Showing posts with label Local News. Show all posts
Showing posts with label Local News. Show all posts

Friday, August 26, 2016

සතුන් මරා ෆේස්බූක් දැමූ ‘නකල්ස් මස් වැද්දන්ට’ උසාවියෙන් දුන්න දඬුවම.


සතුන් මරා ෆේස්බූක් දැමූ ‘නකල්ස් මස් වැද්දන්ට’ උසාවියෙන් දුන්න දඬුවම.


නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කර ෆේස්බුක් දැමූ පිරිස ඔබට මතක ඇති.

මේ පිරිසට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර මෙම පිරිස තමන් කළ වරද පිළිගෙන තිබෙනවා.

ඔවුන් සතුන් ඝාතනය කර එම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර තිබූ අතර එමගින් සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබුණා.

වරද පිළිගත් සැකකරුවන් 6 දෙනාට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් එම්.එච්.රෆික්ඩීන් මහතා ඊයේ (25) දඬුවම් නියම කරනු ලැබුවා.

මේ මස්වැද්දන් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වන එස්.එම්.සිරාජ්ට (සාද් මොහොමඩ් සිරාජ්) දැඩි ආරක්ෂිත සතුන් දඩයම් කිරිම හා ඒ සඳහා ගිනි අවි භාවිතා කිරිමේ චෝදනා සඳහා එක් වරදක් සඳහා රුපියල් 25,000 බැගින් රුපියල් 50 000 ක දඩයක්  නියම කර තිබෙනවා.

අනෙක් සැකකරුවන් වන නලින්ද වීරතුංග,චන්ද්‍රසේකර විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුවන් සංජීව සමරනායක හා නන්දකුමාර් යන අයට රුපියල් 25,000 බැගින් ද එහිදී දඩ නියම කර ඇති බවයි වාර්තා වන්නේ.



උපුටා ගැනීමක්



Thursday, August 25, 2016

අපේ 'නින්ජා' දැරියගේ විස්‌කම් මෙන්න.

අපේ 'නින්ජා' දැරියගේ විස්‌කම් මෙන්න.


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌.කේ කළුආරච්චි හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

කිසිදු ආධාරයක්‌ නොමැතිව බිත්ති දිගේ නඟින ගාල්ල වදුරඹ මහා විද්‍යාලයේ රගමිනි යසස්‌වි පොන්නම්පෙරුම දැරියට (08) ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සඳහා ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාව ඇති පාසලක්‌ ලබා දෙන ලෙස එම දැරිය වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නීය.

දෙඅත් හා පාද උපයෝගී කරගනිමින් බිත්ති දිගේ නැඟීමට මේ දැරියට ඇත්තේ සුවිශේෂී වූ හැකියාවකි. ඇය පිටු පසට හැරී බිත්ති දිගේ නඟින අතර ඇය එහි විනාඩි දහයක්‌ පහළොවක්‌ ගත කරන්නීය. පාද දෙක පමණක්‌ බිත්තියට තද කරගනිමින් ඇය බිත්තියේ සිට පොත් පත් කියවන්නීය. බිත්තිය මතදී සිරුරේ සමබරතාව ආරක්‌ෂා කරගනිමින් සිටීමට මේ දැරිය තුළ ඇත්තේ පුදුම හැකියාවකි. කොටින්ම කිවහොත් මේ දැරිය විස්‌මිත හපන්කම් පෙන්වන දැරියකි.

දැනට මෙම දැරිය වදුරඹ මහා විද්‍යාලයේ කරාටේ ක්‍රීඩාවේද යෙදී සිටින්නීය. ඇය කුඩා කාලයේ සිටම කාරාටේ ක්‍රීඩාවට දක්‌වන්නේ විශේෂිත වූ හැකියාවකි. කොටුවැල්ලමුල්ල, පන්විල, වදුරඹ පදිංචි මෙම දැරිය තම හපන්කම් පිළිබඳ මෙසේ කීවාය.

මට බිත්තිවල නඟින්න කවුරුවත් කියලා දුන්නේ නැහැ. මේක පුදුම ලෝකය කියන වැඩසටහනේ දී මම දැක්‌කා අත් නැති කෙනෙක්‌ අල්ලාගෙන යනවා. මට හිතුණා කකුල් තිය තිය බිත්තිය දිගේ නඟින්න. එහෙම තමයි බිත්තිය දිගේ නැග්ගේ. උළුවහු, ජනෙල් දිගේ සහ ගස්‌ නඟින්න මට පුළුවන්. මම කැමතිම ක්‍රීඩාව තමයි ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාව. අපේ පාසලේ ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාව නැහැ. ඒ නිසා මේ ක්‍රීඩාව තියෙන පාසලක්‌ ලබාදෙන්න කියලා අධ්‍යාපන ඇමැති මාමාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම දැරියගේ පියා වන අමල් චමින්ද පොන්නම්පෙරුම දුවගේ හපන්කම් ගැන මෙසේ කීවේය.

දුව කුඩා කාලයේ සිටම අනික්‌ ළමුන්ට වඩා වෙනස්‌ ළමයෙක්‌. අනික්‌ දරුවන් කරන්නේ නැති දේවල් තමයි දුව කරන්නේ. වෙන දරුවන් බඩගාලා, දණගාලා, තමයි නැඟිටින්නේ. නමුත් රගමිනි දුව දණගාන්නේ නැතුව එක පාරටම නැගිට්‌ටා. මේයා අනික්‌ දරුවන්ට වඩා ක්‍රියාශීලීයි. ඕන දෙයකට ඉදිරිපත් වෙනවා. දුව පොඩි කාලයේ ඉඳලා උස්‌ ස්‌ථානවල නඟිනවා. ඇන්ටනා බටයේ නඟිනවා. ජනෙල්වල එල්ලෙනවා. දුවගේ අනික්‌ දරුවන්ට වඩා අත් පා පිටුපසට නවන්න පුළුවන්. දුවගේ ඇඟ ඕන විදියට නවන්න පුළුවන්. බිත්තියේ යනකොටත් ඒක හොඳට පේනවා. දුව කරන්නේ ලොකු ළමයි කරන වැඩ. ඇත්තටම දුවගේ ඇඟේ නම්‍යශීලීගතිය අනික්‌ ළමුන්ට වඩා තියෙනවා. මකුළුවා වගේ තමයි බිත්තියේ උඩට යන්නේ. බිත්තිය උඩ ඉඳගෙන කරාටේ ක්‍රීඩාව කරන්න පුළුවන්. දුව ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාවට දක්‌ෂයි. ඇයට ඒ අවස්‌ථාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා යෑයිද අමල් කීවේය.
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

වසර තුනක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් මෙන්න.

වසර තුනක් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් මෙන්න.
අවුරුදු තුනක් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක තුවායක් ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළට හඳුන්වාදෙන්නට මාර්කන් ස්ටීව් හා ඔහුගේ බිරිඳ වන ජෙනී සමත්ව තිබෙනවා. පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදිත මෙම සනීපාරක්ෂක තුවා වර්ගය (Hannahpad) 100% ක්ම කපු පුළුන් යොදා සිදුකරන නිෂ්පාදනයක් ලෙස සඳහන්. මෙම සනීපාරක්ෂක තුවා වර්ගය පාවිච්චියෙන් පසු හොඳින් සෝදා වියළා ගැනීමෙන් නැවත නැවත වසර තුනකටත් අධික කාලයක් භාවිතයට ගත හැකි බවයි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ.

ස්ටීවන් හා ඔහුගේ බිරිඳ විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකදී වෙළෙඳ පොළේ අලෙවි වන සනීපාරක්ෂක තුවා හා ටැම්පොන් භාවිතයෙන් කාන්තාවන් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට ලක්වන බව සොයා ගත් නිසාත් ගුවන් සේවකයෙකු ලෙස ගත කළ දිවියට සමුදී රසායනවලින් තොර ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය නිසාත් මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීමට කටයුතු යෙදූ බව ඔවුහු සඳහන් කරති. මෙම සනීපාරක්ෂක තුවා අන්තර්ජාලය ඔස්සේ ඩොලර් 14.99 සිට 35 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි වන බවයි වාර්තා වන්නේ.
 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

නඩු පිට නඩු දහස්‌ ගණනක්‌ දැමුවත් සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් එක මොහොතකට හෝ ඉවත් නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (25 වැනිදා) දකුනු කොරියාවේ සිට දුරකථන ඔස්‌සේ සම්බන්ධ වෙමින් "දිවයින"ට සඳහන් කළහ.

ඉස්‌ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ල පිළිබඳ විමසීමේදී උන්වහන්සේ ඒ බව කීහ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ.

අප මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ ගැන ඔය පැමිණිල්ල දාලා තියෙන්නේ. අපි ගැන කවුරු පැමිණිලි කළත් පරීක්‍ෂණ කරනවා. නමුත් රට දැය සමයට මූලධර්මවාදීන්ගෙන් වන අකටයුතු කම් ගැන අපි පැමිණිලි දැම්මාම පොලිසියවත් අදාළ බලධාරීන්වත් ඒ ගැන නිකමටවත් බලන්නේ නැහැ.

මේ පැමිණිල්ල අනුව උසාවියෙන් නියෝග කරල තියෙන්නේ එම මාධ්‍ය හමුවේ සංස්‌කරණය නොකළ පිටපතක්‌ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි. මෙහිදී අපට විමසන්න ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ සතුව ඉස්‌ලාම් ධර්මය, අල්කයිඩාව ගැන දන්න නිලධාරීන් ඉන්නවාද කියන එකයි.

මේ අය උපදෙස්‌ ගන්නේ කාගෙන්ද, වහබ්වාදය වපුරන්න කටයුතු කරන අයගෙන්ම තමයි උපදෙස්‌ ගන්නේ. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්‌.



උපුටා ගැනීම
දිවයින පුවත් පත




 
 

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්.


ඕස්ටේ‍්‍රලියානු  මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්.


ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් හි ඉකුත් 24 වනදා පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්යෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පෞද්ගලික අවධානය යොමුව තිබෙනවා.

අදාළ ප‍්‍රවෘත්තියෙහි දක්වා තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා සම්බන්ධව සිදුවූ බව කියන සිද්ධියක්.

එවැනි සිද්ධියක් පිළිබද තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ජනාධිපතිවරයා පවසනවා.

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

තමාගේ දේශපාලන ජීවිතයේදී කිසිදු දිනක මෙවැනි දූෂිත අක‍්‍රමිකතාවන් සදහා මැදිහත්වීමක්, අනුබලදීමක් හෝ සම්බන්ධයක් හෝ සිදුවී නොමැති බව අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා දන්වා සිටිනවා.



උපුටා ගැනීම(  නෙත් fm)



වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ

වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ.


වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා.

මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.

එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.

යුද සමයේදී මෙන්ම ඉන් පසුවද වව්නියාව නගරයේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් පාහේ භාරව තිබුණේ මෙම නගර කඳවුරටයි.



 උපුටා ගැනීමක්