රඹුටන් ගැන වැඩි දෙනෙක් නොදන්න මේ දේවල් 7 දැන ගත්තොත් ඔබටත් රඹුටන් නැතිවම බැරීවෙයි.
ඔන්න දැන් රඹුටන් වාරෙත් ඇවිල්ලා. කොළඹ ගම්පහ පැත්තේ මොන පාරක ගියත්, පිටකොටුවේ ටිකක් ඇවිදලා බැලුවත් රඹුටන් විකුණන තැන් ඕන තරම්. මේ දවස් වල අම්මලා තාත්තලට ළමයින්ගෙන් බේරෙන්නම බැහැ, ගෙදර ආව ගමන් අහන්නේ රඹුටන් ගෙනාවද කියලයි. ලොම් පිරුණු තද රතු පාට රඹුටන් කන්න ලොකු පොඩි කාගේත් තියෙන පෙරේත කම නිසා මේ දවස් වල පාරවල් දිගටම දාල තියෙන රඹුටන් කඩ වලටත් බිස්නස් සරුයි. කොච්චර කන්න ආස හිතුනත් රඹුටන් කෑවම උගුර බැරැන්ඩි වෙයි කියලා අම්මාගේ නෝක්කාඩුව අහන්නත් වෙනවා ඉතින්. හැබැයි අපි රඹුටන් නොකා ඉන්නේ නම් හරිම කලාතුරකින්.
ඉතින් රඹුටන් ගැන ටිකක් තොරතුරු හොයලා බලන්න Roar එකේ අපි තීරණය කළා. ශ්‍රී ලාංකික අපි විතරක් නෙවෙයි රඹුටන් කන්න පෙරේත, මොකද රඹුටන් කියන්නේ විදේශ රටවල් ගණනාවකම ජනප්‍රිය පළතුරක්. ඒ නිසාම ගොඩක් දෙනෙක් රඹුටන් වල තියෙන පෝෂණ ගුණය ගැන කරපු පර්යේෂණ රාශියක විස්තර අපිට දකින්න ලැබුණා. කන්න හොඳ නෑ කියලා කවුරු කිව්වත් බලාගෙන ගියාම රඹුටන් කියන්නේ දෙවියෝ දීපු පළතුරක් තරමට පෝෂණය පිරුණු එකක්. රඹුටන් ගහ පුරාම තියෙන හැම කොටසකින්ම අපේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගන්න පුළුවන් පෝෂක ලබා ගන්න පුළුවන්ලු. හැමදාම ආසාවට කන රඹුටන් වල තියෙන ප්‍රයෝජන ගැන මේ කාරණා කියවද්දී අපිටත් පුදුම හිතුණා. ඉතින් ඒ නිසයි අපි එයින් ප්‍රධාන 7ක් ඔබට කියන්න හිතුවේ. කියවලා බලන්නකෝ.
1. පිළිකා ගැටිති සුව කිරීමට.
රඹුටන් කද්දී හැමෝම බලන්නේ හොඳට මස් ගැලවෙන වර්ගයක් තෝර ගන්නයි. මේකට ප්‍රධානම හේතුව අපි වටේ තියෙන සුදු පාට මස් ටික විතරක් ආහාරයට ගන්න එකයි. හැබැයි දන්නවාද අපි විසි කරලා දාන රඹුටන් ඇටයෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බව? මෙහෙම කිව්වාම වැඩි දෙනෙක්ට හිතෙන්නේ අපි ඇට පැළ කරන එක ගැන කතා කරනවා කියල, හැබැයි පර්යේෂකයෝ පිරිසක් හොයාගෙන තියෙනවා පිළිකා වල ආරම්භක අවස්ථාවේදීම ඇති වන ගැටිති වලට ප්‍රතිකාර කරන්න පුළුවන් සංයෝග රඹුටන් ඇටයේ අඩංගු බව. මේ ගැන කරපු රසායනික පරීක්ෂණ වලට අනුව රඹුටන් ඇට තුළ NLTI නමින් හඳුන්වන ට්‍රිප්සීන් නිශේධකාරකයක් අඩංගු බව සොයාගෙන තියෙනවා.. (මේක අණුක ස්කන්ධය කිලෝ ඩෝල්ටන් 22.5ක සංයෝගයක්)
ට්‍රිප්සීන් කියන්නේ අපේ ශරීරයේ පවතින ස්වභාවික එන්සයිමයක්, මේකේ සාන්ද්‍රණය පාලනය කරලා පිළිකා වළක්වා ගන්න පුළුවන් බවට පරීක්ෂණාත්මක සාක්ෂි තියෙනවා. NLTI වගේ නිශේධකාරක පිළිකා වලට ප්‍රතිකර්ම කිරීමේදී අත්‍යාවශ්‍ය වෙනවා. ට්‍රිප්සීන් නිශේධකාරක බොහොමයක් තිබුණත් නයිට්‍රික් ඔක්සයිඩ් උත්තේජනය කරවන ඒවා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්, NLTI කියන්නේ ඉන් ප්‍රධානම සංයෝගයක්.
අපි මේ කියපු දේවල් වැඩිය නොතේරුණත් මේක ඔළුවට ගන්නකෝ, රඹුටන් කියන්නේ පිළිකා නසන්න පාවිච්චි කරන ප්‍රධානම සංයෝගයෙන් පිරුණු පළතුරක්. අපි හිතුවාට වැඩිය රඹුටන් ගෙඩියේ ලොකු වටිනාකමක් තියෙනවා!
2. ප්‍රතිඔක්සිකාරක වලින් අනුනයි.
ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වල ක්‍රියාකාරීත්වය සහ සෛල වල විනාශයට බලපාන සෛල විෂ වර්ග ගැන කරපු පරීක්ෂණයකට අනුව රඹුටන් ලෙල්ල තුල වැඩිම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. මැංගුස් වගේ පලතුරු වලටත් වඩා මේ අතින් රඹුටන් ඉදිරියෙන් සිටිනවා. ප්‍රතිඔක්සිකාරක වලට සෛල වල විනාශය සහ විකෘති ඇති වීම අඩු කරන්න පුළුවන්. අපි ගන්න ආහාර වල අඩංගු විවිධ නරක සංයෝග, විශේෂයෙන්ම මුක්ත ඛණ්ඩක වලට පුළුවන් අපේ සෛල ඔක්සිකරණය කරලා විකෘතීන් ඇති කරන්න. ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ගත්තාම මේ හානිදායක ඔක්සිකරණය පාලනය වෙනවා.
සෛල විශාල වශයෙන් ඔක්සිකරණය හා විකෘති වීම කියන්නේ ලෙඩ රෝග බොහොමයක් ඇති කරන්න පුළුවන් ගැටළුවක්. එකක් මේ විකෘති වූ සෛල පිළිකා විදිහට වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හදවත් රෝග, සම රැළි වැටීම වගේ ප්‍රශ්නත් මතු වෙනවා. ඉතින් මේකේ සරල අදහස රඹුටන් කන එක අපේ ඇඟට වගේම සමටත් හොඳයි කියන එකයි. රඹුටන් ගෙඩියේ අපි ආහාරයට ගන්න කොටසේත් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා සාමාන්‍ය ආහාරයක් ගන්න කෙනෙක්ට රඹුටන් ලෙල්ල කන්න වෙන්නේ නෑ හොඳේ?
3. දියවැඩියාවට ගුණදායකයි.
Acarbose කියන්නේ දියවැඩියා රෝගීන්ට දෙන ජනප්‍රිය බෙහෙතක්. මේකෙන් සිදු වෙන්නේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනයට බාධා කරන බීටා සෛල නිපදවීම පාලනය කරන එකයි. නමුත් රඹුටන් ලෙල්ලේ අඩංගු ඇතැම් එන්සයිම වලින් මේ කාර්යය වඩා කාර්යක්ෂමව කරගන්න පුළුවන් බවට පරීක්ෂණාත්මක සාක්ෂි තියෙනවා. ඒ වගේම හයිපර්ග්ලයිසීමියාවට ප්‍රතිකාර කළ හැකි සංයෝගත් මේ තුල බහුලව අඩංගුයි.
4. ආහාර ජීර්ණයට උදව් වෙනවා.
පොලිසැකරයිඩ කියන සංයෝග රඹුටන් පලතුර තුල බහුලයි. පොලිසැකරයිඩ් වලට ජීර්ණය පහසු කරවන ප්‍රීබයෝටික් සංයෝගයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කිව්වේ කුඩා බඩවැලේදී ආම්ලික හා එන්සයිමික ජීර්ණය ඉටු කරන්නත්, මහා බඩවැලේ තියෙන හිතකර බැක්ටීරියා සහ ප්‍රෝබයෝටික් සංයෝග වලට උදව් වෙන්නත් පුළුවන් සංයෝග විශේෂයක්. මේ ක්‍රියාවලිය නිසා අපේ ප්‍රතිශක්තීකරණය වගේම ඛනිජ ලවණ උරා ගැනීමේ කාර්යක්ෂමතාවත් ඉහළ යනවා. ඒ වගේම පුරස්ථි ග්‍රන්ථි පිළිකා වගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා වලිනුත් වැළකෙන්න පුළුවන්. මේ සියල්ලටම අමතරව කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පාලනය කරන්නත් දායක වෙනවා. ඉතින් කෙටියෙන් කිව්වොත් රඹුටන් කෑවාම බඩටයි ඇඟටයි දෙකටම ගුණයි.
5. වෙනත් ඖෂධීය ගුණ බොහොමයි.
අපි කලින් කතා කරපු ප්‍රතිඔක්සිකාරක ගුණ සහ පිළිකා නැසීමේ ගුණය වගේම බැක්ටීරියා, වෛරස් සහ දිලීර කියන තුන් විදිහේම රෝගාබාධ වලට තියෙන ප්‍රතිරෝධතාව රඹුටන් ආහාරයට ගත්තම ඉහළ නංවා ගන්න පුළුවන්. ඉතින් ක්ෂුද්‍ර ජීවින් නිසා ඇති වන මොන ලෙඩක් වුණත් හැදෙන්න තියෙන ඉඩ අඩු වෙනවා.
6. විටමින් – C බහුලයි.
විටමින් – C කියන්නේ අපි කවුරුත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණොත් වැඩිපුර ගන්න ඕන දෙයක්. විටමින් – C හෙවත් ඇස්කෝබික් අම්ලය අපේ ශරීරය තුළ ප්‍රතිශක්තිය වැඩි කරන්න දායක වෙනවා. ඒ නිසා තමයි නහය බර වෙලා තියෙන වෙලාවක විටමින් – C බහුල ආහාරයක් ගත්තාම ඒක අඩු වෙන්නේ. මම කියන දේ සැකයි නම් නිකමට හෙම්බිරිස්සාව තියෙද්දී ඇපල් ගෙඩියක් කාල බලන්න.
අපි හෙම්බිරිස්සාවට හෝ උණට දොස්තර කෙනෙක් ලඟට බෙහෙත් ගන්න ගියත් එයා දෙන බෙහෙත් ටිකේ අනිවාර්යයෙන්ම විටමින් – C පෙති තියෙනවා. ඉතින් ඇයි අපිට බැරි ස්වාභාවිකවම ඒ දේ කර ගන්න? රඹුටන් කෑවාම මේ විදිහේ රෝග වැළඳෙන එක පවා අඩු වෙනවා.
7. පෞරාණික වෛද්‍ය ක්‍රම වලට ප්‍රයෝජනයට ගැනීම.
රඹුටන් කියන්නේ ඉස්සර ඉඳන්ම වෙදකම් වලට ගත්තු පළතුරක්. උණ රෝගය නැති කරන්න රඹුටන් ගසේ මුල යොදාගෙන ඖෂධීය බීම වර්ග පිළියෙළ කරලා තියෙනවා. රඹුටන් ගහේ පොතු දිවේ ඇති වන ආසාදන සුව කරන්නත්, රඹුටන් කොළ කොටා සාදා ගන්නා පල්ප් හිසේ රුදාව සුව කරන්නත් පාවිච්චි වෙලා තියෙනවා. රඹුටන් පොත්තේ පිට පැත්තේ සැපෝනින් කියන විෂ වර්ගයක් තියෙනවා. නමුත් ජාවා වැසියන් මේක වේලලා අරගෙන කුඩා ප්‍රමාණ වලින් විවිධ බෙහෙත් වර්ග හදා ගන්න පාවිච්චි කරනවා. ඒ වගේම රඹුටන් වලට ඉතා ප්‍රසිද්ධ මැලේසියාවේ රඹුටන් වල ලපටි පත්‍ර සහ ගෙඩියේ පොත්ත වර්ණක සාදා ගන්න පාවිච්චි වෙනවා.
මේ වගේ තවත් කාරණා බොහොමයක් තිබුනත් අපි කිව්වේ ප්‍රධානම කාරණා ටික. නිකමට සර්ච් කරොත් නම් මීටත් වඩා ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඉන්ටර්නෙට් එක පුරාම දැක ගන්න පුළුවන්. හැබැයි අපි මේ ඔබට ගෙන ආවේ විද්වත් ලිපි සහ පරීක්ෂණ නිබන්ධන වලින් තහවුරු වුණු කරුණු විතරයි. ඒ නිසා අපි කියපු දේවල් විශ්වාසයෙන් බාර ගන්න පුළුවන් කියන සහතිකය අපි ලබා දෙනවා.
අපේ අම්මලා නිතරම කියන “රඹුටන් වලට උගුර බැරැන්ඩි වෙනවා” කතාව තහවුරු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න තරම් ප්‍රමාණවත් පර්යේෂණාත්මක සාක්ෂි දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා අපිට නිශ්චිතව ඒ ගැන කියන්න බැහැ. කොහොම වුණත් රඹුටන් කන එකෙන් ලැබෙන ප්‍රයෝජන වලට නම් සාක්ෂි ඕන තරම්. ඉතින් රඹුටන් කාල ලැබෙන පෝෂණ ගුණය බැලුවාම උගුර ටිකක් බැරැන්ඩි වුණත් කමක් නෑ. එහෙම නේද?
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Thursday, August 25, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment