Showing posts with label Science and Technology. Show all posts
Showing posts with label Science and Technology. Show all posts

Friday, September 2, 2016

මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න.

මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න.

* ඔසප් චක්ර ය ක්රයමවත් කරයි.

* කිරිදෙන මව්වරුන්ට හ දියවැඩියා රෝගීන්ට ගුණ ගෙන දේ.

* රක්තහීනතාවයට සහනය දේ.

* වකුගඩු වල ක්රිදයාවලියට උපකාරී වේ.

* මලබද්දයට සහනය දේ.

* උදරයේ තුවාල වලට සහනය දේ.

* ගර්භාෂය ශක්තිමත් කරයි.

* අධික රුධීර පීඩනයට සහනය දේ

කෙසෙල්මුව කරිය සෑදීමේ ක්‍රමය:

භාජනයක් ගෙන තෙල් මේහැඳි 2කක් එකතු කරන්න. අබ ඇට ටිකක් දමා පුපුරන කම් තියන්න. කපා ගත් ළුනු හා මිරිස් එකතු කර ටිකක් බැද ගන්න. කපා ගත් කෙසෙල්මුව එකතු කරන්න. ඔබ කැමති ආකාරයට කුළුබඩු හා ලුණු එකතු කරන්න. වතුර ටිකක් දමා භාජනයේ මූඩිය වසන්න. පසුව ගා ගත් පොල් එකතු කරන්න. දැන් ඔබේ කරිය කෑමට සූදානම්.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කුරුඳු තෙල් හා සේර තෙල් භාවිතා කර මැසි මදුරු කරදරෙන් දැන්ම නිදහස් වෙන්න.

කුරුඳු තෙල් හා සේර තෙල් භාවිතා කර මැසි මදුරු කරදරෙන් දැන්ම නිදහස් වෙන්න.
මද රස්නෙ වතුරට කුරුඳු තෙල් හෝ සේර තෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා ඒ වතුර ස්ප්‍රේ කරන්න පුලුවන් බෝතලයක් ආධාරයෙන් මැස්සන් ගැවසෙන ස්ථාන වලට ස්ප්‍රේ කරන්න. කුරුඳු හෝ සේර සුවඳට මැස්සන් ඒම වළකිනවා. මේ තෙල් වර්ග සිංහල බෙහෙත් කඩවලින් හෝ සුපිරි වෙලඳ සැල් වලින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



මිටි වීමට බලපාන හේතු ඔබ කවදාවත් දැනන් හිටියද? මෙන්න බලන්න කොට වෙන්නත් හේතුවක් තියෙනවා.

මිටි වීමට බලපාන හේතු ඔබ කවදාවත් දැනන් හිටියද? මෙන්න බලන්න කොට වෙන්නත් හේතුවක් තියෙනවා.

මිටි බව එහෙම නැතිනම් කුරු බව ( ෂොර්ට් ස්ටටුරෙ ) තත්ත්වය සමාජයේ ජීවත්වන” එම දේහ ලක්ෂණය තිඛෙන බොහෝ දෙනෙකුට මානසික පීඩාවක් ගෙන දෙන තත්ත්වයක්’ සම වයසේ තරුණ තරුණියන්ට සාපේකෂ ව තමන් උසින් අඩූ නම් ඒ ගැන බොහෝ දෙනෙකු ඉමහත් පසූතැවිල්ලට පත්වෙති’ බොහෝ වෛද්‍ය ගැටලු තීර පරීකෂාවේ දී ද හෙළි වන්නේ උස වැඩි කර ගැනීමට ඛෙහෙත් පවතී ද යන්න විමසන පිරිස වැඩි බව ය’ ඇතැම් විට සිය දිවි නසා ගැනීමට තරම් ඇතැම් පූද්ගලයෝ පෙළඹෙති’

මිටි බවට බලපාන හේතු රාශියක් පවතින අතර ළමා අවධියේ දී මේ තත්ත්වය හඳුනා ගැනීම දෙමාපියන්ට මෙන්ම ළමයාට ද වැදගත් වෙයි’ දැනට භාවිත වන වර්ධක සටහන් ( ඝ්‍රොව්ත් ඡර්ට් ) වල ළමයා ගේ වයසට අනූව උස ලකුණූූ කිරීම සිදුවන අතර” සාමාන්‍ය ළමයකු ගේ උසට සාපේකෂව එම වෙනස මේ අනූව පැහැදිළිව හඳුනාගත හැකි ය’

මූල් අවධියේ දී උසින් අඩූ බවක් පෙන්වන ළමයින් වැඩිවිය පැමි”මේ දී තමන් ගේ පවූලට නියමිත උස ප්‍රමාණය අත්පත් කරගන්නා අවස්ථා ද පවතියි’ පාසලේ දී” පෙර පාසලේ දී හෝ සම වයසේ මිතුරන් අතර කොන් වීම” ආරුඨ නම්වලට ලක්වීම’ ආත්ම විශ්වාසය අඩූ වීම” ක්‍රීඩාවල දී විවිධ අපහසූතාවන්ට ලක්වීම” මීට අමතරව වයසින් මූහූකුරා ගිය ද උසින් අඩූ නිසා පොඩි දරුවකු මෙන් සැලකීම වැනි ගැටලු රැසක් මිටි බව සමඟ බැඳී ඇත’ මේ නිසා මිටි බවට බලපාන හේතු සාධක මොනවා දෑයි පලමූව විමසා බලමූ’

1’ පවූල් පසූබිම’

දෙමාපියන් හා ඥාතීන් උසින් අඩූ වන විට දරුවන්ට ද එය උරුම වෙයි’

2’ මව් කුස තුළ දී වර්ධනය අඩාල වීමකට ලක්වීම හා නොමේරූ දරු උපතක් බිහි වීම

මව් කුස තුළ දී විවිධ හේතුන් මත වර්ධනය අඩාල වූ දරුවන් හා නියමිත දින සම්පූර්ණ වීමට ප්‍රථම උපන් නොමේරූ දරුවන් දිගට ම වර්ධනය අඩාල වීමක් පෙන්වති’ උසින් අඩූ වෙති’

3’ වර්ධනය සෙමින් සිදුවන දරුවන්

මෙවන් දරුවන් උස යාම” වැඩි විය පැමි”ම ආදිය ප්‍රමාද වී සිදු වෙයි’ ආරම්භයේ දී වර්ධනය අඩූ බවක්” උසින් අඩූ බවක් පෙන්නූම් කළ ද කාලය ගතවීම සමඟ ක්‍රමයෙන් තමන් ගේ දෙමාපියන් ගෙන් උරුම වූ උස ප්‍රමාණයට ළඟා වෙති’ මෙය පවූලේ සාමාජිකයන් අතරින් ද හමූවන අතර” පිරිමින් තුළ සූලබ ය’ කෙසේ වූවත් මේ තත්ත්වය රෝගයක් නොවේි’ ඇන්ඩ්‍රොජන් හෝ ඊස්ට්‍රජන් හෝර්මෝන මඟින් මොවූන් ගේ වැඩිවිය පැමි”ම ඉක්මන් කළ හැකි ය’

4’ හෝර්මෝන අසංතුලිතතා නිසා වන මිටි බව

තයිරොයිඩ් හෝර්මෝනය” වර්ධක හෝර්මෝනය හා ස්ටෙරොයිඩ් හෝර්මෝන වර්ධනය කෙරෙහි බලපායි’ මින් පළමූ හෝර්මෝන දෙවර්ගය අඩූ වූ විට වර්ධනය අඩාල වෙයි’ ස්ටෙරොයිඩ අධික වීම ද වර්ධනය අඩාල කරයි’

උපතින් ම තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩාල වීම හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට එරෙහි ප්‍රතිදේහ නිපදවීම හෝර්මෝන නිෂ්පාදනය අඩාල කරයි’ පිටියූටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩාල වීම” පිළිකා රෝගයකින් එය විනාශ විම” හයිපොතැලමස ප්‍රදේශයේ පිළිකාවක් හෝ විකිරණවලට ලක්වීම” ආදිය නිසා වර්ධක හෝර්මෝන නිපදවීම අඩාල වෙයි’

දිගු කලක් ස්ටෙරොයිඩ් (ප්‍රෙඩ්නිසිලෝන් වැනි) ඖෂධ භාවිත කරන විට වර්ධනය අඩාල වෙයි’ දිගු කලක් ඇදුම රෝගයට ඉන්හේලර් පාවිච්චි කරන්නන් තුළ ද මෙය දෑකිය හැකි ය’

5’ පෝෂණ ඌනතා සහ දිගු කලක් රෝගාබාධ වලින් පීඩා විඳීම

මෙය දියූණූ වෙමින් පවතින රටවල ළමයින් ගේ වර්ධනය අඩාල වීමට බලපාන ප්‍රධානතම හේතුවකි’ ගුණාත්මකභාවයෙන් අඩූ ආහාර ගැනීම” ආහාර හිඟවීම” ආහාර අරුචිය” දිගු කලක් විවිධ රෝගවලට නිතර නිතර ලක්වීම මෙයට හේතු වෙයි’

ආහාර මාර්ග පද්ධතියේ ආහාර අවශෝෂණය අඩාල කරන සිලියැක්” ක්‍රෝන්ස් ( ක‍රොහ්න්~ස් ) වැනි රෝග” වකුගඩූ අක්‍රීයතාව ද මෙයට බලපායි’

6’ වර්ණදේහ ගැටලු නිසා වන සහලකෂණවලට ගොදුරු වීම

ඩවූන්ස් සහ ලකෂණයේ දී ළමයින් ගේ උස යාම අඩූ වෙයි’ ඩවූන්ස් සහ ලකෂණය උපත ලද අවස්ථාවේ දී ම හඳුනාගත්ත ද” ඇතැම් එවැනි වර්ණදේහ රෝග හඳුනා ගන්නේ ළමයාෙ ග් කුරු බවට හේතු සොයාගෙන යාමේ දී ය’

ටර්නර්ස්” නූනාන්ස්” සෙල්ස් සිල්වර් වැනි සහලකෂණ මෙයට නිදසූන් ය’

7’ මානසික අවපීඩනය

කායික ව හෝ මානසික ව දීර්ඝ කාලයක් පීඩාවන්ට ලක්වීම ද උස යාම අඩාල කරන්නකි’ ළමයින්ට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වීමට හිතකර පරිසරයකට රැගෙන ගිය විට නැවත හොඳින් වර්ධනය පටන් ගන්නා බව පෙනෙයි’

ඇතැම් විට මිටි බව ඇෙඟ් ඉහළ සහ පහළ කොටස්වලට සමාන ව බලපාන අතර” තවත් සමහර රෝගවල දී ශරීරයේ ඉහළ හෝ පහළ කොටස පමණක් වර්ධනය අඩාල බවට පත්වෙයි’

ළමයින් ගේ වයස සමඟ උස ක්‍රමාණූකුළ ව සහටන් කිරීම මඟින් මෙම වර්ධනය අඩාලවීම හොඳින් අවබෝධ කරගත හැකි ය’ මීට අමතරව හෝර්මෝන ඌණතාවල දී ඊට සම්බන්ධ වෙනත් රෝග ලකෂණ ද රෝගියා තුළින් දෑකිය හැකි ය’

වර්ධක හෝර්මෝනය අඩාල වීමට දෑනට ප්‍රතිකාර ලෙස එම හෝර්මෝනය පිටතින් එන්නත් කිරීම සිදු කරයි’ මෙය මිල අධික වන අතර” ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක අධීකෂණය යටතේ ප්‍රතිකාර ගැනීම කළ යූතුයි’ තයිරොක්සීන් ඌණතාවට සූදුසූකම ලබා විශේෂඥ කායික රෝග වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය’

අතේ මැණික් කටූව හා ඉදිරි කොටසේ එක්ස් කිරණ ඡායාරූප මඟින් ළමයා ගේ අස්ථි වර්ධනයේ වයස ( ඹොනෙ අගෙ )- ලබාගත හැකිය’ මෙය ළමයා ගේ සැබෑ වයසට ගැලපේ ද” වයසින් අඩූ ද යන්න මින් නිගමනය කළ හැකි ය’ රුධිර ෙසෙල පරීකෂාව මඟින් නිතර වැළඬෙන ආසාදන පරීකෂාව ද” තයිරොක්සීන් හා වර්ධක හෝර්මෝන මටිටම මැන බැලීම ද කළ හැකිය’

මොළය තුළ වන වෙනස්කම් හඳුනා ගැනීමට ක‍ඨ්හෝ ඵර්‍ඓ පරිකෂණ ඉවහල් වෙයි’ මේ අනූව ඔබත් උසින් අඩූ බව මානසික පීඩාවක් කරගෙන ඇත්නම් පවූලේ වෛද්‍යවරයා හමූ වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබට සහනයක් ගෙන දෙනූ ඇත’




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවොත් වෙන වින්නහිය අදවත් ඔබ හරියටම දැනගන්න.

මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවොත් වෙන වින්නහිය අදවත් ඔබ හරියටම දැනගන්න.
මාළු බැදල කෑවොත් වෙනදේ මෙන්න
පලතුරු, එළවලූ සහ මාළු යනු සෞඛ්‍ය සම්පන්න ආහාරයි. නමුත් ඔබ මාළු බැදලා අනුභව කරනවානම් එය තවදුරටත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නොවෙන බව හොඳින් මතක තබාගන්න. මෑතකදී සිදුකරනු ලැබූ අධ්‍යයනයකින් සනාථවී තිබෙන පරිදි, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදය එසේත් නොමැති නම් ආඝාතය කියන බරපතල සෞඛ්‍යය තත්වය ඇතිවීමේ වැඩි අවදානම් තත්වයක් පවතිනවා.

සතියකට දෙවතාවක් මාළු අනුභව කිරීමට නිර්දේශ කර තිබුනත්, ඒවා සකස් කරන ආකාරය පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් වියයුතුයි. ආඝාතය කියන තත්වයද ඇතුළුව තවත් රෝගී තත්වයන් රැුසක් ඇතිවීම සඳහා හේතුවන්නේ වැරදි ආහාර රටාවයි.

අධි කොලොස්ටරෝල් මට්ටමක් ඇති ආහාර අනුභව කලොත් මොලයට රුධිරය සැපයෙන රුධිර වාහිනී අවහිර වෙන අතර, ඒ හේතුවෙන් ස්නායු සයිල විනාශ වීම සහ හර්දරෝග වැනි තත්වයන් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.

අධ්‍යයනයන් මගින් පෙන්වාදෙන පරිදි, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදයක් ඇතිවීම සඳහා සියයට 32ක පමණ වැඩි අවදානම් තත්වයක් පවතිනවා. වැරදි විදියට මාළු පිසුවොත්, එහි ඇති වටිනා තෙල් කොටස් ගිලිහී යන බවද විශේෂඥයෝ පවසති.

උදාහරණයක් විදියට ගත්තොත්, ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් සැමන් මත්ස්‍යයින් බැදීමේදී එහි වටිනා තෙල් කොටස් විනාශ වී යනවා.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? මෙන්න විස්තරේ කියවලාම බලන්න.

ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? මෙන්න විස්තරේ කියවලාම බලන්න.


ප්‍රීතිමත් විවාහයකට අවශ්‍යතම වැදගත් කරුණු 3ක් බ්‍රිතාන්‍යය කළ සමීක්ෂණයකින් හෙළි වෙයි. පොදුවේ එය අපටද අදාළ වෙයි. පළමුවනැන්න අවංකකමයි. දෙවැන්න සාකච්ඡා සම්මුතිය යි. එනම් එකඟතාවයි. අනෙක් කරුණ සෑම දෙයකම පාහේ දෙකක් බැඟින් තීබීමයි. විශේෂයෙන් රූපවාහිණී දෙකක්, මෝටර් රථ දෙකක්, සහ වැසිකිළි දෙකක් වශයෙනි.

විශ්වාසවන්තකම, හාස්‍යය විද දරාගැනීමේ සංවේදීතාව සහ අවංකකම යහපත් සබඳතාවකට වඩාත් වැදගත්ම කරුණු 3 වශයෙන් නිරීක්ෂණය කර තිබේ. තවත් කරුණු කිහිපයක් කල්පවත්නා ආදරයට අත්‍යවශය වේ.
"ඔබේ බිරිඳ කාමයට පොළඹවාගන්නේ කෙසේද ?" නමින් නවතම ග්‍රන්ථයක් එළි දැක්වීම සඳහා පවත්වන ලද මෙම සමීක්ෂණයට අඹු සැමි යුවළ 2000 ක් එක් කරගෙන තිබිණ.

ඔවුන් සියලුදෙනාම පාහේ සඳහන් කර ඇත්තේ මුල් කරුණු 2 කට අමතරව වෙනම වාහන දෙකක්, රූපවාහිණී දෙකක් හා වැසිකිළි දෙකක් ද ප්‍රීතිමත් විවාහ දිවියකට අත්‍යවශ්‍ය බවයි.

ඔවුන්ට පිළිතුරු දීම සඳහා හෝඩුවා 50 ක් ලැයිස්තුගත කර තිබිණ. අඛණ්ඩ ලිංගික සබඳතාවට එම ලැයිස්තුවේ හිමිවී ඇත්තේ 20 වැනි ස්ථානයයි. නිති පතා වැළඳගැනීම් හා තුරුළු කරගැනීම්ද නිර්දේශිතය.

රාත්‍රී නින්දට කළින්, උදෑසන, නිවසින් පිටවී යාමේදී එකිනෙකා සිපගැනීම්, ඉද හිට ප්‍රේම චමත්කාරයෙන් වෙළුණු අදහස් පළ කිරීම්, ඔහු හෝ ඇය තමාගේ හොඳම මිතුරා වශයෙන් සැලකීම, මා පිය රාජකාරි බෙදා ගැනීම, විනෝදාංශවල නිරත වීම ආදියද නිතිපතා ලිංගිකව එක්වීමද ලේඛනයේ පළමු 20 ඇතුළත් වෙයි.

තර්ක විතර්ක සමඟ සහ විශ්මයට පත්කිරීමේ ත්‍යාගයක් පිරිනමමින් කිසි විටෙකත් නින්දටනොයාමද ප්‍රීතිමත් යුග දිවියට අදාල කරුණු 50 ට ඇතුලත් වෙයි




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නේ නෑ.

කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නේ නෑ.


කොලෙස්ටරෝල් - Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා. ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන. වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා. කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.




ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශ්‍ය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස් ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට. ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ. ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද (LDL) , අසංතෘප්ත මේද (HDL) හා VLDL ලෙස. මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත. එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා. හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉඳල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා. අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්, සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම්, ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. (ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.)  ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් (Stroke) ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.




රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන්, නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ. තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව, ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ. කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න. ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.




කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්, සීනි, පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර, එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු තැම්බූ හාලේ බත්, අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග, කුඩා මාළු හා මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න බැරි කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා, ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ලුණු කැටයක් පමණක් අඹරපු ලුණු මිරිස්, කරපිංචා දළු සම්බෝලය, දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ (සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.



ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.

උපුටා ගැනීම - වෙද හාමිණේගේ අඩවිය

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.

ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප‍්‍රතිකාරයක් අවශ්‍යය.

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. ක්‍රම ක්‍රමයෙන් නහරගත කොලෙස්ටරෝල් - cholesterol දියවීයාමෙන් පටන්ගෙන මාංශපේශීන් දක්වා ඉතා ක්‍රමාණුකූලව ක්‍රියාත්මකවේ.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප‍්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඹෟෂධ සංයෝගයක් වශයෙනි.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ආයුර්වේද බෙහෙත් වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇත. වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල් වලින් පමණක් නිපදවා ඇති මෙම පානය කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි.


කැළණි විශ්ව විද්යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්‍,  ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්.

නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්.

ඉදුණු පලතුරු කෑමත් අගුණයි


අධික තරබාරුව කියන්නේ පුද්ගලයකුගේ පෞරුෂත්වයට මූලිකවම බලපාන දෙයක්. අධිකතරබාරුවට බලපාන හේතු අතර ආහාර රටාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ නිසාඅපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.
• අධික තරබාරුවට කැලරි අධිකව අඩංගු පිෂ්ටය, මේදය හා පැණි රස වැඩි ආහාර ද හේතු වේ.
• දෛනිකව අප ගන්නා ආහාරවල වැඩි කොටස මේදය ලෙස සම යට අනාගත අවශ්‍යතාව සඳහා තැන්පත් වේ.
• වැඩිපුර ව්‍යායාම වැනි කාර්යයන් කිරීමේදී එම මේදය කොටස් දහනය වේ. එලෙස නොවුණහොත් මේදය වර්ධනය වී අධික තරබාරු බව ඇති කරවයි.
• අධික තරබාරුවට අධික කැලරි ප්‍රමාණ අඩංගු වන ආහාර හේතු වන නිසා ආහාරසැකසීමට පෙර අප ගන්නා ආහාරවල ඇති කැලරි ප්‍රමාණය පිළිබඳ දැනුම්වත් වීමවැදගත්ය.
පහත දැක්වෙන්නේ එදිනෙදා අප ගන්නා ආහාර වර්ග කිහිපයක අඩංගු කැලරි ප්‍රමාණයයි.
ආහාරය කිලෝ කැලරි ප්‍රමාණය (100ඨ අඩංගු)
බත් 345 – 350
පරිප්පු 340
කඩල 350 නිවිති 360
ගෝවා 27
කැරට් 47
ලූනු 59
අර්තාපල් 97


රාබු 17
වම්බටු 24
බණ්ඩක්කා 73
තක්කාලි 20
මල් ගෝවා 30
රටඉඳි 290
කජු 590
තල 600
පොල් 600
ආමන්ඩ් 655
රට කජු 649
කොත්තමල්ලි 288
කහ 349
රතු මිරිස් 246

කෙසෙල් 79
දෙහි 42
අඹ 70
ගස්ලබු 70
ඇපල් 55
පේර 51
‍ෙදාඩම් 40
මාළු 111
බිත්තර 173
මස් 194
මී කිරි 60
එළඟිතෙල් 900
සීනි 400
• නිර්මාංශ පුද්ගලයන්ට තරබාරු බවින් මිදීම පහසු වේ. නමුත් මොවුන්ට වියළිකජු, ආමන්ඩ්, රටකජු, බටර්, එළිකිරි, එළඟිතෙල් ආදිය ආහාරයට ගැනීම නුසුදුසුය.
• කුසගින්නේ ප්‍රමාණයට පමණක් ආහාර ගැනීමද වැදගත්ය.
• මස්, මාළු අනවශ්‍ය ලෙස ආහාරයට නොගන්න. (ආහාරයට ගැනීම වරදක් නැත) නමුත් මේවා පිස ගැනීමේදී එළඟිතෙල් හා බටර් නොදමන්න.
• තේ කෝපි වැනි දෑ සීනි අඩුවෙන් හා කිරි රහිතව නිතර පානය කළද වරදක් නැත.
• දිනකට වතුර වීදුරු 12ක් වත් පානය කරන්න.
• ආහාර පිසීමේදී රසකාරක අල්පව එක් කිරීමට වගබලා ගන්න.
• ආහාර සැකසීමට එළඟිතෙල්, එළවළු තෙල්, බටර් හා මාගරින් නොදමන්න.
• හාතවාරිය කොළ කැඳ පානය, ගෝවා, කැරැට්, බීට් රූට්, මල් ගෝවා, සලාද කොළ, පිපිඤ්ඤා, තක්කාලි, ලීක්ස්, රාබු ආදිය නිතර ගැනීමද තරබාර බව අඩු කරවයි.
• බත් පිෂ්ටය හා කැලරි බහුල ආහාරයක් නිසා බත් අල්පව හා එළවළු වර්ග අධිකවද ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
• පලතුරු ගන්නා විට අමු පලතුරු තෝරා ගැනීමට උනන්දු වන්න.
(ඉදුණු පලතුරු පැණි රස අධික නිසා එය තරබාරු බවට හේතු වෙයි.)
• අධික තරබාරු අයට කෙඳි සහිත ආහාර ගැනීම ඉතා යෝග්‍යයි. මේ නිසා දූරියන්, කෙසෙල්, ගස්ලබු, ‍ෙදාඩම්, පෙයාර්ස්, අලිගැටපේර, රතුමිදි ආදිය ආහාරයට ගතහැකිය..


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතුව දන්නවනම් ඔබ හැමදාමත් කයි.

රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතුව දන්නවනම් ඔබ හැමදාමත් කයි.

නූතන ලෝකයේ ලෙඩ රෝගයක් නොසෑදුනු පුද්ගලයෙක්ව සොයා ගැනීම ඉතාමත් අපහසු ක‍්‍රියාවකි. මෙම රට මිරිස් භාවිතා කර හිසේ කැක්කුම, නින්ද නොයාම, අධි රුධිර පීඩනය හා රුධිර පීඩනය අඩු වීම වැනි රෝග සදහා සහනයක් ලබා ගත හැකි වේ.

ඔබට හිසේ කැක්කුම සුව කර ගැනීම සදහා රට මිරිස් භාවිතා කල හැකි වේ. හිසේ කැක්කුම නින්ද මදිකම, ඇල්කොහොල් පානය කිරීම, ශරීරය වියලීම, මන්දගාමී රුධිර සංසරණය වැනි දෑ මගින් ඇති වේ. ඔබට මෙම තත්වය මග හැර ගැනීම සදහා සැර 40000 UH වඩා අඩු වන රට මිරිස් පරිභෝජනය කිරීමට හැකි වේ. මේ සදහා තේ හැදි 3 සිට මේස හැදි 6 දක්කවා මාත‍්‍රාවක් දිනපතා පරිභෝජනය කරන්න.
තවද ඔබට රට මිරිස් භාවිතා කර ලේ වහනය වීමද නතර කරගැනීමට හැකි වේ. ඔබ මේ සදහා සිදු කලයුත්තේ අඹරා ගත් රට මිරිස් ලේ වහනය වන තුවාලය මත ආලේප කිරීමයි. මෙමගින් ඔබගේ ලේ වහනය ඉතා සුළු මොහොතකින් නතර වනු ඇත. නමුත් ඔබට මෙහිදී දැවිල්ල විද දරා ගත නොහැකිනම් රට මිරිස් ආශ්වාස කිරීමෙන්ද මෙම අරමුණ සපුරා ගත හැකි වේවි. මෙම සත්කාරය
සිදුකල පළමු අවස්ථාවේදීම ඔබට සුවයක් දැනෙනු ඇත. ඔබ මේ සදහා සිදු කල යුත්තේ උණු ජලය අඩංගු භාජනයකට රට මිරිස් තේ හැන්දක් දමා හොදින් හුමාලය ඇල්ලීමයි. ඔබට මෙහිදී කිවිසුම් ගියත් මෙය ඔබට ඉතාමත් ඵලදායි වනු ඇත.
රට මිරිස් තුල අන්තර්ගත වන “Capsaicin” යන සංයෝගය මගින් පුරස්ථි ග‍්‍රන්ථි තුල ඇතිවන පිළිකා ෙසෙල නැසීමට හැකි බව ඔප්පු වී ඇත. තවද මෙම “Capsaicin” යන සංයෝගය මගින් පෙනහළු පිළිකා ෙසෙල නැසීමට සහ ලියුකේමියා රෝගය සුව කිරීමටද හැකියාවක් ඇත.
ඔබටත් මෙවන් ආකාරයේ සෞඛ්‍යමය ගැටළු තිබේනම් ඔබ කල යුත්තේ රට මිරිස් අනුභව කිරීමයි. එමගින් ඉතා කෙටි කලක් තුල ඔබට ප‍්‍රතිඵල අත්කරදී ඔබව මවිතයට පත් කරාවි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි.

පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි.

බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ශරීර ගත වීම සිදු වෙනවා’ මෙම පුස් වර්ග නිහඩ මාරයෙක් වගෙයි’ ඒවා ඔබගේ ගෙබිමේ වර්ධනය වෙන්න පුළුවන්” බිත්ති එකතු වෙන කොන් වල වර්ධනය වෙන්නත් පුළුවන්” බිත්ති වල හෝ ඔබ භාවිතා කරන අහාර වල වර්ධනය වෙන්නත් පුළුවන්’

මෙම පුස් ශරීර ගත වීම නිසා විවිධ ලෙඩ රෝග වලට ඔබ භාජනය වෙන්න පුළුවන්’ මෙම විෂ සහිත පුස් ගිලීමෙන් ” ඇල්ලීමෙන් හෝ හුස්ම ගැනීමෙන් ඔබගේ ශරීර ගත වෙන්න පුළුවන්’

සමහරවිට මෙම පුස් වර්ග නිසා ඇති වන රෝගාබාද වෛද්‍යවරුන්ට පවා අදුන ගැනීම අපහසු වෙනවා’ එම නිසා මේවා ශරීර ගත වීම භයානකයි’

සමහර පුස් වර්ග වලින් විෂ සහිත මයිකොටෝක්සින් නම් රසායනය මුදා හරිනවා මෙම රසායනය ඉවත් විනාශ කල හැකි නමුත් එය ඉතා අපහසු කටයුත්තක්’ මෙම රසායනය ඔබගේ ජීවත් වන පරිසරය ලී බඩු මෙන්ම ඇදුම් ආදියද දුෂණය කරනවා’

මෙම දරුණු විෂ ද‍්‍රව්‍ය ශරීර ගත වූ පසු ඔබගේ ශරීරයේ හන්දි වලට” ස්නායු වලට සහ ප‍්‍රතිශක්තිකරණ පද්දතියට හානි කරනවා’ එමගින් ඔබගේ සිතුවිලි වලට” සිතීමේ හැකියාවට සහ ඔබගේ ජීවිත කාලයටද හානි සිදු විය හැක’

නමුත් මෙම විෂ ද‍්‍රව්‍ය නිසා ඇති වන රෝග ලක්ෂණ වෙනත් රෝග කිහිපයක් නිසා ඇති වන රෝග ලක්ෂණ හා සමාන කමක් දක්වන නිසා අදුන ගැනීම ඉතාමත් අපහසුයි’ නමුත් පහත රෝග ලක්ෂණ ඔබට තිඛෙනවා නම් ඒ පිලිබදව සැලකිලිමත් වීම නුවනට හුරුයි’

මේ පුස් විෂ නිසා ඇති වන ප‍්‍රධාන රෝග ලක්ෂණයි

ෆඅහාර සංවේදීතාව
ෆහන්දිපත් රුදාව
ෆමූඞ් එක වෙනස් වීම
බර අඩු වැඩි වීම
පෙනීමේ දුර්වලතා
තෙහෙට්ටුව
ඔටෝඉමියුන් රෝග
හිසරදය
හිරි වැටීම
ප‍්‍රජනන ගැටළු
ශරීර වේදනාවන් ඇති වීම
පෙනහළු ගැටළු
නින්ද හා සම්බන්ද ගැටළු
ඔසප් ගැටළු

මෙම රෝග ගොඩක් කල් තිබුනොත් ඔබගේ ඇස් පෙනීමට” සමට” සහ පෙනහළු වලට මෙමගින් හානි සිදු වෙන්න පුළුවන්’

මේ දේවල් වලින් ගැලවෙන්න නම් ඔබ කරන්න ඕනේ ඔබ ගන්නා අහාර වල කල් ඉකුත් වීමේ දින ගැන හොදින් සොයා බැලීමයි’ එසේම ඔබගේ නිවාස තුල ඔබ ජීවත් වන පරිසරය සහ ඔබ පාවිච්චි කරන ඇදුම් ආදිය පිරිසිදුව තබා ගන්න’ හැකි සෑම විටම පිරිසිදු කරන්න’ එමගින් ඔබට සෞක්‍යසම්පන්න දිවියක් ගෙවීමට හැකියාවක් ලැඛෙනු ඇත’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

Thursday, September 1, 2016

කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? මෙන්න ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහස්.

 කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? මෙන්න ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහස්.

ස්ථිර වශයෙන්ම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත්කරන ක්‍රමයක් ගැන අද මම කියාදෙන්න යනවා, විශේෂයෙන් රෝම නිසා මහත් අපහසුතාවයෙන් සිටින කාන්තාවන්ට මේ ලිපිය වඩාත් වැදගත් වෙයි. කාන්තාවන්ගේ ශරීරයේ රෝම වැඩීම පිරිමින්ට හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ මුහුණේ හෝ ශරීරය පුරා වැඩි වශයෙන් රෝම වැවී තිඛෙනවා නම් එය අස්වාභාවිකයි. එය කාන්තාවන්ගේ ගැහැනුකම අවලස්සන කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් ලෙස අප දකින්නේ පිරිමින්ගේ සේ අධිකව රෝම වැවුණු ශරීරයක් නොවේ.

ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ආයුර්වේදයේ දක්වා තිබේ.

මේ සඳහා දුර්ලභ ඖෂධ වර්ගත් භාවිත කරනවා. උදාහරණ වශයෙන් රන්හිරියල්” භාවිත කරනවා. මෙය දැඩි පාලනයකින් යුතුව නිකුත් කරනු ලබන විශේෂ ඖෂධයක්. මෙම ඖෂධය හා මුසුව වෙනත් ශාකමය ඖෂධ යොදා සාදාගනු ලබන විශේෂ ඖෂධ ආලේප කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවත් කරගත හැකි බව සඳහන් වේ. මේ සඳහාත් ඖෂධ වට්ටෝරු කීපයක් පිළියෙල කරගෙන එහි ඇති සාර්ථක අසාර්ථක බව ඔබටද දැකබලා ගත හැකියි.

• පලාශ අරටු (කෑල ගසේ අරටුව) පුලුස්සාගත් අළු හා රන්හිරියල් චූර්ණය සමව ගෙන අලු කෙසෙල් බඩය මිරිකා ගත් යුෂයෙන් අඹරා ආලේප කිරීමෙන් අනවශ්‍ය රෝම වැඩීම වැළකී ඒවා හැලීයයි.

ඉහත දැක්වූ පලාශ අරටු පිලිස්සූ අළු කොටස් 5ක්, නිල් මානෙල් අල කොටස් 5ක් හා රන්හිරියල් කොටස් 1ක් සමග මිශ්‍ර කර අලු කෙසෙල් බඩයේ යුෂයෙන් අඹරා දින 7ක් ආලේප කිරීමෙන් එම ස්ථානවල ඇති අනවශ්‍ය රෝම හැලේ.

• ඛෙලි ගෙඩියේ කටු පිලිස්සූ අළු, රන්හිරියල් චූර්ණය සමව ගෙන කෙසෙල් බඩයේ යුෂයෙන් අඹරා ආලේප කරන්න. දින 7ක් පමණ මෙසේ ආලේප කරන විට රෝම ඉවත් වේ

සැලකිය යුතුයි - ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත මෙය තනන්න


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි යන්න ඕන නිවැරදි ක්‍රමේ.

සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි යන්න ඕන නිවැරදි ක්‍රමේ.

බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා zරමණීය බඩවැල්Z නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකි” අවසන් විය. එමගින් අන්ත්‍රයෙහි සෞඛ්‍ය සම්බන්ධ කරුණු ගණනාවක් ගවේෂණාත්මකව ඉදිරිපත් කැර තිබේ. මලබද්ධය සහ බැක්ටීරියාවන් ගැන එහි විස්තැර කැර ඇත. ඇය පවසන්නේ ජීර්ණක සෞඛ්‍යය මොළයේ පණිවිඩ වඩාත් හොඳින් පවත්වාගෙන යාමටත් මානසික සෞඛ්‍ය මට්ටම පවත්වාගැනීමටත් හේතුවන බවයි. මේ සඳහා මළ පහකිරීමේ ප්‍රායෝගික කරුණු ද වැදගත් බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

ක්ෂුද්‍ර අණුක විද්‍යාව විෂය කරගනිමින් ෆ්‍රැන්ක්ෆර්ට් හි තම ආචාර්ය උපාධිය සඳහා සුදානම් වන එන්ඩර්ස් පවසන්නේ ඉඳගනිමින් මළපහ කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත බවයි. ඉඳගනිමින් මලපහ කිරීමේ හේතුවෙන් ආසියා රටවලට වඩා බටහිර රටවල වැසියන්ගේ බඩවැල්වල අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද ඇය පෙන්වා දෙයි.


පර්යේෂණයට අනුව ඉඳගෙන මෙම ක්‍රියාව කිරීම හේතුවෙන් අන්ත්‍රයේ කෙලවර පටක මිරිකි මළපහ පිටවීම සෞඛ්‍යයට හිතකර නැත. ඒ අනුව නිවැරදි ක්‍රමය වන්නේ ඇණ තියාගෙන මළපහ පිට කිරීමයි.

අපගේ අන්ත්‍රය බොකුටුව පිහිටා තිබීම හේතුවෙන් ඉඳගෙන සිටින විට සහ නැගිට සිටින විට එය සම්පූර්ණයෙන් විවෘත නොවේ. ඇණ තියාගෙන මළපහ කිරිමේදී යෙදිය යුතු පීඩනය ස්වාභාවිකවම අවම වීමෙන් පහසුවෙන් අන්ත්‍රයේ අවසන් කොටස තුලින් බාහිරට නිකුත් වන බවයි. ඉඳගෙන මෙම කාර්යය කිරීම වඩා ශිෂ්ඨ සම්පන්න බව බටහිර ජාතීන්ගේ සිත්තුළ කාවැදී තිඛෙන කරුණකි.

පර්යේෂකයන් පවසසන්නේ වාඩිවී මළ පහ කිරීමට පුරුදු වූ අයට ඇණ තියාගෙන මළ පහ කිරීම අසිරු කරුණක් බවයි.

ලංකාදීප ඇසුරිණි

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්.

 පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්.

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.


ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිඛෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් Aල ඊ වගේ පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඖෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

වඳ බව නසන දිවුල් ඛෙහෙත

ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

අතීසාරයට දිවුල්

අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.

අර්ශස්වලටත් දිවුල් ගුණයි

ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්

කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,

අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය

ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

දද කුෂ්ඨවලට දිවුල්

උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ

සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

මුත්‍රා රෝගවලට ගුණ දිවුල්

බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

ලේ පිරිසුදු කරන දිවුල්

දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

රස පිරි දිවුල් කිරි

ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්‍ය පමණට වතුර මිශ්‍ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්‍ර කරගන්න. ලුණු සහ සීනි අවශ්‍ය පදමට දමා අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරගෙන අමුත්තාට සංග්‍රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

දිරවන්නේ නැති අයට දිවුල්

සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.

සෙමට හා කැස්සට දිවුල්

ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

දිවුල් අඩංගු ඖෂධ

දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් zකපිත්තා පඨක චූර්ණයZ ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.

මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.
ඔබේ ගෙවත්තේ නානා විධ ශාක වර්ග තිබෙන්නට පුලුවන්. ඔබ ගෙවත්තේ අලංකාරය පිණිස වැවූ ගහවැල් වගේම ඉබේ වැවුණු ගස් වර්ගත් ඔබේ අවට පරිසරයේ ඕනෑ තරම් ඇති. ලස්සනට වැවුවත් සොබාදහම ගැන හිතලා ගහකොළ ආරක්ෂා කළත් ඔබ අවට ගහකොළ ගැන දැනුවත්කමකින් සිටින එක වටිනවා. මොකද ඔබේ දෙනෙතට අලංකාරය සහ ගතට සිසිලස ගෙන දෙන ගමන්ම ඔබට හෝ ඔබේ පවුලේ අයගේ ජීවිතයට අනතුරක් කිරීමට පවා සමත් ගස්වැල් තිබෙන නිසා. මහා ඖෂධීය ගුණ සහිත සමහර ගස් වැල් වල පවා විෂ සහිත කොටස් තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන සොයා දැනගැනීමට ඉතා වැදගත්.

අපේ මේ උත්සාහය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එවැනිවූ විෂ සහිත ශාක වර්ග කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි.

පහත සඳහන් ශාක වල විෂ ශරීර ගත වූ වහාම රෝගියාට වමනය කිරීමට සලස්වා හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට වග බලාගන්න. විෂ වීමට අදාල ශාකයේ ඇට,මල් වැනි කොටස් ඇත්නම් එය රැගෙන යාමත් වැදගත් වේවි. හදිසි විෂ ශරීරගතවීමකදී ක්‍රියාකලයුතු ආකාරය දැනගැනීමට 0112686143 අංකය හරහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න. ශාක පමණක් නොව අන් සියලුම ආකාරයේ විෂ වීම් සම්බන්ධයෙන්ද ඔබට මේ ආයතයේ පිහිට පැතිය හැකිවෙයි.



1. හබරල වර්ග

විවිධ වර්ග වල හබරල ගස් අපේ ගෙවතු වල බහුලයි. විශේෂයෙන්ම අලකාරය උදෙසා වවන හබරල වර්ග බොහොමයක්ම තිබෙනවා. “ඩම්බ් කේන්” එහෙමත් නැතිනම් Dieffenbachia සහ එලිෆන්ට් ඉයර් (Caladium Bicolor) නමින් හඳුන්වන පැළෑටි ලංකාවේ බොහෝ ගෙවතු වල අලංකාරයට වවා තිබෙනවා දැකිය හැකියි.

මේ හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග සැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි.



2. නියඟලා

නියඟලා අලය ගැන ඇසූ පමණින් “මරණය” අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. සියදිවි හානිකරගැනීමට නියඟලා අල ආහාරයට ගන්නා අය ගැන පුවත්ද ඕනෑ තරම් ඔබ අසා ඇති. මීට අමතරව වෙනත් අල වර්ගයයි සිතා අත්වැරදීමෙන් මේ විෂ අල ආහාරයට ගැනීමෙනුත් ජීවිත හානි සිදුවනවා.

නියඟලා මුළු ශාකයම විස සහිත වුවත් වැඩිම විශ ඇත්තේ එහි අලයේයි. මෙහි විෂ ශරීරගතවී පැය කිහිපයක් ඇතුලත. බඩ රිදීම, වමනය, ලේ සහිත මළපහ පිටවීම ආදී රෝග ලක්ෂණ පහලවීමට පටන්ගන්නා අතර හෘදය,වකුගඩු,පෙනහළු ආදී ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන් වලටද හානි පැමිණවීමට මේ විෂ සමත්.

නියඟලා මලේ අලංකාරය නිසාම ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදාගත්තත් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැවීම කොහෙත්ම සුදුසු නැහැ.

විෂ විය හැකි අවස්ථා

නියඟලා අලය හුලං කීරිය අල සමඟ වරදවා ආහාරයට එක් කරගැනීමෙන් විෂ විය හැකියි. ආහාරයට ගන්නා අල වර්ග අසල මේවා වැවී ඇත්නම් වහාම ඉවත් කරන්න.

පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැක.



3. කනේරු

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ නිසා ප්‍රසිද්ධ ශාකයක්. එහෙම උනත් විසිතුරු මල් පැළ අලෙවිසල් වල වගේම ගෙවතුවල අලංකාරයටත් කනේරු ගස් වවා තිබෙනවා අපිට දකින්න පුලුවන්. කනේරු ශාකයේ විවිධ කොටස් විෂ සහිත වුවත් උග්‍රම විෂ සහිත වන්නේ කනේරු ඇට බව පැවසෙනවා. ලංකාවේ රෝස සහ කහ පැහැති කනේරු ගස් දක්නට ඇති අතර කනේරු ගෙඩි සහ ඇට හටගන්නේ කහපැහැති කනේරු වර්ගයේය. රෝස පැහැ කනේරු වර්ගයේත් මල් සහ කොළ විෂ සහිත වනවා.

මේවායේ ඇති “කාඩියැක් ග්ලයිකොසයිඩ්“නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතුවුවහොත් විෂවීමට ඉඩ ඇත.



4. ඔළිඳ

“ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ” කියල අපි ළමා කාලෙ අහපු සුන්දර කවියකුත් තිබ්බට ඔළිඳ වල අසුන්දර පැත්තකුත් තිබෙනවා. ඒ තමයි මේ ඇට සැපීමෙන් කුඩා දරුවන්ට විෂ ශරීරගත විය හැකි වීමයි. මේ විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රින් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමග රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රියවීමත් සිදුවිය හැකියි.

විෂ විය හැකි අවස්ථා

සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා.



5. එඬරු

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්.බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. ඔළිඳ තරම් විෂ නොවුවත් එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීරගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



6. ඒන්ජල්ස් ට්‍රම්පට් හෙවත් Brugmansia

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත.

විෂ විය හැකි අවස්ථා

නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



7. කැපුම් කීරිය

තුවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන් විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල, වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි
.

විෂ විය හැකි අවස්ථා

කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතුය.



8. අත්තන

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා.

කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා. සිහි විකල් වීම, සිහි නැතීවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. පිස්සු වැඩ කරන කෙනෙක් හඳුන්වන්න අපේ ජන වහරේ “අත්තන ඇට කාල වගෙයි” කියල කතාවක් හැදිල තියෙන්නෙත් ඒ මගින් සිදුවන සිහි විකල්වීමේ ගතිය නිසා වෙන්න ඇති.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



9. හොඬල

හොඬල ශාකයත් දරුණු විෂ සහිත ශාකයක් වනවා. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වනවා.

හොඬල විෂ ශරීරගතවී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාලවීම වැනි ආබාධ වලටද ලක්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෘට් ගෙඩි වලට බෙහෙවින් සමාන කම් දක්වන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෘට් යැයි සිතා මෙය ආහාරයට ගන්න පුලුවන්.



10. කදුරු වර්ග

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කදුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කදුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නසා බාවිතයට ගැනෙයි.

දිවි කදුරු
ශාකයම විෂ සහිතයි. අත්තන වල විෂට සමාන විෂකින් යුක්ත මෙය සිහිමද ගතිය බඩ විරේක වීම, නිදිමත, නාඩි වැටීම වේගවත් වීම ආදිය සිදුවෙයි

ගොඩ කදුරු
මෙහි භයානක විෂ වර්ගයන් වන ස්ට්‍රික්නයින් සහ බෘසින් අඩංගු බැවින් අතිශයින් භයානකය. මෙහි ඇට 2,3ක් වැනි සුලු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා මරණය සිදුවිය හැකිය. ස්නායු පද්ධතියට හානි වීම, ශරීර උෂ්ණත්වය ඉහලයාම, වකුගඩු අක්‍රියවීම ආදියට ලක්වීමෙන් ඉතාම වේදනාත්මක මරණයකට ගොදුරු වීමට සිදුවේ.

වෙල් කදුරු

අතීතයේ පටන් වෙස් මුහුණු සෑදීම සඳහා වඩාත්ම ප්‍රචලිත මේ වෙල් කදුරු ගසේ ලීයයි. වෙල් කදුරු ගෙඩි ඉතා විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් කරකැවිල්ල, වමනය, බඩේ අමාරුව සහ පාචනය ඇතිවිය හැක.

විශ විය හැකි අවස්ථා

දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.

ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.
ඔයාල දන්නවද දවසට කෝපි කෝප්ප දෙකක්වත් බොන්න පුරුදු වෙලා ඉන්න අයට ලිංගික ඛෙලහීනතා ඇති වීමේ ඉඩ කඩ ඉතාමත් අඩු බව. කෝපි බොන අයටනම් මෙය ඉතා හොඳ ආරංචියක් වනවා නොඅනුමානය.

කැෆෙන් නැමැති රසායනිකය කෝපි වලත් තේ වලත් අඩංගු වන අතර කෝපි වල ඇති මේ කැෆෙන් ප්‍රමාණය තේ වලට වඩා ඉහල ප්‍රමාණයකින් යුක්ත වෙනවා. මේ ලිංගික උත්තේජනයන්ට හේතුව මේ කැෆෙන් රසායනිකයම තමයි.


ලිංගික ඛෙලහිනතා ඇති වීමේ අවදානම 42% කින් දවසකට කැෆෙන් මිලි ග්‍රෑම් 85 ත් 170 ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා පිරිමි අයට අඩු වන බව විද්‍යාඥයින් පවසන අතර කැෆෙන් මිලි ග්‍රෑම් 100ක් 140ක් අතර ප්‍රමාණයක් කෝපි කෝප්පයක අඩංගු වෙයි.

එසේම හෘද රෝග, සමේ පිළිකා තත්ත්ව වැනි බොහෝ රෝග වලට ආවරණයක් ලෙස ක්‍රියා කරන කෝපි ලිංගික ඛෙලහිනතාවය සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස සැලකෙන දියවැඩියාව සඳහාද ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.

 ඇයි න්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.

තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉ`ගුරු එක් කිරීමට පෙළඹෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉ`ගුරු සහ තේ වලට ඉ`ගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉ`ගුරු දැමු තේ නොබිය යුතු බවට මතයක් තියෙනවා. එහි ඇත්ත නැත්ත අපි සොයා බලමු.


මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉ`ගුරු දැමු තේ බොන්න එපා කියල අප අසා ඇත. මේකට හේතුවක් තියෙනවා. මඤ්ඤොක්කා සහ ඉ`ගුරු වල ඇති රසායනිකයන් එකිනෙකට ප්‍රතික්‍රියා කරමින් විස සහිත රසායනිකයක් තනන නිසා තමයි මඤ්ඤොක්කා කෑමෙන් පස්සේ ඉ`ගුරු සහිත කිනම් හෝ ආහාරයක්වත් ගන්න එපා කියන්නේ. එම විස සහිත රසායනිකය මගින් සිරුරට අහිතකර අසාත්මිකතා ඇතිකරනවා.

වර්තමානයේ වෙළඳපොළට එන මඤ්ඤොක්කා වල සයනයිඩ් ප්‍රතිශතය අඩු බව විශේෂඥයන් තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉ`ගුරු තේ නොබිමට වග බලා ගන්න. ඒ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ ඇතිවන බැවිනි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.

පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.
ගැහැණු ළමයෙකුගේ වයස වැඩෙත්ම ඇයට බොහෝ ශාරීරික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර වැඩිවිය පැමිණීම සාමාන්‍ය සිදුවීමක්, වැඩිවිය පැමිණීම හෙවත් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යය වෙනවා. පළමුවරට ඔසප් වීම සිදුවන්නට නියමිත ඕනෑම ගැහැණු දරුවකුට මෙම ගැටලූ කිහිපය පැන නැඟී තිඛෙන්න පුළුවන්.



1. කුමන වයසකදී පළමු ඔසප් වීම සිදුවෙනවාද?

සමහර ගැහැණු දරුවන්‍ට අවුරුදු 8 - 9දී ඔවුන්ගේ පළමු ඔසප් වීම සිදුවෙනවා. නමුත් සමහර ගැහැණු දරුවන්ට ඔසප් චක්‍රය ආරම්භ වීමට අවුරුදු 15 -16 ගත වන තෙක් සිටීමට සිදුවෙනවා. මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබගේ මව හෝ වැඩිමහල් සහෝදරියන්ට ප්‍රථම ඔසප් වීම සිදුවුණු දිනය පිළිබඳ අසා දැනගන්න.

2. මවගේ පළමු ඔසප් වීම සිදු වූ වයස් සීමාවේදීම මගේ පළමු ඔසප් වීමත් සිදුවෙයිද?

බොහෝ වේලාවට මේ ආකාරයට සිදුවීමට ඉඩ තිඛෙනවා. ඔබගේ මවගේ පළමු ඔසප් වීම වයස අවුරුදු 15දී සිදුවුණි නම් ඔබටත් එම වයසේදී සිදුවීමට පුළුවන්. නමුත් එය වෙනස් වීමටත් ඉඩ තිඛෙන බව මතකයේ තබාගන්න.

3. මේ වන විටත් පළමු ඔසප් වීම සිදුව නැත්තේ ඇයි?

සෑම ගැහැණු දරුවකුටම ඇයට ආවේණික වූ ජීව විද්‍යාත්මක වේලාවන් තිඛෙනවා. ඊට අනුරූපව ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණීම සිදුවෙනවා. මෙතෙක් පළමු ඔසප් වීම සිදු නොවී ඇත්නම් ඒ පිළිබඳ බියක් ඇති නොකර ගන්න. අනිවාර්යෙන්ම එය සිදුවෙයි.

4. පළමු ඔසප් වීම ඔබට සිදුවීමට ආසන්න බව දැනගන්නේ කෙසේද?

පළමුව ඔබගේ පියයුරු වර්ධනය සිදුවෙනවා. එමෙන්ම රහසිගත පෙදෙස් හි රෝම හටගැනීම ද සිදුවෙනවා. තවද මේ කාලය තුළදී ඔබගේ යට ඇඳුම් ඔබට පිළිකුල් වීමද සිදු වෙනවා. ඒ එහි යම්කිසි ද්‍රාවණයක් නිතරම තැවරීම දක්නට ලැඛෙන නිසයි.

5. ඔසප් වීම කොපමණ දිනක් පවතීද?

මෙය එකිනෙකාට අනුව වෙනස් වෙනවා. සමහර ගැහැණු දරුවන්‍ට එය දින තුනක් පමණ පවතිනවා. අනිකුත් අයට දින 7 - 8 පමණ ද පවතිනවා. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය දින 4 - 5ක් පමණ වුවත් තිඛෙනවා.

6. කිසිම විටකදී ඔසප් වීම නොවුණොත් කරන්නේ මොනවාද?

අවුරුදු 16 සම්පූර්ණ වූ නමුත් ඔසප් වීම සිදු නොවූ ගැහැණු දරුවන්ට මෙසේ සිදු නොවීමට හේතුව ලෙස දක්වන්නේ සිරුරේ පවතින රුධිර මට්ටම අවම වීමයි. මේ සඳහා වෛද්‍ය පරීක්ෂණ, චිකිත්සක ක්‍රම සිදුකරනවා. මේ සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබා ගන්න.

7. සෑම මසකදීම සිදුවන ඔසප්වීම නතර කිරීමට පුළුවන්ද?

ඔසප් චක්‍රය හොර්මෝන ක්‍රියාකාරීත්වය තුළින් සිදුවෙනවා. මෙම සිදුවීම අඩපණ කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් නැහැ. තාවකාලිකව දිනය කල් දමා ගැනීමට වෛද්‍ය උපදෙස් ගත හැකි වුවත් එය දිගුකාලීනව නම් සුදුසු නැහැ.

8. කුමන අවධියේදී ඔසප් චක්‍රය නිවැරදිව නතර වෙයිද?

කාන්තාවන්ට ආර්ථවහරණය සිදුවන්නේ වයස අවුරුදු 40 අගභාගයේදී හෝ අවුරුදු 50 මුල් භාගයේදීයි. නමුත් සමහර කාන්තාවන්ට අවුරුදු 35දී ආර්ථවහරණය සිදුවන අතර සමහර අයට අවුරුදු 50 පසු වුණත් ආර්ථවහරණය සිදු වන්නේ නැහැ. එය එක් එක් කාන්තාව අනුව වෙනස්ය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.

 දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.
  
බොහොමත් කාලයකට පෙර දුම් බීම පිරිමින් අතර හා ගැහැනුන් අතරද බොහෝ සේයින් ජනප්‍රිය පුරුද්දක් විය. මෙරට ආක්‍රමණය කල ඉංග්‍රීසින්ගේ නොහොබිනා ගති පැවතුම් නිසාවෙන් මෙරට ජනයාද එනම් කළු සුද්දන් ඔවුනගේ පුරුදු ඉතා ඉක්මනින් වැලද ගෙන තිබුණි. 60, 50 දශක වල මෙරට ලංකා දුම්කොළ සංස්ථාව  මගින් වාර්ෂිකව මුද්‍රණය කරන ලද දින දර්ශනයේ යොදා ගැනුනේද දුම්වැටියක් අතින් ගත රූමත් කාන්තාවකි. මෙයින් පෙනීයන්නේ එවකට ලංකාවේ පිරිමින් මෙන්ම ගැහැණුන්ද බොහෝ ලෙස දුම්බීමට ඇබ්බැහි වී ඇති බවකි. මිනිසෙකුගේ කායික හා මානසික නිරෝගී බව පරික්ෂාවට බලපාන ස්වභාවික හේතු වලට අමතරව වැරදි පුරුදු වලට ඇබ්බැහිවීමද ප්‍රධාන තැනක් ගනී. ඒ අතර දුම්පානය හා මත්පැන් පානයට මුල් තැනක් හිමිවෙයි. දුම් පානය කරන්නෝ මානසික වශයෙන්ද කායික වශයෙන්ද ඊට ඇබ්බැහි වුවෝ වෙති.

මෙයින් සම්පුර්ණයෙන් මිදෙන්නේ කෙසේද යන්න මම අද ඔයාලට කියා දෙනවා. අපි දැන් බලමු මෙය කරන්නේ කෙසේද කියා.



අවශ්‍ය ද්‍රව්‍ය

 බේකින් සෝඩා මේස හැන්දක්
 පිරිසිදු වතුර වීදුරුවක්

තනා ගන්නා අයුරු සහ භාවිතය

ඔන්න පිරිසිදු වතුර වීදුරුවකට බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා මේස හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් ඔබට දුම් පානය කිරීමට සිතෙන සෑම වෙලාවකම මේ සකස් කරගත් මිශ්‍රණයෙන් මුව සෝදාගන්න.

එසේම දුම්පානය කරන්නට සිතෙන සෑම මොහොතකම මේ ප්‍රතිකාරය භාවිතා කිරීමට සිදුවන හෙයින් ඔබ යන එන තැනටද බෝතලයක දමා මේ මිශ්‍රණය රැගෙන යාමට අමතක නොකරන්න.

මෙසේ කිහිපවරක් කිරීමෙන් ඔබට දුම් බිමේ පුරුද්ද සම්පුර්ණයෙන්ම පහ වනු නොඅනුමානය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






Wednesday, August 31, 2016

දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.

දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.

ඔබ බලාපොරොත්තු වනව නම් දින දහයකින් ඔබගේ දේහයේ බර වැඩි කරගන්න, එය තවදුරටත් සිහිනයක් නොවේ. එය සිදු කර ගැනීමට හැකි දෙයකි. ඔබ සැවොම දන්නව වගේ දේහ බර වැඩි කර ගැනීම දේහ බර අඩු කර ගැනීම තරම් අපහසු නැත. කල යුත්තෙ නිසි කළමනාකරණයක් ඇතුව නිසියාකාරව ක්‍රියා කිරීමය. බොහෝ පුද්ගලයන් කියනව මොකක් හරි හදා ගෙන බිව්වම බර වැඩි වෙනව කියල. ඒක බොරුවක්. ඔබට සිද්ද වෙනව ඔබගේ සෑම ක්‍රියාකාරකමක් ගැනම අවධානය යොමු කරගන්න. ඇත්තටම කැපකිරීමක් අවශ්‍යවෙනවා ඔබගේත්.
 
කොහොමද මෙය සිදු කරන්නෙ?
ඔබගේ කෑම වේල් වලට අවධානය යොමු කරන්න. කැලරි අධික හා පෝෂ්‍යපධාර්ථ අධික අහාර එමෙන්ම සන්තෘප්ත මේදය අඩු, සිනි අඩු අහාර තෝර ගත යුතු වනව. යොදය ඉවත් කල කිරි, ධාන්‍ය, බඩඉරිගු, අල වර්ග, කැලරි අධික අහාර වන කෙසෙල් හා ප්‍රෝටීන් සහ පෝෂ්‍යපධාර්ථ අධික කවුපි වැනි අහාර ඔබ නිතරම භාවිත කල යුතු වනව, එනම් ඔබගේ අහාර වේල් වලට එකතු කරගත යුතු වනව.

ඔබ ගන්නා අහාර පහසුවෙන්ම ඔබගේ දේහ බර වැඩි කිරීමට පමණක් යෙදෙවෙන්න කටයුතු කරන්න
ඔබට ඔබගේ දේහයේ බර දින දහයකින් වැඩි කරගන්න අවශ්‍ය නම්, ඔබට සිදු වනව අවම වශයෙන් කැලරි 500ක් දිනකදී දේහය තුලට ලබා ගැනීමට. ඉතින් කොහොමද මේක කරන්නෙ? ඔබට සිදු වෙනව ඔබගේ කෑම වේලෙ ප්‍රමාණය වැඩි කරන්න. ප්‍රමාණය දෙගුණ කරන්න හැකියාවක් තියෙනව නම් ගොඩක් වටිනව. අඩුම තරමෙ ගන්න අහාරවේල වගේ භාගෙකින් වත් අලුත් අහාර වේල වැඩි විය යුතු වනව. ඒ වගේම ඔබ පරිභෝජනය කල යුතු වන්නෙ ඔබගේ කැලරි අවශ්‍යතාවය සපුරන අහාරයන්ය. නැත්නම් කොපමණ අහාර ගත්තත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය ගොඩක් අය කියන්නෙ කොච්චර කෑවත් වැඩක් නෑ කියල. දැන් තේරෙනව නේද ඇයි කියල ඒ. පිෂ්ඨය අධික ප්‍රෝටීන් අධික අහාර නිතරම භාවිත කරන්න.

අහාර වගේම තමා ඔබ ලබාගන්න පානයන්ද වැදගත් වනව ඔබට දින දහයකින් දේහ බර වැඩි කර ගැනීමට අවශ්‍ය නම්.  පලතුරු බිම, මේද රහිත කිරි, ශක්තිජනක පානයන් වැනි සුලභව භාවිතා කරන පානයන්, අහාර වේල් වලට අමතරව ලබා ගන්න.

නින්දට යාමට සුළු මොහොතකට කලින් ආහාරයක් ලබන්න
මේ මොහොත තමා ඔබගේ දේහයේ පරිවෘත්තීයක්‍රියා වේගය සැලකිය යුතු මට්ටමින් අඩු වන වෙලාව. එම නිසා මෙහිදී ආහාරයක් ලබා ගැනීමෙන් දේහ බර වැඩි වීමට වැඩි හැකියාවක් පවතිනව. මොකද ලබා ගන්න ආහාරය නැතහොත් කැලරි දහනය වීමේ වේගය අඩු වන නිසා.
ඒ වගේම ව්‍යායාම කිරීමද වැදගත් වනව ඔබට දේහ බර දින දහයකින් වැනි සුළු කාලයකින් වැඩි කරගැනීමට අවශ්‍ය නම් . එවැනි කල යුතු ව්‍යායාම වර්ග කිහිපයක චයාරූප පහතින් දක්වල තිබෙනව.

කෙසේ නමුත් දේහ බර වැඩි කර ගන්නට කියල සෞඛ්‍යයට අහිතකර අහාර පුරුදු ඇතිකර ගන්න හදන්න එපා. කොලෙස්ටරෝල්, සීනි වගේ දේවල් ඉහල යන්න පුළුවන් එවැනි දේ සිදු කලොත්. ඒ නිසා හැකි තරම් උත්සහ කරන්න ස්වභාවික අහාර භාවිතයට. 

















අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.

සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
ඔබ දන්නවාද ඔබ අයිස් ආහාරයට ගත් විට, අයිස් කියුබ් එකක් දහනය වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් දේහයේ දහනය වන බව. පුදුමයට පත්වෙන කරුණු වෙන්නෙ අයිස්, දේහයේ බර අඩු කිරීමට ඇති සුදුසුම ප්‍රධාන මෙවලමක් ලෙස යොදා ගැනීමට හැකි වීමයි.

විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් පෙන්වා දෙන කරුණ වන්නෙ අයිස් දේහයට ගැනීම තුලින් අපගේ දේහයේ මුලික පරිවෘතීය වේගය ඉහළ යන බවයි. මෙය සිදුවන්නෙ,ඔබ අයිස් ආහාරයට ගත්විට, ඔබගේ දේහයේ කැලරි දහනය වීම මෙන්ම හොඳ කැලරි දහනය වීම කියන ක්‍රියාවලි දෙකම ඔබට ලැබෙන නිසායි. ශීත කරන ලද ආහාර දේහයට ගත්විටද අපගේ දේහය එම ආහාර ජීරණය කිරීමේදී දේහ උෂ්ණත්වයට  එම ආහාර ගැනීමට අපගේ දේහයේම ශක්තිය භාවිතා කරනව. ඉතින් ඔබ අයිස් ලීටරයක පමණ අයිස් පරිබෝජනය කළහොත් ඔබගේ දේහයේ කැලරි 160ක් පමණ දහනය වනව. මෙම කැලරි ප්‍රමාණය  ප්‍රමාණය සමාන වනව ඔබ ඉතා මහන්සියෙන් සැතපුම් 1ක් දිවීමෙන් දහනය වන කැලරි ප්‍රමාණයට.

ඔබට දැන් ගැටළුවක් ඇතිවෙන්න පුළුවන් අයිස් ලීටර් 1ක් දිනකට ගැනීම සෞඛ්‍යයට හිතකරද කියල?  බිය වෙන්න එපා දිනකට අයිස් ලීටර් 1ක් ගැනීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර වෙන්නෙ නෑ. නමුත් එම ප්‍රමාණය ඉක්මවා යෑම ඔබගේ සෞඛ්‍යයට අහිතකරයි. ඉතා අධික ලෙස අයිස් ඔබගේ දේහයට ලබාගත හොත් ඔබගේ දේහයේ සමහර අවයව නිසියාකාරව ක්‍රියා කිරීම සිදු වන්නෙ නැතිවෙනව, දේහයේ උෂ්ණත්වය ගොඩක් පහල වැටිම හේතුවෙන්. ඒ වගේම කුඩා දරුවන් අයිස් භාවිතා කිරීමේදී ඔවුන්ගේ දේහ බරට අනුව අයිස් භාවිතා කල යුතු වෙනව. නැතහොත් එය ඔවුන්ගෙ මොලයට බලපෑම් ඇතිකළ හැකි වෙනව. බිය වෙන්න එපා ඉහත කරනා දුටු ගමන්, එවැනි දේ සිදු වන්නේ ඔබ ඉතා ඉක්මනින් බර අඩු කරගන්න කියල ඉතා විශාල අයිස් ප්‍රමානයක් දේහයට ගතහොත් පමණයි. ඒ වගේම කුඩා දරුවන්ගේ දේහය ගොඩක් සංවේදී බැවින් මෙවැනි ක්‍රම යෝග්‍යය වන්නේත් නෑ ඔවුන්ට. නිසියාකාරව මෙය සිදු කළහොත් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන බව ස්ථිරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.

කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.

ලිංගික සැබදියාවකදී ඕනෑම පුරුෂයකුට අවශ්‍ය වන්නෙ තම සහකාරියට උපරිම තෘප්තියක් ලබාදීමටයි. නමුත් බොහෝ දෙනාට නිසි අවබෝදයක් නෑ කොහොමද ඒ තත්වයට, තම සහකාරියව  ලඟා කරගන්නෙ කියන දේ පිලිබදව. ඔබ දන්නවාද කාන්තාවකගෙ ශරීරයෙ මද ජනක(සංවේදී) ස්ථාන 10ක් තිබෙන බව. මෙම ස්ථාන ස්පර්ශ කිරීමෙන් හා උත්තේජනය කිරීමෙන් ඔබට හැකියාවක් පවතිනව ඇය හට උපරිම තෘප්තියක් ලබා දීමට.

මෙම ස්ථාන ස්නායු බහුල ස්ථාන නිසා තමා මෙතරම් සංවේදී වී ඇත්තෙ. ඉතින් ඔබ ලිංගිකව එකතුවිමේදී මෙම ස්ථාන සියුම් ලෙස ඇගිලි තුඩු වලින් පිරිමැදීමෙන්, සිපගැනීමෙන් ඇය මහත් සේ ඔබේ ග්‍රහණයට ලගා කරගනු හැක. එම ස්ථාන 10 මෙසේය, හිස, කණ (කන් වල පිටුපස ඉතාම සංවේදී ස්ථානයකි), දෙතොල්, බෙල්ල, ඇගේ තනපුඩු, ඇගෙ පිටේ යට ප්‍රදේශය, යටිබඩ, "Clitoris" භගමනිය (භගමනිය යනු ඉතා සංවේදී ස්ථානයකි. මොකද එතැන් ඉතා විශාල ස්නායු සංඛ්‍යයාවක් කුඩා ස්ථානයකට එකතු වෙන නිසාය. සමහර කාන්තාවන්ට මෙම ස්ථානය ඇගිලි වලින් පිරි මැදීම මදක් අපහසු විය හැකි. නමුත් මෙම ස්ථානය සියුම්ව සම්භාහනය කිරීමෙන් ඇයව ඉතා ඉහල තෘප්තියකට ගෙන යා හැකිය. අවුරුදු 18 ට වැඩි අය පමණක් ඉහත "clitoris" වචනය මත click කිරීමෙන් නිවැරදිව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය පින්තුරය නැරඹිය හැකිය), කලව ඇතුල් ප්‍රදේශය, ඇගේ දෙපා.

මෙම ප්‍රදේශ තමා කාන්තාවකගෙ දේහය ඉතාම සංවේදී ස්ථාන 10ය වන්නෙ. ඔබත් උත්සහ කරලම ඉතා හොද ප්‍රතිපල ලැබේවි නිසැකයෙන්ම.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි