වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ වකුගඩු රෝගයේ ඔබ නොදන්නා මේ දේවලුත් දැනගන්න.
මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ
ප්‍රධානි විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර
වකුගඩු රෝග නිහඬ මාරයකු හා සමාන යැයි මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසිංහ මහතා පවසයි. වෛද්‍ය අබේසිංහ එසේ පැවැසූයේ ලෝක වකුගඩු සංවිධානය මඟින් වකුගඩු දිනය ලෙස නම් කරන ලද මාර්තු 10 වැනිදාට යෙදුණු මාධ්‍ය සම්මන්ත්‍රණයේදීය.
ශ්‍රී ලංකාවේ උතුරුමැද, වයඹ, ඌව හා නැඟෙනහිර පළාත්වල වර්තමානයෙහි බහුලව ඇතිවන වකුගඩු රෝගය මේ වන විට ඒ පළාත්වල ජනතාව මුහුණපාන බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට ද පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක් මුළුල්ලේම එම ප්‍රදේශවලින් බහුල ලෙස වකුගඩු රෝගීන් හඳුනා ගත්ත ද ඒ සඳහා බලපෑ, නිශ්චිත වෛද්‍ය විද්‍යානුකූල හේතු තවමත් හඳුනාගෙන නැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ප්‍රජා සංවිධාන හා මෙරට විශ්ව විද්‍යාල එක්ව මේ වන විට මෙම රෝගයට බලපාන හේතු හඳුනා ගැනීම සඳහා විවිධ පර්යේෂණ හා අධ්‍යයන රාශියක් ක්‍රියාත්මක කරයි. මෙම පර්යේෂණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව සිදුකරන ලද පුළුල් පර්යේෂණයෙහි ප්‍රතිඵල බෙල්ජියමේ රසායනාගාරයක් වෙත යවා තිබේ.
එම පරීක්ෂණවල ප්‍රතිඵල ලබන ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කැරෙන අතර එතෙක් හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හැකි යැයි ඉදිරිපත් කැරෙන අවදානම් සාධක පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි යැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යභාර වෛද්‍ය එෆ්. ආර්. මේතා පවසනුයේ ද උක්ත පර්යේෂණයෙහි ප්‍රතිඵල නිකුත් වන තුරු විවිධ සමීක්ෂණයන් වරින්වර ඉදිරිපත් කරන හේතු සාධක පිළිබඳව ජනතාව කලබලයට පත් විය යුතු නැති බවය.
වකුගඩු රෝග මාරාන්තික වන්නේ කෙසේ දැයි ජනතාව දැන සිටීම වැදගත්ය. වකුගඩු මිනිස් සිරුරෙහි ඇති වැදගත්ම ඉන්ද්‍රියකි. සිරුරෙහි සංසරණය වන අපිරිසුදු රුධිරය පිරිසුදු කොට යළිත් සිරුර පුරා සංසරණය කරවන්නට උපකාරී වන ඉන්ද්‍රිය වකුගඩු වේ. රුධිරයෙහි පවතින යූරියා වැනි අපද්‍රව්‍ය මුත්‍රා ලෙස පෙරී සිරුරෙන් බැහැර කරවන්නේ වකුගඩු මඟිනි. වකුගඩුවලට හානි සිදු වුවහොත් හෝ ඒවා අක්‍රියාකාරී වුවහොත් ඉහත ක්‍රියාවලීන්ට බාධා සිදුවීමෙන් මිනිසා මරණයට පත් වේ.
සාමාන්‍යයෙන් වකුගඩු රෝගයට ගොදුරු වීමට බලපාන හේතු සාධක අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, එම රෝග සඳහා දිගුකාලීනව ප්‍රතිකාර ලැබීම, අධික දුම් හා මත්පැන් බීම ඇතැම් කල් පවත්නා රෝග සඳහා දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ ප්‍රධාන තැනක් ගනී.
එහෙත් අපේ රටේ ඉහත කී පළාත්වල බහුලව හමුවන වකුගඩු රෝගීන් ගේ වකුගඩු රෝගය සඳහා මෙම සාමාන්‍ය සාධක බලපාන්නේ නැති බවත් ඊට හේතු වන නිශ්චිත කරුණු මෙතෙක් විද්‍යානුකූලව සනාථ කොට නැති බවත් කියැවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්දේශ කරන ලද ආකාරයට අනුව හේතු හඳුනා නොගත් වකුගඩු ආබාධ ලෙස වර්ග කිරීමට පහත සඳහන් ලක්ෂණ රෝගියා වෙතින් පළ විය යුතුය.
* දියවැඩියාව හෝ ඉතා ඉහළ මට්ටමේ රුධිර පීඩනයෙන් පෙළෙන අයකු නොවීම හෝ එම රෝගයට කලින් ගොදුරු වී නොසිටීම.
* දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින අයකු නොවීම.
* රුධිරයේ ඩ්ඡඒධ්ඛ් අගය සියයට 6.5 ට අඩුවෙන් පැවතීම.
* රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතින හා රුධිර පීඩනය යාමනය කරන බෙහෙත් වර්ග දෙකකට වඩා අඩු සංඛ්‍යාවක් ගන්නා අයකු වීම.
මෙම ලක්ෂණ සහිත අයකුට වකුගඩු ආබාධයක් හටගතහොත් එය හේතු හඳුනා නොගත් වකුකඩු රෝග ගණයට වැටෙයි.
අපේ රටේ වකුගඩු රෝගය වැඩිපුර හඳුනා ගැනීමට බලපෑ හේතු අතර වැඩිහිටි ජනතාව වැඩි වීම, රෝග රටාවේ වෙනස් වීම, ආර්ථික සංක්‍රාන්තිය මෙන්ම සුපුරුදු ජීවන රටාවේ සිදු වූ වෙනස්වීම ද වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ඖෂධ සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සියයට 4.6 ක්ම වෙන් කරනු ලබන්නේ වකුගඩු රෝගීන් සඳහාය. අනුරාධපුර, පොලොන්නරුව, පදවි ශ්‍රී පුර, පදවිය, ගිරාඳුරු කෝට්ටේ සහ ඌව පළාතේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැව වැනි හඳුනාගත් ස්ථාන කිහිපයකින් ද හඳුනා නොගත් හේතු වලින් හටගන්නා වකුගඩු රෝගීන් වැඩි වශයෙන් හමු වී තිබේ.
ඒ ප්‍රදේශවල පසෙහි කැඩ්මියම් හා ඇලුමිනියම් වැනි ලෝහ වර්ග අඩංගු වීම, ජලයෙහි ෆ්ලෝරයිඩ් අඩංගු වීම, ඒ ප්‍රදේශවල බහුලව වැවෙන අල වර්ග ජලජ පැළෑටි, හා මසුන් ආහාරයට ගැනීම වැනි පරිසර සාධක මීට බලපා ඇතැයි විවිධ මත පළ වුවද තවමත් ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි වී ඇතැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.
මරණවලට හේතු වන හේතු අතරින් එකොළොස් වන ස්ථානය හිමි වන්නේ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයටය. රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 - 70 අතර පිරිමිය. අනුරාධපුර පොලොන්නරුව, කුරුණෑගල - නිකවැව, බදුල්ල වැනි ප්‍රදේශවල ගොවිතැන ජීවිකාව කරගත් දිළිඳු ජනතාව අතර වකුගඩු රෝගය බහුලව පැතිරී යනු දැකිය හැකිය.
පවුලේ ආර්ථිකයට දායක වන පුද්ගලයන් රෝගයට ගොදුරු වීමෙන් ඒ පවුලේ ආර්ථිකය කඩා වැටීම ද සමාජයීය ගැටලුවක් බවට පත්ව තිබේ. කෘෂිකර්මාන්තය සඳහා බහුලව කෘෂි රසායන යොදා ගැනීම, පස්වලට පොහොර යෙදීම වැනි කරුණු ද වකුගඩු රෝගය සඳහා බලපෑමට ඉඩ ඇතැයි ද මත පළ කැරේ.
කවර වකුගඩු රෝගයක් වුවත් මාරාන්තික වන්නේ රෝගය හඳුනා ගන්නා විට බොහෝ විට වකුගඩු දෙකම සියයට සියයක්ම අක්‍රියාකාරී තත්ත්වයට පත්වී තිබිය හැකි බැවිනි. රෝගියාට කිසිදු ශාරීරික අපහසුතාවක් නොදැනීම හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවීම මෙම අවාසනාවන්ත රෝගයේ ස්වභාවයයි.
දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා දිගුකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීනට නම් ඒ පිළිබඳ සැකයක් ඇති හෙයින් වරින් වර වකුගඩු පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබේ. එහෙත් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයේදී කිසිදු පූර්ව ලක්ෂණයක් පහළ වන්නේ නැත. වකුගඩු නරක් වීමට පටන් ගෙන වසර 15 - 20 ක් යනතුරු කිසිදු අපහසුවක් හෝ රෝග ලක්ෂණයක් රෝගියාට නොදැනේ.
වර්තමානයේ උපතේ සිට අවුරුදු 10 - 13 අතර කුඩා වයස්වල ළමයින්ට පවා හඳුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීම ඛේදජනක තත්ත්වයකි. වකුගඩු රෝග බහුලව ඇතිවන ප්‍රදේශවල ජනතාවට ඉන් වැළකීම සඳහා ඇති හොඳම පිළියම නිතර නිතරම වකුගඩු, මුත්‍රා සහ රුධිර පරීක්ෂාවන්ට ලක්වීමෙන් වකුගඩුවලට හානි පැමිණ ඇත්දැයි සොයා බැලීමය.
වකුගඩු රෝගයක මූලික ලක්ෂණ සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයකදී හඳුනාගත හැකිය. එසේ කල්තියා හඳුනාගත් විට හානි වූ වකුගඩුව යළිත් පිළියම් කොට යථා තත්ත්වයට පත්කළ නොහැකි වුවත්, ඒ තත්ත්වය වර්ධනය නොවන පරිදි රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කැරේ. වකුගඩු රෝගයකින් වකුගඩුවලට හානි සිදු වී ඇතැයි හඳුනා ගත් විට ප්‍රතිකාර කළ හැකි දෙවැනි ක්‍රමය වන්නේ ‘රුධිර කාන්දුකරණය’ මඟින් වකුගඩුවලින් සිරුර තුළ සිදු කරන ක්‍රියාවලිය කෘත්‍රිමව යාන්ත්‍රානුසාරයෙන් කරවා ගැනීමය.
මෙය ඉතා මිල අධික ප්‍රතිකාරයක් වුවද රෝගියාගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගියාගේ ආයු කාලය වසර කිහිපයකින් හෝ දීර්ඝ කළ හැකිය. රුධිර කාන්දුකරණය සඳහා වරකට රුපියල් 8000 ක් පමණ ද මසකට රුපියල් ලක්ෂයක් පමණ ද වැය කිරීමට සිදුවේ.
අවසාන ප්‍රතිකර්මය වන්නේ වකුගඩු බද්ධ කිරීමය. වකුගඩු බද්ධ කිරීමේදී රෝගී පුද්ගලයාගේ සමීප ඥාතියකුගෙන් හෝ රෝගියාගේ රුධිර කාණ්ඩයට සමාන රුධිර කාණ්ඩයට අයත් නිරෝගී පුද්ගලයකුගේ වකුගඩුවක් සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ.
වකුගඩු රෝග හඳුනාගත් විට කවර පිළියමක් කළ ද ඒවා ඉතා දීර්ඝකාලීන පිළියම් නොවන හෙයින් හොඳම ක්‍රමය වකුගඩු ආරක්ෂා කර ගැනීමය. ඒ සඳහා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. දුප්පත්කම හෝ නොදැනුවත්කම නිසා රෝගය හඳුනා ගැනීමට පමා වීම පසුතැවිල්ලට හේතු වේ. වකුගඩු රෝග සහිත ඉතිහාසයක් ඇති පවුල්වල සාමාජිකයන් රෝහල වෙත ගොස් මුත්‍රා පරීක්ෂණයක් මඟින් තමාට රෝගය ඇතිවීමට ඉඩ තිබේදැයි පරීක්ෂා කරවා ගත යුතුය. ජානමය සාධක ද ඊට බලපෑ හැකි බැවිනි.
රෝගය ඇතැයි හඳුනා ගත් පසුව අඛණ්ඩව සායනවලට පැමිණිමත් ලබා දෙන ඖෂධ නියමිත ආකාරයට ලබා ගැනීමත් ඉතා වැදගත්ය. අවදානම් සහිත පළාත්වල සෑම රෝහලකින්ම සරල මුත්‍රා පරීක්ෂණයක් කරවා ගැනීමෙන් රෝගය හඳුනාගත හැකිය. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගන්නට පුළුවන. පටක පරීක්ෂණයෙන් ද මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගත හැකිය. මුත්‍රා පරීක්ෂණයේදී මුත්‍රාවල ප්‍රෝටීන ඇතැයි හඳුනා ගතහොත් එය විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණකි.
වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රුධිර පීඩනය පාලනය කිරීම, ප්‍රෝටීන සහිත ආහාර පාලනය, පිරිසුදු වතුර වැඩිපුර පානය කිරීම, දුම්වැටි හා මත් වතුර බීමෙන් වැළකීම, අනවශ්‍ය ලෙස වේදනා නාශක ඖෂධ නිතර ගැනීමෙන් වැළකීම සහ උසට සරිලන ශරීර බරක් පවත්වා ගැනීම වැදගත් වේ. නිතර නිතර අධික ක්‍රියාකාරීත්වයෙන් යුතු වේදනා නාශක ගැනීමට හුරු වීමෙන් රෝගී මෙන්ම නිරෝගී වකුගඩුවලට ද හානි සිදු වේ.
දැනට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයෙහි සියලුම ආකාරයේ වකුගඩු රෝග සඳහා ඖෂධ, රුධිර කාන්දුකරණ ඒකක සහ වකුගඩු බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අති නවීන ශල්‍යාගාර ඇතුළු සියලුම පහසුකම් නොමිලේ සැපයේ. මීට අමතරව අනුරාධපුර සහ කොළඹ මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානවල රුධිර කාන්දුකරණ ඒකක ඇතුළු වෛද්‍ය සේවා පවත්වාගෙන යනු ලැබේ.
අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල සහ කුරුණෑගල රෝහල්වල වකුගඩු සායන පැවැත්වේ. වකුගඩුවල නිරෝගී භාවය කල්තියා විමසා බැලීම සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාගේ අනුමැතිය යටතේ සරල මුත්‍රා පරීක්ෂණ සිදු කරවා ගත හැකිය. කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ වකුගඩු තරමක් දුරට හෝ නරක් වූ පසුවය.
ප්‍රතිකාර සඳහා අධික මිලක් වැය වන එමෙන්ම ස්ථිර සුවයක් නොලැබෙන, පීඩාකාරී මාරාන්තික රෝගයකින් වැළකීමට නම් ඒ පිළිබඳ පූර්ව පරීක්ෂාවන් සිදු කරගෙන අවධානයෙන් කටයුතු කිරීම ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම පිළියමයි.
සාගරිකා දිසානායක ජයසිංහ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
August
(127)
- මෙන්න මේ කෑම වර්ග 10 කෑවොත් ඔබට පිළිකා හැදෙන එක අහ...
- දවස් දහයෙන් බර වැඩි කරගන්න මෙන්න නිවැරදිම ක්‍රමේ.
- සිරුරේ බර අයිස් වලින් අඩු කරගන්න ක්‍රමේ මෙන්න.
- කාන්තාවන්ගේ දේහයේ සංවේදීම ස්ථාන 10 මෙන්න.
- ස්වයන්වින්දනය වැරද්දක්ද?
- කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත ය...
- කරවිල ඇට හා දෙළුම් ඇට වලින් පිළිකා නසන විශ්මිත ඔසු...
- වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ ...
- ඔබ කවදාවත් මෙන්න මේ ඔසු වල තියෙන විශ්මිත ගුණ අහලාව...
- අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අන...
- ඔබේ කුස්සියේ තියෙන මේ දේවල් වල සැගවුන රහස් අදවත් හ...
- නිදන්ගත රෝගවලට කේන්දරයෙන් බෙහෙත්.
- බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්...
- සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ...
- ඔබේ උපන් ලපය පිළිකාවක්ද කියලා හරියටම දැන ගන්නේ මෙහ...
- ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.
- ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා ...
- Geek Show - How to identify Fake clone and Origina...
- “බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ග...
- කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළ...
- කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙ...
- කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
- මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.
- සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්රතික...
- සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ...
- පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග ක...
- සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා ත...
- කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න
- ඩිලී ජ්‍යෙෂ්ඨයින්ගේ පලු අරිද්දී ජ්‍යෙෂ්ඨයින් ඩිලීට...
- අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.
- කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ ...
- වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල මෙන්න.
- ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.
- පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහ...
- තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා ද...
- කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉර...
- බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
- සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?
- විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ ද...
- තරුණ තරුණියන්ගේ ලිංගික ස්වභාවය මනින පොරොන්දමේ අපි...
- බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජා...
- ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හ...
- ලෝක විනාශය, පිටසක්වලින් පැමිණෙන බලපෑමකින් සිදුවේද?...
- විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු අභිරහස් ති්රපි...
- විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු ප...
- පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න.
- ඔබට දිනකට කාමුක සිතුවිලි එන වාර ගණන කීයද ? මේ ගැන ...
- ස්ත්‍රී ලිංගයේ විවිධත්වය හරියටම දැගන්න මේ ලිපිය කි...
- පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි.
- කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.
- සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි...
- කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් ම...
- ලෙඩේ සුව වුණත්, නියම කළ බෙහෙත් ඉවර වනතෙක් ගන්න ඕනෙද?
- පුරුෂ ලිංගයේ සැගවුන මේ රහස පිරිමි ඔබ අනිවාර්යෙන් ද...
- බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කර...
- දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
- දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත...
- ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම ...
- හිසකෙස් ගැලවී තට්ටය පැදීගෙන එනවානම් ඔබත් මෙන්න මේ ...
- පිළිකාවලින් හැමදාම බේරිලා ඉන්න මෙන්න මේ ආහාර නොවරද...
- ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම ...
- විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ ම...
- බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ...
- ප්‍රේමය, ආදරය, කාමය සහ බුදු දහම ගැන මේ කරුණු අනිවා...
- බුදුසමය, දෙවිවරු, මනුෂ්‍යයෝ, මාර සංකල්පය සහ සමාජය ...
- බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද?
- කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔ...
- කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලි...
- ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් ...
- ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැට...
- පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන මේ ආබාධ ගැන ඔබ දැ...
- වස විෂ නැති පළතුරු හොයාගන්න ක්‍රමේ මෙන්න.
- අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.
- වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම...
- ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න.
- පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ පිරිමි ඔබ අනිව...
- යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු...
- සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ...
- ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථ...
- බුදු දහම හා ලිංගිකත්වයේ ස්වභාවය ගැන හරියටම දැනගන්න...
- බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් ක...
- ශරීරය තරභාරු නොමැති වුනත් බඩ ඉදිරියට නෙරා ඇවිත්ද? ...
- මෙන්න අපූරු රහසක් දවස් 30 න් ලස්සන වෙන්න දියවැඩියා...
- කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලන...
- පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.
- රෝග රැසක් නසන අඹ හා අඹ කොළවල තිබෙන මෙන්න මේ ඖෂධීය ...
- එළකිරිවල අපි නොදන්නා සැගවුණු රහස් මෙන්න එළකිරි බොන...
- කහ වල තියෙන මේ විශ්මිත ඖෂධීය ගුණ ගැන ඔබ දැන ගත්තො...
- මහත් වෙන්න නම් කුරක්කන් පිට්ටුයි කෝලි කුට්ටුයි මෙන...
- මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ්‍ර කරන්න එපා එය...
- කැරපොත්තන් පලවා හරින්න පිපිඥ්ඥා වලින් ස්වභාවික විස...
- ලිංගික අප්‍රාණික තාවයන් මගහරවා ගැනීමට මෙම ආහාරයන් ...
- ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය...
- ඔබේ රුධීර ඝනය ගැන ඔබ මේ දේවල්නම් අනිවාර්යෙන්ම දැනග...
- හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැ...
- මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත්රාවය...
- බඩ අජීර්ණයට මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර හරියටම කරන්න.
- බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්
-
▼
August
(127)
Powered by Blogger.
Wednesday, August 31, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment