Friday, August 26, 2016

රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ගුණ ටික අදවත් දැනගන්න.

රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ගුණ ටික අදවත් දැනගන්න.

අඹ ගැන විවිධ කතා පැවතුනත් අඹ කියන්නේ රසය,ගුණය හා බලය වඩවන පළතුරක්.දිව්‍ය ලෝකයේ අමාරසය ලෝකයේ අඹ රසයට සමනයිලු.පත්තිනි මෑණියන් උපදින්නේද අඹ ගෙඩියෙන් යැයි ජන වහරේ විශ්වාසයක් පවතී.අඹ කොළ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහාත් භාවිත කෙරේ.මන්ද අඹ කොළ වල විෂ නැසීමේ ගුණයක් පවතින නිසාවෙනි.ඕනෑම් ඕනෑම පුජ වට්ටියකට අඹ එකතු කිරීමේ සිරිතකුත් අපේ රටේ ජනතාව අතර පවතිනවා.ඒ නිසාම පලතුරු වර්ග අතුරින් අඹ විශේෂ පළතුරක් ලෙස සළකනවා.නවීන විද්‍යාත්මකව අඹ ගසක් නිවස ඉදිරිපිට සිටුවීම වඩාත් සුදුසු බවට පිළිගැනීමක් තිබෙනවා.මන්ද ඒ නිසා අකුණු සැර අද්දාගනිමක් සිදුවන නිසාවෙනි.බොහෝ ගස් වලට අකුණු සැර අද්දාගැනීමේ හැකියාව පැවතුනද ඒ නිසා ගස මැරීමක් සිදුවනවා.නමුත් අඹ ගස අකුණු සැර අද්දාගත්තද එමගින් ගසට හානියක් සිදුවන්නේ නැත.

අඹ වර්ග

අඹ වර්ග රැසක් අපට මේ වන විටත් වෙළදපලේ දැකගත හැකිය.ඒ අතරින් කර්ත කොලොම්බ,පොල් අඹ,පෙට්ටි අඹ,මී අඹ,බිලාට් අඹ,කොහු අඹ,වල් අඹ,ගිරා අඹ,යාපනයේ අඹ ආදී වශයෙන් අඹ වර්ග රාශියකි.

අඩංගු පෝෂණ පදාර්ථ
අඹ 100ග්‍රෑම්  අඩංගු පෝෂණ පදාර්ථ -:

කැලරි ග්‍රෑම් 70
කබෝහයිඩ්රේට් ග්‍රෑම් 17
ප්‍රෝටීන් ග්‍රෑම් 0.5
ආහාර තන්තු ග්‍රෑම් 1.8
විටමින් D11 මයික්‍රෝග්‍රෑම් 14
විටමින් B3 මිලිග්‍රෑම් 0.5
විටමින් A මිලිග්‍රෑම් 27
විටමින් E මිලිග්‍රෑම් 1.1
විටමින් K මයික්‍රෝග්‍රෑම් 4.2
බීටා කැරෝටින්  මයික්‍රෝග්‍රෑම් 445
පොටෑසියම් මිලිග්‍රෑම් 156
සෝඩියම් මිලිග්‍රෑම් 2

රෝග රැසකට සුව ගෙන දේ
*අඹ වල ප්‍රතිඔක්සිකාරක ගුණය අන්තර්ගත නිසා පිළිකා  සැදීම වළක්වනවා.එහිදී විශේෂයෙන්ම පියයුරු පිළිකා,බඩවැල් පිළිකා,ලේ පිළිකා,සදහා විශේෂයෙන්ම අඹ ආහාර  සදහා ගැනීම සුදුසුය.අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව අස්තරණය කරන ඇතුලතින් පිහිටි බිත්ති වල නීරක්ති බව ආරක්ෂා කරනවා.

*අඹ වල පොටෑසියම් අඩංගු හෘද ස්පන්දනය පාලනය කිරීමක් කරනවා.

*අඹ ආහාරයට  ගැනීමෙන් ශරීරයේ හොමොසිස්ටින් මට්ටම පාලනය කිරීමේ හැකියාව පවතිනවා.සම පිරිසිදු කිරීමේ හැකියාවක් හා ඇස් වල නිරෝගිබව පාලනය කිරීමේ හැකියාවක්ද අඹ වල තිබෙනවා.කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් ද පවතිනවා.

*නිරක්තිය සහ අඝාත සෑදීම වළක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.

*මැලික්,සිට්‍රික්,ටාට්‍රික් යන ඇසිඩ් වර්ග 03 අඹ වල අන්තර්ගත නිසා බාස්මිකතව පාලනය කිරීමක් කරනවා.

ආයුර්වේදමය වශයෙන් අඹ වල ගුණ
*ආයුර්වේදයේ ඖෂද සකස් කිරීම සදහා අඹ ගසේ පොතු,මුල්,මල්,කොළ,ඇට පමණක් නොව අඹ මදයද ප්‍රයෝජනයට ගන්නවා.

ඉඳුණු අඹ වල ගුණ
*ශරීරය මහත් කරනවා.

*හෘද වස්තුවට හිතකරයි.
*සම පැහැපත් කරනවා.
*බුද්ධිය වර්ධනය කරනවා.
*ශරීරයේ බලය වැඩි කරනවා.

අමු අඹ වල ගුණ
*රක්ත,පික්ත කෝප කරනවා.

අඹ කොළ වල ගුණ
*අඹ කොළ ඉස්ම වමනය නතර කිරීම සදහා ලබා දෙනවා.
*ඉක්කාව නතර කිරීමට අඹ කොළ දුම අල්ලනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


0 comments:

Post a Comment