Wednesday, August 31, 2016

මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ.

මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෑ.
 


‘‘මොන දේ කෑවත් පිළිකා හැදෙන්න පුළුවන්’’ කියන කතාව දැන් හැම තැනම පැතිරෙන එකක්. මේක වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මේ වගේ පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු දේවල් දාල හදපු කෑම විකුණන තැනුයි, ඒවාගෙන් නිතරම කන කට්ටියයි තමයි. මුලින් කියපු අය එහෙම කියන්නේ බිස්නස් එක පවත්වා ගන්න ඕනේ කමට, ඒවාගෙන් කාල පෙරේත කමට නවත්තා ගන්න බැරි අය තමන්ගේ කෑම සාධාරණීකරණය කර ගන්න තමයි ඔහොම කියන්නේ.

කොහොම වුනත් මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ බොහොම භයානක සත්‍යයක්. බොහොමයක් දෙනා නිතරම කන කෑම බීම වර්ග වල පිළිකා ඇති කිරීමේ හැකියාව වර්ධනය කරන බවට තහවුරු වුන දේවල් අඩංගුයි. දැන් මේ කියන්න හදන්නේ ඒ විදිහට වැඩියෙන්ම පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු කෑම වර්ග 10 ගැනයි. ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මේවා කන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න බලන්න.

1. ජාන වෙනස් කළ ආහාර (GMO)

GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

2. සැකසූ මස් ආහාර.

Processed meatsසකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්. ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ප‍්‍රශ්නයක් නෑ.

3. මයික්‍රෝවේව් කරපු කෑම.

Microwave popcornආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු/හදපු දෙක තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි. මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් හොඳයි.

4. සෝඩා වර්ග.

Soda popකොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා. මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා ෙසෙල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

5. ‘ඩයට්’ බීම වර්ග.

'Diet' foods, beveragesබොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි. ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ (aspartame), සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

6. පිරිසිදු කරපු තිරිඟු පිටි.

Refined 'white' floursමේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිළිකා හඳුනා ගැනීම, ලක්ෂණ හා වළක්වා ගැනීම පිළිබඳ ජර්නල් එකේ දක්වලා තියෙන විදිහට අධික ලෙස තිරිඟු පිටි ආහාර ගැනීම හා ගැහැණු අයගේ පියයුරු පිළිකා ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. මොන තරම්ද කියනවා නම් තිරිඟු පිටි අධික ආහාර ගන්න අයගේ පිළිකා වැළඳීමට ඇති හැකියාව 220%කින් වැඩියි. මෙහිදී මතක තියා ගන්න අවශ්‍යයි ඉඳ හිට කන එකෙන් නෙවෙයි ගැටලූව ඇති වෙන්නේ, නිතරම අධිකව තිරිඟු පිටි ආහාර ගන්න එක තමයි නරක කියන දේ. ඒ නිසා දැන්ම ඔබ බත් කන වේල් ගාන වැඩි කර ගෙන පාන්, රොටි, නුඞ්ල්ස්, කොත්තු කන වේල් ගාන අඩු කර ගන්න බලන්න.

7. සුදු සීනි

Refined sugarsසීනි සුදු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ දෙවරක් පිරිසිදු කරලා කියලයි. ඒත් කොහොමද ඒක කරන්නේ? සීනි වල හලලා / පෙරලා පිරිසිදු කරන්න පුළුවන් කුණු දුවිලි අඩංගු නිසා නෙවෙයි ස්වභාවික සීනි දුඹුරු පාට වෙන්නේ. ඒ තමයි සීනි වල පාට. ඒ නිසා සුදු සීනි හදන්න රසායනික විපර්යාසයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම පිරිසිදු කිරීමක් නෙවෙයි. දුඹුරු පාට ඇති කරන පෝෂක ටික සීනි වලින් ඉවත් කිරීමක්. මෙතන ලොකුම ප‍්‍රශ්නය ඇති වෙන්නේ ඒකෙන් නෙවෙයි. මේ විදිහට දුඹුරු පාට ඉවත් කරපු සීනි පිළිකා ෙසෙල වලින් උරා ගන්න ඉඩ හොඳටම වැඩි වෙනවා. අපි කාගේත් ඇෙඟ් පිළිකා ෙසෙල තියෙනවා, නමුත් ඒවා වර්ධනය වෙන්නේ නැති නිසයි පිළිකා වැළඳෙන්නේ නැත්තේ. සුදු සීනි නිතර කෑවම මේවාට වර්ධනය වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා. නැති ලෙඩ හදා ගන්නවා කියන්නේ ඒකටයි. අදම ඒ නිසා දුඹුරු සීනි වලට මාරු වෙන්න.

8. ඇපල්, දොඩම්, මිදි.

Conventional apples, grapes, and other 'dirty' fruitsඅද හැම තැනම සීයට හතරයි පහයි කියලා විකුණන ගොඩක් පලතුරු එන්නේ චීනයෙන්. මේවා බොහෝ විට හදන්නේ විවිධ උත්තේජක බොහොමයක් දාලා වගේම වායු ¥ෂණය අධික, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු පැති වල තියෙන ගොවිපළවල් වලින්. මේ නිසා මේ දේවල් නිතර කන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. කාබනික බවට තහවුරු කරපු තැනකින් මිසක් මේවා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවාට යොදන උත්තේජක සහ කෘමි නාශක වලිනුත්, ඒ ගස් උරා ගන්න වාතයේ තියෙන විෂ වර්ග නිසාත් පිළිකා කාරක අවදානම ඉහල යනවා.

9. සැමන්

Farmed salmonටින් කරපු මාළු සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ මුහුදෙන් අල්ලා ගන්න මාළු නෙවෙයි. කෘත‍්‍රිමව හදපු පොකුණු කර දිය විදිහට සකස් කරලා කුකුල් කොටු වගේ මාළුවන් පුරවලා තමයි හදන්නේ. මොකද එතකොට ලාභය වැඩි කර ගන්න පුළුවන්. අනික මේ මාළු ඉක්මනින් වැඩෙන්න විවිධ රසායනික හා ආහාර අතිරේක යොදනවා. මෙච්චර ගානක් එක තැන ඉන්න කොට රෝග බෝ වෙන එක නවත්තන්න වතුරටමයි බෙහෙත් දාන්නෙත්, ඉතින් හොඳට ඉන්න මාළුවන් පවා ඒ දේවල් උරා ගන්නවා. ඒ නිසා සැමන් වර්ග කෑවාට මාළුවන්ගේ ගුණය ලැබෙන්නේ නෑ. මේ නිසා ඔබට කන්න ඕනේ නම් මුහුදු මාළු හෝ වැව් මාළු කෑමට ගන්න. ඒක ඔබේ ඇඟට ඉතා ගුණදායකයි.

10. හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග

Hydrogenated oilsසැකසූ ආහාර, අල පෙති වගේ දේවල් මුඩු රහක් එන්නේ නැතිව කල් තියා ගන්න පාවිච්චි කරන්නේ හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග. මේවා සාමාන්‍ය තෙල් වලට හයිඩ‍්‍රජන් යවලා තමයි හදන්නේ. මේ ආහාර වැඩිපුර ගත්තම අපේ ඇෙඟ් තියෙන ෙසෙල වල ෙසෙල පටලයේ විවිධ වෙනස් කම් ඇති වෙලා පිළිකා ෙසෙල ඇති වෙන්න තියන අවදානම ඉහළ යනවා. මීට අමතරව මේවායේ ට‍්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙන එකත් පිළිකා අවදානම වැඩි වෙන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා.



ඉතින් පේනවා නේද අපි රස කර කර කන ගොඩක් දේවල් පිළිකා කාරක බව? මේ නිසා පුළුවන් තරම් ස්වභාවික ආහාර වලට නැඹුරු වෙන්න. ලංකාව බොහොම නිරෝගී මිනිස්සු හිටපු රටක්. කනගාටුවට වගේ මේ අනවශ්‍ය කෑම බීම වලට හුරු වෙලා අපේ මිනිස්සුත් දැන් ජීවිතය ගෙවනවාට වඩා කරන්නේ ඉස්පිරිතාල වලට වෙලා කාලේ ගෙවන එකයි. හොඳට බලන්න අපේ දේශීය ආහාර එකක් මේ ලැයිස්තුවේ තියෙනවාද කියලා? ඉතින් මොනවටද අපි මළ ජරාව කාලා නිකන් ලෙඩ වෙන්නේ? බටහිර මිනිස්සු මේවා කාල එපා වෙලා ගුණවත් ආහාර කද්දී අපේ අය හොඳ ආහාර අහක දාල මේවා කනවා. පෝෂ්‍යදායක එළවලූ, පලතුරු වවන මිනිස්සු හිඟා කද්දී ලෙඩ හදන කෑම විකුණන මුදලාලිලා පොහොසත් වෙනවා.

මේ ලිපිය පුළුවන් තරම් share කරලා ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න දායක වෙන්න. අපේ රට ලෙඩ ගොඩක් වෙන්න යන එක නවත්තන්න අපි කවුරුත් දායක වෙන්න අවශ්‍යයි. අදම හිතට ගන්න මේක වෙනස් කරලා හිටියා වගේම නිරෝගී ජාතියක් වෙන්න ශ‍්‍රී ලංකාවට උදව්‍ වෙනවා කියලා තමන්ට පුළුවන් විදිහට. කවදා හරි අපේ දරුවෝ අපිට පින් දේවි. දැන්ම ක‍්‍රියාත්මක වෙමු.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.

දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.

ඔබ බලාපොරොත්තු වනව නම් දින දහයකින් ඔබගේ දේහයේ බර වැඩි කරගන්න, එය තවදුරටත් සිහිනයක් නොවේ. එය සිදු කර ගැනීමට හැකි දෙයකි. ඔබ සැවොම දන්නව වගේ දේහ බර වැඩි කර ගැනීම දේහ බර අඩු කර ගැනීම තරම් අපහසු නැත. කල යුත්තෙ නිසි කළමනාකරණයක් ඇතුව නිසියාකාරව ක්‍රියා කිරීමය. බොහෝ පුද්ගලයන් කියනව මොකක් හරි හදා ගෙන බිව්වම බර වැඩි වෙනව කියල. ඒක බොරුවක්. ඔබට සිද්ද වෙනව ඔබගේ සෑම ක්‍රියාකාරකමක් ගැනම අවධානය යොමු කරගන්න. ඇත්තටම කැපකිරීමක් අවශ්‍යවෙනවා ඔබගේත්.
 
කොහොමද මෙය සිදු කරන්නෙ?
ඔබගේ කෑම වේල් වලට අවධානය යොමු කරන්න. කැලරි අධික හා පෝෂ්‍යපධාර්ථ අධික අහාර එමෙන්ම සන්තෘප්ත මේදය අඩු, සිනි අඩු අහාර තෝර ගත යුතු වනව. යොදය ඉවත් කල කිරි, ධාන්‍ය, බඩඉරිගු, අල වර්ග, කැලරි අධික අහාර වන කෙසෙල් හා ප්‍රෝටීන් සහ පෝෂ්‍යපධාර්ථ අධික කවුපි වැනි අහාර ඔබ නිතරම භාවිත කල යුතු වනව, එනම් ඔබගේ අහාර වේල් වලට එකතු කරගත යුතු වනව.

ඔබ ගන්නා අහාර පහසුවෙන්ම ඔබගේ දේහ බර වැඩි කිරීමට පමණක් යෙදෙවෙන්න කටයුතු කරන්න
ඔබට ඔබගේ දේහයේ බර දින දහයකින් වැඩි කරගන්න අවශ්‍ය නම්, ඔබට සිදු වනව අවම වශයෙන් කැලරි 500ක් දිනකදී දේහය තුලට ලබා ගැනීමට. ඉතින් කොහොමද මේක කරන්නෙ? ඔබට සිදු වෙනව ඔබගේ කෑම වේලෙ ප්‍රමාණය වැඩි කරන්න. ප්‍රමාණය දෙගුණ කරන්න හැකියාවක් තියෙනව නම් ගොඩක් වටිනව. අඩුම තරමෙ ගන්න අහාරවේල වගේ භාගෙකින් වත් අලුත් අහාර වේල වැඩි විය යුතු වනව. ඒ වගේම ඔබ පරිභෝජනය කල යුතු වන්නෙ ඔබගේ කැලරි අවශ්‍යතාවය සපුරන අහාරයන්ය. නැත්නම් කොපමණ අහාර ගත්තත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය ගොඩක් අය කියන්නෙ කොච්චර කෑවත් වැඩක් නෑ කියල. දැන් තේරෙනව නේද ඇයි කියල ඒ. පිෂ්ඨය අධික ප්‍රෝටීන් අධික අහාර නිතරම භාවිත කරන්න.

අහාර වගේම තමා ඔබ ලබාගන්න පානයන්ද වැදගත් වනව ඔබට දින දහයකින් දේහ බර වැඩි කර ගැනීමට අවශ්‍ය නම්.  පලතුරු බිම, මේද රහිත කිරි, ශක්තිජනක පානයන් වැනි සුලභව භාවිතා කරන පානයන්, අහාර වේල් වලට අමතරව ලබා ගන්න.

නින්දට යාමට සුළු මොහොතකට කලින් ආහාරයක් ලබන්න
මේ මොහොත තමා ඔබගේ දේහයේ පරිවෘත්තීයක්‍රියා වේගය සැලකිය යුතු මට්ටමින් අඩු වන වෙලාව. එම නිසා මෙහිදී ආහාරයක් ලබා ගැනීමෙන් දේහ බර වැඩි වීමට වැඩි හැකියාවක් පවතිනව. මොකද ලබා ගන්න ආහාරය නැතහොත් කැලරි දහනය වීමේ වේගය අඩු වන නිසා.
ඒ වගේම ව්‍යායාම කිරීමද වැදගත් වනව ඔබට දේහ බර දින දහයකින් වැනි සුළු කාලයකින් වැඩි කරගැනීමට අවශ්‍ය නම් . එවැනි කල යුතු ව්‍යායාම වර්ග කිහිපයක චයාරූප පහතින් දක්වල තිබෙනව.

කෙසේ නමුත් දේහ බර වැඩි කර ගන්නට කියල සෞඛ්‍යයට අහිතකර අහාර පුරුදු ඇතිකර ගන්න හදන්න එපා. කොලෙස්ටරෝල්, සීනි වගේ දේවල් ඉහල යන්න පුළුවන් එවැනි දේ සිදු කලොත්. ඒ නිසා හැකි තරම් උත්සහ කරන්න ස්වභාවික අහාර භාවිතයට. 

















අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.

සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
ඔබ දන්නවාද ඔබ අයිස් ආහාරයට ගත් විට, අයිස් කියුබ් එකක් දහනය වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් දේහයේ දහනය වන බව. පුදුමයට පත්වෙන කරුණු වෙන්නෙ අයිස්, දේහයේ බර අඩු කිරීමට ඇති සුදුසුම ප්‍රධාන මෙවලමක් ලෙස යොදා ගැනීමට හැකි වීමයි.

විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් පෙන්වා දෙන කරුණ වන්නෙ අයිස් දේහයට ගැනීම තුලින් අපගේ දේහයේ මුලික පරිවෘතීය වේගය ඉහළ යන බවයි. මෙය සිදුවන්නෙ,ඔබ අයිස් ආහාරයට ගත්විට, ඔබගේ දේහයේ කැලරි දහනය වීම මෙන්ම හොඳ කැලරි දහනය වීම කියන ක්‍රියාවලි දෙකම ඔබට ලැබෙන නිසායි. ශීත කරන ලද ආහාර දේහයට ගත්විටද අපගේ දේහය එම ආහාර ජීරණය කිරීමේදී දේහ උෂ්ණත්වයට  එම ආහාර ගැනීමට අපගේ දේහයේම ශක්තිය භාවිතා කරනව. ඉතින් ඔබ අයිස් ලීටරයක පමණ අයිස් පරිබෝජනය කළහොත් ඔබගේ දේහයේ කැලරි 160ක් පමණ දහනය වනව. මෙම කැලරි ප්‍රමාණය  ප්‍රමාණය සමාන වනව ඔබ ඉතා මහන්සියෙන් සැතපුම් 1ක් දිවීමෙන් දහනය වන කැලරි ප්‍රමාණයට.

ඔබට දැන් ගැටළුවක් ඇතිවෙන්න පුළුවන් අයිස් ලීටර් 1ක් දිනකට ගැනීම සෞඛ්‍යයට හිතකරද කියල?  බිය වෙන්න එපා දිනකට අයිස් ලීටර් 1ක් ගැනීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර වෙන්නෙ නෑ. නමුත් එම ප්‍රමාණය ඉක්මවා යෑම ඔබගේ සෞඛ්‍යයට අහිතකරයි. ඉතා අධික ලෙස අයිස් ඔබගේ දේහයට ලබාගත හොත් ඔබගේ දේහයේ සමහර අවයව නිසියාකාරව ක්‍රියා කිරීම සිදු වන්නෙ නැතිවෙනව, දේහයේ උෂ්ණත්වය ගොඩක් පහල වැටිම හේතුවෙන්. ඒ වගේම කුඩා දරුවන් අයිස් භාවිතා කිරීමේදී ඔවුන්ගේ දේහ බරට අනුව අයිස් භාවිතා කල යුතු වෙනව. නැතහොත් එය ඔවුන්ගෙ මොලයට බලපෑම් ඇතිකළ හැකි වෙනව. බිය වෙන්න එපා ඉහත කරනා දුටු ගමන්, එවැනි දේ සිදු වන්නේ ඔබ ඉතා ඉක්මනින් බර අඩු කරගන්න කියල ඉතා විශාල අයිස් ප්‍රමානයක් දේහයට ගතහොත් පමණයි. ඒ වගේම කුඩා දරුවන්ගේ දේහය ගොඩක් සංවේදී බැවින් මෙවැනි ක්‍රම යෝග්‍යය වන්නේත් නෑ ඔවුන්ට. නිසියාකාරව මෙය සිදු කළහොත් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන බව ස්ථිරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.

කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.

ලිංගික සැබදියාවකදී ඕනෑම පුරුෂයකුට අවශ්‍ය වන්නෙ තම සහකාරියට උපරිම තෘප්තියක් ලබාදීමටයි. නමුත් බොහෝ දෙනාට නිසි අවබෝදයක් නෑ කොහොමද ඒ තත්වයට, තම සහකාරියව  ලඟා කරගන්නෙ කියන දේ පිලිබදව. ඔබ දන්නවාද කාන්තාවකගෙ ශරීරයෙ මද ජනක(සංවේදී) ස්ථාන 10ක් තිබෙන බව. මෙම ස්ථාන ස්පර්ශ කිරීමෙන් හා උත්තේජනය කිරීමෙන් ඔබට හැකියාවක් පවතිනව ඇය හට උපරිම තෘප්තියක් ලබා දීමට.

මෙම ස්ථාන ස්නායු බහුල ස්ථාන නිසා තමා මෙතරම් සංවේදී වී ඇත්තෙ. ඉතින් ඔබ ලිංගිකව එකතුවිමේදී මෙම ස්ථාන සියුම් ලෙස ඇගිලි තුඩු වලින් පිරිමැදීමෙන්, සිපගැනීමෙන් ඇය මහත් සේ ඔබේ ග්‍රහණයට ලගා කරගනු හැක. එම ස්ථාන 10 මෙසේය, හිස, කණ (කන් වල පිටුපස ඉතාම සංවේදී ස්ථානයකි), දෙතොල්, බෙල්ල, ඇගේ තනපුඩු, ඇගෙ පිටේ යට ප්‍රදේශය, යටිබඩ, "Clitoris" භගමනිය (භගමනිය යනු ඉතා සංවේදී ස්ථානයකි. මොකද එතැන් ඉතා විශාල ස්නායු සංඛ්‍යයාවක් කුඩා ස්ථානයකට එකතු වෙන නිසාය. සමහර කාන්තාවන්ට මෙම ස්ථානය ඇගිලි වලින් පිරි මැදීම මදක් අපහසු විය හැකි. නමුත් මෙම ස්ථානය සියුම්ව සම්භාහනය කිරීමෙන් ඇයව ඉතා ඉහල තෘප්තියකට ගෙන යා හැකිය. අවුරුදු 18 ට වැඩි අය පමණක් ඉහත "clitoris" වචනය මත click කිරීමෙන් නිවැරදිව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය පින්තුරය නැරඹිය හැකිය), කලව ඇතුල් ප්‍රදේශය, ඇගේ දෙපා.

මෙම ප්‍රදේශ තමා කාන්තාවකගෙ දේහය ඉතාම සංවේදී ස්ථාන 10ය වන්නෙ. ඔබත් උත්සහ කරලම ඉතා හොද ප්‍රතිපල ලැබේවි නිසැකයෙන්ම.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



ස්වයන්වින්දනය වැරද්දක්ද?

ස්වයන්වින්දනය වැරද්දක්ද?
 

“සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ.....
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....”

ඔබ මා ඉතා රසවිදින, අසා නොමැති කෙනක් සොයා ගන්නට පවා අපහසු, එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු කටහඩින් ගැයෙන මෙම ගීතයහි නියම අරුත ඔබ දන්නවාද?

ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? එය පිළිබද අපි කතා කල යුතුද? එය ඔබේ සෞඛ්‍යයට අයහපත්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් ඔබට තිබෙන්න පුළුවන්. තව කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වගේ ලිංගිකත්වය ගැන දේ මෙවැනි මාද්‍යය තුලින් කතා කිරීම සුදුසු නැහැ කියල. අපිට වැරදුන තැන මෙතන කිවුවොත් මා නිවැරදි කියා මට සිතේ. අපේ රටේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලොව පුරා අංක 1 වැනි ස්ථාන හිමි කර දීමට තරම් දුරක් යන්නට හේතුව ලෙස මා ප්‍රධාන වශයෙන් දකින්නේ ලිංගිකත්වය ගැන ශ්‍රී ලාංකේය ජනයා තුල පවතින නොදැනුවත්කමයි. ඒ තුලින් අනවශ්‍යය ඇති විය නොයුතු කුතුහලයක්, වැරදි ආශාවන්, අත්හදාබැලීම් වැනි දේට සාමාන්‍ය මිනිසෙකු ගමන් කිරීම ස්වාභාවිකවම ඔවුන් තුලට පැමින්නෙනක් කියා මා හට සිතේ.  කෙසේ වෙතත් එවැනි ක්‍රියා අනුමත කිරීමක් මා මෙහිදී පවසන්නේ නෑ. නමුත් අපේ රටේ පවතින මේ ගැටළු නිරකරණය කිරීමට නම් පාසල් අවදියේම දරුවන්ට් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි මාගේ හැගීම.

දැන් අපි හැරෙමු අපේ අද මාතෘකාවට. ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? මාගේ පිළිතුර නම් “ නෑ “ යන්නයි. ස්වයන්වින්දනය යනු “නව යොවුන් වියට පැමිණෙන නව යොවුන් තරුණ තරුණියන් ගේ ද්විත්යික ලිංගික ලක්‍ෂණ වර්දනය වීමත් සමග ඔවුන්ට ඇතිවෙන ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට රහසේම සිදුවන ලිංගික ක්‍රියාවක්” කියා හැදින්වුවොත් මා නිවරැදි යයි මා හට හැගේ.ස්වයන්වින්දනයේදී සිදුවන්නේ තම ලිංගික අවයවයන් ස්පර්ශ කිරීම තුලින් සුරාන්තයට පත්වීමයි. ඒ වගේම මෙය එක් පාර්ශවයකට පමණක් ඇතිවෙන තත්වයකුත් නෙමේ. නමුත් සමාජීය, සංසුකෘතික බලපෑම මත මෙය ස්ත්‍රී, පුරුෂයන් අතර විව්දත්වයක් දක්වන්න හැකියාවක් පවතිනව. නමුත් ඇත්ත වශයෙන්ම කියනව නම් මෙය වෛද්‍ය විද්‍යාවට අනුකුලව සාමාන්‍යය නිරෝගී මනුෂ්‍යකුට ඇති විය හැකි, ඇති වෙන තත්වයක්. සමීක්ෂණ වාර්තා වලට අනුව පෙනී යන කරුණක් තමයි පිරිමින්ගෙන් 90% ක්ද ගැහැණුන්ගෙන් 70% ක්ද යන සම්භාවිතාවක් ස්වයන්වින්දනය යෙදෙනවා යන්න.කාන්තාවන්ගේ මතයක් පවතිනවා ස්වයන්වින්දනය කිරීම තුලින් තම කන්‍යාභාවයට හානි වනවා කියා. ඒ වගේම සමහර කාන්තවන් ඔවුන්ට ස්වයන්වින්දය කල හැකි බව නොදනී. මෙවැනි වූ කාරණාත් සාමාජිය බලපෑමුත් හේතු කොට ගෙන තමා මෙම ප්‍රතිශතයන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන්නෙ.

විද්‍යාත්මකව ගත් කල ස්වයනවින්දනය යනු වැරදි කරුණක් නෙමේ. නමුත් පුද්ගලයගෙන් පුද්ගලයට මෙය පිළිබද දරන ආකල්ප වෙනස් වන්නට පුළුවන්. බොහෝ අයට පවතින ගැටළු තමයි කොපමණ වරක් දිනකට ස්වයන්වින්දනය කල හැකිද ? අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කලහොත් හානි වෙනවාද කියන ගැටළු. විද්‍යානුකුලව නම් එහෙම කිසිම ගැටළුවක් නැහැ. ඇත්තටම එය ඔබගේ තීරණයක් ඔබ එම ක්‍රියාව කොපමණ කරනවද කියා.  නමුත් ගැටලුව පැමිණෙන්නෙ ශාරීරික පැත්තෙන් නොවේ. සමාජීය හා මානසික පැත්තෙන්.මොකද  ඔබ විවාහකයෙක් නම් ඔබ අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කිරීමට පෙළබීම තුලින් ඔබ සහ  ඔබගේ සහකරු හෝ සහකාරිය සමග පවතින ලිංගික සම්බන්ධතාවයට ගැටළු පැන නැගිය හැකිය. මෙය ඔබගේ පවුල් ජීවිතයට පවා  බලපෑම් කල හැකි ප්‍රශ්නයක් විය හැක. මෙවැනි තත්වයක් පැන නැගුණොත්, ඔබට එය පාලනය කර ගත නොහැකි මට්ටමට දිව ගියොත් මාගේ උපදෙස නම් ඔබ වෛද්‍ය උපදෙස් යොමු වීම සිදු කල යුතු යන්නයි.

ස්වයන්වින්දනය වින්දනය තුලින් ඔබට සෞඛ්‍යයම වශයෙන් වාසි පවා පවතිනව කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔබගේ මනසේ පවතින ආතතියන් පහ කිරීමට ස්වයන්වින්දනය හේතු වනව.එය තුලින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පහසු වෙනව. ඒ වගේම ස්වයන්වින්දනය වින්දනය උපකාරී වෙනව පුරහ්ථථීක ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට.මෞත්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, රෝග වලට හේතු වන විෂ (Toxin) ඇති වීමට හැකියාවක් පවතිනව. ස්වයන්වින්දනය ඔබට උපකාරී වනව එම විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දනය ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද බලපාන බවත් විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ස්වයන්වින්දනයදී සිදුවන විසර්ජනයේදී කොටිසෝල් (cortisol) හෝමෝනය නිදහස් වනව. මෙය ආතතියට බලපාන හෝමෝනයක් නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමා ස්‍රාවය වෙන්නෙ. මෙය උපකාරී වෙනව ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දය අනවශ්‍යය ගැබ් ගැනීම් පවා නවත්වාලීමට හේතුවක් වෙනව. බොහෝ දෙනෙකුට මෙය නොතේරෙන කාරණයක්. තමන් යුග දිවියකට පිවිසීමට පෙර තමන්ට කිසිදු ලිංගික අවශ්‍යතාවක් පැන නොනැගුනා යයි කෙනෙක් පවසනවා නම් එය විහිළුවකි. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අවශ්‍යතා ඇති වීම සාමාන්‍ය දෙයකි. එහිදී එම අවශ්‍යතාවයන් හානියක් නොවෙන්න සපුරාගැනීමට ස්වාභාවිකවම ඇති වුනු ක්‍රියාවලියක් ලෙස ද ස්වයන්වින්දය හැදින්විය හැකිය.
මේ ආකාරයට ගත් කල ඔබට පවා පෙනී යනු ඇත මෙය බිය විය යුතු අමුතු කාරණාවක් නොවන බව. මෙය සම්බන්ද පවතින මිත්‍යා කතා වන ඇග කෙට්ටු වීම , ඇස් පෙනීම දුර්වල වීම වැනි කතා කිසිදු විද්‍යාත්මක පදනක් නොමැති දේය. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නෙ ස්වයන්වින්දනය යනු හානියක් නොමැති ස්වභාවික ක්‍රියාවක් යන්නය.

ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්නත් එපා........

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් මෙන්න.


කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් මෙන්න.

ඔබ කාන්තාවක් නම් ඔබේ පළමු ලිංගික එක්වීමේදී හෝ නව පුරුෂයකු සමග එක් වෙන පළමු ලිංගික ඇසුරේදී සැලකිලිමත් විය යුතු කරුණු
කාන්තාවක් නම් ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයකි මෙය. ඔබ මෙම කරුණු අනුගමය කල හොත් ඔබගේ ප්‍රථම මංගල රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් කර ගැනීමටත් ඔබ ලිංගිකව ඇසුරු කරන විට එය වේදනාවක් නොවී, එහි උපරිම තෘප්තියට ලගාවීමටත්  විය හැකි බව ඔබටම තේරේවි..

1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්.ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය.නමුත් ආරක්ෂා විය යුතු සැලකිල්මත් විය යුතු කරුණුත් තිබෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් ( condom ) පැලද සිටිනවාද යන්න ( ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා ).ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගක ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝදයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ.මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි.මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතිනව .ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞක්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමටත් එහි නිසි පළ නෙලා ගැනීමේ වගකීමත් තිබෙන්නෙ ඔබේ අතේ කිවුවොත් නිවැරදි.

2. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා.මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සමබන්දතා පැවැත්වීමයි.කෙට්යෙන්ම කියුවොත් එක පුද්ගලයෙක්ගෙ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසෙ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා.මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමනයි එනම් ගොඩකින් පළමු අවස්ථාවයි.ඉති දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

 3. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි .මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිදිය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් යාම තරමක වේදනාවක් දැනිම්ටත් හැකිය. දිගු , ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත් , ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.

 4. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා.මොකද ඒ සංසර්ගයේදී. -සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා.මොකද එය විනවිද යාම පමණක් නොවන නිසා.

 5. නිතරම ඔහුත් සමග කතා කරන්න. ඔහුට කියන්න ඔහු කල හොද හා ඔබට දැනෙන විදිය.ඒ වගේම නොදැනෙන දේත් ඔහුට දැනුම් දෙන්න.මොකද පිරිම කෙනා හැම වෙලේම කැමති ප්‍රතිචාර වලට ඔබෙන් ලැබෙන.ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලජ්ජා වෙන්න එපා.
 මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු රාශියක් තිබෙනවා ඔබ දැනගත යුතු මේ සමබන්දව .ඔබට අවශ්‍ය නම් ඉතා හොද සම්බන්දත්වයක් පවත්වා ගැනීමට ආරක්ෂාව,ආදරය,පිරිසිදු කම ඒ වගේම් අදහස් තේරුම් ගැනීම වගේ සාදකත් අදාල වෙනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසුවක් මෙන්න.

කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසුවක් මෙන්න.
 
බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.

ආචාර්ය අනුර ජයසූරිය
මිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
 පර්යේෂණය සිදු කරන නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ, සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී ක්‍රිෂ්ණි චානිකා වීරකෝන් මහත්මිය   මෙසේ කීවාය.
‘මෙය මගේ ආචාර්ය උපාධිය සඳහා මා විසින් තෝරා ගත් පර්යේෂණයක්. පිළිකා සඳහා විධිමත් නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැති නිසා මා මෙම පර්යේෂණය කෙරෙහි නැඹුරුවුණා.
පිළිකා ලෙස හැඳින්වෙන්නේ පාලනය කළ නොහැකිව සිරුරේ අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් බව කිව හැකියි. පිළිකා වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැඛෙනවා. ඒ සඳහා මේ වන විට, විකිරණ, ශල්‍යකර්ම, හෝමෝන සහ රසායනික යන ප්‍රතිකාරක්‍රම භාවිත කෙරෙනවා. ඉහත ක්‍රම වලින් යම් තරමක් දුරට එය පාලනය කළ හැකියි. නමුත් පිළිකා සඳහා සුදුසුම ක්‍රමවේදය එය මුල් අවධියේමදීම පාලනය කිරීමයි.
අප පර්යේෂණ කරන මේ ඖෂධයෙන් අප බලාපොරොත්තු වන්නේ ඕනෑම අවධියක සිටින පිළිකා රොගියකුට ප්‍රතිකාර කිරීමයි.
අපේ රටේ සුලභව සොයා ගත හැකි කරවිල  කවුරුත් අගය කරනවා. ඒ එහි ගුණදායක බව නිසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමොඩිකා  යි.

ආචාර්ය ටෙරන්ස් මධුජිත්
රසය වගේම ගුණයෙන් යුත් දෙළුම් පළතුර පියුනිකා ග්‍රැනේටම්   යන උද්භිද නාමයෙන් හැඳින්වෙනවා.
කරවිල බීජ සහ දෙළුම් බීජ හොඳින් වියළා, නිස්සාරණය කර විද්‍යාගාරය තුළ වර්ධනය වෙන මට්ටමේ ඇති පිළිකා සෛවලට යොදා මෙම පර්යේෂණ සිදු කළා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව කියන්නට කැමැතියි. පර්යේෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා.
පශු වෛද්‍ය පීඨයේ ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයා, ජීව රසායන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්සේ මධුජිත් සහ සාම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාරිනී තුෂාරි හේරත් යන අධීක්ෂක මණ්ඩලය මගින් මේ පර්යේෂණ කටයුතු අධීක්ෂණය කරනවා. එම විද්වත් මණ්ඩලය මගින් මට ලැඛෙන සහාය හා ධෛර්යය මා ඛෙහෙවින් අගය කරනවා‘
මෙම පර්යේෂණයේදී සිදුවන්නේ කුමක්දැයි අපි පශු වෛද්‍ය පීඨයේ ජීව රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය අනුර ජයසූරියගෙන් විමසුවෙමු. 
‘කරවිල බීජ වල අඩංගු ඇල්ෆා ඉලයොස්ටියරික් අම්ලය සහ දෙළුම් බීජ වල අඩංගු පියුනික් අම්ලය යන අම්ල දෙකම මේද අම්ල බව කිව යුතුයි. මෙම මේද අම්ල දෙකටම පොදු ලක්ෂණය තමයි ද්විත්ව බන්ධන තුනක් තිබීම. මෙයින් පිළිකා ෙසෙලවලට විශාල බලපෑමක් සිදු කරනවා. එය ඉතා විශ්මිත බලපෑමක් බව කිව යුතුයි. කරවිල මෝරන්නට, මෝරන්නට මේ මේද අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. අප සාමාන්‍ය ජීවිතයේදී පවා දන්නා කරුණක් තමයි කරවිල දියවැඩියාව සහ කොලෙස්ටරෝල් දහනය සඳහාත් ගුණදායක බව.

ජයන්ත රාජපක්ෂ
ජ්‍යෙෂ්ඨ කථීකාචාරිණී  ක්‍රිෂ්ණි  වීරකෝන් මේ පර්යේෂණය සඳහා ඉතාම වෙහෙස මහන්සි වෙනවා.‘
පශු වෛද්‍ය පීඨයේ, පශු ජෛව ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.
‘වීරකෝන් මහත්මියගේ මෙම පර්යේෂණය අධීක්ෂණය කිරීමේ වගකීම අපේ අධීක්ෂණ මණ්ඩලයට පැවරී තිඛෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවෙනුයි.
පිළිකාව වර්තමානයේ ඉතාම සුලබ ප්‍රශ්නයක්. මේ සඳහා ඛෙහෙත් නොමැතිකම නිසා ඊට ගොදුරු වන පිරිස ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙනවා. අපේ දේශීය ශාඛවලින් මේ ආකාරයේ පිළිකා මර්දනය කිරීමේ හැකියාව මේ පර්යේෂණ මගින් තහවුරු වෙමින් පවතිනවා. ‘



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ වකුගඩු රෝගයේ ඔබ නොදන්නා මේ දේවලුත් දැනගන්න.

වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ වකුගඩු රෝගයේ ඔබ නොදන්නා මේ දේවලුත් දැනගන්න.
 


මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ
ප්‍රධානි විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර

වකුගඩු රෝග නිහඬ මාරයකු හා සමාන යැයි මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසිංහ මහතා පවසයි. වෛද්‍ය අබේසිංහ එසේ පැවැසූයේ ලෝක වකුගඩු සංවිධානය මඟින් වකුගඩු දිනය ලෙස නම් කරන ලද මාර්තු 10 වැනිදාට යෙදුණු මාධ්‍ය සම්මන්ත්‍රණයේදීය.

ශ්‍රී ලංකාවේ උතුරුමැද, වයඹ, ඌව හා නැඟෙනහිර පළාත්වල වර්තමානයෙහි බහුලව ඇතිවන වකුගඩු රෝගය මේ වන විට ඒ පළාත්වල ජනතාව මුහුණපාන බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට ද පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක් මුළුල්ලේම එම ප්‍රදේශවලින් බහුල ලෙස වකුගඩු රෝගීන් හඳුනා ගත්ත ද ඒ සඳහා බලපෑ, නිශ්චිත වෛද්‍ය විද්‍යානුකූල හේතු තවමත් හඳුනාගෙන නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ප්‍රජා සංවිධාන හා මෙරට විශ්ව විද්‍යාල එක්ව මේ වන විට මෙම රෝගයට බලපාන හේතු හඳුනා ගැනීම සඳහා විවිධ පර්යේෂණ හා අධ්‍යයන රාශියක් ක්‍රියාත්මක කරයි. මෙම පර්යේෂණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව සිදුකරන ලද පුළුල් පර්යේෂණයෙහි ප්‍රතිඵල බෙල්ජියමේ රසායනාගාරයක් වෙත යවා තිබේ.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලබන ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කැරෙන අතර එතෙක් හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හැකි යැයි ඉදිරිපත් කැරෙන අවදානම් සාධක පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි යැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යභාර වෛද්‍ය එෆ්. ආර්. මේතා පවසනුයේ ද උක්ත පර්යේෂණයෙහි ප්‍රතිඵල නිකුත් වන තුරු විවිධ සමීක්ෂණයන් වරින්වර ඉදිරිපත් කරන හේතු සාධක පිළිබඳව ජනතාව කලබලයට පත් විය යුතු නැති බවය.

වකුගඩු රෝග මාරාන්තික වන්නේ කෙසේ දැයි ජනතාව දැන සිටීම වැදගත්ය. වකුගඩු මිනිස් සිරුරෙහි ඇති වැදගත්ම ඉන්ද්‍රියකි. සිරුරෙහි සංසරණය වන අපිරිසුදු රුධිරය පිරිසුදු කොට යළිත් සිරුර පුරා සංසරණය කරවන්නට උපකාරී වන ඉන්ද්‍රිය වකුගඩු වේ. රුධිරයෙහි පවතින යූරියා වැනි අපද්‍රව්‍ය මුත්‍රා ලෙස පෙරී සිරුරෙන් බැහැර කරවන්නේ වකුගඩු මඟිනි. වකුගඩුවලට හානි සිදු වුවහොත් හෝ ඒවා අක්‍රියාකාරී වුවහොත් ඉහත ක්‍රියාවලීන්ට බාධා සිදුවීමෙන් මිනිසා මරණයට පත් වේ.

සාමාන්‍යයෙන් වකුගඩු රෝගයට ගොදුරු වීමට බලපාන හේතු සාධක අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, එම රෝග සඳහා දිගුකාලීනව ප්‍රතිකාර ලැබීම, අධික දුම් හා මත්පැන් බීම ඇතැම් කල් පවත්නා රෝග සඳහා දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ ප්‍රධාන තැනක් ගනී.

එහෙත් අපේ රටේ ඉහත කී පළාත්වල බහුලව හමුවන වකුගඩු රෝගීන් ගේ වකුගඩු රෝගය සඳහා මෙම සාමාන්‍ය සාධක බලපාන්නේ නැති බවත් ඊට හේතු වන නිශ්චිත කරුණු මෙතෙක් විද්‍යානුකූලව සනාථ කොට නැති බවත් කියැවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්දේශ කරන ලද ආකාරයට අනුව හේතු හඳුනා නොගත් වකුගඩු ආබාධ ලෙස වර්ග කිරීමට පහත සඳහන් ලක්ෂණ රෝගියා වෙතින් පළ විය යුතුය.

* දියවැඩියාව හෝ ඉතා ඉහළ මට්ටමේ රුධිර පීඩනයෙන් පෙළෙන අයකු නොවීම හෝ එම රෝගයට කලින් ගොදුරු වී නොසිටීම.

* දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින අයකු නොවීම.

* රුධිරයේ ඩ්ඡඒධ්ඛ් අගය සියයට 6.5 ට අඩුවෙන් පැවතීම.

* රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතින හා රුධිර පීඩනය යාමනය කරන බෙහෙත් වර්ග දෙකකට වඩා අඩු සංඛ්‍යාවක් ගන්නා අයකු වීම.

මෙම ලක්ෂණ සහිත අයකුට වකුගඩු ආබාධයක් හටගතහොත් එය හේතු හඳුනා නොගත් වකුකඩු රෝග ගණයට වැටෙයි.

අපේ රටේ වකුගඩු රෝගය වැඩිපුර හඳුනා ගැනීමට බලපෑ හේතු අතර වැඩිහිටි ජනතාව වැඩි වීම, රෝග රටාවේ වෙනස් වීම, ආර්ථික සංක්‍රාන්තිය මෙන්ම සුපුරුදු ජීවන රටාවේ සිදු වූ වෙනස්වීම ද වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ඖෂධ සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සියයට 4.6 ක්ම වෙන් කරනු ලබන්නේ වකුගඩු රෝගීන් සඳහාය. අනුරාධපුර, පොලොන්නරුව, පදවි ශ්‍රී පුර, පදවිය, ගිරාඳුරු කෝට්ටේ සහ ඌව පළාතේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැව වැනි හඳුනාගත් ස්ථාන කිහිපයකින් ද හඳුනා නොගත් හේතු වලින් හටගන්නා වකුගඩු රෝගීන් වැඩි වශයෙන් හමු වී තිබේ.

ඒ ප්‍රදේශවල පසෙහි කැඩ්මියම් හා ඇලුමිනියම් වැනි ලෝහ වර්ග අඩංගු වීම, ජලයෙහි ෆ්ලෝරයිඩ් අඩංගු වීම, ඒ ප්‍රදේශවල බහුලව වැවෙන අල වර්ග ජලජ පැළෑටි, හා මසුන් ආහාරයට ගැනීම වැනි පරිසර සාධක මීට බලපා ඇතැයි විවිධ මත පළ වුවද තවමත් ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි වී ඇතැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.

මරණවලට හේතු වන හේතු අතරින් එකොළොස් වන ස්ථානය හිමි වන්නේ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයටය. රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 - 70 අතර පිරිමිය. අනුරාධපුර පොලොන්නරුව, කුරුණෑගල - නිකවැව, බදුල්ල වැනි ප්‍රදේශවල ගොවිතැන ජීවිකාව කරගත් දිළිඳු ජනතාව අතර වකුගඩු රෝගය බහුලව පැතිරී යනු දැකිය හැකිය.

පවුලේ ආර්ථිකයට දායක වන පුද්ගලයන් රෝගයට ගොදුරු වීමෙන් ඒ පවුලේ ආර්ථිකය කඩා වැටීම ද සමාජයීය ගැටලුවක් බවට පත්ව තිබේ. කෘෂිකර්මාන්තය සඳහා බහුලව කෘෂි රසායන යොදා ගැනීම, පස්වලට පොහොර යෙදීම වැනි කරුණු ද වකුගඩු රෝගය සඳහා බලපෑමට ඉඩ ඇතැයි ද මත පළ කැරේ.

කවර වකුගඩු රෝගයක් වුවත් මාරාන්තික වන්නේ රෝගය හඳුනා ගන්නා විට බොහෝ විට වකුගඩු දෙකම සියයට සියයක්ම අක්‍රියාකාරී තත්ත්වයට පත්වී තිබිය හැකි බැවිනි. රෝගියාට කිසිදු ශාරීරික අපහසුතාවක් නොදැනීම හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවීම මෙම අවාසනාවන්ත රෝගයේ ස්වභාවයයි.

දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා දිගුකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීනට නම් ඒ පිළිබඳ සැකයක් ඇති හෙයින් වරින් වර වකුගඩු පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබේ. එහෙත් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයේදී කිසිදු පූර්ව ලක්ෂණයක් පහළ වන්නේ නැත. වකුගඩු නරක් වීමට පටන් ගෙන වසර 15 - 20 ක් යනතුරු කිසිදු අපහසුවක් හෝ රෝග ලක්ෂණයක් රෝගියාට නොදැනේ.

වර්තමානයේ උපතේ සිට අවුරුදු 10 - 13 අතර කුඩා වයස්වල ළමයින්ට පවා හඳුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීම ඛේදජනක තත්ත්වයකි. වකුගඩු රෝග බහුලව ඇතිවන ප්‍රදේශවල ජනතාවට ඉන් වැළකීම සඳහා ඇති හොඳම පිළියම නිතර නිතරම වකුගඩු, මුත්‍රා සහ රුධිර පරීක්ෂාවන්ට ලක්වීමෙන් වකුගඩුවලට හානි පැමිණ ඇත්දැයි සොයා බැලීමය.

වකුගඩු රෝගයක මූලික ලක්ෂණ සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයකදී හඳුනාගත හැකිය. එසේ කල්තියා හඳුනාගත් විට හානි වූ වකුගඩුව යළිත් පිළියම් කොට යථා තත්ත්වයට පත්කළ නොහැකි වුවත්, ඒ තත්ත්වය වර්ධනය නොවන පරිදි රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කැරේ. වකුගඩු රෝගයකින් වකුගඩුවලට හානි සිදු වී ඇතැයි හඳුනා ගත් විට ප්‍රතිකාර කළ හැකි දෙවැනි ක්‍රමය වන්නේ ‘රුධිර කාන්දුකරණය’ මඟින් වකුගඩුවලින් සිරුර තුළ සිදු කරන ක්‍රියාවලිය කෘත්‍රිමව යාන්ත්‍රානුසාරයෙන් කරවා ගැනීමය.

මෙය ඉතා මිල අධික ප්‍රතිකාරයක් වුවද රෝගියාගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.

මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගියාගේ ආයු කාලය වසර කිහිපයකින් හෝ දීර්ඝ කළ හැකිය. රුධිර කාන්දුකරණය සඳහා වරකට රුපියල් 8000 ක් පමණ ද මසකට රුපියල් ලක්ෂයක් පමණ ද වැය කිරීමට සිදුවේ.

අවසාන ප්‍රතිකර්මය වන්නේ වකුගඩු බද්ධ කිරීමය. වකුගඩු බද්ධ කිරීමේදී රෝගී පුද්ගලයාගේ සමීප ඥාතියකුගෙන් හෝ රෝගියාගේ රුධිර කාණ්ඩයට සමාන රුධිර කාණ්ඩයට අයත් නිරෝගී පුද්ගලයකුගේ වකුගඩුවක් සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ.

වකුගඩු රෝග හඳුනාගත් විට කවර පිළියමක් කළ ද ඒවා ඉතා දීර්ඝකාලීන පිළියම් නොවන හෙයින් හොඳම ක්‍රමය වකුගඩු ආරක්ෂා කර ගැනීමය. ඒ සඳහා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. දුප්පත්කම හෝ නොදැනුවත්කම නිසා රෝගය හඳුනා ගැනීමට පමා වීම පසුතැවිල්ලට හේතු වේ. වකුගඩු රෝග සහිත ඉතිහාසයක් ඇති පවුල්වල සාමාජිකයන් රෝහල වෙත ගොස් මුත්‍රා පරීක්ෂණයක් මඟින් තමාට රෝගය ඇතිවීමට ඉඩ තිබේදැයි පරීක්ෂා කරවා ගත යුතුය. ජානමය සාධක ද ඊට බලපෑ හැකි බැවිනි.

රෝගය ඇතැයි හඳුනා ගත් පසුව අඛණ්ඩව සායනවලට පැමිණිමත් ලබා දෙන ඖෂධ නියමිත ආකාරයට ලබා ගැනීමත් ඉතා වැදගත්ය. අවදානම් සහිත පළාත්වල සෑම රෝහලකින්ම සරල මුත්‍රා පරීක්ෂණයක් කරවා ගැනීමෙන් රෝගය හඳුනාගත හැකිය. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගන්නට පුළුවන. පටක පරීක්ෂණයෙන් ද මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගත හැකිය. මුත්‍රා පරීක්ෂණයේදී මුත්‍රාවල ප්‍රෝටීන ඇතැයි හඳුනා ගතහොත් එය විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණකි.

වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රුධිර පීඩනය පාලනය කිරීම, ප්‍රෝටීන සහිත ආහාර පාලනය, පිරිසුදු වතුර වැඩිපුර පානය කිරීම, දුම්වැටි හා මත් වතුර බීමෙන් වැළකීම, අනවශ්‍ය ලෙස වේදනා නාශක ඖෂධ නිතර ගැනීමෙන් වැළකීම සහ උසට සරිලන ශරීර බරක් පවත්වා ගැනීම වැදගත් වේ. නිතර නිතර අධික ක්‍රියාකාරීත්වයෙන් යුතු වේදනා නාශක ගැනීමට හුරු වීමෙන් රෝගී මෙන්ම නිරෝගී වකුගඩුවලට ද හානි සිදු වේ.

දැනට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයෙහි සියලුම ආකාරයේ වකුගඩු රෝග සඳහා ඖෂධ, රුධිර කාන්දුකරණ ඒකක සහ වකුගඩු බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අති නවීන ශල්‍යාගාර ඇතුළු සියලුම පහසුකම් නොමිලේ සැපයේ. මීට අමතරව අනුරාධපුර සහ කොළඹ මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානවල රුධිර කාන්දුකරණ ඒකක ඇතුළු වෛද්‍ය සේවා පවත්වාගෙන යනු ලැබේ.

අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල සහ කුරුණෑගල රෝහල්වල වකුගඩු සායන පැවැත්වේ. වකුගඩුවල නිරෝගී භාවය කල්තියා විමසා බැලීම සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාගේ අනුමැතිය යටතේ සරල මුත්‍රා පරීක්ෂණ සිදු කරවා ගත හැකිය. කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ වකුගඩු තරමක් දුරට හෝ නරක් වූ පසුවය.

ප්‍රතිකාර සඳහා අධික මිලක් වැය වන එමෙන්ම ස්ථිර සුවයක් නොලැබෙන, පීඩාකාරී මාරාන්තික රෝගයකින් වැළකීමට නම් ඒ පිළිබඳ පූර්ව පරීක්ෂාවන් සිදු කරගෙන අවධානයෙන් කටයුතු කිරීම ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම පිළියමයි.

සාගරිකා දිසානායක ජයසිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාවත් නැතුව ඇති.

ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාවත් නැතුව ඇති.
 

01. තොටිල

දිය සීරාව  ඇති තැන්හි වැවෙන ගස් වෙ‍සෙසෙකි. කොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ ද වෙයි. ඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත  හා මොට්ටු දම් පාටින් යුතුයි. දිග කරල් හට ගනී.වා, පිත්, සෙම්, උණ , ආමාවාත , කැස්ස, වමන , අතීසාර සුව කරයි; බඩගිනි වඩයි; මල වියළීම කරයි.පණු රෝග නසයි; ශීතලයි; කසටයි; තිත්තයි.

02. පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ ද පළලින් අඟල් 4ක් පමණ ද වේ.උෂ්ණයි; බරයි; වමන හික්කා නසයි, සෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති  කරයි; ලේ දොස් නසයි; දාහය නැති කරයි. හෘදයට හිතයි.

03. ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේ. කොළ අඟල් 61/2 ක් පමණ  දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයි, උණ, දාහ, අර්ශස් නැති කරයි.පණු රෝග , ප්‍රමේහ , ඉදිමුම් සුව කරයි.ආම රුජා ,පිපාස නැති කරයි.

04. බැබිල

හීන් බැබිල , මහ බැබිල ,මහබූ බැබිල , සූළුබූ බැබිල , කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිල, කේසර බැබිල ආදී වශයෙන් වර්ග කිහිපයෙකි.තිත්තයි , බල විර්ය වඩයි, සෙම් රෝග නසයි, විෂ්මජ්වර, ප්‍රමේහ, උණ නසයි, වාතාර්ශස් ගුණ කරයි.

05. බටු

වා, සෙම්, මේද නසයි; බඩගිනි වඩයි; පණු රෝග නසයි,කැස්ස ,ඇදුම , අරුචි පහ කරයි; හෘදයට හිතයි; කුෂ්ඨ, ග්‍රහණි නසයි.දිරවී‍ෙම් පහසුයි.කටුකයි, තිත්තයි, මුල් ඖෂධ සඳහා ද ගෙඩි  ආහාර සඳහා ද ගනු  ලැබේ.

06. කටුවැල්බටු

වියළි කලාපයෙහි හොඳින් වැවෙතත්, වැඩි වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඖෂධ සඳහා යොදා ගනු ලැබේ.උෂ්ණයි, කටුකයි, තිත්තයි, උණ,  හෘද රෝග, අරුචි, අජීර්ණ, රුජා නසයි.

07. අස්වැන්න

සෑම පළාතෙකම වැවෙන අඟලක් පමණ දිගින් හා අඟල් ½ ක් පමණ පළලින් හා යුතු කොළ ඇති ලතා වෙසෙසකි. දම්පාට මල් හා හීන් කරල් හටගනී. ධාතු වඩයි.ප්‍රමේහ ඉදිමුම නසයි. වමන අතීසාර නැති කරයි. උණ සමනය කරයි.

08. පොල්පළා

වාත නාශක හා විෂ නාෂක ගුණයෙන් යුතුයි. රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. තුවාල සුව කරයි. මුත්‍ර වැඩි කර බැහැර කරන  හෙයින් ශරීරයේ ඉදිමුම නැසීමේ ගුනයෙන්ද යුතු වෙයි.

09. මිදි

මහ මිදි, හීන් මිදි  යනුවෙන් වර්ග දෙකෙකි.කොළ අඟල් 4ක් පමණ  දිගින් හා අඟල් 2 1/2 ක් පමණ පළලින් යුතුයි. ඉතා කුඩා කහ පාට මල් හට ගනී. පාන්ඩුව හා වාත රෝග නසයි.අජීර්ණ සුව කරයි.බඩගිනි වඩයි.මල බද්දය නැති කරයි. උෂ්ණයි, තිත්තයි, කටුකයි, ඉදිමුම් සඳහා මුලේ පොතු අඹරා ගෑමෙන් ගුණ ලැබේ.

10. රසකිඳ

වියළි කලාපයෙහි කැලෑබදව ලොකු ගස් වල එතී වැවෙන වැල් වෙසෙසෙකි, රසකිඳ, ගැටකිඳ , දික්කිඳ ආදී වශයෙන් ගැනෙතත්, රස ගුණ ආදීයෙහි වෙනස්කම් ඇතත්, ස‍ියලු වර්ගම ඹෟෂධ වශයෙන් ගනු ලැබේ.
තිත්තයි; කසටයි; ආයු වඩයි; ගිනි වඩයි; තුන් දොස් සමනය කරයි; පාණ්ඩු, ප්‍රමේහ, අජීර්ණ, පණු රෝග කුෂ්ඨ රෝග සුව කරයි.

11. ඉරිවේරිය

 මෙම පැළෑටිය බොහෝදෙනා වරද්දා යොදන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් වැඩි දෙනා ඖෂධීය වශයෙන් යොදා ගන්නා මෙහි ඇති ගුණයෙහි අඩුවෙක් නොපෙනේ. උණ , අතිසාර , අරුචි, වමන , පිපාස, දාහ සුව කරයි, රත්පිත් හෘද රෝග ආදියට ද ගුණ ලැබේ.

12. කෙළිඳ

 රතු මල් සහ සුදු මල් ඇති වර්ග දෙ‍ෙකකි.බෙ‍ෙහත් සදහා ගත යුතු සුදු මල් ඇති වර්ගයයි. රතු මල් ඇති වර්ගය විෂ සහිතයි.කොළ අඟල් 5-6 ක් පමණ දගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි. කසටයි, ශිතලයි, බඩගිනි වඩයි, අර්ශස් , අතීසාර , ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

13. වෙනිවැල්

ගම්බඳ පළාත්හි වෙනිවැල් බාන්වැල් යනුවෙන් හදුන්වන මෙහි කොළ අඟල් 6 ක් පමණ දිගින් හා අඟල් 5 ක් පමණ පළලින් යුතුය; මල් කහ පැහැයෙන් හා ගෙඩි දුඹුරු පැහැයෙන් යුතු වෙයි.සිහින් කරල් හට ගනී.ධාතු වඩයි; වීර්ය වඩයි; ප්‍රමේහ , ඉදිමුම් නසයි; වමන අතීසාර ගුණ කරයි. අඟල් 5 – 6 ක් පමණ  දිගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි; කසටයි; ශිතලයි; බඩගිනි වඩයි; අර්ශස් , අතීසාර, ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

14. කරාබු නැටි

කටුකයි, රුචි කරයි; සෙම්, පිත්, ලේ දොස් නසයි; රුජා, හික්කා, හෘද රෝග නසයි.කරාබු නැටි වරකට දිය යුතු ප්‍රමාණය කලං ½ කට වැඩි නොවිය යුතුය.

15. වලඟසාල්

අප රටේ සෑම පළාතෙකම වාගේ වවාගත හැකි මෙම ඖෂධීය පැළෑටීය වර්ග දෙකක් ලෙස ගැනෙතත් ගුණය අතින් වැඩි වෙනෙසක් නොපෙනේ.එහෙත් අප වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන වලඟසාල් මිස අප රටේ වැවෙන වර්ග නොවේ.ඖෂධ වශයෙන් යොදා ගන්නට පළමු වලඟසාල් මඳක් කබලේ බැද ගන්න. වලඟසාල් උෂ්ණයි, අජීර්ණ,අරුවි, පණු රෝග, ප්‍රමේහ රෝග , හෘද රෝග සුව කරයි.

16. එරඬු

සෑම පළාතකම කලෑබදව වැවෙයි.සුදු රතු වශයෙන් දෙවර්ගයෙකි.මහ එරඬු හීන් එරඬු වශයෙන් ද දෙගොඩකට බෙදේ. කොළ , මුල්සහ ඇට ද , තෙල් ද ඖෂධ වශයෙන් ගැනේ.උෂ්ණයි; කටුකයි; විරේචනයි; හිස රුජා , බඩ පිපුම්, කුෂ්ඨ , ගුල්ම, ප්‍රමේහ,අණ්ඩවෘද්ධි සුව කරයි.

17. වං ඇපල

මෙය බලවත් ඔසු ගුණ අඩංගු පැළෑටියෙකි.පපුවේ ‍‍රෝගා බාද වලට, කැස්සට, පීනසට ගුණදායකයි. සෙංගමාලය, හෘද රෝග ,උණ නසයි. තිත්තයි, කටුකයි, සීතලයි. පාවට්ටා, අගල්ආධාර , ආඩතෝඩ යනුවෙන් ද මෙම පැළෑටිය හඳුන්වනු ලබයි.

18. අනෝද

අනෝද කොළ දිගින් අඟල් 3ක් පමණ ද පළලින් අඟල් 2 ½ ක් පමණ ද වේ. මල් කහ පාටින් යුතුයි.උෂ්ණයි, කසටයි , වා , සෙම් නසයි ; ඉදිමුම් රුජා නසයි.    
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.

අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන
මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.

 

01. ඇඹුල් ඇඹිලිය

ඖෂධ වහයෙන් හා ආහාර වශයෙන් ගනු ලබයි. උෂ්ණය, රුචිය ඇති කරයි, දිරවීම පහසු කරයි, ග්‍රහණි අර්ශස් නසයි, අතීසාර සුව කරයි,  විස නසයි

02. පෙති තෝර

ඖෂධ වශයෙන් හා ආහාර වහයෙන් දිරැවීම පහසුය. වා, පිත්, සෙම්, සමනය කරයි.පණු රෝග නසයි, ඇදුම හික්කා සුව කරයි.

03. කූරතම්පළා

දරැවීම සැහැල්ලුයි. සෙම වඩයි. දැවිලි වාත රක්ත සුව කරයි. ඔසප් දෝෂ, උන්මාද රෝග ගුණ කරයි, ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගනු ලබයි.

04. වැල්පෙනෙල

ඖෂධ ගුණයෙන්  අනූන කුඩා පැළෑටි වර්ගයකි. ආහාර හොදින් දිරවීම කරයි. ඉදිමුම් අර්ශස් අණ්ඩ වෘද්ධි ගුණ කරයි. ශුක්‍ර හීනත්වයෙන් ආති වන බෙලහීනතා ැති කරයි. අත් පා වෙවිලීම, සන්ධි රුජා සුව කරයි.

05. හාතාවාරිය

ඖෂධ වශයෙන් හා ආ‍හාර වශයෙන් ගනු ලබයි.උෂ්ණයි; රුච්ය ඇති කරයි; දිරවීම පහසුයි; ග්‍රහණි අර්ශස් නසයි; අතීසාර සුව කරයි.විෂ නසයි;

06. වලාවැන්න

දිය සහිත තැන්වල ළිං පතස් ආදියෙහි වැවෙන මීමන ගණයෙහි වැටෙන කුඩ‍ා පැළෑටි වෙසෙසෙකි. වර්ග කිහිපයක් ඇතැත් ලොකු කොළ ඇති වර්ගය වඩා ගුණයෙන් යුතු වෙයි.ශිතලයි; දිරවීම බරයි; දාහ අතීසාර, ලේ දොස් විෂ නැති කරයි.අපස්මාර සුව කරයි.

07. මුගුණුවැන්න

ඕනෑම තැනෙක පහසුවෙන් වැවෙයි, ශීතලයි, කුස ගිනි වඩයි. තන කිරි වඩයි. ඇස් රෝග නසයි; ඇඳුම, සෙම් රෝග සුව කරයි, ආහාර වේලෙහි අඩුව මකන ගුණදායී පළා වෙසෙසෙකි.

08. සාරන

 ඉතා හොඳ මුත්‍ර කාරක හා බල කාරක ගුණ ඇති පැළෑටියෙකි. මඳක් උෂ්ණයි, ගර්භාෂයේ හා ඩිම්බ කෝෂවල ආබාධ ඇති ස්ත්‍රීනට ගුණදායකයි, ඉදිමුම්, පාණ්ඩු, හෘද රෝග නසයි. කැස්ස සුව කරයි, උණ බැසීමට උපකාරී වේ.ඉදිමුම නසයි, ශ‍රීරයේ විෂ පහ කරයි.

09. කංකුං

සීතලයි; වා; සෙම්; දෙක වඩයි; මල බුරුල් කරයි. මූත්‍ර ශෝධනය කරයි; දිර වීමට මඳක් අපහසුයි, තන කිරි හා ශුක්‍ර වඩයි, පහසුවෙන් ලාබයට ලබාගත හැකි පළා වෙසෙසෙකි.

10. ගොටුකොළ

කුඩා වටකුරු කොළ ඇති වර්ගය හා මඳක් ලොකු කොළ ඇති වර්ගය වශයෙන් වර්ග දෙකෙකි.ඖෂධ සඳහා ද, ආහාරය සඳහා ද ගනු ලබයි.ශිතලයි, කුෂ්ඨ, ප්‍ර‍මේහ පාණ්ඩු සුව කරයි, උණ ඉදිමුම් නැති කරයි.

11. ලුණුවිල

 ලුණුවිල දිය සීරාව ඇති කොතැනෙක හෝ පහසුවෙන් වැවෙයි, ශීතලයි, විරේචනයි, නැණ නුවණ වඩයි, කුෂ්ඨ, පාණ්ඩු, ප්‍රමේහ, ලේ දොස්, උණ නැති කරයි; මධුරයි; කසටයි,ආයු වඩයි.

12. ගැට තුඹ

ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගන්නා කුඩා පැළෑටියෙකි. සෙංගමාලය, ජලෝදර, පිලාවේ ආබාධ, ලේ විෂ වීම ආදීය සුව කරයි. පණු රෝග නසයි. මුත්‍ර ශුද්ධ කරයි, ලේ කැටි කරයි.

13. කරිවිල

ආහාර පිණිස වැඩි වශයෙන් යොදා ගනිතත් ඖෂධීය වශයෙන් කරිවිල තුඹ කරිවිල යන දෙ වර්ග‍යේම ඇත්තේ ප්‍රබල ගුණයෙකි. කුළු තිත්ත රසයෙන් යුතුයි. කුෂ්ඨ රෝග නසයි, සෙම්, පහ කරයිතන කිරි වඩයි, කුසගිනි දල්වයි, ලේ දොස් නසයි.

14. කුප්පමේනියා

ව්‍යංජන හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට ගනු ලබයි.කොළ කැඳ වශයෙන් ද සාදා ගැනෙයි, වාතය සහ සෙම නසයි, ඇදුමට විශේෂ ගුණ දෙන කොළ වර්ගයෙකි.මල බුරුල් කරයි, පණු රෝග , කැස්ස , අර්ශස්, හමේ රෝග , සන්ධි ඉදිමුම යන රෝග වලට ගුණ දෙයි.

15. කතුරු මුරුංගා

පෝෂ්‍යදායී ගුණ ඇති පළා අතුරින් ප්‍රධාන තැනක් ගනී.සෙම්, පිත් නසයි, කුස ගිනි වඩයි, බල කාරකයි.මල  බද්දය නසයිත ඇස් පෙනුම දියුණු කරයි. නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව , පීනස, ආදී සෙම් රෝග සදහාද සෙංගමාල, තොල කට වන වීම, වියලි කැස්ස ආදියටද ගුණයි.

16. කතුරු මුරුංගා මල්

සීතලයී, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යෑමට ඉතා ගුණ ඖෂධීය ආහාරයෙකි.බුද්ධිය වඩයි, සිරුර බල වඩයි, දැවිල්ල , රත්පිත් දෝෂ සමනය කරයි, සන්ධි ඉදිමුමට කතුරු මුරුංගා කොළ සහ මල් කළු අත්තන මුල් උණු දියෙන් අඹරා දවසකට වරක් ගාන්න.
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හරියටම දැනගන්න.

ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හරියටම දැනගන්න.


01. ඉඟුරු

රළුයි, ගිනි මඳ බව නසයි, ඉදිමුමට, සෙම්ප්‍රතිශ්‍යාවට, උණට, කැස්සට, මල බද්දයට , බඩ දැඟලීමට, කැක්කුම‍ට ගුණ දෙයි.ආහාර දිරවන ඖෂධයක් වශයෙන් පිළිගැනේ. වා සෙම් රුජා ආදිය නසයි.

02. ගම්මිරිස්

උෂ්ණයි, දිරවීමෙහි සැහැල්ලුයි, සෙම් පහ කරයි, වාතය නැති කරයි, පිත් කෝප කරයි, රළුයි, බඩගිනි වඩයි, රුචිය ඇති කරයි.

03. තිප්පිලි

 කුළු රසයි; උෂ්ණ විර්ය යි; රුචිය ඇති කරයි; වාතය හා සෙම පහ කරයි; මඳක් පිත සමනය කරයි; සිනිඳු යි; සැහැල්ලුයි: විරේචනයි; උණ, කුෂ්ඨ, ප්‍ර‍ෙම්හ, ගුල්ම අර්ශස් නසයි; පිල‍ාවෙහි දොස් රුජා සහ ආමවාතය නසයි.

04. කහ

කුළු රසයි; සෙම්පිත් නැති කරයි; හමේ දැවිලි නැති කරයි;ඉදිමුම නසයි; ලේ නසයි; ප්‍රමේහ ගුණ කරයි; ශරීරය පැහැපත් කරයි.චර්ම රෝග සුව කිරීමෙහිලා මෙයට හිමි වන්නේ ප්‍රධාන තැනෙකි.

05. අබ

උෂ්ණයි. කුළු රසයි, වා සෙම් නසයි,බඩ රුජා නසයි, පණු රෝග නැති කරයි, රත් පිත් වඩයි.

06. සුදුදුරු

උෂ්ණයි, කටුකයි, දිරැවීම පහසුයි, පිත වඩයි, ගුල්ම නසයි, වා සෙම් නැති කරයි.

07. උළුහාල්

කුළු රසයි, මදක් උෂ්ණයි, රත් පිතට ගුණයි.

08. කොත්තමල්ලි

පිපාසය, වමනය, ශ්වාසකාස ගුණ කරයි, තුන් දොස් නසයි, සුවදයි, රුචිය ඇති කරයි, ගින්න දවාලයි, කසටයි, සිනිදුයි, සැහැල්ලුයි, මුත්‍ර වඩවයි, උණ නසයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.

නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.

කලියුගය යනු මිනිසාගේ ක‍්‍රියාවන්ගේම ප‍්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග‍්‍රන්ථවල ලියැ වී ඇත. පැරැුන්නෝ ඈත අතීතයේදී පැවසූ දෙය කලියුගයේ වසර පන්දහසක් ගෙවී යද්දීම සිදුවෙමින් පවතින බව අවට සමාජය දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණකි. ලොව පුරා වේගයෙන් පැතිර යන ලෙඩ රෝග හරහා දවසකට මිය යන ප‍්‍රමාණය ගිණිය නොහැකි තරම්ය. සරල රෝගයන්ගේ සිට සංකීර්ණ රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳින මිනිසුන්ගෙන් ලෝකයේ සෑම රෝහලක්ම පිරී ගොස් අවසානය.



පැරණි සමාජයේ නොපැවති රෝගවලින් එක්වරම සමාජය වෙළා ගැනීමට හේතු වූයේ පරිසර දුෂණය පමණක්ම නොවේ. සාම්ප‍්‍රදායික දැනුම පිළිබඳ පැවැති විශ්වාසයන්ගෙන් මිනිසා ඈත්වීම ප‍්‍රබල ලෙසම බලපෑවේය.

ජ්‍යොතිෂ්‍ය ලෙස හඳුන්වන්නේද සාම්ප‍්‍රදායික දැනුම පිරි විෂයකි. ජ්‍යොතිෂ්‍ය හරහා ඉතා සාර්ථක ලෙස මිනිසුන් උපතේ සිට මරණයට පත්වන මොහොත දක්වා රෝගී ගතිවලින් පීඩා විඳින්නේ කෙළෙසද යන්න අවබෝධ කර ගත හැකි වෙයි. මෙහිදී අපි උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි සරල රෝගී තත්ත්වයන් පසෙක තබා තරමක් සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතු සාධක වන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරමු.

කර්ම ඵල ජ්‍යොතිෂ්‍යට අනුව රෝගයක් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ පෙර කර්මයන්ය. එනම් යම් පුද්ගලයකු දිගු කාලයක් තිස්සේ යම් රෝගයකට ලක් වී පීඩා විඳියි නම් රෝගයට පිළියම් යෙදීමෙන්ම එයින් මිදීමට උත්සහ දැරීමට වඩා තම කර්මයට පිළියම් යෙදීම හරහා වඩා වේගවත්ව

රෝගයෙන් මිදීමට අවස්ථාව උදාවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස සලකා බලතහොත් යම් පුද්ගලයකුට පෙර ආත්මයේ මවගේ නිවස අහිමි කර මහමඟට ඇද දැමීම හේතුවෙන් තම පූර්ව ආත්මීය මවගෙන් ඇතිවන සාපයක් ඇතැයි සිතන්න. එවිට සිදුවනුයේ අදාළ සාප හරහා දඬුවම් ක‍්‍රියාත්මක වන කාල සීමාවලදී එම පුද්ගලයාගේ හෘද රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳීමට සිදුවීමයි. මෙහිදී රෝහල්ගත වීම මෙන්ම රෝගී ගති වෙනුවෙන් තම ධනය විශාල ලෙස වැය කිරීමටද හේතු ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

පෙර ආත්මයේදී මවුපියන්ට, පූජක පක්ෂයට පහරදීම් හේතුවෙන් තම කේන්දරයේ පළමු භාවය සාපවලට මැදිවීම හරහා තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස බිඳවැටෙන අතර ඒ හරහාම නිරන්තරව වැළඳෙන රෝග (වෛරස් ආසාදන* හරහා පීඩා විඳීමට සිදුවෙයි. මෙම තත්ත්වය පවතින විට පෙර ආත්මයේදී දේව හෝ බුදු පිළිම කඩා දැමීමක් හරහා ඇතිවන දේව බාධාවක් මෙයට සම්බන්ධ වුවහොත් බොහෝවිට ශරීරය පුරා පැතිරී යන පිළිකා හෝ රුධිරය හා පටක හරහා ව්‍යාප්ත වන රෝගී ගතිවලින් පීඩා විඳීමට සිදුවෙයි.

මෙයටම සමාන ශුභ තත්ත්වයක් වනුයේ ශනි ග‍්‍රහයා කේන්දර සටහනේ පළමු භාවයේ තැන්පත් වීමයි. වෛදික ජ්‍යොතිෂ්‍ය සාම්ප‍්‍රදායන්ට අනුව ශනි පළමු භාවයට පැමිණි විට මරණයට පත්වීම නැතහොත් බලයක් රහිත වීම සිදුවේ. ශනි මිනිසා ශරීරය පාලනය කිරීමත් පළමු භාවයෙන් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමත් හේතුවෙන් කල් පවතින දැඩි රෝගී ගති හරහා ව්‍යාප්ත වන රෝගයන්ගෙන් පීඩා විඳීමට සිදුවෙයි. මෙවන් ග‍්‍රහයෙකු වක‍්‍ර වූ අවස්ථාවකදී තත්ත්වය ඉතා දරුණු වන අතර ප‍්‍රබල අනතුරක් හරහා මතුවන රෝගී තත්ත්වයක් හරහා නිරන්තරව පීඩා විඳීමට සිදුවෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යයේදී කේන්දර සටහනේ ප‍්‍රධාන ස්ථාන තුනක් හරහා රෝග ගැන කතා කළ හැකි වෙයි. ඒවා නම් හයවැනි භාවය, අටවැනි භාවය හා එකළොස්වැනි භාවයයි. හයවැනි භාවය තුළින් මෙම ආත්මයේදී ජන්මියාගේ ක‍්‍රියාවන් හරහාම වර්ධනය කරගනු ලබන රෝගී ගති පිළිබඳ කතා කරනු ලබයි. බොහෝවිට මෙම රෝග වෙනත් අයගේ පෙළඹවීම හරහා ඇති වන තත්ත්වයන්ය. උදාහරණයක් ලෙස සලකතොත් මධ්‍යසාරවලට හුරුවීම හරහා පසුකාලයේ ඇතිවන රෝගී ගති මේ භාවය හරහා ක‍්‍රියාත්මක වෙයි. මෙම භාවයන් හරහා ක‍්‍රියාත්මක වන රෝග ප‍්‍රධාන තත්ත්වයන් දෙකකට යටත් වෙයි.

1. ආගන්තුක දෘෂ්ටි

2. ආගන්තුක අදෘෂ්ටි

ආගන්තුක දෘෂ්ටි යනු යම් සිදුවීමක් මත මෙය ඇති වේ යැයි යන්න අවබෝධ කර ගත හැකි රෝගයන්ය. ඒවා සඳහා ඉතා ඉක්මන්ම පිළියම් යෙදිය හැකි වෙයි. ආගන්තුක අදෘෂ්ටි යනු රෝග මූලයන් සොයාගත නොහැකි තත්ත්වයන්ය. හදිහූනියම්, ඇස්වහ කටවහ (දෘෂ්ටි බාධා* හරහා මෙම රෝග හට ගනු ලැබේ.

අටවැනි භාවය හරහා නිජ දෝෂ ක‍්‍රියාත්මක වීම හරහා වර්ධනය වන රෝග ඇති වෙයි. නිජ දෝෂ යනු පෙර ආත්මයේදී සිදු කළ ප‍්‍රබල පාප කර්මයන්ය. මෙම භාවයේ බලපෑම හරහා මතුවන රෝග නිදන්ගත රෝග ලෙස සැලකේ. දියවැඩියාව, හතිය, ලාදුරු වැනි තත්ත්වයන් හා පරම්පරාවෙන් එන රෝග බොහොමයක් මේ ගණයට වැටෙයි. මේ තුළත් නිජ දෘෂ්ටි හා නිජ අදෘෂ්ටි යනුවෙන් කොටස් 2ක් පවතින අතර ශාරීරිකව ඇතිවන දෝෂ නිජ දෘෂ්ටි ලෙසත් මානසික තලයේ ක‍්‍රියාත්මක වන දෝෂ නිජ අදෘෂ්ටි ලෙසත් හඳුනාගත හැකිය.

ජීවිතයේ බිඳවැටීමට හේතුවන්නා වූ ප‍්‍රබල රෝගී තත්ත්ව අටවැනි භාවය හරහා නිර්මාණය කරනු ලබන අතර පූර්ව ආත්මීය සාප සමග මෙය සම්බන්ධ වූ විට එම රෝග ඉතා බැ?රුම් බවට පත්වීම සිදුවෙයි.

එකොළොස් වැනි භාවය හරහා ආගන්තුක අදෘෂ්ටි රෝග තත්ත්වයන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. යම් ආත්මයකින් නික්මයෑමෙන් පසු යළි උපදින පළමු මිනිස් ආත්මයේදීම දඬුවම් ලැබිය යුතුයැයි විශ්වය විසින් තීරණය කරනු ලබන කර්මයන් මතින් හටගන්නා රෝග මේ හරහා ක‍්‍රියාත්මක වනු ලැබේ. මෙම රෝග කිසිදු වෛද්‍යවරයකුට හසුනොවන අතර ජ්‍යොතිෂ්‍යවේදීන්ද ඒ සම්බන්ධව ශාන්තිකර්ම ලබාදීමේදී තරමක චංචලතාවකට මැදිවෙයි. මෙහිදී ආකාශ කියවීම භාවිත නොකර ගැඹුරට සොයන ජ්‍යොතිෂවේදියා තුළත් ක‍්‍රියාත්මක වනුයේ වැරැුදි ශාන්තිකර්මයන්ය.

රෝගී ගති උදෙසා රාහු හා කේතුගේ බලපෑම දැඩි ලෙස බලපානු ලබන අතර යම් රෝගී තත්ත්වයක් ක‍්‍රියාත්මක වීමේදී එයට රාහු හා කේතු සම්බන්ධ වන ආකාරය මත එම රෝගවල ප‍්‍රබල බව තීරණය වෙයි. රාහුගෙන් පෙර ආත්මයේදී දැනුවත්ව අන් අයට සිදුකරන ලද වැරැුදි හරහා ක‍්‍රියාත්මක වන රෝග හා කේතු සම්බන්ධ වීමෙන් අත්වැරැුදීම් හරහා මතුවන රෝග අවබෝධ කරගත හැකිවෙයි.

1 භාවය - හිස ආශ‍්‍රිත රෝග

2 භාවය - ඇස් හා නිකට ආශ‍්‍රිත රෝග

3 භාවය - කන්, අත්, පපුවේ ඉහළ ආශ‍්‍රිත රෝග

4 භාවය - පපුවේ ප‍්‍රධාන කොටස් ආශ‍්‍රිත රෝග

5 භාවය - ආහාර ජීරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග

6 භාවය - මහන්ත‍්‍රය වකුගඩු ආශ‍්‍රිත රෝග

7 භාවය - යටි බඩ, ලිංගික අවයව ආශ‍්‍රිත රෝග

8 භාවය - ගර්භාෂය හා ශරීරයේ බහිස‍්‍රාවීය පද්ධති ආශ‍්‍රිත රෝග

9 භාවය - කලවා ප‍්‍රදේශය ආශ‍්‍රිත රෝග

10 භාවය - දණහිස් ආශ‍්‍රිත රෝග

11 භාවය - වළලූකර ආශ‍්‍රිත රෝග

12 භාවය - යටිපතුල් හා වම් ඇස ආශ‍්‍රිත රෝග




පෙර ආත්මයේ සාප හා බාධක ග‍්‍රහයා සම්බන්ධ වීම තුළින් ප‍්‍රබල රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි. හතරවැනි භාවයෙන් බරපතළ හෘද රෝග, පස්වැනි භාවයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හයවැනි භාවයෙන් අක්මාව හා ඉන ප‍්‍රදේශය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හත්වැනි භාවයෙන් යටි බඩ ප‍්‍රදේශයේ ගැටලූ හා අටවැනි භාවයෙන් ප‍්‍රජනන පද්ධතිය, ලිංගික අවයව සම්බන්ධයෙන් ව්‍යාප්ත වන රෝග ආදී ලෙසින් අවබෝධ කරගත හැකිවෙයි.

ගුලික හා මාන්දි යන උපග‍්‍රහයන්ද නිශ්චිත රෝගී ගති ඇතිකරන ග‍්‍රහයන් දෙදෙනෙකි. හිස ආශ‍්‍රිත රෝග, ආමාශගත රෝග මෙන්ම දෙපා සම්බන්ධ රෝග වර්ධනයට මෙම ග‍්‍රහයන් දැඩිලෙස බලපෑම් ඇතිකරයි.

වෛදික හා කර්ම ඵල ජ්‍යොතිෂ්‍ය තුළදී යම් ජන්මියකුගේ රෝගී තත්ත්වයන් අවබෝධ කරගැනීම උදෙසා පූර්ව ආත්මීයව ඔහු මත ක‍්‍රියාත්මක වන සාප හා බාධා අවබෝධ කරගනු ලැබේ. ඉන් පසුව පෙර කර්මයන් ඉවත්කරලීම හෝ අඩුකරලීම උදෙසා ප‍්‍රබල භාවනා ක‍්‍රමවේදවලට ජන්මියාව හුරුකිරීම කළ යුතුය. ඒ අතරතුර අදාළ ග‍්‍රහයාගේ ස්වභාවය මත කළයුතු යාතුකර්මද පවතී. යම් රෝගයක් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු ග‍්‍රහයා නම් මල් ගඟකට දැමීම, සිකුරු ග‍්‍රහයා නම් විසිතුරු බඩු දන්දීම, බුධ සම්බන්ධ වුවහොත් පොත්පත් ඉගෙනගන්නා ළමුන්ට දීම, චන්ද්‍රයා නම් ජලය පූජා කිරීම සිදු කිරීම හරහා රෝග පාලනය කරගත හැකිවෙයි.

වෛදික සම්ප‍්‍රදාය තුළදී රෝග පාලනයට මන්ත‍්‍ර භාවිත කිරීම බොහෝ සේ සිදුවෙයි. එහිදී තම උපන් දවසට අදාළ දින අධිපතියා නැමදීමෙන් එම දිනය තුළ රෝගීභාවයට පත්වීම පාලනය කරගත හැකිවෙයි.

ඒ උදෙසා හිරු උදාවන විටම ‘ ඕම් සූර්යාය නමහ’ යන මන්ත‍්‍රයෙන් සූර්යයා නැමද පහත මන්ත‍්‍රය හත්වරක් පැවසිය යුතුවෙයි.

උපන් දිනය මන්ත‍්‍රය

ඉරිදා ඕම් හ‍්‍රීම් සම් සූර්යාය නමහ

සඳුදා ඕම් ශ‍්‍රීම් සොවුම් සෝමාය නමහ

අඟහරුවාදා ඕම් ක්ලීම් කුම් කුජාය නමහ

බදාදා ඕම් අයුම් බුම් බුධාය නමහ

බ‍්‍රහස්පතින්දා ඕම් ගුරුවේ නමහ

සිකුරාදා ඕම් ක්ලීම් සවුම් ශුක‍්‍රාය නමහ

සෙනසුරාදා ඕම් හ‍්‍රීල්ම් සාම් ශනියේ නමහ




මේෂ ලග්න හිමියන් සූර්ය නමස්කාරය කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතුය. එයට හේතු වනුයේ පස්වැන්නාධිපති වන රවි නමැදීම හරහා යම් දෝෂ තත්ත්වයක් මතු විය හැකි බැවින් එම දෝෂ තත්ත්වයන්හි ස්වභාවය අවබෝධයෙන් යුතු වීම වඩා වැදගත් වේ.

රෝග වර්ධනය වන කාල සීමාවල වෘත සමාදන් වීම හරහාද බොහෝ රෝගී ගති පාලනය කරගැනීමේ අවස්ථාව උදාවෙයි. කර්මය යනු වෙනස් කරගත නොහැකි දෙයක් නොවන අතර දැනුවත්භාවය හා කැපවීම මත ස්ථිරව වෙනස් කරගත හැකි වෙයි.

මේ හරහා කාලයක් තිස්සේ දුක් විඳින

රෝගාබාධවලින් මිදෙන්නට අවස්ථාව උදාකරගත හැකි වෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්න ලෙඩ ගැන අප නොදන්නා කාරණයක් අනිවාරයෙන් හැමෝම මෙය දැනගන්න.

බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්න ලෙඩ ගැන අප නොදන්නා කාරණයක් අනිවාරයෙන් හැමෝම මෙය දැනගන්න.
 


ලෙඩ රෝග නිසා ඒ කාලේ වැඩිදෙනා මිය ගියේ බෝවන රෝගාබාධවලිනි. එහෙත් අද ලෙඩ රෝග නිසා වැඩි දෙනෙක් මිය යන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු වීම නිසා ය.

බෝ නොවන රෝග ලෙස හැඳින්වෙන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය (අංශභාගය), ඇදුම, වකුගඩු ආබාධ වැනි රෝගාබාධය. බෝ නොවන රෝගවලට ගොදුරු වූවෝ අද සමාජයේ ඉතා බහුල ය.

බෝ නොවන රෝගවලට බොහෝ දෙනෙකු ගොදුරු වී ඇතිවා සේ ම බෝ නොවන රෝග පිළිබඳ මිථ්‍යා සහ වැරදි සහගත මත සමාජයේ බහුලය. එය බෝ නොවන රෝග වලින් වැළකී සිටීමට මෙන් ම එම රෝග වලට ප්‍රතිකාර කිරීමට ද විශාල බාධාවකි.

බොහෝ දෙනෙක් තුළ ඇති වැරදි මතයක් වන්නේ උණ, සෙම්ප්‍රතික්ෂ්‍යාව වැනි රෝග මෙන් ටික දිනක් ඖෂධීය ප්‍රතිකාර ලබා ගත්විට බෝ නොවන රෝග සුවවන බව ය. බෝ නොවන රෝග සුව කළ නොහැකි අතර කළ හැක්කේ රෝගය පාලනය කරගෙන යහපත් ජීවිතයක් ගෙවීම ය. උදාහරණයක් ලෙස අධිරුධිර පීඩනයට ගොදුරු වූ පුද්ගලයකුට එම රෝගය සමඟ ජීවිත කාලයම ගෙවීමට සිදුවේ. ඖෂධ ලබාගන්නා තෙක් රෝගය හොඳින් පාලනය වී පවතී. අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ගන්නා ඇතැමුන් සිතන්නේ මාසයක් දෙකක්, වසරක් දෙකක් ඖෂධ ලබාගත්විට රෝගය නිට්ටාවට සුවවන බව ය. එවැනි කාලයක් ඖෂධ ලබාගත්විට රෝගය හොඳින් පාලනය වේ. රෝගය පාලනය වූවා යැයි සිතා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිවිටෙකත් ඖෂධ නැවැත්විය යුතු නැත.

එවැනි වැරදි සහගත තීරණයක ප්‍රතිඵලය හෘදයා බාධ, ආඝාතය (අංශභාගය) වැනි තත්ත්වයන් විය හැකි ය. දියවැඩියාව ද එසේම ය, දියවැඩියා රෝගයට ඖෂධ ලබාගන්නා තෙක් රෝගය පාලනය වී පවතින අතර ඖෂධ නැවැත්වූ සැණින් නැවත රෝගය මතුවේ. අධිරුධිර පීඩනයට නියම කරන සුළු ඖෂධ ප්‍රමාණය නොගෙන සිට අංශභාගය, ආඝාතය වැනි රෝග තත්ත්වයකට මුහුණ ද්‍රන්විට ඒ ගැන පසුතැවීම අනුවණ කමකි. එබැවින් බෝ නොවන රෝග වලට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව දිගටම ඖෂධ ලබාගත යුතු ය.

බෝ නොවන රෝග පිළිබඳව ඇති තවත්, වැරදි සහගත මතයක් වන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම ආදිය නිසා ඇඟට දැනෙන සේ අපහසුවක් නොදැනේ නම් තමාට කිසිදු රෝගාබාධයක් නැතැයි සිතීම ය. උදාහරණයක් ලෙස යමෙකුගේ ශරීරයේ රුධිර පීඩනය 160/90 තත්ත්වයේ පවතින විට එම පුද්ගලයාට කිසිදු වෙනසක් නොදැනී පැවතිය හැකි ය. එසේ වුව ද එම අගය රුධිර පීඩනයේ ඉහළ අගයකි. මෙම තත්ත්වය නොසලකා සිටීමේ අවසන් ප්‍රතිඵලය අංශ භාගය හෝ හෘදයාබාධයක් හෝ විය හැකි ය. අධිරුධිර පීඩනයේ දී ශරීරයට දැනෙන තරමේ වෙනසක් දැනෙන්නේ රුධිර පීඩනය ඉතා ඉහළ අගයකට ගිය විට ය.

බොහෝ දෙනෙක් අතර පවතින තවත් මිථ්‍යා මතයක් වන්නේ අතපයේ ඇතිවන වේදනාව, දෑස්වල ඇතිවන වේදනාව ආදිය තමාට ඇතිවන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම නිසා බව ය. කොලෙස්ටරෝල් යනු රුධිරයේ තිබෙන මේදය විශේෂයකි. එම මේදය වැඩිවන විට ශරීරයට කිසිදු වෙනසක් නොදැනේ. බොහෝ දෙනෙකු තුළ කොලෙස්ටරෝල් මේදය වැඩිවී ඇතැයි සොයා ගනු ලබන්නේ අධිරුධිර පීඩනයට හේතුව සොයා යාමේ දී ය. එබැවින් ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන වේදනා කොලෙස්ටරෝල් මේදය නිසා ඇති වේ යැයි සිතීම මුළාවකි.

බෝ නොවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු එම රෝගයට අමතරව වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍ය වරයකු වෙත ගිය විට තමා මේ වනවිට මෙවැනි රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නේ යැයි පැවසීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම අතපසු වීම බරපතල තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය වීමේ හැකියාව ඇත.

උදාහරණයක් ලෙස යමෙකුට දියවැඩියා රෝගය ඇතැයි සිතන්න. ඔහුට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදුණ හොත් එයට නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එම තත්ත්වය නියුමෝනියාව දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත. ශරීරයට කිසියම් විෂ බීජයක් ඇතුළු වී උණක් ඇති වූ විට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි විය හැකි ය. එබැවින් උණ රෝගය සඳහා වුව ද ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත ගිය විට තමන් ප්‍රතිකාර ගන්නා වෙනත් රෝග පිළිබඳව ප්‍රකාශ කිරීම ඉතා වැදගත්ය.

හැකි නම් ඒ වනවිටත් ගනු ලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම සඳහා ළඟ තිබෙන ඖෂධ වට්ටෝරු වුව ද ඉදිරිපත් කළ හැකි ය. වෛද්‍යවරයකුට ලෙඩ රෝග පිළිබඳව සහ තමා ගන්නා ඖෂධ පිළිබඳව නිවැරදි තොරතුරු නොපැවසීම අනුවන කමකි. ඖෂධ යනු රසායනික ද්‍රව්‍යයන් ය. රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරනු ලැබේ. එබැවින් එක් රෝගයකට දෙනු ලබන ඖෂධයක් තවත් රෝගයකට දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත.

ඇතැම් විටෙක සෙම්ප්‍රතිශ්‍යාවට උණට දෙනු ලබන ඖෂධයක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ වැනි බෝ නොවන රෝගයක් සඳහා දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කළ හැකිය. එහි ප්‍රතිඵලය ඇතැම් විටෙක භයානක විය හැකිය. එබැවින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් තමා ගන්නා ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් ය. එසේ ම වෛද්‍යවරයකු හමුවට ගිය විට දුම්පානය කරන්නේ ද, මත්පැන් පානය කරන්නේ ද වෙනත් උත්තේජන වර්ග භාවිතා කරන්නේ ද කියා විමසූ විට සත්‍ය ප්‍රකාශ කිරීම ද ඉතා වැදගත් ය.

වෛද්‍යවරු හමුවට යන රෝගීන් වෙතින් සිදුවන තවත් එක් වරදක් මෙහිදී දැක්විය හැකි ය. ඒ මීට පෙර බෝ නොවන රෝගයකට හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවී සිටියේ නම්, එහිදී නිකුත් කරනු ලබන රෝග නිශ්චය කිරීමේ කාඩ්පත මෙන්ම රසායනාගාර වාර්තාවන් ද ඉදිරිපත් නොකිරීමය. කලින් ලබා ගන්නා ලද එම තොරතුරු පරික්ෂා කිරීමෙන් රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව පැහැදිලි අදහසක් වෛද්‍යවරයාට ලබා ගැනීමේ හැකියාව ඇත.

එහි වාසිය අයත් වන්නේ රෝගියාටමය. එයින් අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට ද සිදු නොවේ.

අධිරුධිර පීඩනයට දෙනු ලබන ඕඥබච ඡතධජඬඥප නම් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගීන්ට ලබා දුනහොත් එය එම රෝගියාගේ ජීවිතයට හානියක් සිදුවීමට පවා හේතු විය හැකිය. එබැවින් අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා අයකුª ඇදුම රෝගයට ගොදුරු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විට අනිවාර්යෙන්ම තමා අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා බව පැවසිය යුතුමය. ඒ; අධිරුධිර පීඩනයට ලබාදෙන ඉහත සඳහන් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගය වැඩිවීමට හේතුවන බැවිනි.

එසේම සමහර වේදනා නාශක ඖෂධ ඇදුම රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට මෙන්ම වකුගඩු රෝගීන්ට ද සුදුසු නොවේ. ඒ; එම වේදනානාශක ඖෂධ වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවිනි.

බොහෝ දෙනෙක් අතර පවතින තවත් වැරදි මතයක් වන්නේ ඇතැම් ඖෂධවලට ඇබ්බැහි වීමේ හැකියාව ඇති බවය. විශේෂයෙන්ම ඇදුම රෝගයට දෙනු ලබන ඉන්හේලර් වර්ග මෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධවලට දෙනු ලබන ඖෂධ පිළිබඳව බොහෝ දෙනෙක් තුළ අනිසි බියක් ඇත. මෙය ඉතා වැරදි සහගත මතයකි. නිදිපෙති අයත් වන ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධවලට හැර අනෙක් ඖෂධවලට ඇබ්බැහිවීමක් සිදු නොවේ.

දියවැඩියාව රෝගයට දෙනු ලබන “මෙට්ෆෝමින්” නම් ඖෂධය පිළිබඳවද බොහෝ දෙනෙක් තුළ වැරදි මත කීපයක් ඇත. ඉන් එක් මතයක් වන්නේ මෙට්ෆෝමින් ඖෂධයට ඇබ්බැහිවේය යන මතයයි. එම ඖෂධය පිළිබඳ අනෙක් වැරදි සහගත මතය වන්නේ දීර්ඝකාලීනව එම ඖෂධය භාවිතා කිරීම නිසා වකුගඩු ආබාධ ඇතිවන බවය. වෛද්‍යවරයකු විසින් දියවැඩියාව ඇති රෝගියකුට මෙට්ෆෝමින් ඖෂධය නියම කළ විටම රෝගියා බියට පත්වනු දැකගත හැකිය. ඒවා සියල්ල වැරදි මතය. දියවැඩියාවට නියම කරනු ලබන ඖෂධ අතර හොඳම ඖෂධය වන්නේ මෙට්ෆෝමින් ඖෂධයයි. එම අගනා ඖෂධයෙන් දියවැඩියාව පාලනය වීම පමණක් නොව හෘදය ආරක්ෂාවීමද සිදුවේ.

හෘදයාබාධ, ආඝාතය වැනි බෝ නොවන රෝගයක් මතුවූ විට එය නැවත ඇතිවීමේ හැකියාව වැඩිය. රෝගීන් බොහෝවිට මේ පිළිබඳව සිතන්නේ නැත. බොහෝ දෙනෙක් සිතන්නේ රෝගය එක්වරක් මතුවුණා, කලක් ඖෂධ ගත් විට එය පාලනය වුණා දැන් ඖෂධ ගැනීම අවශ්‍ය නැතැයි කියාය. එය මිථ්‍යා මතයකි.

බෝ නොවන රෝගවලට ගොදුරු වූවන්ගේ ආහාර පිළිබඳව වැරදි සහගත මත ගණනාවක්ම ඇත. ලුණු භාවිතය මෙහිදී ඇති ප්‍රධාන ගැටලුවකි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට දිනකට භාවිතයට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 6 ක් පමණ වේ. එය තේ හැන්දකට වඩා සුළු වැඩි ප්‍රමාණයකි. එහෙත් අද බොහෝ දෙනා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලුණු භාවිතා කරනු දැකගත හැකිය.

නාගරික ප්‍රදේශවල ජනයා අතර ලුණු භාවිතය වැඩි බව පෙනේ. ඒ; සැකසූ ආහාරවල, ක්ෂණික ආහාරවල සහ කල්තබා ගන්නා ආහාරවල අධික ලෙස ලුණු අඩංගු වීමය. අධිරුධිර පීඩනයට ගොදුරු වීමට හේතුවන ප්‍රධානම සාධකයක් වන්නේ අධික ලෙස ලුණු භාවිතා කිරීමය. නාගරික ප්‍රදේශවල අධිරුධිර පීඩනයට ගොදුරු වූවන් ඉතා වැඩි ඒ නිසාය. අධික ලුණු භාවිතය අධිරුධිර පීඩනයට හේතුවක් වනවා සේම අධිරුධිර පීඩනය වර්ධනය වීමටද අධික ලුණු හේතුවක් වේ. එබැවින් ලුණු භාවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය.

ආහාර සම්බන්ධව ඇති තවත් එක් වැරදි සහගත මතයක් වන්නේ සීනි වෙනුවට හකුරු හෝ සූකිරි කෑම සුදුසු බවය. හකුරු සූකිරි දෙකෙහිම ඇත්තේ සීනිය. එබැවින් සීනි වෙනුවට හකුරු කෑමෙන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබේ. යමෙකුට සීනි රස අවශ්‍යම නම්, සීනි වෙනුවට යොදන ආදේශක ද්‍රව්‍ය දැන් වෙළෙඳ පොළේ ඇත. දියවැඩියාවෙන් පෙළෙන්නන්ට සහ දියවැඩියාවෙන් වැළකී සිටීමට උත්සහ දරන්නන්ට එම ආදේශ ඉතා අගනේය.


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ශ්‍යාමිලා ද සිල්වා



ගාමිණී සුසන්ත

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 
 


සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න. inShare

සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න.


inShare

බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා.

HPV (Human papilloma Virus)

ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Genital Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්.



Chlamydia

මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි.

Gonorrhea

මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි.

Syphilis

මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා.

Herpes

HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව  කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි.

HIV/AIDS
HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.



ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Tuesday, August 30, 2016

ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහෙමයි.

ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහෙමයි.


උපන්ලපයක් ඇඟේ නැති කෙනෙක් නැති තරමයි. අහලා තිබෙනවාද ඔබ උපන්ලපයක් පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?

උපන් ලපයක් කියන්නේ හමේ ඇති වන වර්ණවත් කැළලක්. මේක කළු පාටම වෙන්න ඕනි කියලා නියමයක් නැහැ.

එක එක්කෙනාගේ හමේ පාට අනුව වගේම උපන් ලපයේ ප්‍රමාණය අනුවත් පැහැය වෙනස් වෙන්නට පුළුවන්.

අපි උපන් ලප කියලා හඳුන්වන ඔක්කොම කැළැල් එකම වර්ගයකට අයිති නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ඒවා විවිධ තත්ත්ව වල වර්ග කරලා තිබෙනවා.

ගොඩක් උපන් ලප උපතින්ම ඇති වන ඒවා. එත් උපතින් පස්සේ වුනත් මතු වීමේ ඉඩක් තිබෙනවා. එය සාමාන්‍යයි.

සමේ මතුපිටින් මතුවන ඒවා වගේම සම තුලින්ම පැන නගින උපන්ලප තිබෙනවා.

ඔබ දැක තිබෙනවාද රතු පැහැයට හුරු කුඩා ලප. මේවා වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ස්ට්‍රෝබෙරි නේවස් (strawberry naevus) කියලයි. මේවා නම් කිසිම ආකාරයක පිළිකා අවධානමක් නැති ලප විශේෂයක් ලෙසයි සොයාගෙන තිබෙන්නේ.

නමුත් සමහර උපන් ලප Melanoma කියන දරුණුම ආකාරයේ සමේ පිළිකා තත්වය දක්වා වර්ධනය වීමේ අවධානමක් සහිතයි.

දුඹුරු හෝ කළු පාටින් යුක්ත වන උපන් ලප වල ප්‍රමාණය අනුව පිළිකා අවධානම වෙනස් වනවා. ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ට වඩා අඩු නම් ඉතා අඩු පිළිකා අවදානමකුත් සෙන්ටි මීටර් 2 ට වැඩි නම් ඉතා වැඩි පිළිකා අවදානමකුත් තිබෙනවා.

උපන් ලපයක් පිළිකාවක් වෙනවා නම් ඒ ගැන අපිට දැන ගන්නට පුලුවන්ද?
ඔව්. උපන් ලපයේ ඇති වන සමහර වෙනස්කම් නිරීක්ෂණය කරලා අපිට එය කලින් හඳුනා ගන්නට පුළුවන්.

උපන් ලපයේ ප්‍රමාණය එන්න එන්න වැඩි වනවා නම්.
වර්ණය වෙනස් වනවා නම්.
උපන් ලපය කැසීමක් හෝ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තොත්.
උපන් ලපයෙන් ලේ ගැලීමක් සිදු වෙනවා නම්.
එය මත යම් ආකාරයක තුවාලයක් ඇති වෙලා නම්.
අතට දැනෙන ආකාරය වෙනස් වෙලා නම්. උදාහරණයක් කිව්වොත් එන්න එන්න රළු වෙනවා නම්.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.

ඉන්නන් ගැන  ඔබ නොදන්නා රහස් මෙන්න.
 



ඉන්නන් කියන්නේ බොහෝ දෙනාට තිබෙන ලොකු ප්‍රශ්නයක්. මුනේ නැත්නම් බෙල්ලේ මතු වෙන පොඩි ඉන්නෙක් නිසා ඔබේ හිතේ ඇති වන කනස්සල්ල පොඩි නැහැ.

අපි ඉන්නන් ලෙස හඳුනා ගන්නේ සමේ සහ ශ්ලේෂ්මල පටල වල ඇති වන ආසාදන තත්ත්වයක්. පාසල් යන දරුවන් තමා ගොඩක් මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ. නමුත් ඉන්නන්ට වයස බේදයක් නැහැ.

ඉන්නෝ හැදෙන්නේ ඇයි?

ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම තමයි ඉන්නන් ඇති වෙන්නට හේතුව. බොහෝ ඉන්නන් ඇති කරන්නේ වෛරස මගින්. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුනාම ඔවුන්ට ලේසියෙන්ම අපිව ලෙඩ කරන්නට පුළුවන්.



ඔබට ඉන්නන් හඳුනා ගන්නට පුලුවන්ද?
මතුපිටින් පෙනෙන්නට තියන මේ ඉන්නන් විවිධ ආකාර ගන්නවා. බහුලවම තිබෙන්නේ රළු මතුපිටක් සහිත ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයේ ගැටිත්තක් ලෙසිනුයි. සාමාන්‍යයෙන් මුලින් සමේ පාටටම තිබුනත් පහු වෙද්දී මෙය අඳුරු පැහැයක් ගන්නවා.
අතේ, යටි පතුල් වල, මුහුණේ වගේම මුඛය හා ලිංගික ප්‍රදේශ වලත් ඉන්නන් ඇති වෙන්නට පුළුවන්.

මේ එක එක තැන වල ඇති වන ඉන්නන් විවිධ ආකාරයි.

අතේ සහ යටි පතුල් වල රළු ගැටිති ආකාරයටත්, මුහුණේ කුරුලෑ වලට සමාන ආකාරයකිනුත්, කටේ තොල් වල නැත්නම් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් සිනිඳු තෙත සහිත ගැටිති ලෙසිනුත් ඇති වෙනවා.

ඉන්නන් කිහිපයක් එකට එකතු වෙලා ප්‍රමාණයෙන් විශාල ඉන්නන් ඇති වෙන අවස්ථාත් තිබෙනවා.

බොහෝ දුරට මේවා වේදනාවක් ඇති කරන්නේ නැහැ.

නමුත් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන එක සාමාන්‍ය තත්වයක්.



ඉන්නන් ඇල්ලීමෙන් බෝ වෙනවාද?
ඔව්. මේවා ඇති කරන වෛරසය ඔබේ අත්ලේ ගෑවීලා තවත් ඔබේ ශරීරයේම තැනක ගෑවීමෙන් හෝ වෙන කෙනෙකුගේ ඇඟේ ගෑවීමෙන් ඉන්නන් බෝ වෙන්නට පුළුවන්.

ශරීරයේ අනෙක් ප්‍රදේශ වලට වඩා ලිංගික ප්‍රදේශයේ ඇති වන ඉන්නන් ගැන ඔබ අවදානය යොමු කල යුතු වනවා.
මොකද ලිංගික ඉන්නන් කියන්නේ පිළිකා තත්ත්වයක් කරා වර්ධනය විය හැකි තත්ත්වයක්.
ලිංගික ඉන්නන් බෝ වන්නේ ලිංගික ඇසුරකින්. ඒ වගේම මෙවැනි තත්වයක් ගැන ඔබට සැකයක් ඇති වුනොත් වහාම වෛද්‍ය වරයෙකු හමු වෙලා ප්‍රතිකාර ගැනීම වැදගත්. බය වෙන්න එපා මේවා සම්පුර්ණයෙන් සුව කරන්නට පුළුවන්.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් ඉන්නන් කාලයත් එක්කම ඉබේම සනීප වෙනවා.

නමුත් ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල නම් දිගු කාලයක් ඔබට සුව වීමක් නොලැබේවි.
ඇත්තටම ඉබේම සනීප වෙන නිසා මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ මගින් ඔබේ පෙනුමට හානියක් වනවා නම් හෝ එය ඔබට මානසිකව කරදරයක් නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න.



ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද

ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද බොහොමයක් තිබෙනවා.
ඉතාම ප්‍රසිද්ධ ක්‍රමය තමයි ඉන්නන් පිළිස්සීමේ ක්‍රමය.

අධික සිසිල් කරන ලද නයිට්‍රජන් මගින් තමා මෙය සිදු කරන්නේ. වෛද්‍ය වරයෙක් හමු වෙලා චර්ම රෝග සායනයකදී මෙය සිදු කරගන්නට ඔබට පුළුවන්.

මුහුණේ ඇති වන කුඩා ඉන්නන් සඳහා සුදුසු වන ආලේපන වර්ග පවා වෛද්‍ය වරු නිර්දේශ කරනවා. ඒවා වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කිරීමෙන් මේ කරදරකාර ඉන්නන්ගෙන් සදහටම ගැලවෙන්නට ඔබට පුළුවන්.

අපේ රටේ එතරම් ප්‍රසිද්ධ නැති වුණත් ලේසර් ක්‍රමයකින් ඉන්නන් ඉවත් කරන අවස්ථාත් තිබෙනවා.

වැදගත්ම කරුණ වන්නේ ගොඩක් දෙනා ඉන්නන් පුලුස්සනවාය කිව්වම බය වෙනවා. ඒ අය හිතුමතේට නුල් වර්ග භාවිතය වගේ ගොඩ වෙදකම් වලින් ඉන්නන් ගලවා දමන්නට උත්සාහ කරනවා.

මතක තබා ගන්න මේ දේවල් කරනවාට වඩා හොඳයි ඉන්නන් ඉවත් නොකර සිටීම. මොකද මේ මගින් අධික ලේ වහනය, විෂබීජ ශරීර ගත වීම, විවිධ භයානක ආසාදන තත්ත්ව ඇති වීම. මෙවැනි තත්ත්ව දුර්ලබ නැහැ.

මේ නිසා කොහෙත්ම ඉන්නන් සඳහා ගොඩ වෙදකම් කරන්නට යන්න එපා. එයින් ඔබ කරගන්නේ ඇති කරදරය නැති කරගන්නවා වෙනුවට තව නැති කරදර රාශියක් ඇති කරගැනීමයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.

 ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම්  ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.


ගෑණු ළමයෙක් වුණාම හැඩට ඉන්න ඕන කියලා ඒ දවස්වල හිටපු ආචිච්ලා, අම්මලා ඉන හිරවෙන්න ඇදුම් අඳින්න කියලා බල කළා. ඒ හින්දම ඉන තව තවත් හැඩ කරගන්න පුළුවන් තරම් හිරට ඉනට ඇඳුම් අදින්න ඇතැම් අය පෙළඹුනා.

ඒ විතරක් නෙමෙයි සමහර අය ඉන, බඩ ප්‍රදේශය පුළුවන් තරම් හිර කරගෙන ඇඳුම් ඇදීම පුරුද්දක් විදිහටත් කරනවා. “මට හිර නැතුව ඇඳුම් අඳින්න බෑ. බෙල්ට් එකක් නැතුව අදින්න බෑ.” මේ විදිහට එක් එක්කෙනාගේ කැමති අකමැති දේවල් හුරු පුරුදුකම් නිසා සිද්ධ වෙන දේ නවත්වන්න කාටවත් මොන විදිහටවත් පුළුවන්කමක් නැහැ.

දැන් සමහර ගෑණු ළමයි හිරට අඳින jeans අඳින්න කලින් පොලිතින් උරයක් කකුලට දමලා ඊට පස්සේ ඇඳුම අඳින්නත් පුරුදු වෙලා.මේ තරමටම tight jeans විලාසිතාවක් වෙලා.

ඒ වුණාට ඒ විදිහට ඇඳුමක් ඇදලා වේදනාවෙන් හරි ඉවසගෙන හිටියත් නැවතත් ඇදුම ගලවා දමන විට ඉන වටේට ඇතිවෙන වේදනාව සමහර වෙලාවට ඉවසාගෙන ඉන්නත් බැරි තරම්. ඇත්තටම මේ විදිහට ඇතිවෙන වේදනාව හැරුණු විට ඉන තදවන ලෙස ඇඳුම් ඇඳීම නිසා තවත් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්දැයි යම් සැකයක් තිබුනා.

ඇත්තෙන්ම මේ විදිහට ඉන තද වෙන ලෙස ඇඳුම් ඇඳීම වෛද්‍ය විද්‍යාත්මකව කොතරම් දුරට යහපත් දෙයක් දැයි විමසා බලමු. සමාන්‍යයෙන් තරමක් හිරවන විදිහට ඇඳුම් ඇඳීමෙන් ඒ නිසා ඇතිවෙන අපහසුතාව හැරුණාම වෙනත් ගැටලුවක් ඇත්තේ නැහැ.

එහෙම වුණත් ඒ විදිහට ඇඳුම් ඇඳීමෙන් හර්නියා තත්ත්වයක් තිබෙන අයෙකුට නම් ඇති කරන්නේ සුළු අපහසුතාවක් විතරක්ම නෙමෙයි. ඒ වාගේම ඇති වන තෙරපුම නිසා හර්නියා තත්ත්වයක් ඇති වීමේ අවදානම කීප ගුණයකින් වැඩි වන බවයි වෛද්‍ය මතය.

මෙවැනි හර්නියා අවධානමක් තිබෙන අයෙක් ඉන සිරවන ලෙස ඇඳුම් ඇදීමෙන් බඩවැල් තව තවත් තෙරපීමට ලක් වී ලේ සැපයුමට ගැටලු ඇති කරවිය හැකියි. ඒ පමණක් නොවෙයි ඉන ප්‍රදේශය කැපි යන අයුරින් තරමක් තදට පටියක් වැනි යමක් දිගින් දිගට බඳිනවා නම් එමඟින් ඉන වට සමේ ඇති සෛලවල වෙනස්කම් ඇති වී පසුකාලීනව ඒවා පිළිකාවක් ලෙස වර්ධනය වන්නට ද පුළුවන්.

ඒ නිසා ඉන සිරවෙන්න, හැඩ වෙන්න හිතාගෙන තව තවත් ඇඳුම් ඇඳීමෙන් නැති ලෙඩ ඇගේ නොදාගෙන ශරීරයේ තරමට ගැලපෙන හොඳ ඇඳුමක් තෝරා ගෙන ඇන්දා නම් මේ ගැටලුවලින් නිදහස් වෙලා හිතේ සතුටින් ඉන්න පුළුවන්.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


Geek Show - How to identify Fake clone and Original Samsung Phones

Samsung Phone How to identify Fake clone and Original Samsung Phones in Sinhala Sri Lanka is my samsung how to check samsung phone original or copy phone by checking imei code samsung original phone country android phone fake or original how to know fake samsung charger handsfree battery samsung galaxy s7 edge s6 s8 s9 note 4 note 5 note 7 edge sri lanka used price india fake or clone is my phone refurbished viatname koria refurbished phone meaning refurbished phone ebay refurbished phone online what does refurbished phone mean refurbished business phone systems whats a refurbished phone olx apple refurbished phones

“බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න.

“බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න.


උදරයේ වේදනාවන් විවිධාකාර වූ රෝගයන්හි රෝග ලක්ෂණයන් ලෙසඉස්මතු වන බැවින් එය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්දැයි එකවර සිතා ගැනීමඅපහසුවේ. මෙලෙස ඉතාමත් උග්‍රව ඇති වන උදරවේදනාව ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇති විය හැක.

මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ මුල් කොටසේ පිටතට නෙරා ගිය කොටසක්තිබේ. මෙය උණ්ඩුක පුච්චය (Appendix) ලෙස හඳුන්වනු ලබයි. මිනිසාගේ ආහාරජීර්ණය ක්‍රියාවලිය සිදු කිරීමේදී මෙම කුඩා කොටසින් සිදුවන මෙහෙයක් නොමැත.

උණ්ඩුක පුච්ඡය ප්‍රදාහයට පත්වීම
ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවීමේදී මහා අන්ත්‍රය ඔස්සේ ගමන් කරන ජීර්ණය වූආහාර කොටස් (මල ද්‍රව්‍ය) ඇතැම් විට උණ්ඩුක පුච්ඡය තුළට ඇතුළු වී සිරවීමටහැකිය. එවිට මෙම කොටස ඉදිමී ප්‍රදාහ තත්ත්වයට පත්වේ. මෙම හේතුව නිසා එහිරුධිර සැපයුම අඩාළ වී මහා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් උදර කුහරයආසාදනයට පත්වේ. මෙය ඇපෙන්ඩිසයිටිස් ලෙස හඳුන්වනු ලබයි.

රෝග ලක්ෂණ
උදරයේ ඇතිවන වේදනාව රෝගයේ මූලික ලක්ෂණය වේ. බොහෝ විට නාභිය ආශ්‍රිතව වේදනාවඇතිවේ. පැය කිහිපයකට පසුව මේ වේදනාව උදරයේ දකුණුපසට හා යටිබඩ ප්‍රදේශයටමාරුවිය හැක. මෙම ස්ථානය එක දිගටම වේදනා දීමට පටන් ගනී. මීට අමතරව දැකියහැකි රෝග ලක්ෂණ ලෙස උණ, ආහාර අරුචියත්, ඇතැම් විට වමනය ඇති වීමත් සිදුවේ.
එසේම මෙම රෝගය උත්සන්න වුවහොත් උදර ප්‍රදේශයේ ඇති විෂබිජ රුධිරවාහිනිපද්ධතියට ඇතුළුවීමෙන් මුළු ශරීරය පුරාම පැතිරීමෙන් මරණය පවා සිදුවිය හැක.
මෙම රෝගය සෑදිය හැකි විශේෂිත වයස් කාණ්ඩයක් ලෙස ළමාවිය අග භාගය පෙන්වා දියහැක. එනම් නවයොවුන් වියේ තරුණ තරුණියන් හා මැදිවියේ පුද්ගලයින්ය. නමුත්ඕනෑම වයස් කාණ්ඩයක පසුවන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි රෝගීතත්ත්වයක් ලෙසද මෙය පෙන්වා දිය හැක.

රෝගය හඳුනා ගැනීම
ඉහත සඳහන් කරනු ලැබූ රෝග ලක්ෂණයන් වේ නම් පළපුරුදු වෛද්‍යවරයකු මගින්රෝගියාව පරීක්ෂා කර ගත යුතුවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට නම් රෝගියාපරීක්ෂා කළ පමණින් හඳුනාගත හැකිවේ. මීට අමතර රුධිර පරීක්ෂණයකදී රුධිරයේසුදු රුධිරාණු ඉහළ යෑමක් දැකිය හැකි නම් වෛද්‍යවරයා විසින් ඔබඇපෙන්ඩිසයිටිස් රෝගයට ගොදුරු වී ඇත්තකු බවට සැකහැර දැනගනු ලබයි.
ස්කෑන් පරීක්ෂණයකින්ද රෝගය පිළිබඳව හරි අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහිදීඇතැම් රෝගීන්ගේ රෝග පරීක්ෂාවට යොමුවූ විටදී ඔවුන්ගේ මූත්‍රා පරීක්ෂණයන්සිදු කරනු ලබයි. එලෙස කිරීමෙන් මූත්‍රා ආසාදනයක් ලෙස සිතා ප්‍රතිකාර සඳහායොමු කිරීම කරනු ලබයි. මේ නිසාම රෝගය උත්සන්න වීමටද ඉඩ ඇත. මෙයට හේතු වන්නේඋණ්ඩුක පුච්ඡය මූත්‍රා නාළයට ආසන්නව ඇති බැවින් එහි විෂබිජ හෝ බැක්ටීරියාඅසාදනය වීමෙන් මූත්‍රා දැවිල්ල මූත්‍රා තදවීම හෝ කලාතුරකින් මුත්‍රා සමගරුධිරය පිටවීම වැනි ලක්ෂණද ඇතිවිය හැක. මෙහිදී මූත්‍රා අසාදන සඳහාප්‍රතිකාර ගත්තත් පවතින රෝගය සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොගැනීම නිසා රෝගයසුව නොවේ.

ඇතැම් අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය කුඩා බඩවැල් ආශ්‍රිතව පිහිටයි. මෙවිටබඩවැල්වලට බැක්ටීරියා ආසාදනයක් සිදුවීම නිසා පාචනය තත්ත්වය මතුවිය හැක.මෙවන් අවස්ථාවලදීද පාචනයට ප්‍රතිකාර කළද සැබෑ රෝගයට ප්‍රතිකාර නොලැබේ.
ඇතැම් විට උදරයේ ඇතිවන වේදනාවන් සාමාන්‍ය උදරාබාධයක් ලෙස කල් ඇරීම නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා ජීවිත හානි වීමට පවා ඉඩ ප්‍රස්ථාවක් ඇත.
මීට අමතරව කාන්තාවන් විශේෂයෙන් මුහුණදෙන තත්ත්වයක් ඇත. එනම් දරුවකුබලා‍පොරොත්තු වන වයසේ සිටින කාන්තාවකගේ ගර්භාෂයෙන් පරිබාහිරව දකුණු පසපැලෝපීය නාළවල දරු ගැබක් සිදු වුවහොත් ඇපෙන්ඩිසයිටිස් ලෙස වරදවා වටහාගතහැකි වීමකි. මෙය අස්වාභාවික දරු පිළිසිඳගැනීමක් හෙවත් Ectopic pregnancy නමින් හඳුන්වන තත්ත්වයයි. මේ නිසා එවැනි කාන්තාවන් ඔසප් සිදුවූඅවසන් දිනය මතක තබා ගැනීම හා මූත්‍රා පරීක්ෂණයකට යොමුවීම වැදගත් වේ.

ප්‍රතිකාර
මෙහිදී මුල්ම අවස්ථාවේ නම් ප්‍රතිජීවක ඖෂධ එන්නත් මගින් ලබාදීම සිදුකරනුලබයි. මීට අමතරව ඇපෙන්ඩිසයිටිස් රෝගය උත්සන්න වී උණ්ඩුක පුච්ඡය පුපුරා යාමටආසන්න අවස්ථාවක නම් ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඉක්මනින් රෝගියා සැත්කමකට භාජනයකරනු ලබයි.
නවීන තාක්ෂණය අනුව ලැපරස්කොපි මගින් උදරයේ සියුම් කැපුම් 03 ක් පමණක් දමාසැත්කම සිදුකරනු ලබන අතරම දිනක් ඇතුළත රෝහලින් පිටවීමටද අවසර ලැබේ.

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.

කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.


කොළ කෑමෙන් ඇදුමට වැට කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි. මෙල්බර්න්විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක්ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත්ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එමතත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වනනඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණයආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම්සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවායනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින්පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන බවත් පෙන්වා දී තිබේ.ඇතැම් ඇදුම රෝගීන් දැනට භාවිතා කරන ඖෂධ වලට ප්‍රතිවිරෝධතාවක් දක්වයි.ආචාර්ය කරාගියනිස් පවසන්නේ මෙම පර්යේෂණ ප්‍රතිඵල එවැනි රෝගින්ට මහඟුඋදව්වක් ලැබෙන බවයි.මල්ගෝවා මෑතකදී ඉතාමත් ජනප්‍රිය වූයේ සුපිරි ආහාරමය තත්වයක් එහි පැවතීම සහඉහළ පෝෂ්‍යදායක තත්වයක් පැවතීම හේතුවෙනි. මෙම ආහාර විටමින් ඒ, සී සහ එමෙන්ම කැල්සියම් යකඩ සහ බීටා කැරොටින් වලින් අනූනය. කෙඳිති සහිත මේ ආහාරයටඅඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත වීමත් මේදය නොමැති වීමත් එය දිනෙන් දිනජනප්‍රිය වීමට හේතුවකි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙන් ලැබෙනවා.

කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙන් ලැබෙනවා.


ආලින්දය
ඔබ නොදන්නවා වුණාට කොමඩු ආහාරයට ගැනීම මඟින්, ඔබගේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන අතිමහත් ය. මොළයේ සිට පාදාන්තය දක්වා ශරීර පද්ධතිය සෑදී ඇති සෛල සමූහයට කොමඩුවලින් සැලසෙන්නේ අනුපමේය මෙහෙයකි. කොමඩු තුළ සියයට 92ක් පමණ ජලය අන්තර්ගතව ඇත. ඔබගේ ආහාර වේලට පසුව කොමඩු ආහාරයට ගැනීම, ශරීර සෞඛ්‍යයට හිතකර වන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. හෘද රෝගවලටත්, ප්‍රතිශක්තීකරණ පද්ධතියටත්, ඇස් රෝගවලටත්, කොමඩු ආහාරයට ගැනීම අතිශයින් ම ගුණදායක ය. මේ , කොමඩු ආහාරයට ගැනීම මඟින් අත්වන එබඳු ප්‍රතිලාභ පහකි.

1. හෘද රෝග අවම කරගත හැකිවීම

කොමඩු පානය කිරීම මඟින් අධික රුධිර පීඩනය අවම කර ගත හැකි ය. කොමඩු පානය කිරීම මඟින් රුධිර පරිවහනය වැඩි කරන නිසා, හෘදයේ ක්‍රියාකාරිත්වයට එමඟින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය නිසා, ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගවලින් පෙළෙන්නන්ට ද මේවා වඩාත් ගුණදායී ය. සිරුරට අත්‍යවශ්‍ය කැල්සියම් ලබා ගැනීමට සුදුසුම පලතුර වන කොමඩු, මාංශ‍පේශි සහ අස්ථි බිඳීම් වැනි ගැටලුවලට ද අතිශයින්ම ගුණදායක ය.

2. සිරුරේ මේදය අඩු කර ගත හැකි වීම

කොමඩුවල ඇමයිනෝ අම්ලය අන්තර්ගත ය. ඒ නිසා, ඒමඟින් වකුගඩු රෝගීන්ට වඩාත් වාසිදායක ප්‍රතිඵල අත්කර ගත හැකි ය. ඒ වාගේම ශරීරයේ අන්තර්ගත වන මේදය පහළ දැමීමට ද කොමඩුවල ඇති සංඝටක බෙහෙවින් ම බලපායි. කොමඩුවල අන්තර්ගත TNAP(ටිෂූ නවුස්පෙසිපික් අල්කලියු පොස්ෆේට්) මඟින් ශරීරයේ මේදය දහනයට අවශ්‍ය සංඝටක ලබාගත හැකි ය.

3. රෝග වැළදීම අවම කරයි

කොමඩු තුළ විටමින් සී බහුල වශයෙන් අන්තර්ගතව ඇත. එම නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි. ඉක්මනින් සුව නොවන තුවාල ඇති අයට ද, කොමඩු ඉතාමත් ම ගුණදායක ය. කොමඩු ආහාරයට ගැනීම මඟින් තුවාල සුවවීමේ වේගය තරමක් දුරට වැඩි කර ගත හැකි ය.

4.ඇස් පෙනීම වැඩි කරයි

කොමඩු තුළ පවතින බීටා කැරොටීන් මඟින් ඇස් පෙනීම වැඩි කරයි. එසේ ම, අක්ෂි ආබාධ ඇති පුද්ගලයන්ට ද වඩාත් ගුණදායී පලතුරක් ලෙස කොමඩු හඳුන්වා දිය හැකි ය. කොමඩුවල අන්තර්ගත විටමින් ඒ සංඝටකය , දත්වල සහ සමෙහි නිරෝගීභාවයට බෙහෙවින් ම වැදගත් ය.

5. ස්නායු රෝගවලට ගුණදායක වීම

කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය, ස්නායු රෝග සඳහා වඩාත් යෝග්‍ය ය. පේශිවල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සංඝටක රැසක් කොමඩුවල අන්තර්ගත වන නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් සිරුරේ යහ පැවැත්මට මනා මෙහෙයක් සිදුවේ.

අස්ථි බිඳීම්වලට ලක් වූ විට , කොමඩු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක ය. ස්නායුවලට අවශ්‍ය උත්තේජනය ලබා ගැනීමටත්, මිනිසාට වැළඳෙන රෝග රැසකට ප්‍රතිකර්මයක් ලෙසටත් , මේ පලතුර අනුභව කිරීම ඉතාමත්ම යෝග්‍ය ය.

අන්තර්ජාලය ඇසුරිනි