Thursday, August 25, 2016

ඔබෙ දත් වලට ගුණ දෙන මෙන්න මේ ආහාර ඔබත් අනුභව කරන්න දැන්ම පුරුදුවෙන්න.

 ඔබෙ දත් වලට ගුණ දෙන මෙන්න මේ ආහාර ඔබත් අනුභව කරන්න දැන්ම පුරුදුවෙන්න.


, අප මුඛ සෞඛ්යැ රැක හත යුතුයි. දිනපතාම අප මුඛය වාර කීපයක්ම පිරිසිදු කළ යුතුයි. පිරිසිදු කමට අමතරව, දත් වල ආරක්ෂාව සඳහා ඔබට කළ හැකි තවත් දේවල් තියෙනවාද? අධික සීනි හා ආම්ලික ආහාර නිසා දත් වලට හානි ඇතිවෙනවා. තවද, අප දත් වලට අවශ්‍යවෙන පෝෂණය ලබා දිය යුතුයි. ඒ සඳහා මෙම ලිපියේ දක්වා ඇති ආහාර ගන්න වග බලා ගන්න.

* සීනි නැති බබල් ගම් කෑමෙන් දත් වලට වාසි ඇතිවෙන බව පැවසෙනවා. බබල් ගම් කන විට කෙළ ඇති වී දත් පිරිසිදු වෙනවා. මේ නිසා දත් වල ඇති අම්ල සේදී යනවා. කෙළ වල ඇති කැල්සියම් දත් ශක්තිමත් කරනවා. බබල් ගම් කන විට හකු මස්පිඩුත් ශක්තිමත් වෙනවා. සීනි නැති බබල් ගම් කන්න වග බලා ගන්න.

* නියමිත ප්රනමාණයට වතුර පානය කරන්න. මින් කෙළ ඇතිවීම ක්රයමවත් වෙනවා. දත් අතර සිරවී ඇති කුඩා කෑම කැබලි සෝදා දමයි. විදුරුමස් ආරක්ෂා කර දන්ත එනැමලය ආරක්ෂා කරයි. ටැප් වතුර වල ඇති ෆ්ලූරයිඩ් දන්ත ඛාදනය අවම කරයි. ඒ නිසා, සෑම ආහාර වේලකින් පසුවම මුඛය
වතුරෙන් සෝදා වතුර බොන්න.

* කෙළ ඇති කරන තවත් ආහාරයකි චිස්. අන්තර්ගතවෙන පොස්පේට් හා කැල්සියම් මුඛයේ ඇති අම්ල වල බල බිඳී. ආහාර වේලකට පසුව පොඩි චීස් කැබැල්ලක් කෑමෙන් දත් දිරා යාම අවම කර ගන්න පුළුවන්.

* කිරි: කැල්සියම් අඩංගුවෙනවා. දත් ශක්තිමත් කරයි. එනැමලය ශක්තිමත් කර නැවත ඇති කරවයි. ඔබට කිරි ආසාත්මික වෙනවා නම්, සොයා කිරි බොන්න. අද කාලයේ මේදය අඩු කිරි වලත් අනෙකුත් පෝෂණ කොටස් නොඅඩුව තියෙනවා.


* කොළ තේ හා කළු තේ දත් වලට වාසි රැසක් ගෙන දෙනවා. දත් සුදු කරනවා. බැක්ටීරියා නසා ඵලක ඇතිවීම අවම කරයි. දන්ත කුහර ඇතිවීමයි මින් අඩුවෙන්නේ. දිනපතා පානය කරනා විට, සීනි වෙනුවට මී පැණි එකතු කර තේ පානය කරන්න. කොළ තේ පානයෙන් වාසි වැඩියෙන් අත්වෙනවා.

* ඇට වර්ග පරිබෝජනය මඟින් සෞඛ්යත වාසි රැසක් අත්වෙනවා. විටමින් D හා කැල්සියම් අඩංගු වෙනවා. කජු, කෙළ ඇතිවීමට උපකාරී වෙනවා. වෝල් නට් වල තන්තු, යකඩ, මැග්නීසියම් හා විටමින් B හා E අඩංගු වෙනවා. අන්තර්ගතවෙන පොටෑසියම් හා සින්ක් දත් සෞඛ්යන රැක දේ. ඇට වර්ග කන විට තරමක් ප්රුවේසමෙන් කෑමට වග බලා ගන්න. මන්ද, ඒවායින් දන්ත එනැමලය හානි වෙන්නේ පුළුවන් නිසාය.

* යෝගට්: දිනපතා පරිබෝජනය කරන අයගේ දන්ත සෞඛ්යි වැඩිවෙනවා. කැල්සියම් හා ප්රෝ.ටීන් ඇත. ඔබ කැමැති ඔනෑම විදියකට පෙරිබෝජනය කරන්න.

* තද චෝකලේට්: ටැනින් අඩංගුවෙනවා. දන්ත ඛාදනය වීම අඩු කරයි. විදුරුමස් ඉදිමීමට එරෙහිව සටන් කරයි. මුඛයේ අමල් ඇතිවීම අවම කර මැලියම් ඇතිවීම අඩු කරයි. විදුරුමස් වලට එන ලේ ප්ර්මාණය වැඩි කරයි.

* දොඩම්: කැල්සියම්, විටමින් C, D අඩංගුවෙනවා. මෙම පෝෂණ කොටස් දන්ත සෞඛ්ය රැක දේ. මුඛයේ ඇති බැක්ටීරියා ඉවත් කරයි. ආම්ලික නිසා කැමෙන් පසුව කට වතුරෙන් සෝදන්න.

* ඇපල්: ඇපල් කන විට මුඛයේ ඇතිවෙන කෙළ ප්රවමාණය වැඩිවෙනවා. කුහර ඇතිවීම අවම කරයි. විටමින් B කාණ්ඩ, E හා C අඩංගුවෙනවා. රාත්රීස කෑමට පසු ඇපල් ගෙඩියක් කෑමෙන් මුඛය පිරිසිදු වෙනවා.

* පීකුදු: කාබනික පීකුදු තෝරා ගන්න. විටමින් A හා D අඩංගුවෙනවා. මේවා ප්ර්තිඔක්සිකාරකයන් ලෙස ක්රිායා කර දත් දිරායාමේ අවධානම අඩු කරයි. විදුරුමස් රෝග අවම කරයි. කැල්සියම් ශරීරයට උරා ගැනීමට විටමින් D අවශ්යී වෙනවා.

* මෝර ගුලි හා තෙල්: ඔබ පීකුඩු කෑමට කැමති නැති නම්, මෙන්න් විසඳුම. ඔමෙග-3 අමලයන් හා විටමින් D, A අඩංගුවෙනවා.

* හතු: විටමින් D අඩංගුවෙනවා. කැල්සියම් ශරීරයට උරා ගැනීම ක්රතමවත් කරයි. දන්ත මැලියම් ඇතිවීම අඩු කරයි.
ඉතින්, මේ දේවල් කිරීමෙන් ඔබට ඔබටත් ඔබේ දත් ආරක්ෂා කර ගන්න පුළුවන්.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



0 comments:

Post a Comment