Monday, June 13, 2016

Tanzania Girl Left In Pit For 8 Months By Boyfriend



    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔබ විස්වාස කරනවා ද..? ඔව් සමහර විට..  නමුත් ඇතැමෙක් මේවායේ සීමාව ඉක්මවා යනවා.  එහි ඇති පුජා විධි සාර්ථක කරගැනීමට ඕනෑම ආකාරයක කැප කිරීමක් කිරීමට පසු වන්නෙ නෑ.

    සමහර අය එවැනි ගුරුකම් ගැන දැනීමක් නොතිබ්බත් තම සුබ සිද්ධිය උදෙසා එවැනි දේ ඉතා ආත්මාර්ථකාමී ලෙස භාවිතා කරන්නට පැකිලෙන්නෙ නෑ.  එවැනි දේ තුලින් තමන්ට යහපතක් වෙන බව ඔවුන් විස්වාස කරන නිසයි එහෙම වෙන්නේ. 

    අප මේ කතා කරන්නෙ ටැන්සානියාවේ ව්‍යාපාරිකයෙක් කල එවැනි භයානක ගුරුකමක් ගැනයි.  ඉක්මනින් පොහොසත් වීම සදහා තම පෙම්වතියව අඩි 8 ක් පොළොව යට වලලා තිබ්බා කීවොත් ඔබ විස්වාස කරනවා ද..? 


     පනපිටින් වළලනු ලැබු එම අහිංසක තරුණියගේ ඡායාරුප හා විඩියෝ  සමාජ ජාල තුල හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙක් එය පිළිකුලෙන් යුතුව හෙලාදැකපු අතර කම්පාවට පත් උනා.   අසල්වාසීන්ගෙන් ලැබුන ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වු පොලීසියට එම තරුණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි වු අතර වැරදි කරු ද අත් අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි උනා. 

   විශාල වලක් හාර තමන් වැඩියම ආදරය කරන කාන්තාව එම වල තුල පනපිටින් වළලා සතියකට සැරයක් පමණක් අහාර ලබා දෙන ලෙස යකදුරෙක් ඔහුට උපදෙස් දී තිබුනා.  ඉක්මනින් ධනවත් වීමට ඇති සාර්ථකම හා වේගවත්ම ක්‍රමය මෙය බව යකදුරා කී නිසා ඔහු මෙය කරන්නට පෙලබී තිබෙනවා.

  එම භයානක  ඛේදවාචකයෙන් එම තරුණිය බේරුණත් නැවත ඇය යථා තත්වයට පත් වීමට බොහෝ කලක් ප්‍රතිකාර ගන්නට සිදු වෙනවා.. හිතන්න ඔහුගේ මව එහෙම සිටියා නම් පොහොසක් වීම සදහා ඇයව උනත් වළලන් තිබුනා.



   

0 comments:

Post a Comment