Monday, August 29, 2016

කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ ගැන අනිවාරයෙන්ම දැනගන්න.

කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ  ගැන අනිවාරයෙන්ම දැනගන්න.

ඔසු ගුණයෙන් පිරිපුන් කොළ කැඳ නැතිනම් ඔසු කැඳ, තම ශරීරය, නීරෝගීමත්ව, ශක්තිමත්ව, පැහැපත්ව පවත්වා ගෙන දීර්ඝායුෂ ලැබීම සඳහා උදෑසන ආහායට එක්කර ගත යුතුය. තවද බොහෝ ලෙඩ රෝග වලින් මිදීම පිණිස ද වෛද්‍ය උපදෙස් මත කොළ කැඳ පානය කල හැක. උදැසන ආහාරයක්‌ ලෙසද කොළකැඳ භාවිතා කළහැක. එමගින් දවසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය විශේෂ ශක්‌තියක් ලැබේ.
රෝග සුවයට මෙන්ම නිරෝගි බව ආරක්‍ෂා කර ගැනිමට සුදුසු කැඳ වර්ග කීපයක්
කොළ කැඳ – සහල් ඔෘෂධීය පත්‍ර වල යුෂ ,පොල් කිරි,හා ජලය මුසු කොට තනා ගන්නා කැඳ
බැදි හාල් කැඳ – කබලෙන් බැදි සහල් ජලය සහ ලුනු මුසු කොට තනා ගන්නා කැඳ
ලුණු කැඳ – සල් ජලය මුසු කොට තනාගන්නා කැඳ
විළඳ කැඳ – වී බැද සෑදූ විළඳ ජලය සහ ලුණු මුසු කොට තනා ගත් කැඳ
කොළ කැඳ සදහා අව‍ශ‍ය්‍ය‍ ද්‍රව්‍ය.
නිවුඩු කැකුඵ ග්‍රෑම් 100 (පස් දෙනකුට හාල් දෙමිටක් සෑහේ)
ඔසු කොළ ග්‍රෑම් 400 ක යුෂ
පොල් කිරි කෝප්ප 2ක්
පිරිසිදු ජලය මිලි ලීටර් 300 ක් 
මේස ලුණු
සුදු ළූණු බික් 2 ක 3 ක් කිහිපයක් (බික් දෙකට කපාගන්න)
ඉගුරු කැබැල්ලක්, උළූහාල් ටිකක්
ගම්මිරිස් ඇට කිහිපයක්.
කොළ කැඳ සාදන සාමාන්‍ය ක්‍රමය
තරමක් ලොකු පිරිසිදු වළදකට කෝප්ප 4ක් පමණ ජලය වත් කරන්න.
ගල් වැලි සෝදා පිරිසිදු කරගත් නිවුඩු සහල් මිටක් (100 grams) එයට දමන්න.
තැම්බෙන බතට අමු ඉඟුරු කැබැල්ලක්, ගම්මිරිස්, සුදුළූණු බික් දෙක තුනක්, රතු ලුණු ගෙඩි 4 හා උලුහාල් එකතුකර ගන්න
පළමුව හොඳින් සෝදා පිරිසුදුකර ගත් ඔසු කොළ වර්ග, කැබලිවලට කපා බ්ලෙඩරයකට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. මෙයට පොල් රැල්ද ටිකක් එකතුකරන්න. පසුව එම යුෂ භාජනයකට මිරිකා ගන්න.
පොල් බැයක පමණ පොල් කිරි වෙනම පිළියෙළ කර ගන්න
බත ඉදීගෙන එනවිට කොළ යුෂ පොල් කිරි සමග මිශ්‍ර කර දමා නටවා ළිපෙන් බාගන්න. පොල්කිරි සමග හොඳින් පස්වන විට කොළ යුෂ වල ඇති විසක් ඇත්නම් එය ඉවත්වේ.  
රෝග අනුව සුදුසු කැඳ
මාන්දම
කොක් මොට,පනම් පෙති,කරල් හැඹ,මොනරකුඩුඹිය,විළදවැන්න,ඉරමුසු,හාතාවාරිය.නමුත් මෙහිදි පොල් කිරි සහ ලුනු නුසුදුසුයි.ගිතෙල් තේ හැදි 1 සහ සහිඳ ලුණු එක්කර සාදා ගත යුතුය.
අර්ශස්
කොහිල අල, වැල්කොහිල, ලේ යාම පවතී නම් කරල්සැඹෝ සුදුසුය, වැල්පෙනෙල කැඳ, අනෝදා කොළ කැඳ
ලේ පිටවන අර්ශස්‌ රෝගයට
රත් කරල්හැබ කොළ කැඳ, හාතවාරිය කැඳ 
සෙංගමාලය
යකිනාරං කොළ කැඳ කිතුල් හකුරු සමඟ දීම ,හීන්බෝවිටියා, සැවැන් දන, මොණර කුඩුම්බිය කැඳ දින 7 ක්‌ම දීම, පතන් පෙති කැඳ, ඉරමුසු කැඳ, සැවැන්දරා කොළ කැඳ, හාතවාරිය කැඳ, පිටවක්‌කා කොළ කැඳ, කෝන් කොළ කැඳ, බක්‌මී කොළ වලින් එක් කොළ වර්ගයක් ගෙන කැඳ සාදන්න. මිටිකිරි නොදමා දියකිරි දමා, ලුණු නොදමා කැඳ පිස කිතුල් හකුරු සමග බොන්න දෙන්න.
ජීර්ණකාස
එළබටු දළූ,වැල් තිබ්බටූ කොළ කැඳ
ශුක්‍ර මේහ
වැල්පෙනල,හාතාවාරිය කැඳ
මුත්‍රා රෝග
පොල්පළා,ඉරමුසු,නීරමුල්ලිය,රණවරා
මුත්‍ර ගල්
පොල්පලා කොළ කැඳ, නීරමුල්ලිය කොළ කැඳ, රණවරා කොළ කැඳ
සර්ප විෂ
කරපිංචා,කොටදිඹුලා කැඳ
අක්‍ෂි රෝග
මුකුණුවැන්න ,කීකිරිදිය, ගොටුකොළ කැඳ
සර්පවිෂ (ලේ යන අවස්ථාවට)
බෝ පොතු කැඳ
අක්‍ෂි රෝග
මුකුණූවැන්න,කීකිරිදිය
මුඛ රෝග
ගොටු කොළ, කතුරුමුරුංගා
මූෂික විෂ
දිවුල් කොළ, හීනටිහාලේ කැඳ සාදා සති දෙකක්‌ එක දිගට පානය, රුක් අගුණ කොළ කැඳ
ඇදුම
කැහිපිත්තන් කොළ දෙමිටක්‌, පොල් බෑයක පොල් සමඟ කොටා මිරිකා සුදුලූණු බික්‌ පහක්‌ සමඟ හීනටිහාලේ කැඳ දෙන ලෙස දක්‌වා ඇත
බලු විෂ
තිත්ත අගුණ කොළ, පොල් සමඟ කොටා හීනටි හාලෙන් කැඳ උයා තුන් වරුවක්‌ බීමට දිය යුතුයි
දියවැඩියාව
හීං බෝවිටියා කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, රණවරා කොළ කැඳ
කොලෙස්‌ටරෝල් මට්‌ටම අධික
පැණි ඔලිඳ කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ
නාග දෂ්ටයකදී
කොටදිඹුලා කොළ කැඳ, කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ.ලුණු නොදමයි
කරවල් දෂ්ටයකදී
කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ. මුකුණුවැන්න, කරපිංචා කොළ යුෂ සමඟ හීනටි හාල් කැඳ මදුරුතලා කොළ යුෂ, තණහාල් දමා කැඳ පිස දීම සිදුකරයි.
කැස්ස හා පපුවේ සෙම
එළබටු කැඳ
කැස්ස ඇදුම පීනස වැනි සෙම් රෝග
කුප්පමේනිය කැඳ
කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම
වල් තිබ්බටු කොළ කැඳ
ගර්භනී කාලයේ මල වියැළීම
ගර්භනී කාලයේ කෘතීම බෙහෙත් භාවිතය අවම කල යුතුවේ. කොහිල කොළ කැඳ, වැල් කොහිල කොළ කැඳ, නෙලුම් දඬු කැඳ යෝග්‍යයි. වැසිකිළි යෑම පාලනය වේ
ගර්භණී සමයේදී පාද ඉදිමීම
පොල්පලා කොළ කැඳ, නීරමුල්ලි කොළ කැඳ සුදුසුයි.
ගර්භණී සමයේදී පණු අමාරු
එළ බටු කොළ කැඳ, එරබදු කොළ කැඳ, ගොටුකොළ කැඳ
කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ
බඩගින්න හා පිපාසය නසයි.
වාතය සමනය කරයි.
මළ, මුත්‍ර පහකිරීම පහසු වේ.
ආහාර රුචිය වර්ධනයවේ.
සම පැහැපත් වේ.
ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ.
ප්‍රාණය ආරක්‍ෂා වේ.
ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි
 ආයුෂ වැඩි වේ
ශරීර වර්ණය අලංකාරවේ.
ශරීරයට සැපය ලබාදේ.
ශරීරයට බලය ලැබේ
වාතය අනුලෝම කරයි
වස්තිය පිරිසුදු කරයි
නොනැසී ශේෂවූ ආහාර පැසවයි
අග්නිය වැඩි කරයි.
ශරීරයට වාජීකරණ ශක්තිය ලැබේ.
කොළ කැඳ සඳහා යොදාගන්නා ද්‍රව්‍යවල රසායනික සංයුතිය හා සාදාගන්නා ක්‍රමය අනුව එහි ඖෂධීය ගුණ ලැබෙන ආකාරය
කොළ කැඳ සෑදීමේදී කොළ වර්ග කොටා, මිරිකා යුෂ ලබාගැනීම සිදුකරයි. එමගින් ජීරණයට පහසුකරයි.
මෙම කොළ යුෂ පොල් කිරි සමඟ එක්‌කිරීම සිදුකරයි. මේ නිසා ජලයේ ද්‍රාව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමින් වර්ග ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ.
පත්‍රවල අන්තර්ගත උණුසුම් සංවේදක ‘බීටා-කැරොටීන්’ පොල් කිරිවල ඇති මේද කොටස්‌ සමඟ බැඳීම නිසා, රත් කිරීමේදී පවා විනාශ නොවේ. එම නිසා වැඩි පෝෂණයක්‌ ලැබේ.
නැවුම් කොළපැහැ පත්‍ර කැරොටින්, ඇස්‌කෝබික්‌ අම්ල, රයිබොෆ්ලේවින්, විටමින් කේ, කාබෝහයිඩේ්‍රට්‌, මේද, ඛනිජ ලවණවලින් ස්‌වයංපෝෂිතය. මීට අමතරව කැල්සියම්, යකඩ අයන, ලයිසින් ප්‍රෝටීන වැනි සංඝටකද සහිතය. කොළ යුෂ අධිකව රත් නොකරන නිසා මෙම පෝෂණීය සංඝටක විනාශ නොවී ශරීරයට පෝෂණය සැපයීමට ඉවහල් වේ.
නිවුඩු සහල් විටමින් බීවලින් ස්‌වයංපෝෂිත වන අතර තන්තු පදාර්ථ බහුලව පිහිටයි. එමනිසා ශරීරයට අත්‍යවශ්‍ය සංඝටක ලැබේ. මළ බද්ධය දුරුකර, ආහාර ජීරණය පහසු කරවයි.
මේ අනුව බලන කල පෝෂණීය ගුණයෙන් අනූන රස ගුණ සපිරි කොළ කැඳ, සාදා ගැනීමට පහසු වුවද වටිනාකමින් ඉහළ ගුණ යුක්‌ත ඖෂධයක්‌ සේම පෝෂ්‍යදායී ආහාරයක්‌ද වන බව පැහැදිලි වේ. දේශීය චිකිත්සාවේදී විවිධ රෝග සඳහා ඖෂධවලට අමතරව විවිධ කොළ කැඳ වර්ග, පානයට නිර්දේශ කර ඇත.
කොළකැඳ සෑදීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු
සහල් සඳහා නිවුඩුහාල් යොදාගන්න. තණහාල්, මෙනේරිහාල් ආදියද යෝග්‍ය වේ. විශේෂ රෝගී අවස්‌ථාවල හීනටි හාල්ද යොදා ගැනීමට සිදුවනු ඇත. සහල් සමඟ මුංඇට, පරිප්පු, කඩල, සෝයා ආදී මාංස භෝගයකින් ස්‌වල්පයක්‌ මිශ්‍ර කොට ළිප තැබීමෙන් අමතර ගුණයක්‌ එක්‌වේ. එසේ නැතහොත් බත ඉදීගෙන එනවිට පිටි කළ කඩල, මුං, සෝයා ආදියෙන් මේස හැන්දක්‌ පමණ එක්‌කිරීම සුදුසුය.
කැඳට යොදාගන්නා කොළ අලුත් ඒවා විය යුතුය.
මැලවුණු, ඉදුණු, වියළුණු කොළ සුදුසු නොවේ. කොළ වෙනම කොටා පෙරා යුෂ සකසා ගත යුතුවේ.
පොල්ද වෙනම මිරිකා පෙරා කිරි සකසා ගත යුතුවේ.
කොළ සමඟ කරපිංචා ඉති හතරක්‌ පමණවත් එක්‌ කරන්න, එමගින් ඖෂධීය ගුණය වැඩිවේ. දිරවීමද පහසු වේ. එසේම
සුදුලූණු බික්‌ 2 ක්‌ද, රතුලූණු ගෙඩි 4 ක්‌ පමණද ලියා සහල්වලට එක්‌කිරීමෙන් ඖෂධීය ගුණය වැඩි කරගත හැක.
පොල් යොදා ගතයුත්තේ අවශ්‍ය පමණටය. පොල් වැඩිකිරීමෙන් තෙල්ගතිය වැඩිවේ. උකුගතියද වැඩිවේ. කොලොස්‌ටරෝල් මට්‌ටම අධික නම් පොල් කිරි හෝ එළකිරි වෙනුවට සෝයාකිරි යොදාගත හැක.
කොළ කැඳ පිසීමේදී ඇලුමිනියම් භාජන භාවිතය නුසුදුසුය. ඒ සඳහා මැටි භාජනයක්‌ භාවිත කළ යුතුය.
සහල් හොඳින් තැම්බී බත් වනවිට හොඳින් හැන්දෙන් පොඩිකර ගැනීම (මත් ගා ගැනීම) කළ යුතුය.
කොළ කැඳ පානය කළ යුත්තේ හකුරු සමඟය. එයින් තවදුරටත් අමතර පෝෂණයක්‌ එක්‌වේ.
මඳක්‌ රස්‌නය තිබියදී කොළ කැඳ පානය කළ යුතුය.
නිවුණු පසු යළි රත්කිරීම් හෝ විටින්විට රත් කිරීමෙන් වළකින්න.
කැඳ සැදීමේදී දේශීය සහල් සතු ඖෂධීය වටිනාකම් හේතුවෙන් විවිධ රෝගී තත්ත්ව සඳහා භාවිතා කල හැකි සහල් වර්ග
පොක්‌කාලි කැඳ
ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු තම ශක්‌තිය සහ තාරුණ්‍යය පවත්වා ගැනීමට භාවිත කරන ලද්දේ ලපොක්‌කාලිල නම් සහලින් සාදන ලද කැඳකි. මෙහි ඇති අධික ශක්‌ති ජනක බව හේතුවෙන් දරුවන් සඳහා මෙය නොගැළපෙන බව පැවැසේ.පොල්පලා යුෂ සමග මිශ‍්‍රකර සාදාගත් පොක්‌කාලි කැඳ මුත‍්‍රාශයේ ගල් දියකර හැරීමට සමත් ගුණයකින් යුතුය. තරබාරු බව අඩු කිරීමේ ශක්‌තියක්‌ ද ඇත.
සුවඳැල් සහල් කැඳ
මිහිරි සුවඳකින් යුතු හා ප‍්‍රනීත රසයකින් ද යුතු කැඳකි. දියවැඩියාව පාලනය කරන අතර සිරුරේ සමබර වර්ධනයට ඉවහල් වේ.
රත්තැඹිලි ඇල් සහල් කැඳ
පිසින විට මී පැණි සුවඳක්‌ වහනය වන මෙම සහලින් පිසින ලද කැඳ සම පැහැපත් කරයි. සිරුර පුෂ්ටිමත් කරයි. පෙනීම දියුණු කරයි. මෙම සහල් රාජකීය කාන්තාවන් තම රූප ශෝභාව දියුණු කර ගැනීමට භාවිත කළහ.
වෙද හීනටි කැඳ
විෂ ශරීර ගත වූ අයට පවා මෙම කැඳ (ලූණු කැඳ) පෙවීමෙන් එම විෂ සහිත බව අඩුවන බව සොයාගෙන ඇත. ආමාෂ විෂ නසයි. සිරුරේ ගෙවී ගිය පටක අලූත් වැඩියා කරයි. වයෝවෘද වැඩිහිටියන්ට ඉතා ගුණදායකයි.
මාවී කැඳ
තරබාරු බව අඩුකිරීමට සමත් ය. දියවැඩියාව, ක්‌ෂය රෝගයට මෙන්ම ආර්ශස්‌ රෝගයටද ගුණ දෙයි.
හැටදා වී කැඳ
වා පිත් සෙම් සමනය කර සිරුර සැහැල්ලූ කරයි.
මඩතාවළු කැඳ
කොලෙස්‌ටරෝල් පාලනය කරයි. ගැස්‌රයිටීස්‌ වලටද ගුණදායක කැඳකි.
රත්දැල් කැඳ
පෙනහළු ආශ‍්‍රිත රෝග, සුවනොවන තුවාල ආදියට ගුණදෙයි. සෙම් රෝග වලට ඉතා සුදුසුයි. මුත‍්‍රා රෝග, පිත්තාශ සහ මුත‍්‍රා ගල් සඳහා විශේෂ ගුණැති කැඳකි. කුඩා දරුවන්ගේ ආහාරයක්‌ ලෙස පවා භාවිත කළ හැක. ලේ පිරිසිදු කිරීමට සමත් ය. ඒ නිසා ම සම පැහැපත් කිරීමේ ගුණයක්‌ද එහි ඇත. දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් ආහාරයට ගත්තේ රත්දැල් සහල් බව කියෑවේ.
විවිධ කැඳ වර්ග
කිතුල් පිටි කැඳ
අම්ල පිත්ත රෝගය සමනයට ඉතාම සුදුසුයි 

අවශ්‍ය ද්‍රවය
කිතුල් පිටි ග්‍රෑම් 50පොල් ගෙඩි ½ ක කිරි
සීනි ග්‍රෑම් 100
දිය ලුණු ස්වල්පයක්
සාදන ආකාරය
මැටි පුට්ටියක් ගෙන එය හොදින් සෝදා එම මුට්ටියට කිතුල් පිටි , පොල් කිරි, සිනි, දියලුණු දමා ලිප තබන්න.
විනාඩි 20ක් හෝ 25ක් පමණ හැදි ගගා උයා ලිපෙන් බා නිවෙන්නට හැර කෑමට ගන්න.

විවධ කොළ වර්ග වල ඇති රෝග නිවාරණ ගුණ 

ගොටුකොළ

බුද්ධිය ඇති කරයි. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. පීනසට ගුණ දේ. උෂ්ණයට තොල් පැලීමට ගුණයි. ශරීරයේ පැහැය හා ශක්තිය වැඩි කරයි.එසේම වයසට යෑමේ වේගය අඩු කරයි. ශරීරය පැහැපත් කරයි.  විශේෂයෙන්ම ගොටුකොළවලට ශරීරය පෘෂ්ඨිමත් කරීමට හැකියි. ද ගොටුකොළවල බලපෑමක් තිබෙනවා.

වැල් පෙනෙල

ශරීර ශක්තිය ඇති කරයි. ධාතු ශක්තිය වැඩි කරයි. පීනස් හා සෙම් රෝග ඇති අයට එතරම් සුදුසු නැත.
ඉරමුසු
ශරීරයේ උෂ්ණාධික රෝග සමනය කරයි. පිපාසය සංසිඳවයි. ශරීර වර්ණය වැඩි කරයි.
මොනරකුඩුම්බිය
ශරීර ශක්තිය වඩවයි. රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ප්‍රතිශක්තිය වැඩි කරයි. සෙංගමාලයට ගුණ දායකයි. ආහාර දිරවීම පහසු කරයි.

හාතාවාරිය

අල හා කොළ කැඳ සඳහා ගනී. ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරයි. ලේ පිරිසුදු කරයි. හාතවාරිය මඟින් ශරීරය නිරෝගී කරයි. වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරයි. ශරීර දැවිල්ල නැති කරයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුයි. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කරයි. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරයි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳිලා තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍යයි. හාතාවාරියවල ගර්භස්ථායක ගුණ තිබේ.
නීරමුල්ලිය කැඳ
රත්පිත් වාත රෝගීනට ගුණ දායකයි

එළබටු

කැස්සට හා පපුවේ සෙම් අමාරු සඳහා සුදුසුයි
කුප්පමේනිය
කැස්ස ඇදුම පීනස වැනි සෙම් සහිත රෝගීන්ට ගුණදායකය.
උඳුපියලිය
විස නැති කරයි. උදර රෝග සඳහා ගුණයි ඇස් පෙනීම වැඩි කරයි.

මුගුණුවැන්න

මල බුරුල් කරයි. කෑම රුචිය වැඩි කරයි.
කරපිංචා
රුධිරයේ මේද ප්‍රමාණය අඩු කරයි. කරපිංචා කොළ කැඳ ඉතා සුවඳවත්ය. ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීමටද ඉක්මන් කරයි. රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව කරපිංචාවලට තිබෙ. එනිසා අධි රුධිර පීඩනය, හෘදයාබාධ මෙන්ම තරබාරු අයටත් කරපිංච කොළ කැඳ විශේෂයෙන්ම ගුණදායකයි.

සැවැන්දරා

ලේ පිරිසුදු කරයි. සමේ රෝග සඳහා සුදුසුයි.
රන්කරල් හැබෝ
අර්ශස් මගින් ගුදයෙන් ලේ පිටවෙන රෝගීන් සඳහා ගුණදායකය.
වැල් තිබ්බටු කොළකැඳ
කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම රෝගීන්ට ගුණ දායකය.

කොහිළ කැඳ

මළබද්ධය නැති කරයි. අර්ශස් රෝගීන්ට ගුණදායකය.
කතුරුමුරුංගා කොළ කැඳ
බඩ වියළීමට ගුණ දායකය. ඇස් පෙනීම වැඩි කරයි.
වල් කොත්තමල්ලි (පැණි බිබිල, කොළ කැඳ, රණවරා කොළ, පොතු කැඳ)
මී විෂට

ඉරමුසු

ඉතා සුවඳවත් ඉරමුසු කොළ කැඳ මඟින් ශරීරය සිසිල් කරයි. වැඩිපුර දහදිය දමන අයගේ එම තත්ත්වය අඩු කරයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ආහාර රුචිය වැඩිකර නිතර ඇතිවන පිපාසය සන්සිඳවයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. අක්මා සෛල ආරක්ෂා කිරීමට මෙන්ම පිළිකාවලින් වළක්වා ගැනීමේ හැකියාවක්ද ඇත.

පොල්පලා -

පැළෑටියම කැඳ සඳහා ගනි. මුත්‍ රාකාරක මුත්‍ර ශෝධක  ඖෂධයකි. ශරීරයේ විෂ බැහැර කරයි. ශරීරයේ උෂ්ණය, දැවිල්ල ඉදිමීම නැති කරයි. කෑම රුචිය ඇති කරයි. මුත්‍ර මාර්ගයේ ඇතිවන ගල් දියකර හැරීමට සුදුසු වේ. 
කොළ කැඳ ඖෂධයක් නොවේ. ආහාරමය පානයකි. නමුත් එකම කොළ වර්ගයක් දිගටම බීම සුදුසු නොවේ. සතියේ දවස් 7ට කොළ වර්ග 7ක් බීම සුදුසුයි. ඒ වගේම කොළ කැඳ බිමෙන් පසු කෑම වැඩිපුර ගැනීම සිරුරට ඔරොත්තු නොදීමට ඉඩ තිබේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment