Sunday, August 28, 2016

ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද? නැතිනම් මිනිසා විසින්ම සිදුකර ගනීද?


ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද? නැතිනම් මිනිසා විසින්ම සිදුකර ගනීද?

 

පෘතුවියේ පරිසරය ආශ්‍රිත ජීවීන්ගේ පැවැත්ම නිරන්තරයෙන්ම ස්වභාව ධර්මයාගේ පාළනයට යටත් වුවත්, කාර්මික සහ තාක‍ෂණික දියුණුව මත සිදුවන අසීමිත පරිසර හානිය නිසා මිනිසාගේ පැවැත්මට සහ විනාශයට මෙම තාවකාලික දියුණුව හේතු කාරක වන බව විද්වතුන් පිළිගනිති. ඒඩ්ස්, හෘදරෝග සහ ඉබෝලා වැනි මරු කැඳවන රෝගයකට හෝ මිනිසා හඳුනා නොගත් වෙනත් වෛරස් රෝගවලට සමාන ශුද්‍ර ජීවීන් ඇත්දැයි සොයාගැනීම් කර එම වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ නොහැර ප්‍රතිකර්ම සොයා ගන්නා යුගයක ජීවත්වන නිසා, එය මිනිසාගේ ආයුෂ වැඩිවීමේ සහ ශ්‍රී විභූතිය ගෙනදෙන කාලයක් ලෙස ලෝකවාසීන් පිළිගනිති. එහෙත් කොපමණ කලක් මෙම වාසනාව රැඳි පවතීද? යනුවෙන් ගැටලූ රාශියකට මුහුණ දීමට සිදුන බව පොදු මිනිසා නොදනී. එහෙත් විද්‍යාඥයින්ට හොරා පිටසක්වලින් පතිත වන ග්‍රාහකයකට හෝ වල්ගා තරුවකට ක‍්ෂණයකින් පෘතුවියේ විශාල ප්‍රදේශයක් සහමුළින්ම විනාශ කළ හැක.



අප ආදිවාසී කාලයේ සිටම භූ චලන නිසා පොලොව මත සිදුවන විනාශයන්ට අමතරව මුහුදේ සිදුවන භූ චලන නිසා මුහුද ගොඩබිමට ගලාවිත් සුනාමි ඇතිවන ව්‍යසන සඳහා විශාල බියක් ඇත. 2004 දී සුමාත්‍රාව අසල මුහුදේ ඇති ඔස්ට්‍රේලියානු භූ තැටිය සහ ඉන්දියන් භූ තැටි එකිනෙක ගැටීමෙන්  වූ භූ කම්පනයක් අප රට වාසින් සහ අසල් රටවල් 05ක නිමකල නොහැකි ජීවිත සහ දේපල විනාශ නිසා මහජනයා කොපමණක් දුකකින් පෙලූනාදැයි අපට අත්දැකීම් ඇත.



එහෙත් සුළි සුලං, නිසා සිදුවන හානි පිළිබඳව අපට ඇත්තේ සුලූ අත්දැකීමක් වුවත් යුරෝපාදී රට වල වායු ගෝලයේ ඇති වන අඩු පීඩනය නිසා සැතපුම් 300 – 350ක වේගයෙන් හඹායන සුළි සුලං හමායන දිශාව චන්ද්‍රිකා මගින් අධ්‍යයන කර එම රට වැසියන් දැණුවත් කලද, විශාල දේපල විනාශයක් සිදුවුවත් ජීවිත විනාශයන් අල්ප වී ඇත්තේ එයින් මිදීමට නිවාස වල සහ පොදු ජනාකීර්ණ ප්‍රදේශවල පවා පොලොව යට කොන්ක්‍රීට් කාමර(බන්කර) සෑදීම නිසාය. එලෙසම සුලි කුනාටු සමග ඇද හැලෙන අධික වර්ෂවෙන් ඇතිවන ගං වතුරින් පවා ආරක‍්ෂාවීමට තාක‍ෂණික දැනුම ඉවහල් කර ඇත.

විද්‍යා සහ තාක‍ෂණික දැනුමෙන් අප පොළොව මත සිදුවන විනාශකාරී සිදුවීම් අවම කිරීම කලහැකි වුවද? අප සිදු කරන සියලූ ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් හටගන්නා බව විද්වතුන් පිළිගනි. මෙවන් තරගකාරී යුගයක මිනිසා ස්වභාව ධර්මයට හානි කරමින් ඉදිරියට යන්නේ නම් අප විද්වතුන් විසින්ම පෘතුවියේ විනාශය කරා ගෙන යාමට කටයුතු කරණු ඇත. විශේෂයෙන්ම අද බලවත් රටවල් එකිනෙකා යුධ මෙහෙයමු මගින් යටපත් කර ගැනීම සඳහා නිපදවා ඇති ජලකර හෝ පරමාණු මිසයිල මගින් පෘථීවියේ ඕනෑම මහද්වීපයකට එල්ල කල හැකි අති භයංකර යුධායුධ නිපදවා ඇත්තේ බලවතුන්ගේ ආරක‍ෂාව සහ පැවැත්ම වෙනුවෙනි. යම්කිසි අමන රාජ්‍ය නායකයෙකු තම රටේ පැවැත්ම සඳහා තම විරුද්ධවාදීන් මර්ධනයට මෙගාටොන් 1000ක පරමානු මිසයිලයක් යම් රටක් විනාශ කිරීම සඳහා යොදා ගතහොත්, එම බෝම්බය පිපිරුණු අවස්ථාවේ හටගන්නා විකිරිණශීලී බලයට මිනිස් වාසය වර්ග සැතපුම් 1000ක් පමණ සහමුලින්ම විනාශ වීම සහ එම විකිරණශීලී බලය තවත් වර්ග සැතපුම් 1000ක විසිරීමෙන් මිනිසුන් සහ සත්වයන් ගෙන් සියයට 70ක් පමණ රෝගීන් වනු ඇත. 1948දී හිරෝෂිමාවට සහ නාගසාකි දූපත්වලට හෙලු මෙගාටොන් 10ක පමණ කුඩා ජලකර බෝම්බ දෙක නිසා වර්ග සැතපුම් 120ක පමණ ප්‍රමාණයක් දැවී අලූ වී යාමට ගත වූයේ නිමේෂයකි. එම විකිරණශීලි කිරණ නිසා අදටද එම ප්‍රදේශ වලින් බැහැර සිටි ජනයාට ලැබෙනන දරුවන් අංග විකල භාවයට පත්වී ඇත.



තාක‍ෂණික සහ කාර්මික ඥාණයෙන් අගතැන්ව ඉදිරියට යන මිනිසා විශ්වය තරණය කිරීමට අදහස් කරන්නේ විශ්වය පුරා වර්ධනය වෙමින් පවතින් හා විනාශවෙමින් පවතින් ග්‍රහ තාරකා සහ විවිධ වස්තූන් පරීක‍ෂා කරමින් එසේ සිදුවීමට හේතු සාධක හෝ නව විද්‍යාත්මක කරුණු සොයා ගැනීමටය. ඒ මගින් පෘථීවි වාසින්ගේ ජීවන උපායන් වර්ධනය කර මිනිසුන්ගේ සුව පහසුව සඳහා නානාවිධ, යාන වාහන, නිවාස ක්‍රම ඇති කර, ලෝකවාසීන්ට සුවසේ ජීවත්වීමට මග සැලසීමටය. එහෙත් එම ව්‍යායාමයේදී ඇතිවන අතුරු පල විපාක නිසා සිදුවන දුර්විපාක පරිපලනය පිළිබඳ කතා කරනවා මිස ඒවා වැලකීම සඳහා මන්දගාමී ලෙසින් ක්‍රියාත්මක වේ.

එම නිසා මිනිසාගේ තාක‍ෂණික සහ කාර්මික ප්‍රගතියේ අහිතකර බලපෑම් නිසා පරිසරය දුෂණය වේගයෙන් උඝ්‍ර වෙමින් පවතී. මිනිසාගේ පැවැත්මට උපකාර වන අම්ලකර වායුවේ ප්‍රතිශතයෙන් ඉතා කුඩා .05ක ප්‍රමාණයක් අඩුවී කාබන් ඩයොක්සයිඩ් සහ කර්මාන්ත ශාලා සහ යාන වාහන වලින් පිටවෙන කාබන් මොනොක්සයිඩ් සහ අල්ප වශයෙන් පිටවෙන විෂ වායු නිසා පෙනහලූ ආශ්‍රිත රෝග සහ කැන්සර් වැනි මාරාන්තික රෝග ලොවපුරා වැඩිවී ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ විද්‍යා ප්‍රගතිය නිසා මිනිසුන්ගේ ආයුකාලය වැඩි වීමත් සමග මිනිස් වර්ගයාගේ බිහිවීම උච්ච අවස්ථාවකට පැමිණීමය. එනිසා වැඩිවන මහජනයාගේ පැවැත්ම සඳහා සහ අම්ලකර වායුව නිපදවන හරිතාගාර වන ඝන වනාන්තර කපා දමා නිවාස ක්‍රම සහ ආහාර වගාවන් සඳහා එළි පෙහෙළි කිරීම නිසා කාබන්ඩයොක්සයිඩ් වායුව අවශේෂනය කිරීම අඩු වී ඇත. විශේෂයෙන්ම මුහුදේ ඇති පැලෑටි සහ ප්ලැන්ක්ටන් නැමති දිළීර වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් 50] කට වඩා උරාගනිමින් විශ්ව උෂ්ණත්වය පානය කරන ලදී. එහෙත් මිනිසා දූෂිත වූ ගංගා ඇලදොල මුහුදට වැටී මුහුදු ජලය අපවිත්‍ර කිරීමෙන් මෙවන් ජලජ පැලෑටි විනාශ විම නිසා ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 02ක් ඉහල ගොස් ඇත. එම නිසා කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය වැඩිවී උත්තර සහ දක‍ෂිණ ධ්‍රැවවල ඇති අයිස් කඳු අභාවයට පත්කර ඇත. එයින් ඇතිවන දේශගුණික විපර්යාස මගින් පෘථීවි වාසීන්ගේ සහ ජීවීන්ගේ පැවැත්ම වසර 75කට සීමාකරමින් සහ විනාශයට ලගාවෙමින් සිටින බව ඉතා සැහැල්ලූවට ගෙන තිබේ.



1962 දී ලංකාවේ අපේ තෙත් සහ වියළි ප්‍රදේශවල පිහිටි වනාන්තර 32%ක් පැවති අතර අදට පවතින්නේ 17%ක් පමණි. මෙම වනාන්තර තව 05%  විනාශ වුවහොත් මහවැලි වැනි විශාල වාරි සහ බලය නිපදවීමේ ව්‍යාපෘති අඩපන වෙයි. වියලි සමයේදී මෙවන් ජලාශ හිදී යාමෙන් වගාකිරීමට ජලය නොමැති වන අතර මිනිසුන්ට බීමට පිරිසිදු ජලය නොතිබීමෙන් උඝ්‍ර රෝග පීඩා ඇතිවේ. මෙම උෂ්ණත්වය වැඩි වීමත් සමග උත්තර සහ දක‍ෂිණ ධ්‍රැවවල පිහිටි අයිස් කඳු දියවීයාමෙන් අදට වසර 25ක් ඉදිරියේදී මුහුදු ජලය මීටර් 02කින් වැඩිවීමෙන් බොහෝ රටවල පහත් බිම් ජලයෙන් යට වීමෙන්ම විනාශ වන බව පරිසරෙ විද්‍යාඥයින් තහවුරු කර ඇත.

අදින් වසර 25කින් වායුගෝලයේ ඇතිවන්නාවූ අධික උෂ්ණත්වය නිසා සහ මිනිසා ආහාර වගා කිරිමට කෘමිනාශක යෙදීමෙන් ගස්,වැල් ධන ධාන්‍ය වර්ග සහ පළතුරු භෝග වල පරාග පෝෂණයට උපකාරවන මීමැසි බඹරුන් සහ පක‍්ෂීන් වඳවීමෙන්, ආහාර හිගය සමග ඇතිවන වසංගත රෝග නිසා 35%ක් මිනිසුන්ට පෘථීවි තලයෙන් සමුගැනීමට මෑතකදී සිදුවනු ඇත. විශේෂයෙන්ම පරිසර උෂ්ණත්වය වැඩිවීමෙන් කර්කටක සහ මකර නිවර්තන ආශ්‍රිත රටවල එල්නිනෝ නමින් හැඳින්වෙන මුහුද රළ ප්‍රවාහ වල සිදුවන විපර්යාස දැඩි වීමෙන් ස්වභාවික විනාශකාරී සිළිකුණාටු වලින් සහ අධික වැසි ජලයෙන් එම රට වැසියන්ගේ ජීවිත සහ වගාවන්ට දැඩි හානි සිදුවෙමින් පවතී. එහි අතුරු ඵලයක් ලෙස ඊට ප්‍රතිවිරුද්ධ දිශාවල රට වැසියන්ට නියගයට මුහුණ දීමට සිදුවීමෙන් බීමට පිරිසිදු ජලය නොමැතිවීමෙන් රෝගීන් වන අතර ආහාර භෝග නිෂ්පාදනය කල නොහැකි වී දුක් වි`දීමට සිදුවී ඇත.



පරිසර හානිය නිසා සහ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමෙන් මිනිසාගේ වඳවිම ඉතා සෙමින් ක්‍රියාත්මක වෙමින් පවත්වන බව දන්නා මිනිසුන්ගේ සිත්තුල අද වන තුරු අස්ථාන බියක් ඇති නොවීම කණගාටුවට කාරණයකි.

එහෙත් සියලූ මිනිස් වර්ගයා අතිශයින්ම බියවන්නේ පිටසක්වලින් පෘථීවියට කඩා වැටෙන වස්තුවක් හෝ පිටසක්වලින් පැමිණෙන ජීවීන්ට හෝ ආක්‍රමණිකයන්ටය. දිගු කාලීනව පවත්නා එම විනාශයට පාත්‍ර කරණු ලබන නොහදුනන සහ තාක‍්ෂණ විද්‍යාවේ ප්‍රගතිය නිසා හඳුනාගත් වර්ග සැතපුම් 100ක ප්‍රමානයෙන් යුතු විශාල ග්‍රාහකයක් හෝ වල්ගා තරුවක් පෘථීවියට කඩාවැටුන හොත් මනුෂ්‍ය සංහතියෙන් 95% සහමුළින්ම විනාශ වනු ඇත.



මිලියන 260ක්ට පෙර ජීවීන් ගේ සම්භවයක් ඇති පෘථීවියේ අති භයානක අන්දමට විනාශ වි ඇත්තේ සෑම මිලියන 28ක් තුල පෘථීවියට කඩා වැටෙන වල්ගා තරුවක් නිසා බව  CRATERS නාසා සහ ඊසා විද්‍යාඥයින් මෑතක දී පර්යේෂණ මතින් සොයාගෙන ඇත. එම නිසා මිනිසා පිටසක්වලින් පැමිණෙන ජීවීන්ට හා වස්තූන් වලට බියවන්නේ එවැනි වස්තුවකට පෘතුවියේ සත්වයන් සහ ගහකොළ සියල්ල විනාශ කල හැකි බැවිනි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



0 comments:

Post a Comment