නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
කලියුගය යනු මිනිසාගේ ක‍්‍රියාවන්ගේම ප‍්‍රතිඵල මතින් සමාජය දුෂණය වී එම දුෂණයෙන්ම මිනිසා විනාශ වී යන යුගයක් බව පුරාණ ග‍්‍රන්ථවල ලියැ වී ඇත. පැරැුන්නෝ ඈත අතීතයේදී පැවසූ දෙය කලියුගයේ වසර පන්දහසක් ගෙවී යද්දීම සිදුවෙමින් පවතින බව අවට සමාජය දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යන කරුණකි. ලොව පුරා වේගයෙන් පැතිර යන ලෙඩ රෝග හරහා දවසකට මිය යන ප‍්‍රමාණය ගිණිය නොහැකි තරම්ය. සරල රෝගයන්ගේ සිට සංකීර්ණ රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳින මිනිසුන්ගෙන් ලෝකයේ සෑම රෝහලක්ම පිරී ගොස් අවසානය.
පැරණි සමාජයේ නොපැවති රෝගවලින් එක්වරම සමාජය වෙළා ගැනීමට හේතු වූයේ පරිසර දුෂණය පමණක්ම නොවේ. සාම්ප‍්‍රදායික දැනුම පිළිබඳ පැවැති විශ්වාසයන්ගෙන් මිනිසා ඈත්වීම ප‍්‍රබල ලෙසම බලපෑවේය.
ජ්‍යොතිෂ්‍ය ලෙස හඳුන්වන්නේද සාම්ප‍්‍රදායික දැනුම පිරි විෂයකි. ජ්‍යොතිෂ්‍ය හරහා ඉතා සාර්ථක ලෙස මිනිසුන් උපතේ සිට මරණයට පත්වන මොහොත දක්වා රෝගී ගතිවලින් පීඩා විඳින්නේ කෙළෙසද යන්න අවබෝධ කර ගත හැකි වෙයි. මෙහිදී අපි උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි සරල රෝගී තත්ත්වයන් පසෙක තබා තරමක් සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතු සාධක වන කරුණු අවබෝධ කරගැනීමට උත්සහ දරමු.
කර්ම ඵල ජ්‍යොතිෂ්‍යට අනුව රෝගයක් ඇතිවීමට ප‍්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ පෙර කර්මයන්ය. එනම් යම් පුද්ගලයකු දිගු කාලයක් තිස්සේ යම් රෝගයකට ලක් වී පීඩා විඳියි නම් රෝගයට පිළියම් යෙදීමෙන්ම එයින් මිදීමට උත්සහ දැරීමට වඩා තම කර්මයට පිළියම් යෙදීම හරහා වඩා වේගවත්ව
රෝගයෙන් මිදීමට අවස්ථාව උදාවන බව පෙනී යයි. උදාහරණයක් ලෙස සලකා බලතහොත් යම් පුද්ගලයකුට පෙර ආත්මයේ මවගේ නිවස අහිමි කර මහමඟට ඇද දැමීම හේතුවෙන් තම පූර්ව ආත්මීය මවගෙන් ඇතිවන සාපයක් ඇතැයි සිතන්න. එවිට සිදුවනුයේ අදාළ සාප හරහා දඬුවම් ක‍්‍රියාත්මක වන කාල සීමාවලදී එම පුද්ගලයාගේ හෘද රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳීමට සිදුවීමයි. මෙහිදී රෝහල්ගත වීම මෙන්ම රෝගී ගති වෙනුවෙන් තම ධනය විශාල ලෙස වැය කිරීමටද හේතු ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.
පෙර ආත්මයේදී මවුපියන්ට, පූජක පක්ෂයට පහරදීම් හේතුවෙන් තම කේන්දරයේ පළමු භාවය සාපවලට මැදිවීම හරහා තම ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස බිඳවැටෙන අතර ඒ හරහාම නිරන්තරව වැළඳෙන රෝග (වෛරස් ආසාදන* හරහා පීඩා විඳීමට සිදුවෙයි. මෙම තත්ත්වය පවතින විට පෙර ආත්මයේදී දේව හෝ බුදු පිළිම කඩා දැමීමක් හරහා ඇතිවන දේව බාධාවක් මෙයට සම්බන්ධ වුවහොත් බොහෝවිට ශරීරය පුරා පැතිරී යන පිළිකා හෝ රුධිරය හා පටක හරහා ව්‍යාප්ත වන රෝගී ගතිවලින් පීඩා විඳීමට සිදුවෙයි.
මෙයටම සමාන ශුභ තත්ත්වයක් වනුයේ ශනි ග‍්‍රහයා කේන්දර සටහනේ පළමු භාවයේ තැන්පත් වීමයි. වෛදික ජ්‍යොතිෂ්‍ය සාම්ප‍්‍රදායන්ට අනුව ශනි පළමු භාවයට පැමිණි විට මරණයට පත්වීම නැතහොත් බලයක් රහිත වීම සිදුවේ. ශනි මිනිසා ශරීරය පාලනය කිරීමත් පළමු භාවයෙන් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමත් හේතුවෙන් කල් පවතින දැඩි රෝගී ගති හරහා ව්‍යාප්ත වන රෝගයන්ගෙන් පීඩා විඳීමට සිදුවෙයි. මෙවන් ග‍්‍රහයෙකු වක‍්‍ර වූ අවස්ථාවකදී තත්ත්වය ඉතා දරුණු වන අතර ප‍්‍රබල අනතුරක් හරහා මතුවන රෝගී තත්ත්වයක් හරහා නිරන්තරව පීඩා විඳීමට සිදුවෙයි.
වෛදික ජ්‍යොතිෂ්‍යයේදී කේන්දර සටහනේ ප‍්‍රධාන ස්ථාන තුනක් හරහා රෝග ගැන කතා කළ හැකි වෙයි. ඒවා නම් හයවැනි භාවය, අටවැනි භාවය හා එකළොස්වැනි භාවයයි. හයවැනි භාවය තුළින් මෙම ආත්මයේදී ජන්මියාගේ ක‍්‍රියාවන් හරහාම වර්ධනය කරගනු ලබන රෝගී ගති පිළිබඳ කතා කරනු ලබයි. බොහෝවිට මෙම රෝග වෙනත් අයගේ පෙළඹවීම හරහා ඇති වන තත්ත්වයන්ය. උදාහරණයක් ලෙස සලකතොත් මධ්‍යසාරවලට හුරුවීම හරහා පසුකාලයේ ඇතිවන රෝගී ගති මේ භාවය හරහා ක‍්‍රියාත්මක වෙයි. මෙම භාවයන් හරහා ක‍්‍රියාත්මක වන රෝග ප‍්‍රධාන තත්ත්වයන් දෙකකට යටත් වෙයි.
1. ආගන්තුක දෘෂ්ටි
2. ආගන්තුක අදෘෂ්ටි
ආගන්තුක දෘෂ්ටි යනු යම් සිදුවීමක් මත මෙය ඇති වේ යැයි යන්න අවබෝධ කර ගත හැකි රෝගයන්ය. ඒවා සඳහා ඉතා ඉක්මන්ම පිළියම් යෙදිය හැකි වෙයි. ආගන්තුක අදෘෂ්ටි යනු රෝග මූලයන් සොයාගත නොහැකි තත්ත්වයන්ය. හදිහූනියම්, ඇස්වහ කටවහ (දෘෂ්ටි බාධා* හරහා මෙම රෝග හට ගනු ලැබේ.
අටවැනි භාවය හරහා නිජ දෝෂ ක‍්‍රියාත්මක වීම හරහා වර්ධනය වන රෝග ඇති වෙයි. නිජ දෝෂ යනු පෙර ආත්මයේදී සිදු කළ ප‍්‍රබල පාප කර්මයන්ය. මෙම භාවයේ බලපෑම හරහා මතුවන රෝග නිදන්ගත රෝග ලෙස සැලකේ. දියවැඩියාව, හතිය, ලාදුරු වැනි තත්ත්වයන් හා පරම්පරාවෙන් එන රෝග බොහොමයක් මේ ගණයට වැටෙයි. මේ තුළත් නිජ දෘෂ්ටි හා නිජ අදෘෂ්ටි යනුවෙන් කොටස් 2ක් පවතින අතර ශාරීරිකව ඇතිවන දෝෂ නිජ දෘෂ්ටි ලෙසත් මානසික තලයේ ක‍්‍රියාත්මක වන දෝෂ නිජ අදෘෂ්ටි ලෙසත් හඳුනාගත හැකිය.
ජීවිතයේ බිඳවැටීමට හේතුවන්නා වූ ප‍්‍රබල රෝගී තත්ත්ව අටවැනි භාවය හරහා නිර්මාණය කරනු ලබන අතර පූර්ව ආත්මීය සාප සමග මෙය සම්බන්ධ වූ විට එම රෝග ඉතා බැ?රුම් බවට පත්වීම සිදුවෙයි.
එකොළොස් වැනි භාවය හරහා ආගන්තුක අදෘෂ්ටි රෝග තත්ත්වයන් ක‍්‍රියාත්මක කරනු ලැබේ. යම් ආත්මයකින් නික්මයෑමෙන් පසු යළි උපදින පළමු මිනිස් ආත්මයේදීම දඬුවම් ලැබිය යුතුයැයි විශ්වය විසින් තීරණය කරනු ලබන කර්මයන් මතින් හටගන්නා රෝග මේ හරහා ක‍්‍රියාත්මක වනු ලැබේ. මෙම රෝග කිසිදු වෛද්‍යවරයකුට හසුනොවන අතර ජ්‍යොතිෂ්‍යවේදීන්ද ඒ සම්බන්ධව ශාන්තිකර්ම ලබාදීමේදී තරමක චංචලතාවකට මැදිවෙයි. මෙහිදී ආකාශ කියවීම භාවිත නොකර ගැඹුරට සොයන ජ්‍යොතිෂවේදියා තුළත් ක‍්‍රියාත්මක වනුයේ වැරැුදි ශාන්තිකර්මයන්ය.
රෝගී ගති උදෙසා රාහු හා කේතුගේ බලපෑම දැඩි ලෙස බලපානු ලබන අතර යම් රෝගී තත්ත්වයක් ක‍්‍රියාත්මක වීමේදී එයට රාහු හා කේතු සම්බන්ධ වන ආකාරය මත එම රෝගවල ප‍්‍රබල බව තීරණය වෙයි. රාහුගෙන් පෙර ආත්මයේදී දැනුවත්ව අන් අයට සිදුකරන ලද වැරැුදි හරහා ක‍්‍රියාත්මක වන රෝග හා කේතු සම්බන්ධ වීමෙන් අත්වැරැුදීම් හරහා මතුවන රෝග අවබෝධ කරගත හැකිවෙයි.
1 භාවය - හිස ආශ‍්‍රිත රෝග
2 භාවය - ඇස් හා නිකට ආශ‍්‍රිත රෝග
3 භාවය - කන්, අත්, පපුවේ ඉහළ ආශ‍්‍රිත රෝග
4 භාවය - පපුවේ ප‍්‍රධාන කොටස් ආශ‍්‍රිත රෝග
5 භාවය - ආහාර ජීරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග
6 භාවය - මහන්ත‍්‍රය වකුගඩු ආශ‍්‍රිත රෝග
7 භාවය - යටි බඩ, ලිංගික අවයව ආශ‍්‍රිත රෝග
8 භාවය - ගර්භාෂය හා ශරීරයේ බහිස‍්‍රාවීය පද්ධති ආශ‍්‍රිත රෝග
9 භාවය - කලවා ප‍්‍රදේශය ආශ‍්‍රිත රෝග
10 භාවය - දණහිස් ආශ‍්‍රිත රෝග
11 භාවය - වළලූකර ආශ‍්‍රිත රෝග
12 භාවය - යටිපතුල් හා වම් ඇස ආශ‍්‍රිත රෝග
පෙර ආත්මයේ සාප හා බාධක ග‍්‍රහයා සම්බන්ධ වීම තුළින් ප‍්‍රබල රෝගී ගති වර්ධනය වීම සිදුවෙයි. හතරවැනි භාවයෙන් බරපතළ හෘද රෝග, පස්වැනි භාවයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හයවැනි භාවයෙන් අක්මාව හා ඉන ප‍්‍රදේශය ආශ‍්‍රිතව ව්‍යාප්ත වන රෝග, හත්වැනි භාවයෙන් යටි බඩ ප‍්‍රදේශයේ ගැටලූ හා අටවැනි භාවයෙන් ප‍්‍රජනන පද්ධතිය, ලිංගික අවයව සම්බන්ධයෙන් ව්‍යාප්ත වන රෝග ආදී ලෙසින් අවබෝධ කරගත හැකිවෙයි.
ගුලික හා මාන්දි යන උපග‍්‍රහයන්ද නිශ්චිත රෝගී ගති ඇතිකරන ග‍්‍රහයන් දෙදෙනෙකි. හිස ආශ‍්‍රිත රෝග, ආමාශගත රෝග මෙන්ම දෙපා සම්බන්ධ රෝග වර්ධනයට මෙම ග‍්‍රහයන් දැඩිලෙස බලපෑම් ඇතිකරයි.
වෛදික හා කර්ම ඵල ජ්‍යොතිෂ්‍ය තුළදී යම් ජන්මියකුගේ රෝගී තත්ත්වයන් අවබෝධ කරගැනීම උදෙසා පූර්ව ආත්මීයව ඔහු මත ක‍්‍රියාත්මක වන සාප හා බාධා අවබෝධ කරගනු ලැබේ. ඉන් පසුව පෙර කර්මයන් ඉවත්කරලීම හෝ අඩුකරලීම උදෙසා ප‍්‍රබල භාවනා ක‍්‍රමවේදවලට ජන්මියාව හුරුකිරීම කළ යුතුය. ඒ අතරතුර අදාළ ග‍්‍රහයාගේ ස්වභාවය මත කළයුතු යාතුකර්මද පවතී. යම් රෝගයක් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ගුරු ග‍්‍රහයා නම් මල් ගඟකට දැමීම, සිකුරු ග‍්‍රහයා නම් විසිතුරු බඩු දන්දීම, බුධ සම්බන්ධ වුවහොත් පොත්පත් ඉගෙනගන්නා ළමුන්ට දීම, චන්ද්‍රයා නම් ජලය පූජා කිරීම සිදු කිරීම හරහා රෝග පාලනය කරගත හැකිවෙයි.
වෛදික සම්ප‍්‍රදාය තුළදී රෝග පාලනයට මන්ත‍්‍ර භාවිත කිරීම බොහෝ සේ සිදුවෙයි. එහිදී තම උපන් දවසට අදාළ දින අධිපතියා නැමදීමෙන් එම දිනය තුළ රෝගීභාවයට පත්වීම පාලනය කරගත හැකිවෙයි.
ඒ උදෙසා හිරු උදාවන විටම ‘ ඕම් සූර්යාය නමහ’ යන මන්ත‍්‍රයෙන් සූර්යයා නැමද පහත මන්ත‍්‍රය හත්වරක් පැවසිය යුතුවෙයි.
උපන් දිනය මන්ත‍්‍රය
ඉරිදා ඕම් හ‍්‍රීම් සම් සූර්යාය නමහ
සඳුදා ඕම් ශ‍්‍රීම් සොවුම් සෝමාය නමහ
අඟහරුවාදා ඕම් ක්ලීම් කුම් කුජාය නමහ
බදාදා ඕම් අයුම් බුම් බුධාය නමහ
බ‍්‍රහස්පතින්දා ඕම් ගුරුවේ නමහ
සිකුරාදා ඕම් ක්ලීම් සවුම් ශුක‍්‍රාය නමහ
සෙනසුරාදා ඕම් හ‍්‍රීල්ම් සාම් ශනියේ නමහ
මේෂ ලග්න හිමියන් සූර්ය නමස්කාරය කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතුය. එයට හේතු වනුයේ පස්වැන්නාධිපති වන රවි නමැදීම හරහා යම් දෝෂ තත්ත්වයක් මතු විය හැකි බැවින් එම දෝෂ තත්ත්වයන්හි ස්වභාවය අවබෝධයෙන් යුතු වීම වඩා වැදගත් වේ.
රෝග වර්ධනය වන කාල සීමාවල වෘත සමාදන් වීම හරහාද බොහෝ රෝගී ගති පාලනය කරගැනීමේ අවස්ථාව උදාවෙයි. කර්මය යනු වෙනස් කරගත නොහැකි දෙයක් නොවන අතර දැනුවත්භාවය හා කැපවීම මත ස්ථිරව වෙනස් කරගත හැකි වෙයි.
මේ හරහා කාලයක් තිස්සේ දුක් විඳින
රෝගාබාධවලින් මිදෙන්නට අවස්ථාව උදාකරගත හැකි වෙයි.
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ‍්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Wednesday, August 31, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment