Showing posts with label Science and Technology. Show all posts
Showing posts with label Science and Technology. Show all posts

Wednesday, August 31, 2016

ස්වයන්වින්දනය වැරද්දක්ද?

ස්වයන්වින්දනය වැරද්දක්ද?
 

“සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ.....
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....”

ඔබ මා ඉතා රසවිදින, අසා නොමැති කෙනක් සොයා ගන්නට පවා අපහසු, එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු කටහඩින් ගැයෙන මෙම ගීතයහි නියම අරුත ඔබ දන්නවාද?

ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? එය පිළිබද අපි කතා කල යුතුද? එය ඔබේ සෞඛ්‍යයට අයහපත්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් ඔබට තිබෙන්න පුළුවන්. තව කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වගේ ලිංගිකත්වය ගැන දේ මෙවැනි මාද්‍යය තුලින් කතා කිරීම සුදුසු නැහැ කියල. අපිට වැරදුන තැන මෙතන කිවුවොත් මා නිවැරදි කියා මට සිතේ. අපේ රටේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලොව පුරා අංක 1 වැනි ස්ථාන හිමි කර දීමට තරම් දුරක් යන්නට හේතුව ලෙස මා ප්‍රධාන වශයෙන් දකින්නේ ලිංගිකත්වය ගැන ශ්‍රී ලාංකේය ජනයා තුල පවතින නොදැනුවත්කමයි. ඒ තුලින් අනවශ්‍යය ඇති විය නොයුතු කුතුහලයක්, වැරදි ආශාවන්, අත්හදාබැලීම් වැනි දේට සාමාන්‍ය මිනිසෙකු ගමන් කිරීම ස්වාභාවිකවම ඔවුන් තුලට පැමින්නෙනක් කියා මා හට සිතේ.  කෙසේ වෙතත් එවැනි ක්‍රියා අනුමත කිරීමක් මා මෙහිදී පවසන්නේ නෑ. නමුත් අපේ රටේ පවතින මේ ගැටළු නිරකරණය කිරීමට නම් පාසල් අවදියේම දරුවන්ට් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි මාගේ හැගීම.

දැන් අපි හැරෙමු අපේ අද මාතෘකාවට. ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? මාගේ පිළිතුර නම් “ නෑ “ යන්නයි. ස්වයන්වින්දනය යනු “නව යොවුන් වියට පැමිණෙන නව යොවුන් තරුණ තරුණියන් ගේ ද්විත්යික ලිංගික ලක්‍ෂණ වර්දනය වීමත් සමග ඔවුන්ට ඇතිවෙන ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට රහසේම සිදුවන ලිංගික ක්‍රියාවක්” කියා හැදින්වුවොත් මා නිවරැදි යයි මා හට හැගේ.ස්වයන්වින්දනයේදී සිදුවන්නේ තම ලිංගික අවයවයන් ස්පර්ශ කිරීම තුලින් සුරාන්තයට පත්වීමයි. ඒ වගේම මෙය එක් පාර්ශවයකට පමණක් ඇතිවෙන තත්වයකුත් නෙමේ. නමුත් සමාජීය, සංසුකෘතික බලපෑම මත මෙය ස්ත්‍රී, පුරුෂයන් අතර විව්දත්වයක් දක්වන්න හැකියාවක් පවතිනව. නමුත් ඇත්ත වශයෙන්ම කියනව නම් මෙය වෛද්‍ය විද්‍යාවට අනුකුලව සාමාන්‍යය නිරෝගී මනුෂ්‍යකුට ඇති විය හැකි, ඇති වෙන තත්වයක්. සමීක්ෂණ වාර්තා වලට අනුව පෙනී යන කරුණක් තමයි පිරිමින්ගෙන් 90% ක්ද ගැහැණුන්ගෙන් 70% ක්ද යන සම්භාවිතාවක් ස්වයන්වින්දනය යෙදෙනවා යන්න.කාන්තාවන්ගේ මතයක් පවතිනවා ස්වයන්වින්දනය කිරීම තුලින් තම කන්‍යාභාවයට හානි වනවා කියා. ඒ වගේම සමහර කාන්තවන් ඔවුන්ට ස්වයන්වින්දය කල හැකි බව නොදනී. මෙවැනි වූ කාරණාත් සාමාජිය බලපෑමුත් හේතු කොට ගෙන තමා මෙම ප්‍රතිශතයන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන්නෙ.

විද්‍යාත්මකව ගත් කල ස්වයනවින්දනය යනු වැරදි කරුණක් නෙමේ. නමුත් පුද්ගලයගෙන් පුද්ගලයට මෙය පිළිබද දරන ආකල්ප වෙනස් වන්නට පුළුවන්. බොහෝ අයට පවතින ගැටළු තමයි කොපමණ වරක් දිනකට ස්වයන්වින්දනය කල හැකිද ? අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කලහොත් හානි වෙනවාද කියන ගැටළු. විද්‍යානුකුලව නම් එහෙම කිසිම ගැටළුවක් නැහැ. ඇත්තටම එය ඔබගේ තීරණයක් ඔබ එම ක්‍රියාව කොපමණ කරනවද කියා.  නමුත් ගැටලුව පැමිණෙන්නෙ ශාරීරික පැත්තෙන් නොවේ. සමාජීය හා මානසික පැත්තෙන්.මොකද  ඔබ විවාහකයෙක් නම් ඔබ අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කිරීමට පෙළබීම තුලින් ඔබ සහ  ඔබගේ සහකරු හෝ සහකාරිය සමග පවතින ලිංගික සම්බන්ධතාවයට ගැටළු පැන නැගිය හැකිය. මෙය ඔබගේ පවුල් ජීවිතයට පවා  බලපෑම් කල හැකි ප්‍රශ්නයක් විය හැක. මෙවැනි තත්වයක් පැන නැගුණොත්, ඔබට එය පාලනය කර ගත නොහැකි මට්ටමට දිව ගියොත් මාගේ උපදෙස නම් ඔබ වෛද්‍ය උපදෙස් යොමු වීම සිදු කල යුතු යන්නයි.

ස්වයන්වින්දනය වින්දනය තුලින් ඔබට සෞඛ්‍යයම වශයෙන් වාසි පවා පවතිනව කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔබගේ මනසේ පවතින ආතතියන් පහ කිරීමට ස්වයන්වින්දනය හේතු වනව.එය තුලින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පහසු වෙනව. ඒ වගේම ස්වයන්වින්දනය වින්දනය උපකාරී වෙනව පුරහ්ථථීක ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට.මෞත්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, රෝග වලට හේතු වන විෂ (Toxin) ඇති වීමට හැකියාවක් පවතිනව. ස්වයන්වින්දනය ඔබට උපකාරී වනව එම විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දනය ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද බලපාන බවත් විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ස්වයන්වින්දනයදී සිදුවන විසර්ජනයේදී කොටිසෝල් (cortisol) හෝමෝනය නිදහස් වනව. මෙය ආතතියට බලපාන හෝමෝනයක් නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමා ස්‍රාවය වෙන්නෙ. මෙය උපකාරී වෙනව ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දය අනවශ්‍යය ගැබ් ගැනීම් පවා නවත්වාලීමට හේතුවක් වෙනව. බොහෝ දෙනෙකුට මෙය නොතේරෙන කාරණයක්. තමන් යුග දිවියකට පිවිසීමට පෙර තමන්ට කිසිදු ලිංගික අවශ්‍යතාවක් පැන නොනැගුනා යයි කෙනෙක් පවසනවා නම් එය විහිළුවකි. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අවශ්‍යතා ඇති වීම සාමාන්‍ය දෙයකි. එහිදී එම අවශ්‍යතාවයන් හානියක් නොවෙන්න සපුරාගැනීමට ස්වාභාවිකවම ඇති වුනු ක්‍රියාවලියක් ලෙස ද ස්වයන්වින්දය හැදින්විය හැකිය.
මේ ආකාරයට ගත් කල ඔබට පවා පෙනී යනු ඇත මෙය බිය විය යුතු අමුතු කාරණාවක් නොවන බව. මෙය සම්බන්ද පවතින මිත්‍යා කතා වන ඇග කෙට්ටු වීම , ඇස් පෙනීම දුර්වල වීම වැනි කතා කිසිදු විද්‍යාත්මක පදනක් නොමැති දේය. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නෙ ස්වයන්වින්දනය යනු හානියක් නොමැති ස්වභාවික ක්‍රියාවක් යන්නය.

ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්නත් එපා........

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් මෙන්න.


කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් මෙන්න.

ඔබ කාන්තාවක් නම් ඔබේ පළමු ලිංගික එක්වීමේදී හෝ නව පුරුෂයකු සමග එක් වෙන පළමු ලිංගික ඇසුරේදී සැලකිලිමත් විය යුතු කරුණු
කාන්තාවක් නම් ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයකි මෙය. ඔබ මෙම කරුණු අනුගමය කල හොත් ඔබගේ ප්‍රථම මංගල රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් කර ගැනීමටත් ඔබ ලිංගිකව ඇසුරු කරන විට එය වේදනාවක් නොවී, එහි උපරිම තෘප්තියට ලගාවීමටත්  විය හැකි බව ඔබටම තේරේවි..

1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්.ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය.නමුත් ආරක්ෂා විය යුතු සැලකිල්මත් විය යුතු කරුණුත් තිබෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් ( condom ) පැලද සිටිනවාද යන්න ( ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා ).ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගක ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝදයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ.මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි.මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතිනව .ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞක්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමටත් එහි නිසි පළ නෙලා ගැනීමේ වගකීමත් තිබෙන්නෙ ඔබේ අතේ කිවුවොත් නිවැරදි.

2. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා.මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සමබන්දතා පැවැත්වීමයි.කෙට්යෙන්ම කියුවොත් එක පුද්ගලයෙක්ගෙ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසෙ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා.මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමනයි එනම් ගොඩකින් පළමු අවස්ථාවයි.ඉති දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

 3. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි .මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිදිය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් යාම තරමක වේදනාවක් දැනිම්ටත් හැකිය. දිගු , ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත් , ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.

 4. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා.මොකද ඒ සංසර්ගයේදී. -සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා.මොකද එය විනවිද යාම පමණක් නොවන නිසා.

 5. නිතරම ඔහුත් සමග කතා කරන්න. ඔහුට කියන්න ඔහු කල හොද හා ඔබට දැනෙන විදිය.ඒ වගේම නොදැනෙන දේත් ඔහුට දැනුම් දෙන්න.මොකද පිරිම කෙනා හැම වෙලේම කැමති ප්‍රතිචාර වලට ඔබෙන් ලැබෙන.ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලජ්ජා වෙන්න එපා.
 මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු රාශියක් තිබෙනවා ඔබ දැනගත යුතු මේ සමබන්දව .ඔබට අවශ්‍ය නම් ඉතා හොද සම්බන්දත්වයක් පවත්වා ගැනීමට ආරක්ෂාව,ආදරය,පිරිසිදු කම ඒ වගේම් අදහස් තේරුම් ගැනීම වගේ සාදකත් අදාල වෙනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ වකුගඩු රෝගයේ ඔබ නොදන්නා මේ දේවලුත් දැනගන්න.

වකුගඩු සියයට සියයක්ම විනාශ වූ පසුයි රෝග ලක්ෂණ පහළ වෙන්නේ වකුගඩු රෝගයේ ඔබ නොදන්නා මේ දේවලුත් දැනගන්න.
 


මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ
ප්‍රධානි විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර

වකුගඩු රෝග නිහඬ මාරයකු හා සමාන යැයි මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසිංහ මහතා පවසයි. වෛද්‍ය අබේසිංහ එසේ පැවැසූයේ ලෝක වකුගඩු සංවිධානය මඟින් වකුගඩු දිනය ලෙස නම් කරන ලද මාර්තු 10 වැනිදාට යෙදුණු මාධ්‍ය සම්මන්ත්‍රණයේදීය.

ශ්‍රී ලංකාවේ උතුරුමැද, වයඹ, ඌව හා නැඟෙනහිර පළාත්වල වර්තමානයෙහි බහුලව ඇතිවන වකුගඩු රෝගය මේ වන විට ඒ පළාත්වල ජනතාව මුහුණපාන බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට ද පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක් මුළුල්ලේම එම ප්‍රදේශවලින් බහුල ලෙස වකුගඩු රෝගීන් හඳුනා ගත්ත ද ඒ සඳහා බලපෑ, නිශ්චිත වෛද්‍ය විද්‍යානුකූල හේතු තවමත් හඳුනාගෙන නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ප්‍රජා සංවිධාන හා මෙරට විශ්ව විද්‍යාල එක්ව මේ වන විට මෙම රෝගයට බලපාන හේතු හඳුනා ගැනීම සඳහා විවිධ පර්යේෂණ හා අධ්‍යයන රාශියක් ක්‍රියාත්මක කරයි. මෙම පර්යේෂණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව සිදුකරන ලද පුළුල් පර්යේෂණයෙහි ප්‍රතිඵල බෙල්ජියමේ රසායනාගාරයක් වෙත යවා තිබේ.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලබන ජූනි මාසයේදී ප්‍රකාශයට පත් කැරෙන අතර එතෙක් හේතු හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හැකි යැයි ඉදිරිපත් කැරෙන අවදානම් සාධක පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි යැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යභාර වෛද්‍ය එෆ්. ආර්. මේතා පවසනුයේ ද උක්ත පර්යේෂණයෙහි ප්‍රතිඵල නිකුත් වන තුරු විවිධ සමීක්ෂණයන් වරින්වර ඉදිරිපත් කරන හේතු සාධක පිළිබඳව ජනතාව කලබලයට පත් විය යුතු නැති බවය.

වකුගඩු රෝග මාරාන්තික වන්නේ කෙසේ දැයි ජනතාව දැන සිටීම වැදගත්ය. වකුගඩු මිනිස් සිරුරෙහි ඇති වැදගත්ම ඉන්ද්‍රියකි. සිරුරෙහි සංසරණය වන අපිරිසුදු රුධිරය පිරිසුදු කොට යළිත් සිරුර පුරා සංසරණය කරවන්නට උපකාරී වන ඉන්ද්‍රිය වකුගඩු වේ. රුධිරයෙහි පවතින යූරියා වැනි අපද්‍රව්‍ය මුත්‍රා ලෙස පෙරී සිරුරෙන් බැහැර කරවන්නේ වකුගඩු මඟිනි. වකුගඩුවලට හානි සිදු වුවහොත් හෝ ඒවා අක්‍රියාකාරී වුවහොත් ඉහත ක්‍රියාවලීන්ට බාධා සිදුවීමෙන් මිනිසා මරණයට පත් වේ.

සාමාන්‍යයෙන් වකුගඩු රෝගයට ගොදුරු වීමට බලපාන හේතු සාධක අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, එම රෝග සඳහා දිගුකාලීනව ප්‍රතිකාර ලැබීම, අධික දුම් හා මත්පැන් බීම ඇතැම් කල් පවත්නා රෝග සඳහා දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ ප්‍රධාන තැනක් ගනී.

එහෙත් අපේ රටේ ඉහත කී පළාත්වල බහුලව හමුවන වකුගඩු රෝගීන් ගේ වකුගඩු රෝගය සඳහා මෙම සාමාන්‍ය සාධක බලපාන්නේ නැති බවත් ඊට හේතු වන නිශ්චිත කරුණු මෙතෙක් විද්‍යානුකූලව සනාථ කොට නැති බවත් කියැවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්දේශ කරන ලද ආකාරයට අනුව හේතු හඳුනා නොගත් වකුගඩු ආබාධ ලෙස වර්ග කිරීමට පහත සඳහන් ලක්ෂණ රෝගියා වෙතින් පළ විය යුතුය.

* දියවැඩියාව හෝ ඉතා ඉහළ මට්ටමේ රුධිර පීඩනයෙන් පෙළෙන අයකු නොවීම හෝ එම රෝගයට කලින් ගොදුරු වී නොසිටීම.

* දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටින අයකු නොවීම.

* රුධිරයේ ඩ්ඡඒධ්ඛ් අගය සියයට 6.5 ට අඩුවෙන් පැවතීම.

* රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවතින හා රුධිර පීඩනය යාමනය කරන බෙහෙත් වර්ග දෙකකට වඩා අඩු සංඛ්‍යාවක් ගන්නා අයකු වීම.

මෙම ලක්ෂණ සහිත අයකුට වකුගඩු ආබාධයක් හටගතහොත් එය හේතු හඳුනා නොගත් වකුකඩු රෝග ගණයට වැටෙයි.

අපේ රටේ වකුගඩු රෝගය වැඩිපුර හඳුනා ගැනීමට බලපෑ හේතු අතර වැඩිහිටි ජනතාව වැඩි වීම, රෝග රටාවේ වෙනස් වීම, ආර්ථික සංක්‍රාන්තිය මෙන්ම සුපුරුදු ජීවන රටාවේ සිදු වූ වෙනස්වීම ද වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව ඖෂධ සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සියයට 4.6 ක්ම වෙන් කරනු ලබන්නේ වකුගඩු රෝගීන් සඳහාය. අනුරාධපුර, පොලොන්නරුව, පදවි ශ්‍රී පුර, පදවිය, ගිරාඳුරු කෝට්ටේ සහ ඌව පළාතේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැව වැනි හඳුනාගත් ස්ථාන කිහිපයකින් ද හඳුනා නොගත් හේතු වලින් හටගන්නා වකුගඩු රෝගීන් වැඩි වශයෙන් හමු වී තිබේ.

ඒ ප්‍රදේශවල පසෙහි කැඩ්මියම් හා ඇලුමිනියම් වැනි ලෝහ වර්ග අඩංගු වීම, ජලයෙහි ෆ්ලෝරයිඩ් අඩංගු වීම, ඒ ප්‍රදේශවල බහුලව වැවෙන අල වර්ග ජලජ පැළෑටි, හා මසුන් ආහාරයට ගැනීම වැනි පරිසර සාධක මීට බලපා ඇතැයි විවිධ මත පළ වුවද තවමත් ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය නොහැකි වී ඇතැයි ද වෛද්‍ය අබේසේකර පවසයි.

මරණවලට හේතු වන හේතු අතරින් එකොළොස් වන ස්ථානය හිමි වන්නේ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයටය. රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 - 70 අතර පිරිමිය. අනුරාධපුර පොලොන්නරුව, කුරුණෑගල - නිකවැව, බදුල්ල වැනි ප්‍රදේශවල ගොවිතැන ජීවිකාව කරගත් දිළිඳු ජනතාව අතර වකුගඩු රෝගය බහුලව පැතිරී යනු දැකිය හැකිය.

පවුලේ ආර්ථිකයට දායක වන පුද්ගලයන් රෝගයට ගොදුරු වීමෙන් ඒ පවුලේ ආර්ථිකය කඩා වැටීම ද සමාජයීය ගැටලුවක් බවට පත්ව තිබේ. කෘෂිකර්මාන්තය සඳහා බහුලව කෘෂි රසායන යොදා ගැනීම, පස්වලට පොහොර යෙදීම වැනි කරුණු ද වකුගඩු රෝගය සඳහා බලපෑමට ඉඩ ඇතැයි ද මත පළ කැරේ.

කවර වකුගඩු රෝගයක් වුවත් මාරාන්තික වන්නේ රෝගය හඳුනා ගන්නා විට බොහෝ විට වකුගඩු දෙකම සියයට සියයක්ම අක්‍රියාකාරී තත්ත්වයට පත්වී තිබිය හැකි බැවිනි. රෝගියාට කිසිදු ශාරීරික අපහසුතාවක් නොදැනීම හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවීම මෙම අවාසනාවන්ත රෝගයේ ස්වභාවයයි.

දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා දිගුකාලීනව ඖෂධ ලබා ගන්නා රෝගීනට නම් ඒ පිළිබඳ සැකයක් ඇති හෙයින් වරින් වර වකුගඩු පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබේ. එහෙත් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගයේදී කිසිදු පූර්ව ලක්ෂණයක් පහළ වන්නේ නැත. වකුගඩු නරක් වීමට පටන් ගෙන වසර 15 - 20 ක් යනතුරු කිසිදු අපහසුවක් හෝ රෝග ලක්ෂණයක් රෝගියාට නොදැනේ.

වර්තමානයේ උපතේ සිට අවුරුදු 10 - 13 අතර කුඩා වයස්වල ළමයින්ට පවා හඳුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීම ඛේදජනක තත්ත්වයකි. වකුගඩු රෝග බහුලව ඇතිවන ප්‍රදේශවල ජනතාවට ඉන් වැළකීම සඳහා ඇති හොඳම පිළියම නිතර නිතරම වකුගඩු, මුත්‍රා සහ රුධිර පරීක්ෂාවන්ට ලක්වීමෙන් වකුගඩුවලට හානි පැමිණ ඇත්දැයි සොයා බැලීමය.

වකුගඩු රෝගයක මූලික ලක්ෂණ සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයකදී හඳුනාගත හැකිය. එසේ කල්තියා හඳුනාගත් විට හානි වූ වකුගඩුව යළිත් පිළියම් කොට යථා තත්ත්වයට පත්කළ නොහැකි වුවත්, ඒ තත්ත්වය වර්ධනය නොවන පරිදි රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කැරේ. වකුගඩු රෝගයකින් වකුගඩුවලට හානි සිදු වී ඇතැයි හඳුනා ගත් විට ප්‍රතිකාර කළ හැකි දෙවැනි ක්‍රමය වන්නේ ‘රුධිර කාන්දුකරණය’ මඟින් වකුගඩුවලින් සිරුර තුළ සිදු කරන ක්‍රියාවලිය කෘත්‍රිමව යාන්ත්‍රානුසාරයෙන් කරවා ගැනීමය.

මෙය ඉතා මිල අධික ප්‍රතිකාරයක් වුවද රෝගියාගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.

මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් රෝගියාගේ ආයු කාලය වසර කිහිපයකින් හෝ දීර්ඝ කළ හැකිය. රුධිර කාන්දුකරණය සඳහා වරකට රුපියල් 8000 ක් පමණ ද මසකට රුපියල් ලක්ෂයක් පමණ ද වැය කිරීමට සිදුවේ.

අවසාන ප්‍රතිකර්මය වන්නේ වකුගඩු බද්ධ කිරීමය. වකුගඩු බද්ධ කිරීමේදී රෝගී පුද්ගලයාගේ සමීප ඥාතියකුගෙන් හෝ රෝගියාගේ රුධිර කාණ්ඩයට සමාන රුධිර කාණ්ඩයට අයත් නිරෝගී පුද්ගලයකුගේ වකුගඩුවක් සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ.

වකුගඩු රෝග හඳුනාගත් විට කවර පිළියමක් කළ ද ඒවා ඉතා දීර්ඝකාලීන පිළියම් නොවන හෙයින් හොඳම ක්‍රමය වකුගඩු ආරක්ෂා කර ගැනීමය. ඒ සඳහා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. දුප්පත්කම හෝ නොදැනුවත්කම නිසා රෝගය හඳුනා ගැනීමට පමා වීම පසුතැවිල්ලට හේතු වේ. වකුගඩු රෝග සහිත ඉතිහාසයක් ඇති පවුල්වල සාමාජිකයන් රෝහල වෙත ගොස් මුත්‍රා පරීක්ෂණයක් මඟින් තමාට රෝගය ඇතිවීමට ඉඩ තිබේදැයි පරීක්ෂා කරවා ගත යුතුය. ජානමය සාධක ද ඊට බලපෑ හැකි බැවිනි.

රෝගය ඇතැයි හඳුනා ගත් පසුව අඛණ්ඩව සායනවලට පැමිණිමත් ලබා දෙන ඖෂධ නියමිත ආකාරයට ලබා ගැනීමත් ඉතා වැදගත්ය. අවදානම් සහිත පළාත්වල සෑම රෝහලකින්ම සරල මුත්‍රා පරීක්ෂණයක් කරවා ගැනීමෙන් රෝගය හඳුනාගත හැකිය. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගන්නට පුළුවන. පටක පරීක්ෂණයෙන් ද මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගත හැකිය. මුත්‍රා පරීක්ෂණයේදී මුත්‍රාවල ප්‍රෝටීන ඇතැයි හඳුනා ගතහොත් එය විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණකි.

වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා රුධිර පීඩනය පාලනය කිරීම, ප්‍රෝටීන සහිත ආහාර පාලනය, පිරිසුදු වතුර වැඩිපුර පානය කිරීම, දුම්වැටි හා මත් වතුර බීමෙන් වැළකීම, අනවශ්‍ය ලෙස වේදනා නාශක ඖෂධ නිතර ගැනීමෙන් වැළකීම සහ උසට සරිලන ශරීර බරක් පවත්වා ගැනීම වැදගත් වේ. නිතර නිතර අධික ක්‍රියාකාරීත්වයෙන් යුතු වේදනා නාශක ගැනීමට හුරු වීමෙන් රෝගී මෙන්ම නිරෝගී වකුගඩුවලට ද හානි සිදු වේ.

දැනට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයෙහි සියලුම ආකාරයේ වකුගඩු රෝග සඳහා ඖෂධ, රුධිර කාන්දුකරණ ඒකක සහ වකුගඩු බද්ධ කිරීම් සඳහා අවශ්‍ය අති නවීන ශල්‍යාගාර ඇතුළු සියලුම පහසුකම් නොමිලේ සැපයේ. මීට අමතරව අනුරාධපුර සහ කොළඹ මාලිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානවල රුධිර කාන්දුකරණ ඒකක ඇතුළු වෛද්‍ය සේවා පවත්වාගෙන යනු ලැබේ.

අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල සහ කුරුණෑගල රෝහල්වල වකුගඩු සායන පැවැත්වේ. වකුගඩුවල නිරෝගී භාවය කල්තියා විමසා බැලීම සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාගේ අනුමැතිය යටතේ සරල මුත්‍රා පරීක්ෂණ සිදු කරවා ගත හැකිය. කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පහළ වන්නේ වකුගඩු තරමක් දුරට හෝ නරක් වූ පසුවය.

ප්‍රතිකාර සඳහා අධික මිලක් වැය වන එමෙන්ම ස්ථිර සුවයක් නොලැබෙන, පීඩාකාරී මාරාන්තික රෝගයකින් වැළකීමට නම් ඒ පිළිබඳ පූර්ව පරීක්ෂාවන් සිදු කරගෙන අවධානයෙන් කටයුතු කිරීම ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම පිළියමයි.

සාගරිකා දිසානායක ජයසිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්න ලෙඩ ගැන අප නොදන්නා කාරණයක් අනිවාරයෙන් හැමෝම මෙය දැනගන්න.

බෝ නොවන රෝගවලට සුමානයක් දෙකක් බෙහෙත් බීලා මදි මෙන්න ලෙඩ ගැන අප නොදන්නා කාරණයක් අනිවාරයෙන් හැමෝම මෙය දැනගන්න.
 


ලෙඩ රෝග නිසා ඒ කාලේ වැඩිදෙනා මිය ගියේ බෝවන රෝගාබාධවලිනි. එහෙත් අද ලෙඩ රෝග නිසා වැඩි දෙනෙක් මිය යන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු වීම නිසා ය.

බෝ නොවන රෝග ලෙස හැඳින්වෙන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය (අංශභාගය), ඇදුම, වකුගඩු ආබාධ වැනි රෝගාබාධය. බෝ නොවන රෝගවලට ගොදුරු වූවෝ අද සමාජයේ ඉතා බහුල ය.

බෝ නොවන රෝගවලට බොහෝ දෙනෙකු ගොදුරු වී ඇතිවා සේ ම බෝ නොවන රෝග පිළිබඳ මිථ්‍යා සහ වැරදි සහගත මත සමාජයේ බහුලය. එය බෝ නොවන රෝග වලින් වැළකී සිටීමට මෙන් ම එම රෝග වලට ප්‍රතිකාර කිරීමට ද විශාල බාධාවකි.

බොහෝ දෙනෙක් තුළ ඇති වැරදි මතයක් වන්නේ උණ, සෙම්ප්‍රතික්ෂ්‍යාව වැනි රෝග මෙන් ටික දිනක් ඖෂධීය ප්‍රතිකාර ලබා ගත්විට බෝ නොවන රෝග සුවවන බව ය. බෝ නොවන රෝග සුව කළ නොහැකි අතර කළ හැක්කේ රෝගය පාලනය කරගෙන යහපත් ජීවිතයක් ගෙවීම ය. උදාහරණයක් ලෙස අධිරුධිර පීඩනයට ගොදුරු වූ පුද්ගලයකුට එම රෝගය සමඟ ජීවිත කාලයම ගෙවීමට සිදුවේ. ඖෂධ ලබාගන්නා තෙක් රෝගය හොඳින් පාලනය වී පවතී. අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ගන්නා ඇතැමුන් සිතන්නේ මාසයක් දෙකක්, වසරක් දෙකක් ඖෂධ ලබාගත්විට රෝගය නිට්ටාවට සුවවන බව ය. එවැනි කාලයක් ඖෂධ ලබාගත්විට රෝගය හොඳින් පාලනය වේ. රෝගය පාලනය වූවා යැයි සිතා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිවිටෙකත් ඖෂධ නැවැත්විය යුතු නැත.

එවැනි වැරදි සහගත තීරණයක ප්‍රතිඵලය හෘදයා බාධ, ආඝාතය (අංශභාගය) වැනි තත්ත්වයන් විය හැකි ය. දියවැඩියාව ද එසේම ය, දියවැඩියා රෝගයට ඖෂධ ලබාගන්නා තෙක් රෝගය පාලනය වී පවතින අතර ඖෂධ නැවැත්වූ සැණින් නැවත රෝගය මතුවේ. අධිරුධිර පීඩනයට නියම කරන සුළු ඖෂධ ප්‍රමාණය නොගෙන සිට අංශභාගය, ආඝාතය වැනි රෝග තත්ත්වයකට මුහුණ ද්‍රන්විට ඒ ගැන පසුතැවීම අනුවණ කමකි. එබැවින් බෝ නොවන රෝග වලට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව දිගටම ඖෂධ ලබාගත යුතු ය.

බෝ නොවන රෝග පිළිබඳව ඇති තවත්, වැරදි සහගත මතයක් වන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම, රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම ආදිය නිසා ඇඟට දැනෙන සේ අපහසුවක් නොදැනේ නම් තමාට කිසිදු රෝගාබාධයක් නැතැයි සිතීම ය. උදාහරණයක් ලෙස යමෙකුගේ ශරීරයේ රුධිර පීඩනය 160/90 තත්ත්වයේ පවතින විට එම පුද්ගලයාට කිසිදු වෙනසක් නොදැනී පැවතිය හැකි ය. එසේ වුව ද එම අගය රුධිර පීඩනයේ ඉහළ අගයකි. මෙම තත්ත්වය නොසලකා සිටීමේ අවසන් ප්‍රතිඵලය අංශ භාගය හෝ හෘදයාබාධයක් හෝ විය හැකි ය. අධිරුධිර පීඩනයේ දී ශරීරයට දැනෙන තරමේ වෙනසක් දැනෙන්නේ රුධිර පීඩනය ඉතා ඉහළ අගයකට ගිය විට ය.

බොහෝ දෙනෙක් අතර පවතින තවත් මිථ්‍යා මතයක් වන්නේ අතපයේ ඇතිවන වේදනාව, දෑස්වල ඇතිවන වේදනාව ආදිය තමාට ඇතිවන්නේ ශරීරයේ කොලෙස්ටරෝල්, මේදය වැඩිවීම නිසා බව ය. කොලෙස්ටරෝල් යනු රුධිරයේ තිබෙන මේදය විශේෂයකි. එම මේදය වැඩිවන විට ශරීරයට කිසිදු වෙනසක් නොදැනේ. බොහෝ දෙනෙකු තුළ කොලෙස්ටරෝල් මේදය වැඩිවී ඇතැයි සොයා ගනු ලබන්නේ අධිරුධිර පීඩනයට හේතුව සොයා යාමේ දී ය. එබැවින් ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන වේදනා කොලෙස්ටරෝල් මේදය නිසා ඇති වේ යැයි සිතීම මුළාවකි.

බෝ නොවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු එම රෝගයට අමතරව වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍ය වරයකු වෙත ගිය විට තමා මේ වනවිට මෙවැනි රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නේ යැයි පැවසීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම අතපසු වීම බරපතල තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය වීමේ හැකියාව ඇත.

උදාහරණයක් ලෙස යමෙකුට දියවැඩියා රෝගය ඇතැයි සිතන්න. ඔහුට සුළු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදුණ හොත් එයට නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එම තත්ත්වය නියුමෝනියාව දක්වා වර්ධනය වීමේ හැකියාව ඇත. ශරීරයට කිසියම් විෂ බීජයක් ඇතුළු වී උණක් ඇති වූ විට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි විය හැකි ය. එබැවින් උණ රෝගය සඳහා වුව ද ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු වෙත ගිය විට තමන් ප්‍රතිකාර ගන්නා වෙනත් රෝග පිළිබඳව ප්‍රකාශ කිරීම ඉතා වැදගත්ය.

හැකි නම් ඒ වනවිටත් ගනු ලබන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම සඳහා ළඟ තිබෙන ඖෂධ වට්ටෝරු වුව ද ඉදිරිපත් කළ හැකි ය. වෛද්‍යවරයකුට ලෙඩ රෝග පිළිබඳව සහ තමා ගන්නා ඖෂධ පිළිබඳව නිවැරදි තොරතුරු නොපැවසීම අනුවන කමකි. ඖෂධ යනු රසායනික ද්‍රව්‍යයන් ය. රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරනු ලැබේ. එබැවින් එක් රෝගයකට දෙනු ලබන ඖෂධයක් තවත් රෝගයකට දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත.

ඇතැම් විටෙක සෙම්ප්‍රතිශ්‍යාවට උණට දෙනු ලබන ඖෂධයක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ වැනි බෝ නොවන රෝගයක් සඳහා දෙනු ලබන ඖෂධයක් සමඟ ප්‍රතික්‍රියා කළ හැකිය. එහි ප්‍රතිඵලය ඇතැම් විටෙක භයානක විය හැකිය. එබැවින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් තමා ගන්නා ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් ය. එසේ ම වෛද්‍යවරයකු හමුවට ගිය විට දුම්පානය කරන්නේ ද, මත්පැන් පානය කරන්නේ ද වෙනත් උත්තේජන වර්ග භාවිතා කරන්නේ ද කියා විමසූ විට සත්‍ය ප්‍රකාශ කිරීම ද ඉතා වැදගත් ය.

වෛද්‍යවරු හමුවට යන රෝගීන් වෙතින් සිදුවන තවත් එක් වරදක් මෙහිදී දැක්විය හැකි ය. ඒ මීට පෙර බෝ නොවන රෝගයකට හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවී සිටියේ නම්, එහිදී නිකුත් කරනු ලබන රෝග නිශ්චය කිරීමේ කාඩ්පත මෙන්ම රසායනාගාර වාර්තාවන් ද ඉදිරිපත් නොකිරීමය. කලින් ලබා ගන්නා ලද එම තොරතුරු පරික්ෂා කිරීමෙන් රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව පැහැදිලි අදහසක් වෛද්‍යවරයාට ලබා ගැනීමේ හැකියාව ඇත.

එහි වාසිය අයත් වන්නේ රෝගියාටමය. එයින් අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට ද සිදු නොවේ.

අධිරුධිර පීඩනයට දෙනු ලබන ඕඥබච ඡතධජඬඥප නම් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගීන්ට ලබා දුනහොත් එය එම රෝගියාගේ ජීවිතයට හානියක් සිදුවීමට පවා හේතු විය හැකිය. එබැවින් අධිරුධිර පීඩනයට ඖෂධීය ප්‍රතිකාර ලබාගන්නා අයකුª ඇදුම රෝගයට ගොදුරු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විට අනිවාර්යෙන්ම තමා අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා බව පැවසිය යුතුමය. ඒ; අධිරුධිර පීඩනයට ලබාදෙන ඉහත සඳහන් ඖෂධ කාණ්ඩය ඇදුම රෝගය වැඩිවීමට හේතුවන බැවිනි.

එසේම සමහර වේදනා නාශක ඖෂධ ඇදුම රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට මෙන්ම වකුගඩු රෝගීන්ට ද සුදුසු නොවේ. ඒ; එම වේදනානාශක ඖෂධ වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවිනි.

බොහෝ දෙනෙක් අතර පවතින තවත් වැරදි මතයක් වන්නේ ඇතැම් ඖෂධවලට ඇබ්බැහි වීමේ හැකියාව ඇති බවය. විශේෂයෙන්ම ඇදුම රෝගයට දෙනු ලබන ඉන්හේලර් වර්ග මෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධවලට දෙනු ලබන ඖෂධ පිළිබඳව බොහෝ දෙනෙක් තුළ අනිසි බියක් ඇත. මෙය ඉතා වැරදි සහගත මතයකි. නිදිපෙති අයත් වන ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධවලට හැර අනෙක් ඖෂධවලට ඇබ්බැහිවීමක් සිදු නොවේ.

දියවැඩියාව රෝගයට දෙනු ලබන “මෙට්ෆෝමින්” නම් ඖෂධය පිළිබඳවද බොහෝ දෙනෙක් තුළ වැරදි මත කීපයක් ඇත. ඉන් එක් මතයක් වන්නේ මෙට්ෆෝමින් ඖෂධයට ඇබ්බැහිවේය යන මතයයි. එම ඖෂධය පිළිබඳ අනෙක් වැරදි සහගත මතය වන්නේ දීර්ඝකාලීනව එම ඖෂධය භාවිතා කිරීම නිසා වකුගඩු ආබාධ ඇතිවන බවය. වෛද්‍යවරයකු විසින් දියවැඩියාව ඇති රෝගියකුට මෙට්ෆෝමින් ඖෂධය නියම කළ විටම රෝගියා බියට පත්වනු දැකගත හැකිය. ඒවා සියල්ල වැරදි මතය. දියවැඩියාවට නියම කරනු ලබන ඖෂධ අතර හොඳම ඖෂධය වන්නේ මෙට්ෆෝමින් ඖෂධයයි. එම අගනා ඖෂධයෙන් දියවැඩියාව පාලනය වීම පමණක් නොව හෘදය ආරක්ෂාවීමද සිදුවේ.

හෘදයාබාධ, ආඝාතය වැනි බෝ නොවන රෝගයක් මතුවූ විට එය නැවත ඇතිවීමේ හැකියාව වැඩිය. රෝගීන් බොහෝවිට මේ පිළිබඳව සිතන්නේ නැත. බොහෝ දෙනෙක් සිතන්නේ රෝගය එක්වරක් මතුවුණා, කලක් ඖෂධ ගත් විට එය පාලනය වුණා දැන් ඖෂධ ගැනීම අවශ්‍ය නැතැයි කියාය. එය මිථ්‍යා මතයකි.

බෝ නොවන රෝගවලට ගොදුරු වූවන්ගේ ආහාර පිළිබඳව වැරදි සහගත මත ගණනාවක්ම ඇත. ලුණු භාවිතය මෙහිදී ඇති ප්‍රධාන ගැටලුවකි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට දිනකට භාවිතයට සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 6 ක් පමණ වේ. එය තේ හැන්දකට වඩා සුළු වැඩි ප්‍රමාණයකි. එහෙත් අද බොහෝ දෙනා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලුණු භාවිතා කරනු දැකගත හැකිය.

නාගරික ප්‍රදේශවල ජනයා අතර ලුණු භාවිතය වැඩි බව පෙනේ. ඒ; සැකසූ ආහාරවල, ක්ෂණික ආහාරවල සහ කල්තබා ගන්නා ආහාරවල අධික ලෙස ලුණු අඩංගු වීමය. අධිරුධිර පීඩනයට ගොදුරු වීමට හේතුවන ප්‍රධානම සාධකයක් වන්නේ අධික ලෙස ලුණු භාවිතා කිරීමය. නාගරික ප්‍රදේශවල අධිරුධිර පීඩනයට ගොදුරු වූවන් ඉතා වැඩි ඒ නිසාය. අධික ලුණු භාවිතය අධිරුධිර පීඩනයට හේතුවක් වනවා සේම අධිරුධිර පීඩනය වර්ධනය වීමටද අධික ලුණු හේතුවක් වේ. එබැවින් ලුණු භාවිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය.

ආහාර සම්බන්ධව ඇති තවත් එක් වැරදි සහගත මතයක් වන්නේ සීනි වෙනුවට හකුරු හෝ සූකිරි කෑම සුදුසු බවය. හකුරු සූකිරි දෙකෙහිම ඇත්තේ සීනිය. එබැවින් සීනි වෙනුවට හකුරු කෑමෙන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබේ. යමෙකුට සීනි රස අවශ්‍යම නම්, සීනි වෙනුවට යොදන ආදේශක ද්‍රව්‍ය දැන් වෙළෙඳ පොළේ ඇත. දියවැඩියාවෙන් පෙළෙන්නන්ට සහ දියවැඩියාවෙන් වැළකී සිටීමට උත්සහ දරන්නන්ට එම ආදේශ ඉතා අගනේය.


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ශ්‍යාමිලා ද සිල්වා



ගාමිණී සුසන්ත

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 
 


සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න. inShare

සමාජ රෝග හා ඒවායේ රෝග ලක්ෂණ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද බලන්න.


inShare

බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා.

HPV (Human papilloma Virus)

ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Genital Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්.



Chlamydia

මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි.

Gonorrhea

මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි.

Syphilis

මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා.

Herpes

HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව  කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි.

HIV/AIDS
HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.



ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Tuesday, August 30, 2016

Geek Show - How to identify Fake clone and Original Samsung Phones

Samsung Phone How to identify Fake clone and Original Samsung Phones in Sinhala Sri Lanka is my samsung how to check samsung phone original or copy phone by checking imei code samsung original phone country android phone fake or original how to know fake samsung charger handsfree battery samsung galaxy s7 edge s6 s8 s9 note 4 note 5 note 7 edge sri lanka used price india fake or clone is my phone refurbished viatname koria refurbished phone meaning refurbished phone ebay refurbished phone online what does refurbished phone mean refurbished business phone systems whats a refurbished phone olx apple refurbished phones

“බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න.

“බලා සිටියොත් භයානක ඇපෙන්ඩිසයිට්ස්” මේ රෝග ලක්ෂණ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්න.


උදරයේ වේදනාවන් විවිධාකාර වූ රෝගයන්හි රෝග ලක්ෂණයන් ලෙසඉස්මතු වන බැවින් එය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්දැයි එකවර සිතා ගැනීමඅපහසුවේ. මෙලෙස ඉතාමත් උග්‍රව ඇති වන උදරවේදනාව ඇපෙන්ඩිසයිටිස් (Appendicitis) රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇති විය හැක.

මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ මුල් කොටසේ පිටතට නෙරා ගිය කොටසක්තිබේ. මෙය උණ්ඩුක පුච්චය (Appendix) ලෙස හඳුන්වනු ලබයි. මිනිසාගේ ආහාරජීර්ණය ක්‍රියාවලිය සිදු කිරීමේදී මෙම කුඩා කොටසින් සිදුවන මෙහෙයක් නොමැත.

උණ්ඩුක පුච්ඡය ප්‍රදාහයට පත්වීම
ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවීමේදී මහා අන්ත්‍රය ඔස්සේ ගමන් කරන ජීර්ණය වූආහාර කොටස් (මල ද්‍රව්‍ය) ඇතැම් විට උණ්ඩුක පුච්ඡය තුළට ඇතුළු වී සිරවීමටහැකිය. එවිට මෙම කොටස ඉදිමී ප්‍රදාහ තත්ත්වයට පත්වේ. මෙම හේතුව නිසා එහිරුධිර සැපයුම අඩාළ වී මහා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් උදර කුහරයආසාදනයට පත්වේ. මෙය ඇපෙන්ඩිසයිටිස් ලෙස හඳුන්වනු ලබයි.

රෝග ලක්ෂණ
උදරයේ ඇතිවන වේදනාව රෝගයේ මූලික ලක්ෂණය වේ. බොහෝ විට නාභිය ආශ්‍රිතව වේදනාවඇතිවේ. පැය කිහිපයකට පසුව මේ වේදනාව උදරයේ දකුණුපසට හා යටිබඩ ප්‍රදේශයටමාරුවිය හැක. මෙම ස්ථානය එක දිගටම වේදනා දීමට පටන් ගනී. මීට අමතරව දැකියහැකි රෝග ලක්ෂණ ලෙස උණ, ආහාර අරුචියත්, ඇතැම් විට වමනය ඇති වීමත් සිදුවේ.
එසේම මෙම රෝගය උත්සන්න වුවහොත් උදර ප්‍රදේශයේ ඇති විෂබිජ රුධිරවාහිනිපද්ධතියට ඇතුළුවීමෙන් මුළු ශරීරය පුරාම පැතිරීමෙන් මරණය පවා සිදුවිය හැක.
මෙම රෝගය සෑදිය හැකි විශේෂිත වයස් කාණ්ඩයක් ලෙස ළමාවිය අග භාගය පෙන්වා දියහැක. එනම් නවයොවුන් වියේ තරුණ තරුණියන් හා මැදිවියේ පුද්ගලයින්ය. නමුත්ඕනෑම වයස් කාණ්ඩයක පසුවන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි රෝගීතත්ත්වයක් ලෙසද මෙය පෙන්වා දිය හැක.

රෝගය හඳුනා ගැනීම
ඉහත සඳහන් කරනු ලැබූ රෝග ලක්ෂණයන් වේ නම් පළපුරුදු වෛද්‍යවරයකු මගින්රෝගියාව පරීක්ෂා කර ගත යුතුවේ. මෙය සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට නම් රෝගියාපරීක්ෂා කළ පමණින් හඳුනාගත හැකිවේ. මීට අමතර රුධිර පරීක්ෂණයකදී රුධිරයේසුදු රුධිරාණු ඉහළ යෑමක් දැකිය හැකි නම් වෛද්‍යවරයා විසින් ඔබඇපෙන්ඩිසයිටිස් රෝගයට ගොදුරු වී ඇත්තකු බවට සැකහැර දැනගනු ලබයි.
ස්කෑන් පරීක්ෂණයකින්ද රෝගය පිළිබඳව හරි අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහිදීඇතැම් රෝගීන්ගේ රෝග පරීක්ෂාවට යොමුවූ විටදී ඔවුන්ගේ මූත්‍රා පරීක්ෂණයන්සිදු කරනු ලබයි. එලෙස කිරීමෙන් මූත්‍රා ආසාදනයක් ලෙස සිතා ප්‍රතිකාර සඳහායොමු කිරීම කරනු ලබයි. මේ නිසාම රෝගය උත්සන්න වීමටද ඉඩ ඇත. මෙයට හේතු වන්නේඋණ්ඩුක පුච්ඡය මූත්‍රා නාළයට ආසන්නව ඇති බැවින් එහි විෂබිජ හෝ බැක්ටීරියාඅසාදනය වීමෙන් මූත්‍රා දැවිල්ල මූත්‍රා තදවීම හෝ කලාතුරකින් මුත්‍රා සමගරුධිරය පිටවීම වැනි ලක්ෂණද ඇතිවිය හැක. මෙහිදී මූත්‍රා අසාදන සඳහාප්‍රතිකාර ගත්තත් පවතින රෝගය සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොගැනීම නිසා රෝගයසුව නොවේ.

ඇතැම් අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය කුඩා බඩවැල් ආශ්‍රිතව පිහිටයි. මෙවිටබඩවැල්වලට බැක්ටීරියා ආසාදනයක් සිදුවීම නිසා පාචනය තත්ත්වය මතුවිය හැක.මෙවන් අවස්ථාවලදීද පාචනයට ප්‍රතිකාර කළද සැබෑ රෝගයට ප්‍රතිකාර නොලැබේ.
ඇතැම් විට උදරයේ ඇතිවන වේදනාවන් සාමාන්‍ය උදරාබාධයක් ලෙස කල් ඇරීම නිසා උණ්ඩුක පුච්ඡය පුපුරා ජීවිත හානි වීමට පවා ඉඩ ප්‍රස්ථාවක් ඇත.
මීට අමතරව කාන්තාවන් විශේෂයෙන් මුහුණදෙන තත්ත්වයක් ඇත. එනම් දරුවකුබලා‍පොරොත්තු වන වයසේ සිටින කාන්තාවකගේ ගර්භාෂයෙන් පරිබාහිරව දකුණු පසපැලෝපීය නාළවල දරු ගැබක් සිදු වුවහොත් ඇපෙන්ඩිසයිටිස් ලෙස වරදවා වටහාගතහැකි වීමකි. මෙය අස්වාභාවික දරු පිළිසිඳගැනීමක් හෙවත් Ectopic pregnancy නමින් හඳුන්වන තත්ත්වයයි. මේ නිසා එවැනි කාන්තාවන් ඔසප් සිදුවූඅවසන් දිනය මතක තබා ගැනීම හා මූත්‍රා පරීක්ෂණයකට යොමුවීම වැදගත් වේ.

ප්‍රතිකාර
මෙහිදී මුල්ම අවස්ථාවේ නම් ප්‍රතිජීවක ඖෂධ එන්නත් මගින් ලබාදීම සිදුකරනුලබයි. මීට අමතරව ඇපෙන්ඩිසයිටිස් රෝගය උත්සන්න වී උණ්ඩුක පුච්ඡය පුපුරා යාමටආසන්න අවස්ථාවක නම් ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඉක්මනින් රෝගියා සැත්කමකට භාජනයකරනු ලබයි.
නවීන තාක්ෂණය අනුව ලැපරස්කොපි මගින් උදරයේ සියුම් කැපුම් 03 ක් පමණක් දමාසැත්කම සිදුකරනු ලබන අතරම දිනක් ඇතුළත රෝහලින් පිටවීමටද අවසර ලැබේ.

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙන් ලැබෙනවා.

කොමඩු කෑවොත් මෙන්න මේ විස්මිත වාසි පහ ඔබට අනිවාරයෙන් ලැබෙනවා.


ආලින්දය
ඔබ නොදන්නවා වුණාට කොමඩු ආහාරයට ගැනීම මඟින්, ඔබගේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන අතිමහත් ය. මොළයේ සිට පාදාන්තය දක්වා ශරීර පද්ධතිය සෑදී ඇති සෛල සමූහයට කොමඩුවලින් සැලසෙන්නේ අනුපමේය මෙහෙයකි. කොමඩු තුළ සියයට 92ක් පමණ ජලය අන්තර්ගතව ඇත. ඔබගේ ආහාර වේලට පසුව කොමඩු ආහාරයට ගැනීම, ශරීර සෞඛ්‍යයට හිතකර වන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. හෘද රෝගවලටත්, ප්‍රතිශක්තීකරණ පද්ධතියටත්, ඇස් රෝගවලටත්, කොමඩු ආහාරයට ගැනීම අතිශයින් ම ගුණදායක ය. මේ , කොමඩු ආහාරයට ගැනීම මඟින් අත්වන එබඳු ප්‍රතිලාභ පහකි.

1. හෘද රෝග අවම කරගත හැකිවීම

කොමඩු පානය කිරීම මඟින් අධික රුධිර පීඩනය අවම කර ගත හැකි ය. කොමඩු පානය කිරීම මඟින් රුධිර පරිවහනය වැඩි කරන නිසා, හෘදයේ ක්‍රියාකාරිත්වයට එමඟින් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය නිසා, ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගවලින් පෙළෙන්නන්ට ද මේවා වඩාත් ගුණදායී ය. සිරුරට අත්‍යවශ්‍ය කැල්සියම් ලබා ගැනීමට සුදුසුම පලතුර වන කොමඩු, මාංශ‍පේශි සහ අස්ථි බිඳීම් වැනි ගැටලුවලට ද අතිශයින්ම ගුණදායක ය.

2. සිරුරේ මේදය අඩු කර ගත හැකි වීම

කොමඩුවල ඇමයිනෝ අම්ලය අන්තර්ගත ය. ඒ නිසා, ඒමඟින් වකුගඩු රෝගීන්ට වඩාත් වාසිදායක ප්‍රතිඵල අත්කර ගත හැකි ය. ඒ වාගේම ශරීරයේ අන්තර්ගත වන මේදය පහළ දැමීමට ද කොමඩුවල ඇති සංඝටක බෙහෙවින් ම බලපායි. කොමඩුවල අන්තර්ගත TNAP(ටිෂූ නවුස්පෙසිපික් අල්කලියු පොස්ෆේට්) මඟින් ශරීරයේ මේදය දහනයට අවශ්‍ය සංඝටක ලබාගත හැකි ය.

3. රෝග වැළදීම අවම කරයි

කොමඩු තුළ විටමින් සී බහුල වශයෙන් අන්තර්ගතව ඇත. එම නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි. ඉක්මනින් සුව නොවන තුවාල ඇති අයට ද, කොමඩු ඉතාමත් ම ගුණදායක ය. කොමඩු ආහාරයට ගැනීම මඟින් තුවාල සුවවීමේ වේගය තරමක් දුරට වැඩි කර ගත හැකි ය.

4.ඇස් පෙනීම වැඩි කරයි

කොමඩු තුළ පවතින බීටා කැරොටීන් මඟින් ඇස් පෙනීම වැඩි කරයි. එසේ ම, අක්ෂි ආබාධ ඇති පුද්ගලයන්ට ද වඩාත් ගුණදායී පලතුරක් ලෙස කොමඩු හඳුන්වා දිය හැකි ය. කොමඩුවල අන්තර්ගත විටමින් ඒ සංඝටකය , දත්වල සහ සමෙහි නිරෝගීභාවයට බෙහෙවින් ම වැදගත් ය.

5. ස්නායු රෝගවලට ගුණදායක වීම

කොමඩුවල අන්තර්ගත පොටෑසියම් සංඝටකය, ස්නායු රෝග සඳහා වඩාත් යෝග්‍ය ය. පේශිවල ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සංඝටක රැසක් කොමඩුවල අන්තර්ගත වන නිසා, මේවා ආහාරයට ගැනීම මඟින් සිරුරේ යහ පැවැත්මට මනා මෙහෙයක් සිදුවේ.

අස්ථි බිඳීම්වලට ලක් වූ විට , කොමඩු ආහාරයට ගැනීම වඩාත් ගුණදායක ය. ස්නායුවලට අවශ්‍ය උත්තේජනය ලබා ගැනීමටත්, මිනිසාට වැළඳෙන රෝග රැසකට ප්‍රතිකර්මයක් ලෙසටත් , මේ පලතුර අනුභව කිරීම ඉතාමත්ම යෝග්‍ය ය.

අන්තර්ජාලය ඇසුරිනි


 

කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් වලින් බේරෙන්න පුළුවන්.

කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් වලින් බේරෙන්න පුළුවන්.
 අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.


ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද(LDL) ,අසංතෘප්ත මේද(HDL)හා VLDL ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)වැඩි විස්තර බලාගන්න වෙදහාමිනේගේ මේ ලිපියත් කියවන්න.

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වෙදහාමිනේගේ ලිපිය බලන්න.ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ.තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර
තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ.කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න.ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්,සීනි,පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු හිත තැම්බූ හාලේ බත්,අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග,කුඩා මාළු හා මේද රහිත කිරි,කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල් හා පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල් ,  කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා-ගොරකා-සුදුළූණු-ගම්මිරිස්-ලුණු කැටයක් පමණක් දැල අඹරපු ලුණු මිරිස් , කරපිංචා දළු සම්බෝලය,දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ(සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.

ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි.ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. ඔබට කොලෙස්ටරෝල් වලින් මිදීමට ආයුර්වේද ප්‍රතිකාර අවශ්‍ය නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්න.ඒ සදහා මගපෙන්විමක් අවශ්‍ය නම් වෙදහාමිනේට ඊ ලිපියක් එවන්න.නිරෝගි වන්න. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.

පිළිකා රෝගය සුව කරන මඤ්ඤොක්කා අල බීම හදාගන්නේ  මෙන්න මෙහෙමයි.

පිළිකා රෝගය සුව කිරීමට මඤ්ඤොක්කා අල බීම
මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක‍්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප‍්‍රතිචාරයක් ලෙසය.

මා, පිළිකා රෝගය ඇතුලු බෝ නොවන රෝග පිළිබඳව වන, බටහිර හා විකල්ප වෛද්‍ය ක‍්‍රම පිළිබඳව වන තොරතුරු ගවේෂකයෙකු සහ ඉදිරිපත් කරන්නෙකු පමණක් වන බවත්, ඒ හා සම්බන්ධ වෘත්තිකයෙකු හෝ පර්යේෂකයෙකු නොවන බවත්, මෙහිලා අවධාරණය කර සිටිමි.

පිළිකා සුව කිරීම සඳහා නිස්චිත විකල්ප ක‍්‍රමයක් ලෙස මෙහිලා සාකච්ඡ කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප‍්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක‍්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.

එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් අසාධාරණය. පිළිකා වැළැක්වීමටත්, ප‍්‍රතිකාර වලින් ලැබෙන සුවය ප‍්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප‍්‍රයෝජනයට ගත හැකිය.

මඤඤොක්කා අල ප‍්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක්…

පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් බොහොම කලකට පෙර, මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාරයෙන් උග‍්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙයි.

මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය මෙසේය.

* අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරන්න.

* දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

* දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වනු ඇත.

* ඉහළින් ඇති ජලය වැනි අවර්ණ දියර කොටස ප‍්‍රවේශමෙන් වෙනත් බඳුනකට වෙන් කර ගන්න.

* එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසැතිය)

* ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතුය.

*මෙසේ ක‍්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)

* පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 7 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 6 හමාරක් විය යුතුය.)

* මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.

*මෙම ද්‍රවණයේ රසය, ප‍්‍රසන්න කර ගැනීම සඳහා දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.

* මෙම ප‍්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි වෙනවා. (වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග‍්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර ඇත.

* මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද

ප‍්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප‍්‍රකාශ කර තිබිණි.

* ළමුන් සඳහා භාවිත කිරීමේදී ප‍්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීමයි.

* මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිබෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද යෝග්‍ය විමයි.

පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව.

මඤ්ඤොක්කා අල සහ ඇප‍්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන නිසාවෙන්, සහ එය සාමාන්‍ය නිරෝගී ෙසෙල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසේ.

පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.

මඤ්ඤොක්කා අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 100 ක් පමණ තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා.

මෙයට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරති.

(මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප‍්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැබෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප‍්‍රාර්ථනා කරමි.)

ගැමුණු සාලිය පෙරේරා

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Monday, August 29, 2016

අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.

 අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.

විටමින් A ශරීරයට අවශ්‍යම විටමින් වර්ග කිහිපයෙන් එකකි. එය දෛනික ආහාරයෙන් ලැබිය යුතු වන අතර වෛද්‍ය උපදෙස් නොමැතිව පෙති මගින් නොගතයුතු විටමිනයකි.
විටමින් A ඌන වූ විට ශරීරයට යකඩ උරා ගැනීම දුර්වලවීම ප්‍රධාන ලක්ෂණයයි. රක්තහීනතාවයෙන් පෙලේ නම් විටමින් A ඌනතාවය පිලිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතුයි.
ඊට අමතරව දරුවන් ගේ රාත්‍රී පෙනීමේ දුර්වලතාවය හා අන්ද වීම පවා සිදුවේ. නිතර බඩයාම විටමින් ඌනතාවය නිසා සිදුවේ.
විටමින් A අනෙකුත් විටමින් වලට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලබාදිය යුතුය. එබැවින් ප්‍රධාන ආහාරය සමග  විටමින් A ලබා ගත හැකි හොඳම හා පහසුම ක්‍රමය පීකුදු වේ.
විටමින් A අවශ්‍ය ප්‍රමාණයන් පහත වගුවෙන් දැක්වේ. 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල​ මෙන්න.

වයසට ගියත් වැඩ කරන ඇඟේ sexyම කෑල්ල​ මෙන්න.


ලිංගිකත්වය ගැන කතා කරද්දී ඒ සඳහා මිනිස් සිරුරේ ඇති ප්‍රධානතම අවයවය කුමක්දැයි යමෙකු ඔබෙන් ඇසුවොත් ඔබ ඒ සඳහා දෙන්නේ පැහැදිලි එකම පිළිතුරකි.
ඒ ප්‍රධාන අවයවය මොළය යැයි මා කීවොත් ඔබ මා සමඟ එකඟ නොවනවා නොඅනුමානය. ලිංගික අවශ්‍යතා ඇතිවීමේ සිට ඒ කාර්යය නිමවන තුරු ඊට ප්‍රධාන ලෙස බලපාන්නේ මනස පෙරටු කොටගත් මොළය බව ඔබ දන්නවාද?

ලිංගික හැඟීම් ඇතිවීම සහ ලිංගික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම ස්වභාවික ය. එහි ඇති වැදගත්කම වර්ගයා බෝ කිරීමට නොවේ. ලිංගික සතුට තුළ මානසික සතුට මෙන් ම මානසික සමබරතාව ද තිබේ. එහෙත් ලිංගිකත්වය පිළිබඳ නිවැරැදි අවබෝධයන් සහ අධ්‍යාපනයක් නොතිබීම කනගාටුවට කරුණකි. ලිංගික ආශාවන් සහ රුචිකත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. එමෙන් ම ඔහුගේ හෝ ඇයගේ වයස, ශාරීරික සහ මානසික නිරෝගීභාවය, පරිසරය අනුව ද, ඒ අවශ්‍යතා වෙනස් වෙයි.

පොදුවේ ගත් කල පිරිමින් සහ ගැහැනුන් ලිංගිකත්වය පිළිබඳ දක්වන රුචිකත්වයේ වෙනසක් තිබේ. එබැවින් ඒ කාරණය තේරුම් ගැනීම වැදගත් ය.

ලිංගික හැඟීම් ඇතිවීම පැහැදිලි ලෙසම දැකගත හැකි වන්නේ වැඩිවියට පත්වීමට ආසන්න කාලයේ සිට ය. ඒ සඳහා බලපාන්නේ ඒ කාලයේ සිට ස්‍රාවය වන ලිංගික හෝමෝනයි.

පිරිමින්ගේ ස්‍රාවය වන්නේ ඇන්ඩ්‍රිජන් හෝමෝනයයි. ගැහැනුන්ගේ ඊස්ට්‍රජන් ය. ඒ දෙකම ලිංගික හෝමෝන වුව ද ඒ වායේ ක්‍රියාකාරිත්වය තරමක් වෙනස් ය.

ඒ වෙනස ගැහැනු සහ පිරිමින්ගේ ශාරීරිකව පමණක් නොව මානසිකව ද දැකගත හැකි ය. කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තම රූප සොබාව ආරක්ෂාව, ආදරය, අවධානය දිනාගැනීම වැනි කරුණු කෙරෙහිය.

පිරිමින්ගේ රූප සොබාව කාන්තාවකට එතරම් වැදගත් සාධකයක් නොවේ.

පිරිමින්ගේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. පිරිමින්ට ලිංගික හැඟීම් ඇතිවීමට ගතවන්නේ තත්පර කීපයකි. පිරිමි ද ආදරය කරති. කැප කිරීම් කරති. බැඳීම් ඇති කර ගනිති. එහෙත් පිරිමි කාන්තාවන්ට වඩා ලිංගික අවශ්‍යතා පිළිබඳ වැඩි ඉක්මන්කමක් දක්වති.

අනෙක් කරුණ පිරිමින්ගේ ඒ හැඟීම් වයසත් සමඟ ඉක්මනින් වියැකී යන්නේ ද නැත. කොතරම් වයෝවෘද්ධ පිරිමියකුට වුව තම වර්ගයා බෝ කිරීමේ හැකියාව පවතී. එහෙත් වයසට යත්ම කාන්තාවන්ගේ ඒ හැකියාව නවතී. ආර්ථව චක්‍රය නැවතීමත් සමඟ කායික මෙන් ම මානසිකව ද කාන්තාව වයෝවෘද්ධ භාවයට පත්වෙති.

සමාජයක යහපත් පැවැත්ම සඳහා පවුල් ජීවිත සාර්ථක විය යුතු ය. ඕනෑම පවුල් ජීවිතයක සාර්ථකත්වය සඳහා ලිංගික සතුට ඉතාම වැදගත් සාධකයකි.

විවාහක දෙපළගේ ලිංගික ගැටලු විවාහ දිවිය අවුලෙන් අවුලට පත් කරන්නකි. දික්කසාදයෙන් පමණක් නොව දිවි තොර කරගැනීමෙන් එම ගැටලු නිමවන අවස්ථාව ද වේ.

පිරිමින්ගේ බෙලහීනත්වයට බලපාන කරුණු අතරින් සියයට 90 ක් ම මානසික වේ.

රුධිර පීඩනය අඩු හෝ වැඩිවීම දියවැඩියාව ඇතුළු ශාරීරික හේතු නිසාත් අප්‍රාණිකත්වය ඇති විය හැකි ය. මුලින් ම කළ යුත්තේ ශාරීරික හේතුවක් නැති බව විශේෂඥ වෛද්‍යවරයකු ලවා සැකහැර දැන ගැනීමයි. බෙලහීනත්වයට බලපාන මානසික හේතු සමහරවිට ළදරු විය දක්වාම දිව යයි. සමහරවිට ඒවා ජීවිතයේ ආසන්න සමයෙ අත්දැකීම් විය හැකි ය. යටි සිතට කිඳා බැස ඇති ඒ හේතු යටි හිත හාරා ඉවත් කරන තුරු නිසි පිළියමක් නොලැබේ.

කාන්තාවන් තුළ දක්නට ලැබෙන උදාසීනත්වයටත් ප්‍රධාන හේතුව මානසික හේතු වෙයි. ළමා කාලයේ හෝ තරුණ වියේ සිතට ඇතුළු වන වැරදි මත යටි සිත තුළ තැන්පත්වී තිබී සංසර්ග අවස්ථාවේ ඒවා උඩු සිතට නැඟෙයි. එවැනි මානසික හේතු සඳහා ඖෂධ නැත. යටි සිතට බලපාන ඒ හේතු යටි සිතෙන් ඉවත් කළ යුතු ය. ඉන්පසු සාමාන්‍ය පරිදි ප්‍රීතිමත් යුග දිවියක් ගත කළ හැකි ය.

ලිංගිකත්වයට බලපාන ප්‍රධාන ඉන්ද්‍රිය මනස පෙරටු කරගත් මොළය යැයි කීවේ එබැවිනි.


මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සායනික මෝහන වෛද්‍ය එච්.දමිත් හෙට්ටිආරච්චි

(සිළුමිණ)
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.


බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම.
ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා. තව කියවන්න….
Beer-Slide-Background
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ askmen නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල phytoestrogens නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප‍්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක‍්‍රමවත් කිරීමයි’
බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප‍්‍රතිලාබ රැුසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි ත්‍දබා්‘සදබැ ාස ඍසජැරජ් ැ ක්‍මර් නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි’බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම’
ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා’
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ ්ිනපැබ නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල චයහඑදැිඑරදටැබි නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප‍්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක‍්‍රමවත් කිරීමයි’
බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප‍්‍රතිලාබ රැුසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි Fondazione di Ricerca e Cura නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තවත් දෙයක් වන්නේ බියර් විතරක් නෙමෙයි මේ සඳහා ව්‍යයමත් අවශ්‍ය බවයි.
 

උපුටා ගැනීමකි



තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි.

තමන් විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි.

ලිංගිකත්වය කියන්නේ අපි හැමෝටම අදාළ දෙයක්. ඉතින් Sexual orientation එහෙම නැත්නම් ලිංගික හැඩගැස්ම , මොකක්ද මේ? මම හිතනවා අපි මේ ගැන හරියට දැනගෙන ඉන්න ඕන කියල. මිනිසුන් තුල අනෙක් පිරිමියෙක්, ගැහැණියක් හෝ දෙපාර්ශවයම පිලිබඳ ඇතිවන ආදරණීය හෝ ලිංගික ආකර්ෂණය, හැඟීම් පහළවීම ආදිය එයාගේ ලිංගික නැමියාව විදියට හඳුන්වන්න පුළුවන්.
එහෙමත් නැත්නම් ඒ ආදී ආකර්ෂණයන්, හැඟීම් වලට දක්වන සංවේදීතාවය, ඒ හා සම්බන්ධ හැසිරීම් හා සමාජයේ අන් අය හා දක්වන සම්බන්ධතා වල එකතුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්.
කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම විෂම ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණයේ සිට සිට සමාන ලිංගිකයෙකු කෙරෙහි දක්වන දැඩි ආකර්ෂණය දක්වා වෙනස් වෙනවා. ඒ අනුව අපිට ලිංගික හැඩගැස්ම විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික(bisexual ) විදියට වෙන්කර පෙන්වන්න පුළුවන්.
ලිංගික හැඩගැස්ම, ලිංගිකත්වය හා ලිංග භේදයෙන් ( sex and gender) වෙනස්. ජීව විද්‍යාත්මක ලිංගිකත්වය කියන්නේ කායිකව, කාය කර්මීයව හා ජානමය වශයෙන් පුද්ගලයෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්විමයි. ලිංගික අනන්‍යතාවය (Gender identity ) කියන්නේ මානසිකව කෙනෙක් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් හැදින්වීම. ඒ වගේම සමාජීය වශයෙනුත් කෙනෙකුගේ ලිංගිකත්වය වෙනස් වෙනවා එයාගේ සමාජීය භූමිකාව උඩ. නමුත් ලිංගික හැඩගැස්ම මේ ඔක්කොගෙන්ම වෙනස්.
ලිංගික හැඩගැස්ම කෙනෙකුගේ ලිංගිකත්වය හා ලිංගභේදය එක්ක කතා කරන එක තමයි සාමාන්‍ය විදිය. ඒත් ඒක පුද්ගලීය වශයෙන් කතාකරන එක අසම්පුර්ණ දෙයක්. මොකද ලිංගික හැඩගැස්ම නිර්වචනය වෙන්නේ අනිත් අයත් එක්ක තියන හැසිරීම එක්ක (ඒක අත් අල්ලාගෙන ඉන්න එක හාදුවක් දෙන එක වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්). ඒ එක්කම ලිංගික හැඩගැස්ම තදින්ම ආදරය අවශ්‍යවීම, අනුරාගී ආකර්ෂණය, දැඩි මිත්‍රත්වය වගේ ආත්මීය බැඳීම් එක්ක තදින්ම එකතුවුණු දෙයක්.
ලිංගික හැසිරීම් වලට අමතරව මේ බැඳීම්, සහකරු සමඟ පවතින ලිංගික නොවන කායික බැඳීම්, එකම අරමුණු, සහ බලාපොරොත්තු වෙනුවෙන් සුදානම් වීම, එකිනෙකාට උපකාරවීම, සහ ඉදිරියට පවතවාගෙන යන බැඳීම් සහ නොකැඩෙන අවධානය වගේ දේවල් එක්කත් සම්බන්ධවෙනවා. අන්න ඒ නිසා ලිංගික හැඩගැස්ම හුදෙක් පුද්ගලීය වශයෙන් පවතින දෙයක් විතරක් නෙවි කියල අපිට තේරුම් ගන්න පුළුවන්.
එතකොට කොහොමද කෙනෙක් දැනගන්නේ තමන් අයිති මොන කණ්ඩායමටද කියල?
විද්‍යාත්මක සහ වෘත්තීය අවබෝධයන්ට අනුව පුද්ගලයෙකුගේ මූලික වැඩිහිටි ලිංගික හැඩගැස්ම සඳහා පදනම වැටෙන්නේ එයාගේ මධ්‍ය ළමා අවධියේ සහ මුලික යෞවන අවධියේදී. මෙම භාවාත්මක, අනුරාගී, සහ ආදරණීය රටාවන් පූර්ව ලිංගික අත්දැකීම් ඇතිව හෝ නැතිව ඇතිවෙන්න පුළුවන්. කෙනෙක්ට බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්, ඒත් එයා දන්නවා එයා විෂම ලිංගිකද, සම ලිංගිකද, උභය ලිංගිකද කියල.
එක එක විෂම ලිංගික, සම ලිංගික හා උභය ලිංගික අයට එක එක විදියේ අත්දැකීම් තියනවා එයාලගේ ලිංගික හැඩගැස්ම ගැන. සමහරුන්ට ලිංගික අත්දැකීමක් ලබන්න ගොඩාක් කාලෙකට කලින් තමන්ගේ අනන්‍යතාවය දැනෙනවා. සමහරු ලිංගික අත්දැකීම් ලබනවා එයාලා තමන්ගේ ලිංගික හැඩගැස්ම හරියට තේරුම් ගන්න ගොඩාක් කාලෙකට කලින්.
මොනවා හින්දද කෙනෙක්ට අනන්‍ය ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නේ?
ඇත්තම කියන්න විද්‍යාඥයෝ අතරත් පොදු එකඟතාවයක් නැහැ මොකක් හින්දද හරියටම කෙනෙක් විෂම ලිංගික, සම ලිංගික හෝ උභය ලිංගික වෙන්නේ කියලා. ඒත් ගොඩාක් පර්යේෂණ අධ්‍යනය තියනවා ලිංගික හැඩගැස්ම ඇතිවිය හැකි විවිධ ජානමය, හෝර්මෝනමය, මානසික, සමාජීය, සංස්කෘතික සහ පරිසර සාධක සම්බන්ධයෙන්.
නමුත් එකදු පර්යේෂණයක් වත් ඔප්පු කරලා නැහැ, කෙනෙකුගේ ලිංගික හැඩගැස්ම ඇතිවෙන්නේ මෙන්න මේ හින්දමයි කියන්න පුළුවන් විදියේ දෙයක්. ගොඩක් අය විශ්වාස කරනවා ස්වභාවධර්මය වගේම විකසනයත් සංකීර්ණ චරිතයක් රඟපානවා කියල කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම ඇතිකිරීම පිළිබඳව. ඒත් කිසිම කෙනෙකුට හැඟීමක් ඇතිවෙන්නේ නැහැ මේක තමන්ගේ ලිංගික හැඩගැස්ම තෝරා ගැනීමක් (choice) කියලා. ඒ නිසා ඒක ඒ විදියට අර්ථ දක්වනවානම් ඒක වැරද්දක්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Sunday, August 28, 2016

ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හැකි ක්‍රමයක් මෙන්න.

ඔබේ ජංගම දුරකථනය තුළින්ම මොළයට ව්‍යායාමයක් ලැබිය හැකි ක්‍රමයක් මෙන්න.
මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම් පහසු වනවාත් සමගින්ම, මිනිසාව වඩාත් කම්මැලි සත්වයෙක් කිරීමටද මෙම විවිධාකාර තාක්ෂණික සහකරුවන් සමත්ව සිටිනා බව ඔබට මඟ හැර යා නොහැකි සත්‍යයයි. විශේෂයෙන්ම ශරීරය වෙහෙසවීමේ අවශ්‍යතාවයන් අවම වී ඇතිවාක් මෙන්ම, ඔබගේ තාක්ෂණික සහකරුවන් සමගින් ඔබට මොළය වෙහෙසවීමේ අවශ්‍යතාවයද අවම වී තිබේ. මේ නිසා ඔබේ මොළයට තාක්ෂණය තුළින්ම ව්‍යායාම ලබාගැනීම අනිවාර්ය කරුණකි.

මොළයට නිවැරදි ව්‍යායාම ලබාදීම තුළින් ඔබේ මානසික සහ බුද්ධිමය හැකියාවන් තවත් ඉහළ තලයකට ගෙන ඒමට හැකියාව තිබේ.

මේ හඳුන්වා දෙන්නට යන්නේ ඒ සඳහා උපකාරී වනු ඇති ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.



සුදොකු ලෙසින් හැඳින්වෙන්නේ තර්කය මත පදනම් වූ සාම්ප්‍රදායික අංක සමායෝජන ක්‍රීඩාවකි. මේ වනවිට මෙය ලොව පුරා චෙස් ක්‍රීඩාව මෙන්ම අතිශය ජනප්‍රියත්වයක් ලඟා කරගෙන ඇති ක්‍රීඩාවක් ලෙසින් හැඳින්විය හැකිවේ. එසේම මෙහි ඇති මොළයට ව්‍යායාමයක්, අභියෝගයක් වීමේ හැකියාවද සුළුප‍ටු නොවේ.

සුදොකු ක්‍රීඩාවේ නීති රීති බැලූ බැල්මට සංකීර්ණ බවක් පෙනී ගියද, වරක් දෙවරක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔබට එහි නීති රීති මනාව වැටහී යනු ඇත. ඉන් පසුව නිරන්තරයෙන් සුදොකු ක්‍රීඩාවේ නියැළීමත් සමග ඔබට ගණිත සමායෝජනයන් පහසු වන්නා සේම ඔබේ බුද්ධිමය හැකියාවන්ද තියුණු වනු ඇත.

best sudoku games android free

මෙම SUDOKU FREE ඇන්ඩ්‍රොයිඩ් යෙදුම මගින් ඔබට ස්මාට්ෆෝනය ඔස්සේ සුදොකු ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත. මෙහි අසීරුතා සැකසුම් හතරක් තිබෙනා අතර, ඔබට අවශ්‍ය නම් අසීරු අවස්ථාවන්හිදී ඉඟි ලබාගැනීමටද හැකියාව තිබේ.

එසේම සාම්ප්‍රදායිකව සුදොකු ක්‍රීඩා කිරීමට වඩා මෙහි ඔබේ ක්‍රියාවන් අවලංගු කිරීමට ඇති පහසුකම, නැතිනම් ඔබේ වැරදි පෙන්වාදීමේ හැකියාව නිසා ඔබගේ වැරදි නිවැරදි කර ගැනීමට වඩාත් හොඳ අවස්ථාවක් තිබේ


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් මෙන්න.

කෙසෙල් වලින් සිගරට් එපා කරවන අරුම පුදුම ක්‍රමයක් මෙන්න.

 කෙසෙල් කියන්නේ අපි එදිනෙදා ආහාර ගැනීමෙන් පසුව අතුරු ආහාරයක් ලෙස ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න පලතුරක්’ ඊට අමතරව ගෙවතු වගාවක් ලෙසත් කෙසෙල් අපට ආර්ථිකමය වාසි සලසන බෝගයක් වෙනවා’ කෝලිකුට්ටු” ඇඹුල්” අළු කෙසෙල්” ආනමාළු” පුවාලූ” රබර් කෙසෙල්” ඇම්බුන්” සීනි කෙසෙල් ආදී වශයෙන් කෙසෙල් වර්ග 300කට අධික ප‍්‍රමාණයක් අප සමාජයේ අද වෙනකොට නවීන තාක්ෂණික ක‍්‍රමවේද හරහාත් බිහිකෙරෙනවා’

ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන් පවසන ආකාරයට කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වෙන්නේ මැලේසියාව’ නමුත් මැලේසියාව කෙසෙල් ශාකයේ නිජ භූමිය ලෙස හැඳින්වූවත් එය සනාථ කරන කරුණු මැලේසියාවේ නෑ’ දැනට ලොව පවතින පැරැුණිතම කෙසෙල් වර්ගය තමයි වනගත කෙසෙල් වර්ගයක් වන ඇටි කෙසෙල්’ ඇටි කෙසෙල් තමයි කෙසෙල්වල මූලාරම්භය’ නමුත් ඇටි කෙසෙල් ඇති එකම රට අපේ ශ‍්‍රී ලංකාව විතරයි’ ඒ අනුව පැහැදිලි වෙනවා කෙසෙල් ශාකයේ නිජ බිම මැලේසියාව කියලා මත පළ කළත් සැබවින්ම කෙසෙල් ශාකයේ මූලාරම්භය සිදුවුණේ ශ‍්‍රී ලංකාවේ කියලා’

කෙසෙල් ගෙඩිවල ඉතා ඉහළ පෝෂ්‍යය ගුණයක් පවතිනවා’ අපි එදිනෙදා භාවිත කරන පලතුරු අතර පොටෑසියම් බහුලම පලතුරක් තමයි කෙසෙල් ගෙඩි කියන්නේ’ පොදුවේ සැම කෙසෙල් ගෙඩියකම සෝඩියම්” යකඩ” විටමින් ඒ” විටමින් ඕ” විටමින් ඛ් ගුණ පවතිනවා’

සිගරට් වලට ඇති ඇබ්බැහිය අඩු කරවන විශ්මිත කෙසෙල් මැජික් ආහාරය

අපි විද්‍යාත්මකව පවා තහවුරු කරගෙන තිබෙන සුවිශේෂී කරුණක් තමයි අධික ලෙස සිගරැුට් පානය කරන පුද්ගලයන්ට එයින් මිදීමට කෙසෙල්වලට පුළුවන් කියන එක’ කෙසෙල්වල තිබෙන රසායනික ගුණය සිගරැුට්වල පවතින නිකටින් විසට ප‍්‍රතිවිරුද්ධව කටයුතු කරන නිසා සිගරැුට් බොන පුද්ගලයන් අධික ලෙස කෙසෙල් ගෙඩි අනුභව කරනව නම් සිගරැුට් බීම එපා වෙනවා’ සිගරැුට් බීමට ඇබ්බැහිවෙලා එය මග හරවාගන්න බැරිව ළතැවෙන අයට මම කෙසෙල්වලින් සාදාගත හැකි කෑමක් කියන්නම්’ දිනපතා උදේ ” දවල් ” ?  කෑම කනකොට පපඩම් වෙනුවට ඒ ආහාරයට ගන්න ’ ඔබට සිගරැුට්වලින් අත්මිදෙන්න පුළුවන් වේවි’

*  මුලින්ම හොඳින් පැසුණු අමු අළු කෙසෙල් ගෙඩි කිහිපයක් ගෙන පොතු ඉවත්කර ඒවා කැබැලිවලට කපා ගන්න.
*  කපාගත් කැබලි කහකුඩු ස්වල්පයක් හා ලූනු ස්වල්පයක් සමග මිශ‍්‍ර කරලා ගැඹුරු තෙලේ බැදලා රන්වන් පාට වෙනකොට තෙලෙන් බා ගන්න.
*  ඉන්පසු හොඳින් ඇසුරුම් කරලා දිනපතා බත් සමග ඒ කැබලි කිහිපයක් ආහාරයට ගන්න.
*  ඔබ දුම් පානයේ වහලෙක් වෙලා නම් එයින් ඔබට අත්මිදෙන්න මේ ඖෂධීය ගුණ සහිත මෙම ආහාරය උදව්වක් වේවි.

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී එස්’ කේ’ එම්’ කේ’ හැරපත්දෙණිය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න.

බඩේ දැවිල්ල සුව කර ගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න.

බඩේ දැවිල්ල බොහෝ දෙනෙකුට සෑදෙන ලෙඩක්. මේ දවස් වල අප කන ආහාර ඉතාම අස්වාභාවික නිසා බඩේ දැවිල්ල නිතරම අහන්නට ලැබෙන තත්වයක්. අපගේ ගලනාලය තුල සෙම පටලය අඩු වීම නිසා ආමාශයෙන් නැවතත් ගලනාලයට ඇතුලුවන ඇසිඩ් බඩේ දැවිල්ල ඇති කරයි. අපගේ ආමාශය තුල ඇති පෙප්සින් එන්සයිමය සහ ඇසිඩ් අපට අවශ්‍ය වන්නේ ප්‍රෝටීන ජීරනය කිරීම සඳහායි. ඒ වගේම ආමාශයේ ඇති ඇසිඩ් වලින් ආහාර වල තිබෙන විශබීජ විනාෂ කිරීම සිදු කරනවා.
.

 කුඩා බඩවැලේදී නැවතත් බයිකාබනේට ආහාර වලට මිශ්‍ර වෙනවා. මෙයින් ඇසිඩ් ගතිය දුරු කල පසු අග්න්‍යාශයෙන් එකතු වන එන්zයිම් සහ පිත එකතුවීමෙන් මේදය සහ ප්‍රෝටීන තව දුරටත් ජීරනය වෙනවා. ඇමිලේස් එන්සයිමයෙන් පිටි ආහාර ජීරනය කිරීම සිදු කරනවා. අපගේ මහ බඩවැලේ බැක්ටීරියා කිලෝග්‍රෑම් දෙකක් පමන තිබෙනවා. අපගේ ශරීරයේ ඇති සයිල ප්‍රමානයට වඩා අපගේ බඩවැලේ තිබෙන බැක්ටීරියා ප්‍රමානය වැඩියි. මෙම බැක්ටීරියා වලින් ආහාර වල තිබෙන විස නැසීම, අපගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය සහ හෝමෝන ක්‍රියාකාරිත්වය හොඳින් පැවැත්වීම සහ ඛනිජ අවශෝෂනයත් සිදු කරනවා. මෙම බැක්ටීරියා වලින් ආහාරවල තිබෙන කෙඳි ජීරනය කොට බියුට්‍රික් ඇසිඩ් සාදනවා. මෙය අපගේ බඩවැල් සයිල වලට ආහාර ලෙස පාවිච්චි කරන්නට පුලුවන්.
ආමාශය තුල ඇසිඩ් අඩුවෙන් තිබීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. වයසට යන විට සහ සීනි ආහාරයට ගැනීම වැඩිවන විට ආමාශය තුල තීබෙන ඇසිඩ් සෑදීම අඩු වෙනවා. ඒ වගේම බඩේ දැවිලලට ගන්නා ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් ඇසිඩ් සෑදීම අඩු කරනවා. ඇසිඩ් අඩු වන විට අනවශ්‍ය සහ අහිතකර බැක්ටීරියා බඩවැලේ ඇතිවනවා. හීලිකොබැක්ටීරියා බැක්ටීරියාවෙන් ගැස්ට්‍රයිටිස් හෝ ආමාශය තුවාල වීම සිදු කරනවා. ඒ වගේම බඩවැලේ ලීක් වීම සිදුවෙනවා. බඩවැලෙන් සමහර දේවල ඇඟට ලීක් වන විට අපට ප්‍රදිශක්තීකරන පද්ධතියට වන හානි නිසා නොයෙකුත් ලෙඩ රෝග සෑදෙනවා.
බඩේ දැවිල්ලට පලමුවෙන්ම කල යුත්තේ මේ දේවල්
1. සීනි චොක්ලට්, කෝපි තේ, සුදුලූනු සහ ලූනු, තක්කාලි, ඇඹුල් ආහාර සහ මධ්‍යසාර නවත්වන්න
2. මානසික ආතතිය අඩුකර ගන්න
3. මේදය අඩු කරන්න.
4 බර අඩුකරන්න

මෙම දේවල් කිරීමෙන් බඩේ දැවිල්ල සෑහෙන්න අඩුකර ගන්නට පුලුවන්.

මෙයින් පසුව ටික ටික හොඳ මේදය ආහාරයට එකතු කරන්නට අවශ්‍යයි. පොල්තෙල් අපට ගතහැකි හොඳම මේදයයි.
අපගේ සෑම සයිල පටලයක්ම සෑදෙන්නේ මේදයෙනුයි. අපට අත්‍යවශ්‍ය විටමින් වන ඒ, ඩී, ඊ සහ කේ විටමින් ඇඟට අවශොව්ශනය කරගන්නටත් මේදය ආහරයේ තිබෙන්නටම ඕන. කාන්තා සහ පිරිමි හෝමෝන සෑදීමටත් මේදය අවශ්‍යයි. මානසික සෞඛ්‍යයටත් මතක ශක්තියටත් මේදය අත්‍යවශ්‍යයි.
බඩේ දැවිල්ල හොඳවෙනවාත් එක්කම ආමාශයේ ඇසිඩ් සාමාන්‍යතත්වයට ගෙන ඒම ටික ටික පොල්තෙල් ආහාරයට ගැනීම වැඩි කරන්නට ඕන. ග්ලූටන් අඩංගු ආහාර එනම් තිරිඟු පිටි වලින් සාදපු පාන් වැනි ආහාර අඩු කරන්නට ඕන.
බීට් රූට්, සහ ජෙලටින් වලින් ආහාශයේ ඇසිඩ් වැඩි කරන්නට පුලුවන්. බඩේ ඇසිඩ් අඩුකරන්නට ගන්න ඉංග්‍රීසි බෙහෙත් ගැනීමෙන් සෞඛ්‍යයට හානි සිදු වෙනවා. මෙම නෙක්සියම්, ප්‍රැවසිඩ් වැනි බෙහෙත් දිගටම ගන්නා අයට ඇට දියවීම, විටමින් බී 12 අඩුවීම සිදුවෙනවා.

බඩේ දැවිල්ල සම්පූර්නයෙන් සුව කිරීමට
කලින් කියපු ආහාර රටාවට යන්න. මුලදී මධ්‍යසාර, දුම්බීම, මස්, කුකුල් මස්, කිරි ආහාර සහ සීනි වලින් වලකින්න.
මේදය අඩුකරන්න.
පසු කාලයකදී පොල්තෙල් ආහාරයට ගන්න එක වැඩි කරන්න.
විටමින් ඩී3කේ2 සහ බී12 දිනපතා ගන්න.
අපගේ ඇන්ටිඔක්සිඩන්ට් වර්ග 7 දිනපතාම ගැනීමෙන් දීර්ග කාලීන වශයෙන් බඩවැල සුවකරගන්න. එම වර්ග හතෙන්ම සමේ පැහැපත් ගතිය වැඩිකර ගන්නටත් වයසට යාමෙන් සෑහෙන්න වැලකෙන්නටත් පුලුවන්.
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 





 

Saturday, August 27, 2016

ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම හැන්දක් ආහාරයට ගන්න.

ඔබේ බර අඩු කරගන්න මෙන්න මේ විශ්මිත ඔසුවෙන් හැමදාම හැන්දක් ආහාරයට ගන්න.

සෑම ආහාරයකටම එකතු කරන නැතුවම බැරි අමුද්‍රව්‍යයක් ලෙස සුදුළුනු හඳුන්වන්නට පුළුවන්. එය මෙතරම් ජනප්‍රියවී තිඛෙන්නේ ආහාර රසවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට ඇති නිසාවෙනි. රසයට අමතරව සෞඛ්‍යමය අතින්ද ඉහල වටිනාකමක් ඊට තිඛෙනවා.

අධික උෂ්ණත්වයක් යටතේදී සුදුළුනු වල ඇති ඇලිසින් පෝෂක පදාර්ථය විනාශයට පත්වෙන නිසා අමුවෙන් සපමින් අනුභව කරනවානම් විශිෂ්ට ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

අමු සුදුළුනු ලෙඩරෝග ගණනාවකටම සහනය සලසන නිසා වෛද්‍යවරුන් පවා ඇතැම් අවස්තාවන් වලදී සුදුළුනු අනුභවය නිර්දේශ කරනවා.

අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අවම කරන අතර හර්දය ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවීම වැළක්වීමටද කටයුතු කරනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රුධිර නාලිකා සිහින්වීමේ රෝගය සඳහා වූ ඖෂධයක් ලෙසද සුදුළුනු  භාවිතා කරන්නට පුළුවන්.

ඔබ නොදැන සිටියාට ප්‍රතිශක්තීකරණ පද්ධතිය් ශක්තිමත් කරගෙන විෂ හරණය කරගැනීමට වගේම ශරීරයේ බර සැලකියයුතු ලෙස අඩු කරගැනීම සඳහාත් සුදුළුනු ඵලදායකයි.

ශරීරයේ බර අඩුකරගැනීම සඳහා සුදුළුනු භාවිතා කරන්නේ මෙහෙමයි

සුදුළුනු පොඩි කරගෙන ඉන්පසුව පොඩියට කපා ගෙන මිනිත්තු 15ක් පමණ ගියපසුව අමුවෙන්ම අනුභව කරන්න. හිස්බඩ අනුභව කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ, මොකද එවිට පෝෂක කොටස් පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය වෙනවා.

සුදුළුනු බික් 2ක් හෝ 3ක් ගෙන මීපැණි මේසහැන්දක් සමග හොඳින් මිශ්‍ර කරගන්න. හැමදාම එම මිශ්‍රණය අනුභව කරනවා නම්, දින කිහිපයකට පසුව වැඩි උද්‍යෝගී බවක් සහ සෞඛ්‍යය සම්පන්න බවක් ඔබට දැනේවි. ඊට අමතරව දින 7ක් ගිය පසුව ඔබේ ශරීරයේ බර කිලෝග්රෑම් කිහිපයකින් අඩුවී ඇති බවක්ද ඔබට දැනේවි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ඔසු කිහිපයක්.

 ඔබටත් පීනසය තියෙනවද? එහෙනම් මෙන්න පීනසය නිට්ටාවටම සුව කරගන්න විශ්මිත ඔසු කිහිපයක්.

පීනස කියන්නේ ඉතිහාසයෙ අපි අහල තියෙන්නේ ටිකක් වයස අයට හැදෙන ලෙඩක් කියල. ඒත් ඒක අද දවස වන විට බොහෝ වෙනස් වෙලා. අද කාලේ පොඩි වුන්ටත් කොල්ලෝ කෙල්ලන්ටත් පීනසේ තියෙනවා. ඒ වගේම පීනසේ නොයෙක් වැරදි මත සහ නොදැනුවත් කම නිසා පාලනය කරගන්නට නොහැකි වෙලා තිඛෙනව.

මුලින්ම ඔබ පීනස් රෝගියෙක් නම් ඔබට තිබිය හැකි ලක්ෂණ මොනවාදැයි බලමු.

පීනස මතුවීමට බලපානු ලබන්නේ අධික වෙහෙස, නිදිමැරීම, රාත්‍රී කාලයට ශීතල ජලය ස්‌නානය, දුවිලි සහිත පරිසරවල නිතර ගැවසීම, වායු සමීකරණය කළ ස්‌ථානවල වැඩි කාලයක්‌ ගත කිරීම විය හැකියි. නිතර ශීත ආහාරපාන ගැනීම ආදී කරුණුත් බලපාන්න පුලූ‍වන්.පීනස සහිත අය නින්දේදී තිගැස්‌සී අවදිවනවා. එක දිගට පැය කිහිපයක්‌ හරිහැටි නිදාගැනීමට නොහැකිය. නින්දේදී ගොරවනව.

උදෑසන අවදිවූ විට අධික වෙහෙස , අලස බව, උදෑසන නින්දෙන් අවදිවී දෙපා පොළව මත තබා නැගිටින විට දෙපාවල අධික වේදනාවක්‌ සහ හිරිවැටීමක්‌ මතුවීම ආදී අපහසුතා ද මතුවෙන්න පුලූ‍වන්.

පීනස වැළදෙන වයස

අපි මුලින් කිව්ව වගේම අතීතයේදී නම් වයස අවුරුදු 18 පමණ වනතුරු පීනස රෝගය වැළදුනු අය හමුවූයේ ඉතා කලාතුරකින් . නමුත් වර්තමානයේ වයස අවුරුදු 10 - 12 වැනි කුඩා වයසේ සිට පීනස රෝගවලට ලක්‌වූවන් හමුවෙනවා. ඊට හේතුවී ඇත්තේ වර්තමානයේ පවතින අක්‍රමවත් ජීවන රටාව, වැරදි ආහාර පුරුදු, ව්‍යායාමවල නොයෙදීම සහ කය වෙහෙසවා වැඩ නොකිරීම ආදිය.

ප්‍රතිකාර ලබාදීම.. පීනසය මතුවීමට බලපා ඇති නාඩි කම්පනය හඳුනාගැනීම.

පීනසය සඳහා හිසට තෙල් ආලේපකර වැඩිපුර රතුළුනු, ගොටුකොළ ආහාරයට ගත්තාට පමණක්‌ ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නිවැරදි ප්‍රතිකාරද ලබාගත යුතුය. තමාට පීනසය මතුවීමට බලපා ඇති නාඩි කම්පනය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබානොගතහොත් රෝගය සිරුර තුළ නිදන්ගතවී මුළු දිවිය පුරාවට පීඩා ගෙනදෙනවා..

පීනසට සුදුසු කැඳ වර්ග

ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ග දෙකක්‌ අපි ඔබට කියනව. මෙම කැඳ වර්ග දිනපතා උදෑසන පානය කිරීමෙන් පීනස නිසා මතුවන අපහසුතා අවම කරගන්න පුළුවන්

ගොටුකොළ කැඳ

ගොටුකොළ ගස සහමුලින්ම, උදුපියලිය ගස සහමුලින්ම, කුප්පමේනියා ගස සහමුලින්ම, කරපිංචා ඇට ටිකක්‌, හීනටි හාල්, කුරුළු තුඩ හාල් හෝ කැකුළු හාල් ටිකක්‌ මිශ්‍ර කරගෙන කැඳක් සකසා ගන්න.

අබ කැඳ

අබ ගස සම්පූර්ණයෙන්ම, ලූ‍නුවිල, ගස සම්පූර්ණයෙන්ම කලූ‍කැබ්බේරිය සම්පූර්ණයෙන්ම, අලිගැට පේර දළු ටිකක්‌, අමු ගම්මිරිස්‌ අහුරක්‌. උළුහාල් ස්‌වල්පයක්‌ ගෙන හොඳින් කැඳ සාදා ගන්න. එම කැඳ භාජනය ලිපෙන් බෑමට පෙර කළුදුරු ස්‌වල්පයක්‌ එක්‌කරගෙන මඳ රස්‌නයෙන් පානය කරන්න.

ඉතින් පීනසය තිඛෙන ඔබට එයින් යම් සහනයක් ලබා ගන්න ඉහත ක්‍රමය වැදගත් වේවි.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලික ලක්‌ෂණයකි.

 කාන්තාවන් වහාම දැනුවත් වෙන්න සුද යැම රෝග රැසක මූලික ලක්‌ෂණයකි.
ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

කාන්තාවන්ට බහුලව වැළඳෙන රෝග අතර සුද යැම ප්‍රධාන තැනක්‌ ගනී. බොහෝ කාන්තාවෝ මෙන්ම තරුණියෝ ද මෙම රෝග තත්ත්වයෙන් අපහසුතාවට පත්ව පීඩා විඳිති.

සුදයැම යනු කුමක්‌ද?

බොහෝ කාන්තාවන් සුදයැම රෝගයක්‌ ලෙස සිතා සිටියත් මෙය රෝගයක්‌ නොව රෝග කිහිපයකට අදාළ ප්‍රධාන රෝග ලක්‍ෂණයකි. එනම් යෝනි මාර්ග ආශ්‍රිත දිලීර, ගැබ්ගෙල පිළිකා, සෙම්රෝග, මානසික පීඩාව, විවිධ රසකාරක ආහාර බහුලව ගැනීම, පණුරෝග ගර්භාෂ ගෙඩි, ගර්භාෂ පහත්වීම ඩිම්බකෝෂවල ගෙඩි, හෝමෝන අසමතුළිතතා වැනි රෝග රැසක ප්‍රධාන රෝග ලක්‍ෂණයක්‌ ලෙස සුදයැම ඇති වේ.

මීට අමතරව අපිරිසිදු යට ඇඳුම් ඇඳීම, බහුපුරුෂ සේවනය, උපත් පාලන ඖෂධ නිතර නිතර ගැනීම, උපත්පාලන උපකරණ පැළඳීම නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෙනස්‌කම් නිසා ද සුදයැම ඇති වේ.

සුදයැම හඳුනාගන්නේ

කෙසේ ද?

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවේ. එම ශ්‍රාවයන් සමඟ තද පැහැති දුර්ගන්ධයක්‌ සහිත, කැටි ගැසුණු ශ්‍රාවයන් පිටවේ නම් වේදනාකාරී නම් සුදයැම ඇතිවී ඇති බවට හඳුනාගත හැකිය.

මෙම ලක්‍ෂණවලට අමතරව නිතර නිතර කෝපය ඇතිවීම, සිරුරේ බර අඩුවීම සමේ පැහැය දුර්වර්ණවීම, ඇස්‌ යට කළු පැහැයක්‌ ඇතිවීම, ඇස්‌ දීප්තිමත් බවින් අඩුවීම, මුහුණ මලානික බවින් යුක්‌තවීම, හන්දිපත් වේදනාව, නින්දෙන් අවදි වූ විට දැඩි අලස බවක්‌ පැවතීම. කෑම අරුචිය, මුත්‍රා දැවිල්ල වැනි රෝග ලක්‍ෂණ ද මතු වේ.

සුදයැම ලෙස ශ්‍රාවය වන්නේ මොනවාද?

සුදයැමේදී ශ්‍රාවය වන්නේ සිරුරේ සෞම්‍ය ධාතු කොටස්‌ය. එබැවින් එම ධාතු කොටසක්‌ අධික ලෙස පිටවීම නිසා ඉහත දැක්‌වූ ශරීර ලක්‍ෂණ මතු වේ. එසේම සුදයැම බොහෝ විට සිදුවන්නේ ඔසප්වීමට සති දෙකකට පමණ සිටය. එනම් ඔසප් චක්‍රයේ සරුකාලය අවසන් වූවාත් සමගය.

ප්‍රතිකාර ලෙස

කළ යුත්තේ කුමක්‌ද?

මෙය රෝග රැසකට අදාළ රෝග ලක්‍ෂණයක්‌ බැවින් අදාළ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුය. උදාහරණයක්‌ ලෙස ගර්භාෂ ගෙඩි නිසා හෝ ඩිම්භකෝෂ ගෙඩි නිසා සුදයැම පවතී නම් ඊට අදාළව ප්‍රතිකාර කළ යුතුය. මානසික පීඩනයක්‌ නිසා සිදුවේ නම් මානසික පීඩාවට අදාළ ප්‍රතිකාර කළ යුතුය.

ප්‍රතිකාර නොගෙන

සිටීම භයානකද?

අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගත යුතුයි. එසේ නොවුනහොත් විවිධ ආසාදන යෝනි මාර්ගය තුළ ඇති වී ගර්භාෂයට පැලෝපීය නාලවලට බලපායි. විශේෂයෙන්ම දරුවන් ප්‍රසූතකර නොමැති කාන්තාවන් සුදයැම පවතින විට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් ඔවුන්ගේ පැලෝපීය නාලවලට හෝ ගර්භාෂයට ආසාදන ඇතිවීමෙන් වඳභාවයට පත්විය හැකිය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි