Thursday, September 1, 2016

පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්.

 පිළිකා වලට භය ද? මෙන්න එහෙ නම් පිළිකා නසන දිවුල් වලින් විස්මිත ඖෂධ රැසක්.

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.


ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිඛෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් Aල ඊ වගේ පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඖෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

වඳ බව නසන දිවුල් ඛෙහෙත

ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

අතීසාරයට දිවුල්

අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.

අර්ශස්වලටත් දිවුල් ගුණයි

ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්

කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,

අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය

ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

දද කුෂ්ඨවලට දිවුල්

උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ

සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

මුත්‍රා රෝගවලට ගුණ දිවුල්

බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

ලේ පිරිසුදු කරන දිවුල්

දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

රස පිරි දිවුල් කිරි

ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්‍ය පමණට වතුර මිශ්‍ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්‍ර කරගන්න. ලුණු සහ සීනි අවශ්‍ය පදමට දමා අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරගෙන අමුත්තාට සංග්‍රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

දිරවන්නේ නැති අයට දිවුල්

සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.

සෙමට හා කැස්සට දිවුල්

ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

දිවුල් අඩංගු ඖෂධ

දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් zකපිත්තා පඨක චූර්ණයZ ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.

මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.
ඔබේ ගෙවත්තේ නානා විධ ශාක වර්ග තිබෙන්නට පුලුවන්. ඔබ ගෙවත්තේ අලංකාරය පිණිස වැවූ ගහවැල් වගේම ඉබේ වැවුණු ගස් වර්ගත් ඔබේ අවට පරිසරයේ ඕනෑ තරම් ඇති. ලස්සනට වැවුවත් සොබාදහම ගැන හිතලා ගහකොළ ආරක්ෂා කළත් ඔබ අවට ගහකොළ ගැන දැනුවත්කමකින් සිටින එක වටිනවා. මොකද ඔබේ දෙනෙතට අලංකාරය සහ ගතට සිසිලස ගෙන දෙන ගමන්ම ඔබට හෝ ඔබේ පවුලේ අයගේ ජීවිතයට අනතුරක් කිරීමට පවා සමත් ගස්වැල් තිබෙන නිසා. මහා ඖෂධීය ගුණ සහිත සමහර ගස් වැල් වල පවා විෂ සහිත කොටස් තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන සොයා දැනගැනීමට ඉතා වැදගත්.

අපේ මේ උත්සාහය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එවැනිවූ විෂ සහිත ශාක වර්ග කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි.

පහත සඳහන් ශාක වල විෂ ශරීර ගත වූ වහාම රෝගියාට වමනය කිරීමට සලස්වා හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට වග බලාගන්න. විෂ වීමට අදාල ශාකයේ ඇට,මල් වැනි කොටස් ඇත්නම් එය රැගෙන යාමත් වැදගත් වේවි. හදිසි විෂ ශරීරගතවීමකදී ක්‍රියාකලයුතු ආකාරය දැනගැනීමට 0112686143 අංකය හරහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න. ශාක පමණක් නොව අන් සියලුම ආකාරයේ විෂ වීම් සම්බන්ධයෙන්ද ඔබට මේ ආයතයේ පිහිට පැතිය හැකිවෙයි.



1. හබරල වර්ග

විවිධ වර්ග වල හබරල ගස් අපේ ගෙවතු වල බහුලයි. විශේෂයෙන්ම අලකාරය උදෙසා වවන හබරල වර්ග බොහොමයක්ම තිබෙනවා. “ඩම්බ් කේන්” එහෙමත් නැතිනම් Dieffenbachia සහ එලිෆන්ට් ඉයර් (Caladium Bicolor) නමින් හඳුන්වන පැළෑටි ලංකාවේ බොහෝ ගෙවතු වල අලංකාරයට වවා තිබෙනවා දැකිය හැකියි.

මේ හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග සැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි.



2. නියඟලා

නියඟලා අලය ගැන ඇසූ පමණින් “මරණය” අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. සියදිවි හානිකරගැනීමට නියඟලා අල ආහාරයට ගන්නා අය ගැන පුවත්ද ඕනෑ තරම් ඔබ අසා ඇති. මීට අමතරව වෙනත් අල වර්ගයයි සිතා අත්වැරදීමෙන් මේ විෂ අල ආහාරයට ගැනීමෙනුත් ජීවිත හානි සිදුවනවා.

නියඟලා මුළු ශාකයම විස සහිත වුවත් වැඩිම විශ ඇත්තේ එහි අලයේයි. මෙහි විෂ ශරීරගතවී පැය කිහිපයක් ඇතුලත. බඩ රිදීම, වමනය, ලේ සහිත මළපහ පිටවීම ආදී රෝග ලක්ෂණ පහලවීමට පටන්ගන්නා අතර හෘදය,වකුගඩු,පෙනහළු ආදී ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන් වලටද හානි පැමිණවීමට මේ විෂ සමත්.

නියඟලා මලේ අලංකාරය නිසාම ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදාගත්තත් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැවීම කොහෙත්ම සුදුසු නැහැ.

විෂ විය හැකි අවස්ථා

නියඟලා අලය හුලං කීරිය අල සමඟ වරදවා ආහාරයට එක් කරගැනීමෙන් විෂ විය හැකියි. ආහාරයට ගන්නා අල වර්ග අසල මේවා වැවී ඇත්නම් වහාම ඉවත් කරන්න.

පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැක.



3. කනේරු

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ නිසා ප්‍රසිද්ධ ශාකයක්. එහෙම උනත් විසිතුරු මල් පැළ අලෙවිසල් වල වගේම ගෙවතුවල අලංකාරයටත් කනේරු ගස් වවා තිබෙනවා අපිට දකින්න පුලුවන්. කනේරු ශාකයේ විවිධ කොටස් විෂ සහිත වුවත් උග්‍රම විෂ සහිත වන්නේ කනේරු ඇට බව පැවසෙනවා. ලංකාවේ රෝස සහ කහ පැහැති කනේරු ගස් දක්නට ඇති අතර කනේරු ගෙඩි සහ ඇට හටගන්නේ කහපැහැති කනේරු වර්ගයේය. රෝස පැහැ කනේරු වර්ගයේත් මල් සහ කොළ විෂ සහිත වනවා.

මේවායේ ඇති “කාඩියැක් ග්ලයිකොසයිඩ්“නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතුවුවහොත් විෂවීමට ඉඩ ඇත.



4. ඔළිඳ

“ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ” කියල අපි ළමා කාලෙ අහපු සුන්දර කවියකුත් තිබ්බට ඔළිඳ වල අසුන්දර පැත්තකුත් තිබෙනවා. ඒ තමයි මේ ඇට සැපීමෙන් කුඩා දරුවන්ට විෂ ශරීරගත විය හැකි වීමයි. මේ විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රින් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමග රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රියවීමත් සිදුවිය හැකියි.

විෂ විය හැකි අවස්ථා

සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා.



5. එඬරු

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්.බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. ඔළිඳ තරම් විෂ නොවුවත් එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීරගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



6. ඒන්ජල්ස් ට්‍රම්පට් හෙවත් Brugmansia

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත.

විෂ විය හැකි අවස්ථා

නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



7. කැපුම් කීරිය

තුවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන් විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල, වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි
.

විෂ විය හැකි අවස්ථා

කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතුය.



8. අත්තන

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා.

කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා. සිහි විකල් වීම, සිහි නැතීවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. පිස්සු වැඩ කරන කෙනෙක් හඳුන්වන්න අපේ ජන වහරේ “අත්තන ඇට කාල වගෙයි” කියල කතාවක් හැදිල තියෙන්නෙත් ඒ මගින් සිදුවන සිහි විකල්වීමේ ගතිය නිසා වෙන්න ඇති.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



9. හොඬල

හොඬල ශාකයත් දරුණු විෂ සහිත ශාකයක් වනවා. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වනවා.

හොඬල විෂ ශරීරගතවී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාලවීම වැනි ආබාධ වලටද ලක්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෘට් ගෙඩි වලට බෙහෙවින් සමාන කම් දක්වන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෘට් යැයි සිතා මෙය ආහාරයට ගන්න පුලුවන්.



10. කදුරු වර්ග

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කදුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කදුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නසා බාවිතයට ගැනෙයි.

දිවි කදුරු
ශාකයම විෂ සහිතයි. අත්තන වල විෂට සමාන විෂකින් යුක්ත මෙය සිහිමද ගතිය බඩ විරේක වීම, නිදිමත, නාඩි වැටීම වේගවත් වීම ආදිය සිදුවෙයි

ගොඩ කදුරු
මෙහි භයානක විෂ වර්ගයන් වන ස්ට්‍රික්නයින් සහ බෘසින් අඩංගු බැවින් අතිශයින් භයානකය. මෙහි ඇට 2,3ක් වැනි සුලු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා මරණය සිදුවිය හැකිය. ස්නායු පද්ධතියට හානි වීම, ශරීර උෂ්ණත්වය ඉහලයාම, වකුගඩු අක්‍රියවීම ආදියට ලක්වීමෙන් ඉතාම වේදනාත්මක මරණයකට ගොදුරු වීමට සිදුවේ.

වෙල් කදුරු

අතීතයේ පටන් වෙස් මුහුණු සෑදීම සඳහා වඩාත්ම ප්‍රචලිත මේ වෙල් කදුරු ගසේ ලීයයි. වෙල් කදුරු ගෙඩි ඉතා විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් කරකැවිල්ල, වමනය, බඩේ අමාරුව සහ පාචනය ඇතිවිය හැක.

විශ විය හැකි අවස්ථා

දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.

ව්‍යාග්‍රා වල ගුණය කෝපි වලත් කෝපි බොන අයට ව්‍යාග්‍රා ඕනෙම නැහැ.
ඔයාල දන්නවද දවසට කෝපි කෝප්ප දෙකක්වත් බොන්න පුරුදු වෙලා ඉන්න අයට ලිංගික ඛෙලහීනතා ඇති වීමේ ඉඩ කඩ ඉතාමත් අඩු බව. කෝපි බොන අයටනම් මෙය ඉතා හොඳ ආරංචියක් වනවා නොඅනුමානය.

කැෆෙන් නැමැති රසායනිකය කෝපි වලත් තේ වලත් අඩංගු වන අතර කෝපි වල ඇති මේ කැෆෙන් ප්‍රමාණය තේ වලට වඩා ඉහල ප්‍රමාණයකින් යුක්ත වෙනවා. මේ ලිංගික උත්තේජනයන්ට හේතුව මේ කැෆෙන් රසායනිකයම තමයි.


ලිංගික ඛෙලහිනතා ඇති වීමේ අවදානම 42% කින් දවසකට කැෆෙන් මිලි ග්‍රෑම් 85 ත් 170 ත් අතර ප්‍රමාණයක් ලබාගන්නා පිරිමි අයට අඩු වන බව විද්‍යාඥයින් පවසන අතර කැෆෙන් මිලි ග්‍රෑම් 100ක් 140ක් අතර ප්‍රමාණයක් කෝපි කෝප්පයක අඩංගු වෙයි.

එසේම හෘද රෝග, සමේ පිළිකා තත්ත්ව වැනි බොහෝ රෝග වලට ආවරණයක් ලෙස ක්‍රියා කරන කෝපි ලිංගික ඛෙලහිනතාවය සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස සැලකෙන දියවැඩියාව සඳහාද ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




ඇයි දන්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.

 ඇයි න්නව ද? මඤ්ඤොක්කා කෑමෙන් පසූ ඉගුරු තේ අගුණ.

තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉ`ගුරු එක් කිරීමට පෙළඹෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉ`ගුරු සහ තේ වලට ඉ`ගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉ`ගුරු දැමු තේ නොබිය යුතු බවට මතයක් තියෙනවා. එහි ඇත්ත නැත්ත අපි සොයා බලමු.


මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉ`ගුරු දැමු තේ බොන්න එපා කියල අප අසා ඇත. මේකට හේතුවක් තියෙනවා. මඤ්ඤොක්කා සහ ඉ`ගුරු වල ඇති රසායනිකයන් එකිනෙකට ප්‍රතික්‍රියා කරමින් විස සහිත රසායනිකයක් තනන නිසා තමයි මඤ්ඤොක්කා කෑමෙන් පස්සේ ඉ`ගුරු සහිත කිනම් හෝ ආහාරයක්වත් ගන්න එපා කියන්නේ. එම විස සහිත රසායනිකය මගින් සිරුරට අහිතකර අසාත්මිකතා ඇතිකරනවා.

වර්තමානයේ වෙළඳපොළට එන මඤ්ඤොක්කා වල සයනයිඩ් ප්‍රතිශතය අඩු බව විශේෂඥයන් තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉ`ගුරු තේ නොබිමට වග බලා ගන්න. ඒ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ ඇතිවන බැවිනි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.

පළමු ඔසප් වීම ගැන ගැහැණු ළමයින්ට ඇතිවෙන ප්‍රශ්න 8ක් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යයි.
ගැහැණු ළමයෙකුගේ වයස වැඩෙත්ම ඇයට බොහෝ ශාරීරික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ අතර වැඩිවිය පැමිණීම සාමාන්‍ය සිදුවීමක්, වැඩිවිය පැමිණීම හෙවත් පළමු ඔසප් වීම පිළිබඳ දැඩි අවධානයකින් සිටීම අනිවාර්යය වෙනවා. පළමුවරට ඔසප් වීම සිදුවන්නට නියමිත ඕනෑම ගැහැණු දරුවකුට මෙම ගැටලූ කිහිපය පැන නැඟී තිඛෙන්න පුළුවන්.



1. කුමන වයසකදී පළමු ඔසප් වීම සිදුවෙනවාද?

සමහර ගැහැණු දරුවන්‍ට අවුරුදු 8 - 9දී ඔවුන්ගේ පළමු ඔසප් වීම සිදුවෙනවා. නමුත් සමහර ගැහැණු දරුවන්ට ඔසප් චක්‍රය ආරම්භ වීමට අවුරුදු 15 -16 ගත වන තෙක් සිටීමට සිදුවෙනවා. මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබගේ මව හෝ වැඩිමහල් සහෝදරියන්ට ප්‍රථම ඔසප් වීම සිදුවුණු දිනය පිළිබඳ අසා දැනගන්න.

2. මවගේ පළමු ඔසප් වීම සිදු වූ වයස් සීමාවේදීම මගේ පළමු ඔසප් වීමත් සිදුවෙයිද?

බොහෝ වේලාවට මේ ආකාරයට සිදුවීමට ඉඩ තිඛෙනවා. ඔබගේ මවගේ පළමු ඔසප් වීම වයස අවුරුදු 15දී සිදුවුණි නම් ඔබටත් එම වයසේදී සිදුවීමට පුළුවන්. නමුත් එය වෙනස් වීමටත් ඉඩ තිඛෙන බව මතකයේ තබාගන්න.

3. මේ වන විටත් පළමු ඔසප් වීම සිදුව නැත්තේ ඇයි?

සෑම ගැහැණු දරුවකුටම ඇයට ආවේණික වූ ජීව විද්‍යාත්මක වේලාවන් තිඛෙනවා. ඊට අනුරූපව ගැහැණු දරුවකුගේ වැඩිවිය පැමිණීම සිදුවෙනවා. මෙතෙක් පළමු ඔසප් වීම සිදු නොවී ඇත්නම් ඒ පිළිබඳ බියක් ඇති නොකර ගන්න. අනිවාර්යෙන්ම එය සිදුවෙයි.

4. පළමු ඔසප් වීම ඔබට සිදුවීමට ආසන්න බව දැනගන්නේ කෙසේද?

පළමුව ඔබගේ පියයුරු වර්ධනය සිදුවෙනවා. එමෙන්ම රහසිගත පෙදෙස් හි රෝම හටගැනීම ද සිදුවෙනවා. තවද මේ කාලය තුළදී ඔබගේ යට ඇඳුම් ඔබට පිළිකුල් වීමද සිදු වෙනවා. ඒ එහි යම්කිසි ද්‍රාවණයක් නිතරම තැවරීම දක්නට ලැඛෙන නිසයි.

5. ඔසප් වීම කොපමණ දිනක් පවතීද?

මෙය එකිනෙකාට අනුව වෙනස් වෙනවා. සමහර ගැහැණු දරුවන්‍ට එය දින තුනක් පමණ පවතිනවා. අනිකුත් අයට දින 7 - 8 පමණ ද පවතිනවා. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය දින 4 - 5ක් පමණ වුවත් තිඛෙනවා.

6. කිසිම විටකදී ඔසප් වීම නොවුණොත් කරන්නේ මොනවාද?

අවුරුදු 16 සම්පූර්ණ වූ නමුත් ඔසප් වීම සිදු නොවූ ගැහැණු දරුවන්ට මෙසේ සිදු නොවීමට හේතුව ලෙස දක්වන්නේ සිරුරේ පවතින රුධිර මට්ටම අවම වීමයි. මේ සඳහා වෛද්‍ය පරීක්ෂණ, චිකිත්සක ක්‍රම සිදුකරනවා. මේ සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබා ගන්න.

7. සෑම මසකදීම සිදුවන ඔසප්වීම නතර කිරීමට පුළුවන්ද?

ඔසප් චක්‍රය හොර්මෝන ක්‍රියාකාරීත්වය තුළින් සිදුවෙනවා. මෙම සිදුවීම අඩපණ කිරීමට කිසිම වෛද්‍ය ක්‍රමයක් නැහැ. තාවකාලිකව දිනය කල් දමා ගැනීමට වෛද්‍ය උපදෙස් ගත හැකි වුවත් එය දිගුකාලීනව නම් සුදුසු නැහැ.

8. කුමන අවධියේදී ඔසප් චක්‍රය නිවැරදිව නතර වෙයිද?

කාන්තාවන්ට ආර්ථවහරණය සිදුවන්නේ වයස අවුරුදු 40 අගභාගයේදී හෝ අවුරුදු 50 මුල් භාගයේදීයි. නමුත් සමහර කාන්තාවන්ට අවුරුදු 35දී ආර්ථවහරණය සිදුවන අතර සමහර අයට අවුරුදු 50 පසු වුණත් ආර්ථවහරණය සිදු වන්නේ නැහැ. එය එක් එක් කාන්තාව අනුව වෙනස්ය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.

 කොත්තමල්ලි හා ඉඟුරු වලින් විශ්මිත බෙහෙතක් ඇදුම රෝගය නිට්ටාවටම සුවකර ගන්න මේ ඔසුව භාවිතා කරන්න.
වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

ප්‍රශ්නය - ඇදුම රෝගය ගැන පුළුල් වශයෙන් පසුගිය සතියේ දී මේ තීරය මගින් අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් අහන්නේ අදුම රෝගය සනීප කරන්නේ කෙසේද කියලයි.

පිළිතුර - ඇදුම රෝගය සුවපත් කරන්නට පෙර එවැනි රෝගීන් පැවතිය යුතු පිළිවෙළක්‌ තිබෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු. ඇදුම කියන්නේ ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්‌ථාවක්‌. අපථ්‍ය ආහාරයක්‌, විස දුමක්‌, හෝ පෙනහලුවලට දරා ගන්න බැරි වායුවක්‌ ආඝ්‍රානය කළාම ඒවාට අසාත්මික රෝගියාගේ ශ්වාසනාලය සහ පෙනහළු තුළ තිබෙන සියුම් නාල ඉදිමී අවහිර වෙනවා.

අපථ්‍ය ආහාර කියන සාධකය රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ වනවා. කෙනකුට දොඩම් යුෂ අපථ්‍ය වෙද්දී තව කෙනකුට එය අපථ්‍ය නැහැ. සමහර විට ඔහුට අපථ්‍ය වන්නේ වැල් දොඩම්. එහෙම නැතිනම් අන්නාසි. කෙනෙකුට රබර් දර දුම අපථ්‍ය වෙද්දී තව කෙනකුට මෝටර් රථවලින් නිකුත් වන දුම් අපථ්‍ය වනවා.) රෝගියා තමන්ට අපථ්‍ය ආහාරයක්‌ ගත් විටත් ශ්වසන පද්ධතිය ඉදිමෙනවා. ඒ නිසා ඇදුම හෝ හතිය තිබෙන කෙනකු මුලින්ම කළ යුත්තේ තමන්ට අපථ්‍ය ආහාර හඳුනා ගැනීමයි. අපථ්‍ය ආහාර, අපථ්‍ය වායු වර්ග වලින් වැලකී සිටියාට ඇදුම රෝගයෙන් සියයට පනහක්‌ සුවපත් වුණා හා සමාන වෙනවා. ඊළඟට ඇදුම - හතිය තිබෙන කෙනෙක්‌ කවදාවත් උණු වතුර නෑම නොකළ යුතුයි. එම රෝගියා හැම විටම ඇල් වතුරෙන් ස්‌නානය කළ යුතුයි. වැසි ගලතිය නැත, ඉර අව්ව තිබෙන දවස්‌වල ඔවුන් දහවල් 12 ට පෙර නෑම කළ යුතුයි. මෙයට කලකට පෙර මා හමුවන්නට ඇදුම රෝගියෙක්‌ ආවා. අවුරුදු 19 දී පමණ ඔහුට හතිය වැළඳුන අතර අවුරුදු 20 වන විට එය ඇදුම බවට පරිවර්තනය වුණා. ඔහු එතැන් පටන් උණුවතුර පමණක්‌ ස්‌නානය කළා. ඔහු තමාට අපථ්‍ය ආහාර, තමාට අපථ්‍ය දේශගුණික තත්ත්වයන් යනාදිය හඳුනා ගත්තෙ නැහැ. ඒ කියන්නෙ සමහරුන්ට සීතල කාලගුණය අගුනයි. සමහරුන්ට වියළි කාලගුණය අගුණයි. මේ තරුණයා මා ළඟට එන විට ඇදුම රෝගයෙන් හොඳටම හෙම්බත් වෙලා ජීවිතය පවා නැති කර ගන්නා තත්ත්වයක්‌ තමයි තිබුණේ. මා මුලින්ම කළේ ඔහුට රෝගය ගැන තේරුම් කර දී සුදුසු ආහාර සහ සුදුසු දේශගුණික තත්ත්වයන් හඳුන්වා දීමයි. ඊළඟට මා ඔහුට උපදෙස්‌ දුන්නා ඇල්වතුර පමණක්‌ පාවිච්චි කරන්න කියලා.

ඇදුම රෝගය සුවපත් කරන්නේ කොහොමද කියලා මා දැන් ඔබට කියන්නම්. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබේ ගෙදර කුස්‌සියේම තියෙනවා. පළමුවැන්න තමයි කොත්තමල්ලි - දෙවැන්න ඉඟුරු. මේ දෙක එකට තම්බා දවසට වේල් තුනක්‌ පමණ බොන්න. තේ බීම නවත්වා ඒ වෙනුවට මේ පානය යොදා ගන්න. කොත්තමල්ලි ග්‍රෑම් 50 ක්‌ පමණ ගෙන අමු ඉඟුරු ග්‍රෑම් 50 ක්‌ සමඟ වතුර කෝප්ප 6 ක්‌ දමා කෝප්ප තුනකට හිඳ ගෙන පෙරා එයින් කෝප්පය බැගින් උදේ, දවල්, රෑ පානය කරන්න.

ඉඟුරුවල ගුණාගුණ

ඉඟුරු පාවිච්චිය පිළිබඳ ඉතිහාසය වසර දහස්‌ ගණනක්‌ ඈතට පැතිර යනවා. ඉඟුරු අමුවෙන්, වියළා, කුඩුකර, ඉස්‌ම වශයෙන් වගේම තෙල් වශයෙනුත් පරිහරණය කරනවා.

ඉඟුරු gingiberaceae පවුලට අයත් ශාඛයක්‌. ඉඟුරු දිනපතාම ආහාරයට ගන්නා අයට සිරුර ස්‌ථුල වීමෙන් වැළකී ජීවත් වීමට පුළුවන්. එසේම දියවැඩියාව සහ හෘදයාබාධයන්ට හොඳම ප්‍රතිකාරයක්‌ තමයි ඉඟුරු ආහාරයට ගැනීම.

බඩවැල්වලට බලපාන හැටි - බඩවැල්තුළ හටගන්නා තුවාල සුව කිරීමට ඉඟුරුවලට පුළුවන්. එසේම පිත්තාශයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නටත් මෙයට හැකියාව තිබෙනවා. පිත සහ සෙම නිසි ලෙස නිෂ්පාදනය වන විට ආමාශයේ හටගන්නා ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වය සුවපත් වෙනවා.

පිළිකාව - චීනය ඇතුළු සමහර ආසියාතික රටවල ජනයා දවසට දෙතුන් වරක්‌ ඉඟුරු කැබැල්ලක්‌ හපා කන්නට පුරුදුව සිටිනවා. එසේ කිරීමේදී පිළිකාව සුවවන බවත් පිළිකාව හට නොගන්නා බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙය චීනය, තිබ්බතය, ලාඕස්‌, ඉන්දියාවේ සමහර ප්‍රාන්ත, නේපාලයේ හිමාලයට කිට්‌ටු ගම්මානවල වැඩියෙන් අනුගමනය කරන වැඩපිළිවෙළක්‌. ගර්භනී සමය තුළ උදය කාලයේදී කාන්තාවන්ට හට ගන්නා ඉසේ ඇම්ම, ඇඟේ වේදනාව වැනි තත්ත්වයකට ප්‍රතිකාරය තමයි ඉඟුරු යුෂ තේ හැන්දක්‌ පානය කිරීම. මෙය ලාඕසය නමැති රටේ සුප්‍රකට අත් බෙහෙතක්‌. ගැබිනි මවුවරුන්ට සීතල හැදුන විට යහමින් ඉඟුරු දමා තේ එකක්‌ පානය කළාම තත්ත්වය පාලනය වනවා. මේ සඳහා අමු ඉඟුරු ග්‍රෑම්4 ක්‌ පමණ දමා උතුරන තේ කෝප්පයක්‌ එයට එක්‌කර මී පැණි තේ හැන්දක්‌ හා දෙහි යුෂ තේ හැන්දක්‌ මිශ්‍ර කළ යුතුයි. කාන්තාවන්ගේ ඔසප් සිදුවන අවස්‌ථාවලදී හට ගන්නා උදර වේදනාව සහ ශාරීරික වේදනාව සමනය කරන්නටත් ඉහත සඳහන් සංයෝගයට හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ සියල්ලටම අමතරව උදරයේ හටගන්නා දාහය නිවා ගැනීම සඳහාත් සියවස්‌ ගණනක්‌ තිස්‌සේ ඉඟුරු ඉස්‌ම පානය කිරිමට ආසියානුවන් පුරුදුව සිටිනවා.

කොත්තමල්ලිවල ගුණාගුණ

කොත්තමල්ලි ඇට සහ කොත්තමල්ලි කොලවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ කොටස්‌වල ඇති අගය කියා නිම කරන්න බැහැ. කොත්තමල්ලි තම්බා නිතර පානය කිරීමෙනුත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනීමෙනුත් ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ මට්‌ටමකට ගෙන ඒමට පුළුවන්. කොත්තමල්ලි තුළ වාෂ්පශීලී සුගන්ධමය තෙල්, Ascorbic අම්ල හෙවත් විටමින් C සහ ඛනිජ වර්ග රැසක්‌ තිබෙනවා.

වාෂ්පශීලී සුගන්ධවත් තෙල්වල අඩංගු සංඝටකවලින් එකක්‌ වන Cineole සහ Linolei අම්ල කොත්තමල්ලිවල අඩංගු වනවා. රූමැටික රෝග සහ ආතරයිටිස්‌ තත්ත්වයක්‌ වළක්‌වන්නට ඉහත සඳහන් අම්ලවලට පුලුවන්. ඉහත රෝග නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම නැති කිරීමට ඉහත සංඝටකවලට පුළුවන්. ලේ නැතිවීම සහ අක්‍රියාකාරී වකුගඩු නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම සුව කිරීමට මේ සංඝටක දෙකට පුළුවන්.

සම මත ඇතිවන බැක්‌ටීරියා වර්ධනයන් හේතුවෙන් හට ගන්නා කුෂ්ඨ රෝග මර්ධනය කරන්නටත්, සම මත සිදුවන ඉරිතැලීම් සුව කරන්නටත් කොත්තමල්ලිවල තිබෙන සංඝටකවලට හැකියි.

ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම පහත දැමීම සඳහා කොත්තමල්ලි ඉතා වැදගත්. එහි තිබෙන linoleic අම්ලය Oleic අම්ලය Plamitic අම්ලය Ascorbic අම්ලය යනාදියට පුළුවන් හෘද ධමනිවල බැඳෙන කොලෙස්‌ටරෝල් ඉවත් කර දමන්න. කොලෙස්‌ටරෝල් දියකර හැරීම හැටියට හඳුන්වනු ලබන්නේ මෙයයි. මෙසේ කොලෙස්‌ටරෝල් දිය කළ විට හෘදයාබාධ, ආඝාතය (Stroke) යනාදිය වැළඳීමට තිබෙන ඉඩ අඩුවනවා.

පාචනය - පාචනය වැළැක්‌වීමටත්, කොත්තමල්ලිවලට පුළුවන්. කොත්තමල්ලිවල අඩංගු Corneol සහ Linalool යන රසායනික ද්‍රව්‍ය මගින් පාචනයට තුඩු දෙන ක්‍ෂුද්‍ර ජීවීන් සහ පුස්‌ වර්ග විනාශ කිරීමට හැකියි. ඔක්‌කාරය, වමනය, වැළැක්‌වීමටත් කොත්තමල්ලිවලට පුළුවන්.

රුධිර පීඩනය පාලනය කර ගැනීමට කොත්තමල්ලි සතු ශක්‌තිය ඉතා ඉහළයි. මුඛයේ හටගන්නා තුවාල සුවපත් කිරීමටත් කොත්තමල්ලි වතුරවලට පුළුවන්. රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වූ විටත් කොත්තමල්ලිවතුර ප්‍රයෝජනවත්. ලේ වල යකඩ අඩු වුණොත් අධික මහන්සිය ඇතුළු ශාරීරික දුබලතා රැසක්‌ හට ගන්නවා. ඉතාම විෂ සහිත සැල්මොනෙල්ලා බැක්‌ටීරියා විනාශ කරන්නටත් කොත්තමල්ලිවලට හැකිය.

ලබන සතියේ ඇදුම සුව කරන හැටි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

සාකච්ඡා කළේ
අශේන් රඹකොස්‌වැව


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.

 දුම් පානය සදහටම නතර කරන බේකින් සෝඩා වලින් අරුම පුදුම ඔසුවක් මෙන්න.
  
බොහොමත් කාලයකට පෙර දුම් බීම පිරිමින් අතර හා ගැහැනුන් අතරද බොහෝ සේයින් ජනප්‍රිය පුරුද්දක් විය. මෙරට ආක්‍රමණය කල ඉංග්‍රීසින්ගේ නොහොබිනා ගති පැවතුම් නිසාවෙන් මෙරට ජනයාද එනම් කළු සුද්දන් ඔවුනගේ පුරුදු ඉතා ඉක්මනින් වැලද ගෙන තිබුණි. 60, 50 දශක වල මෙරට ලංකා දුම්කොළ සංස්ථාව  මගින් වාර්ෂිකව මුද්‍රණය කරන ලද දින දර්ශනයේ යොදා ගැනුනේද දුම්වැටියක් අතින් ගත රූමත් කාන්තාවකි. මෙයින් පෙනීයන්නේ එවකට ලංකාවේ පිරිමින් මෙන්ම ගැහැණුන්ද බොහෝ ලෙස දුම්බීමට ඇබ්බැහි වී ඇති බවකි. මිනිසෙකුගේ කායික හා මානසික නිරෝගී බව පරික්ෂාවට බලපාන ස්වභාවික හේතු වලට අමතරව වැරදි පුරුදු වලට ඇබ්බැහිවීමද ප්‍රධාන තැනක් ගනී. ඒ අතර දුම්පානය හා මත්පැන් පානයට මුල් තැනක් හිමිවෙයි. දුම් පානය කරන්නෝ මානසික වශයෙන්ද කායික වශයෙන්ද ඊට ඇබ්බැහි වුවෝ වෙති.

මෙයින් සම්පුර්ණයෙන් මිදෙන්නේ කෙසේද යන්න මම අද ඔයාලට කියා දෙනවා. අපි දැන් බලමු මෙය කරන්නේ කෙසේද කියා.



අවශ්‍ය ද්‍රව්‍ය

 බේකින් සෝඩා මේස හැන්දක්
 පිරිසිදු වතුර වීදුරුවක්

තනා ගන්නා අයුරු සහ භාවිතය

ඔන්න පිරිසිදු වතුර වීදුරුවකට බේකින් සෝඩා නොහොත් ආප්ප සෝඩා මේස හැන්දක් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් ඔබට දුම් පානය කිරීමට සිතෙන සෑම වෙලාවකම මේ සකස් කරගත් මිශ්‍රණයෙන් මුව සෝදාගන්න.

එසේම දුම්පානය කරන්නට සිතෙන සෑම මොහොතකම මේ ප්‍රතිකාරය භාවිතා කිරීමට සිදුවන හෙයින් ඔබ යන එන තැනටද බෝතලයක දමා මේ මිශ්‍රණය රැගෙන යාමට අමතක නොකරන්න.

මෙසේ කිහිපවරක් කිරීමෙන් ඔබට දුම් බිමේ පුරුද්ද සම්පුර්ණයෙන්ම පහ වනු නොඅනුමානය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි