Friday, August 26, 2016

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැනත් දැනන් ඉන්න.

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැනත් දැනන් ඉන්න.
අපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල පොඩි සහනයක් ලබා ගන්න එකනේ. එත් ඉතින් ඔය වේදනානාශක වලට ඇග හුරු කරන ඒක නම් එච්චර හොද දෙයක් නෙවෙයි.

ඉතින් ඕන එකට හොද ස්වභාවික ඛෙහෙතක් තියෙනවා. මේක ස්වභාවික නිසා ශරීරයටත් හුගක් හොදයි.  මේක ඔයාලට ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි මේක හදා ගන්නේ,

අවශ්‍ය ද්‍රව්‍ය-
මී පැණි ග්‍රෑම් 500
සුදු ළුණු ගෙඩි 10ක් පමණ
ගම්මිරිස් ඇට ස්වල්පයක්.

මුලින්ම සුදු ළුණු පොතු ඇරලා ඒක බිකක් කෑලි දෙකකට වෙන් වෙන ලෙස කපා ගන්න.

ඉන් පසු ඒවා සියල්ල පිරිසිදු භාජනයකට දමා ගන්න. එයටම මී පැණි සහ ගම්මිරිස් එකතු කර බාජනයේ කට හොදින් වසා දවස් 5ක් පමණ තිඛෙන්නට හරින්න.

Pepper-2
ඔබට හිසේ කැක්කුමක් අපු වෙලාවට මෙහි ඇති සුදු ළුණු බිකක් සහ ගම්මිරිස් ඇටයක් සමග දියරයෙන් හැන්දක් පමණ ආහාරයට ගන්න. ඔබට ඉක්මනින්ම සහනයක් දැනේවි.


හිසේ කැක්කුමක් නැති වෙලාවකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දිනපතා උදේ සහ හවස හිස් බඩ මෙයින් මේස හැන්දක පමණ ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි, බැක්ටීරියා විනාශ කරයි, අහාර ජීරණය පහසු කරයි. අහාර ජීරණ අවයව සහ රුධිර පීඩනය යහපත් කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි







0 comments:

Post a Comment