයසේදී දරුවාගේ උසට සරිලන බර නැතිනම්, එම දරුවාට වර්ධනයේ උපරීමයට ළඟාවීමට නොහැකි වෙනවා.

කෙට්ටු වීමට බලපාන හේතු මොනවා ද?

අප එදිනෙදා සිදුකරන වැඩ කටයුතු අනුව අපට දිනකට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයත්, කැලරි ප්‍රමාණයත් තිබෙනවා. කය වෙහෙසා වැඩ කරන පුද්ගලයකුට නම් එම පුද්ගලයාට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයක් තිබෙනවා.

එසේම එතරම් කය නොවෙහෙසන පුද්ගලයකුට නම් (උදා - කාර්යාලීය ලිපිකරුවකු වැනි) එම පුද්ගලයාට ද අවශ්‍ය වන ශක්ති ප්‍රමාණයක් තිබෙනවා. එසේම හැදෙන වයසේ පසුවන කුඩා දරුවකුටනම්, එම දරුවාගේ වර්ධනයට අවශ්‍ය වන ප්‍රෝටීන ප්‍රමාණයක් ඛනිජ ලවන ප්‍රමාණයක් තිබෙනවා.

ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය වන පෝෂණය කැලරි ප්‍රමාණය නොලැබෙන්නේ නම්, එම පුද්ගලයා තුළ පෝෂණ ඌණතාවක් ඇතිවී උසට සරිලන බරක් නැතිවීමට එය බලපානවා; කෙට්ටු වීමට බලපානවා.

එලෙස කෙට්ටු වන දරුවන් තමයි ඉදිරි කාලයේ දී මිටි දරුවන් බවට පත්වන්නේ. මෙහිදී කෙටි කාලීනව ඇතිවන ගැටලුව කෙට්ටු බවයි; දීර්ඝ කාලීනව ඇතිවන ගැටලුව මිටි බවයි.

කෙට්ටු වීමට බලපාන වෙනත් හේතු තිබෙනවා ද?

පෝෂණ ඌනතාවට අමතරව, තවත් හේතු කීපයක්ම කෙට්ටු බවට මුල් වෙනවා. නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීම කෙට්ටු වීමට බලපාන ප්‍රධාන සාධකයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එම තත්ත්වය බෙහෙවින් බලපානවා.

ඕනෑ අයකු රෝගී වූ විට එම පුද්ගලයාගේ පෝෂණ අවශ්‍යතා වැඩි වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් තුළ. නමුත් රෝගාබාධයක් වැලඳුණු විට ආහාර රුචිය අඩුවීම සාමාන්‍ය දෙයක්. එවිට එම පුද්ගලයාගේ පෝෂණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොලැබී යනවා.

එසේම ශ්‍රී ලංකාවේ දරුවන් ගෙන් 30% කට පමණ රෝගී වූ විට ආහාර ලබා දෙන්නේ වෙනදාට වඩා අඩුවෙන් බවත් හෙළි වී තිබෙනවා. එවැනි දරුවන් කෙට්ටු වීමේ හැකියාව ඉතා වැඩියි. රෝගී කාලයේදීත් හොඳ පෝෂණයක් ලැබෙන දරුවන් ඉතා ඉක්මනින් සුවපත් වී යථා තත්ත්වයට පත් වෙනවා.

නමුත් නිතර අසනීප වී අසාමාන්‍ය ලෙස කෙට්ටු බවට පත්වන දරුවන් නැවත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතා අඩුයි. එහි ප්‍රතිඵලය වන්නේ එම දරුවන් දිගින් දිගටම රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමයි. එවිට මෙය දිගුකාලීන ගැටලුවක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලය එම දරුවා මිටි දරුවකු බවට පත්වීමයි.

මීට අමතරව යම් යම් රෝගී තත්ත්වයන් නිසා ද කෙට්ටු බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා හොඳින් සිටි අයකු හදිසියේම කෙට්ටු බවට පත්වූ විට එම කෙට්ටු බව ඇතිවීමට හේතුව සොයා බැලිය යුතු වෙනවා. ඉන් පසුව එම කෙට්ටු බවට හේතුව කිසියම් රෝගාබාධයක් ද යන්න සොයා බැලිය යුතුයි.

දියවැඩියාව මෙන්ම, ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු නිසාත් යමෙකු කෙට්ටු බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඉතා නිරෝගීව සිටි පුද්ගලයකු හදිසියේම කෙට්ටු බවට පත්වූයේනම් එම කෙට්ටු බව ගැටලු සහගතයි. ශරීරය තුළ ඇතිවන පිළිකාවන් නිසා ද හදිසියේම කෙට්ටු වීමට ඉඩ තිබෙනවා.

එම නිසා හදිසියේම ඇතිවන කෙට්ටු බවට හේතුව කුමක්දැයි යන්න පරීක්ෂණ මඟින් තහවුරු කරගත යුතුයි. කෙට්ටු බව පෙන්නුම් කළ මුල් දින කීපයේදීම එයට බලපා ඇති හේතුව කුමක්දැයි යන්න සොයා බැලීමෙන් පහසුවෙන්ම එයින් මිදීමේ හැකියාව තිබෙනවා.

කෙට්ටු බව නැති කරගන්නේ කෙසේ ද?

කෙට්ටු බවට හේතුව පෝෂණ ඌනතාවක් බව හෙළි වුණොත් එයට ප්‍රධාන හේතුව ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය අඩුවීම බව පෙනී යනවා. ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ මෙන්ම යකඩ ද අඩුවූ විට කෙට්ටු වෙනවා.

එය නැතිකර ගැනීමට ගත යුතු පියවර වන්නේ ශක්තිජනක ආහාර ලබාදීමයි. සාමාන්‍යයෙන් දරුවකු නිරෝගීව සිටින විට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩිපුර කැලරී 200 ක් වැනි ප්‍රමාණයක් රෝගී වූ විට අවශ්‍ය වෙනවා.

එම කැලරි ප්‍රමාණය වැඩිපුර පොල්තෙල් හැන්දක් ආහාරයට එක්කර ගැනීමෙන් ලබාගත හැකියි. මෙහිදී රෝගියාට ආහාර වර්ග තෙම්පරාදු කර ලබාදීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව හබල පෙති කැඳ මඟින් ද දරුවාගේ පෝෂණ තත්ත්වය දියුණු කළ හැකියි.

දරුවකු රෝගී වූ විට කිරි බීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. එසේ වූ විට කිරි යොදා කස්ටඩ් එකක් ආකාරයෙන් ලබාදීම සුදුසුයි. එය දරුවකුට දිරවා ගැනීමට පහසු වෙනවා මෙන්ම දරුවන් ප්‍රියකරන ආහාරයක්. එසේම බිස්කට් යොදා සෑදූ පුඩිමක්, සව්කැඳ වැනි ආහාරයක් ද රෝගී වූ දරුවකුට ලබාදිය හැකියි.

රෝගී වූ විට ඕනෑම අයකුට ආහාර අරුචියක් ඇතිවන නිසා ආහාර ගන්නේ සුළු ප්‍රමාණයක්. එම නිසා එම සුළු ආහාර ප්‍රමාණය තුළ විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු වන්නේ නම් එය ප්‍රයෝජනවත්. ළමා වියත් තරුණ වියත් අතර වයසේ පසුවන දරුවන් යකඩ ඌනතාවට ගොදුරු වීම බහුලයි.

එවිට එම දරුවන් කෙට්ටු වෙනවා. එම දරුවන්ගේ කෙට්ටු බවට හේතුව යකඩ ඌනතාව බව හෙළි වුණොත්, අවශ්‍ය වෛද්‍යමය ප්‍රතිකාර සහ පෝෂණය ලබාදීමෙන් මාස 3 ක් වැනි කාලයක් ගතවන විට දරුවා යථා තත්ත්වයට පත්කර ගත හැකියි.

රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිකරණ හැකියාව) වැඩිදියුණු කර ගැනීම සඳහා සුදුසු ආහාර වර්ග මොනවා ද?

විශේෂයෙන්ම ප්‍රෝටීන බහුල ආහාර සුදුසුයි. මෙහිදී මස් මාළු, බිත්තර, පියලි වර්ග මඟින් එම ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුළුවන්. එසේම කොළ වර්ග එළවළු පලතුරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙනවා.

උපතේදී බර අඩුව ඉපදීම එම දරුවාගේ අනාගත ජීවිතයට කෙසේ බලපානවා ද?

උපතේදී බර අඩුව ඉපදෙන දරුවකුට එම අඩුව එම දරුවාගේ ජීවිත කාලය පුරාම බලපානවා. බර අඩුව ඉපදෙන දරුවන් බොහෝ විට කෙට්ටුයි. එම උපතේදී බර අඩුවීම කෙට්ටු ශරීරයක් තිබීම වැනි කරුණු නිසා එම දරුවා වැඩිහිටියකු බවට පත්වූ විට දියවැඩියාව, හෘද රෝග වැනි රෝගාබාධවලට ගොදුරු වීමේ හැකියාව වැඩි වෙනවා. එම කෙට්ටු බව එම දරුවාගේ බුද්ධි වර්ධනයටත්, මතක ශක්තියටත් සෘජුවම බලපානවා.

එම කෙට්ටු දරුවා ගැහැනු දරුවකු නම්...?

කෙට්ටු දරුවා ගැහැනු දරුවකු නම් එහි බලපෑම ඉතා වැඩියි. එම ගැහැනු දරුවා තරුණියක වී විවාහ වන විටත් කෙට්ටු බවට පිළියම් යෙදුවේ නැතිනම්, ඇය මවක වීමේද‍ී ඇයට ඇයගේ කෙට්ටු බව විශේෂ බලපෑමක් කරනවා. විශේෂයෙන්ම උසට සරිලන බරකින් නොසිටින, කෙට්ටු ගර්භණී මවකට උපත් බර අඩු දරුවකු ලැබීමේ හැකියාව වැඩියි.

ඒ නිසා මවක් වීමට බලාපොරොත්තු වන යුවතියන් තම කෙට්ටු බව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ගර්භණී මවගේ කෙට්ටු බව නිසා උපදින දරුවාට ඇතිවන ගැටලුව දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට යාමට හැකිවීමයි.

ඊට අමතරව ඕනෑම වැඩිහිටි පුද්ගලයකු පිළිබදව සලකන විට එම පුද්ගලයා කෙට්ටු නම්, උසට සරිලන බරක් නැතිනම්, ඔහු රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි.

වයස අවුරුදු 60 ට වඩා වැඩි පුද්ගලයන් අවශ්‍ය පමණට වඩා කෙට්ටු වන විට ඔවුන්ගේ මාංශ පේෂි ප්‍රමාණය අඩුවීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩිවීමයි.

කෙට්ටු බව පරම්පරාවට යනවා ද?

ජානමය හේතු මත පරම්පරාවට යන කෙට්ටු බවක් තිබෙනවා. ඒ සමාජයේ ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ; කෙට්ටු පුද්ගලයන්ගෙන් 10% ක් වැනි සුළු පිරිසක් පමණයි. කෙට්ටු බවට විශේෂයෙන්ම බලපාන්නේ පෝෂණ ඌනතා සහ වෙනත් රෝගාබාධ.

මහත් වෙන්න ඖෂධ නැති ද?

නව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන්ම බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ කෙට්ටු බව විශාල ගැටලුවක්. ඇතැම් දරුවන් තමාගේ කෙට්ටු බව නිසා විශාල වශයෙන් මානසිකව පීඩා විඳිනවා. ඔවුන් තමන්ගේ කෙට්ටු බව නැතිකර ගැනීමට පුවත්පත්වල පළවන විවිධ දැන්වීම්වල ඇති නීත්‍යානුකූල නොවන ඖෂධ වර්ගවලට ප්‍රතිකාරවලට යොමු වෙනවා. එය ඉතා නිරර්ථක ක්‍රියාවක්.

යමෙකු උසට සරිලන බරක් නැතිනම්, කෙට්ටු නම්, එම කෙට්ටු බවට හේතුව සොයා බැලිය යුතුයි. ප්‍රතිකාර කළ යුත්තේ එම හේතුවටයි. වෛද්‍යවරුන් නොවන අය මහත් වීමට ප්‍රතිකාර කරන බවට දැන්වීම් පළ කළත් එවැනි නුසුදුසු ප්‍රතිකාරයන්ට තරුණ දරුවන් හසු නොවිය යුතුයි.

අධික මහත බව හෙවත් ස්ථුලභාවය යනු කුමක් ද?

ශරීර ස්කන්ධ දර්ශකයට අනුව යම් අයකු උසට සරිලන බරට වඩා වැඩි බරකින් යුක්ත නම්, එම පුද්ගලයා ස්ථුල පුද්ගලයකු ලෙස හඳුන්වනවා. මෙම දර්ශකයේ අගය 25 ට වඩා වැඩිනම් එම පුද්ගලයා මහත පුද්ගලයෙක් එසේ නැතිනම් ස්ථුල පුද්ගලයෙක්.

අධික මහතට බලපාන හේතු මොනවා ද?

හේතු ගණනාවක්ම තියෙනවා. අධික මහතට බලපාන හේතු අතරින් ජානමය බලපෑම ද එක් හේතුවක්. එහෙත් එය සුළු ප්‍රතිශතයක්. අධික මහත පුද්ගලයින් ගෙන් 10% ක් වැනි පිරිසක් තමයි ජානවල බලපෑම නිසා මහත් වී තිබෙන්නේ. ඉතිරි පිරිසට බලපා තිබෙන්නේ පාරිසරික සාධක.

පාරිසරික සාධක ලෙස මෙහිදී හඳුන්වන්නේ වැරැදි ආහාර පුරුදු සහ වැරැදි ජීවන රටාවේ පුරුදු. අපගේ ආහාර රටාව සහ ජීවන රටාව සමතුලිත වුණේ නැතිනම්, දිනපතා අපගේ පෝෂණ අවශ්‍යතාවයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නේනම්, එය අධික මහතට හේතුවක්. එම නිසා තමන් එදිනෙදා කරන වැඩ කටයුතු, නිරත වී සිටින රැකියාව, දිනපතා වැය කරන ශක්ති ප්‍රමාණය අනුව ආහාර ගැනීමයි සුදුසු.

මහත බවට හේතු වන ආහාර මොනවා ද?

ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨය සහ මේදය අධික ආහාර මහත් වීමට බලපානවා. මේදමය ආහාරවල කැලරි ප්‍රමාණය වැඩියි. මේදමය ආහාර ග්රෑම් එකක කිලෝ කැලරි 9 ක් තිබෙනවා. එසේම පිෂ්ඨය ග්රෑම් එකක කිලෝ කැලරි 4 ක් තිබෙනවා.

ඊට අමතරව ඇල්කොහොල් ග්රෑම් එකකින් කිලෝ කැලරි 7 ක් ලැබෙනවා. දිනපතා ගැඹුරු තෙලේ බදින ලද පැටිස් කට්ලට් රෝල්ස් වැනි ආහාර මෙන්ම ‘ෆ්‍රයිඩ් රයිස්’ ආහාරයට ගන්නා විට විශාල තෙල් ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා.

එමඟින් ලැබෙන ශක්තිය ශරීරයෙන් වැය වුණේ නැතිනම්, එය ශරීරයේ තැන්පත් වෙනවා. මෙය කෙටි කාලයක් තුළ සිදුවන ක්‍රියාවලියක් නොවෙයි. කෙට්ටු වීම ඉතාම කෙටි කාලයක් තුළ සිදු වෙනවා. නමුත් මහත් වීමට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වාගේම ඉතාම ඉක්මනින් කෙට්ටු බව නැතිකර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මහත බව අඩුකර ගැනීමට බොහෝ කාලයක් කැප කිරීමට සිදු වෙනවා.

මහත බව නැතිකර ගැනීමට “ඩයට් කිරීම” හෙවත් ආහාර නොගෙන සිටීම හරි ද?

සමාජයේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මහත තරුණ තරුණියන් තමන්ගේ මහත බව අඩුකර ගැනීමට රාත්‍රියේදී ආහාර නොගෙන සිටීමට පෙලඹී සිටිනවා. එය ඉතාම වැරැදි සහගත ක්‍රියාවක්. මහත බව අඩුකර ගැනීමට ආහාර පාලනය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් එම ආහාර පාලනය නිවැරැදිව කළේ නැතිනම් එය වෙනත් ශාරීරික ගැටලු රැසකටම හේතුවක් විය හැකියි.

ඇවිදීම, ඉඳගැනීම, සුළු වැඩක් කිරීම වැනි එදිනෙදා ජීවිතයේ අවශ්‍යම වැඩ කටයුතු ටික කරගැනීමට ඕනෑම පුද්ගලයකුට දිනකට කිලෝ කැලරි 1500 ක්වත් අවම වශයෙන් ශරීරයට ලබාගත යුතුයි. එසේ නොවුණහොත් එම පුද්ගලයාගේ ශරීරයේ විශාල ගැටලු මතු වෙනවා.

ඊට අමතරව ශරීරයේ මොළය හෘදය වැනි ප්‍රධාන ඉන්ද්‍රියයන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය නැතිව යනවා. ඒ නිසා අනවශ්‍ය ලෙස ශරීරය කෙට්ටු කරගැනීමට යැයි කියා ආහාර නොගෙන සිටීම අනුවණ ක්‍රියාවක්. ඒ නිසා මහත බව අඩුකර ගැනීමට ආහාර පාලනය වෛද්‍ය උපදෙස් අනුව කළ යුතුයි.

අධික මහත බව නිසා ඇතිවන ගැටලු මොනවා ද?

අධික මහත බව සෞඛ්‍ය ගැටලු රැසකටම හේතුවක්. වර්තමානයේ දී පාසල් දරුවන් අතර අධික මහත බව විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. බොහෝ දෙමවුපියන් තමන්ගේ දරුවන් මහතට ඉන්නවා දකින්න කැමැතියි.

එය ඉතාම වැරැදි සහගත මතයක්. මීට වසර 10 කට 15 කට පෙර සිටියාට වඩා වර්තමානයේදී වයස අවුරුදු 10 ට අඩු දරුවන් අතර දියවැඩියා රෝගය බහුල බව රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන් දෙස බලන විට පෙනී යනවා.

මවුපියන්ගේ පහසුව, මවුපියන්ගේ වැඩ අධික බව නිසා දරුවන්ව ක්ෂණික ආහාරවලටම යොමු කිරීම ඊට ප්‍රධාන හේතුවක්. දියවැඩියාව ඇති දරුවන් මෙන්ම අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය ඇති දරුවන් සමාජයේ බහුල වීමට දරුවන්ගේ අධික මහත බව හේතු වී තිබෙනවා.

එම අධික මහත දරුවන් වැඩිහිටියන් වූ විට ඔවුන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ හැකියාව ඉතා වැඩියි. එසේම අධික මහත දරුවන් පාසලේ අනෙක් දරුවන්ගේ උසුළු විසුළු වලටත් ලක්වෙනවා. එය එම දරුවන්ගේ මානසික වර්ධනයට අධ්‍යාපනයට බාධාවක්.

අධික මහත අඩුකර ගැනීමට කුමක් කළ යුතු ද?

ආහාර පාලනය ඉතා වැදගත්. දිනකට කිලෝ කැලරි 500 ක් ලබාදෙන ආහාර ප්‍රමාණයක් අඩුකර ගැනීමෙන් ස්ථුලභාවයෙන් මිදෙන්න පුළුවනි. එසේම තෙල් අධික ආහාර සම්පූර්ණයෙන්ම අඩුකර ගැනීම වැදගත්. එසේම අධික මහත පුද්ගලයින් දිනකට පැයක්වත් කය වෙහෙසා ඇවිදීම දිවීම වැනි ක්‍රීඩාවක නිරතවීම ඉතා අවශ්‍යයි. ව්‍යායාම සඳහා එක දිගට පැයක් ගත කිරීමට අපහසු නම් උදෑසන පැය භාගයක් ද සවස පැය භාගයක් ද වන ලෙස එම කාලය යොදාගත හැකියි.

මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් තිබෙනවා. ඒ; ශරීරයේ බර එකවර අඩුකර ගැනීම නුසුදුසු බවයි. එක් මාසයක් තුළ කිලෝග්රෑම් 2 කට වඩා වැඩියෙන් ශරීර බර අඩුකර ගැනීම සුදුසු නෑ. ඒ; එමඟින් තවත් සෞඛ්‍ය ගැටලු රැසක්ම ඇතිවිය හැකි නිසයි.

වඩා වැදගත් වන්නේ මාසයකට අඩුකරගන්නා කිලෝග්රෑම් දෙක ඒ අයුරින්ම පවත්වා ගැනීමට කටයුතු කිරීමයි. රාත්‍රියට ආහාර නොගෙන සිටීමෙන් ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලට ගොදුරු වීමට ද ඉඩ තිබෙනවා. එම නිසා රාත්‍රියට බර ආහාර නොගෙන තම්බන ලද එළවළු පලතුරු වැනි දෙයක් හෝ ආහාරයට ගැනීම අවශ්‍යයි.

රෝගී දරුවාට තැම්බුම් හොදියි බතුයි දීලා පලක් නෑ
අසනීප වූ විට දෙන්න නුසුදුසු ආහාර කියා දෙයක් නෑ. විශේෂයෙන්ම දරුවකු අසනීප වූ විට අප දරුවාට ලබාදිය යුත්තේ දරුවා රුචි ආහාර වර්ගයි. එහෙත් අසාත්මිකතා වැනි තත්ත්වයකදී නොදිය යුතු ආහාර තිබෙනවා. එසේ නැතිව සාමාන්‍ය රෝගාබාධයකදී නොදිය යුතු ආහාර කියා දෙයක් ඇත්තේ නෑ.

විශේෂයෙන්ම දරුවකු රෝගී වූ විට දරුවාට දිරවාගත නොහැකි ලෙස ආහාර ලබාදීම සුදුසු නෑ. මස් මාළු වැනි ආහාර විශාල කැබැලි ලෙස දරුවාට දීම සුදුසු නෑ.

මස් මාළු වුණත් හොඳින් තම්බා සිහින්ව කඩා හෝ පොඩිකර දරුවාට ලබාදීම මඟින් දරුවාට එම ආහාර හොඳින් දිරවාගත හැකියි. එසේම බත් ආහාරයට දෙන්නේ නම්, බත් බෙරි වන තෙක් හොඳින් තම්බා දීම සුදුසුයි. ඕනෑම ආහාරයක් රෝගී දරුවකුට හෝ වැඩිහිටි අයකුට දිරවාගත හැකි ආකාරයෙන් සකසා දීමේ හැකියාව තිබෙනවා.

උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයකින් පෙළෙන දරුවකුට හෝ වැඩිහිටියකුට සීතල ආහාර දුන් විට එම රෝගී තත්ත්වය වැඩිවන අවස්ථාවන් තිබෙනවා.

ඒ අසාත්මිකතාව නිසා. එවැනි අයකුට යෝගට් වැනි ආහාරයක් ලබාදීමට අවශ්‍ය නම්, යෝගට් එක ශීතකරණයෙන් පිටත තබා සීතල බව පහවගිය පසුව එය ආහාරයට ලබාදීමේ වැරැද්දක් ඇත්තේ නෑ.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ දරුවකුට කිසියම් රෝගයක් වැලඳුණු විට එම රෝගයෙන් ඉක්මන් සුවය ලබාගැනීම සඳහා දරුවා කැමැති ආහාර ලබාදීම වැදගත් බවයි.

ඇතැම් මවුවරු දරුවන් රෝගී වූ විට තැම්බුම් හොදි සමඟ බත් වැනි ආහාරයක් ලබාදීමට පෙලඹෙනවා. බොහෝ දරුවන් එවැනි ආහාරවලට දක්වන්නේ අකමැත්තක්.

සාමාන්‍ය නිරෝගි දරුවකුට පැය 3 කට වරක්වත් ආහාර වේලක් ලබාදිය යුතුයි. එම දරුවා රෝගී වූ විට පැය දෙකෙන් දෙකට ආහාර ලබාදීම වැදගත්. එමඟින් රෝගී වූ දරුවාට අවශ්‍ය පෝෂණය ලබාගත හැකියි. එය දරුවා කෙට්ටු නොවීමට ප්‍රධාන හේතුවක්.

ගාමිණී සුසන්ත

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන්තාවන්ට විශේෂයි.

රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන්තාවන්ට විශේෂයි.

රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතුද? එසේත් නොමැති නම් ඉවත් කළ යුතුද යන්න නිශ්චිත අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැත. එහෙත් නවතම පර්යේෂණවලින් සනාථ වී ඇති කරුණු කිහිපයක් අද ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම ඉවත් කිරීම මගින් ශරීරයට පහසුවක් දැනුනද සැබවින්ම එම රෝමයන් මගින් ඉතා වටිනා කෘත්‍යයන් කිහිපයක් ඉටු කරන බව පර්යේෂණවලින් තහවුරු කෙරේ.
1. බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි.

මිනිස් සිරුරේ ඇසි පිය මගින් ඇස් වලට ආරක්ෂාව සැපයේ. නාසයේ ඇති රෝමයන් මගින් ස්වසන පද්ධතියට අනවශ්‍ය ද්‍රව්‍යයන් ඇතුළු වීම සහ ආරක්ෂාව සැපයේ. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝමයන් මගින් ද ඒ හා සමානම කෘත්‍යයක් ඉටු කෙරේ. බැක්ටීරියාවන් සහ අනවශ්‍ය කුඩා අපද්‍රව්‍යය රහස්‍ය ස්ථාන වලට ලගා වීමට බාධකයක් ලෙස රෝම සැලකිය හැකිය. එමෙන්ම මෙම රෝමයන් කැපීම මගින් ඇති වන කුඩා සිදුරු මගින් එම ස්ථාන වලට පහසුවෙන් බැක්ටීරියා ආසාධනයක් වුවද සිදු විය හැකිය.

2. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම.

මෙම ස්ථාන වල ඇති කුඩා ග්‍රන්ථි වලින් නිපදවෙන පෙරමෝන මගින් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම සහ උත්තේජනය සිදු වේ. මෙම ස්ථාන වලට හානි වීම මගින් මෙම ක්‍රියාවලියද අඩපණ වේ.

3. ආරක්ෂක පටලයක් ලෙස වැදගත් වේ.

මෙම ස්ථාන වල පවතින රෝමයන් නිසා නින්දේදී මෙන්ම ලිංගික හැසිරීම් වලදී රහස්‍ය අවයව වලට ආරක්ශාව සැලසේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.

වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.
 

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප‍්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ’ නමුත් කෙස් කළඹ ආකර්ෂ”ය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ’ කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා’ හිසකෙස් වර්ධනය අඩු වීම” වියළි හිස්කබල” කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප‍්‍රධාන වේ’

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක‍්‍රම කීපයක් ගැන’

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන’

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ’ එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප‍්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි’ ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි’ කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් ” කේශ වැටීම වලක්වයි’

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1 හිස කෙස් වැටීම වලක්වයි’

2 හිස කෙස් මුල් ප‍්‍රතියුවීකරණය කරයි’ හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි’

කරපිංචා ෂැම්පු

 කරපිංචා කොළ කෝප්ප භාගයක්
 වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න’

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න’ එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ’

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න’

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15 ජ් 20ක් මසාජ් කරන්න”

සතියට දෙවරක් මෙලෙස කරන්න’ කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ’

කරපිංචා සහ කොහොඹ

 කරපිංචා කොළ 7 ජ් 8
 කොහොඹ කොළ 7 ජ් 8
 සියඹලා කුඩු තේ හැදී 3
 යෝගට් තේ හැදී 3

සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න’ මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න’ හිස සෝදන විට පාවිච්චි කරන්න’ මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි’

කරපිංචා සහ උළුහාල්

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්පක්

සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න’ මද උණු වතුරින් සෝදා හරින්න ‘ අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න’ සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි’

කරපිංචා තෙල් එකක් ලෙස

- පොල් තෙල් කෝප්පක්
- කරපිංචා කොළ 7 ජ් 8
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න’ පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න’ කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න’ සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්” කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්’

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


Thursday, September 1, 2016

ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.

ඔසප් රුධිරයේ පාටින්  කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.

මේ වගේ දෙයක් එලි පිට කියවන්න, තවත් අය සමග කියවන්න ගොඩක් ගෑනු ළමයි ලැජ්ජා වෙන්න පුළුවන්, ඒත් ඔබේ වාසනාවකට දකින්නට ලැබුණු මේ ලිපිය හොරෙන් හරි සම්පුර්ණයෙන්ම කියවලා බලන්න. මේකේ අඩංගු කරුණු ඔබට ගොඩාක් වැදගත් වෙයි.

ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අත් විඳින්නට සිද්ධ වෙන දෙයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 11ත් 16ත් අතර ආරම්භ වෙන මේක ඉවර වෙන්නේ වයස 50ක් පමණ වුනාට පසුවයි. ඒ කාලය පුරාම මාසයකට වරක් මේ අත්දැකීම ගන්න කාටත් සිදු වෙනවා. ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අභියෝගයක්, මේ කාලයේදී හැසිරීමේ, මනෝ භාවයන් වල වගේම ශරීරයේත් වෙනස්කම් බොහොමයක් සිද්ධ වෙනවා. මොන තරම් අපහසුවක් දැනුනත් අපි කවුරුත් උතුම් කොට සලකන මාතෘ පදවිය ලබා ගන්නට කාන්තාවකට හැකි වන්නේ මේ ඔසප් වීම සිදු වෙන කාලය තුලදී විතරමයි.

මේ කාලයට පිරිසිදු වී සිටීම මොන තරම් අපහසුද කියලා මේක කියවන හැම ගෑනු ළමයෙක්ම දන්නවා ඇති. ජිවිත කාලය පුරාවට ලස්සනට, පිරිසිදුවට වගේම සුවඳටත් ඉන්න කැමති කාන්තාවන්ට ඔසප් සමය කියන්නේ තමන්වම පිළිකුල් වෙන කාලයක්. සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් නිතරම මිල දී ගන්නට සිදු වීම වගේ මූල්‍යමය කරදර වගේම දවස පුරා දැනෙන අපහසුව, වේදනාව, ඒ නිසා එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවා ගන්න තිඛෙන අමාරුව කියන්න බැරි තරම්. ඕකටම ඉතින් තමන්ගේ අමාරුව තේරුම් ගන්න බැරිව ර්‍ණහිනා වෙන්නෙ නෑ, කතා කරන්නේ නෑ, දවසම ඔරවාගෙන ඉන්නවා” වගේ සැමියාගෙන්, පෙම්වතාගෙන් හෝ අනෙක් අයගෙන් ලැඛෙන නෝක්කාඩු එහෙමත් එකතු වුනාම ජීවිතෙත් එපා වෙන එක ඇත්තටම සාධාරණයි.

ඉතින් ඒ කාලෙට තමන්ගේ සෞඛ්‍ය ගැනත් හොයා බලන්න කිව්වාම ඔබට සමහර විට තරහාත් යයි. ඒත් මේ කාරණා ඉතා වැදගත් දේවල්. මුලින් මුලින් තමන්ගේ ඔසප් රුධිරය පරික්ෂා කිරීම පිළිකුල් සහගත දෙයක් කියලා දැනෙන්න පුළුවන්, හැබැයි එය ඔබේ ශරීර අභ්‍යන්තරය ගැන ඉතා හොඳ හෝඩුවාවක්. හැම දාම නිරෝගීව ඉන්න කෙනෙක් වුනත් ඔසප් සමයේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා ලෙඩ වලට ගොදුරු වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා අමාරුවෙන් වුනත් ඒ ගැන හොඳ පරීක්ෂාවකින් ඉන්න. ඒකෙන් ලොකු වියදමක් ඉතිරි කර ගෙන ලෙඩ රෝග කලින්ම අඳුනා ගන්න ඔබට පුළුවන් වේවි.

හැම මාසෙකටම සැරයක් ඔබේ ශරීරය ගැන ලැඛෙන මේ හෝඩුවාව පිළිකුල් දෙයක් විතරයි කියලා ඉවත් කරන්නේ නැතුව ටිකක් පරික්ෂාකාරී වෙලා එයින් ප්‍රයෝජනයකුත් ලබා ගන්න කැමතියි නේද එහෙනම්? මෙන්න ඔබට එකට පොඩි උදව්වක්.

ලා රතු - රෝස පැහැය.

ඔබේ සනීපාරක්ෂක තුවායේ දකින්නට ලැඛෙන්නේ ලා රතු හෝ රෝස පැහැයක් නම් එයින් එක දෙයක් ඉතා පැහැදිලියි, අද දවසේ ඔබේ රුධිර වහනය අඩුයි. දිනපතාම කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් පිට වෙන ශ්‍රාවය සමග මිශ්‍ර වන රුධිර පරිමාව අඩු වුනාමයි මෙහෙම වෙන්නේ. වෙනත් දවස් වලට වඩා ටිකක් පහසුවෙන් ඉන්නට මේ වගේ දවස් වල ඔබට පුළුවන් වේවි.

කොහොම වුනත් මේ විදිහේ රුධිර පැල්ලමක් ඔසප් නොවන කාලයේදි ඇති වුනොත් නම් ඒ ගැන වහාම පරික්ෂා කර ගන්න එක නුවනට හුරුයි. ඔබ හිතුවා හරි, ඒ දවස් වලට සනීපාරක්ෂක තුවා පළඳින්නේ නැති නිසා යට ඇඳුම් ගැනත් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍යයි. මෙවැන්නකට හේතුව ගැබ් ගැනීමක්, හෝර්මෝන සංකූලතාවයක් නිසා ඇති වන කඩින් කඩ රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ අභ්‍යන්තර තුවාලයක් සිදු වුනාමත් මෙය ඇති විය හැකියි. විශේෂයෙන්ම ලඟදී බඩට පහරක් වැදීම හෝ වෙනත් අනතුරක් සිද්ධ වුනා නම් ටිකක් කල්පනාවෙන් ඉන්න.

දීප්තිමත් රතු පැහැය.

ඉතා තද, දීප්තිමත් රතු පැහැයක් දකින්නට ලැඛෙනවා නම් එය සෑම විටම වගේ ඉතා හොඳ සලකුණක්, බොහෝ විට ඔබ ඉතාම සෞඛ්‍යමත්ව ජිවත් වන බව එමගින් හඳුනා ගන්නට පුළුවන්.

බොහෝ අවස්ථාවන් වල මේ විදිහට පෙනෙන රුධිරය වහනය වෙන්නේ දින කිහිපයයි, ඒ කාලය ඇතුලත ඔබේ ගර්භාශ බිත්තිය මත තැන්පත් වූ පේශීන් සියල්ලම ඉවත් වී ගලා යන රුධිරයත් අවසන් වෙනවා.

මේ දින ගණන මාසෙන් මාසෙට වෙනස් වීම ස්වාභාවිකයි, ඔසප් වීමක් දින දෙක තුනක සිට දින හතක් දක්වා වුනත් පවතින්න පුළුවන්. කොහොම වුනත් දවස් අටකටත් වඩා රුධිර වහනය වෙනවා නම් ඔබේ ශරීරයේ යම් සංකූලතාවයක් තියෙනවා වෙන්නට පුළුවන්. වහාම වෛද්‍යවරයෙක් හමු වන්න.

තද කුණු ලේ පැහැය.

ඔබට වැඩියෙන්ම රුධිර පිට වීම සිදු වන දවස් වලදී මේ වගේ තද කුණු ලේ පාටක් සහිතව, ලේ කැටි අධික ඔසප් වීමක් දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ගර්භාශ බිත්තිය වැඩිම වේගයෙන් ඉවත් වෙද්දී තමයි මේ තත්වය ඇති වෙන්නේ. ඒ නිසා දෙවන හෝ තුන් වන දවසේදී මේ විදිහට දකින්නට ලැබීම සාමාන්‍යයි.

කොහොම වුනත් දිගටම මේ විදිහට රුධිර වහනය සිදු වීම නම් ගැටළුවක් වෙන්න ඉඩ තියෙනවා. රුධිර පට්ටිකා අධිකව ඉවත් වීම මෙයට හේතුවක් විදිහට මායෝ ක්ලිනික් හි දක්වා තිඛෙනවා.

ඒ වගේම ඔබ ගර්භණී නම් මාස්පතා ඔසප් වහනය සිදු නොවුනත් මෙවන් පැල්ලමක් යට ඇඳුම් වල තිබේදැයි පරීක්ෂාවෙන් සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙහි අළු පැහැති කැටිති දකින්නට ලැබීම මුල් අවධියේ සිදු වන ස්වභාවික ගබ්සාවක ලක්ෂණ විය හැකියි.

තැඹිලි - රතු පැහැය.

ඔබේ ඔසප් රුධිරය තැඹිලි- රතු පැහැයක් ගන්නවා නම් ඒ ගැන පරික්ෂාකාරී වෙන එක වැදගත්. ගොඩක් වෙලාවට ඊට හේතුව මුත්‍රා හා යෝනි ශ්‍රාවය සමග ලේ මිශ්‍ර වීම වෙන්නට ඉඩ තියෙනවා, නමුත් එය වෙනත් ගැටලූවකට පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්.

විශේෂයෙන්ම යෝනි මාර්ගයේ හෝ ගර්භාෂයේ සිදු වන ආසාදනයක් මෙයට හේතු වෙන්නට ඉඩ තිඛෙනවා. ඉතාම අප්‍රසන්න ගඳක් වහනය වීමත් මෙහි තවත් ලක්ෂණයක්. මේ වගේ තත්වයක් ඇති වුනොත් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අනිවාර්යයෙන්ම.

තද දුඹුරු - කළු පැහැය.

මේ පාටට තියෙන ලේ දැක්කම ගොඩක් ගැහැණු ළමයි භය වෙන්නට ඉඩ තියෙනවා, ඒත් මේක ඇත්තටම ඉතා සාමාන්‍ය තත්වයක්.

මේ වගේ පාටින් ඔසප් රුධිරය වහනය වෙන්නේ කල් ගිය ලේ සෙමින් සෙමින් එලියට පැමිණීම නිසායි. පසුගිය ඔසප් සමයේදී පිට නොවී ඉතිරි වූ රුධිර කැටි හෝ හෝ මෙවර ඔසප් සමය ආරම්භයේම පහ වූ වියළුණු ලේ මේ විදිහට දකින්නට ලැඛෙන්න පුළුවන්. 99%ක්ම අවස්ථාවලදී මේ තත්වය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්, කිසිම විටක බය වෙන්නට අවශ්‍ය නැහැ.

කොහොම වුනත් දින ගණනක් මේ විදිහට පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, එය අභ්‍යන්තර ලේ වහනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තැඹිලි පැහැති හෝ කහ පැහැති ප්‍රදේශ මෙම පැල්ලම තුල තියෙනවා නම් එක ආසාදනයක ලක්ෂණ වෙන්නට ඉඩ තියෙනවා.

අධික ලේ වහනය.

බොහෝ කාන්තාවන්ට සමහර දවස් වලදී අධිකව ඔසප් රුධිරය වහනය වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වුනත් බොහෝ වෙලාවට ඔසප් සමයේ මැද කොටසේදී තමයි මේ තත්වය වැඩිපුර ඇති වෙන්නේ.

ඉතින් දෙවන තුන් වන දිනයන් වලදී ඔබේ රුධිරය බොහෝ සෙයින් වහනය වුනාට ඒක ගැටළුවක් වෙන්නට ඇති ඉඩ අඩුයි. ඔබේ ගර්භාශ බිත්තිය නියම ක්‍රමයට ඉවත් වන බව එයින් දැක්වෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන්න එකම ස්වභාවික ප‍්‍රතිකාරය.

කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන්න එකම ස්වභාවික ප‍්‍රතිකාරය.

කහ වලට කුරුලෑ නැති කිරීමේ”කුරුලෑ කැළැල් ඉවත් කිරීමේ”සම වයසට යාමේදී ඇතිවන රැුලි ඉවත් කිරීමේ හැකියාව ඇති අතර වියලි සම සඳහා ඉතාමත් යෝග්‍ය වේ’විශේෂයෙන්ම කහ භාවිතා කරගනු ලබන්නේ සම පැහැපත් කරගැනීමටයි’සමේ විවිධත්වයට අනුව වර්ගීකරණය කරන ලද මෙම ආලේපනය මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ගැල්විය යුතු වේ’

මෙම ආලේපනයන් වලට ප‍්‍රධාන වන්නේ කහ හා යෝගට් වේ’සමේ විවිධත්වය අනුව එයට පැණි”එළවලූ තෙල්”කෝමාරිකා සාරය යනාදිය එක් කරගත හැකියි’ පහත දැක්වෙන්නේ සමේ තත්වයට අනුව අනුමත කරන ලද ආලේපන වර්ගයි

සාමාන්‍ය සම සහිත මුහුණට
අවශ්‍ය ද්‍රරව්‍ය

⦁ යෝගට් මේස හැඳි 1ක්
⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ දෙහි බින්දු කිහිපයක්

ක‍්‍රමය
ඉහත සඳහන් ද‍්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍ර කර පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න’

තෙල් සහිත මුහුණට
අවශ්‍ය ද‍්‍රව්‍ය

⦁ කෝමාරිකා සාරය
⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ මී පැණි මේස හැඳි 1/2ක්
⦁ යෝගට් මේස හැඳි 1ක්

ක‍්‍රමය
ඉහත සඳහන් ද‍්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍ර කර පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න’

වියලි මුහුණට
අවශ්‍ය ද‍්‍රව්‍ය

⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ ඔබට කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 1/2ක් (පොල් තෙල්”ඔලිව් තෙල් වැනි)
⦁ යෝගට් මේස හැඳි 1ක්

ක‍්‍රමය
ඉහත සඳහන් ද‍්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍ර කර පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න’

දින 3කට වරක් මෙම ආලේපනය යොදන්න’සමෙහි ගැටළු ඇති අය උදාහරණ ලෙස අධික ලෙස පැල්ලම්”කුරුලෑ ආදිය තිබේ නම් දිනකට වරක් වාගේ නිතරම භාවිතා කරන්න’මෙම ආලේපනය ගැලවීමට පෙර උණු වතුරෙන් හොඳින් මුහුණ සෝදා හරින්න’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා.

මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා.


ඇඳ සහ සඳ අතර මෙලෝ සම්බන්ධයක් නැත’ එහෙත් ~ ” චන්දන මල් අතුරා ඇති යහනට - කන්ද කපා පායන් රන් පුන් සඳ ”’~ යැයි අමරදේව සූරීහු ගයති’ මින්දද හී සර වැදී ඇති මුත් සිහින කුමරිය පේන තෙක් මානයක නැත’ මෙහි සඳ යැයි කියන්නේ අනාගත බිරියට ය’ ඇය තවම හමු නොවූ නිසා සොවින් තැවෙන මානවකයෙක් තනි යහනේ හිඳිමින් හූල්ලයි’ ඒ කතාව එහෙමය’

තවත් කෙනෙක් ඇඳේ පැත්තක තම බිරිය වැතිර සිටියදීත් වහලේ පරාල ගණන් කරමින් යට ලීයෙන් නාරිලතා මල් පූදින තුරු අසහනයෙන් රැය පහන් කරයි’ අර තනිකඩ තරුණයාටත් වඩා මේ විවාහකයා අතෘප්තිමත් ය’ මෙහෙම වෙන්නේ ඇයි ? නිකමට ඇඳ යටට එබිලා බලන්න’ හට්ටි මුට්ටි පෙට්ටි කළගෙඩි පිරිලා නේද”? ඇඳ යට තියෙන ලට්ට ලොට්ට පුස් කනවා වගේම එවැනි ඇඳක් උඩ නිදා ගන්නා කෙනෙකුගේ ජීවිතය ද පුස් බැඳුණු දර කොටයක් හා සමාන වන්නේ යැයි ජ්‍යොතිෂයේ ඉගැන්වෙයි’

ඇඳේ උඩ හා සමානව ඇඳ යට ද ඉතා පිරිසුදු විය යුතු ය’ ඒ කෙතරම් ද කිවහොත් කඩදාසි කැබැල්ලක් වත් නො තිබිය යුතු ය ‘ මේ ජ්‍යොතිෂ - වාස්තු නියමය කඩ කෙරෙන විට රෝගීබව ” අසහනය ” අකලට මහලුවීම ” අවාසනාව ” අපේක්ෂාභංගත්වය ” ගෘහ ජීවිතයේ ගැටුම් ” සහ විවාහකයන්ට නීරසභාවයත් අවිවාහකයන්ට දිගින් දිගට ම විවාහ ප්‍රමාදයත් ඇති කෙරේ’ මේ තරම් බරපතළ උපද්‍රව ඇති කිරීමට ඇඳ යට තියෙන ලට්ට ලොට්ට ටිකකට පූළුවන් ද කියා ඔබ මවිත වූවා නම් ඒ මවිතය තවත් වැඩි කරමින් කියන්නට සිදුවන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන් කාලකණ්ණි කිරිමට සහ දිවි තොර කිරීමට පවා නිදන ඇඳ හේතුවන බවයි’

නිවෙසේ අන් බොහෝ තැන්වලට වඩා නිදන ඇඳ යට පොළොවේ තෙතමනය සහ අඳුරු ස්වභාවය අධික ය’ අන් තැන්වලට වඩා හිරු එළිය සහ වාතාශ්‍රය ඇඳේ යටට ලැඛෙන්නේ අඩුවෙනි’ එසේ තිබිය දී එම ප්‍රදේශය ලට්ට ලොට්ට ආදියෙන් තවත් අවහිර කළොත් හිරු එළියට සහ නැවුම් වාතයට ඒ හරහා ගමන් කිරීමට හැකි වන්නේ නැත’ ප්‍රතිඵලය වන්නේ ඇඳ යට නරකාදියක් නිර්මාණය වීමය’ මිලියන සංඛ්‍යාත බැක්ටීරියා ” දිලීර (පුස්) වර්ග අධිවේගයෙන් වැඩෙන්නට ගනී’ ඒ මත විසකුරු කෘමීහු පෝෂණය වෙති’ පියවි ඇසට නො පෙනෙන නමුත් මේ විෂ ඇඳේ කකුල්වල සිට ඉහළට සෑම තැනෙක ම බෝවේ’ කෙතරම් පිරිසුදු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට දැමුවත් පැය දෙක තුනකින් ඒ සියල්ල ආක්‍රමණය කැර ඒවා කිලිටි කිරීමට මේ ක්ෂූද්‍ර ජීවිහු යුහුසුලු වෙති’ කෙනෙකු අඩුම තරමින් පැය 6 ක් වත් අඛණ්ඩව නිදන ඇඳ මත කාලය ගෙවන අතර ඒ මුළු කාලයේදී ම ඔහු ශ්වසනය කරන්නේ රෝග කාරක සහිත වායුවයි’

එහි විපාක කායික සහ මානසික යන දෙ අංශයෙන් ම කෙටිකාලීනව සහ දිගුකාලීනව බලපෑම් කරයි’ නිදන ඇඳ යට කඩදාසි කැබැල්ලක් වත් නොතිබිය යුතු යැයි ඉහත සඳහන් කෙළේ රුපියලේ කාසියක තරම් ඉතා සුළු ඉඩක පවා නරකාදියක් නිර්මාණය වන හෙයිනි’ නරකාදිය නමැති වචනයේ තේරුම මේ අවස්ථාවේ ම වටහා ගැනීම වැදගත් ය’ අර්ක යනු සූර්යයා හඳුන්වනු ලබන සම්භාවනීය ජ්‍යොතිෂ යෙදුමකි’ ප්‍රඥාව සහ යහපත් ජීවිතය හට ගන්නේ මේ අර්ක හෙවත් සූර්යා නිසා ය ‘ න ¤ අර්ක යනු සූර්යා නැති තැනය ‘ එනම් ප්‍රඥාව සහ යහපත නැති තැනය’ මේ න¤ අර්ක සිංහලෙන් නරක ය හෙවත් නරකාදිය වී තිබේ’ අපායට හිරු පායන්නේ නැත’ දැන් බලන්න ඔබේ නිදන ඇඳ යටට හිරු එළිය නො වැටෙන්නේ නම් ඔබ ජීවත්වනේ අපායක නේ ද ?

නිදන ඇඳ පමණක් නොව ගෘහ භාණ්ඩ තබා ඇති ආකාරය අනුව හිරු එළිය නො වැටෙන අඳුරු අහුමුලු නිවෙසේ තවත් තැන්වල නිර්මාණය වී තිබේ නම් ඒ සෑම තැනක් ම අපායකි’ ඇතැම්හු කෝටි ගණන් වැය කැර නිවාස තනති’ මිලියන ගණන් ගෙවා ගෘහ භාණ්ඩ ගෙනෙති’ හැබැයි ඒවා නිසි ලෙස ස්ථානගත කිරීමේ ශාස්ත්‍රය නො දනිති’ අල්මාරියක දොර පියන් විවෘතවන දිසාවන් ගැන පවා වාස්තු නීතී පවතී’ නිවෙසක් තැනීමේදී පමණක් නොව ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදීත් වාස්තු නීති පිළිපැදීම ඉතා වැඩදායක ය’ නිවෙස ඇතුළත ඊසාන දිසාවේ මාළු ටැංකියක් හෝ ජලය සහිත මල් පෝච්චියක් හෝ වැනි දෙයක් තිබේ නම් එය එතැනින් ඉවත් කරන්න’ එවිට නිවෙස පුරා මෙතෙක් නො පැවති සහනශීලී වාතාවරණයක් ගොඩනැගෙන අයුරු ඔබට ම අත්හදා බැලිය හැකිය’ මෙවැනි ඉතා සුළු වෙනස්කම්වලින් ලැඛෙන ප්‍රතිඵලය සුළුපටු නොවේ’ ඒවා පසුවට තබා යළිත් ඇඳට ම යමු’

නිදන ඇඳ යට සම්පූර්ණයෙන් ම නිදහස්ව සහ වියළිව තිබීම අත්‍යවශ්‍ය වන්නා සේම නිදන කාමරයේ දොර ජනේල විවෘත කැර ඉතා හොඳින් හිරු කිරණ වැටෙන්නට සැලැස්විය යුතු ය’ එමගින් සිදුවන්නේ විෂබීජ විනාශ කිරීම වැනි සරල දෙයක් පමණක් නොවේ’ හිරු හැමවිටම අපට ගෙන එන්නේ ප්‍රති ජීවනය යි’ හිරු රැස් දෝතක ඇති බලය සහ සංඝටක ප්‍රමාණය අති මහත් ය’ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට යනාදිය ඉතා ආශාවෙන් හිරුගේ ශක්තිය උරා ගෙන ප්‍රබෝධවත් වේ’ ඒ මත වැතිරෙන ඔබ ද ප්‍රබෝධයෙන් නිදා ගන්නවා පමණක් නොව ඊටත් වඩා සුව පහසුවෙන් අවදි වේ’ මේ වෙනස අත්දකින්නට එක් ක්‍රමයක් තිබේ’ කොට්ට උර දෙකක් ගෙන ඉන් එකක් රෙදි සෝදන මැෂිමට දමා එයින් ම වියළා ගන්න’ අනෙක් උරය සෝදා අව්වේ දමා වියළා ගන්න’ ඔබ නිදා ගන්නා විට වැඩිම සුව පහසුවක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන්නේ අව්වේ දමා වියළා ගත් කොට්ට උරයෙනි’

ඒ වෙනස ඇති වූයේ හිරු කිරණ සතු ප්‍රති ජීවන ශක්තිය නිසා ය’ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ දමා වියළා ගැනීම හුදු පිරිසුදු කිරීමක් පමණක් නොවන බව දැන් පැහැදිලි වන්නට ඇති’ ආහාර ” ජලය ” වාතය යන මේ තුනෙන් නරක් වූ විට වැඩිම විපත ගෙන එන්නේ වාතය යි’ එමෙන් ම නො කෑවොත් නො බීවොත් නරක් වූ ආහාරයට හෝ ජලයට හෝ අපට විපත් පැමිණවිය නො හැක’ එහෙත් වාතය නරක් වුවහොත් නිරායාසයෙන් ඒවා අපේ සිරුරට ඇතුළුවේ’ ඇඳ යට හෝ නිවෙසේ අහු මුලුවල රැඬෙන වාතය පල් වේ’ පුස් ගඳ ලෙස දැනෙන්නේ එයයි’ වාස්තු විද්‍යාවේදී බරපතළ ම දෝෂ ලෙස සැලකෙන්නේ ද නිවෙසේ ජීව ශක්ති සංසරණයට බාධා පමුණුවන මෙවැනි කරුණු ය’ නිවෙසේ සෑම තැනෙකට ම හිරු එළිය සහ වාතය ගමන් කළ යුතු ය’ හිරුරැස් හොදින් පතිතවන කිසිම තැනෙක වාතය පල් වන්නේ නැත’ සූර්ය තාපය නිසා රත්වන වායුවේ අණු පරමාණු ඒවායේ බන්ධන ලිහිල් කොට ගෙන ඉහළට නඟින නිසා නිතර ම නිවෙස පිරිසුදු කෙරෙනවා පමණක් නොව එය යළි යළි ප්‍රති ජීවනයට ලක්වේ’ නිවෙසේ අන් තැනෙකට වඩා මේ ක්‍රියාවලිය වඩාත් ම වුවමනා වන්නේ නිදන කාමරයට ය’

ඇඳ යට පමණක් නොව මෙට්ටය යට පවා කිසිවක් ම නො තිබිය යුතු ය’ ඇතැම් අය තනි ඇඳවල් දෙකක් එකට යා කොට යුගල ඇඳක් සාදා ගනිති’ මෙය කිසිසේත් ම නො කළ යුත්තකි’ සිංගල් දෙකක් ඩබල් එකක් නො වන්නා සේම එයින් හටගන්නා එකම සන්තෑසිය නම් කරදර ඩබල් වීම පමණි’ සමහරුන් වැඩි සුව පහසුව පිණිස හෝ පරණ මෙට්ටය විසි කිරීමට ලෝබකම නිසා හෝ පරණ මෙට්ටය උඩට අලුත් මෙට්ටයක් දමා ගනී’ මෙය ද නො කළ යුතු ම දෙයකි’ කොට්ට දෙකක් එකපිට එක දමා නිදා ගැනීම ද අහිතකර පුරුද්දකි’ ඇඳ ඇතිරිලි ඉතා බර සහ ගොරෝසු ඒවා නොවිය යුතුවාක් මෙන් ම හැකිතාක් ඒවා සුදු හෝ සුදු පැහැයට සමීප වර්ණයන් ගෙන් යුක්ත විය යුතු ය’ තද වර්ණ ” කළු ර්‍ණරතු ” දුඹුරු ” තද නිල් යනාදීය නිදන ඇඳට ඉතා අහිතකර ය’ නිදන කාමරයේ බිත්තිවලට ද එකී වර්ණ යෝග්‍ය නොවේ’ මීට හේතු වන්නේ ආලෝක වර්ණාවලිය ” එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර හට ගන්නා සංකීර්ණ සම්බන්ධය යි’ සුදු ඇඳ ඇතිරිල්ලක් මතට මදුරුවෙක්වත් සමීප වන්නේ නැත’ එහෙත් කළු හෝ තද පැහැති ඇඳ ඇතිරිල්ලක් දමා බලන්න’ මදුරුවන් එහි රොද බඳින හැටි ඔබට ම දැකිය හැකිය’

ඔබේ නිදන ඇඳේ හිසට කෙළින් හෝ ඒ හරහා හෝ දැව කොන්ක්‍රීට් ලෝහ යන බේදයක් නැතිව පරාලයක් ” කුරුපාවක් යට ලීයක් ” කණුවක් ” පිය ගැට පෙළක් වැනි දෙයක් තිබේ නම් එම බාධකය පන්නා ඇඳ ස්ථානගත කළ යුතු ය’ මෙහි සරල නියමය නම් නිවෙසේ බර දරා සිටින කිසිවක් යට නිදා නො ගත යුතු බව යි’ ඊට හේතුව දැන ගැනීමටවුවමනා වන්නේ ඉතා ම සරල සාමාන්‍ය භෞතික විද්‍යා දැනුමක් පමණි’ එවැනි බාධකයක් යට නිදා ගන්නා හැම විටම ඔබේ සිරුර හරහා අසාමාන්‍ය බරක් ගමන් කරයි’ එය විපත් රැසකට මුල පිරීමකි’ ඕනෑම නිදන කාමරයක කන්නාඩි මේසයක් වරදින්නේ නැත’ එහෙත් නිදන ඇඳ මත සිටින විට එම කැඩපතින් ඔබේ රුව පෙනෙන්නේ නම් නොවරදවාම එහි කෝණය වෙනස් කරන්’ නිදන ඇදේ සිටින්නාට තම රුව කැඩපතින් නො පෙනෙන ලෙස එය සකස් කළ යුතු ය’ දොර සහ ජනේලයකට ලම්බකව නිදන ඇඳ කිසිසේත් ම ස්ථානගත නො කිරිමට ද මතක තබා ගැනීම මැනවි’

නිදන ඇඳ ඕනෑම කෙනෙකුගේ චරිතය සහ පෞරුෂය විදහාපාන කැඩපතකි’ ඒ දෙක ම මනින්නේ ඇගේ මස් මාංස බර සහ උස මහත අනුව නොව මනසේ ශක්තිය සහ ඇවතුම් පැවතුම් අනුව ය’ උදේ අවදිවන පුද්ගලයා ඇඳ ඇතිරිලි ගසා දමා එය නැවත පිළිවෙළට සකස් කරන්නේ නම් ඔහු පරාර්ථකාමියෙකි ” කෙළෙහිගුණ දත්තෙකි’ අභ්‍යන්තර චිත්ත ශක්තියෙන් පොහොසත් තැනැත්තෙකි’ ලස්සන ඇඳක් ඇති තැනැත්තාට ලස්සන හිතක් තිබේ යැයි චීන කියමනක් ද තිබේ’ එවැනි කෙනෙකුට කන්ද කපාගෙන හඳ පායනතුරු හූල්ලන්නට සිදු වන්නේ ද නැත’



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.

 කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.
වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - ඇදුම රෝගය ගැන පුළුල් වශයෙන් පසුගිය සතියේ දී මේ තීරය මගින් අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් අහන්නේ අදුම රෝගය සනීප කරන්නේ කෙසේද කියලයි.

පිළිතුර - ඇදුම රෝගය සුවපත් කරන්නට පෙර එවැනි රෝගීන් පැවතිය යුතු පිළිවෙළක්‌ තිබෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු. ඇදුම කියන්නේ ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්‌ථාවක්‌. අපථ්‍ය ආහාරයක්‌, විස දුමක්‌, හෝ පෙනහලුවලට දරා ගන්න බැරි වායුවක්‌ ආඝ්‍රානය කළාම ඒවාට අසාත්මික රෝගියාගේ ශ්වාසනාලය සහ පෙනහළු තුළ තිබෙන සියුම් නාල ඉදිමී අවහිර වෙනවා.

අපථ්‍ය ආහාර කියන සාධකය රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වනවා. කෙනකුට දොඩම් යුෂ අපථ්‍ය වෙද්දී තව කෙනකුට එය අපථ්‍ය නැහැ. සමහර විට ඔහුට අපථ්‍ය වන්නේ වැල් දොඩම්. එහෙම නැතිනම් අන්නාසි. කෙනෙකුට රබර් දර දුම අපථ්‍ය වෙද්දී තව කෙනකුට මෝටර් රථවලින් නිකුත් වන දුම් අපථ්‍ය වනවා.) රෝගියා තමන්ට අපථ්‍ය ආහාරයක්‌ ගත් විටත් ශ්වසන පද්ධතිය ඉදිමෙනවා. ඒ නිසා ඇදුම හෝ හතිය තිබෙන කෙනකු මුලින්ම කළ යුත්තේ තමන්ට අපථ්‍ය ආහාර හඳුනා ගැනීමයි. අපථ්‍ය ආහාර, අපථ්‍ය වායු වර්ග වලින් වැලකී සිටියාට ඇදුම රෝගයෙන් සියයට පනහක්‌ සුවපත් වුණා හා සමාන වෙනවා. ඊළඟට ඇදුම - හතිය තිබෙන කෙනෙක්‌ කවදාවත් උණු වතුර නෑම නොකළ යුතුයි. එම රෝගියා හැම විටම ඇල් වතුරෙන් ස්‌නානය කළ යුතුයි. වැසි ගලතිය නැත, ඉර අව්ව තිබෙන දවස්‌වල ඔවුන් දහවල් 12 ට පෙර නෑම කළ යුතුයි. මෙයට කලකට පෙර මා හමුවන්නට ඇදුම රෝගියෙක්‌ ආවා. අවුරුදු 19 දී පමණ ඔහුට හතිය වැළඳුන අතර අවුරුදු 20 වන විට එය ඇදුම බවට පරිවර්තනය වුණා. ඔහු එතැන් පටන් උණුවතුර පමණක්‌ ස්‌නානය කළා. ඔහු තමාට අපථ්‍ය ආහාර, තමාට අපථ්‍ය දේශගුණික තත්ත්වයන් යනාදිය හඳුනා ගත්තෙ නැහැ. ඒ කියන්නෙ සමහරුන්ට සීතල කාලගුණය අගුනයි. සමහරුන්ට වියළි කාලගුණය අගුණයි. මේ තරුණයා මා ළඟට එන විට ඇදුම රෝගයෙන් හොඳටම හෙම්බත් වෙලා ජීවිතය පවා නැති කර ගන්නා තත්ත්වයක්‌ තමයි තිබුණේ. මා මුලින්ම කළේ ඔහුට රෝගය ගැන තේරුම් කර දී සුදුසු ආහාර සහ සුදුසු දේශගුණික තත්ත්වයන් හඳුන්වා දීමයි. ඊළඟට මා ඔහුට උපදෙස්‌ දුන්නා ඇල්වතුර පමණක්‌ පාවිච්චි කරන්න කියලා.

ඇදුම රෝගය සුවපත් කරන්නේ කොහොමද කියලා මා දැන් ඔබට කියන්නම්. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබේ ගෙදර කුස්‌සියේම තියෙනවා. පළමුවැන්න තමයි කොත්තමල්ලි - දෙවැන්න ඉඟුරු. මේ දෙක එකට තම්බා දවසට වේල් තුනක්‌ පමණ බොන්න. තේ බීම නවත්වා ඒ වෙනුවට මේ පානය යොදා ගන්න. කොත්තමල්ලි ග්‍රෑම් 50 ක්‌ පමණ ගෙන අමු ඉඟුරු ග්‍රෑම් 50 ක්‌ සමඟ වතුර කෝප්ප 6 ක්‌ දමා කෝප්ප තුනකට හිඳ ගෙන පෙරා එයින් කෝප්පය බැගින් උදේ, දවල්, රෑ පානය කරන්න.

ඉඟුරුවල ගුණාගුණ

ඉඟුරු පාවිච්චිය පිළිබඳ ඉතිහාසය වසර දහස්‌ ගණනක්‌ ඈතට පැතිර යනවා. ඉඟුරු අමුවෙන්, වියළා, කුඩුකර, ඉස්‌ම වශයෙන් වගේම තෙල් වශයෙනුත් පරිහරණය කරනවා.

ඉඟුරු gingiberaceae පවුලට අයත් ශාඛයක්‌. ඉඟුරු දිනපතාම ආහාරයට ගන්නා අයට සිරුර ස්‌ථුල වීමෙන් වැළකී ජීවත් වීමට පුළුවන්. එසේම දියවැඩියාව සහ හෘදයාබාධයන්ට හොඳම ප්‍රතිකාරයක්‌ තමයි ඉඟුරු ආහාරයට ගැනීම.

බඩවැල්වලට බලපාන හැටි - බඩවැල්තුළ හටගන්නා තුවාල සුව කිරීමට ඉඟුරුවලට පුළුවන්. එසේම පිත්තාශයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නටත් මෙයට හැකියාව තිබෙනවා. පිත සහ සෙම නිසි ලෙස නිෂ්පාදනය වන විට ආමාශයේ හටගන්නා ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වය සුවපත් වෙනවා.

පිළිකාව - චීනය ඇතුළු සමහර ආසියාතික රටවල ජනයා දවසට දෙතුන් වරක්‌ ඉඟුරු කැබැල්ලක්‌ හපා කන්නට පුරුදුව සිටිනවා. එසේ කිරීමේදී පිළිකාව සුවවන බවත් පිළිකාව හට නොගන්නා බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙය චීනය, තිබ්බතය, ලාඕස්‌, ඉන්දියාවේ සමහර ප්‍රාන්ත, නේපාලයේ හිමාලයට කිට්‌ටු ගම්මානවල වැඩියෙන් අනුගමනය කරන වැඩපිළිවෙළක්‌. ගර්භනී සමය තුළ උදය කාලයේදී කාන්තාවන්ට හට ගන්නා ඉසේ ඇම්ම, ඇඟේ වේදනාව වැනි තත්ත්වයකට ප්‍රතිකාරය තමයි ඉඟුරු යුෂ තේ හැන්දක්‌ පානය කිරීම. මෙය ලාඕසය නමැති රටේ සුප්‍රකට අත් බෙහෙතක්‌. ගැබිනි මවුවරුන්ට සීතල හැදුන විට යහමින් ඉඟුරු දමා තේ එකක්‌ පානය කළාම තත්ත්වය පාලනය වනවා. මේ සඳහා අමු ඉඟුරු ග්‍රෑම්4 ක්‌ පමණ දමා උතුරන තේ කෝප්පයක්‌ එයට එක්‌කර මී පැණි තේ හැන්දක්‌ හා දෙහි යුෂ තේ හැන්දක්‌ මිශ්‍ර කළ යුතුයි. කාන්තාවන්ගේ ඔසප් සිදුවන අවස්‌ථාවලදී හට ගන්නා උදර වේදනාව සහ ශාරීරික වේදනාව සමනය කරන්නටත් ඉහත සඳහන් සංයෝගයට හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ සියල්ලටම අමතරව උදරයේ හටගන්නා දාහය නිවා ගැනීම සඳහාත් සියවස්‌ ගණනක්‌ තිස්‌සේ ඉඟුරු ඉස්‌ම පානය කිරිමට ආසියානුවන් පුරුදුව සිටිනවා.

කොත්තමල්ලිවල ගුණාගුණ

කොත්තමල්ලි ඇට සහ කොත්තමල්ලි කොලවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ කොටස්‌වල ඇති අගය කියා නිම කරන්න බැහැ. කොත්තමල්ලි තම්බා නිතර පානය කිරීමෙනුත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනීමෙනුත් ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ මට්‌ටමකට ගෙන ඒමට පුළුවන්. කොත්තමල්ලි තුළ වාෂ්පශීලී සුගන්ධමය තෙල්, Ascorbic අම්ල හෙවත් විටමින් C සහ ඛනිජ වර්ග රැසක්‌ තිබෙනවා.

වාෂ්පශීලී සුගන්ධවත් තෙල්වල අඩංගු සංඝටකවලින් එකක්‌ වන Cineole සහ Linolei අම්ල කොත්තමල්ලිවල අඩංගු වනවා. රූමැටික රෝග සහ ආතරයිටිස්‌ තත්ත්වයක්‌ වළක්‌වන්නට ඉහත සඳහන් අම්ලවලට පුලුවන්. ඉහත රෝග නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම නැති කිරීමට ඉහත සංඝටකවලට පුළුවන්. ලේ නැතිවීම සහ අක්‍රියාකාරී වකුගඩු නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම සුව කිරීමට මේ සංඝටක දෙකට පුළුවන්.

සම මත ඇතිවන බැක්‌ටීරියා වර්ධනයන් හේතුවෙන් හට ගන්නා කුෂ්ඨ රෝග මර්ධනය කරන්නටත්, සම මත සිදුවන ඉරිතැලීම් සුව කරන්නටත් කොත්තමල්ලිවල තිබෙන සංඝටකවලට හැකියි.

ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම පහත දැමීම සඳහා කොත්තමල්ලි ඉතා වැදගත්. එහි තිබෙන linoleic අම්ලය Oleic අම්ලය Plamitic අම්ලය Ascorbic අම්ලය යනාදියට පුළුවන් හෘද ධමනිවල බැඳෙන කොලෙස්‌ටරෝල් ඉවත් කර දමන්න. කොලෙස්‌ටරෝල් දියකර හැරීම හැටියට හඳුන්වනු ලබන්නේ මෙයයි. මෙසේ කොලෙස්‌ටරෝල් දිය කළ විට හෘදයාබාධ, ආඝාතය (Stroke) යනාදිය වැළඳීමට තිබෙන ඉඩ අඩුවනවා.

පාචනය - පාචනය වැළැක්‌වීමටත්, කොත්තමල්ලිවලට පුළුවන්. කොත්තමල්ලිවල අඩංගු Corneol සහ Linalool යන රසායනික ද්‍රව්‍ය මගින් පාචනයට තුඩු දෙන ක්‍ෂුද්‍ර ජීවීන් සහ පුස්‌ වර්ග විනාශ කිරීමට හැකියි. ඔක්‌කාරය, වමනය, වැළැක්‌වීමටත් කොත්තමල්ලිවලට පුළුවන්.

රුධිර පීඩනය පාලනය කර ගැනීමට කොත්තමල්ලි සතු ශක්‌තිය ඉතා ඉහළයි. මුඛයේ හටගන්නා තුවාල සුවපත් කිරීමටත් කොත්තමල්ලි වතුරවලට පුළුවන්. රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වූ විටත් කොත්තමල්ලිවතුර ප්‍රයෝජනවත්. ලේ වල යකඩ අඩු වුණොත් අධික මහන්සිය ඇතුළු ශාරීරික දුබලතා රැසක්‌ හට ගන්නවා. ඉතාම විෂ සහිත සැල්මොනෙල්ලා බැක්‌ටීරියා විනාශ කරන්නටත් කොත්තමල්ලිවලට හැකිය.

ලබන සතියේ ඇදුම සුව කරන හැටි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

සාකච්ඡා කළේ
අශේන් රඹකොස්‌වැව


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


Wednesday, August 31, 2016

මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ.

මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ.
 


‘‘මොන දේ කෑවත් පිළිකා හැදෙන්න පුළුවන්’’ කියන කතාව දැන් හැම තැනම පැතිරෙන එකක්. මේක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මේ වගේ පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු දේවල් දාල හදපු කෑම විකුණන තැනුයි, ඒවාගෙන් නිතරම කන කට්ටියයි තමයි. මුලින් කියපු අය එහෙම කියන්නේ බිස්නස් එක පවත්වා ගන්න ඕනේ කමට, ඒවාගෙන් කාල පෙරේත කමට නවත්තා ගන්න බැරි අය තමන්ගේ කෑම සාධාරණීකරණය කර ගන්න තමයි ඔහොම කියන්නේ.

කොහොම වුනත් මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ බොහොම භයානක සත්‍යයක්. බොහොමයක් දෙනා නිතරම කන කෑම බීම වර්ග වල පිළිකා ඇති කිරීමේ හැකියාව වර්ධනය කරන බවට තහවුරු වුන දේවල් අඩංගුයි. දැන් මේ කියන්න හදන්නේ ඒ විදිහට වැඩියෙන්ම පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු කෑම වර්ග 10 ගැනයි. ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මේවා කන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න බලන්න.

1. ජාන වෙනස් කළ ආහාර (GMO)

GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

2. සැකසූ මස් ආහාර.

Processed meatsසකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්. ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ප‍්‍රශ්නයක් නෑ.

3. මයික්‍රෝවේව් කරපු කෑම.

Microwave popcornආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු/හදපු දෙක තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි. මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් හොඳයි.

4. සෝඩා වර්ග.

Soda popකොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා. මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා ෙසෙල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

5. ‘ඩයට්’ බීම වර්ග.

'Diet' foods, beveragesබොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි. ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ (aspartame), සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

6. පිරිසිදු කරපු තිරිඟු පිටි.

Refined 'white' floursමේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිළිකා හඳුනා ගැනීම, ලක්ෂණ හා වළක්වා ගැනීම පිළිබඳ ජර්නල් එකේ දක්වලා තියෙන විදිහට අධික ලෙස තිරිඟු පිටි ආහාර ගැනීම හා ගැහැණු අයගේ පියයුරු පිළිකා ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. මොන තරම්ද කියනවා නම් තිරිඟු පිටි අධික ආහාර ගන්න අයගේ පිළිකා වැළඳීමට ඇති හැකියාව 220%කින් වැඩියි. මෙහිදී මතක තියා ගන්න අවශ්‍යයි ඉඳ හිට කන එකෙන් නෙවෙයි ගැටලූව ඇති වෙන්නේ, නිතරම අධිකව තිරිඟු පිටි ආහාර ගන්න එක තමයි නරක කියන දේ. ඒ නිසා දැන්ම ඔබ බත් කන වේල් ගාන වැඩි කර ගෙන පාන්, රොටි, නුඞ්ල්ස්, කොත්තු කන වේල් ගාන අඩු කර ගන්න බලන්න.

7. සුදු සීනි

Refined sugarsසීනි සුදු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ දෙවරක් පිරිසිදු කරලා කියලයි. ඒත් කොහොමද ඒක කරන්නේ? සීනි වල හලලා / පෙරලා පිරිසිදු කරන්න පුළුවන් කුණු දුවිලි අඩංගු නිසා නෙවෙයි ස්වභාවික සීනි දුඹුරු පාට වෙන්නේ. ඒ තමයි සීනි වල පාට. ඒ නිසා සුදු සීනි හදන්න රසායනික විපර්යාසයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම පිරිසිදු කිරීමක් නෙවෙයි. දුඹුරු පාට ඇති කරන පෝෂක ටික සීනි වලින් ඉවත් කිරීමක්. මෙතන ලොකුම ප‍්‍රශ්නය ඇති වෙන්නේ ඒකෙන් නෙවෙයි. මේ විදිහට දුඹුරු පාට ඉවත් කරපු සීනි පිළිකා ෙසෙල වලින් උරා ගන්න ඉඩ හොඳටම වැඩි වෙනවා. අපි කාගේත් ඇෙඟ් පිළිකා ෙසෙල තියෙනවා, නමුත් ඒවා වර්ධනය වෙන්නේ නැති නිසයි පිළිකා වැළඳෙන්නේ නැත්තේ. සුදු සීනි නිතර කෑවම මේවාට වර්ධනය වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා. නැති ලෙඩ හදා ගන්නවා කියන්නේ ඒකටයි. අදම ඒ නිසා දුඹුරු සීනි වලට මාරු වෙන්න.

8. ඇපල්, දොඩම්, මිදි.

Conventional apples, grapes, and other 'dirty' fruitsඅද හැම තැනම සීයට හතරයි පහයි කියලා විකුණන ගොඩක් පලතුරු එන්නේ චීනයෙන්. මේවා බොහෝ විට හදන්නේ විවිධ උත්තේජක බොහොමයක් දාලා වගේම වායු ¥ෂණය අධික, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු පැති වල තියෙන ගොවිපළවල් වලින්. මේ නිසා මේ දේවල් නිතර කන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. කාබනික බවට තහවුරු කරපු තැනකින් මිසක් මේවා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවාට යොදන උත්තේජක සහ කෘමි නාශක වලිනුත්, ඒ ගස් උරා ගන්න වාතයේ තියෙන විෂ වර්ග නිසාත් පිළිකා කාරක අවදානම ඉහල යනවා.

9. සැමන්

Farmed salmonටින් කරපු මාළු සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ මුහුදෙන් අල්ලා ගන්න මාළු නෙවෙයි. කෘත‍්‍රිමව හදපු පොකුණු කර දිය විදිහට සකස් කරලා කුකුල් කොටු වගේ මාළුවන් පුරවලා තමයි හදන්නේ. මොකද එතකොට ලාභය වැඩි කර ගන්න පුළුවන්. අනික මේ මාළු ඉක්මනින් වැඩෙන්න විවිධ රසායනික හා ආහාර අතිරේක යොදනවා. මෙච්චර ගානක් එක තැන ඉන්න කොට රෝග බෝ වෙන එක නවත්තන්න වතුරටමයි බෙහෙත් දාන්නෙත්, ඉතින් හොඳට ඉන්න මාළුවන් පවා ඒ දේවල් උරා ගන්නවා. ඒ නිසා සැමන් වර්ග කෑවාට මාළුවන්ගේ ගුණය ලැබෙන්නේ නෑ. මේ නිසා ඔබට කන්න ඕනේ නම් මුහුදු මාළු හෝ වැව් මාළු කෑමට ගන්න. ඒක ඔබේ ඇඟට ඉතා ගුණදායකයි.

10. හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග

Hydrogenated oilsසැකසූ ආහාර, අල පෙති වගේ දේවල් මුඩු රහක් එන්නේ නැතිව කල් තියා ගන්න පාවිච්චි කරන්නේ හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග. මේවා සාමාන්‍ය තෙල් වලට හයිඩ‍්‍රජන් යවලා තමයි හදන්නේ. මේ ආහාර වැඩිපුර ගත්තම අපේ ඇෙඟ් තියෙන ෙසෙල වල ෙසෙල පටලයේ විවිධ වෙනස් කම් ඇති වෙලා පිළිකා ෙසෙල ඇති වෙන්න තියන අවදානම ඉහළ යනවා. මීට අමතරව මේවායේ ට‍්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙන එකත් පිළිකා අවදානම වැඩි වෙන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා.



ඉතින් පේනවා නේද අපි රස කර කර කන ගොඩක් දේවල් පිළිකා කාරක බව? මේ නිසා පුළුවන් තරම් ස්වභාවික ආහාර වලට නැඹුරු වෙන්න. ලංකාව බොහොම නිරෝගී මිනිස්සු හිටපු රටක්. කනගාටුවට වගේ මේ අනවශ්‍ය කෑම බීම වලට හුරු වෙලා අපේ මිනිස්සුත් දැන් ජීවිතය ගෙවනවාට වඩා කරන්නේ ඉස්පිරිතාල වලට වෙලා කාලේ ගෙවන එකයි. හොඳට බලන්න අපේ දේශීය ආහාර එකක් මේ ලැයිස්තුවේ තියෙනවාද කියලා? ඉතින් මොනවටද අපි මළ ජරාව කාලා නිකන් ලෙඩ වෙන්නේ? බටහිර මිනිස්සු මේවා කාල එපා වෙලා ගුණවත් ආහාර කද්දී අපේ අය හොඳ ආහාර අහක දාල මේවා කනවා. පෝෂ්‍යදායක එළවලූ, පලතුරු වවන මිනිස්සු හිඟා කද්දී ලෙඩ හදන කෑම විකුණන මුදලාලිලා පොහොසත් වෙනවා.

මේ ලිපිය පුළුවන් තරම් share කරලා ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න දායක වෙන්න. අපේ රට ලෙඩ ගොඩක් වෙන්න යන එක නවත්තන්න අපි කවුරුත් දායක වෙන්න අවශ්‍යයි. අදම හිතට ගන්න මේක වෙනස් කරලා හිටියා වගේම නිරෝගී ජාතියක් වෙන්න ශ‍්‍රී ලංකාවට උදව්‍ වෙනවා කියලා තමන්ට පුළුවන් විදිහට. කවදා හරි අපේ දරුවෝ අපිට පින් දේවි. දැන්ම ක‍්‍රියාත්මක වෙමු.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසුවක් මෙන්න.

කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසුවක් මෙන්න.
 
බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ආචාර්ය අනුර ජයසූරිය
මිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
 පර්යේෂණය සිදු කරන නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ, සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී ක්‍රිෂ්ණි චානිකා වීරකෝන් මහත්මිය   මෙසේ කීවාය.
‘මෙය මගේ ආචාර්ය උපාධිය සඳහා මා විසින් තෝරා ගත් පර්යේෂණයක්. පිළිකා සඳහා විධිමත් නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැති නිසා මා මෙම පර්යේෂණය කෙරෙහි නැඹුරුවුණා.
පිළිකා ලෙස හැඳින්වෙන්නේ පාලනය කළ නොහැකිව සිරුරේ අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් බව කිව හැකියි. පිළිකා වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැඛෙනවා. ඒ සඳහා මේ වන විට, විකිරණ, ශල්‍යකර්ම, හෝමෝන සහ රසායනික යන ප්‍රතිකාරක්‍රම භාවිත කෙරෙනවා. ඉහත ක්‍රම වලින් යම් තරමක් දුරට එය පාලනය කළ හැකියි. නමුත් පිළිකා සඳහා සුදුසුම ක්‍රමවේදය එය මුල් අවධියේමදීම පාලනය කිරීමයි.
අප පර්යේෂණ කරන මේ ඖෂධයෙන් අප බලාපොරොත්තු වන්නේ ඕනෑම අවධියක සිටින පිළිකා රොගියකුට ප්‍රතිකාර කිරීමයි.
අපේ රටේ සුලභව සොයා ගත හැකි කරවිල  කවුරුත් අගය කරනවා. ඒ එහි ගුණදායක බව නිසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමොඩිකා  යි.

ආචාර්ය ටෙරන්ස් මධුජිත්
රසය වගේම ගුණයෙන් යුත් දෙළුම් පළතුර පියුනිකා ග්‍රැනේටම්   යන උද්භිද නාමයෙන් හැඳින්වෙනවා.
කරවිල බීජ සහ දෙළුම් බීජ හොඳින් වියළා, නිස්සාරණය කර විද්‍යාගාරය තුළ වර්ධනය වෙන මට්ටමේ ඇති පිළිකා සෛවලට යොදා මෙම පර්යේෂණ සිදු කළා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව කියන්නට කැමැතියි. පර්යේෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා.
පශු වෛද්‍ය පීඨයේ ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයා, ජීව රසායන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්සේ මධුජිත් සහ සාම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාරිනී තුෂාරි හේරත් යන අධීක්ෂක මණ්ඩලය මගින් මේ පර්යේෂණ කටයුතු අධීක්ෂණය කරනවා. එම විද්වත් මණ්ඩලය මගින් මට ලැඛෙන සහාය හා ධෛර්යය මා ඛෙහෙවින් අගය කරනවා‘
මෙම පර්යේෂණයේදී සිදුවන්නේ කුමක්දැයි අපි පශු වෛද්‍ය පීඨයේ ජීව රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය අනුර ජයසූරියගෙන් විමසුවෙමු. 
‘කරවිල බීජ වල අඩංගු ඇල්ෆා ඉලයොස්ටියරික් අම්ලය සහ දෙළුම් බීජ වල අඩංගු පියුනික් අම්ලය යන අම්ල දෙකම මේද අම්ල බව කිව යුතුයි. මෙම මේද අම්ල දෙකටම පොදු ලක්ෂණය තමයි ද්විත්ව බන්ධන තුනක් තිබීම. මෙයින් පිළිකා ෙසෙලවලට විශාල බලපෑමක් සිදු කරනවා. එය ඉතා විශ්මිත බලපෑමක් බව කිව යුතුයි. කරවිල මෝරන්නට, මෝරන්නට මේ මේද අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. අප සාමාන්‍ය ජීවිතයේදී පවා දන්නා කරුණක් තමයි කරවිල දියවැඩියාව සහ කොලෙස්ටරෝල් දහනය සඳහාත් ගුණදායක බව.

ජයන්ත රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ කථීකාචාරිණී  ක්‍රිෂ්ණි  වීරකෝන් මේ පර්යේෂණය සඳහා ඉතාම වෙහෙස මහන්සි වෙනවා.‘
පශු වෛද්‍ය පීඨයේ, පශු ජෛව ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.
‘වීරකෝන් මහත්මියගේ මෙම පර්යේෂණය අධීක්ෂණය කිරීමේ වගකීම අපේ අධීක්ෂණ මණ්ඩලයට පැවරී තිඛෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවෙනුයි.
පිළිකාව වර්තමානයේ ඉතාම සුලබ ප්‍රශ්නයක්. මේ සඳහා ඛෙහෙත් නොමැතිකම නිසා ඊට ගොදුරු වන පිරිස ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙනවා. අපේ දේශීය ශාඛවලින් මේ ආකාරයේ පිළිකා මර්දනය කිරීමේ හැකියාව මේ පර්යේෂණ මගින් තහවුරු වෙමින් පවතිනවා. ‘



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාවත් නැතුව ඇති.

ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාවත් නැතුව ඇති.
 

01. තොටිල

දිය සීරාව  ඇති තැන්හි වැවෙන ගස් වෙ‍සෙසෙකි. කොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ ද වෙයි. ඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත  හා මොට්ටු දම් පාටින් යුතුයි. දිග කරල් හට ගනී.වා, පිත්, සෙම්, උණ , ආමාවාත , කැස්ස, වමන , අතීසාර සුව කරයි; බඩගිනි වඩයි; මල වියළීම කරයි.පණු රෝග නසයි; ශීතලයි; කසටයි; තිත්තයි.

02. පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ ද පළලින් අඟල් 4ක් පමණ ද වේ.උෂ්ණයි; බරයි; වමන හික්කා නසයි, සෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති  කරයි; ලේ දොස් නසයි; දාහය නැති කරයි. හෘදයට හිතයි.

03. ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේ. කොළ අඟල් 61/2 ක් පමණ  දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයි, උණ, දාහ, අර්ශස් නැති කරයි.පණු රෝග , ප්‍රමේහ , ඉදිමුම් සුව කරයි.ආම රුජා ,පිපාස නැති කරයි.

04. බැබිල

හීන් බැබිල , මහ බැබිල ,මහබූ බැබිල , සූළුබූ බැබිල , කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිල, කේසර බැබිල ආදී වශයෙන් වර්ග කිහිපයෙකි.තිත්තයි , බල විර්ය වඩයි, සෙම් රෝග නසයි, විෂ්මජ්වර, ප්‍රමේහ, උණ නසයි, වාතාර්ශස් ගුණ කරයි.

05. බටු

වා, සෙම්, මේද නසයි; බඩගිනි වඩයි; පණු රෝග නසයි,කැස්ස ,ඇදුම , අරුචි පහ කරයි; හෘදයට හිතයි; කුෂ්ඨ, ග්‍රහණි නසයි.දිරවී‍ෙම් පහසුයි.කටුකයි, තිත්තයි, මුල් ඖෂධ සඳහා ද ගෙඩි  ආහාර සඳහා ද ගනු  ලැබේ.

06. කටුවැල්බටු

වියළි කලාපයෙහි හොඳින් වැවෙතත්, වැඩි වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඖෂධ සඳහා යොදා ගනු ලැබේ.උෂ්ණයි, කටුකයි, තිත්තයි, උණ,  හෘද රෝග, අරුචි, අජීර්ණ, රුජා නසයි.

07. අස්වැන්න

සෑම පළාතෙකම වැවෙන අඟලක් පමණ දිගින් හා අඟල් ½ ක් පමණ පළලින් හා යුතු කොළ ඇති ලතා වෙසෙසකි. දම්පාට මල් හා හීන් කරල් හටගනී. ධාතු වඩයි.ප්‍රමේහ ඉදිමුම නසයි. වමන අතීසාර නැති කරයි. උණ සමනය කරයි.

08. පොල්පළා

වාත නාශක හා විෂ නාෂක ගුණයෙන් යුතුයි. රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. තුවාල සුව කරයි. මුත්‍ර වැඩි කර බැහැර කරන  හෙයින් ශරීරයේ ඉදිමුම නැසීමේ ගුනයෙන්ද යුතු වෙයි.

09. මිදි

මහ මිදි, හීන් මිදි  යනුවෙන් වර්ග දෙකෙකි.කොළ අඟල් 4ක් පමණ  දිගින් හා අඟල් 2 1/2 ක් පමණ පළලින් යුතුයි. ඉතා කුඩා කහ පාට මල් හට ගනී. පාන්ඩුව හා වාත රෝග නසයි.අජීර්ණ සුව කරයි.බඩගිනි වඩයි.මල බද්දය නැති කරයි. උෂ්ණයි, තිත්තයි, කටුකයි, ඉදිමුම් සඳහා මුලේ පොතු අඹරා ගෑමෙන් ගුණ ලැබේ.

10. රසකිඳ

වියළි කලාපයෙහි කැලෑබදව ලොකු ගස් වල එතී වැවෙන වැල් වෙසෙසෙකි, රසකිඳ, ගැටකිඳ , දික්කිඳ ආදී වශයෙන් ගැනෙතත්, රස ගුණ ආදීයෙහි වෙනස්කම් ඇතත්, ස‍ියලු වර්ගම ඹෟෂධ වශයෙන් ගනු ලැබේ.
තිත්තයි; කසටයි; ආයු වඩයි; ගිනි වඩයි; තුන් දොස් සමනය කරයි; පාණ්ඩු, ප්‍රමේහ, අජීර්ණ, පණු රෝග කුෂ්ඨ රෝග සුව කරයි.

11. ඉරිවේරිය

 මෙම පැළෑටිය බොහෝදෙනා වරද්දා යොදන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් වැඩි දෙනා ඖෂධීය වශයෙන් යොදා ගන්නා මෙහි ඇති ගුණයෙහි අඩුවෙක් නොපෙනේ. උණ , අතිසාර , අරුචි, වමන , පිපාස, දාහ සුව කරයි, රත්පිත් හෘද රෝග ආදියට ද ගුණ ලැබේ.

12. කෙළිඳ

 රතු මල් සහ සුදු මල් ඇති වර්ග දෙ‍ෙකකි.බෙ‍ෙහත් සදහා ගත යුතු සුදු මල් ඇති වර්ගයයි. රතු මල් ඇති වර්ගය විෂ සහිතයි.කොළ අඟල් 5-6 ක් පමණ දගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි. කසටයි, ශිතලයි, බඩගිනි වඩයි, අර්ශස් , අතීසාර , ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

13. වෙනිවැල්

ගම්බඳ පළාත්හි වෙනිවැල් බාන්වැල් යනුවෙන් හදුන්වන මෙහි කොළ අඟල් 6 ක් පමණ දිගින් හා අඟල් 5 ක් පමණ පළලින් යුතුය; මල් කහ පැහැයෙන් හා ගෙඩි දුඹුරු පැහැයෙන් යුතු වෙයි.සිහින් කරල් හට ගනී.ධාතු වඩයි; වීර්ය වඩයි; ප්‍රමේහ , ඉදිමුම් නසයි; වමන අතීසාර ගුණ කරයි. අඟල් 5 – 6 ක් පමණ  දිගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි; කසටයි; ශිතලයි; බඩගිනි වඩයි; අර්ශස් , අතීසාර, ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

14. කරාබු නැටි

කටුකයි, රුචි කරයි; සෙම්, පිත්, ලේ දොස් නසයි; රුජා, හික්කා, හෘද රෝග නසයි.කරාබු නැටි වරකට දිය යුතු ප්‍රමාණය කලං ½ කට වැඩි නොවිය යුතුය.

15. වලඟසාල්

අප රටේ සෑම පළාතෙකම වාගේ වවාගත හැකි මෙම ඖෂධීය පැළෑටීය වර්ග දෙකක් ලෙස ගැනෙතත් ගුණය අතින් වැඩි වෙනෙසක් නොපෙනේ.එහෙත් අප වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන වලඟසාල් මිස අප රටේ වැවෙන වර්ග නොවේ.ඖෂධ වශයෙන් යොදා ගන්නට පළමු වලඟසාල් මඳක් කබලේ බැද ගන්න. වලඟසාල් උෂ්ණයි, අජීර්ණ,අරුවි, පණු රෝග, ප්‍රමේහ රෝග , හෘද රෝග සුව කරයි.

16. එරඬු

සෑම පළාතකම කලෑබදව වැවෙයි.සුදු රතු වශයෙන් දෙවර්ගයෙකි.මහ එරඬු හීන් එරඬු වශයෙන් ද දෙගොඩකට බෙදේ. කොළ , මුල්සහ ඇට ද , තෙල් ද ඖෂධ වශයෙන් ගැනේ.උෂ්ණයි; කටුකයි; විරේචනයි; හිස රුජා , බඩ පිපුම්, කුෂ්ඨ , ගුල්ම, ප්‍රමේහ,අණ්ඩවෘද්ධි සුව කරයි.

17. වං ඇපල

මෙය බලවත් ඔසු ගුණ අඩංගු පැළෑටියෙකි.පපුවේ ‍‍රෝගා බාද වලට, කැස්සට, පීනසට ගුණදායකයි. සෙංගමාලය, හෘද රෝග ,උණ නසයි. තිත්තයි, කටුකයි, සීතලයි. පාවට්ටා, අගල්ආධාර , ආඩතෝඩ යනුවෙන් ද මෙම පැළෑටිය හඳුන්වනු ලබයි.

18. අනෝද

අනෝද කොළ දිගින් අඟල් 3ක් පමණ ද පළලින් අඟල් 2 ½ ක් පමණ ද වේ. මල් කහ පාටින් යුතුයි.උෂ්ණයි, කසටයි , වා , සෙම් නසයි ; ඉදිමුම් රුජා නසයි.    
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.

අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන
මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.

 

01. ඇඹුල් ඇඹිලිය

ඖෂධ වහයෙන් හා ආහාර වශයෙන් ගනු ලබයි. උෂ්ණය, රුචිය ඇති කරයි, දිරවීම පහසු කරයි, ග්‍රහණි අර්ශස් නසයි, අතීසාර සුව කරයි,  විස නසයි

02. පෙති තෝර

ඖෂධ වශයෙන් හා ආහාර වහයෙන් දිරැවීම පහසුය. වා, පිත්, සෙම්, සමනය කරයි.පණු රෝග නසයි, ඇදුම හික්කා සුව කරයි.

03. කූරතම්පළා

දරැවීම සැහැල්ලුයි. සෙම වඩයි. දැවිලි වාත රක්ත සුව කරයි. ඔසප් දෝෂ, උන්මාද රෝග ගුණ කරයි, ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගනු ලබයි.

04. වැල්පෙනෙල

ඖෂධ ගුණයෙන්  අනූන කුඩා පැළෑටි වර්ගයකි. ආහාර හොදින් දිරවීම කරයි. ඉදිමුම් අර්ශස් අණ්ඩ වෘද්ධි ගුණ කරයි. ශුක්‍ර හීනත්වයෙන් ආති වන බෙලහීනතා ැති කරයි. අත් පා වෙවිලීම, සන්ධි රුජා සුව කරයි.

05. හාතාවාරිය

ඖෂධ වශයෙන් හා ආ‍හාර වශයෙන් ගනු ලබයි.උෂ්ණයි; රුච්ය ඇති කරයි; දිරවීම පහසුයි; ග්‍රහණි අර්ශස් නසයි; අතීසාර සුව කරයි.විෂ නසයි;

06. වලාවැන්න

දිය සහිත තැන්වල ළිං පතස් ආදියෙහි වැවෙන මීමන ගණයෙහි වැටෙන කුඩ‍ා පැළෑටි වෙසෙසෙකි. වර්ග කිහිපයක් ඇතැත් ලොකු කොළ ඇති වර්ගය වඩා ගුණයෙන් යුතු වෙයි.ශිතලයි; දිරවීම බරයි; දාහ අතීසාර, ලේ දොස් විෂ නැති කරයි.අපස්මාර සුව කරයි.

07. මුගුණුවැන්න

ඕනෑම තැනෙක පහසුවෙන් වැවෙයි, ශීතලයි, කුස ගිනි වඩයි. තන කිරි වඩයි. ඇස් රෝග නසයි; ඇඳුම, සෙම් රෝග සුව කරයි, ආහාර වේලෙහි අඩුව මකන ගුණදායී පළා වෙසෙසෙකි.

08. සාරන

 ඉතා හොඳ මුත්‍ර කාරක හා බල කාරක ගුණ ඇති පැළෑටියෙකි. මඳක් උෂ්ණයි, ගර්භාෂයේ හා ඩිම්බ කෝෂවල ආබාධ ඇති ස්ත්‍රීනට ගුණදායකයි, ඉදිමුම්, පාණ්ඩු, හෘද රෝග නසයි. කැස්ස සුව කරයි, උණ බැසීමට උපකාරී වේ.ඉදිමුම නසයි, ශ‍රීරයේ විෂ පහ කරයි.

09. කංකුං

සීතලයි; වා; සෙම්; දෙක වඩයි; මල බුරුල් කරයි. මූත්‍ර ශෝධනය කරයි; දිර වීමට මඳක් අපහසුයි, තන කිරි හා ශුක්‍ර වඩයි, පහසුවෙන් ලාබයට ලබාගත හැකි පළා වෙසෙසෙකි.

10. ගොටුකොළ

කුඩා වටකුරු කොළ ඇති වර්ගය හා මඳක් ලොකු කොළ ඇති වර්ගය වශයෙන් වර්ග දෙකෙකි.ඖෂධ සඳහා ද, ආහාරය සඳහා ද ගනු ලබයි.ශිතලයි, කුෂ්ඨ, ප්‍ර‍මේහ පාණ්ඩු සුව කරයි, උණ ඉදිමුම් නැති කරයි.

11. ලුණුවිල

 ලුණුවිල දිය සීරාව ඇති කොතැනෙක හෝ පහසුවෙන් වැවෙයි, ශීතලයි, විරේචනයි, නැණ නුවණ වඩයි, කුෂ්ඨ, පාණ්ඩු, ප්‍රමේහ, ලේ දොස්, උණ නැති කරයි; මධුරයි; කසටයි,ආයු වඩයි.

12. ගැට තුඹ

ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගන්නා කුඩා පැළෑටියෙකි. සෙංගමාලය, ජලෝදර, පිලාවේ ආබාධ, ලේ විෂ වීම ආදීය සුව කරයි. පණු රෝග නසයි. මුත්‍ර ශුද්ධ කරයි, ලේ කැටි කරයි.

13. කරිවිල

ආහාර පිණිස වැඩි වශයෙන් යොදා ගනිතත් ඖෂධීය වශයෙන් කරිවිල තුඹ කරිවිල යන දෙ වර්ග‍යේම ඇත්තේ ප්‍රබල ගුණයෙකි. කුළු තිත්ත රසයෙන් යුතුයි. කුෂ්ඨ රෝග නසයි, සෙම්, පහ කරයිතන කිරි වඩයි, කුසගිනි දල්වයි, ලේ දොස් නසයි.

14. කුප්පමේනියා

ව්‍යංජන හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට ගනු ලබයි.කොළ කැඳ වශයෙන් ද සාදා ගැනෙයි, වාතය සහ සෙම නසයි, ඇදුමට විශේෂ ගුණ දෙන කොළ වර්ගයෙකි.මල බුරුල් කරයි, පණු රෝග , කැස්ස , අර්ශස්, හමේ රෝග , සන්ධි ඉදිමුම යන රෝග වලට ගුණ දෙයි.

15. කතුරු මුරුංගා

පෝෂ්‍යදායී ගුණ ඇති පළා අතුරින් ප්‍රධාන තැනක් ගනී.සෙම්, පිත් නසයි, කුස ගිනි වඩයි, බල කාරකයි.මල  බද්දය නසයිත ඇස් පෙනුම දියුණු කරයි. නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව , පීනස, ආදී සෙම් රෝග සදහාද සෙංගමාල, තොල කට වන වීම, වියලි කැස්ස ආදියටද ගුණයි.

16. කතුරු මුරුංගා මල්

සීතලයී, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යෑමට ඉතා ගුණ ඖෂධීය ආහාරයෙකි.බුද්ධිය වඩයි, සිරුර බල වඩයි, දැවිල්ල , රත්පිත් දෝෂ සමනය කරයි, සන්ධි ඉදිමුමට කතුරු මුරුංගා කොළ සහ මල් කළු අත්තන මුල් උණු දියෙන් අඹරා දවසකට වරක් ගාන්න.
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හරියටම දැනගන්න.

ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හරියටම දැනගන්න.


01. ඉඟුරු

රළුයි, ගිනි මඳ බව නසයි, ඉදිමුමට, සෙම්ප්‍රතිශ්‍යාවට, උණට, කැස්සට, මල බද්දයට , බඩ දැඟලීමට, කැක්කුම‍ට ගුණ දෙයි.ආහාර දිරවන ඖෂධයක් වශයෙන් පිළිගැනේ. වා සෙම් රුජා ආදිය නසයි.

02. ගම්මිරිස්

උෂ්ණයි, දිරවීමෙහි සැහැල්ලුයි, සෙම් පහ කරයි, වාතය නැති කරයි, පිත් කෝප කරයි, රළුයි, බඩගිනි වඩයි, රුචිය ඇති කරයි.

03. තිප්පිලි

 කුළු රසයි; උෂ්ණ විර්ය යි; රුචිය ඇති කරයි; වාතය හා සෙම පහ කරයි; මඳක් පිත සමනය කරයි; සිනිඳු යි; සැහැල්ලුයි: විරේචනයි; උණ, කුෂ්ඨ, ප්‍ර‍ෙම්හ, ගුල්ම අර්ශස් නසයි; පිල‍ාවෙහි දොස් රුජා සහ ආමවාතය නසයි.

04. කහ

කුළු රසයි; සෙම්පිත් නැති කරයි; හමේ දැවිලි නැති කරයි;ඉදිමුම නසයි; ලේ නසයි; ප්‍රමේහ ගුණ කරයි; ශරීරය පැහැපත් කරයි.චර්ම රෝග සුව කිරීමෙහිලා මෙයට හිමි වන්නේ ප්‍රධාන තැනෙකි.

05. අබ

උෂ්ණයි. කුළු රසයි, වා සෙම් නසයි,බඩ රුජා නසයි, පණු රෝග නැති කරයි, රත් පිත් වඩයි.

06. සුදුදුරු

උෂ්ණයි, කටුකයි, දිරැවීම පහසුයි, පිත වඩයි, ගුල්ම නසයි, වා සෙම් නැති කරයි.

07. උළුහාල්

කුළු රසයි, මදක් උෂ්ණයි, රත් පිතට ගුණයි.

08. කොත්තමල්ලි

පිපාසය, වමනය, ශ්වාසකාස ගුණ කරයි, තුන් දොස් නසයි, සුවදයි, රුචිය ඇති කරයි, ගින්න දවාලයි, කසටයි, සිනිදුයි, සැහැල්ලුයි, මුත්‍ර වඩවයි, උණ නසයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.

නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.

කලියුගය යනු මිනිසාගේ ක‍්‍රියාවන්ගේම ප‍්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග‍්‍රන්ථවල ලියැ වී ඇත. පැරැුන්නෝ ඈත අතීතයේදී පැවසූ දෙය කලියුගයේ වසර පන්දහසක් ගෙවී යද්දීම සිදුවෙමින් පවතින බව අවට සමාජය දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණකි. ලොව පුරා වේගයෙන් පැතිර යන ලෙඩ රෝග හරහා දවසකට මිය යන ප‍්‍රමාණය ගිණිය නොහැකි තරම්ය. සරල රෝගයන්ගේ සිට සංකීර්ණ රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳින මිනිසුන්ගෙන් ලෝකයේ සෑම රෝහලක්ම පිරී ගොස් අවසානය.



පැරණි සමාජයේ නොපැවති රෝගවලින් එක්වරම සමාජය වෙළා ගැනීමට හේතු වූයේ පරිසර දුෂණය පමණක්ම නොවේ. සාම්ප‍්‍රදායික දැනුම පිළිබඳ පැවැති විශ්වාසයන්ගෙන් මිනිසා ඈත්වීම ප‍්‍රබල ලෙසම බලපෑවේය.

ජ්‍යොතිෂ්‍ය ලෙස හඳුන්වන්නේද සාම්ප‍්‍රදායික දැනුම පිරි විෂයකි. ජ්‍යොතිෂ්‍ය හරහා ඉතා සාර්ථක ලෙස මිනිසුන් උපතේ සිට මරණයට පත්වන මොහොත දක්වා රෝගී ගතිවලින් පීඩා විඳින්නේ කෙළෙසද යන්න අවබෝධ කර ගත හැකි වෙයි. මෙහිදී අපි උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි සරල රෝගී තත්ත්වයන් පසෙක තබා තරමක් සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතු සාධක වන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරමු.

කර්ම ඵල ජ්‍යොතිෂ්‍යට අනුව රෝගයක් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ පෙර කර්මයන්ය. එනම් යම් පුද්ගලයකු දිගු කාලයක් තිස්සේ යම් රෝගයකට ලක් වී පීඩා විඳියි නම් රෝගයට පිළියම් යෙදීමෙන්ම එයින් මිදීමට උත්සහ දැරීමට වඩා තම කර්මයට පිළියම් යෙදීම හරහා වඩා වේගවත්ව

රෝගයෙන් මිදීමට අවස්ථාව උදාවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස සලකා බලතහොත් යම් පුද්ගලයකුට පෙර ආත්මයේ මවගේ නිවස අහිමි කර මහමඟට ඇද දැමීම හේතුවෙන් තම පූර්ව ආත්මීය මවගෙන් ඇතිවන සාපයක් ඇතැයි සිතන්න. එවිට සිදුවනුයේ අදාළ සාප හරහා දඬුවම් ක‍්‍රියාත්මක වන කාල සීමාවලදී එම පුද්ගලයාගේ හෘද රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳීමට සිදුවීමයි. මෙහිදී රෝහල්ගත වීම මෙන්ම රෝගී ගති වෙනුවෙන් තම ධනය විශාල ලෙස වැය කිරීමටද හේතු ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

පෙර ආත්මයේදී මවුපියන්ට, පූජක පක්ෂයට පහරදීම් හේතුවෙන් තම කේන්දරයේ පළමු භාවය සාපවලට මැදිවීම හරහා තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස බිඳවැටෙන අතර ඒ හරහාම නිරන්තරව වැළඳෙන රෝග (වෛරස් ආසාදන* හරහා පීඩා විඳීමට සිදුවෙයි. මෙම තත්ත්වය පවතින විට පෙර ආත්මයේදී දේව හෝ බුදු පිළිම කඩා දැමීමක් හරහා ඇතිවන දේව බාධාවක් මෙයට සම්බන්ධ වුවහොත් බොහෝවිට ශරීරය පුරා පැතිරී යන පිළිකා හෝ රුධිරය හා පටක හරහා ව්‍යාප්ත වන රෝගී ගතිවලින් පීඩා විඳීමට සිදුවෙයි.

මෙයටම සමාන ශුභ තත්ත්වයක් වනුයේ ශනි ග‍්‍රහයා කේන්දර සටහනේ පළමු භාවයේ තැන්පත් වීමයි. වෛදික ජ්‍යොතිෂ්‍ය සාම්ප‍්‍රදායන්ට අනුව ශනි පළමු භාවයට පැමිණි විට මරණයට පත්වීම නැතහොත් බලයක් රහිත වීම සිදුවේ. ශනි මිනිසා ශරීරය පාලනය කිරීමත් පළමු භාවයෙන් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමත් හේතුවෙන් කල් පවතින දැඩි රෝගී ගති හරහා ව්‍යාප්ත වන රෝගයන්ගෙන් පීඩා විඳීමට සිදුවෙයි. මෙවන් ග‍්‍රහයෙකු වක‍්‍ර වූ අවස්ථාවකදී තත්ත්වය ඉතා දරුණු වන අතර ප‍්‍රබල අනතුරක් හරහා මතුවන රෝගී තත්ත්වයක් හරහා නිරන්තරව පීඩා විඳීමට සිදුවෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යයේදී කේන්දර සටහනේ ප‍්‍රධාන ස්ථාන තුනක් හරහා රෝග ගැන කතා කළ හැකි වෙයි. ඒවා නම් හයවැනි භාවය, අටවැනි භාවය හා එකළොස්වැනි භාවයයි. හයවැනි භාවය තුළින් මෙම ආත්මයේදී ජන්මියාගේ ක‍්‍රියාවන් හරහාම වර්ධනය කරගනු ලබන රෝගී ගති පිළිබඳ කතා කරනු ලබයි. බොහෝවිට මෙම රෝග වෙනත් අයගේ පෙළඹවීම හරහා ඇති වන තත්ත්වයන්ය. උදාහරණයක් ලෙස සලකතොත් මධ්‍යසාරවලට හුරුවීම හරහා පසුකාලයේ ඇතිවන රෝගී ගති මේ භාවය හරහා ක‍්‍රියාත්මක වෙයි. මෙම භාවයන් හරහා ක‍්‍රියාත්මක වන රෝග ප‍්‍රධාන තත්ත්වයන් දෙකකට යටත් වෙයි.

1. ආගන්තුක දෘෂ්ටි

2. ආගන්තුක අදෘෂ්ටි

ආගන්තුක දෘෂ්ටි යනු යම් සිදුවීමක් මත මෙය ඇති වේ යැයි යන්න අවබෝධ කර ගත හැකි රෝගයන්ය. ඒවා සඳහා ඉතා ඉක්මන්ම පිළියම් යෙදිය හැකි වෙයි. ආගන්තුක අදෘෂ්ටි යනු රෝග මූලයන් සොයාගත නොහැකි තත්ත්වයන්ය. හදිහූනියම්, ඇස්වහ කටවහ (දෘෂ්ටි බාධා* හරහා මෙම රෝග හට ගනු ලැබේ.

අටවැනි භාවය හරහා නිජ දෝෂ ක‍්‍රියාත්මක වීම හරහා වර්ධනය වන රෝග ඇති වෙයි. නිජ දෝෂ යනු පෙර ආත්මයේදී සිදු කළ ප‍්‍රබල පාප කර්මයන්ය. මෙම භාවයේ බලපෑම හරහා මතුවන රෝග නිදන්ගත රෝග ලෙස සැලකේ. දියවැඩියාව, හතිය, ලාදුරු වැනි තත්ත්වයන් හා පරම්පරාවෙන් එන රෝග බොහොමයක් මේ ගණයට වැටෙයි. මේ තුළත් නිජ දෘෂ්ටි හා නිජ අදෘෂ්ටි යනුවෙන් කොටස් 2ක් පවතින අතර ශාරීරිකව ඇතිවන දෝෂ නිජ දෘෂ්ටි ලෙසත් මානසික තලයේ ක‍්‍රියාත්මක වන දෝෂ නිජ අදෘෂ්ටි ලෙසත් හඳුනාගත හැකිය.

ජීවිතයේ බිඳවැටීමට හේතුවන්නා වූ ප‍්‍රබල රෝගී තත්ත්ව අටවැනි භාවය හරහා නිර්මාණය කරනු ලබන අතර පූර්ව ආත්මීය සාප සමග මෙය සම්බන්ධ වූ විට එම රෝග ඉතා බැ?රුම් බවට පත්වීම සිදුවෙයි.

එකොළොස් වැනි භාවය හරහා ආගන්තුක අදෘෂ්ටි රෝග තත්ත්වයන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. යම් ආත්මයකින් නික්මයෑමෙන් පසු යළි උපදින පළමු මිනිස් ආත්මයේදීම දඬුවම් ලැබිය යුතුයැයි විශ්වය විසින් තීරණය කරනු ලබන කර්මයන් මතින් හටගන්නා රෝග මේ හරහා ක‍්‍රියාත්මක වනු ලැබේ. මෙම රෝග කිසිදු වෛද්‍යවරයකුට හසුනොවන අතර ජ්‍යොතිෂ්‍යවේදීන්ද ඒ සම්බන්ධව ශාන්තිකර්ම ලබාදීමේදී තරමක චංචලතාවකට මැදිවෙයි. මෙහිදී ආකාශ කියවීම භාවිත නොකර ගැඹුරට සොයන ජ්‍යොතිෂවේදියා තුළත් ක‍්‍රියාත්මක වනුයේ වැරැුදි ශාන්තිකර්මයන්ය.

රෝගී ගති උදෙසා රාහු හා කේතුගේ බලපෑම දැඩි ලෙස බලපානු ලබන අතර යම් රෝගී තත්ත්වයක් ක‍්‍රියාත්මක වීමේදී එයට රාහු හා කේතු සම්බන්ධ වන ආකාරය මත එම රෝගවල ප‍්‍රබල බව තීරණය වෙයි. රාහුගෙන් පෙර ආත්මයේදී දැනුවත්ව අන් අයට සිදුකරන ලද වැරැුදි හරහා ක‍්‍රියාත්මක වන රෝග හා කේතු සම්බන්ධ වීමෙන් අත්වැරැුදීම් හරහා මතුවන රෝග අවබෝධ කරගත හැකිවෙයි.

1 භාවය - හිස ආශ‍්‍රිත රෝග

2 භාවය - ඇස් හා නිකට ආශ‍්‍රිත රෝග

3 භාවය - කන්, අත්, පපුවේ ඉහළ ආශ‍්‍රිත රෝග

4 භාවය - පපුවේ ප‍්‍රධාන කොටස් ආශ‍්‍රිත රෝග

5 භාවය - ආහාර ජීරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග

6 භාවය - මහන්ත‍්‍රය වකුගඩු ආශ‍්‍රිත රෝග

7 භාවය - යටි බඩ, ලිංගික අවයව ආශ‍්‍රිත රෝග

8 භාවය - ගර්භාෂය හා ශරීරයේ බහිස‍්‍රාවීය පද්ධති ආශ‍්‍රිත රෝග

9 භාවය - කලවා ප‍්‍රදේශය ආශ‍්‍රිත රෝග

10 භාවය - දණහිස් ආශ‍්‍රිත රෝග

11 භාවය - වළලූකර ආශ‍්‍රිත රෝග

12 භාවය - යටිපතුල් හා වම් ඇස ආශ‍්‍රිත රෝග




පෙර ආත්මයේ සාප හා බාධක ග‍්‍රහයා සම්බන්ධ වීම තුළින් ප‍්‍රබල රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි. හතරවැනි භාවයෙන් බරපතළ හෘද රෝග, පස්වැනි භාවයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හයවැනි භාවයෙන් අක්මාව හා ඉන ප‍්‍රදේශය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හත්වැනි භාවයෙන් යටි බඩ ප‍්‍රදේශයේ ගැටලූ හා අටවැනි භාවයෙන් ප‍්‍රජනන පද්ධතිය, ලිංගික අවයව සම්බන්ධයෙන් ව්‍යාප්ත වන රෝග ආදී ලෙසින් අවබෝධ කරගත හැකිවෙයි.

ගුලික හා මාන්දි යන උපග‍්‍රහයන්ද නිශ්චිත රෝගී ගති ඇතිකරන ග‍්‍රහයන් දෙදෙනෙකි. හිස ආශ‍්‍රිත රෝග, ආමාශගත රෝග මෙන්ම දෙපා සම්බන්ධ රෝග වර්ධනයට මෙම ග‍්‍රහයන් දැඩිලෙස බලපෑම් ඇතිකරයි.

වෛදික හා කර්ම ඵල ජ්‍යොතිෂ්‍ය තුළදී යම් ජන්මියකුගේ රෝගී තත්ත්වයන් අවබෝධ කරගැනීම උදෙසා පූර්ව ආත්මීයව ඔහු මත ක‍්‍රියාත්මක වන සාප හා බාධා අවබෝධ කරගනු ලැබේ. ඉන් පසුව පෙර කර්මයන් ඉවත්කරලීම හෝ අඩුකරලීම උදෙසා ප‍්‍රබල භාවනා ක‍්‍රමවේදවලට ජන්මියාව හුරුකිරීම කළ යුතුය. ඒ අතරතුර අදාළ ග‍්‍රහයාගේ ස්වභාවය මත කළයුතු යාතුකර්මද පවතී. යම් රෝගයක් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු ග‍්‍රහයා නම් මල් ගඟකට දැමීම, සිකුරු ග‍්‍රහයා නම් විසිතුරු බඩු දන්දීම, බුධ සම්බන්ධ වුවහොත් පොත්පත් ඉගෙනගන්නා ළමුන්ට දීම, චන්ද්‍රයා නම් ජලය පූජා කිරීම සිදු කිරීම හරහා රෝග පාලනය කරගත හැකිවෙයි.

වෛදික සම්ප‍්‍රදාය තුළදී රෝග පාලනයට මන්ත‍්‍ර භාවිත කිරීම බොහෝ සේ සිදුවෙයි. එහිදී තම උපන් දවසට අදාළ දින අධිපතියා නැමදීමෙන් එම දිනය තුළ රෝගීභාවයට පත්වීම පාලනය කරගත හැකිවෙයි.

ඒ උදෙසා හිරු උදාවන විටම ‘ ඕම් සූර්යාය නමහ’ යන මන්ත‍්‍රයෙන් සූර්යයා නැමද පහත මන්ත‍්‍රය හත්වරක් පැවසිය යුතුවෙයි.

උපන් දිනය මන්ත‍්‍රය

ඉරිදා ඕම් හ‍්‍රීම් සම් සූර්යාය නමහ

සඳුදා ඕම් ශ‍්‍රීම් සොවුම් සෝමාය නමහ

අඟහරුවාදා ඕම් ක්ලීම් කුම් කුජාය නමහ

බදාදා ඕම් අයුම් බුම් බුධාය නමහ

බ‍්‍රහස්පතින්දා ඕම් ගුරුවේ නමහ

සිකුරාදා ඕම් ක්ලීම් සවුම් ශුක‍්‍රාය නමහ

සෙනසුරාදා ඕම් හ‍්‍රීල්ම් සාම් ශනියේ නමහ




මේෂ ලග්න හිමියන් සූර්ය නමස්කාරය කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතුය. එයට හේතු වනුයේ පස්වැන්නාධිපති වන රවි නමැදීම හරහා යම් දෝෂ තත්ත්වයක් මතු විය හැකි බැවින් එම දෝෂ තත්ත්වයන්හි ස්වභාවය අවබෝධයෙන් යුතු වීම වඩා වැදගත් වේ.

රෝග වර්ධනය වන කාල සීමාවල වෘත සමාදන් වීම හරහාද බොහෝ රෝගී ගති පාලනය කරගැනීමේ අවස්ථාව උදාවෙයි. කර්මය යනු වෙනස් කරගත නොහැකි දෙයක් නොවන අතර දැනුවත්භාවය හා කැපවීම මත ස්ථිරව වෙනස් කරගත හැකි වෙයි.

මේ හරහා කාලයක් තිස්සේ දුක් විඳින

රෝගාබාධවලින් මිදෙන්නට අවස්ථාව උදාකරගත හැකි වෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Tuesday, August 30, 2016

ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහෙමයි.

ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහෙමයි.


උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?

උපන් ලපයක් කියන්නේ හමේ ඇති වන වර්ණවත් කැළලක්. මේක කළු පාටම වෙන්න ඕනි කියලා නියමයක් නැහැ.

එක එක්කෙනාගේ හමේ පාට අනුව වගේම උපන් ලපයේ ප්‍රමාණය අනුවත් පැහැය වෙනස් වෙන්නට පුළුවන්.

අපි උපන් ලප කියලා හඳුන්වන ඔක්කොම කැළැල් එකම වර්ගයකට අයිති නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ඒවා විවිධ තත්ත්ව වල වර්ග කරලා තිබෙනවා.

ගොඩක් උපන් ලප උපතින්ම ඇති වන ඒවා. එත් උපතින් පස්සේ වුනත් මතු වීමේ ඉඩක් තිබෙනවා. එය සාමාන්‍යයි.

සමේ මතුපිටින් මතුවන ඒවා වගේම සම තුලින්ම පැන නගින උපන්ලප තිබෙනවා.

ඔබ දැක තිබෙනවාද රතු පැහැයට හුරු කුඩා ලප. මේවා වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ස්ට්‍රෝබෙරි නේවස් (strawberry naevus) කියලයි. මේවා නම් කිසිම ආකාරයක පිළිකා අවධානමක් නැති ලප විශේෂයක් ලෙසයි සොයාගෙන තිබෙන්නේ.

නමුත් සමහර උපන් ලප Melanoma කියන දරුණුම ආකාරයේ සමේ පිළිකා තත්වය දක්වා වර්ධනය වීමේ අවධානමක් සහිතයි.

දුඹුරු හෝ කළු පාටින් යුක්ත වන උපන් ලප වල ප්‍රමාණය අනුව පිළිකා අවධානම වෙනස් වනවා. ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ට වඩා අඩු නම් ඉතා අඩු පිළිකා අවදානමකුත් සෙන්ටි මීටර් 2 ට වැඩි නම් ඉතා වැඩි පිළිකා අවදානමකුත් තිබෙනවා.

උපන් ලපයක් පිළිකාවක් වෙනවා නම් ඒ ගැන අපිට දැන ගන්නට පුලුවන්ද?
ඔව්. උපන් ලපයේ ඇති වන සමහර වෙනස්කම් නිරීක්ෂණය කරලා අපිට එය කලින් හඳුනා ගන්නට පුළුවන්.

උපන් ලපයේ ප්‍රමාණය එන්න එන්න වැඩි වනවා නම්.
වර්ණය වෙනස් වනවා නම්.
උපන් ලපය කැසීමක් හෝ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තොත්.
උපන් ලපයෙන් ලේ ගැලීමක් සිදු වෙනවා නම්.
එය මත යම් ආකාරයක තුවාලයක් ඇති වෙලා නම්.
අතට දැනෙන ආකාරය වෙනස් වෙලා නම්. උදාහරණයක් කිව්වොත් එන්න එන්න රළු වෙනවා නම්.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.

ඉන්නන් ගැන  ඔබ නොදන්නා රහස් මෙන්න.
 



ඉන්නන් කියන්නේ බොහෝ දෙනාට තිබෙන ලොකු ප්‍රශ්නයක්. මුනේ නැත්නම් බෙල්ලේ මතු වෙන පොඩි ඉන්නෙක් නිසා ඔබේ හිතේ ඇති වන කනස්සල්ල පොඩි නැහැ.

අපි ඉන්නන් ලෙස හඳුනා ගන්නේ සමේ සහ ශ්ලේෂ්මල පටල වල ඇති වන ආසාදන තත්ත්වයක්. පාසල් යන දරුවන් තමා ගොඩක් මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ. නමුත් ඉන්නන්ට වයස බේදයක් නැහැ.

ඉන්නෝ හැදෙන්නේ ඇයි?

ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම තමයි ඉන්නන් ඇති වෙන්නට හේතුව. බොහෝ ඉන්නන් ඇති කරන්නේ වෛරස මගින්. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුනාම ඔවුන්ට ලේසියෙන්ම අපිව ලෙඩ කරන්නට පුළුවන්.



ඔබට ඉන්නන් හඳුනා ගන්නට පුලුවන්ද?
මතුපිටින් පෙනෙන්නට තියන මේ ඉන්නන් විවිධ ආකාර ගන්නවා. බහුලවම තිබෙන්නේ රළු මතුපිටක් සහිත ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයේ ගැටිත්තක් ලෙසිනුයි. සාමාන්‍යයෙන් මුලින් සමේ පාටටම තිබුනත් පහු වෙද්දී මෙය අඳුරු පැහැයක් ගන්නවා.
අතේ, යටි පතුල් වල, මුහුණේ වගේම මුඛය හා ලිංගික ප්‍රදේශ වලත් ඉන්නන් ඇති වෙන්නට පුළුවන්.

මේ එක එක තැන වල ඇති වන ඉන්නන් විවිධ ආකාරයි.

අතේ සහ යටි පතුල් වල රළු ගැටිති ආකාරයටත්, මුහුණේ කුරුලෑ වලට සමාන ආකාරයකිනුත්, කටේ තොල් වල නැත්නම් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් සිනිඳු තෙත සහිත ගැටිති ලෙසිනුත් ඇති වෙනවා.

ඉන්නන් කිහිපයක් එකට එකතු වෙලා ප්‍රමාණයෙන් විශාල ඉන්නන් ඇති වෙන අවස්ථාත් තිබෙනවා.

බොහෝ දුරට මේවා වේදනාවක් ඇති කරන්නේ නැහැ.

නමුත් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන එක සාමාන්‍ය තත්වයක්.



ඉන්නන් ඇල්ලීමෙන් බෝ වෙනවාද?
ඔව්. මේවා ඇති කරන වෛරසය ඔබේ අත්ලේ ගෑවීලා තවත් ඔබේ ශරීරයේම තැනක ගෑවීමෙන් හෝ වෙන කෙනෙකුගේ ඇඟේ ගෑවීමෙන් ඉන්නන් බෝ වෙන්නට පුළුවන්.

ශරීරයේ අනෙක් ප්‍රදේශ වලට වඩා ලිංගික ප්‍රදේශයේ ඇති වන ඉන්නන් ගැන ඔබ අවදානය යොමු කල යුතු වනවා.
මොකද ලිංගික ඉන්නන් කියන්නේ පිළිකා තත්ත්වයක් කරා වර්ධනය විය හැකි තත්ත්වයක්.
ලිංගික ඉන්නන් බෝ වන්නේ ලිංගික ඇසුරකින්. ඒ වගේම මෙවැනි තත්වයක් ගැන ඔබට සැකයක් ඇති වුනොත් වහාම වෛද්‍ය වරයෙකු හමු වෙලා ප්‍රතිකාර ගැනීම වැදගත්. බය වෙන්න එපා මේවා සම්පුර්ණයෙන් සුව කරන්නට පුළුවන්.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් ඉන්නන් කාලයත් එක්කම ඉබේම සනීප වෙනවා.

නමුත් ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල නම් දිගු කාලයක් ඔබට සුව වීමක් නොලැබේවි.
ඇත්තටම ඉබේම සනීප වෙන නිසා මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ මගින් ඔබේ පෙනුමට හානියක් වනවා නම් හෝ එය ඔබට මානසිකව කරදරයක් නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න.



ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද

ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද බොහොමයක් තිබෙනවා.
ඉතාම ප්‍රසිද්ධ ක්‍රමය තමයි ඉන්නන් පිළිස්සීමේ ක්‍රමය.

අධික සිසිල් කරන ලද නයිට්‍රජන් මගින් තමා මෙය සිදු කරන්නේ. වෛද්‍ය වරයෙක් හමු වෙලා චර්ම රෝග සායනයකදී මෙය සිදු කරගන්නට ඔබට පුළුවන්.

මුහුණේ ඇති වන කුඩා ඉන්නන් සඳහා සුදුසු වන ආලේපන වර්ග පවා වෛද්‍ය වරු නිර්දේශ කරනවා. ඒවා වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කිරීමෙන් මේ කරදරකාර ඉන්නන්ගෙන් සදහටම ගැලවෙන්නට ඔබට පුළුවන්.

අපේ රටේ එතරම් ප්‍රසිද්ධ නැති වුණත් ලේසර් ක්‍රමයකින් ඉන්නන් ඉවත් කරන අවස්ථාත් තිබෙනවා.

වැදගත්ම කරුණ වන්නේ ගොඩක් දෙනා ඉන්නන් පුලුස්සනවාය කිව්වම බය වෙනවා. ඒ අය හිතුමතේට නුල් වර්ග භාවිතය වගේ ගොඩ වෙදකම් වලින් ඉන්නන් ගලවා දමන්නට උත්සාහ කරනවා.

මතක තබා ගන්න මේ දේවල් කරනවාට වඩා හොඳයි ඉන්නන් ඉවත් නොකර සිටීම. මොකද මේ මගින් අධික ලේ වහනය, විෂබීජ ශරීර ගත වීම, විවිධ භයානක ආසාදන තත්ත්ව ඇති වීම. මෙවැනි තත්ත්ව දුර්ලබ නැහැ.

මේ නිසා කොහෙත්ම ඉන්නන් සඳහා ගොඩ වෙදකම් කරන්නට යන්න එපා. එයින් ඔබ කරගන්නේ ඇති කරදරය නැති කරගන්නවා වෙනුවට තව නැති කරදර රාශියක් ඇති කරගැනීමයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.

 ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම්  ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.


ගෑණු ළමයෙක් වුණාම හැඩට ඉන්න ඕන කියලා ඒ දවස්වල හිටපු ආචිච්ලා, අම්මලා ඉන හිරවෙන්න ඇදුම් අඳින්න කියලා බල කළා. ඒ හින්දම ඉන තව තවත් හැඩ කරගන්න පුළුවන් තරම් හිරට ඉනට ඇඳුම් අදින්න ඇතැම් අය පෙළඹුනා.

ඒ විතරක් නෙමෙයි සමහර අය ඉන, බඩ ප්‍රදේශය පුළුවන් තරම් හිර කරගෙන ඇඳුම් ඇදීම පුරුද්දක් විදිහටත් කරනවා. “මට හිර නැතුව ඇඳුම් අඳින්න බෑ. බෙල්ට් එකක් නැතුව අදින්න බෑ.” මේ විදිහට එක් එක්කෙනාගේ කැමති අකමැති දේවල් හුරු පුරුදුකම් නිසා සිද්ධ වෙන දේ නවත්වන්න කාටවත් මොන විදිහටවත් පුළුවන්කමක් නැහැ.

දැන් සමහර ගෑණු ළමයි හිරට අඳින jeans අඳින්න කලින් පොලිතින් උරයක් කකුලට දමලා ඊට පස්සේ ඇඳුම අඳින්නත් පුරුදු වෙලා.මේ තරමටම tight jeans විලාසිතාවක් වෙලා.

ඒ වුණාට ඒ විදිහට ඇඳුමක් ඇදලා වේදනාවෙන් හරි ඉවසගෙන හිටියත් නැවතත් ඇදුම ගලවා දමන විට ඉන වටේට ඇතිවෙන වේදනාව සමහර වෙලාවට ඉවසාගෙන ඉන්නත් බැරි තරම්. ඇත්තටම මේ විදිහට ඇතිවෙන වේදනාව හැරුණු විට ඉන තදවන ලෙස ඇඳුම් ඇඳීම නිසා තවත් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්දැයි යම් සැකයක් තිබුනා.

ඇත්තෙන්ම මේ විදිහට ඉන තද වෙන ලෙස ඇඳුම් ඇඳීම වෛද්‍ය විද්‍යාත්මකව කොතරම් දුරට යහපත් දෙයක් දැයි විමසා බලමු. සමාන්‍යයෙන් තරමක් හිරවන විදිහට ඇඳුම් ඇඳීමෙන් ඒ නිසා ඇතිවෙන අපහසුතාව හැරුණාම වෙනත් ගැටලුවක් ඇත්තේ නැහැ.

එහෙම වුණත් ඒ විදිහට ඇඳුම් ඇඳීමෙන් හර්නියා තත්ත්වයක් තිබෙන අයෙකුට නම් ඇති කරන්නේ සුළු අපහසුතාවක් විතරක්ම නෙමෙයි. ඒ වාගේම ඇති වන තෙරපුම නිසා හර්නියා තත්ත්වයක් ඇති වීමේ අවදානම කීප ගුණයකින් වැඩි වන බවයි වෛද්‍ය මතය.

මෙවැනි හර්නියා අවධානමක් තිබෙන අයෙක් ඉන සිරවන ලෙස ඇඳුම් ඇදීමෙන් බඩවැල් තව තවත් තෙරපීමට ලක් වී ලේ සැපයුමට ගැටලු ඇති කරවිය හැකියි. ඒ පමණක් නොවෙයි ඉන ප්‍රදේශය කැපි යන අයුරින් තරමක් තදට පටියක් වැනි යමක් දිගින් දිගට බඳිනවා නම් එමඟින් ඉන වට සමේ ඇති සෛලවල වෙනස්කම් ඇති වී පසුකාලීනව ඒවා පිළිකාවක් ලෙස වර්ධනය වන්නට ද පුළුවන්.

ඒ නිසා ඉන සිරවෙන්න, හැඩ වෙන්න හිතාගෙන තව තවත් ඇඳුම් ඇඳීමෙන් නැති ලෙඩ ඇගේ නොදාගෙන ශරීරයේ තරමට ගැලපෙන හොඳ ඇඳුමක් තෝරා ගෙන ඇන්දා නම් මේ ගැටලුවලින් නිදහස් වෙලා හිතේ සතුටින් ඉන්න පුළුවන්.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.

කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.


කොළ කෑමෙන් ඇදුමට වැට කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි. මෙල්බර්න්විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක්ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත්ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එමතත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වනනඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණයආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම්සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවායනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින්පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි.ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟුඋදව්වක් ලැබෙන බවයි.මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ එමෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයටඅඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දිනජනප්‍රිය වීමට හේතුවකි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි