Tuesday, August 30, 2016

සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න.

සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න.


පතංජලීගේ යෝග දර්ශනයෙහි “කාය සම්පත්” හතරක් දක්වා ඇත. එනම් රූප හෙවත් හතරක් එනම් රූප හෙවත් ශරීරයේ සුන්දර හැඩය, ලාවණ්‍යය හෙවත් සමේ සුන්දර පැහැය, ශරීරයේ ශක්තිමත් බව, එකට එකක් හොඳින් ගැළපෙන ශක්තිමත් ශරීර අවයව පිහිටීමයි.

සමේ සුන්දරත්වයට බලපාන සාධක

යමෙකුගේ ආහාර, රැකියාව, පිරිසුදුකම, මානසික ස්වභාවය, නිරෝගී බව සහ හිරු එළිය යන කරුණු සමේ පැහැපත් බවට බලපානවා. සම පැහැපත් වීමට හොඳ පෝෂණයක් අවශ්‍යයි. සම වියළී යෑම වළක්වා ගැනීමට හොඳ මට්ටමින් තෙතමනය පවත්වා ගත යුතුයි. සමට අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දෑ සමඟ නිතර කටයුතු කිරීමෙන් සම ඉක්මනින් රෝගී වෙනවා. මානසික මට්ටමවත් සමේ විශේෂයෙන්ම මුහුණේ පැහැපත් බවට බලපානවා. නිතර නිතර තද හිරු එළියට නිරාවරණය වීමෙන් සම අධිකව වියළෙනවා, සම දුර්වර්ණ වෙනවා පමණක් නොව ඉක්මනින්ම සම වයසට යනවා.herbal-remedy
ආයුර්වේදයට අනුව නිරෝගී, පැහැපත් සමක් ඇති පුද්ගලයන් “ත්වක් සාරත්වයෙන්” යුතු අය ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සම පැහැපත් වගේම, මෘදු මොළොක් බවෙන් යුක්ත වෙනවා. සමේ සුන්දර රෝම පිහිටලා තිබෙනවා. සම දිලිසෙන බවකින්, කාන්තිමත් බවකින් යුතු වෙනවා.

සමේ පැහැපත් බවට දේශීය පිළියම්

ඉහත දැක්වූ පිළිවෙත් අනුගමනය කරනවාට අමතරව, සම නිරෝගීව පවත්වා ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත් විවිධ පිළියම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වේ. සමහර ආලේපන මඟින් මුහුණ පැහැපත් වෙනවා. එම නිසා මේවා “මුඛ සාන්තිකර ලේප” ලෙස දැක් වෙනවා.

සමේ පැහැපත් බව ඇති කරන ඔෟෂධ

එළකිරි, එළඟිතෙල්, මීපැණි වැනි ඔෟෂධවලට අමතරව රත් හඳුන්, වැල්මදට, සුවඳ කොට්ටම් වැනි ඔෟෂධ මඟින් සමේ පැහැපත් බව ඇති කරනවා.
රත්හඳුන්, වැල්මදට, සුවඳ කොට්ටම්, ලොත්සුඹුළු, රුක්මල්, නුගඅරළු සහ රතු පරිප්පු සමානව ගෙන සියුම්ව කුඩු කර එළකිරි හෝ එළුකිරිවලින් අඹරා ආලේප කිරීමෙන් සමේ පැහැපත් බව ඇති වෙනවා.

සමේ කළු පැහැ ලපවලට

වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති වන අනවශ්‍ය කළු පැහැති ලප ඉවත් කර ගැනීමට වැල්මදට කුඩු මී පැණියෙන් අඹරා ගාන්න. එසේ නැතහොත් කුඹුක් පොතු යුෂ මී පැණියෙන් මිශ්‍රකර ආලේප කරන්න.

කෝමාරිකා ප්‍රතිකාර

aloe-vera-cure-skin-pigmentationකෝමාරිකා මඳ ඉස්ම සමේ තුවාල ඉක්මනින් සුව කරනවා. එසේම සමේ දුර්වර්ණ බව ඉවත් කරනවා. සම මෘදු කරනවා. මීට අමතරව හිසේ සමේ ඇතිවන හිස්හොරි සහ හිස කෙස්වල හටගන්නා රෝගවලටත් කෝමාරිකා වටිනා ඔෟෂධයක්. කෝමාරිකා මද ආලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්‍ෂා වෙනවා. සම හිරු එළියට පිලිස්සීම වළකිනවා. විස බීජ නාශක ගුණයෙන් යුතු නිසා සමේ ඇතිවන ආසාදන සහ ප්‍රදාහ තත්ත්වවලටත් ගුණදායකයි.
පිරිමින්ගේ රැවුල කැපීමේදී ඇතිවන කැපුම් තුවාලවලටත් කෝමාරිකා සුවදායකයි.

රැවුල බෑමෙන් පසුව කෝමරික මද ඉස්ම මුහුණ පුරා ආලේපකර මඳ වේලාවක් තැබීමෙන් සම වියළීම වළකිනවා. සමේ කැපුම් තුවාල සුව වෙනවා. සම පැහැපත් වෙනවා. කුරුලෑ සුව කරනවාකෝමාරිකාවල ඇති රසායනික සංයෝග නිසා සුළු කැපුම් තුවාල සුව කරනවා වගේම සමේ ඉදිමීම, රතුවීම වැනි ප්‍රදාහිත තත්ත්ව සමනය කරනවා.

සම වයසට යෑම ප්‍රමාද කරනවා .කාන්තාවන්ගේ සම වයසට යෑම දැඩි මානසික පීඩනයට හේතුවක් වෙනවා. මේ නිසා ඉක්මනින් සම රැලි වැටෙනවා, සමේ තිබෙන ප්‍රත්‍යාස්ථ බව නැති වෙනවා. මේ තත්ත්ව මඟ හරවා ගෙන සම නිරෝගීව, තුරුණු බවෙන් යුක්තව තබා ගැනීම සඳහා කෝමාරිකාවල බීටා – කැරොටීන්, විටමින් – ඛ් සහ විටමින් – ඡ් වැනි සංඝටක උපකාරී වෙනවා. දිනපතා කෝමාරික මද ඉස්ම සූර්යා ලෝකයට නිරාවරණය වන ස්ථානවල ආලේප කිරීමෙන් සම වියළී යෑමත් වළකිනවා.

සමෙහි ඇතිවන ඉරිතැලීම් අවම කරනවා.කෙටි කාලයක් තුළ ශරීරයේ බර වැඩි වීමත්, ගර්භණී බවත්, කාන්තාවන්ගේ ශරීරයේ යම් යම් ස්ථානවල සම ඉරී සුදු පැහැති රේඛා ඇති වීමට හේතු වෙනවා. මේවා පිටතට පෙනෙන ස්ථානවල ඇති වීමෙන් යම්කිසි අවලස්සන බවක් ඇති වෙනවා. එවිට ඒවා මත කෝමාරිකා මද ඉස්ම ආලේප කර වියළීමට සැලැස්වීමෙන් අවම කරන්නට පුළුවන්.

මුඛ රෝගවලටත් හොඳයි.කෝමරිකා මද ඉස්ම පානය කිරීමෙන්, මුඛය සේදීමෙන් හෝ මුඛයේ ආලේප කිරීමෙන් කට කොන් වණ වීම , විදුරුමස් ඉදිමීම සහ විදුරුමස්වලින් ලේ යාමත් සුව වෙනවා. මුඛයේ, උෂ්ණ කාලවලට ඇතිවන වේදනාකාරී තුවාල වලටත් කෝමාරිකා මද ඉස්ම පානය කිරීමෙන්, ආලේප කිරීමෙන් ගුණ ලැබෙනවා.මේ නිසා කෝමාරිකා රූපලාවණ්‍ය ඔෟෂධවලට පමණක් නොව බොහෝ කායික රෝගවලටත් සුවදායක වෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



0 comments:

Post a Comment