ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.
මේ වගේ දෙයක් එලි පිට කියවන්න, තවත් අය සමග කියවන්න ගොඩක් ගෑනු ළමයි ලැජ්ජා වෙන්න පුළුවන්, ඒත් ඔබේ වාසනාවකට දකින්නට ලැබුණු මේ ලිපිය හොරෙන් හරි සම්පුර්ණයෙන්ම කියවලා බලන්න. මේකේ අඩංගු කරුණු ඔබට ගොඩාක් වැදගත් වෙයි.
ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අත් විඳින්නට සිද්ධ වෙන දෙයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 11ත් 16ත් අතර ආරම්භ වෙන මේක ඉවර වෙන්නේ වයස 50ක් පමණ වුනාට පසුවයි. ඒ කාලය පුරාම මාසයකට වරක් මේ අත්දැකීම ගන්න කාටත් සිදු වෙනවා. ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අභියෝගයක්, මේ කාලයේදී හැසිරීමේ, මනෝ භාවයන් වල වගේම ශරීරයේත් වෙනස්කම් බොහොමයක් සිද්ධ වෙනවා. මොන තරම් අපහසුවක් දැනුනත් අපි කවුරුත් උතුම් කොට සලකන මාතෘ පදවිය ලබා ගන්නට කාන්තාවකට හැකි වන්නේ මේ ඔසප් වීම සිදු වෙන කාලය තුලදී විතරමයි.
මේ කාලයට පිරිසිදු වී සිටීම මොන තරම් අපහසුද කියලා මේක කියවන හැම ගෑනු ළමයෙක්ම දන්නවා ඇති. ජිවිත කාලය පුරාවට ලස්සනට, පිරිසිදුවට වගේම සුවඳටත් ඉන්න කැමති කාන්තාවන්ට ඔසප් සමය කියන්නේ තමන්වම පිළිකුල් වෙන කාලයක්. සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් නිතරම මිල දී ගන්නට සිදු වීම වගේ මූල්‍යමය කරදර වගේම දවස පුරා දැනෙන අපහසුව, වේදනාව, ඒ නිසා එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවා ගන්න තිඛෙන අමාරුව කියන්න බැරි තරම්. ඕකටම ඉතින් තමන්ගේ අමාරුව තේරුම් ගන්න බැරිව ර්ණහිනා වෙන්නෙ නෑ, කතා කරන්නේ නෑ, දවසම ඔරවාගෙන ඉන්නවා” වගේ සැමියාගෙන්, පෙම්වතාගෙන් හෝ අනෙක් අයගෙන් ලැඛෙන නෝක්කාඩු එහෙමත් එකතු වුනාම ජීවිතෙත් එපා වෙන එක ඇත්තටම සාධාරණයි.
ඉතින් ඒ කාලෙට තමන්ගේ සෞඛ්‍ය ගැනත් හොයා බලන්න කිව්වාම ඔබට සමහර විට තරහාත් යයි. ඒත් මේ කාරණා ඉතා වැදගත් දේවල්. මුලින් මුලින් තමන්ගේ ඔසප් රුධිරය පරික්ෂා කිරීම පිළිකුල් සහගත දෙයක් කියලා දැනෙන්න පුළුවන්, හැබැයි එය ඔබේ ශරීර අභ්‍යන්තරය ගැන ඉතා හොඳ හෝඩුවාවක්. හැම දාම නිරෝගීව ඉන්න කෙනෙක් වුනත් ඔසප් සමයේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා ලෙඩ වලට ගොදුරු වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා අමාරුවෙන් වුනත් ඒ ගැන හොඳ පරීක්ෂාවකින් ඉන්න. ඒකෙන් ලොකු වියදමක් ඉතිරි කර ගෙන ලෙඩ රෝග කලින්ම අඳුනා ගන්න ඔබට පුළුවන් වේවි.
හැම මාසෙකටම සැරයක් ඔබේ ශරීරය ගැන ලැඛෙන මේ හෝඩුවාව පිළිකුල් දෙයක් විතරයි කියලා ඉවත් කරන්නේ නැතුව ටිකක් පරික්ෂාකාරී වෙලා එයින් ප්‍රයෝජනයකුත් ලබා ගන්න කැමතියි නේද එහෙනම්? මෙන්න ඔබට එකට පොඩි උදව්වක්.
ලා රතු - රෝස පැහැය.
ඔබේ සනීපාරක්ෂක තුවායේ දකින්නට ලැඛෙන්නේ ලා රතු හෝ රෝස පැහැයක් නම් එයින් එක දෙයක් ඉතා පැහැදිලියි, අද දවසේ ඔබේ රුධිර වහනය අඩුයි. දිනපතාම කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් පිට වෙන ශ්‍රාවය සමග මිශ්‍ර වන රුධිර පරිමාව අඩු වුනාමයි මෙහෙම වෙන්නේ. වෙනත් දවස් වලට වඩා ටිකක් පහසුවෙන් ඉන්නට මේ වගේ දවස් වල ඔබට පුළුවන් වේවි.
කොහොම වුනත් මේ විදිහේ රුධිර පැල්ලමක් ඔසප් නොවන කාලයේදි ඇති වුනොත් නම් ඒ ගැන වහාම පරික්ෂා කර ගන්න එක නුවනට හුරුයි. ඔබ හිතුවා හරි, ඒ දවස් වලට සනීපාරක්ෂක තුවා පළඳින්නේ නැති නිසා යට ඇඳුම් ගැනත් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍යයි. මෙවැන්නකට හේතුව ගැබ් ගැනීමක්, හෝර්මෝන සංකූලතාවයක් නිසා ඇති වන කඩින් කඩ රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ අභ්‍යන්තර තුවාලයක් සිදු වුනාමත් මෙය ඇති විය හැකියි. විශේෂයෙන්ම ලඟදී බඩට පහරක් වැදීම හෝ වෙනත් අනතුරක් සිද්ධ වුනා නම් ටිකක් කල්පනාවෙන් ඉන්න.
දීප්තිමත් රතු පැහැය.
ඉතා තද, දීප්තිමත් රතු පැහැයක් දකින්නට ලැඛෙනවා නම් එය සෑම විටම වගේ ඉතා හොඳ සලකුණක්, බොහෝ විට ඔබ ඉතාම සෞඛ්‍යමත්ව ජිවත් වන බව එමගින් හඳුනා ගන්නට පුළුවන්.
බොහෝ අවස්ථාවන් වල මේ විදිහට පෙනෙන රුධිරය වහනය වෙන්නේ දින කිහිපයයි, ඒ කාලය ඇතුලත ඔබේ ගර්භාශ බිත්තිය මත තැන්පත් වූ පේශීන් සියල්ලම ඉවත් වී ගලා යන රුධිරයත් අවසන් වෙනවා.
මේ දින ගණන මාසෙන් මාසෙට වෙනස් වීම ස්වාභාවිකයි, ඔසප් වීමක් දින දෙක තුනක සිට දින හතක් දක්වා වුනත් පවතින්න පුළුවන්. කොහොම වුනත් දවස් අටකටත් වඩා රුධිර වහනය වෙනවා නම් ඔබේ ශරීරයේ යම් සංකූලතාවයක් තියෙනවා වෙන්නට පුළුවන්. වහාම වෛද්‍යවරයෙක් හමු වන්න.
තද කුණු ලේ පැහැය.
ඔබට වැඩියෙන්ම රුධිර පිට වීම සිදු වන දවස් වලදී මේ වගේ තද කුණු ලේ පාටක් සහිතව, ලේ කැටි අධික ඔසප් වීමක් දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ගර්භාශ බිත්තිය වැඩිම වේගයෙන් ඉවත් වෙද්දී තමයි මේ තත්වය ඇති වෙන්නේ. ඒ නිසා දෙවන හෝ තුන් වන දවසේදී මේ විදිහට දකින්නට ලැබීම සාමාන්‍යයි.
කොහොම වුනත් දිගටම මේ විදිහට රුධිර වහනය සිදු වීම නම් ගැටළුවක් වෙන්න ඉඩ තියෙනවා. රුධිර පට්ටිකා අධිකව ඉවත් වීම මෙයට හේතුවක් විදිහට මායෝ ක්ලිනික් හි දක්වා තිඛෙනවා.
ඒ වගේම ඔබ ගර්භණී නම් මාස්පතා ඔසප් වහනය සිදු නොවුනත් මෙවන් පැල්ලමක් යට ඇඳුම් වල තිබේදැයි පරීක්ෂාවෙන් සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙහි අළු පැහැති කැටිති දකින්නට ලැබීම මුල් අවධියේ සිදු වන ස්වභාවික ගබ්සාවක ලක්ෂණ විය හැකියි.
තැඹිලි - රතු පැහැය.
ඔබේ ඔසප් රුධිරය තැඹිලි- රතු පැහැයක් ගන්නවා නම් ඒ ගැන පරික්ෂාකාරී වෙන එක වැදගත්. ගොඩක් වෙලාවට ඊට හේතුව මුත්‍රා හා යෝනි ශ්‍රාවය සමග ලේ මිශ්‍ර වීම වෙන්නට ඉඩ තියෙනවා, නමුත් එය වෙනත් ගැටලූවකට පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්.
විශේෂයෙන්ම යෝනි මාර්ගයේ හෝ ගර්භාෂයේ සිදු වන ආසාදනයක් මෙයට හේතු වෙන්නට ඉඩ තිඛෙනවා. ඉතාම අප්‍රසන්න ගඳක් වහනය වීමත් මෙහි තවත් ලක්ෂණයක්. මේ වගේ තත්වයක් ඇති වුනොත් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අනිවාර්යයෙන්ම.
තද දුඹුරු - කළු පැහැය.
මේ පාටට තියෙන ලේ දැක්කම ගොඩක් ගැහැණු ළමයි භය වෙන්නට ඉඩ තියෙනවා, ඒත් මේක ඇත්තටම ඉතා සාමාන්‍ය තත්වයක්.
මේ වගේ පාටින් ඔසප් රුධිරය වහනය වෙන්නේ කල් ගිය ලේ සෙමින් සෙමින් එලියට පැමිණීම නිසායි. පසුගිය ඔසප් සමයේදී පිට නොවී ඉතිරි වූ රුධිර කැටි හෝ හෝ මෙවර ඔසප් සමය ආරම්භයේම පහ වූ වියළුණු ලේ මේ විදිහට දකින්නට ලැඛෙන්න පුළුවන්. 99%ක්ම අවස්ථාවලදී මේ තත්වය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්, කිසිම විටක බය වෙන්නට අවශ්‍ය නැහැ.
කොහොම වුනත් දින ගණනක් මේ විදිහට පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, එය අභ්‍යන්තර ලේ වහනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තැඹිලි පැහැති හෝ කහ පැහැති ප්‍රදේශ මෙම පැල්ලම තුල තියෙනවා නම් එක ආසාදනයක ලක්ෂණ වෙන්නට ඉඩ තියෙනවා.
අධික ලේ වහනය.
බොහෝ කාන්තාවන්ට සමහර දවස් වලදී අධිකව ඔසප් රුධිරය වහනය වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වුනත් බොහෝ වෙලාවට ඔසප් සමයේ මැද කොටසේදී තමයි මේ තත්වය වැඩිපුර ඇති වෙන්නේ.
ඉතින් දෙවන තුන් වන දිනයන් වලදී ඔබේ රුධිරය බොහෝ සෙයින් වහනය වුනාට ඒක ගැටළුවක් වෙන්නට ඇති ඉඩ අඩුයි. ඔබේ ගර්භාශ බිත්තිය නියම ක්‍රමයට ඉවත් වන බව එයින් දැක්වෙනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Categories
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
Blog Archive
-
▼
2016
(177)
-
▼
September
(24)
- මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි ...
- කුරුඳු තෙල් හා සේර තෙල් භාවිතා කර මැසි මදුරු කරදරෙ...
- උසට හරියන බර තියෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ උ...
- මිටි වීමට බලපාන හේතු ඔබ කවදාවත් දැනන් හිටියද? මෙන්...
- රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න කාන...
- මාළු බැදල කන්න කවුරුත් කැමති වුනාට මාළු බැදලා කෑවො...
- ඔබේ බිරිඳව කාමයට පොලබවාගන්න නිවැරදි විදිය දන්නවද? ...
- කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල්...
- නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම ...
- රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතු...
- වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස...
- පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝ...
- ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.
- කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන...
- මේ ගැනත් සිතන්න ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්...
- කාන්තා ඔබේ සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඔබට කරදරයක් ද ? ...
- සුද්ද වැසිකිලි යන ක්‍රමය වැරදියිලු මෙන්න වැසිකිලි ...
- පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් ව...
- මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍ර...
- ව්යාග්රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්යාග්...
- ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.
- පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක...
- කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝග...
- දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුද...
-
▼
September
(24)
Powered by Blogger.
Thursday, September 1, 2016
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කාන්තාවන්ට උපරිම තෘප්තිය ලබාදෙන ලිංගික හැසිරීම් ඉරියව් 5ක් මෙන්න. ලිංගික ජීවිතය සාර්ථක කරගන්නට නම් අලුත් අලුත් දේවල් අත්හදා බැලීම අනිවාර්යයි...
-
පියයුරු මෙන්න මේ විදියට මිරිකුවොත් වාසි ගොඩායි. ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුර...
-
පිරිමින්ට හරියට sex කරන්න බැරි හේතු මෙන්න. බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්...
-
පොල්පළා ඖෂධය භාවිතා කරනවානම් මෙන්න මේ ගුණ අගුණ දෙකම දැනගන්න. වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහ...
-
මලබද්ද හා රෝග රැසකට කෙසෙල් මුව කෑමෙන් අත්වෙන වාසි මෙන්න ඔබත් අනිවාරයෙන් මේ ලිපිය කියවන්න. * ඔසප් චක්‍ර ය ක්රයමවත් කරයි. * කිරිදෙන මව්වරුන්ට හ...
-
මැස්සෝ වහපු ආහාර අනුභව කරොත් ඔබට වෙනදේ දන්නවද?මෙන්න එහෙනම් අනිවාර්යෙන් දැනගන්න නැත්තම් ඔබටත් මේ රෝග හැදේවි. සෑම පුද්ගලයින් තුන්දෙනෙකුගේන් දෙ...
-
යට ඇඳුම් අදිනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න ගැහැණු ළමුන්ට විශේෂයි. යට ඇඳුම් පැළඳීමේදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි, එසේ නොවුනොත් ඔබේ සෞ...
-
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩ...
-
ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර 5 ක් මෙන්න. ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමය...
-
පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි. බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ...
0 comments:
Post a Comment