Showing posts with label Entertaining News. Show all posts
Showing posts with label Entertaining News. Show all posts

Tuesday, August 30, 2016

කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!

කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙහෙමයි!!
ස්ත්‍රී දේහ ලක්ෂණ වලින් හෙළි කරන රහස් බොහොමයකි.පහතින් දැක්වෙන්නේ ඒවායින් ටිකකි.
පාද
මොලොක් පැතලි මස් වැඩුණු රත් පැහැ පාද ඇති ස්ත්‍රිය ගුණ ධර්මයන් වඩන රාජ භාර්යාවක් වන්නේය. රළු වියළි පා ඇති ස්ත්‍රිය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්‍රියාවෙහි යෙදෙන ස්ත්‍රියක්ය. පා ඇගිලි එක පිට නැගී සිටීම වැන්දඹු ලක්ෂණයකි.

නිය
පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ බෝග සම්පත් ලබන්නීය. පිට පතුල නෙලුම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැතිය. උඩුපතුල මැද නැවී ඇත්නම් දි)කඑතිඳුය. පා මැද නහර ගැට ගැසුණේ නම් නිකරුණේ ඇවිදින්නියකි. උඩු පතුලේ ලොම් ගැවසුණේ දාසියකි.

විලුඹ
තඹ වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය.

කෙණ්ඩ
මස් වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුණු කෙණ්ඩ ඇති කාන්තාව සැප ලබන්නීය

දණහිස
මස්වැඩි වට වූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි

උකුල
උකුල මහත්ව ඉගටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි. වැහැරී නැවී කුඩාව හෝ ලොම් ඇතොත් කණවැන්දුම් වීමේ ලක්ෂණයකි.

නිතඹ
බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පලල් වුවහොත් කම් සැප ලබන්නීය. ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය.


උරහිස
නැවුණු උරහිස පුතුන් ඇති ලක්ෂණයකි. කෙටි වුවහොත් සැප ඇත්තියකි. මස් වැඩුණොත් ඉතා කාමාධිකය. මස් රහිත වූයේ නම් වැන්දඹු වෙයි. සමව උරහිස් ඇත්තී පින්වන්තය.

අත්
අතේ මහපට ඇගිල්ල පියුම් කැකු)කඑතක් බඳු වූයේ හා පිරිසුදු හා පැහැදිලි රේඛා අත්ලේ පිහිටියේ නම් ඇය පිනැත්තියකි. අත්ල පියුමක් මෙන් මොෙ)කඑතාක් වූයේ නම් සැප ලබන්නියකි. කොඩි කුඩ මත්ස්‍ය ස්වස්තික දුනු ආකාර ලක්ෂණවලින් එකක් යම් කාන්තාවකගේ අත්ලේ පිහිටියේ නම් ඈ සැප ලබන්නියකි. චක්‍ර යුධායුද ජය සංකේත යන ලක්ෂණවලින් එකක් පිහිටියේ නම් ඇය කිසි ලෙසකින් දුක් නොවිඳින භාග්‍යවන්ත කාන්තාවකි. රෝම ගැවසුණු හා වළ ගැසුණු පිට අල්ල ඇති කාන්තාව ස්වාමියාට අපල වෙයි. නහර ඉලිප්පී ලොම් ගැවසුණු පිටි අල්ල ඇති ස්ත්‍රිය චිත්ත සන්තාපයෙන් කල් ගෙවන්නියකි. මහපට ඇගිල්ල මුල සිට සු)කඑතැගිල්ල දක්වා අල්ලේ රේඛා වැටී ඇති නම් ඇය ස්වාමියා නසන්නීය. පැතලි වැහැරී හැකිළුණු ඇගිලි පුරුක් බිය රෝග ඇති කරයි. වකුටු වූ හෝ රළු වූ නියපොතුද රෝග බිය ඇති කරන අතර නියපොතුවල සුදු බින්දු වැටීම අධික කාමාශාව ඇති බවෙහි ලක්ෂණයකි.

බෙල්ල
වට වූ පිරුණු දිග් වූ බෙල්ල ඇති ස්ත්‍රිය ස්වාමියාට සැප ගෙන දෙයි. ඛෙල්ල කෙටි වීම ස්වාමියාට සැප අඩු කරයි. ඛෙල්ලේ රේඛා 3ක් පෙනේ නම් එය ඉතා සුබ ලක්ෂණයක් වෙයි. බෙල්ල පැතලි නම් ස්වාමි සැප අඩුය.

කම්මුල්
මස් ඇති පිරුණු සිනා පිරි කම්මුල ඇත්තී වාසනාවන්තියකි. මස් අඩු රළු වකුටු කම්මුල ඇත්තී දුක් ලබන කාන්තාවකි. සිනාසෙන විට මැදි ව)කඑත ගැසුණු කම්මුල් ඇති කාන්තාව නිතර ප්‍රීතියෙන් සිටින්නීය.

තොල්
යටි තොල වටව සිනිඳුව බඳු වදමල් මෙන් පැහැපත්ව තිබේ නම් උතුමන් ප්‍රිය කරන කාන්තාවකි. රළුව එල්ලා වැටෙන මස් රහිත කළු වූ යටි තොල ඇති කාන්තාව ස්වාමි සැපය අඩු කරයි.

දත්
සමව කුඩාව කිරිවන් පැහැ දත් දෙතිස ඇත්තී පින්වත් කාන්තාවකි. කසාවන් හෝ කළුව මහත්ව පලල්ව සක් කැබලි වැනි දත් පිහිටියේ නම් පින් අඩු කාන්තාවකි. යටි ඇන්දේ දත් වැඩි කාන්තාව මවගෙන් වෙන්වෙයි. විකෘති ආකාර දත් ඇති කාන්තාව වැන්දඹු වෙයි.

නාසය
කුඩා සිදුරු ඇති සම වට වූ පටු නාසය ඇති ඇත්තී පින්වන්තය. අගින් වක් වූ නාසය ඇත්තී වැන්දඹු වේ. පැතැලි නාසය ඇත්තී දාසියකි. එල්ඛෙන නාසය ඇතිනම් ඇය කලහා ප්‍රියකරයි.

ඇස්
මුවන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් පින්වන්තය. බ)කඑතල්, මී, කොඛෙයි යන සතුන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් ඇය නපුරුය. දකුණු ඇස වපර වූයේ නම් වැන්දඹු වෙයි. වම් ඇස වපර වූයේ නම් පරපුරුෂයන් සොයයි. බිඟුවන් ඇස් ඇත්තී ස්වාමියා ධනවත් කරයි. කළු පැහැ ගන සැහැල්ලු ඇසිපිය ඇත්තී හිමියාට ප්‍රියවනසුලුය. නිතර ඇසිපිය ගසන්නේ මානය වැඩි ගුණ හීන කාන්තාවන්ය. නීලවර්ණ මොෙ)කඑතාක් ඇස්බැම ඇත්තී වාසනාවන්තය. ඇස් බැම දෙක හාවී නම් නිතර දුක් ලබන කාන්තාවකි.

කන්
කන් දෙක එල්ලෙන ස්වභාව ඇත්නම් ඉතා යහපත්ය.

නළල
නළල් තලය උස්ව මොලොක්ව අගල් 3ක ප්‍රමාණවත්ව අඩ සදාකාරව ඇතිනම් වාසනාවන්තය.

කොණ්ඩය
කෙස් වැටිය ඇතකුගේ කුම්භස්තලය වැනි වූයේ නම් පුණ්‍ය ලක්‍ෂණයකි. මී මැසි පෙ)කඑතක් මෙන් පැහැතිව අගින් නැවුණු සිහින්ව කෙස් ඇති වූයේ නම් එයද පුණ්‍ය ලක්‍ෂණයකි. ගන වූ රළු වූ හිස කෙස් ඇති නම් දුක් විඳින කාන්තාවකි.

ළප කැළල්
නළල මැද හෝ බැමි දෙක අතර මැස්සකු වැනි ලපයක් ඇතිනම් හිමියාගේ සහකරුගේ හා මෙහෙකරුවන්ගේ සැප ලබන කාන්තාවකි. කම්මුල් මැද ලපය රතු නම් මහ පින් ඇත්තියකි. පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. නාසයේ අග රතු ලපයක් ඇතොත් ඕ තොමෝ ධනවන්තියකි. එය කළු වුවහොත් පරපුරුෂයන් කරා යයි. නාභියෙන් පහත ලප කැළලක් ඇතොත් ඈ පින්වන්තයි. නළල් ත්‍රිශූල ලක්‍ෂණයක් ඇතොත් ඈ සේනාධිපතිනියක් වන්නීය.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු මෙන්න.

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.
අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.
තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.
වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.
මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.
තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?
තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා.
ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම
ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.
තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.
මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි.
මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.
ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.

මව්බිම
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න.

සමේ අඳුරු ලප දුරු කරගන්න මෙන්න මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න.


පතංජලීගේ යෝග දර්ශනයෙහි “කාය සම්පත්” හතරක් දක්වා ඇත. එනම් රූප හෙවත් හතරක් එනම් රූප හෙවත් ශරීරයේ සුන්දර හැඩය, ලාවණ්‍යය හෙවත් සමේ සුන්දර පැහැය, ශරීරයේ ශක්තිමත් බව, එකට එකක් හොඳින් ගැළපෙන ශක්තිමත් ශරීර අවයව පිහිටීමයි.

සමේ සුන්දරත්වයට බලපාන සාධක

යමෙකුගේ ආහාර, රැකියාව, පිරිසුදුකම, මානසික ස්වභාවය, නිරෝගී බව සහ හිරු එළිය යන කරුණු සමේ පැහැපත් බවට බලපානවා. සම පැහැපත් වීමට හොඳ පෝෂණයක් අවශ්‍යයි. සම වියළී යෑම වළක්වා ගැනීමට හොඳ මට්ටමින් තෙතමනය පවත්වා ගත යුතුයි. සමට අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දෑ සමඟ නිතර කටයුතු කිරීමෙන් සම ඉක්මනින් රෝගී වෙනවා. මානසික මට්ටමවත් සමේ විශේෂයෙන්ම මුහුණේ පැහැපත් බවට බලපානවා. නිතර නිතර තද හිරු එළියට නිරාවරණය වීමෙන් සම අධිකව වියළෙනවා, සම දුර්වර්ණ වෙනවා පමණක් නොව ඉක්මනින්ම සම වයසට යනවා.herbal-remedy
ආයුර්වේදයට අනුව නිරෝගී, පැහැපත් සමක් ඇති පුද්ගලයන් “ත්වක් සාරත්වයෙන්” යුතු අය ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සම පැහැපත් වගේම, මෘදු මොළොක් බවෙන් යුක්ත වෙනවා. සමේ සුන්දර රෝම පිහිටලා තිබෙනවා. සම දිලිසෙන බවකින්, කාන්තිමත් බවකින් යුතු වෙනවා.

සමේ පැහැපත් බවට දේශීය පිළියම්

ඉහත දැක්වූ පිළිවෙත් අනුගමනය කරනවාට අමතරව, සම නිරෝගීව පවත්වා ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත් විවිධ පිළියම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වේ. සමහර ආලේපන මඟින් මුහුණ පැහැපත් වෙනවා. එම නිසා මේවා “මුඛ සාන්තිකර ලේප” ලෙස දැක් වෙනවා.

සමේ පැහැපත් බව ඇති කරන ඔෟෂධ

එළකිරි, එළඟිතෙල්, මීපැණි වැනි ඔෟෂධවලට අමතරව රත් හඳුන්, වැල්මදට, සුවඳ කොට්ටම් වැනි ඔෟෂධ මඟින් සමේ පැහැපත් බව ඇති කරනවා.
රත්හඳුන්, වැල්මදට, සුවඳ කොට්ටම්, ලොත්සුඹුළු, රුක්මල්, නුගඅරළු සහ රතු පරිප්පු සමානව ගෙන සියුම්ව කුඩු කර එළකිරි හෝ එළුකිරිවලින් අඹරා ආලේප කිරීමෙන් සමේ පැහැපත් බව ඇති වෙනවා.

සමේ කළු පැහැ ලපවලට

වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති වන අනවශ්‍ය කළු පැහැති ලප ඉවත් කර ගැනීමට වැල්මදට කුඩු මී පැණියෙන් අඹරා ගාන්න. එසේ නැතහොත් කුඹුක් පොතු යුෂ මී පැණියෙන් මිශ්‍රකර ආලේප කරන්න.

කෝමාරිකා ප්‍රතිකාර

aloe-vera-cure-skin-pigmentationකෝමාරිකා මඳ ඉස්ම සමේ තුවාල ඉක්මනින් සුව කරනවා. එසේම සමේ දුර්වර්ණ බව ඉවත් කරනවා. සම මෘදු කරනවා. මීට අමතරව හිසේ සමේ ඇතිවන හිස්හොරි සහ හිස කෙස්වල හටගන්නා රෝගවලටත් කෝමාරිකා වටිනා ඔෟෂධයක්. කෝමාරිකා මද ආලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්‍ෂා වෙනවා. සම හිරු එළියට පිලිස්සීම වළකිනවා. විස බීජ නාශක ගුණයෙන් යුතු නිසා සමේ ඇතිවන ආසාදන සහ ප්‍රදාහ තත්ත්වවලටත් ගුණදායකයි.
පිරිමින්ගේ රැවුල කැපීමේදී ඇතිවන කැපුම් තුවාලවලටත් කෝමාරිකා සුවදායකයි.

රැවුල බෑමෙන් පසුව කෝමරික මද ඉස්ම මුහුණ පුරා ආලේපකර මඳ වේලාවක් තැබීමෙන් සම වියළීම වළකිනවා. සමේ කැපුම් තුවාල සුව වෙනවා. සම පැහැපත් වෙනවා. කුරුලෑ සුව කරනවාකෝමාරිකාවල ඇති රසායනික සංයෝග නිසා සුළු කැපුම් තුවාල සුව කරනවා වගේම සමේ ඉදිමීම, රතුවීම වැනි ප්‍රදාහිත තත්ත්ව සමනය කරනවා.

සම වයසට යෑම ප්‍රමාද කරනවා .කාන්තාවන්ගේ සම වයසට යෑම දැඩි මානසික පීඩනයට හේතුවක් වෙනවා. මේ නිසා ඉක්මනින් සම රැලි වැටෙනවා, සමේ තිබෙන ප්‍රත්‍යාස්ථ බව නැති වෙනවා. මේ තත්ත්ව මඟ හරවා ගෙන සම නිරෝගීව, තුරුණු බවෙන් යුක්තව තබා ගැනීම සඳහා කෝමාරිකාවල බීටා – කැරොටීන්, විටමින් – ඛ් සහ විටමින් – ඡ් වැනි සංඝටක උපකාරී වෙනවා. දිනපතා කෝමාරික මද ඉස්ම සූර්යා ලෝකයට නිරාවරණය වන ස්ථානවල ආලේප කිරීමෙන් සම වියළී යෑමත් වළකිනවා.

සමෙහි ඇතිවන ඉරිතැලීම් අවම කරනවා.කෙටි කාලයක් තුළ ශරීරයේ බර වැඩි වීමත්, ගර්භණී බවත්, කාන්තාවන්ගේ ශරීරයේ යම් යම් ස්ථානවල සම ඉරී සුදු පැහැති රේඛා ඇති වීමට හේතු වෙනවා. මේවා පිටතට පෙනෙන ස්ථානවල ඇති වීමෙන් යම්කිසි අවලස්සන බවක් ඇති වෙනවා. එවිට ඒවා මත කෝමාරිකා මද ඉස්ම ආලේප කර වියළීමට සැලැස්වීමෙන් අවම කරන්නට පුළුවන්.

මුඛ රෝගවලටත් හොඳයි.කෝමරිකා මද ඉස්ම පානය කිරීමෙන්, මුඛය සේදීමෙන් හෝ මුඛයේ ආලේප කිරීමෙන් කට කොන් වණ වීම , විදුරුමස් ඉදිමීම සහ විදුරුමස්වලින් ලේ යාමත් සුව වෙනවා. මුඛයේ, උෂ්ණ කාලවලට ඇතිවන වේදනාකාරී තුවාල වලටත් කෝමාරිකා මද ඉස්ම පානය කිරීමෙන්, ආලේප කිරීමෙන් ගුණ ලැබෙනවා.මේ නිසා කෝමාරිකා රූපලාවණ්‍ය ඔෟෂධවලට පමණක් නොව බොහෝ කායික රෝගවලටත් සුවදායක වෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.

 සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන්
 වටිනා උපදෙස් මෙන්න.


නීරෝගිමත් දිගු කෙස් කලඹකට හිමිකාරියක් වෙන්නට ඇත්නම් එය කෙතරම් වාසනාවන්තද? එහෙත් ලස්සන දිගු කෙස් කලඹකට හිමිකම් කියන කාන්තාවන් අද ඉන්නේ කීයෙක් කී දෙනාද? බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ විවිධ හේතු කාරක නිසා විවිධ රෝග තත්ත්වයන් නිසා හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට හානිකර බලපෑම් ගෙන දී ඇති ආකාරයයි.

ඉස්හොරි, හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් සුදුවීම, තුනීවීම, අගිස් පැලීම, දුර්වර්ණ වීම, වර්ධනය නොවීම අද බහුල ලෙස දැකිය හැකි ගැටලුයි. මෙවන් තත්ත්වයක් ඇතිවන්නේ ඇයි? කෙස් කලඹේ නීරෝගිමත් බව රැකගන්නට නම් අප අනුගමනය කළයුතු උපදෙස් මොනවාද? මෙම සුවිශේෂී අතිරේකය ඒ පිළිබඳ විමසා බලන්නටයි.

* නොසැලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලයි.

අද බොහෝ විට දක්නට ලැබෙන්නේ හිසකෙස්වලට දක්වන අඩු අවධානය සහ නොසැලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලවී ඇති බවයි. බොහෝ අය හිතන්නේ හිසකෙස් විලාසිතා ගැන පමණයි. හිසකෙස් වල නීරෝගිමත් පැවැත්ම ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. මෙන්න මේ නිසා නීරෝගිමත් කෙස් කලඹක් අහිමිවන්නට පුළුවන්.

* හිසකෙස් වර්ධනය වීම අඩාල කරන හේතූන් මොනවාද?

මේ සඳහා බලපාන හේතූන් බොහොමයක් තිබෙනවා. සමහරුන්ගේ පරම්පරාවෙන්ම කොණ්ඩය අඩුයි. කුඩා දරුවන්ගේ නම් මන්දපෝෂණය නිසාත් යකඩ, කැල්සියම් අඩුවීම නිසාත් කොණ්ඩය අඩුවෙනවා. හිසට ඕඩික්ලෝන් වැනි දේ යොදනවා. මෙය ද හිසකෙස්වලට එතරම් හොඳ දෙයක් නෙමෙයි. කොණ්ඩෙ ගැන කුඩා කාලේ ඉඳලම සැලකිලිමත් වීම අවශ්‍යයි. තියෙන්නේ දරුවන්ට කුඩා කාලයේදී හිසට බටුතෙල් යොදන ලෙසයි. දිනපතාම උදේට හිසට බටුතෙල් ගැල්වීමෙන් කුඩා දරුවන්ගේ කොණ්ඩය හොඳින් වැඩීමත් සිදුවනවා. හිස කැක්කුම් හෝ ඔළුවේ කිසිම රෝගයක් ඇතිවන්නේ නෑ. දරුවාගේ හිසේ තෙල්වල වශයෙන් හැඳින්වන ස්ථානයට තෙල් ගැල්වීම කළ යුතුයි.



තරුණියන්ගේ විතරක් නෙමෙයි තරුණයන්ගේත් කොණ්ඩෙ යන තත්ත්වය දක්නට පුළුවන්. හෙයාලයින් එක (නළලත් කොණ්ඩයත් සම්බන්ධ වන තැන) සිට පසු පසටත් නළල දෙපසත් හිස මැදත් කොණ්ඩය යෑම තට්ටය පෑදීම සිදුවනවා. නිතර හෙල්මට් පැලඳීම, තොප්පි පැලඳීම, හෙයාජෙල්, ක්‍රීම් ආදිය දිනපතා ගැල්වීමත් මෙයට හේතුවක්.

* අවේලාවේ නෑම හොඳ නෑ.

සමහරුන් උණුවතුර නෑමට පුරුදුව සිටිනවා. මෙය සුදුසු දෙයක් නෙවෙයි. සමහරුන්ට නාන්න වෙලාවක් නෑ. මේ නිසා රාත්‍රි කාලයේ 12.00 ට 1.00 ට නාන අයත් ඉන්නවා. ඒ වගේම දහදිය දමන නිසා තුන් හතර සැරේ නාන අය ද නැතුවා නොවෙයි. මෙයින් ලෙඩ රෝග ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නිසා කොණ්ඩය අඩුවන එකයි කොණ්ඩය පැහෙන එකයි දෙකම වෙනවා.

* වැඩියෙන් ලුණු කන්න එපා

මෙය ද අප නො දැනුවත්ව සිදුවන දෙයක්. අධික ලෙස ලුණු කෑමෙන් සම රැලිවැටීම, මුහුණ රැලි වැටීම, කොණ්ඩෙ යාම යන හේතූන් තුනම සිදුවන බව ආයුර්වේදයේ දක්වා තිබෙනවා. කරවල, සොසේජස්, බේකන් වැනි කෑම අධික ලුණු සහිතයි.

* සමහර ආලේප සුදුසු නෑ

ඉස්සර අද තරම් හිසට යොදන ආලේපන තිබුණේ නෑ. එමෙන්ම අද තරම් බහුල ලෙස හිසකෙස් රෝග ගැන අසන්නට ලැබුණේ ද නැහැ. හිස සේදීමට අද භාවිත කරන නොයෙකුත් ෂැම්පු වර්ග තියෙනවා. මේවා ගානකොට කොණ්ඩේ යනවා. තුනීවෙනවා. තමන්ගේ කොණඩෙට සුදුසු ද නැත් ද කියලා බලන්නේ නෑ. කවුරු හරි කී පමණික් හෝ දැන්වීමක සඳහන් පමණින් එය හිස ගැල්වීමට පෙළඹෙනවා. මෙම ආලේපනවල තිබෙන සැර ගතියට ඇතැම්විට හිසකෙස් ගැලවී යනවා. රසායන ද්‍රව්‍ය අඩංගු දෑ හිසකෙස්වලට හොඳ දෙයක් නෙමෙයි. මේ හැරෙන්නට හිසකෙස් විලාසිතාවල දී යොදන ඇතැම් ආලේපනවලට ද කොණ්ඩය යාමට පුළුවන්.

* මුදවපු කිරි, දෙහි, උළුහාල් හරිම හොඳයි.

ඉස්සර බොහෝ විට හිස සේදීමට යොදා ගත්තේ ස්වාභාවික ද්‍රව්‍යයයි. මේ නිසා හිසකෙස්වල දීප්තිමත් බව, නීරෝගිමත් බව හොඳින් ආරක්ෂා වුණා. මුදවපු කිරි හිසකෙස්වලට ඉතාමත් හොඳයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේත් මුදවපු කිරි හිස ගල්වා හොඳින් අතුල්ලා ස්නානය කරනවා. දෙහි උළුහල් නෙල්ලි තම්බලා ඔළුවේ ගානවා. ඒ කාලේ අම්මලා මෙය සතියකට වරක්වත් ස්නානයට පෙර දරුවන්ගේ හිස ගල්වනවා.

දැන් ගොඩාක් අයට මේ දේවල් හදාගෙන ඔළුවේ ගාන්න වෙලාවක් නෑ. සමහරුන්ට වෙලාවක් තිබුණත් උවමනාවක් නෑ. එහෙම අයට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධීය ෂැම්පු එකක් තමයි ‘මේතී’ කියන්නෙ. ‘මේතී’ වශයෙන් හැඳින්වෙන්නේ උළුහාල්, නෙල්ලි, දෙහි යොදා ගනිමින් සැකසී ඇති ෂැම්පු එකක්. ඉස්හොරිවලට කොණ්ඩය හැලෙනවට මෙය හුඟක් හොඳයි.

* හිසට තෙල් නොදැමීම

දැන් තරුණ වියේ පසුවන වැඩි දෙනෙක් හිසට තෙල් දමන්නෙම නෑ. එම නිසා තෙල් නැතුව කොණ්ඩෙ අගිස් පුපුරනවා. ඉස්සර හැමෝටම වගේ හිසට තෙල් දැමීමේ පුරුද්ද තිබුණා. මේ නිසා කොණ්ඩය දීප්තිමත්ව හොඳින් වැඩුණා. දැන් ගැහැනු පිරිමි දෙපක්ෂයම හිසට තෙල් දාන්නේ නෑ.

මේ නිසා තද හිස කැක්කුම එනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. කොණ්ඩෙ කැඩී යනවා. ඉස්සර හොඳින් හිසට තෙල් දමා පැය 1/2 ක් විතර හිස පීරන්නට වැඩි දෙනෙක් පුරුදුව සිටියා. නමුත්, දැන් සමහරුන් හිස පීරන්නේ යාන්තමින්.

* ඉස්සොරි

ඉස්හොරි ඇතිවන්නේ අපිරිසුදු බව නිසයි. දුහුවිලි කුණු හිසමත තැන්පත් වීමෙන් හිස ඉක්මනින් අපිරිසුදු වෙයි. මෙහිදී නිතර හිස හොඳින් සෝදන්නට ඕනේ. නැත්නම් ඒවා තට්ටු වශයෙන් බැඳේ. ‘කිටිබ’ වශයෙන් හැඳින්වෙන ලෙඩක් හිසේ ඇතිවනවා. (සොරයිසිස්) මේවා හිසේ ඇතිවන අවස්ථා තිබෙනවා. මේ නිසා හිසට හිතකර ෂැම්පු එකක් දමා හිස හොඳින් සෝදන්නට ඕනේ. නැත්නම් නෙල්ලි, දෙහි, උළුහාල් තම්බා එය අඹරා හිස ගල්වා මිනිත්තු 15 ක් පමණ හිඳ සෝදා දැමිය යුතුයි. මෙයට ඉස්හොරි ඉවත්වනවා. නැත්නම් මුදවපු කිරි දමා අතුල්ලා ටික වේලාවක් හිඳ හිස හොඳින් සෝදා පිරිසුදු කරන්නට ඕනේ.

* හිසට දමන තෙල් වර්ග

හිස් කබලේ තෙල් තවරා හොඳින් සම්බාහනය කිරීම හිසකෙස් වර්ධනයට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට ඉතාම හොඳයි. හිසකෙස් වර්ධනයට සුදුසු ආයුර්වේද තෙල් වර්ග තිබෙනවා. නීල්‍යාදී තෙල හිසකෙස්වලට සුදුසුයි. අකලට කොණ්ඩය සුදුවීම වළක්වා ගැනීමටත් හිසකෙස් වර්ධනය වීමටත් එය සුදුසුයි. පීනස තිබෙන අයට ඒ සඳහා සුදුසු පීනස් තෙල් තිබෙනවා. නිල්ගුණ්ඩිය්‍යාදි නම් තෙලක් තිබෙනවා. මෙය නිකවලින් සාදන තෙලක්. මෙයද හිසකෙස්වලට ඉතාම හිතකරයි. එමෙන්ම සෙම වැඩියෙන් තිබෙන අයට මෙම තෙල සුදුසුයි.

* කළු තල ඉතා හොඳයි

අකලට හිසකෙස් සුදුවීමට හේතු වන්නේ අධික ලුණු ගැනීම, විටමින් අඩුවීම, පලාවර්ග කෑම අඩුවීම, අවෙලාවට නෑම ආදියයි. හිසකෙස් අකලට සුදුවීම වළක්වා ගන්නටත් හිසකෙස් වර්ධනය වීමටත් සුදුසුම දේ වන්නේ කළුතලයි. කළුතල ගෙන ගරා වේළා තබාගෙන (මෙය ශීතකරණයේ තබා නො ගැනීමෙන් කැදැලි වශයෙන් හැදෙයි) ඉන් පිට පිට සෑම දිනම උදේට සහ හැන්දෑවට කෑමට ගත යුතුයි. මාස 06 ක් පමණ යනවිට කොණ්ඩය ඉදෙන එක අඩු වී යයි. කජු සහ රටකජු ද ඉතාමත් හොඳයි. රටඉඳි ද හිතකරයි. කතුරුමුරුංගා කොළ කෑමට ගැනීම ද හොඳයි.

* ගෙදරදීම හදන තෙල් හුඟාක් හොඳයි

ඉස්සර හිසට දමන තෙල් සාදා ගත්තේ ගෙවල්වලමයි. එක් එක් ඖෂධ වර්ග යොදා සිඳවාගත් තෙල් වර්ගයි එදා හිසකෙස්වලට යෙදුවේ ගෙරදීම සාදාගත හැකි තෙලක් මේ. ගෙදර සිඳගත් පොල් තෙල් ගෙන එයට අමුකහ කැබැලි සැවැන්දරා මුල් දමා රත්කර බෝතලයක දමා තබාගෙන හිස ගැල්විය යුතුයි.

හැම තෙලක්ම සුදුසු නෑ

දැන් වෙළෙඳපොළේ නොයෙක් නම් වලින් තෙල් වර්ග තිබෙනවා. මේවා එතරම් සුදුසු තත්ත්වයේ තියෙන තෙල්වර්ග නොවෙයි. හිසකෙස් යාමට මෙම තෙල් වර්ගත් එක හේතුවක්. කුමන හෝ වර්ග කීපයක් තෙල්වලට දමා උණුකර සුවඳ වර්ග එකතුකර සාදන මෙම තෙල් වර්ගවල කිසිම ගුණාත්මක බවක් නො වන්නට පුළුවන්.

හිසට යොදන තෙල් හදන්න වෙනම ක්‍රමයක් තිබෙනවා. හොඳ පොල්තෙල් ගෙන එයට ඖෂධීය ද්‍රව්‍යයන්ගේ ඉස්ම වර්ග මුසුකොට කල්කයකුත් දාලයි සිඳවා ගන්නට ඕනේ. එයට දවස් තුන හතරක් ගතවෙනවා.

හදන ක්‍රමයත් නිවැරැදිව දැනගන්නට ඕනේ. එසේ හදන තෙල් තමයි නියම තෙල්. දැන් තියෙන සමහර තෙල් වර්ග පොල්තෙල් වලට පාට යොදා සුවඳ දමා තියෙන තෙල් වර්ගයි. පොල් තෙල් තල තෙල් හිසට දැමීම වඩා සුදුසුයි.

* මානසික ආතතිය හොඳ නෑ

මානසික ආතතියට කොණ්ඩය වැඩි වශයෙන් යාමට පටන් ගන්නවා. සමහරුන්ට මේ නිසා නින්ද යන්නේ නෑ. නින්ද නොයනවිටත් කොණ්ඩය යනවා. ස්ත්‍රීන්ගේ ආර්ථව හරණය වන විටත් කොණ්ඩය යාමට පටන් ගන්නවා. ඇතැම් රෝග සඳහා බෙහෙත් වර්ග ගන්නා විටත් කොණ්ඩය යනවා. යම් යම් ආලේපන වලට ද කොණ්ඩය යනවා. මේ නිසා මෙවන් දේ ගැන කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.

* හිසකෙස්වල නිරෝගමත් බව රැකගන්නට නම් පිළිපැදිය යුතු උපදෙස්

සමබර ආහාරයක් ගන්න.

ආහාරයට කොළ වර්ග එක්කර ගන්න.

දහවල් 12.00 ට පෙර ස්නානය කරන්න.

රාත්‍රී කාලයේ නෑමෙන් වැළකෙන්න.

කොණ්ඩය වේළුණු පසු හොඳ තෙලක් යොදා හිස සම්භාහනය කරන්න. නැත්නම් තෙලක් දමා පැයක් දෙකක් හිඳ සෝදන්න.

කොණ්ඩය හොඳින් බ්‍රෂ් කරන්න.

කෘත්‍රිම ආලේපන ගැල්වීමෙන් වැළකෙන්න.

* කොණ්ඩය යනවට චීනකටු

කොණ්ඩය යනවට මෙන්ම අකලට සුදු වෙනවටත් චීන කටු හොඳම ප්‍රතිකර්මයක්. දින විසිඑකක් පමණ මේ සඳහා චීනකටු ගැසූ විට සතියක් පමණ යාමේදී කොණ්ඩය යාම නවතිනවා. හරියටම කරන තැනකින් කරගන්නට ඕනේ එකයි වැදගත් වන්නේ.

ආයුර්වේදයේ කියලා තියෙන්නේ දරුවන්ට කුඩා කාලයේදී හිසට බටු තෙල් යොදන ලෙසයි. දිනපතාම උදේට හිසට බටු තෙල් ගැල්වීමෙන් කුඩා දරුවන්ගේ කොණ්ඩය හොඳින් වැඩීමත් සිදුවනවා. හිස කැක්කුම් හෝ ඔළුවේ කිසිම රෝගයක් ඇතිවන්නේ නෑ. දරුවාගේ හිසේ තෙල්වල වශයෙන් හැඳින්වෙන ස්ථානයට තෙල් ගැල්වීම කළ යුතුයි.

තරුණියන්ගේ විතරක් නෙමෙයි තරුණයන්ගේත් කොණ්ඩෙ යන තත්ත්වය දක්නට පුළුවන්. හෙයාලයින් එක (නළලත් කොණ්ඩයත් සම්බන්ධ වන තැන) සිට පසු පසටත් නළල දෙපසත් හිස මැදත් කොණ්ඩය යෑම තට්ටය පෑදීම සිදුවෙනවා. නිතර හෙල්මට් පැලඳීම, තොප්පි පැලඳීම, හෙයාජෙල්, ක්‍රීම් ආදිය දිනපතා ගැල්වීමත් මෙයට හේතුවක්.

උපදෙස් - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ආචාර්ය උපාලි පිලපිටිය, පිලපිටිය

ආයුර්වේද සෞඛ්‍ය නිකේතනය, කැස්බෑව, පිළියන්දල.

උපදෙස් - ආයුර්වේද විශේෂඥ

වෛද්‍ය ආචාර්ය උපාලි පිලපිටිය
පිලපිටිය ආයුර්වේද සෞඛය නිකේතනය
කැස්බෑව, පිළියන්දල.

ලිව්වේ  මංජුලා මල්කාන්ති

සහය – කසුනි රාජපක්ෂ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ගැන ඔබත් අදම දැනුවත් වෙන්න.

විස්මිත ලෙස ලෙඩ සුවකරන ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ගැන ඔබත් අදම දැනුවත් වෙන්න.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම 5ක් ඇත. එය පංච කර්ම නමින් හැඳින්වේ. මේ ප්‍රතිකාර ක්‍රම මඟින් සෑම කෙනකුගේම ගතට සිතට මනසට වැලඳෙන්නාවූ සෑම රෝගාබාධවලට ක්‍රමවේදීව පැවැත එන්නා වූ ප්‍රත්‍යක්ෂ සුවිශේෂී ඔෟෂධ මාලාවකි.

රෝගියකුට ඕනෑම චිකිත්සාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ කරුණු කාරණා සම්පූර්ණ විය යුතුයි.
ඉතාම ගුණවත් හොඳ දැනුමක් ඇති ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු කරුණාවන්ත වෛද්‍යවරයකු විය යුතුයි.
ඉතාම ගුණයෙන් සපිරි හොඳම ඔෟෂධ විය යුතුයි.
කරුණාවන්ත කඩිසර ඉවසිලිවන්ත උපස්ථාදායකයකු සිටිය යුතුයි.
ගුණවත් රෝගියකු විය යුතුයි.


(පෙර පින් කළ රෝගියකු නම් ඉක්මන් සුවය ලැබේ. පෙර පව් කළ කෙනෙක් නම් කල්ගත වේ.)
වෛද්‍යවරයා රෝගියා සමඟ සුහද විය යුතුයි. වෛද්‍යවරයා නැණවත්, ගුණවත් ශාස්ත්‍රය මැනවින් දත් අයකු විය යුතුයි. ඔෟෂධ ගැන මනා දැනීමක් තිබිය යුතුයි.
උපස්ථාදායකයාද පිරිසුදු කරුණාවන්ත දක්ෂ කඩිසර සේවය පිළිබඳ මනා දැනීමක් ඇති ඉවසිලිවන්ත පුද්ගලයකු විය යුතුයි. (විශේෂයෙන් මානසික රෝගීන්ගේ කෑ ගැසීම් බැන වැදීම් ආදී ඒ සියල්ලම ඉවසා දරා ගැනීමට ශක්තිය තිබිය යුතුයි. රෝගියා සමඟ සුහදශීලී විය යුතුයි. එවිට දරුණු රෝගියකු වුවද කීකරු බවට පත්වේ.
රෝගියාද වෙද අණට කීකරු වේදනාවන් දරා ගැනීමට හැකි අයකු විය යුතුයි. මේ චතුස්පාදය සම්පූර්ණ වූයේ නම් චිකිත්සාවද අනිවාර්යයෙන්ම සඵල වේ. රෝගියාගේ රෝග ලක්ෂණවල ස්වභාවයට අවශ්‍ය ප්‍රතිකාර දක්ෂ උගත් වෛද්‍යවරයාට දැනගැනීමට පුළුවන.


වමනය කරවීම
නහයට තෙල් ඔෟෂධ වර්ග උරවා කුපිත වූ සෙම පිට කිරීම.
ගුද මාර්ගයෙන් ඔෟෂධ වර්ග වස්ති කොට අපවිත්‍ර මල පහ පිට කිරීම.
ඔෟෂධ වර්ග බීමට දීමෙන් බඩ විරේකය.
මුළු ශරීරයේම තෙල් ගැල්වීම.
තෙල් ඔෟෂධ මිශ්‍ර ඔරුවල බහා සිටීම.
බෙහෙත් ඔෟෂධ මල් වර්ග තම්බා වාෂ්පය ඇල්ලීමෙන් මැනවින් දහදිය පිටවේ. මින් ශරීරයට බර ගතිය නැතිවේ. සියලුම අවයවයන් කෝමලත්වයට පත්වේ. ශරීරයට සැප ගෙන දේ.
මුහුණට හුමාලය අල්ලා (ඉඟුරු කොත්තමල්ලි තම්බා) ඔෟෂධ තෙල් උරා කිරිබත් පොට්ටිනිවලින් තවා සෙම ගිය පසුව හිස බර ගතිය, ඇස් අමාරු, හිස, මුඛය, කන ආදී ඉන්ද්‍රියන්ගේ විශුද්ධියක් ඇති කරයි. දසරුවෙන් උඩ ඉන්ද්‍රියන්ගේ රෝග සුවය, සිරස ප්‍රදේශයේ සැහැල්ලු බව, මනසේ නිරවුල් බව, ඇස්වල පෙනීමේ ශක්තිය වැඩිවීම, කටහඬ මිහිරිවීම, මුහුණ ප්‍රසන්නභාවය ශෝභාත්මක භාවය, හිසරුදා රෝග මින් දුරුවේ.


උන්මත්තකයකු වූ රෝගියකුට නම් කීප දිනක්ම හිසට ඔෟෂධ ගල්වා (හිස කුඩුච්චිය) කාල සීමාවක් ඇතුළත එය අස්කර ස්නානය කළ යුතුයි. එසේ කීප දිනක් කළ පසු තෙල් නස්‍ය කළ යුතුයි. මෙය ඉතාමත් උගත් වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතුව ඇත. කුපිත වූ දූෂිත සෙම ගිය පසු රෝගියා සැපයට පත්වේ.
තද ගතියට බැඳී තිබූ සෙම හිසට තෙල් ගා සම්බාහනය කිරීම, කිරිබත් පොට්ටනිවලින් තැවීම වාෂ්පය ඇල්ලීම වැනි දේ ක්‍රියා කරන විට දූෂිත වූ කුපිත වූ සෙම බුරුල් වී පිටවේ. කඳුළු, කැස්ස වමනය පවා සිදුවේ.
වමනය කරවීමෙන් ඉහතදී සියලුම ලක්ෂණ ඇති වේ. අග්නි දීප්තිය, පිපාසාව, හොඳින් නින්ද යෑම සිදුවේ.
ඔෟෂධ මඟින් බඩ විරේක වූ විට ඉහත කී සියලුම ලක්ෂණ ඇතිවේ. ශරීරයේ සැහැල්ලු බව, නීරෝගී බව ආහාර රුචිය වර්ධනය, පසිඳුරන් සහ මනස පවිත්‍රතාව යන ලක්ෂණ ඇති වේ. ඇඟ රිදුම් කොන්දේ අමාරු පවා දුරුවේ.
වස්ති කිරීමෙන් ද ඒ දේවල්ම සිදුවේ. ත්‍රිදෝෂ සමනය වේ.


රක්ත මෝක්ෂණයෙන් කරනුයේ අපිරිසුදු ලෙය පිට කිරීමයි. එයට කහ දියරයෙන් විෂ නැසූ කූඩැල්ලන් එම ස්ථානයට (පළා අයින් කිරීමට අපහසු තැනක ලේ සැරව පිරුණු ගෙඩියක්) සිදුරු කර විෂ මැරූ කූඩැල්ලාගේ මුඛය ලේ ඉරීමට සැලසෙන පරිදි තබා කූඩැල්ලාගේ පිටට තෙත රෙදි කඩක් දැමීමය. එය වරින් වර තෙත් කළ යුතුයි. ඒ සියලුම දූෂිත වූ අපවිත්‍ර සියලුම ලේ සැරව උරාගත් කූඩැල්ලාව ගැලවී වැටේ. මිනිසාට උදවු කළ කූඩැල්ලා මත්වී සිටින්නේ මිනිසාගේ ගෙඩියේ තිබූ ජරාව කූඩැල්ලාගේ ශරීරගත වීමෙනි. එවිට ලුණු කැටයකින් උගේ පිට පිරිමැදීමෙන් අපවිත්‍ර ද්‍රව්‍ය වමාරනු ලැබේ.
ඉන්පසු එම සතාව පිරිසුදු ජලාශයකට ගෙනගොස් දැමිය යුතුමය. එය කෙළෙහිගුණයකි.
මේ අපවිත්‍ර වූ දූෂිත වූ ජරා ලේ සැරව පිට වූ රෝගියාගේ වේදනාව දුරු වී ගත සිත ප්‍රබෝධවත් වේ. දෙවනුව ලේ උරා බිවූ මුඛයට බේත තැබිය යුතුයි. මේ රෝගියාට වෙනිවැල්ගැට සුදුළුෑනු, නිමුල් තම්බා දිය යුතුමය. මෙය ආදි කාලයේ මුතුන් මිත්තන්ගෙන් සිට පැවැත එන්නාවූ වෙදකමකි.

මේ විශේෂිත වූ පංචකර්ම චිකිත්සා ක්‍රමවේදයෙන් රෝගියා සුවපත් වේ. සතුටට පත්වේ. සැපතට පත්වේ.
නොයෙකුත් ඔෟෂධ වර්ගවල එනම් බෙලි කොළ, සූරිය කොළ, සමන් පිච්ච, පේර, එරඬුකොළ, වෙනිවැල්ගැට, නිදිකුම්බා, පින්න, කීකිරිදිය ආදි ඔෟෂධ කොළ වර්ගවලින් තමන්ට සොයා ගැනීමට හැකි ඔෟෂධ වර්ගයක් කහ දමා තම්බා මඳ රස්නයෙන් කොළ මිටක් ගෙන ශරීරය තවා ගතයුතුයි. ඒ ඔෟෂධවලින්ම ඇඟ සේදිය යුතුයි. මෙය කිරීමෙන් රෝගියාගේ ශරීරයේ වේදනා කැක්කුම් සමනය වේ. අත්පා කොන්ද කැක්කුම ඇති අයට මෙය ඉතාමත්ම සුවිශේෂ වූ ක්‍රමවේදයකි. මෙය විශේෂයෙන් උදයවරුවේ කළ යුතුයි. වතුර හොඳින් පිස දමා ඔෟෂධ තෙල් වර්ග ගල්වා සම්බාහනය කළ යුතුයි. තැවිලි පොට්ටනිවලින් තැවීමද කරනු ලැබේ. මින් රෝගියා සැපතට පත්වේ. ශරීරය ලිහිල් වේ. බර ගතිය නැතිවේ. වේදනා දුරුවේ. වේදනා දුරු වූ විට මනසටද සුවය ලැබේ. සුව නින්දක් ලැබේ.
ශරීරයෙන් ඉබේම ස්වාභාවිකව පිටවන අනවශ්‍ය දේවල් ඇත. නාසයෙන් සෙම, කනෙන් කලාඳුරු, හම තුළින් දහදිය, මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා ලෙසද මල මාර්ගයෙන් මල ලෙසටද පිටවේ.


පංච කර්ම චිකිත්සාව මඟින් ඒ ඒ දේවල් උත්තේජනය කර අනවශ්‍ය දූෂිත වූ වා පිත් සෙම් ත්‍රිදෝෂ බැහැර කරවයි. මල මුත්‍රාද බැහැර කරවයි.
හිසට (ශිරෝධාර) තෙල් ගැල්වීමෙන් රෝග කීපයකට ගුණදායකය. සුව නොවන හිසරදයට හුමාලය අල්ලා හිසට තෙල් සම්බාහනය කර නාසයට තෙල් උරා සෙම ඇරීමෙන් කල්ගත වූ හිසරදය සුවපත් වේ. මෙය හිදරය ඇති සෑම කෙනෙකුටම සුදුසු නැත. දක්ෂ වෛද්‍යවරයා එය කිරීමට සුදුසු රෝගියාව තෝරාගෙන එය කරනු ලැබේ. පීනස වැනි රෝගීන්ට කෂාය වර්ග හිසට තෙල් වර්ග දෙනු ලැබේ. ඔහුගේ රෝග තත්ත්වය බලා සුදුසු නම් පමණක් නස්‍ය කරනු ලැබේ.
දෙවියන්ගෙන්, ඍෂිවරුන්ගෙන්, රාවණා රජුගෙන් යක්ෂ ගෝත්‍රිකයන්ගෙන්, පැරැණි මුතුන් මිත්තන්ගෙන් මේ නොයෙකුත් විකිත්සා ක්‍රම පැවැත එන බව පැරැණි ග්‍රන්ථවල සඳහන් වේ. මේ හෙළ වෙදකම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට අපේ මුතුන් මිත්තන් සියලුම දෙනාටම පින්දිය යුතුයි.
අෂ්ටාංග ආයුර්වේදයේ භූත කර්ම කියා කොටසක් ඇත. කොතරම් ප්‍රතිකාර කළත් සුව නොවන රෝගීන් සිටී.


ඒ අයට කළ යුත්තේ ඕනෑම කෙනකුගේ පෙර පින් පව් ලියැවී ඇති කේන්ද්‍රය බලා ඇදුරකු ලවා තුන්‍ෙදාස් කපා (දෙහි කැපීම) ආරක්ෂා කිරීමයි.
තවද නිරෝගීව සිටීමට නම් යෝග භාවනා වැඩිම පුරුදු විය යුතුයි. ආනාපාන සතියෙන් සිත එකඟ කරගත යුතුයි. යෝග ව්‍යායාම සඳහා දක්ෂ යෝගී ගුරුවරයන් යටතේ පුහුණු විය යුතුයි. වයස අනුව කළ යුතු එක් එක් වෙනස් භාවනා සේම ව්‍යායාමත් ඇත. මින් මනස ශරීරය සුවපත් වේ.
යෝග භාවනා කොට සිත සුවපත් කළ තැනැත්තා නිතැතින්ම නිරෝගී සිරුරක් හිමි කෙනෙක් බවට පත්වේ. වයසට ගියත් වයස නොපෙනේ. සැමදාම තාරුණ්‍යය රැකගනී. යෝග භාවනාවේ ඇති විශිෂ්ටතම කුණ්ඩලිනි යෝග භාවනාව වැඩීමෙන් මුළු ශරීරයේම ස්නායු පද්ධතිය අවදි වී ශරීරයේ ලේ පිරිසුදු වී ඉතාම රූමත් අයකු බවට පත්වේ. නිරෝගී සිරුරක් හිමිවේ.


මේ සියලුම ප්‍රතිකාර දහදිය දැමීමට සැලැස්වීම (ඔෟෂධ තම්බාගත් ජලයෙන් වාෂ්ප ඇල්ලීම) තෙල් ඔරුවක සිටීම, පොට්ටනිවලින් තැවීම, ඔෟෂධ ගල්වා තැබීම අපවිත්‍ර දේ ශරීරයෙන් පිට කිරීම තෙල් වර්ග සම්බාහනය කිරීම ඇතුළු පංච කර්ම සුවිශේෂී වූ ක්‍රමවේදය නිසියාකාරව නිසි පිළිවෙළට කිරීමෙන් ඕනෑම රෝගියකු සුවපත් වේ.

වෛද්‍ය නිලූ ජාගොඩආරච්චි
පින්හේන - බේරුවල

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.

සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.

හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් ... ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික  තේ කෝපපයක් ගැන...

මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ඉන්පසු වතුර භාජනයක් ලිප තබා හොදින් වතුර උතුරන්නට හරින්න වතුර ඉතිරවූ විගස මෙම කටු අනොදා කොළ එම බඳුනට දමා අඩු රස්නයක් යටතේ විනාඩි 20 පමණ කාලයක් ලිප මත තබන්න එවිට එම ජලය ක්‍රමයෙන් රන්වන් පාට එසේ නැත්නම් සාමාන්‍ය තේ පැහැයට පැමිණි පසු කොළ ටික පෙරා තරමක් සිසිල් වූ පසු පානයට ගන්න...

දියවැඩියා රෝගීන් සීනි භාවිතා නොකොට මෙම තේ පානය කළ යුතු අතර අනෙක් පුද්ගලයිනට තම මතය පරිදි සීනි හෝ හකුරු සමඟ මෙම තේ පානය කළ හැක එසේම සෑම දිනකම කෑමට පෙර මෙම පානය ගැනීමෙන් ගුණදායක ප්‍රතිඵළ ලබාගත හැක

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි







කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න

කටු අනෝදා ගැන ඔබ නොදත් ගුණ මෙන්න

කටු අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.
එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.
ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (flavoring agent) ලෙස භාවිතා කරයි.
ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.
වර්ථමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10 000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.
විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය

   පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද

   මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද

   ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද

   දරු ප්‍රසූතියෙන් බසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද

   පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසදකටු අනෝදා බීජ වල සාරය

අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද
කටු අනෝදා පත්‍ර වල සාරය

අතන්ද්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද
වැදගත් වන බව අනාවරණය වී ඇත.

තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු වබද විශේෂයෙන් සදහන් කලයුතුවේ.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Monday, August 29, 2016

අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.

 අපට දෛනික විටමින් A අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.

විටමින් A ශරීරයට අවශ්‍යම විටමින් වර්ග කිහිපයෙන් එකකි. එය දෛනික ආහාරයෙන් ලැබිය යුතු වන අතර වෛද්‍ය උපදෙස් නොමැතිව පෙති මගින් නොගතයුතු විටමිනයකි.
විටමින් A ඌන වූ විට ශරීරයට යකඩ උරා ගැනීම දුර්වලවීම ප්‍රධාන ලක්ෂණයයි. රක්තහීනතාවයෙන් පෙලේ නම් විටමින් A ඌනතාවය පිලිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතුයි.
ඊට අමතරව දරුවන් ගේ රාත්‍රී පෙනීමේ දුර්වලතාවය හා අන්ද වීම පවා සිදුවේ. නිතර බඩයාම විටමින් ඌනතාවය නිසා සිදුවේ.
විටමින් A අනෙකුත් විටමින් වලට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලබාදිය යුතුය. එබැවින් ප්‍රධාන ආහාරය සමග  විටමින් A ලබා ගත හැකි හොඳම හා පහසුම ක්‍රමය පීකුදු වේ.
විටමින් A අවශ්‍ය ප්‍රමාණයන් පහත වගුවෙන් දැක්වේ. 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ ගැන අනිවාරයෙන්ම දැනගන්න.

කෘතීම ඖෂද වලින් තොරව දීර්ඝායු ලැබීමට නම් මෙන්න මේ හෙළ ඔසු කැඳ  ගැන අනිවාරයෙන්ම දැනගන්න.

ඔසු ගුණයෙන් පිරිපුන් කොළ කැඳ නැතිනම් ඔසු කැඳ, තම ශරීරය, නීරෝගීමත්ව, ශක්තිමත්ව, පැහැපත්ව පවත්වා ගෙන දීර්ඝායුෂ ලැබීම සඳහා උදෑසන ආහායට එක්කර ගත යුතුය. තවද බොහෝ ලෙඩ රෝග වලින් මිදීම පිණිස ද වෛද්‍ය උපදෙස් මත කොළ කැඳ පානය කල හැක. උදැසන ආහාරයක්‌ ලෙසද කොළකැඳ භාවිතා කළහැක. එමගින් දවසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය විශේෂ ශක්‌තියක් ලැබේ.
රෝග සුවයට මෙන්ම නිරෝගි බව ආරක්‍ෂා කර ගැනිමට සුදුසු කැඳ වර්ග කීපයක්
කොළ කැඳ – සහල් ඔෘෂධීය පත්‍ර වල යුෂ ,පොල් කිරි,හා ජලය මුසු කොට තනා ගන්නා කැඳ
බැදි හාල් කැඳ – කබලෙන් බැදි සහල් ජලය සහ ලුනු මුසු කොට තනා ගන්නා කැඳ
ලුණු කැඳ – සල් ජලය මුසු කොට තනාගන්නා කැඳ
විළඳ කැඳ – වී බැද සෑදූ විළඳ ජලය සහ ලුණු මුසු කොට තනා ගත් කැඳ
කොළ කැඳ සදහා අව‍ශ‍ය්‍ය‍ ද්‍රව්‍ය.
නිවුඩු කැකුඵ ග්‍රෑම් 100 (පස් දෙනකුට හාල් දෙමිටක් සෑහේ)
ඔසු කොළ ග්‍රෑම් 400 ක යුෂ
පොල් කිරි කෝප්ප 2ක්
පිරිසිදු ජලය මිලි ලීටර් 300 ක් 
මේස ලුණු
සුදු ළූණු බික් 2 ක 3 ක් කිහිපයක් (බික් දෙකට කපාගන්න)
ඉගුරු කැබැල්ලක්, උළූහාල් ටිකක්
ගම්මිරිස් ඇට කිහිපයක්.
කොළ කැඳ සාදන සාමාන්‍ය ක්‍රමය
තරමක් ලොකු පිරිසිදු වළදකට කෝප්ප 4ක් පමණ ජලය වත් කරන්න.
ගල් වැලි සෝදා පිරිසිදු කරගත් නිවුඩු සහල් මිටක් (100 grams) එයට දමන්න.
තැම්බෙන බතට අමු ඉඟුරු කැබැල්ලක්, ගම්මිරිස්, සුදුළූණු බික් දෙක තුනක්, රතු ලුණු ගෙඩි 4 හා උලුහාල් එකතුකර ගන්න
පළමුව හොඳින් සෝදා පිරිසුදුකර ගත් ඔසු කොළ වර්ග, කැබලිවලට කපා බ්ලෙඩරයකට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. මෙයට පොල් රැල්ද ටිකක් එකතුකරන්න. පසුව එම යුෂ භාජනයකට මිරිකා ගන්න.
පොල් බැයක පමණ පොල් කිරි වෙනම පිළියෙළ කර ගන්න
බත ඉදීගෙන එනවිට කොළ යුෂ පොල් කිරි සමග මිශ්‍ර කර දමා නටවා ළිපෙන් බාගන්න. පොල්කිරි සමග හොඳින් පස්වන විට කොළ යුෂ වල ඇති විසක් ඇත්නම් එය ඉවත්වේ.  
රෝග අනුව සුදුසු කැඳ
මාන්දම
කොක් මොට,පනම් පෙති,කරල් හැඹ,මොනරකුඩුඹිය,විළදවැන්න,ඉරමුසු,හාතාවාරිය.නමුත් මෙහිදි පොල් කිරි සහ ලුනු නුසුදුසුයි.ගිතෙල් තේ හැදි 1 සහ සහිඳ ලුණු එක්කර සාදා ගත යුතුය.
අර්ශස්
කොහිල අල, වැල්කොහිල, ලේ යාම පවතී නම් කරල්සැඹෝ සුදුසුය, වැල්පෙනෙල කැඳ, අනෝදා කොළ කැඳ
ලේ පිටවන අර්ශස්‌ රෝගයට
රත් කරල්හැබ කොළ කැඳ, හාතවාරිය කැඳ 
සෙංගමාලය
යකිනාරං කොළ කැඳ කිතුල් හකුරු සමඟ දීම ,හීන්බෝවිටියා, සැවැන් දන, මොණර කුඩුම්බිය කැඳ දින 7 ක්‌ම දීම, පතන් පෙති කැඳ, ඉරමුසු කැඳ, සැවැන්දරා කොළ කැඳ, හාතවාරිය කැඳ, පිටවක්‌කා කොළ කැඳ, කෝන් කොළ කැඳ, බක්‌මී කොළ වලින් එක් කොළ වර්ගයක් ගෙන කැඳ සාදන්න. මිටිකිරි නොදමා දියකිරි දමා, ලුණු නොදමා කැඳ පිස කිතුල් හකුරු සමග බොන්න දෙන්න.
ජීර්ණකාස
එළබටු දළූ,වැල් තිබ්බටූ කොළ කැඳ
ශුක්‍ර මේහ
වැල්පෙනල,හාතාවාරිය කැඳ
මුත්‍රා රෝග
පොල්පළා,ඉරමුසු,නීරමුල්ලිය,රණවරා
මුත්‍ර ගල්
පොල්පලා කොළ කැඳ, නීරමුල්ලිය කොළ කැඳ, රණවරා කොළ කැඳ
සර්ප විෂ
කරපිංචා,කොටදිඹුලා කැඳ
අක්‍ෂි රෝග
මුකුණුවැන්න ,කීකිරිදිය, ගොටුකොළ කැඳ
සර්පවිෂ (ලේ යන අවස්ථාවට)
බෝ පොතු කැඳ
අක්‍ෂි රෝග
මුකුණූවැන්න,කීකිරිදිය
මුඛ රෝග
ගොටු කොළ, කතුරුමුරුංගා
මූෂික විෂ
දිවුල් කොළ, හීනටිහාලේ කැඳ සාදා සති දෙකක්‌ එක දිගට පානය, රුක් අගුණ කොළ කැඳ
ඇදුම
කැහිපිත්තන් කොළ දෙමිටක්‌, පොල් බෑයක පොල් සමඟ කොටා මිරිකා සුදුලූණු බික්‌ පහක්‌ සමඟ හීනටිහාලේ කැඳ දෙන ලෙස දක්‌වා ඇත
බලු විෂ
තිත්ත අගුණ කොළ, පොල් සමඟ කොටා හීනටි හාලෙන් කැඳ උයා තුන් වරුවක්‌ බීමට දිය යුතුයි
දියවැඩියාව
හීං බෝවිටියා කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, රණවරා කොළ කැඳ
කොලෙස්‌ටරෝල් මට්‌ටම අධික
පැණි ඔලිඳ කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ
නාග දෂ්ටයකදී
කොටදිඹුලා කොළ කැඳ, කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ.ලුණු නොදමයි
කරවල් දෂ්ටයකදී
කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ. මුකුණුවැන්න, කරපිංචා කොළ යුෂ සමඟ හීනටි හාල් කැඳ මදුරුතලා කොළ යුෂ, තණහාල් දමා කැඳ පිස දීම සිදුකරයි.
කැස්ස හා පපුවේ සෙම
එළබටු කැඳ
කැස්ස ඇදුම පීනස වැනි සෙම් රෝග
කුප්පමේනිය කැඳ
කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම
වල් තිබ්බටු කොළ කැඳ
ගර්භනී කාලයේ මල වියැළීම
ගර්භනී කාලයේ කෘතීම බෙහෙත් භාවිතය අවම කල යුතුවේ. කොහිල කොළ කැඳ, වැල් කොහිල කොළ කැඳ, නෙලුම් දඬු කැඳ යෝග්‍යයි. වැසිකිළි යෑම පාලනය වේ
ගර්භණී සමයේදී පාද ඉදිමීම
පොල්පලා කොළ කැඳ, නීරමුල්ලි කොළ කැඳ සුදුසුයි.
ගර්භණී සමයේදී පණු අමාරු
එළ බටු කොළ කැඳ, එරබදු කොළ කැඳ, ගොටුකොළ කැඳ
කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ
බඩගින්න හා පිපාසය නසයි.
වාතය සමනය කරයි.
මළ, මුත්‍ර පහකිරීම පහසු වේ.
ආහාර රුචිය වර්ධනයවේ.
සම පැහැපත් වේ.
ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ.
ප්‍රාණය ආරක්‍ෂා වේ.
ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි
 ආයුෂ වැඩි වේ
ශරීර වර්ණය අලංකාරවේ.
ශරීරයට සැපය ලබාදේ.
ශරීරයට බලය ලැබේ
වාතය අනුලෝම කරයි
වස්තිය පිරිසුදු කරයි
නොනැසී ශේෂවූ ආහාර පැසවයි
අග්නිය වැඩි කරයි.
ශරීරයට වාජීකරණ ශක්තිය ලැබේ.
කොළ කැඳ සඳහා යොදාගන්නා ද්‍රව්‍යවල රසායනික සංයුතිය හා සාදාගන්නා ක්‍රමය අනුව එහි ඖෂධීය ගුණ ලැබෙන ආකාරය
කොළ කැඳ සෑදීමේදී කොළ වර්ග කොටා, මිරිකා යුෂ ලබාගැනීම සිදුකරයි. එමගින් ජීරණයට පහසුකරයි.
මෙම කොළ යුෂ පොල් කිරි සමඟ එක්‌කිරීම සිදුකරයි. මේ නිසා ජලයේ ද්‍රාව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමින් වර්ග ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ.
පත්‍රවල අන්තර්ගත උණුසුම් සංවේදක ‘බීටා-කැරොටීන්’ පොල් කිරිවල ඇති මේද කොටස්‌ සමඟ බැඳීම නිසා, රත් කිරීමේදී පවා විනාශ නොවේ. එම නිසා වැඩි පෝෂණයක්‌ ලැබේ.
නැවුම් කොළපැහැ පත්‍ර කැරොටින්, ඇස්‌කෝබික්‌ අම්ල, රයිබොෆ්ලේවින්, විටමින් කේ, කාබෝහයිඩේ්‍රට්‌, මේද, ඛනිජ ලවණවලින් ස්‌වයංපෝෂිතය. මීට අමතරව කැල්සියම්, යකඩ අයන, ලයිසින් ප්‍රෝටීන වැනි සංඝටකද සහිතය. කොළ යුෂ අධිකව රත් නොකරන නිසා මෙම පෝෂණීය සංඝටක විනාශ නොවී ශරීරයට පෝෂණය සැපයීමට ඉවහල් වේ.
නිවුඩු සහල් විටමින් බීවලින් ස්‌වයංපෝෂිත වන අතර තන්තු පදාර්ථ බහුලව පිහිටයි. එමනිසා ශරීරයට අත්‍යවශ්‍ය සංඝටක ලැබේ. මළ බද්ධය දුරුකර, ආහාර ජීරණය පහසු කරවයි.
මේ අනුව බලන කල පෝෂණීය ගුණයෙන් අනූන රස ගුණ සපිරි කොළ කැඳ, සාදා ගැනීමට පහසු වුවද වටිනාකමින් ඉහළ ගුණ යුක්‌ත ඖෂධයක්‌ සේම පෝෂ්‍යදායී ආහාරයක්‌ද වන බව පැහැදිලි වේ. දේශීය චිකිත්සාවේදී විවිධ රෝග සඳහා ඖෂධවලට අමතරව විවිධ කොළ කැඳ වර්ග, පානයට නිර්දේශ කර ඇත.
කොළකැඳ සෑදීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු
සහල් සඳහා නිවුඩුහාල් යොදාගන්න. තණහාල්, මෙනේරිහාල් ආදියද යෝග්‍ය වේ. විශේෂ රෝගී අවස්‌ථාවල හීනටි හාල්ද යොදා ගැනීමට සිදුවනු ඇත. සහල් සමඟ මුංඇට, පරිප්පු, කඩල, සෝයා ආදී මාංස භෝගයකින් ස්‌වල්පයක්‌ මිශ්‍ර කොට ළිප තැබීමෙන් අමතර ගුණයක්‌ එක්‌වේ. එසේ නැතහොත් බත ඉදීගෙන එනවිට පිටි කළ කඩල, මුං, සෝයා ආදියෙන් මේස හැන්දක්‌ පමණ එක්‌කිරීම සුදුසුය.
කැඳට යොදාගන්නා කොළ අලුත් ඒවා විය යුතුය.
මැලවුණු, ඉදුණු, වියළුණු කොළ සුදුසු නොවේ. කොළ වෙනම කොටා පෙරා යුෂ සකසා ගත යුතුවේ.
පොල්ද වෙනම මිරිකා පෙරා කිරි සකසා ගත යුතුවේ.
කොළ සමඟ කරපිංචා ඉති හතරක්‌ පමණවත් එක්‌ කරන්න, එමගින් ඖෂධීය ගුණය වැඩිවේ. දිරවීමද පහසු වේ. එසේම
සුදුලූණු බික්‌ 2 ක්‌ද, රතුලූණු ගෙඩි 4 ක්‌ පමණද ලියා සහල්වලට එක්‌කිරීමෙන් ඖෂධීය ගුණය වැඩි කරගත හැක.
පොල් යොදා ගතයුත්තේ අවශ්‍ය පමණටය. පොල් වැඩිකිරීමෙන් තෙල්ගතිය වැඩිවේ. උකුගතියද වැඩිවේ. කොලොස්‌ටරෝල් මට්‌ටම අධික නම් පොල් කිරි හෝ එළකිරි වෙනුවට සෝයාකිරි යොදාගත හැක.
කොළ කැඳ පිසීමේදී ඇලුමිනියම් භාජන භාවිතය නුසුදුසුය. ඒ සඳහා මැටි භාජනයක්‌ භාවිත කළ යුතුය.
සහල් හොඳින් තැම්බී බත් වනවිට හොඳින් හැන්දෙන් පොඩිකර ගැනීම (මත් ගා ගැනීම) කළ යුතුය.
කොළ කැඳ පානය කළ යුත්තේ හකුරු සමඟය. එයින් තවදුරටත් අමතර පෝෂණයක්‌ එක්‌වේ.
මඳක්‌ රස්‌නය තිබියදී කොළ කැඳ පානය කළ යුතුය.
නිවුණු පසු යළි රත්කිරීම් හෝ විටින්විට රත් කිරීමෙන් වළකින්න.
කැඳ සැදීමේදී දේශීය සහල් සතු ඖෂධීය වටිනාකම් හේතුවෙන් විවිධ රෝගී තත්ත්ව සඳහා භාවිතා කල හැකි සහල් වර්ග
පොක්‌කාලි කැඳ
ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු තම ශක්‌තිය සහ තාරුණ්‍යය පවත්වා ගැනීමට භාවිත කරන ලද්දේ ලපොක්‌කාලිල නම් සහලින් සාදන ලද කැඳකි. මෙහි ඇති අධික ශක්‌ති ජනක බව හේතුවෙන් දරුවන් සඳහා මෙය නොගැළපෙන බව පැවැසේ.පොල්පලා යුෂ සමග මිශ‍්‍රකර සාදාගත් පොක්‌කාලි කැඳ මුත‍්‍රාශයේ ගල් දියකර හැරීමට සමත් ගුණයකින් යුතුය. තරබාරු බව අඩු කිරීමේ ශක්‌තියක්‌ ද ඇත.
සුවඳැල් සහල් කැඳ
මිහිරි සුවඳකින් යුතු හා ප‍්‍රනීත රසයකින් ද යුතු කැඳකි. දියවැඩියාව පාලනය කරන අතර සිරුරේ සමබර වර්ධනයට ඉවහල් වේ.
රත්තැඹිලි ඇල් සහල් කැඳ
පිසින විට මී පැණි සුවඳක්‌ වහනය වන මෙම සහලින් පිසින ලද කැඳ සම පැහැපත් කරයි. සිරුර පුෂ්ටිමත් කරයි. පෙනීම දියුණු කරයි. මෙම සහල් රාජකීය කාන්තාවන් තම රූප ශෝභාව දියුණු කර ගැනීමට භාවිත කළහ.
වෙද හීනටි කැඳ
විෂ ශරීර ගත වූ අයට පවා මෙම කැඳ (ලූණු කැඳ) පෙවීමෙන් එම විෂ සහිත බව අඩුවන බව සොයාගෙන ඇත. ආමාෂ විෂ නසයි. සිරුරේ ගෙවී ගිය පටක අලූත් වැඩියා කරයි. වයෝවෘද වැඩිහිටියන්ට ඉතා ගුණදායකයි.
මාවී කැඳ
තරබාරු බව අඩුකිරීමට සමත් ය. දියවැඩියාව, ක්‌ෂය රෝගයට මෙන්ම ආර්ශස්‌ රෝගයටද ගුණ දෙයි.
හැටදා වී කැඳ
වා පිත් සෙම් සමනය කර සිරුර සැහැල්ලූ කරයි.
මඩතාවළු කැඳ
කොලෙස්‌ටරෝල් පාලනය කරයි. ගැස්‌රයිටීස්‌ වලටද ගුණදායක කැඳකි.
රත්දැල් කැඳ
පෙනහළු ආශ‍්‍රිත රෝග, සුවනොවන තුවාල ආදියට ගුණදෙයි. සෙම් රෝග වලට ඉතා සුදුසුයි. මුත‍්‍රා රෝග, පිත්තාශ සහ මුත‍්‍රා ගල් සඳහා විශේෂ ගුණැති කැඳකි. කුඩා දරුවන්ගේ ආහාරයක්‌ ලෙස පවා භාවිත කළ හැක. ලේ පිරිසිදු කිරීමට සමත් ය. ඒ නිසා ම සම පැහැපත් කිරීමේ ගුණයක්‌ද එහි ඇත. දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් ආහාරයට ගත්තේ රත්දැල් සහල් බව කියෑවේ.
විවිධ කැඳ වර්ග
කිතුල් පිටි කැඳ
අම්ල පිත්ත රෝගය සමනයට ඉතාම සුදුසුයි 

අවශ්‍ය ද්‍රවය
කිතුල් පිටි ග්‍රෑම් 50පොල් ගෙඩි ½ ක කිරි
සීනි ග්‍රෑම් 100
දිය ලුණු ස්වල්පයක්
සාදන ආකාරය
මැටි පුට්ටියක් ගෙන එය හොදින් සෝදා එම මුට්ටියට කිතුල් පිටි , පොල් කිරි, සිනි, දියලුණු දමා ලිප තබන්න.
විනාඩි 20ක් හෝ 25ක් පමණ හැදි ගගා උයා ලිපෙන් බා නිවෙන්නට හැර කෑමට ගන්න.

විවධ කොළ වර්ග වල ඇති රෝග නිවාරණ ගුණ 

ගොටුකොළ

බුද්ධිය ඇති කරයි. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. පීනසට ගුණ දේ. උෂ්ණයට තොල් පැලීමට ගුණයි. ශරීරයේ පැහැය හා ශක්තිය වැඩි කරයි.එසේම වයසට යෑමේ වේගය අඩු කරයි. ශරීරය පැහැපත් කරයි.  විශේෂයෙන්ම ගොටුකොළවලට ශරීරය පෘෂ්ඨිමත් කරීමට හැකියි. ද ගොටුකොළවල බලපෑමක් තිබෙනවා.

වැල් පෙනෙල

ශරීර ශක්තිය ඇති කරයි. ධාතු ශක්තිය වැඩි කරයි. පීනස් හා සෙම් රෝග ඇති අයට එතරම් සුදුසු නැත.
ඉරමුසු
ශරීරයේ උෂ්ණාධික රෝග සමනය කරයි. පිපාසය සංසිඳවයි. ශරීර වර්ණය වැඩි කරයි.
මොනරකුඩුම්බිය
ශරීර ශක්තිය වඩවයි. රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ප්‍රතිශක්තිය වැඩි කරයි. සෙංගමාලයට ගුණ දායකයි. ආහාර දිරවීම පහසු කරයි.

හාතාවාරිය

අල හා කොළ කැඳ සඳහා ගනී. ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරයි. ලේ පිරිසුදු කරයි. හාතවාරිය මඟින් ශරීරය නිරෝගී කරයි. වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරයි. ශරීර දැවිල්ල නැති කරයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුයි. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කරයි. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරයි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳිලා තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍යයි. හාතාවාරියවල ගර්භස්ථායක ගුණ තිබේ.
නීරමුල්ලිය කැඳ
රත්පිත් වාත රෝගීනට ගුණ දායකයි

එළබටු

කැස්සට හා පපුවේ සෙම් අමාරු සඳහා සුදුසුයි
කුප්පමේනිය
කැස්ස ඇදුම පීනස වැනි සෙම් සහිත රෝගීන්ට ගුණදායකය.
උඳුපියලිය
විස නැති කරයි. උදර රෝග සඳහා ගුණයි ඇස් පෙනීම වැඩි කරයි.

මුගුණුවැන්න

මල බුරුල් කරයි. කෑම රුචිය වැඩි කරයි.
කරපිංචා
රුධිරයේ මේද ප්‍රමාණය අඩු කරයි. කරපිංචා කොළ කැඳ ඉතා සුවඳවත්ය. ආහාර රුචිය වැඩි කරයි. ආහාර දිරවීමටද ඉක්මන් කරයි. රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව කරපිංචාවලට තිබෙ. එනිසා අධි රුධිර පීඩනය, හෘදයාබාධ මෙන්ම තරබාරු අයටත් කරපිංච කොළ කැඳ විශේෂයෙන්ම ගුණදායකයි.

සැවැන්දරා

ලේ පිරිසුදු කරයි. සමේ රෝග සඳහා සුදුසුයි.
රන්කරල් හැබෝ
අර්ශස් මගින් ගුදයෙන් ලේ පිටවෙන රෝගීන් සඳහා ගුණදායකය.
වැල් තිබ්බටු කොළකැඳ
කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම රෝගීන්ට ගුණ දායකය.

කොහිළ කැඳ

මළබද්ධය නැති කරයි. අර්ශස් රෝගීන්ට ගුණදායකය.
කතුරුමුරුංගා කොළ කැඳ
බඩ වියළීමට ගුණ දායකය. ඇස් පෙනීම වැඩි කරයි.
වල් කොත්තමල්ලි (පැණි බිබිල, කොළ කැඳ, රණවරා කොළ, පොතු කැඳ)
මී විෂට

ඉරමුසු

ඉතා සුවඳවත් ඉරමුසු කොළ කැඳ මඟින් ශරීරය සිසිල් කරයි. වැඩිපුර දහදිය දමන අයගේ එම තත්ත්වය අඩු කරයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ආහාර රුචිය වැඩිකර නිතර ඇතිවන පිපාසය සන්සිඳවයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. අක්මා සෛල ආරක්ෂා කිරීමට මෙන්ම පිළිකාවලින් වළක්වා ගැනීමේ හැකියාවක්ද ඇත.

පොල්පලා -

පැළෑටියම කැඳ සඳහා ගනි. මුත්‍ රාකාරක මුත්‍ර ශෝධක  ඖෂධයකි. ශරීරයේ විෂ බැහැර කරයි. ශරීරයේ උෂ්ණය, දැවිල්ල ඉදිමීම නැති කරයි. කෑම රුචිය ඇති කරයි. මුත්‍ර මාර්ගයේ ඇතිවන ගල් දියකර හැරීමට සුදුසු වේ. 
කොළ කැඳ ඖෂධයක් නොවේ. ආහාරමය පානයකි. නමුත් එකම කොළ වර්ගයක් දිගටම බීම සුදුසු නොවේ. සතියේ දවස් 7ට කොළ වර්ග 7ක් බීම සුදුසුයි. ඒ වගේම කොළ කැඳ බිමෙන් පසු කෑම වැඩිපුර ගැනීම සිරුරට ඔරොත්තු නොදීමට ඉඩ තිබේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.

ලිංගික බෙලිහීනතාවයට කිරි සමග මුරුංගා මල් පානය කරන්න.

ලිංගික සංසර්ගය සඳහා ලිංගයේ ප්රාණවත් කමක් රඳවා ගැනීමට නොහැකි වීම සමහර පිරිමින් විසින් අත් විඳින මහත් ගැටළුවකි. ලිංගික බෙලහීනකම ලෙසද මෙය හඳුන්වයි. සමහර පිරිමින්ට මෙය සමහර කාල වලිදී තාවකාලිකව ඇති වෙනු ඇත.

ස්වයං වින්ඳනයේ යෙදෙන විට ලිංගය ප්රාණවත් වූවත්, සහකාරිය හා ලිංගිකව එක්වෙන විට මෙම ප්රාණවත් කම රඳවා ගැනීමට සමහර පිරිමින්ට නොහැකි වේ.

මෙයට විවිධාකාර හේතු තිබිය හැක. ලිංගයේ රුධීර නාල සිහින් වීම, මානසික වශයෙන් ඇති බය, හෝර්මෝණ වෙනස් කම්, හෝ සම්බන්දතාවයේ ගැටළු මීට හේතුව විය හැක.

හේතුවට අනුව, මීට කරන ප්රතිකාරද වෙනස් වෙනු ඇත.

ලිංගයට සැපයෙන රුධීර ප්රමාණයේ අඩු කමක් නිසා හෝ මානසික ගැටළුවක් නිසා ඇති වෙන ලිංගික බෙලිහීනතාවයට නිවසේ සිටම කළ හැකි ප්රතිකර්ම ඇත. ඒවා මෙම ලිපියෙන් විස්තර කෙරේ.

1) කිරි සමග මුරුංගා මල්: පහසුවෙන්ම හා ලාභදායී ලෙස කළ හැකි ප්රතොකර්මයකි. මුරුංගා මල් වල කාම-වර්ධන ගුණ ඇත. ලිංගික අප්රාණිකත්වයට මින් සහනය ලැබේ. මුරුංගා මල් අතලොස්සක් කිරි වීදුරුවකට දමන්න. පසුව, මෙම කිරි හා මල් රත් කර ගන්න. බීමට හැකි වෙන තරම් පානය නිමා ගන්න. පසුව පානය කරන්න. මාස දෙකක් පමණ මෙම ප්රතිකර්මය කිරීමෙන් ගුණ ලැබෙණු ඇත.

2) කැරට්/මී පැණි හා බිත්තර: මෙම මිශ්රණයෙන් කාමාශාව ඇති වේ. භාජනයකට, මී පැණි මේස හැඳි 2ක්, භාගෙට තම්බා ගත් බිත්තරයක්, හා ගා ගත් කැරට් දමන්න. මෙම මිශ්රණය දිනපතා පරිබෝජනය කරන්න. දින 30-45ක් පමණ කිරීමෙන් ගුණ ලැබෙණු ඇති.

3) ඉඟුරු හා මී පැණි: විවිධ රෝග සඳහා ගුණ දෙන ඉඟුරු ලිංගික අප්රාණිකත්වයටද ගුණ දේ. පිරිසිදු ඉඟුරු කැබැල්ලක් පොඩි කර තලපයක් සාදා ගන්න. තලපයෙන් ඉඟුරු යුෂය මිරිකා ගන්න. මෙම ඉඟුරු තලපය මේස හැඳි 2කකට මී පැණි මේස හැඳි 2ක් එකතුකර පරිබෝජනය කරන්න. දිනකට තුන් වරක් මෙසේ කරන්න.

4) රටඉඳි හා ඇට වර්ග: ලිංගික හැකියාව වැඩි කිරීමට රටඉඳි වලට හැකියාව ඇත. රටඉඳි ගෙඩි කීපයක්, පිෂ්ටාචියෝ ඇට, හා ආමන්ඩ් ඇට සමාන ප්රමාණයන්ගෙන් ගෙන මිශ්රණයක් සදා ගන්න. මෙම මිශ්රණය කිරි වීදුරුවක් සමග දිනපතා පානය කරන්න.

5) කළු වියළි මිදි: කළු වියළි මිදි ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාර වන ඉතා හොඳ පළතුරකි. මද රශ්ණේ වතුරෙන් කළු මිදි 30g ක් පමණ සෝදා ගන්න. මෙම මිදි, කිරි මිලිලීටර් 200ක් සමග රත් කර ගන්න. මෙම මිදි පරිබෝජනය කර කිරි වීදුරුව බොන්න. ඵලදායී ප්රතිඵල දැක ගැනීමට දිනකට තුන් වරක් මෙසේ කරන්න.

6) බංඩක්කා කාමාශාව වැඩි කරන එළවළුවකි. මුල් කුඩු 5g ක් මද රශ්ණේ කිරි වීදුරුවකට එක් කරන්න. මෙයට කැන්ඩි සීනි තේ හැඳි දෙකක් එකතු කර දිනපතා පානය කරන්න.

7) ඇස්පරගස් මුල්: කාමාශාව ඇති කර බෙලිහීනතාවය නැති කරයි. වියලි මුල් 15g ක් කිරි කෝප්පයකට එකතු කරන්න. මද රශ්ණෙන් මෙය පානය කරන්න. දිනකට දෙපාරක් පානය කරන්න.

8) සැෆ්රන්: කාමාශාව වැඩි කර රුධීර නල සංසිඳුවයි. කැමති කෑමකට එකතු කර පරිබෝජනය කරන්න. සම්භාහනය කරන තෙල් වලට මෙය එකතු කර ශරීරය සම්භාහනය කිරීමෙන් රුධීර නාල සංසිඳුවී කාමාශාව වැඩි වේ.

9) සුදු ළුනු: බෙලිහීනතාවයට ගුණ දෙන එළවළුවකි. ප්රතිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කර ලිංගික හැකියාව වැඩි කරයි. අමු ගෙඩි 3-4ක් දින පතා සපා කන්න. සුදු ළුනු-පාන් පරිබෝජනය කිරීමද ගුණ ගෙන දේ.

10) ඔබගේ ශරීරයට විවේකය ලබා දෙන්න. ලිංගිකව එක්වෙන විට මනස සන්සුන්ව තියා ගන්න. සීමාව ඉක්මවා උද්දාමයට පත් වීමද ගැටළු ඇති කරයි. මනස හා මස්පිඩු සංසිඳුවන ව්යායාම කරන්න.

11) දුම් පානය නවත් වන්න: දුම් පානය පිරිමියෙකුගේ ලිංගික හැකීයාව අඩු කරයි. එම නිසා, දුම් පානය නවතා දමන්න. එක් වරම ඔබට දුම් පානය නවතා දැමිය නොහැකි නම්, ඉලෙක්ට්රොනික් සිගරට් වැනි නිකොටින් වෙනුවට ආදේශකයක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

12) ලිංගිකව එක් වීමට පෙර මධ්යසාරය ගැනීමෙන් හැකියාව අඩු වෙනු ඇත.

13) වැඩි වශයෙන් විටමින් A අඩංගු වෙන ආහාර ගන්න. මෙය, ලිංගික බෙලිහීනතාවයට ඇති හොඳම විසඳුමකි මෙය.

14) තන්තු ඇති ආහාර ගන්න. ඔබගේ බිරිඳව සතුටු කර වීමට තරම් ඔබට කාමාශාවක් දැනෙන්නේ නැත්ද? ඖෂධ භාවිතයෙන් ඔබ හෙම්බත් වී ඇත්ද? එහෙනම්, අප ඔබට ඉදිරිපත් කර ඇති මෙම ප්රතිකර්ම අත් හදා බලන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න.

කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න.


ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි. අනික එහි  වගකීම තමන්ගේ  සහකරුට  පමණක් පවරා නිහඬව ඉන්න කාන්තාවන්ට  බැහැ. මේ ලිපිය ඒ පිළිබඳවයි ලියැවෙන්නේ.
පහත රූප මගින් දැක්වෙන එම ලිංගික හැසිරීම් ඉරියව් කාන්තාවන්ට උපරිම තෘප්තියක් ලබා දෙන බවයි පැවසෙන්නේ.


කාන්තාව බිම දිගා වී සිටින අතර පුරුෂයා ඇය ඉදිරියේ දණ නවා සිටිනවා. කාන්තාවගේ  දෙකකුල් පුරුෂයාගේ උරහිස් දෙක වටා දමාගෙනයි මෙහිදී සිටින්නේ.

The Drop Box


මෙය කාන්තාවන්ට ඉතා තෘප්තිමත් සුරතාන්තයක් ලබා දෙන ඉරියව්වක් වනවා.

The Tilt-a-Whirl


මෙහිදී පුරුෂයා සිටින්නේ ඇඳේ අයිනට වී දෙකකුල් බිම තබාගෙන. කාන්තාව ඔහුට මුහුණලා ඔහුගේ උකුලේ හිඳගෙන සිටිනවා. ඉනපසේ දෙදෙනා ඉහත රූපයේ ආකාරයට අත් අල්ලාගෙන ඉදිරියට හා හසුපසට සෙලවීම මෙම ඉරියව්වේදී සිදු කරනු ලබනවා.

Closed for Business


මෙයත් තෘප්තිමත් සුරතාන්තයක් ලබා දෙන මුඛ සංසර්ග ඉරියව්වක්.

In high heels


වෙනසකටත් එක්ක මේ ක්‍රමය අත් හදා බලන්න ඔබට පුළුවන්. අඩි උස සපත්තු දමාගෙන සිටීම ඔබේ ඉණ රිද්මයකට චලනය කරවීමට පහසුවක් වනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






බුදුසසුන වසර පන්දහසක් පවතී ද?

බුදුසසුන වසර පන්දහසක් පවතී ද?

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. සම්බුදු දහම පිළිබඳව කිසිදු අවබෝධයක්, එහි ගැඹුරක් නො දත් අයෙක් පවා, සද්ධර්මයේ ආයු කාලය කෙතෙක් දැ යි කීමට හොඳින් දනිති. බොහෝවිට ධර්ම දේශනාවන් හි දී බහුතරයක් දේශකයන් වහන්සේලා ද, පවසන්නේ බුද්ධ ශාසනය වසර පන්දහසක් කල් පවතින බව යි. බහුතර බෞද්ධයන් ද, එය විනිශ්චයකින් තොර ව ම පිළිගනිති.

කවරදාකවත් ඔබ සිතුවාද බුදුදහම වසර පන්දහසක් කල් පවතින බව කීවේ කවුද? කොතැනදී ද? කියා. බහුතරයක් බෞද්ධයන් සිතන්නේ මෙය බුද්ධ දේශනාවේ ම සඳහන් ව ඇති බව යි.

තුන්කල් දැකිමේ නුවණ ඇති බුදුන් වහන්සේ ට හැර මේ දියත තුළ වෙනත් කිසි ජගතකුටවත් ධර්මය පිළිබඳ මෙ වැනි ප්‍රබල අනාවැකියක් පැවැසීම ට ද, නො හැකි ය. ඉතින් අපි කවුරුත් සිතන්නේ මේ සම්බුදු දහම වසර 5000 ක් කල් නො නැසී පවතින බව බුදුන් වහන්සේ වදාළ බවකි.

බුද්ධියට ගෝචර වූ බෞද්ධාගම, යමක් ගැන විමසීමේ දී එය විශ්වාස මත පදනම් නො වී සැක හැර නිරවුල් ව අවබෝධකර ගත යුතු බව පවසන අන්ධ භක්තියෙන් ගතානු ගතිකත්වයෙන් තොර වූ පිවිතුරු දහමකි.

එ බැවින් ශාසන අන්තර්ධානය පිළිබඳ කරුණු නිවැරදි ව අවබෝධ කිරීම වැදගත් වේ. ගෞතම සම්බුද්ධ ශාසනය විනාශ වී යන ආකාරය පිළිබඳ කතාකිරීම ට පෙර, අතීතයේ පහල වූ බුදුවරුන් ගේ ශාසන අන්තර්ධාන වීම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීම ට සිතුනි. බුදුසසුනේ ආයුෂය විනය යි. බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තෙක්ම විනය නීති පැනවීමක් නොතිබුණේය. එම නිසා වරක් සැරියුත් රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ශාසනය දිගු කලක් පවතිනු පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලා සිටිති. එ හි දී බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන් කෙරෙහි යම් කලෙක ආසවට්ඨානීය ධර්ම එ නම් රත්තඤ්ඤුමහන්තතා (සාසනයේ බොහෝ කල් ගත වූ භික්ෂූන් සංඛ්‍යාව වැඩි වීම), වෙපුල්ලමහන්තතා (ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බහුල වීම), බාහුසච්චමහන්තතා (විවිධ විෂයන් පිළිබඳ දැනීම වැඩි වීම) යන කරුණු ඇති වූ කල් හි ශික්ෂා පණවන බව යි.

සැරියුත් මහරහතන් වහන්සේ වරක් බුදුරදුන් ඉදිරිය ට පැමිණ මෙ සේ විමසන ලදී.“ස්වාමීනි කිනම් භාග්‍යවත් බුදු කෙනෙකු ගේ  ශාසනය බොහෝ කල් නො පැවැත් වේ දැ” යි ආදී වශයෙන් විමසූ කල බුදුරජාණන් වහන්සේ මෙ සේ වදාළ සේක.

“ශාරිපුත්‍රය, විපස්සී  භාග්‍යවතුන්  වහන්සේ ද, සිඛී භාග්‍යවතුන්  වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන්  වහන්සේ ද, ශ්‍රාවකයන් ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්න ට වෙහෙසුනා හු ය. ශ්‍රාවකයන් ට ශික්ෂා පද නො පනවන ලදී. ප්‍රාතිමෝක්ෂය නො දෙසන ලදී. ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ පිරිනිවීමෙන්, බුදුන්ගෙන් අසා අවබෝධ කරගත්  ශ්‍රාවකයන් ගේ පිරිනිවීමෙන් අනතුරු ව යම් ඒ පසු ව සිටි ශ්‍රාවක කෙනෙක් ඇත් ද, නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු,  නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු, ඒ ධර්මය වහා අතුරුදහන් කළා හු ය.  ශාරිපුත්‍රය, යම් සේ නොයෙක් මල් තැටියක් හි දමන ලද්දා හු නූලකින් නො අමුණන ලද්දා හු වාතය ට විසුරුවා හරින සේ විසුරුවයි ද, පිඹහරීයි ද, වනසයි ද, එ සේ ම ඒ භාග්‍යවත් බුදුවරුන් ගේ නැති වීමෙන් නොයෙක් නම් ඇත්තා හු, නොයෙක් ගෝත්‍ර ඇත්තා හු, නොයෙක් ජාති ඇත්තා හු, නොයෙක් වංශවලින් පැවිදි වූවා හු ඒ ශ්‍රාවකයෝ, ධර්මය වහා අතුරුදහන් කළා හු ය.”

එ මෙන් ම ප්‍රතිමොක්ෂය දේශනා කළ නිසා කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ශාසනය බොහෝ කල් පැවති බව ද, දේශනා කරන ලදී. බුදුවරුන් ගේ ශාසනයේ පැවැත්ම තීරණය වන්නේ විනය ප්‍රාතිමොක්ෂයෙන් බව බුදුරදුන් මෙ සේ විනය පිටකයේ භික්ෂු විභංගයෙන් දේශනා කර ඇත. එයින් ගම්‍ය වන්නේ බුදුවරුන් ගේ ශාසනය කෙරෙහි, ශාසනයේ ආයුෂය කෙරෙහි විනය තරමට බලපානා අනෙකක් නො වන බව යි.

මේ ආකාරයෙන් ම අනාගතයේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය ද, පරිහාණි වී මුළුමනින් ම අන්තර්ධාන වන බව තේරුම් ගත යුතු ය. ශාසන අන්තර්ධාන කතාවෙ හි එය ඉතා සවිස්තර ව විස්තර වේ. පිළිවෙලින් මෙ සේ ශාසනය අන්තර්ධාන වන්නේ ය. ප්‍රතිවේධ අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය, පර්‍යප්ති අන්තර්ධානය, ලිංග අන්තර්ධානය, ධාතු අන්තර්ධානය යනුවෙනි.
ප්‍රතිවේධ අන්තර්ධානය (අධිගම අන්තර්ධානය)
මාර්ගඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභීඥාය යන මේවා අධිගම යි. බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහක් මුළුල්ලේ භික්ෂුන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිත ව රහත් වෙති. කල්යත් ම එ සේ නො හැකි වී ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා සහිත ව රහත් වෙති.  අනතුරුව එ සේ විශේෂතා ලබා ගැනීම ට නො හැකි ව සුක්ඛ විපස්සක ව රහත් වෙති. ඊට පසු කාලවල දී ක්‍රමයෙන් පිරිහී අනාගාමී, සකෘදාගාමී, සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එ සේ අවසන් සොතාපන්නයා ගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.


බුද්ධ දේශනාවේ එය තවදුරටත් විස්තර වේ.
“මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය.”

“එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති,  කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති.”

“එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ.”
(සංයුක්ත නිකාය – ඕපම්ම සංයුක්තය)
බෙරයේ ප්‍රධාන ප්‍රයෝජනය හඬ යි. ඒ හඬ එන්නට බෙර කඳ තනන්නේ ලීයෙනි. දසාරහ රජතුමාට තුබුණේ එ බඳු බෙරයෙකි. එ හි තැනක් පැළුණු අවස්ථාවෙ හි වැඩි හොඳට වැඩි ලස්සණට රත්රන් අණ්ඩයක් දැමී ය. මෙ සේ පැළෙන පැළෙන තැනට රන්මුවා අණ්ඩ දැමූයෙන් කලක් ගිය පසු මුල් බෙර කඳ අතුරුදහන් විය. දිළිසෙන රන් කඳ ඉතිරි විය. බෙරය පෙනුමෙන් ලස්සන වී ය. එහෙත් හඬ නැති වී ය. එ මෙන් ම බුද්ධ ධර්මයෙ හි ප්‍රධාන ප්‍රයෝජනය ප්‍රතිවෙධය යි. එය ලැබෙන්නේ නියම බුද්ධ වචනය තුබුණොත් ය. මුලින් උපමාව දැක්වූ බුදුරජාණන් වහන්සේ නියම බුද්ධ වචනය අතුරුදන් වන සැටි ද ප්‍රකාශ කළ හ. “කලක් ගිය පසු මා ගේ ධර්මය ගැඹුරු ය යි කියා ලෙහෙසි ක්‍රම යොදා ගනීවි, එකින් එකට ලෙහෙසි ක්‍රම යෙදීමෙන් හා එයට වඩා ප්‍රිය කිරීමෙන් හා නියම ධර්මය අතුරුදන් වේ” ය යි ද, ප්‍රකාශ කළ හ. මෙ සේ බුදුදහමේ මුලික අරමුණ වන ප්‍රතිවේධය අන්තර්ධාන වන බව බුද්ධ දේශනාව යි.
ප්‍රතිපත්ති අන්තර්ධානය

මාර්ගඵල උපදවා ගත නො හැකි වු කල් හි භික්ෂූහූ චතුපාරිශුද්ධ ශීලය ම රකිති. කල් ගතවෙත් ම කුඩා අනුකුඩා ශික්ෂා පද උල්ලංඝණය කරති. කුදුමහත් ශික්ෂාපද මර්ධනය කොට කල් යත් ම ථුල්ලච්චාපත්තිය ට අවදිති. ඉක්බිති ගරුකාපත්තිය ට අවදිති. සතර පාරාජිකා පමණක් රකිති. සතර පාරාජිකා පමණක් රකිනා භික්ෂූන් සිටින කළ ද, ප්‍රතිපත්ති ශාසනය පවතියි. ඒ අවසන් භික්ෂූව ගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය ද අතුරුදහන් වේ. මේ ප්‍රතිපත්ති අන්තර්ධානය යි.
පර්යාප්ති අන්තර්ධානය

පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබෝධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින්  දේශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකය ට අයත් බුද්ධ වචනයේ  නො පැවැත්ම යි. ත්‍රිපිටකය පවත්නා කල් හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය, පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැ යි සැලකේ.කල්ගතවන කල කලියුගයේ රජවරු අධාර්මික වෙති. මොවුන් ගේ නො දැහිමි බවින් වැසි මනාකොට නො වසියි. එයින් භෝග ආදිය මනා ලෙස නො පැසෙයි. ඒවා මනා ලෙස නො පැසෙන කල් හි භික්ෂු සංඝයා වෙනුවෙන් දායකයන් ට මනා ලෙස දානය දිම ට නො හැකි වෙයි. එ සේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නො හැකි ව භික්ෂුන් ගේ ගණන අඩු විමෙන්, කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිම ට නො හැකි වෙයි. ඒ අනුව පිළිවෙලින් අභිධර්ම පිටකය,සුත්‍ර පිටකය හා විනය පිටකය වශයෙන් පිරිහීම ට පටන් ගනී. 

අභිධර්ම පිටකය පිරිහීම
මුලින් ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන් ය. මුලින් ම මහා ප්‍රකරණය පිරිහෙයි. පිළිවෙලින් යමකය, ධාතුකතා, පුද්ගලපඤ්ඤත්ති, කථාවත්තු, විභංග, ධම්මසංගණී ලෙසින් අනුපිළිවෙලින් පිරිහෙයි.

සුත්‍ර පිටකය පිරිහීම
මෙ සේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින් ද, පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එ හි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙ සේ අංගුත්තර නිකාය පිරිහුන කල් හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගය ද, නිධාන වග්ගය, සගාථවග්ගය, වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල් හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකය යි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකය ද, මුලපන්නාසකය ද, පිරිහෙයි. අනතුරුව මත්තෙහි පටන් දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමු ව පාටිය වග්ගය පිරිහෙයි. එයින් පසු මගාවගගය ද, සිලක්ඛන්ධවග්ගය ද, පිරිහෙයි. මෙ සේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි.

විනය පිටකය පිරිහීම
ඉන් මත්තේ විනය පිටකය හා ජාතක කතා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැ යි කියා ජාතක කථා පමනක් ම කියති. කල් යත් යත්ම ජාතකය ද, දැරිම ට නො හැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින් ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි.  එ කල් හි විනය පිටකය පමණක් ම පවතියි. මෙය ද, කල්යත්ම මත්තේ පටන් පිරිහී  පළමු ව පරිවාර පාළිය ද, අනතුරු ව ඛන්ධකය ද, භික්ඛු විභංගය ද, මහා විභංගය ද, පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එ කල් හි ද, පරියන්තිය අතුරුදහන් නො වු සේ සලකනු ලබයි.
යම් සේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම් ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක්  බුදුගුණ අසන්ට වුව මැනැවැ යි සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මේ දහසින් බඳ පියැල්ල ගෙන බණ කියනු ලබත් වා යැ යි” යි කියා නුවර බෙර ලවාත්, එ සේ ධර්ම කථිකයෙක් නො ලැබ  තුන්විටෙක බෙර ලැවූ කල ඒ දහසින් බඳ පියැල්ල  ගෙන බණ කියන්නක්හු නො ලැබත් ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල) පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ.



ලිංග අන්තර්ධානය


එ සේ පර්යාප්ති පිරිහුණු කල් හි භික්ෂූන් ගේ පාත්‍ර සිවුරු ගැනීම්, ඉරියව් පැවැත්වීමේ ආදී චර්යා ප්‍රසාද ජනක නො වේ. බමුණන් නිගණ්ඨයෝ මෙන් ඇවිදිති. පසුව ඒවා ද හැර දමා කහ පටියක් අතෙහි හෝ කරෙහි බැඳ අඹුදරුවන් රකිමින් ගොවිතැන්, වෙළ හෙළඳාම් ආදී විවිධ රැකී රක්ෂා ආදිය කරමින් ජීවත් වෙති. මෙ සේ හැසිරෙන භික්ෂූන් කාසාවකණ්ඨක යනුවෙන් මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසක දක්ඛිණා විභංග සුත්‍රයේ දි හඳුන්වා ඇත. කල්යත්ම කහකඩ (පටි) ද ඉවත ලා සිටිති. එකල් හි ලිංග අන්තර්ධානය ලෙස හැඳින් වේ.

ධාතු අන්තර්ධානය



අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති, ලිංග අතුරුදහන් වූ කල් හි එ කල මිනිසුන් ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නො ලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන් ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන් හි ම සත්කාර සම්මාන නො වේ. එ කල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එ තැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව, දෙව් ලොව ධාතුහු ද, වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේ ගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණ ව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේ ය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අප ගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එ කල් හි ජීවමාන බුදුන් සෙයින් ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති. මේ ධාතු අන්තර්ධානයෙන් පසු සම්පුර්ණ බුද්ධ ශාසනය ම අන්තර්ධාන වූයේ ය යි කියති.

ශාසන අන්තර්ධානය පිණිස හේතුවන කරුණු රාශියක් “බුදුදහමේ අවසානය ට පෙර” ලිපියෙන් විස්තර කරන්නට යෙදුනි. සංයුත්ත නිකායේ ඔපම්ම සංයුත්තයේ අන්තර්ගත ආණී සූත්‍රයේ ශාසන විනාශය ට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරන ධර්ම, ගිහියන් පමණක් නො ව පැවිද්දන් ද ශ්‍රවණය නො කරන බව ත් ඒවා අවබෝධ කිරීමට උත්සාහ නො ගන්නා බව ත් ය. එහෙත් ජන කවියන් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීම ට රුචි කරන බව ත් එ මගින් සතුටු වන බව යි. තව ද අනාගත කාලයේ බොහෝ ගිහිපැවිද්දෝ ගැඹුරැ ධර්මවිනය ගැන දැනුමක් නැතිවම දන්නෝ යැ යි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. ධර්මය ගැන ත් ඔවුහු එකිනෙකා ගැන ත් කිසි ගරුසරුවක් නොදක්වති. විනය බණදහම් කනපිට පෙරළෙමින් කෙලෙසන්නෝ වෙති. ධර්මවිනය ගැන දැන උගත්කම් නැත ත්, ලාභ සත්කාර ආදී ප්‍රබලකම් හා පක්ෂ බල නිසා එඩිතර ව සඟ මැද ධර්මය අධර්මය ලෙස ත්, විනය අවිනය ලෙස ත්, අධර්මය ධර්මය ලෙස ත්, අවිනය විනය ලෙස ත්, ප්‍රකාශ කරති. ලජ්ජා භය නිසා වාද බිමට නො බසින සිල්වත්, ගුණවත්, ධර්මධර භික්ෂූහූ ධර්ම විනය යථා තත්වයෙන් ඉදිරිපත් කරතත්, දුර්වල වී යන්නාහුය ආදී වශයෙන් ථෙරගාථා පාලි තිංසති නිපාතයේ සඳහන් ය.

“මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයා ගේ මුවහවීම පිණස අතුරුදන්වීම පිණිස පවතිත්. කවර පසක් ද යත්? මහණෙනි, මේ ශාසනයෙ හි භික්‍ෂූහු නො මනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණ ලද පද ව්‍යඤ්ජනවලින් යුක්ත ව පිරවහද් ද, මහණෙනි, අයහපත්කොට බහණ ලද පද ව්‍යඤ්ජන ඇත්තහු ගේ අර්ථය ද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක් ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නා වූ ධර්මයන්ගෙන් යුක්ත වූවාහු නො ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නො ගන්නාහු වෙත් ද, මහණෙනි, මේ දෙවන ධර්ම තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.”

“මහණෙනි, නැවත අනිකක් ද කියමි. බහුශෘත වූ, පැමිණි ආගම ඇත්තා වූ, ධර්මය දරන්නා වූ, විනය දරන්නා වූ, මාතෘකා දරන්නා වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනෙකා ට නො කියවත් ද, ඔවුන් ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන් වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක් ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරි වූවාහු, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තාහු වෙත් ද, නො පැමිණියහු ගේ පැමිණීම පිණිස, නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණස, වීර්යය පටන් නො ගණිත් ද, ඔවුන් ගේ පශ්චම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට, සස්න ලිහිල් කොට ගැනීම ඇත්තේ ය. නීවරණයන්ට බැස ගැන්මෙ හි පෙරදැරිවූවා, උතුම් විවේකයෙ හි බහා තබන ලද ධුර ඇත්තේ වේ. නො පැමිණියහු ගේ පැමිණීම පිණිස. නො ලබන ලද්දහු ගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දහු ගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීර්යය පටන් නො ගනියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්”.
“මහණෙනි, නැවත අනිකක් ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහු ද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එ හි අප්‍රසන්න වූවාහු ද නො පහදිත්. ප්‍රසන්නවූ ද ඇතැම් කෙනෙකු ගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයා ගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.”
(අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වග්ගය)


කෙ සේ වුව ත් ධර්ම තිබුණ ත් විනය තිබුණ ත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. එ ම නිසා බුද්ධ ශාසනයේ සංස්තිථිය අවුරුදු සියයකින් හෝ දහසකින් හෝ පන්දහසකින් හෝ දසදයසකින් හෝ ලක්ෂයකින් හෝ තීරණය කරණු ලබන්නේ ප්‍රතිපත්ති පුරන පැවිද්දන් හෝ ගිහියන් විසිනි. එ ම නිසා බුද්ධානුශාසනා යම්තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයා ගේ ආයුෂ තීරණය වන්නේ ය. එ බැවින් කළ යුතු හා කළ හැකි එක ම දෙයඅප්‍රමාදී ව පිළිවෙත් පිරීම යි.
තෙරුවන් සරණ යි!

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?

සමහර පුරුෂ ලිංග සංවාසයේදී කැඩී යන බව ඔබ දන්නවාද?


පුරුෂයන් තේජවන්තව ඇත්තේ පුරුෂ ලිංගය නිසාය. ගැහැණිය බියට පත්ව ඇත්තේ යෝනිය නිසාය. පුරුෂයා ලිංගයෙන් වැඩක් ගත් විට වීරයෙක් වේ. තරුණියක් යෝනියෙන් වැඩක් ගත් විට අනාථ වේ.පුරුෂ ලිංගය ගැන ජ්‍යොතිෂයේ අමුතු කතන්දර ඇත. ලිංග විවිධ හැඩ සහ ප‍‍්‍රමාණ අනුව වර්ග කර ඇත.


පුරුෂ ලිගුව පිළිබඳ ඔබ නොදත් කරුණු


පුරුෂ ලිංගයට ඉංග‍්‍රීසියෙන් කියන කියන වචනෙ හැදිල තියෙන්න ලතින් භාෂාවෙන් ,වලිගය, කියන තේරුම ඇතිව..


ප‍්‍රිමාටාවන් (චරසප්එැි* අතරින් විශාලම පුරුෂ ලිංගය තියෙන්නෙ මිනිස්සුන්ට.


සත්ත්වයන් අතරින් ආශ්වාදය සදහා ලිංගික කටයුතු යොදාගන්නෙ චරසප්එැි පමණයි. අනික් සතුන් එම කටයුත්ත කරන්නේ පරපුර පවත්වාගැනීමට.


කොමඩෝ මකරා (ණදපදාද ෘර්ටදබ* නැමති උරගයාට පුරුෂ ලිංග දෙකක් තියෙනවා...


පිරිමි කලළයකට අවසාන මාස තුන ඇතුලත ලිංගය ප‍්‍රාණවත් වීම සිදුවෙනවා....


බ‍්‍රසීලයේ වනාන්තරවල සිටින එක්තරා විෂ සහිත මකුළු විශේෂයක් (ඊර්‘සකස්බ උ්බාැරසබට ීචසාැර* දශ්ඨ කලාම පැය ගානක් පවතින, වේදනාකාරී ප‍්‍රාණවත් වීමක් ඇතිවෙනවා..


ගුරුත්වාකර්ශනය නැති ස්තානවල (අභ්යාවකාශයේදී) ලිංගය ප‍්‍රාණවත්වීම සිදු වෙන්නේ නෑ.


එ කම නුස්සසයෙක් ඊඵඋ කම්පැණියට නඩුදාලා තියෙනවා ඒගොල්ලන්ගෙ බයික් එකක් දැක්කම එයාගෙ ලිංගේන්ද‍්‍රිය ප‍්‍රාණවත් උනා කියලා.


පැය ගනනක් එක දිගට පවතින ප‍්‍රාණවත් වීම ජලභීතිකා රෝගයේ මූලික රෝග ලක්ෂනයක්.


එල්ලල මරණ මිනිස්සුන්ට මැරෙන මොහොතෙදී ලිංගය ප‍්‍රාණවත් වීමක් සිදුවෙනවා.


ප‍්‍රාණවත්වූ ලිංගයක් කැඞී යාහැකියි. මෙය අත්ශයින්ම වේදනාකාරීයි.


සමහර මීමැස්සන්ගේ පුරුෂ ලිංගය මී මැසිරැුජින සමග සංවාසයේ යෙදීමෙදී කැඩිල යනව.


වියාග‍්‍රා පෙති මුලින්ම හදල තියෙන්නෙ පපුවෙ අමාරුවට ගන්න බෙහෙතක් විදියට.


නිරෝගී පිරිමි කෙනෙක්ට නින්දෙදී විනාඩි 90 ක් පමණ ප‍්‍රාණවත්වූ පුරුෂ ලිංගයක් පවතිනව.


ලිංගය ප‍්‍රාණවත්වීම ක‍්‍රම තුනකට සිදුවෙනව.. ස්පර්ශය මගින්, හැගීම් ඇතිවීම මගින්, නොදැනීම. (නින්දෙදි

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න.

විවාහයට අත්‍යවශ්‍ය පංච භත පොරොන්දම ගැන හරියටම මේ දේවල් දැනගන්න.


මේ වනවිට අපි ඔබගේ යුග දිවියට වඩාත් වැදගත් වන්නා වූ පොරොන්දම් 12 ක්‌ පිළිබඳව ඔබව දැනුවත් කර ඇත්තෙමු. මේ සතියේ අපි තවත් පොරොන්දම් කීපයක්‌ පිළිබඳ විමසා බලමු.

පඤ්ඤ පක්‌ෂි පොරොන්දම

රාජාලියා , බකමූණා, කුක්‌කුට, කාක, මයුර වශයෙන් පක්‌ෂීන් පස්‌ දෙනෙකු ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

යම්කිසි දෙදෙනෙක්‌ උපදින විට නැගෙනහිර ක්‌ෂිතිජයේ දිස්‌වන ලග්නය වගේ ම නැකතකුත් හිමිකර ගනී. (එම නැකත් පිළිබඳ අපි පසුගිය සතිවල කතා කළෙමු) දෙදෙනාගේ නැකත් දෙකට උරුමකම් කියන්නා වූ පක්‌ෂීන් දෙදෙනෙක්‌ වේ. එම නැකැත් දෙකට හිමි පක්‌ෂින් දෙදෙනා සතුරු වේ නම් අශුභයි. මිථ්‍ර නම් ශුභයි. සම නම් මධ්‍යමයි. දෙදෙනාම එකම පක්‌ෂියෙකුට හිමි නම්, ඉතා ශුභයි. මෙයද විවාහ ජීවිතය තුළ සතුට සමාදානය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන පොරොන්දමකි.

රාජාලියාට - බකමූණා ද, මොණරාද, කුකුළා ද සතුරු වෙති.

බකමූණාට - මොණරා ද , කුකුළාද, රාජාලියා ද, කපුටා ද සතුරු වෙති.

මොණරාට - කුකුළා ද, කපුටා ද, මිතුරු වෙති.

කුකුළාට - කපුටා සම වේ

කපුටාට - රාජාලියා සම වේ.

පඤ්ඤ භූත පොරොන්දම

1 පඨවි 2 ආපෝ 3 තේජෝ 4 වායෝ 5 ආකාශ යන පඤ්ච මහා භූතයන්ගේ බලපෑම සෑම ස්‌ත්‍රියකට, පුරුෂයකුට පමණක්‌ නොව මොලොව වෙසෙන සියලුම ප්‍රාණින්ට බල පවත්වන නිසාවෙන් මෙම භූතයන්ගේ ගැලපීම ඉතා ම හොඳට තිබිය යුතුය. මෙම පඤ්ච භූත ශක්‌තිය නොමැතිව මොලොව කිසිදු වස්‌තුවක්‌ තුළ ප්‍රාණයක්‌ නොමැත. එම නිසා මෙම පොරොන්දම වනාහී විවාහ ජීවිතයට ඉතා ම අත්‍යාවශ්‍ය වන්නා වූ පොරොන්දමකි. මෙය හරිහැටි නොගැලපේ නම් දෙදෙනාටම සෑම අතින් ම කායික මානසික විපත්ති ඇති කළ හැකිය.

මේ අනුව ඉතා හොඳටම ගැලපීම ඇත්තේ දෙදෙනා පඨවි සහ ආපෝ යන භූත දෙකෙන් ඉපදී සිටීනම් ය. ස්‌ත්‍රී , පුරුෂ කවුරු වුවද එම භූත දෙකේ නම් ඉතා ශුභයි. එයට හේතුව පොළොවට වතුර වැටීම නිසා වැවෙන ගස කොළ සාරවත් වන්නාක්‌ මෙනි.

පඨවි භූතයට - පඨවි, ආපෝ, වායෝ යන භූත 3 ම ශුභයි.

පඨවි භූතයම වීම ඉතා ම ශූභයි.

ආපෝ භූතයට - වායෝ, ආකාශ යන භූතයන් මධ්‍යම ය.

ආපෝ භූතයට - වායේ, ආකාශ යන භූතයන් මධ්‍යම ය.

ආපෝ භූතයට - තේජෝ භූතය ඉතා අශුභයි. ඒ කෙසේද යත් වතුරයි ගින්දරයි කිසි විට එක්‌ නොවන්නා සේ ය.

තේජෝ භූතයට - වායෝ භූතයන් ආකාශ භූතයන් ශූභයි.

වායෝ භූතයට - ආකාශ භූතය ශුභයි

ගෝත්‍ර පොරොන්දම

මරිචි, අත්‍රි , විශිෂ්ට, අංගිර, පුලස්‌ති, පුලඟ, කෘතු වශයෙන් ගෝත්‍රිකයන් නම් කළ හැක.

පඤ්ඤ භූත පොරොන්දමේ ශක්‌තියෙන් ගෝත්‍ර පොරොන්දමේ ඇති දෝෂ භංග කර දැමිය හැකි අතර පඤ්ච භූත පොරොන්දම ඉතා හොඳින් ගැලපේ නම් මෙම පොරොන්දම ගැලපීම අත්‍යාවශ්‍ය නොවේ.

දෙදෙනා ම එකම ගෝත්‍රයේ නම් - අශුභයි

දෙදෙනා ගෝත්‍ර දෙකක නම් - ශුභයි

දෙදෙනා ම එකම භූතයක නම් ගෝත්‍ර පොරොන්දම අශුභ වේ නම් මධ්‍යමයි

භූත පොරොන්දමත් අශුභ නම් ගෝත්‍රත් අශුභ නම් අශුභයි

වර්ණ පොරොන්දම

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය බ්‍රාහ්මණයන් විසින් නිපදවන ශාස්‌ත්‍රයක්‌ වන බැවින් නැකැත් වලට හිමි වර්ණ බෙදීමේදී බ්‍රාහ්මණ වර්ණය ප්‍රධාන කර ක්‌ෂත්‍රිය වර්ණය දෙවැනි කර තිබේ. බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය , වෛශ්‍ය, ශුද්‍ර, පංචම, සංකර වශයෙන් වර්ණ නම් කළ හැක. දෙදෙනාගේ වර්ණ පොරොන්දම බැලීමේදී,

දෙදෙනා ම එකම වර්ණයකට අයත් නම් - ඉතා ශුභයි

දෙදෙනා වර්ණ දෙකක නම් පුරුෂයා උසස්‌ වර්ණයකත්

ස්‌ත්‍රිය එයට පහත් වර්ණයකත් වීමද - මධ්‍යමයි

දෙදෙනා වර්ණ දෙකක වී1

ග ස්‌ත්‍රිය උසස්‌ වර්ණයකත්, පුරුෂයා පහත් වර්ණයකත් වීම - ඉතා අශූභය.

ලිංග පොරොන්දම

ස්‌ත්‍රී ලිංග, පුරුෂ ලිංග, නපුංසක ලිංග වශයෙන් ලිංග කොටස්‌ තුනකට බෙදේ.

ස්‌ත්‍රිය, ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා, පුරුෂ ලිංග වීමත් ඉතා ශුභයි.

දෙදෙනාම පුරුෂ ලිංග වීමද, දෙදෙනා ම නපුංසක ලිංග වීමද, පුරුෂයා ස්‌ත්‍රී ලිංග හා ස්‌ත්‍රිය පුරුෂ ලිංග වීමද, දෙදෙනා පුරුෂ ලිංග හා නපුංසක ලිංග වීමද - ඉතා ම අශුභයි.

මෙම පොරොන්දමද යුග දිවියට ඉතා අත්‍යාවශ්‍ය වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ආචාර්ය මංජුල පීරිස්‌

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



තරුණ තරුණියන්ගේ ලිංගික ස්‌වභාවය මනින පොරොන්දමේ අපි නොදන්නා දේවල් මෙන්න.

තරුණ තරුණියන්ගේ ලිංගික ස්‌වභාවය මනින පොරොන්දමේ අපි නොදන්නා දේවල් මෙන්න.

 අගලවත්තේ බී. හේරත්

සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක්‌ ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන් ස්‌ත්‍රී-පුරුෂ වශයෙන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්‌ව පවතී. එනිසා ලිංගික තත්ත්ව කෙනෙකුගෙන් කෙනෙකුට සමාන වීම විවාහ දිවියක සාර්ථකත්වයට බලපායි.

මේ තත්ත්වයන් එදා භාරතීය සෘෂිවරුන් විසින් ගවේෂණය කර ජ්‍යෙdතිෂ්‍යමය සිද්ධාන්ත වලට එක්‌කළේය. ඒ අනුව අප රටේද විවාහ පරීක්‍ෂාවේ ප්‍රධාන තම අංගය බවට පොරොන්දම් විමසීම පත්ව තිබේ. විවාහ පත්වන යුවතිපති දෙදෙනාගේ ගැලපීම එයින් තීරණය වේ. මෙම පොරොන්දම් කරුණු බුද්ධිමත්ව විමසා බලනවිට පෙනීයන්නේ අභ්‍යන්තර ලිංගික තත්ත්වයන් යුවති පති දෙදෙනාගේ ජීවිතයේ සියලු පැති හරහා බලපවත්වන ආකාරය මැන බැලීමට යොදාගත් ජ්‍යෙdතිෂ්‍යමය කැඩපතක්‌ බවය.

මනෝ විද්‍යාත්මකව බැලූ කල කලවයස පරිපූර්ණ වීමෙන් පසු ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය මත ලිංගිකත්වය අවදිවෙයි. එය සුන්දර සොඳුරු ප්‍රේමණීය හැඟීම් වශයෙන් බාහිර ලෝකයට ප්‍රවිශ්ඨ වෙයි. මෙම සුන්දර හැඟීම ආදරය - ප්‍රේමය - වශයෙන් බාහිර ලෝකය තුළ එකිනෙකාට ආකර්ෂණය වෙයි. එනිසා සිතට ඇලෙන ස්‌ත්‍රීන් කෙරෙහි පුරුෂයෝත්, පුරුෂයන් කෙරෙහි ස්‌ත්‍රීනුත් ආකර්ෂණ වෙති.

බාහිර වශයෙන් ඔවුන් පෙම්වතුන් - පෙම්වතියන් වන නමුදු ලිංගික වශයෙන් ඔවුන් ගැලපේද නොගැලපේද යන්න භෞතික වශයෙන් සැඟවුන ප්‍රශ්නයක්‌ වේ. ඒ සම්බන්ධයෙන් පොරොන්දම් පරීක්‍ෂාව ඉතා වැදගත් මිනුම් දණ්‌ඩක්‌ බව පෙනේ. ලිංගිකත්වයේ ස්‌වභාවය ආස්‌වාදයයි. එය තම තමන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ශක්‌තීන්ගේ ස්‌වභාවයට අනුව සකස්‌වෙයි. එහි මූලික සාධනය වන්නේ "ආස්‌වාදය" බැවින් එකිනෙකාගේ සිතුම් පැතුම් අනුව එය බැඳී පවතී.

මේ "ආස්‌වාදය" බොහෝවිට තාරුණ්‍යයේ මුල් කාලය තුළ හැඟීම් සමඟ මුසුවී ඉහළ ආස්‌වාදයක්‌ ලබාදෙයි. ඒ විවාහයට පෙර කාලවල සිදුවන ශාරීරික හා මානසික ස්‌වභාවයයි.

විවාහයට පෙර ලිංගික ආස්‌වාදය නිරන්තර සිතෙහි පීඩනයට පත්ව තිබේ. එය එම කාලය තුළ හැඟීම් සමඟ ප්‍රබල ලෙස පිබිදෙන බැවින් කිසිදු වෙනස්‌කමකට භාජන වන්නේ නැත. එය ස්‌ත්‍රි - පුරුෂ සියල්ලන්ටම එක සමානය. නමුත් යුවතිපතියන් වී දිවි ගෙවනවිට ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාව වැඩි වේ. මෙම වැඩිවීමත් සමඟ ඔවුන්ගේ සිතුම් පැතුම් හා ශාරීරික ස්‌වභාවයන් අනුව සිතට ආවේණික වූ ආස්‌වාදය එකිනෙකාට වෙනස්‌වී යා හැකිය.

මේ වෙනස යුගදිවි ගිනිබත් කළ හැකි තරමටම ප්‍රබල විය හැකිය. මේ නිසා පොරොන්දම් ගැලපීම ඉතාම අවශ්‍ය කාරණයක්‌ වේ. පොරොන්දම් විවරණයේ යෝනි පොරොන්දම් මෙයට සෘජු ලෙසම මූලික වන එකකි. විශේෂයෙන් යෝනි පොරොන්දමෙන් දක්‌වන සත්ව සංකේත ඇසුරෙන් දැක්‌වෙන්නේ ලිංගික තත්ත්වයන්ගේ ශාරීරික වශයෙන් දෙදෙනා තුළ පවතින ස්‌වභාවය කෙසේද යන්නය.

පොරොන්දම් විවරණයේ ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් විග්‍රහ වන්නේ යුවතිපති දෙදෙනාගේ ලිංගිකත්වයේ මානසික ස්‌වභාවයයි. මෙයට විශේෂ වශයෙන් යෝනි පොරොන්දම බලපාන බව කිවයුතුය. ශාරීරික ස්‌වභාවය මෙන්ම මානසික ස්‌වභාවයේද පවතින වෙනස්‌කම් මතුවන්නේ විවාහවී ටික කලකට පසුය.

නැකැත් 27 මුල්කොට යෝනි විවරණයේදී සත්ව සංකේත ස්‌ත්‍රිලිංග පුරුෂලිංග හා නපුසංක ලිංග වශයෙන් කොටස්‌ 3 කට බෙදේ. එසේම නැකැත් 27 ට සත්ව සංකේත 27 ක්‌ ඉන්දීය ජ්‍යෙdතිෂ්‍ය වේදය සකස්‌ කළ අතර ඉන්දීය පඬිවරයෙක්‌ හැටියට සලකන "වාත්ස්‍යායන" නම් කතුවරයා ලියූ කාමසූත්‍ර නම් පොතේ පිරිමි සහ ගැහැනු වර්ග 04 බැගින් වෙන්කර තිබීමද මෙම සත්ව සංකේත සමඟ අභ්‍යන්තරව සම්බන්ධතාවක්‌ පවතී. ඒ පිළිබඳව විස්‌තර මෙසේ වෙයි.

අස්‌විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්‌ත්‍රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්‌තිනී" නම් ස්‌ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක්‌ ගතකරයි.

එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සංණී" නම් ස්‌ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්‌ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක්‌ ලබයි.

අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්‍යාඝ්‍ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්‌ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්‌ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක්‌ උරුම කරගනී.

මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්‍යාඝ්‍ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්‌ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ.

ඉහත විස්‌තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක්‌ හා හස්‌තිනී වර්ගයේ කාන්තාවක්‌ අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක්‌ බැවින් අඟල් 8 ක්‌ ගැඹුරු ස්‌ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්‌ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්‌මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්‌ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්‌නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්‌වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්‌වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක්‌ නොදැනේ. ස්‌වාමියා අත්හැර දැමීමට පෙළඹේ.

එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්‌ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක්‌ ගතහොත් රෙහෙණ නැකතම ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්‌මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්‌වාදයක්‌ ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්‍ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය.

එසේ වෙනස්‌වීම් පවතින යුවතිපතියන්ගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාවය දුර්වලය. අනියම් සම්බන්ධතා ඇතිවීම - පවුල අතර ඇති සාමය - සමගිය බිඳීයැම ආදී අයහපත් තත්ත්වයන් ඇති කරයි.

අශ්ව වර්ගයේ පිරිමියෙක්‌ හා පද්මිණි වර්ගයේ කාන්තාවක්‌ අතර විවාහයද සාර්ථක තත්ත්වයේ නොපවතී. එම ස්‌ත්‍රීන් කාරුණික හා බිය මුසු ස්‌වභාවයෙන් යුක්‌තය. ලිංගික සම්භෝගය වේදනාත්මක විය හැකිය. රෝගී භාවයට පත්වන අතර ගර්භාෂ ගත රෝග ලේසියෙන්ම වැළඳේ. ගිහි දිවිය කලකිරෙන තත්ත්වයද පවතී. ගැලපෙන සාර්ථක අනියම් ලිංගික සම්බෝගයකට ලක්‌වුවහොත් සැමියා අත්හැර දැමිය හැක.

ශශ සංනී එකතුවද එයට සමගාමී තත්ත්වයක්‌ ඇති කරයි. ස්‌ත්‍රිය සැමියා කෙරේ කෝපාවිෂ්ඨ ගතියකට හැරේ. නිතර ආරවුල් ඇතිකර ගනී. සැමියාගේ ඕනෑ එපාකම් ගැන සොයා නොබලයි. අනියම් සම්බන්ධවලට ලේසියෙන් ගොදුරුවේ. ඔවුන්ගේ ලිංගික තත්ත්වයන් ඉහත විස්‌තරය අනුව සස¹ බලන්න. ලිංගික සම්බන්ධයේදී බිරිඳට සතුට පෙනි පෙනී සැමියා අක්‍රිය වීමට ඉඩ කඩ ඇති බැවින් සාර්ථක ලිංගික තත්ත්වයක්‌ නොලබයි.

ශශ චිත්‍රනී යෝගයද පූර්ණ සාර්ථකත්වයක්‌ නැත. නමුත් යම් ආකාර සුබවාදී තත්ත්වයක්‌ පවතී. දෙදෙනා අතර තදබල ගැටලුකාරි තත්ත්වයක්‌ මතු නොකරයි.

මෙම තත්ත්වයන් දිගින් දිගටම විස්‌තර කිරීමෙන් ලිපිය දිගුවන බැවින් සෙසු කාරණා කෙරෙහි සැලකිල්ල යොමුකරමි. වෙනත් දවසක ඒ ගැන විස්‌තර නැකත අතිරේකයෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

මේවා විමසීමේදී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව පරීක්‍ෂා කළ යුතුය. හත අධිපති මෙන්ම සිකුරුද, වෘශ්චික රාශිය මෙන්ම 8 වැන්නද, රවි කුජ, ශනි ආදීන්ගේ පිහිටීමද පළමුව සලකා බැලිය යුතුවේ. සිකුරු, හත අධිපති, වෘශ්චික රාශිය ආදී තැන්වලට සෙනසුරුගේ සම්බන්ධයක්‌ පවතීනම් ලිංගික ගැටලු පාලනය කරගෙන යුගදිවිය ගෙවීමේ ශක්‌තිය ලබයි. කොපමණ මිල මුදල් යාන වාහන තිබුණත් ඇතැම් විවාහක බිරින්දැ වරු වෙනත් දුප්පත් අය හා රහසිගතව පලායන්නේ ලිංගික ශක්‌තිය (ආස්‌වාදය) විවාහය තුළින් නොලැබීම පාලනය කරගත නොහැකි බැවිනි. අද 80% ක්‌ පමණ දෙනා මේ ලිංගික තත්ත්වයන් තුළින් විවාහ ජීවිත වල අඩු ආස්‌වාදක තත්ත්වයෙන් පෙළෙන ස්‌වභාවය පවතී. එය සමාජ ගත විවිධ චාරිත්‍ර සිරිත් විරිත් ඇසුරෙන්ද වඩා බලවත් වේ.

එනිසා පොරොන්දම් විවරණයේදී විශේෂ වශයෙන් ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම - යෝනි පොරොන්දම - ලිංග පොරොන්දම යන කරුණු තුන මිනිසාගේ කාම තන්හාවට ප්‍රධාන වශයෙන් මූලික වේ. එපමණක්‌ නොව කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීමද වැදගත්වේ. දෙදෙනෙකු අපායකට ඇද දැමීම හෝ දෙව්ලොවකට පත්කිරීම පොරොන්දම් විමසුම තුළ දෛවඥයා සතු ප්‍රබල වගකීමක්‌ වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Sunday, August 28, 2016

බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජාව ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න.

බුදුන් වහන්සේට මල් පූජා කරන හේතුව දන්නවද? මල් පූජාව ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න.


මේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කරන්නේ අප හැමෝම දන්නා මල් පුජාව පිළිබඳ ව යි.  මෙහි මාතෘකාව දුටු විට මල් පූජාකර මොන නිවන් දැ, යි කෙනෙක් සිතන්න ට පුළුවන. ලිපිය කියවා අවසාන වූ විට එ ම සිතුවිල්ල සිතින් ඉවත් වනු ඇත. 

පළමුවෙන්  ම අපි "මල්" හා "පූජාව" යන පදවල අරුත විමසා බලමු. "මල්" යනු මමත්වය ට බැඳුනු ළය යන්න ය. "පූ" යනු ආහාරය යි. "ජා" යනු ජනිත කරවීම ය.  මෙ හි දී "ආහාර" කියා හැඳින්වෙන්නේ කන බොන ආහාරක් නො වන බව සිහිකට යුතු ම ය. ආර්ය ආර්යෂ්ඨාංගික මාර්ගය නිවන ජනිත කිරීම ට ආහාරක් වන්නා සේ "ආහාර" යන වචනයෙහි අරුත වටහා ගත යුතු ය.
දැන් මාතෘකාව ට එළඹෙමු.


බුදුන් පුදන්න මල් ම තොරා ගත්තේ ඇයි?
විවිධ ආගම්වල විවිධ පුජා ක්‍රම දකින්න ට ඇත. "පූජාච පූජනීයානං" පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බෞද්ධයන් ගේ පුජා ක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය ම පුජාවකි මල් පුජාව. ඇයි බෞද්ධයන් බුදුන් පුදන්න ට මල් ම භාවිත කරන්නේ? කියා කෙනෙක් සිතන්න ට පුළුවන්. එ විට සිත ට එකවර ම නැගෙන සිතිවිල්ල තමයි මල් බොහොම සුවඳවත්, මල් හරි ම ලස්සනයි කියන එක. එහෙනම් මම ඔබෙන් මේ විදියට ඇසුවොත්. ගස්වල මල් හැරුන විට ගෙඩි ත්, ඇතිවෙනවා. අන්නාසි වගේ ගෙඩි ලස්සනයි. ඒ වගේ ම ඉදුනම සුවඳ යි. නමුත් බුදුන් පුදන්න ට කවර දාක වත් දෙවියන් ට කවන්න ට යන පලතුරු වට්ටියක් යොදාගත් බවක් මා අසා නැත. එ සේ නම් මල් පුදන්නේ ලස්සන හෝ සුවඳ නිසා නො වන බව ත්, එ හි ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති බව ත්, වටහා ගත යුතු ය.


නිවන් යන්න මලක් පිදුවත් ඇති.

මේ කියන්නේ ගොඩක් මල් පුජා කළ විට නරක යි කියන එක හරි ගොඩක් මල් පුජා කළ විට ගොඩක් පින් ලැබෙනවා කියන එක හරි නො වේ. අද සමහර දෙනා නිවන් පතා ම මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ප්‍රසිද්ධිය ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලොකුකම පෙන්වන්න ට මල් පුදන්නේ ය. තව ත් පිරිසක් ලක්ෂ ගණනින් මල් පුදන්නේ ය. ඔබ ත්, මෙයින් එක් ආකාරයකින් හෝ මල් පුදන්නෙකි.

නමුත් අපි මල් පුදන්නේ කුමන සිතුවිල්ලකින් ද? කියන කරුණ මෙ හි දී වැදගත් වෙනවා.
"වණ්ණ ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතිං පූජයාමී මුනින්දස්ස සිරිපාද සරෝරුහේ"
මෙ හි සරල අර්ථය වන්නේ වර්ණයෙන්, ගන්ධයෙන්, ගුණයෙන් යුතු මේ මල් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපාදයන් ට පූජා කරමි, පූජා වේ වා! යන අරුත යි.

අප මේ ගථාව කොපමණ වාරයක් නම් කියන්න ට ඇත් ද?  මල් වට්ටියක් ලස්සන ට සරසලා බුදු පිළිමයක් හෝ බුදු රුවක් ළඟ ට ගොස් ජීවමාන බුදුරදුන් ට පූජා කරමි, පූජා වේ වා! කියා සිතාගෙන ඉහත ගාථාව කියා බුදුන් වැඳ නිවන් පතා ගෙදර එයි. නමුත් මෙ ම ගාථාවේ ඉහත කී අර්ථය ට වඩා බොහෝ ගැඹුරු අර්ථයක් ඇත. මෙ තැනින් ඉදිරිය ට මේ ලිපියෙන් කියවෙන්නේ ඒ අර්ථය පිළිබඳ ව ය.


මල් කැඩීම.

 ව්‍යංග්‍යාර්ථයන් සහිත ව ගත් කල අද නම් මෙය ට බොහෝ තේරුම් ඇත. නමුත් මේ කියන්න ට යන්නේ අතීත බෞද්ධයන් මල් කඩන්න ට ගිය ආකාරය ය. ඔවුන් මල් දෙස බලා සිතුවේ මල් හරි ලස්සන යි, සුවඳ යි (සුව+අන්ධ), කියන කරුණ නම් නො වේ. ඔවුන් මල් දෙස බලා අවබෝධ කොටගත් දෙයක් තිබුණා. ඇයි ලස්සන ට මල් පිපුනේ? ඇයි මලින් සුවඳ හමන්නේ?, ඇයි මල් පෙති සිනිඳු?, ඇයි පැණි තියෙන්නේ? ඇයි රොන් තියෙන්නේ? මෙහෙම තියෙන්නේ කාව ලස්සන කරන්න ද? කාව සුවඳවත් කරන්න ද? ලෝකය ලස්සන කරන්න ට කියා කෙනෙක් කියාවි. ලෝකය කියන්නේ සිංහලෙන් ම කිවහොත් ලෝ+කය = ලෝකය "ලෝ" යනු ලොවනවා යන්න යි. "කය" යනු ක්ෂය යන්න යි. එ බැවින් "ලෝකය" යනු ක්ෂයවන දේ පසුපස ලොවමින් යෑම යි.



තව ත් කෙනෙක් කියාවි සමනලයන්, බඹරුන් වැනි සතුන් ට ආහාර පිණිස මල් පිපී ඇති බව. නමුත් අපි නො දන්න පැත්තක තිබෙණ අර්ථය මෙය යි. හොඳින් තේරුම් ගන්න ලස්සන,සුවඳ,පහස, බලබලා ඉන්න ට මල් පිපී නැති බව. සමනලයන්, බඹරුන් වැනි සතුන් පැමිණ මේ මලේ තිබූ  රේණු හා ඩිම්බ සංසේචනය කරවීම සිදු කරන ලදී. මල ට අවශ්‍ය වූයේ ද, එය යි. මේ හේතුව නිසා අනාගතයේ ඵලයක් ඇති වන්නේ ය. දැන් මේ ගස ආයු කාලය අවසන් ව ගිය ද, නැවත එ වැනි ම පැළයක් ඇති වීම ට අවශ්‍ය පදනම වැටී හමාරය.


ඊට පස්සේ මොනව ද වෙන්නේ? දැන් මලේ අවශ්‍යතාවය, කාර්යය, දැන් අවසාන යි. ලස්සන වුණෙත්, සුවඳ හැමුවෙත් ඔය දේ සිදු කරගන්න ට බව ඔබ ට වැටහිය යුතු ය. පරාගනය අවසන් වනවාත් සමග ම දැන් මල පෙති ගිලිහී, සුවඳ වියැකී ගොස් ඊළඟ කාර්යය ට සූදානම් වේ.

ඉන්පසු බීජයක් ඇති වන්නේ ය. එය මේරූ පසු මහපොළොව ට වැටී පැළවීම ආරම්භ කරයි. මේ නිසා මව් ශාකය යම් කාලයක දී මියගිය ද, පරපුර ආරක්ෂා වන්නේ ය.

දැන් මල කැඩූ නිසා සිදුවන්නේ කුමක් ද? මේ නිසා බීජයක් ඇතිවන්න ට හේතු වූ කරුණ නැති වන බැවින්  බීජයක් ඇති නො වේ. මේ නිසා ඉහත කිසිඳු කරුණක් ඉහත ආකාරය ට සිදුවන්නේ නැත. එ බැවින් ගස යම් කාලයක දී මැරී ගිය පසු නැවත පැළයක් හට නො ගන්නා නිසා ඒ ශාක පරපුර එ තැනින් අවසන් වන්නේ ය. මේ නිසා ආයු කාලය අවසාන වූ පසු එ ම පරපුර එ තැනින් නතර වන්නේ ය.




දැන් මෙය අප ගේ ජීවිතය හා සසඳා බැලිය යුතු ය. මේ ලෝකය මල් උයනක් ලෙස උපමා කර ගන්න. එ හි ගස්වැල් මේ ලෝකයේ සිටින සතුන් ලෙස උපමා කරගන්න. ඒවායේ පිපෙන මල් අපේ ඇස, කන, ආදී පංච ඉන්ද්‍රියන් ලෙස ගත යුතු ය. දැන් අපි ලස්සන ට මල් ගහක් වගේ සැරසිලා ඉන්නවා. ඇයි ඒ? එකිනෙකා කෙරෙහි වසඟතාවයක් ඇතිකර ගැනීම ට නො වේ ද? පංච ඉන්ද්‍රියන්වලින් සිදුවන්නේ රූප, ශබ්ධ ආදී අරමුණු මලේ රොන් ලෙස ලබා ගැනීම යි. මෙ විට සිත තුළ කාම ලෝකවල උපත සඳහා හේතුවන බීජයක් හට ගන්නේ ය. මෙ ම කාම බීජයන් දිගින් දිග ට ම හටගැනෙන නිසා අප ගේ මරණය සිදු වූ පසු ව ද, සසර ගමන කෙළවර නො වන්නේ ය. නැවත නැවත ත්, උප්පත්තීන් කරා යන්නේ ය.

සසරේ දී අප හැඬූ කඳුළු මහසයුරේ දිය ට වඩා වැඩි නම්, මැරි මැරී ගිය වාරවල ඇටසැකිලි මේ මහපොළොවේ පස්වල ට වඩා වැඩි නම්, මේ ලෝකයේ අල්ලාගත යුතු, අල්ලාගත හැකි, යමක් තිබෙන්නේ දැ යි, අප සියලු දෙනා ම නුවණින් විමසා බැලිය යුතු ය.

මල් කැඩූ ගසක් වන්න ට අප ට ත්, හැකි නම් අප ගේ මරණයෙන් පසු ව නැවත නැවත ඉපදීමක් ඇති නො වන්නේ ය. පංච ඉන්ද්‍රියන් සංවර කරගැනීමෙන් නිවන් දකින්න ට, සසරින් එතෙර වන්න ට හැකිවනු ඇත. එ සේ නම් මල් පූජාවේ යථාර්ථය දැන නිවන සඳහා ප්‍රවේශ වීම ට හැකි වන බව ඔබ ට වැටහෙනු ඇත.


එ සේ නම් අප බුදුරදුන් ට කොපමණ මල් ප්‍රමාණයක් පූජා කළ ද, මේ ආකාරයෙන් නො දැන, නො දැක එය සිදුකරන්නේ නම් අප බලාපොරොත්තු වන නිරෝධය (රෝද නැති තැන රියෙ හි නැවැත්ම සේ) කරා ළඟා වීම ට නො හැකි වන්නේ ය. මේ කරුණ මෙ සේ තේරුම් ගෙන සිදු කරන මල් පූජාව වඩා ත්, අර්ථාන්විත වනු ඇත. මල් පූජාවෙන් නිවන් දකින්න ට උපනිශ්‍රය වනු ඇත.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි