Saturday, August 27, 2016

ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ඔසු කිහිපයක්.

 ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ඔසු කිහිපයක්.

පීනස කියන්නේ ඉතිහාසයෙ අපි අහල තියෙන්නේ ටිකක් වයස අයට හැදෙන ලෙඩක් කියල. ඒත් ඒක අද දවස වන විට බොහෝ වෙනස් වෙලා. අද කාලේ පොඩි වුන්ටත් කොල්ලෝ කෙල්ලන්ටත් පීනසේ තියෙනවා. ඒ වගේම පීනසේ නොයෙක් වැරදි මත සහ නොදැනුවත් කම නිසා පාලනය කරගන්නට නොහැකි වෙලා තිඛෙනව.

මුලින්ම ඔබ පීනස් රෝගියෙක් නම් ඔබට තිබිය හැකි ලක්ෂණ මොනවාදැයි බලමු.

පීනස මතුවීමට බලපානු ලබන්නේ අධික වෙහෙස, නිදිමැරීම, රාත්‍රී කාලයට ශීතල ජලය ස්‌නානය, දුවිලි සහිත පරිසරවල නිතර ගැවසීම, වායු සමීකරණය කළ ස්‌ථානවල වැඩි කාලයක්‌ ගත කිරීම විය හැකියි. නිතර ශීත ආහාරපාන ගැනීම ආදී කරුණුත් බලපාන්න පුලූ‍වන්.පීනස සහිත අය නින්දේදී තිගැස්‌සී අවදිවනවා. එක දිගට පැය කිහිපයක්‌ හරිහැටි නිදාගැනීමට නොහැකිය. නින්දේදී ගොරවනව.

උදෑසන අවදිවූ විට අධික වෙහෙස , අලස බව, උදෑසන නින්දෙන් අවදිවී දෙපා පොළව මත තබා නැගිටින විට දෙපාවල අධික වේදනාවක්‌ සහ හිරිවැටීමක්‌ මතුවීම ආදී අපහසුතා ද මතුවෙන්න පුලූ‍වන්.

පීනස වැළදෙන වයස

අපි මුලින් කිව්ව වගේම අතීතයේදී නම් වයස අවුරුදු 18 පමණ වනතුරු පීනස රෝගය වැළදුනු අය හමුවූයේ ඉතා කලාතුරකින් . නමුත් වර්තමානයේ වයස අවුරුදු 10 - 12 වැනි කුඩා වයසේ සිට පීනස රෝගවලට ලක්‌වූවන් හමුවෙනවා. ඊට හේතුවී ඇත්තේ වර්තමානයේ පවතින අක්‍රමවත් ජීවන රටාව, වැරදි ආහාර පුරුදු, ව්‍යායාමවල නොයෙදීම සහ කය වෙහෙසවා වැඩ නොකිරීම ආදිය.

ප්‍රතිකාර ලබාදීම.. පීනසය මතුවීමට බලපා ඇති නාඩි කම්පනය හඳුනාගැනීම.

පීනසය සඳහා හිසට තෙල් ආලේපකර වැඩිපුර රතුළුනු, ගොටුකොළ ආහාරයට ගත්තාට පමණක්‌ ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරද ලබාගත යුතුය. තමාට පීනසය මතුවීමට බලපා ඇති නාඩි කම්පනය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබානොගතහොත් රෝගය සිරුර තුළ නිදන්ගතවී මුළු දිවිය පුරාවට පීඩා ගෙනදෙනවා..

පීනසට සුදුසු කැඳ වර්ග

ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ග දෙකක්‌ අපි ඔබට කියනව. මෙම කැඳ වර්ග දිනපතා උදෑසන පානය කිරීමෙන් පීනස නිසා මතුවන අපහසුතා අවම කරගන්න පුළුවන්

ගොටුකොළ කැඳ

ගොටුකොළ ගස සහමුලින්ම, උදුපියලිය ගස සහමුලින්ම, කුප්පමේනියා ගස සහමුලින්ම, කරපිංචා ඇට ටිකක්‌, හීනටි හාල්, කුරුළු තුඩ හාල් හෝ කැකුළු හාල් ටිකක්‌ මිශ්‍ර කරගෙන කැඳක් සකසා ගන්න.

අබ කැඳ

අබ ගස සම්පූර්ණයෙන්ම, ලූ‍නුවිල, ගස සම්පූර්ණයෙන්ම කලූ‍කැබ්බේරිය සම්පූර්ණයෙන්ම, අලිගැට පේර දළු ටිකක්‌, අමු ගම්මිරිස්‌ අහුරක්‌. උළුහාල් ස්‌වල්පයක්‌ ගෙන හොඳින් කැඳ සාදා ගන්න. එම කැඳ භාජනය ලිපෙන් බෑමට පෙර කළුදුරු ස්‌වල්පයක්‌ එක්‌කරගෙන මඳ රස්‌නයෙන් පානය කරන්න.

ඉතින් පීනසය තිඛෙන ඔබට එයින් යම් සහනයක් ලබා ගන්න ඉහත ක්‍රමය වැදගත් වේවි.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment