Showing posts with label Sport. Show all posts
Showing posts with label Sport. Show all posts

Monday, August 29, 2016

ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට කී දේ !


ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට කී දේ !

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ සමයේදී හිටපු නායකයන්ගෙන් පුහුනුකරුවන්ගෙන් මෙන්ම ඇතැම් ක්‍රීඩකයන්ගෙන්ද සහයක් නොලැබුණු බව ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් අන්දෝලනයකට ලක්වෙමින් තිබේ.

තමා නායකත්වයෙන් ඉවත් කිරීම සිත් රිදුම් ගෙනදුන් කාරණාවක් වූ බවත්, ඇන්ජලෝ මැතිව්ස්ට අවුරුද්දක කාලයක් පුරා තිබූ අබාධයක් ගැනද ඩිල්ෂාන් එහිදී කියා තිබුණි

කෙසේ වෙතත් ඩිල්ෂාන් නායකත්වය දරණ සමයේ සිටි හිටපු නායකයන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර පෙරේදා (28) පැවති තරඟයෙන් පසු සිය ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් දක්වා තිබුණා

සංගක්කාර එහිදී කියා තිබුණේ චන්දිමාල් හොඳින් උත්සහ කළ බවත් ඔහුගේ ඉනිම මැනවින් පාලනය කළ පරිණත ඉනිමක් බවත්ය.නමුත් ඩිල්ෂාන් වෙනුවෙන් තරඟය ජයග්‍රහණය කරවීමට කණ්ඩායමට නොහැකි වූ බවද සංගක්කාර එහිදී පවසා තිබුණා.

මහේල ජයවර්ධනද අදහස් දක්වමින් කියා තිබුණේ චන්දිමාල් හොඳින් ක්‍රීඩා කළ බවත් ඩිල්ෂාන් වෙනුවෙන් යමක් කිරීමට කණ්ඩායමට නොහැකි වූ බවත්ය.ඔවුන්ගේ සමාජයට (විශ්‍රාම ගිය) ඩිල්ෂාන්ව සාදරයෙන් පිළිගන්නා බවත් එහි දැක්වුනා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Thursday, August 25, 2016

බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

අසේල විතාන

 ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දිග් විජය කරන්නට තුන් ඉරියව්වෙන්ම අපමණ වෙහෙසක්‌ දැරූ තිලකරත්න ඩිල්ෂාන් ලබන ඉරිදා දඹුල්ලේදී ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවිය නිමා කරන බවට නිවේදනය කර සිටියි. ඒ අනුව ඔහු ලබන මස 9 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය විස්‌සයි විස්‌ස තරග දිවියද නිමා කිරීමට සුදානමින් සිටියි.

"මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත්. මේ සමුගැනීමත් ඒ වගේ ඉක්‌මන් තීරණයක්‌. මට කවුරුත් බලපෑමක්‌ සහ පීඩනයක්‌ එල්ල කළේ නැහැ. මට හිතුණා දැන් ඇති කියලා." යනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (25 දා) "දිවයින" කළ විමසීමකදී පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා ගිය සිව්වැනි පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් සමුගැනීමේ තරගයට පෙර එක්‌දින තරග 329 කදී ශතක 22 ක්‌ සහ අර්ධ ශතක 47 ක්‌ සමග මුලු ලකුණු 10248 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 39.26 ක්‌ ලෙස සටහන් වන අතර ඔහුගේ නම ඉදිරියේ කඩුලු 106 ක්‌ සහ උඩපන්දු 122 ක්‌ද සටහන්ව තිබේ.

"ඉදිරි මාස හතර පහක කාලයේදී එක්‌දින තරගත් නැහැ. ඒ නිසා මම හිතුවා ඒ තරම් කාලයක්‌ නිකන් බලන් ඉන්නෙ නැතිව නවකයකුට තැන දීල යන්න. දැන් මම අවුරුදු ගාණක්‌ ක්‍රිකට්‌ වෙනුවෙන් කැප කළා. ඉදිරියේදී ගෙදරට වෙලා පවුලෙ අයත් එක්‌ක ඉන්නවා. එහෙම කියල ක්‍රිකට්‌ වෙනුවෙන් මගෙන් මොනව හරි ඕන වුණොත් මම දන්න දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා." යෑයි ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේය.

විස්‌සයි විස්‌ස තරග 78 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමග ලකුණු 1884 ක්‌ ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන් ලබන 9 වැනිදා සිය අවසන් විස්‌සයි විස්‌ස තරගයට සහභාගි වේ.

ලබන ඔක්‌තෝම්බර් මස 40 වැනි වියට පා තබන ඩිල්ෂාන් 1999 දී ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින පිටියට පිවිසි අතර ඔහු 2013 දී ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගත්තේය.


උපුටා ගැනීම( දිවයින පුවත් පත)