Thursday, August 25, 2016

නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

නඩු පිට නඩු දැම්මත් ශාසනයත් රටත් ජාතියත් රැක ගැනීමේ වගකීමෙන් මොහොතකට හෝ ඉවත් වන්නේ නැහැ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

නඩු පිට නඩු දහස්‌ ගණනක්‌ දැමුවත් සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් එක මොහොතකට හෝ ඉවත් නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (25 වැනිදා) දකුනු කොරියාවේ සිට දුරකථන ඔස්‌සේ සම්බන්ධ වෙමින් "දිවයින"ට සඳහන් කළහ.

ඉස්‌ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කළ පැමිණිල්ල පිළිබඳ විමසීමේදී උන්වහන්සේ ඒ බව කීහ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ.

අප මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්‌ ගැන ඔය පැමිණිල්ල දාලා තියෙන්නේ. අපි ගැන කවුරු පැමිණිලි කළත් පරීක්‍ෂණ කරනවා. නමුත් රට දැය සමයට මූලධර්මවාදීන්ගෙන් වන අකටයුතු කම් ගැන අපි පැමිණිලි දැම්මාම පොලිසියවත් අදාළ බලධාරීන්වත් ඒ ගැන නිකමටවත් බලන්නේ නැහැ.

මේ පැමිණිල්ල අනුව උසාවියෙන් නියෝග කරල තියෙන්නේ එම මාධ්‍ය හමුවේ සංස්‌කරණය නොකළ පිටපතක්‌ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි. මෙහිදී අපට විමසන්න ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ සතුව ඉස්‌ලාම් ධර්මය, අල්කයිඩාව ගැන දන්න නිලධාරීන් ඉන්නවාද කියන එකයි.

මේ අය උපදෙස්‌ ගන්නේ කාගෙන්ද, වහබ්වාදය වපුරන්න කටයුතු කරන අයගෙන්ම තමයි උපදෙස්‌ ගන්නේ. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්‌.



උපුටා ගැනීම
දිවයින පුවත් පත




 
 

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්.


ඕස්ටේ‍්‍රලියානු  මාධ්‍ය වාර්තා ගැන ජනපතිගෙන් පිළිතුරක්.


ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් හි ඉකුත් 24 වනදා පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්යෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පෞද්ගලික අවධානය යොමුව තිබෙනවා.

අදාළ ප‍්‍රවෘත්තියෙහි දක්වා තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා සම්බන්ධව සිදුවූ බව කියන සිද්ධියක්.

එවැනි සිද්ධියක් පිළිබද තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ජනාධිපතිවරයා පවසනවා.

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර කි‍්‍රයාමාර්ග ගැනීමට නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

තමාගේ දේශපාලන ජීවිතයේදී කිසිදු දිනක මෙවැනි දූෂිත අක‍්‍රමිකතාවන් සදහා මැදිහත්වීමක්, අනුබලදීමක් හෝ සම්බන්ධයක් හෝ සිදුවී නොමැති බව අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා දන්වා සිටිනවා.



උපුටා ගැනීම(  නෙත් fm)



බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

බැට්‌ කරනකොට ඉක්‌මන් තීරණ ගත්ත වගේ සමුගැනීමත් කළා සමුගැනීම ගැන ඩිල්ෂාන් කතා කරයි.

අසේල විතාන

 ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දිග් විජය කරන්නට තුන් ඉරියව්වෙන්ම අපමණ වෙහෙසක්‌ දැරූ තිලකරත්න ඩිල්ෂාන් ලබන ඉරිදා දඹුල්ලේදී ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ දිවිය නිමා කරන බවට නිවේදනය කර සිටියි. ඒ අනුව ඔහු ලබන මස 9 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය විස්‌සයි විස්‌ස තරග දිවියද නිමා කිරීමට සුදානමින් සිටියි.

"මම බැට්‌ කරනව වගේ තමයි තීරණ ගන්නෙත්. මේ සමුගැනීමත් ඒ වගේ ඉක්‌මන් තීරණයක්‌. මට කවුරුත් බලපෑමක්‌ සහ පීඩනයක්‌ එල්ල කළේ නැහැ. මට හිතුණා දැන් ඇති කියලා." යනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (25 දා) "දිවයින" කළ විමසීමකදී පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු දස දහසේ සීමාව ඉක්‌මවා ගිය සිව්වැනි පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් සමුගැනීමේ තරගයට පෙර එක්‌දින තරග 329 කදී ශතක 22 ක්‌ සහ අර්ධ ශතක 47 ක්‌ සමග මුලු ලකුණු 10248 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 39.26 ක්‌ ලෙස සටහන් වන අතර ඔහුගේ නම ඉදිරියේ කඩුලු 106 ක්‌ සහ උඩපන්දු 122 ක්‌ද සටහන්ව තිබේ.

"ඉදිරි මාස හතර පහක කාලයේදී එක්‌දින තරගත් නැහැ. ඒ නිසා මම හිතුවා ඒ තරම් කාලයක්‌ නිකන් බලන් ඉන්නෙ නැතිව නවකයකුට තැන දීල යන්න. දැන් මම අවුරුදු ගාණක්‌ ක්‍රිකට්‌ වෙනුවෙන් කැප කළා. ඉදිරියේදී ගෙදරට වෙලා පවුලෙ අයත් එක්‌ක ඉන්නවා. එහෙම කියල ක්‍රිකට්‌ වෙනුවෙන් මගෙන් මොනව හරි ඕන වුණොත් මම දන්න දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා." යෑයි ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේය.

විස්‌සයි විස්‌ස තරග 78 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමග ලකුණු 1884 ක්‌ ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන් ලබන 9 වැනිදා සිය අවසන් විස්‌සයි විස්‌ස තරගයට සහභාගි වේ.

ලබන ඔක්‌තෝම්බර් මස 40 වැනි වියට පා තබන ඩිල්ෂාන් 1999 දී ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින පිටියට පිවිසි අතර ඔහු 2013 දී ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගත්තේය.


උපුටා ගැනීම( දිවයින පුවත් පත)


කතුරු මුරුංගා වලින් ලැබෙන විශ්මිත බලය මෙන්න.කන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කියවන්න.

කතුරු මුරුංගා වලින් ලැබෙන විශ්මිත බලය මෙන්න.කන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කියවන්න.


සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම ඒ අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබු පෝෂණ ගුණය පමණක් ශරීරයට ඇතුලුකිරිමට ඔවුන්ට තිබු මහගු හැකියාවයි. උෂ්ණ යයි කියවෙන ආහාර වර්ගයක් මුළුතැන් ගෙයි පිසෙන දවසක නොවරදවා බත් පිගානේ දකින්නට තිබු ‘කතුරුමුරුන්ගා’ ව්යංජනය ගැනයි මේ කියන්නට යන්නේ.

කතුරු මුරුංගා තරම් වේගයෙන් මුඛ තුවාල සුව කරන ඖෂධයක් මා නම් මේ වනතුරු දැක නැහැ. දිවේ, විදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරියි. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොළ අහුරක් ඊළඟ ආහාරයට සම්බෝලයක්, මැල්ලුමක්, කිරි හොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරිමයි. කුමන විධියට පිළියෙළ කලත් කතුරුමුරුන්ගා වල ඇත්තේ ඉතා අපුරු රසයකි. පොල් අහුරක්, රතු ලුණු, උම්බලකඩ සහ දෙහි දමා ගන්නා සම්බෝලය මගේ අත් දැකීමට අනුව ලිපේ තබා උයා ගන්නා ව්යංජන ආකාරයට වඩා ඉතා ඉක්මන් ප්රතිපල ගෙන දෙනවා. හාල් මැස්සන් කීපදෙනෙකුද එක්කර සාදා ගන්න බැදුම හෝ කිරි හොද්ද පොඩිවුන්ට කවා ගන්නට පහසු වන්නේ පිසූ පසු එහි ඇති ‘සුන්දර තිත්ත’ යම් පමණකින් අඩු වන නිසාවෙනි.

කතුරු මුරුංගා දකුණු ආසියාවේ බොහෝ රටවල සහ ඕස්ට්රේලියාවේ ඇතැම් පලාත්වල වැවෙන ශාකයක්. කැල්සියම් සහ යකඩ බහුල ශාක පත්ර අස්ථි ශක්තිමත් කිරීමටත්, නිරක්තිය අඩු කිරීමටත් උදව් වෙනවා. පිළියෙළ කිරීමේදී නිවුණු පසු දෙහි යුෂ එකතු කිරීමෙන් මේ කොළ වල ඇති යකඩ ශරීරයට අවශෝෂ කර ගැනීම පහසු වෙනවා.

කතුරු මුරුංග වල ඇති විෂනැසීමේ හැකියාව (ඇන්ටි හිස්ටමින්) නිසා තමයි අත්තම්මා හිස්ටමින් බහුල දෙල්, බල මාළු වැනි දේ පිළියෙළ කරන විට ඒ අහාරය සම බර කර ගැනීමට කතුරු මුරුංගා එක් කලේ. කතුරු මුරුංගා ශරීරය සිසිල් කරවනවා පමණක් නොවෙයි, වැඩිපුර ඇති දියර ශරීරයෙන් ඉවත් කරන (ඩයියුරෙටික්) අතරම මුත්රා අසාධන අඩු කිරමට සමත් වෙනවා. මල බද්ධයටත් මෙය කදිම පිලියමක්. සමේ තෙතමනය පවත්වා සම වියලීම නිසා හෝ රුධිර විෂ වීමෙන් සෑදෙන එක්සිමා තත්ත්ව වලක්වා ගැනීමටත්, එම රෝග සැදුනු අයට ඉක්මනින් සුවවීම සහ කැසීම අඩු කර ගැනීමටත් කතුරු මුරුංගා උදව් කර ගත හැකියි.

කතුරුමුරුංගා මල් කාලයට ගස එකවරම සුදු පලසකින් වැසි ගියා සේ මල් හට ගන්නවා. මේ මල් තවත් රසවත් ව්යංජනයක් ලෙස ආත්තම්මා සකස් කර ගත් හැටි මට අදටත් මතකයි. එහි ඇති දිරවීමේ පහසුව නිසා අවුරුද්දට අඩු අලුතෙන් ඝන ආහාර ගන්නා ළදරුවන්ට රතුළුණු සහ පොල්කිරි ස්වල්පයක් එක්කර මිරිස් නොදමා පිස දීම අපි කුඩා කාලේ අපේ අම්මලා සිදුකල දෙයක්. කතුරුමුරුංග මල් උම්බලකඩ සමග තෙල් දැමීමෙන් රජ බොජුනකටත් වඩා රසවත් බත් කන්දක් ගිල දැමිය හැකි ව්යංජනයක් සාදා ගත හැකියි.
කතුරු මුරුංගා මල් වලත් බොහෝ ආයුර්වේද ගුණ තිබෙනවා. බැක්ටීරියා සහ වෛරස වලට විරුද්ධ ප්රතිජීවක සහිත කතුරු මුරුංගා මල් ආහාරයට ගැනීමෙන් හිසේ රුදාව, පිනසය, කැස්ස සහ උන රෝග වලින් වැලකි සිටීමට හෝ වැළඳුනු පසු පහසුව ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

අත්තම්මා නමැති නිවසේ සිටි වේද හාමිනේගේ ‘රස පිරි -දිව ඔසු’ අද පරම්පරාවට අමතක වීගෙන යාම ගැන හදවතට දැනෙන්නේ ඉතාම සංවේගයක්. කොත්තු සහ ෆ්රයිඩ් රයිස් සංස්කෘතියේ අතර මන් වී දියවැඩියාව කරා කෙමෙන් ලං වෙන නුතන පරපුරේ එක අයෙක් හෝ මේ ලිපි පෙලින් ප්රයෝජනයක් ගනිවායි පතමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා.

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට (උපුටගැනිමක්)





වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ

වසර 26 ක් වව්නියාව රැකගත් හමුදා කඳවුරත් ඉවත් කෙරේ.


වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා.

මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.

එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.

යුද සමයේදී මෙන්ම ඉන් පසුවද වව්නියාව නගරයේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් පාහේ භාරව තිබුණේ මෙම නගර කඳවුරටයි.



 උපුටා ගැනීමක්




පිළිකා ප්‍රතිකාර වල අතුරු ආබාධ නැත්තටම නැතිකරන කරපිංචා ඔසුවේ විශ්මිත රහසක් මෙන්න.

පිළිකා ප්‍රතිකාර වල අතුරු ආබාධ නැත්තටම නැතිකරන කරපිංචා ඔසුවේ විශ්මිත රහසක් මෙන්න.

“Curry Leaf” එහෙමත් නැත්තම් කරපිංචා කියන නමින් හඳුන්වන මේ ශාකය කවුරුත් අදුරනවා. සෑම නිවසකම, ඉඩකට නොමැතිනම් මල්පෝච්චියක හෝ කුඩාවට කරපිංචා පැලයක් වගා කර තිබෙනු දක්නට පුළුවන්.  Murraya koenigii කියන උද්භිද විද්‍යාත්මක නම දරන කරපිංචා “Rutaceue” කුලයට අයත්. කරපිංචා තරමක් උසින් යුත්, අතු බෙදුණු ශාකයක්. නාරටියේ දෙපසට විහිදුනු පත්‍රිකා ජෝඩු වශයෙන් පවතින අතර පත්‍ර සුවඳයි. ශ්‍රීලංකාවේ පහතරට හා වියළි කලාපවල වැවෙන කරපිංචා ඉන්දියාව, පකිස්ථානය, බුරුමය, චීනය ආදී නිවර්තන රටවල දක්නට පුළුවන්.

කරපිංචා ගසේ සියලුම කොටස් ප්‍රයෝජනයට ගැනෙනවා. විශේෂයෙන්ම ඖෂධයක් ලෙස. කොළ, නටු, මුල, මුලේ පොත්ත, කඳ, මල් ආදී සියලුම තැන් වල ඖෂධ ගුණ පවතිනවා. ආයුර්වේදයේ කසාය, චූර්ණ, කැඳ, කල්ක ලෙස කරපිංචා යොදාගන්නවා. ආහාර මාර්ග පද්ධතියේ රෝග සුවපත් කිරීමට කදිම ඔසුවක්‌ කරපිංචා. වමන ගතිය නැවැත්වීමට මුලේ පොතු හෝ කොළ ආදිය කුඩු කර උණුවතුරෙන් රත්කර බිමට ගත හැකියි. කොලෙස්ටරෝල් පාලනය සඳහා ද කරපිංචා ඉතා සුදුසුයි. පිළිකා සඳහා කරන ප්‍රතිකාර වන hemo therapy, radio therapy ආදියේ අතුරු ප්‍රථිපල ඉතා වැඩියි. කරපිංචා කොළ පවනේ වෙලා කුඩු කර තේ විදියට සදා බිම එම අතුරු අබාධ සමනයට ඉතා ගුණදායකයි. ව්‍යංජන රසවත් කිරීමට කරපිංචා යොදා ගන්නා බව ඔබ දන්නවා. විශේෂයෙන් ද්‍රවිඩ ජනයා ඔවුන්ගේ හැම ආහාරයකටම කරපිංචා එකතු කරනු දක්නට ලැබෙන්නේ එම ආහාර සංස්කෘතියේ විශේෂ අංගයක් ලෙසයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



Monday, August 1, 2016

Face Development in the Womb


   සෑම මිනිසකෙුගෙම නහයට පහලින් පිහිල්ලක් වැනි කොටසක් තිබෙනවා.   බලන්න.  මේකට විද්‍යාත්මකව කියන්නේ philtrum කියලා. මේ පිහිල්ල වගේ කෑල්ල අපට හිමි වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔබ දන්නෙ නැතිව ඇති.. හේතුව දැන ගත්තොත් ඔබ විශ්මයට පත් වෙනවාමයි.






   මේ පිහිල්ල වැනි කොටස ගැන උනන්දු උන වෛද්‍යවරු මෙය හැදෙන හැටි සොයා බලන්න හිතුවා. ඒ සදහා තිබෙන හොදම ක්‍රමය මව් කුස තුල කළලයක් වර්ධනය වන ආකාරය නැරබීමයි.  කළලයක් වර්ධනය වීමේ දී එහි මුහුණ සම්පුර්ණයෙන් සෑදී නිම වන්නේ 6 වන සතියේ සිට 8 වන සතිය දක්වා කාලයේ දීයි. 





     මේ කාලයේ  දී කළලයේ මුහුණ සැදෙන ආකාරය නිරීක්ෂණය කල වෛද්‍යවරුන්ට සියල්ල පැහැදිලි උනා.  මුහුණ සකස් වීමේ දී එය පැති තුනකින් සකස් වී එන අතර අවසානයේ එය සම්පුර්ණ වන්නෙ මෙම නහයට පහලින්. මේ පිහිල්ල හරියට අච්චුවකින් නිමවන පිළිමයක අවසානයේ ඉතිරි වන කොටසක් වගේ.. මෙය වඩාත් පැහැදිලිව වටහා ගැනීමට බලන්න පහල වීඩියෝව..

බලන්න වීඩියෝව